ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී තමන් සතු වාසිය මේ යයි කදිමට තහවුරු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව අද (1 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 70 ක පහසු ජයක් වාර්තා කළහ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් සමකිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලක – ඇ.මහමදුල්ලා ප.මෙහෙදි හසන්    34
උපුල් තරංග – ප.ටස්කින් අහමඩ් 35
කුසල් මෙන්ඩිස් – ඇ.මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 54
දිනේෂ් චන්දිමාල් – දුවද්දී දැවී ගියා  21
මිලින්ද සිරිවර්ධන – දුවද්දී දැවී ගියා 12
අසේල ගුණරත්න – ඇ.මහමදුල්ලා ප.මොර්ටසා 34
තිසර පෙරේරා – ඇ.ටස්කින් අහමඩ් ප.මොර්ටසා 52
සීකුගේ ප්‍රසන්න – ඇ.මහමදුල්ලා ප.මුස්ටෆිසුර් 01
ඩිල්රුවන් පෙරේරා – ඇ.ටමීම් ඉක්බාල් ප.මොර්ටසා  15
නුවන් කුලසේකර – නොදැවී  01
සුරංග ලක්මාල්  – නොදැවී  02
අතිරේක (ප.ල – 2, ව.ප. – 17) 19
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී  280
කඩුලු වැටීම 
1-76(ධනුෂ්ක), 2-87(තරංග), 3-136(චන්දිමාල්), 4-194(මෙන්ඩිස්), 5-194(මෙන්ඩිස්), 6-216(අසේල), 7-230(සීකුගේ), 8-275(ඩිල්රුවන්), 9-277(තිසර)
පන්දු යැවීම
මෂ්රාෆි මෝර්ටසා 10-0-65-3  
මුස්ටෆිසුර් රහමන් 10-0-55-0  
මොහෙදි හසන් 10-1-49-1  
ටස්කින් අහමඩ් 8-1-50-1  
මහමදුල්ලා  1-0-05-0  
සකිබ් අල් හසන්  8-1-41-0  
මොසඩක් හොසේන් 3-0-13-0  
බංග්ලාදේශය
ටමීම් ඉක්බාල් – ඇ.සහ ප.කුලසේකර 04
සෞම්‍ය සාර්කර් – ස්ට.චන්දිමාල් ප.ඩිල්රුවන් 38
ශබීර් රහමන් – ඇ.චන්දිමාල් ප.කුලසේකර 00
මුෂ්ෆිකුර් රහීම් – ක.මු.කළා. ප.ලක්මාල් 00
සකිබ් අල් හසන්  – ඇ.ගුණතිලක ප.ඩිල්රුවන් 54
මොසඩක් හොසේන් – ප.සීකුගේ ප්‍රසන්න 09
මහමදුල්ලා – ඇ.චන්දිමාල් ප.ලක්මාල් 07
මෙහෙදි හසන් – ඇ.තරංග ප.කුලසේකර 51
මෂ්රාෆි මෝර්ටසා – ඇ.සහ ප.සීකුගේ ප්‍රසන්න 16
ටස්කින් අහමඩ් – ඇ.ගුණරත්න ප.කුලසේකර 14
මිස්ටෆිසුර් රෙහෙමාන් – නොදැවී 01
අතිරේක (ප.ල – 2, ව.ප. – 14) 16
එකතුව ඕවර 44.3 කදී සියලු දෙනා දැවී  210
කඩුලු වැටීම
1-04(ටමීම් ඉක්බාල්), 2-10(ශබීර් රහමන්), 3-11(මුෂ්ෆිකුර් රහීම්), 4-88(සෞම්‍ය සාර්කර්), 5-111(මොසඩක් හොසේන්), 6-118(සකිබ් අල් හසන්), 7-127(මහමදුල්ලා), 8-155(මෂ්රාෆි මෝර්ටසා), 9-209(මෙහෙදි හසන්), 10-210(ටස්කින් අහමඩ්)
පන්දු යැවීම
නුවන් කුලසේකර 7.3-0-37-4  
සුරංග ලක්මාල්  8-0-38-2  
ඩිල්රුවන් පෙරේරා 10-1-47-2  
තිසර පෙරේරා 2-0-14-0  
අසේල ගුණරත්න  2-0-16-0  
සීකුගේ ප්‍රසන්න 10-1-33-2  
මිලින්ද සිරිවර්ධන 5-1-23-0  

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය ජයගත් අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දමන ලදි. තුන්වැනි තරගයේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල ඕවර 44.3 කදී ලකුණු 210 කට සිරකර දැමීමට නුවන් කුලසේකර ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 11 ක් තුළදී දැවී ගියද සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සෞම්‍ය සාර්කර් සහ සකිබ් අල් හසන් බංග්ලාදේශයේ බලාපොරොත්තු රඳවා ගත්හ. 9 වැනි ඕවරය අවසානයේදී ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලු 3 කට 40 ක් ලෙසිනි. ඩිල්රුවන් පෙරේරාගේ පළමු ඕවරයේදී ලකුණු 20 ක් උදුරාගත් සාර්කර් සහ සකිබ් අල් හසන් දෙදෙනා 10 වැනි ඕවරය අවසන් වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය නැවතත් බංග්ලාදේශ පිලට ගෙන දුන්හ.

ඩිල්රුවන්ගේ සිවුවැනි ඕවරයේදී දිනේෂ් චන්දිමාල් විසින් සෞම්‍ය සාර්කර් ස්ටම්ප් කිරීමකට හසුකරගනු ලැබීමෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

ඕවර 15 ක් ඇතුළතදී, ලකුණු 67 ක් රැස්කෙරෙන අතරේ බංග්ලාදේශ පිතිකරුවන් පස්දෙනකු දැවී ගිය අතර ඔවුන්ගෙන් සිවුදෙනකුගේ කඩුලු ඩිල්රුවන් පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න බෙදා ගත්හ. ඔවුන් දෙදෙනාගේම ඕවර 20 න් බංග්ලාදේශ පිලට ලබාගත හැකිවූයේ ලකුණු 80 ක් පමණි. වමත් පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමකට එරෙහිව ඩිල්රුවන් පෙරේරා වැනි ඉදිරිපෙළ පිට දඟ පන්දු යවන්නකු පළමු තරගයේ සිටම යොදාගත්තා නම් තරගාවලියේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබිණ.

ලකුණු 155 කට කඩුල 8 ක් අහිමි කරගත් බංග්ලාදේශයේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මෙහෙදි හසන් සහ ටස්කින් අහමඞ් සමත් වූ නමුත් එය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය ප්‍රමාද කිරීමක් මස වෙන යමක් නොවීය.  

තරග තුනකදී පිට පිටම දෙවැනි වතාවටත් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ වගකීමට කර උර දුන් තිසර පෙරේරා ලබාගත් අර්ධ ශතකයත් කුසල් මෙන්ඩිස්ගේ කල්පනාකාරී ඉනිමත් නිසා  නියමිත ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා විසින් දමා දුන් අඩිතාලම මත සිට ඉනිම ගොඩනැංවූයේ නම් ලකුණු 320 සීමාවෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් තිබුණ නමුත් ලකුණු 25 ක් තුළදී දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන දුවද්දී යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ගමන අඩාළ විය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පෙරේරා යුගළය, (තිසර සහ ඩිල්රුවන්) ශ්‍රී ලංකා පිල සටනක් දිය හැකි සීමාවකට කැඳවාගෙන ආහ.

දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් ඒ වෙනුවෙන් පන්දු 73 ක් වැයවී තිබිණ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 11 ක් ඇතුළතදී දැවී ගිය හෙයින් තුන්වැනි කඩුල්ල ඉක්මනින්ම අහිමි කරගැනීමේ අවදානමට මුහුණ නොදුන් පිතිකරුවන් දෙදෙනා තරමක් කල්පනාවෙන් පන්දුවට පහර දුන්නේ කඩුලු රැකගැනීමෙන් පසුව ආක්‍රමණය දියත් කිරීමේ අරමුණ ඇතිවය.

සකිබ් අල් හසන්ගේ පන්දුවක් ස්වීපර් කවර් කලාපයට යැවූ චන්දිමාල් ලකුණු දෙකක් ලබාගත්තද දෙවැනි ලකුණු සම්පූර්ණ කළේ අළස ආකාරයෙනි. පන්දුව ආපසු කඩුල්ල කරා පැමිණෙන විට චන්දිමාල් සීමා ඉරෙන් ඇතුළත සිටි නමුත් ඔහුගේ පාදයෙන් හෝ පිත්තෙන් සීමා ඉරෙන් ඇතුළත පොළොව ස්පර්ශ නොවීම කඩුල්ල අහිමි වීමට කාරණාවක් විය. මිලින්ද සිරිවර්ධන ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයේදී මුෂ්ෆිකුර් රහීම්ගේ අති විශිෂ්ට කඩුලු කඩා දැමීම හේතුවෙන් සිරිවර්ධන දැවී ගියේය.

මෙම දැවී යාම් දෙකම ශ්‍රී ලංකා පිලේ ලකුණු වේගය පහළ වැටීමට විශාල බලපෑමක් කළේය. පළමු ඕවර 10 නිමා වන විට ඕවරයක 7.6 ක් ව තිබූ ලකුණු වේගය සිරිවර්ධන දැවී යන විට 5.33 දක්වා පහළ වැටී තිබිණ.

ඉනිම අවසන් වීමට ඕවර 5 ක් ඉතිරිව තිබියදී හත්වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් තිසර පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 45 ක් එක්කළ හෙයින් ශ්‍රී ලංකා පිල ලකුණු 275 සීමාව පසුකර ගියේය.

තරග තුනකදී ශතකයක් සහ අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 160 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානය දිනාගනිද්දී ඉතාම අවශ්‍ය මොහොතේදී පන්දු 40 කින් ලකුණු 52 ක් ලබාගත් තිසර පෙරේරා තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

 

 

ශ්‍රී ලංකාවට ලකුණු 70 ක ජයක් – තරගාවලිය සමවෙයි

ශ්‍රී ලංකාවට ලකුණු 70 ක ජයක්

 

තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සමවිය.

 

තරගයේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය තිසර පෙරේරා දිනාගත් අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය කුසල් මෙන්ඩිස් විසින් දිනා ගන්නා ලදී.

———————————————————————————————-

 

ඕවර 44.3 කදී 210 (මිස්ටෆිසූර් රෙහෙමාන් 1, නුවන් කුලසේකර 7.3-0-37-4)

 

              

 

අසේල ගුණරත්න අතට උඩපන්දුවක් දෙමින් ටස්කින් අහ්මඩ් ලකුණු 14 කට දැවී යයි.

 

මිස්ටෆිසූර් රෙහෙමාන් පන්දුවට පහරදීම සදහා පැමිණෙයි.

 

උපුල් තරංග අතට උඩපන්දුවක් දෙමින් මෙහෙදි හසන් ලකුණු 51 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි.  

 

 

ඕවර 44 කදී 209/8 (ටස්කින් අහ්මඩ් 14, මෙහෙදී හසන් 51, අසේල ගුණරත්න 2-0-16-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 44 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි. 

 

 

ඕවර 43 කදී 202/8 (ටස්කින් අහ්මඩ් 13මෙහෙදී හසන් 45සුරංග ලක්මාල් 8-0-38-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ටස්කින් අහ්මඩ් සූදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.  

 

ඕවර 42 කදී 194/8 (ටස්කින් අහ්මඩ් 11, මෙහෙදී හසන් 39, ඩිල්රුවන් පෙරේරා 10-1-47-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 41 කදී 188/8 (ටස්කින් අහ්මඩ් 6මෙහෙදී හසන් 38සුරංග ලක්මාල් 7-0-30-2)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.  

 

ඕවර 40 කදී 182/8 (ටස්කින් අහ්මඩ් 06, මෙහෙදී හසන් 33, ඩිල්රුවන් පෙරේරා 9-1-41-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 39 කදී 179/8 (ටස්කින් අහ්මඩ් 6මෙහෙදී හසන් 31මිලින්ද සිරිවර්ධන 5-1-23-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ටස්කින් අහ්මඩ් සූදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

ඕවර 38 කදී 171/8 (ටස්කින් අහ්මඩ් 05, මෙහෙදී හසන් 24, සීක්කුගේ ප්‍රසන්න 10-1-33-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 38 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ පැමිණෙයි. 

 

 

ඕවර 37 කදී 169/8 (ටස්කින් අහ්මඩ් 4මෙහෙදී හසන් 23මිලින්ද සිරිවර්ධන 4-1-15-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

 

ඕවර 36 කදී 162/8 (ටස්කින් අහ්මඩ් 03, මෙහෙදී හසන් 17, සීක්කුගේ ප්‍රසන්න 9-1-31-2)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා ටස්කින් අහ්මඩ් සූදානම්. 36 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ පැමිණෙයි. 

 

 

ඕවර 35 කදී 157/8 (ටස්කින් අහ්මඩ් 1මෙහෙදී හසන් 15මිලින්ද සිරිවර්ධන 3-1-8-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

 

ඕවර 34 කදී 155/8 (ටස්කින් අහ්මඩ් 00, මෙහෙදී හසන් 14, සීක්කුගේ ප්‍රසන්න 8-1-26-2)

 

               

 

පන්දුවට පහරදීම සදහා ටස්කින් අහ්මඩ් පිටියට පැමිණෙයි.

 

පන්දු යැවූ සීක්කුගේ ප්‍රසන්න විසින් රැකගත් උඩපන්දුව හේතුවෙන් මේශාරෆ් මොර්ටාසා ලකුණු 16 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. 

ඕවර 33 කදී 155/7 (මෙශාරෆ් මොර්ටාසා 16මෙහෙදී හසන් 14මිලින්ද සිරිවර්ධන 2-1-6-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

 

ඕවර 32 කදී 149/7 (මෙශාරෆ් මොර්ටාසා 15, මෙහෙදී හසන් 9, නුවන් කුලසේකර 7-0-36-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 31 කදී 139/7 (මෙශාරෆ් මොර්ටාසා 06මෙහෙදී හසන් 8මිලින්ද සිරිවර්ධන 1-1-0-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟපන්දු යවන මිලින්ද සිරිවර්ධන කැඳවයි.  

 

 

ඕවර 30 කදී 139/7 (මෙශාරෆ් මොර්ටාසා 04, මෙහෙදී හසන් 5, නුවන් කුලසේකර 6-0-26-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 29 කදී 136/7 (මෙශාරෆ් මොර්ටාසා 05මෙහෙදී හසන් 6සීක්කුගේ ප්‍රසන්න 7-0-26-1)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 28 කදී 133/7 (මෙශාරෆ් මොර්ටාසා 04, මෙහෙදී හසන් 5, සුරංග ලක්මාල් 6-0-24-2)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

ඕවර 27 කදී 131/7 (මෙශාරෆ් මොර්ටාසා 03මෙහෙදී හසන් 5සීක්කුගේ ප්‍රසන්න 6-0-23-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 26 කදී 128/7 (මෙශාරෆ් මොර්ටාසා 01, මෙහෙදී හසන් 4, සුරංග ලක්මාල් 5-0-22-2)

 

                     

 

පන්දුවට පහරදීම සදහා මෙශාරෆ් මොර්ටාසා පැමිණෙයි.

 

දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් මහමුදුල්ලා ලකුණු 7 කට දැවී යයි

 

පන්දුවට පහරදීම සඳහා මහමුදුල්ලා සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

ඕවර 25 කදී 123/6 (මහමුදුල්ලා 6මෙහෙදී හසන් 3සීක්කුගේ ප්‍රසන්න 5-0-20-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මහුමුදුල්ලා සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 24 කදී 120/6 (මහමුදුල්ලා 09, මෙහෙදී හසන් 4, ඩිල්රුවන් පෙරේරා 7-1-37-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා මෙහෙදි හසන් පැමිණෙයි.

 

ධනුෂ්ක ගුණතිලක අතට උඩපන්දුවක් දෙමින් ශකීබ් අල් හසන් ලකුණු 54 කට දැවී යයි

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

ඕවර 23 කදී 118/5 (මහමුදුල්ලා 4ශකීබ් අල් හසන් 54සීක්කුගේ ප්‍රසන්න 4-0-17-1)

 

                  

 

පන්දුවට පහරදීම සදහා මහමුදුල්ලා පැමිණෙයි.

 

සීක්කුගේ ප්‍රසන්න යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මොසැඩෙක් හුසේන් ලකුණු 9 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා මොසැඩෙක් හුසේන් සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 22 කදී 111/4 (මොසැඩෙක් හුසේන් 09, ශකීබ් අල් හසන් 53, ඩිල්රුවන් පෙරේරා 7-1-37-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 21 කදී 107/4 (මොසැඩෙක් හුසේන් 08ශකීබ් අල් හසන් 50සීක්කුගේ ප්‍රසන්න 3-0-10-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

ඕවර 20 කදී 104/4 (මොසැඩෙක් හුසේන් 06, ශකීබ් අල් හසන් 49, ඩිල්රුවන් පෙරේරා 6-1-33-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්.‍ෙ20 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

ඕවර 19 කදී 103/4 (මොසැඩෙක් හුසේන් 06ශකීබ් අල් හසන් 48සීක්කුගේ ප්‍රසන්න 2-0-7-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 18 කදී 98/4 (මොසැඩෙක් හුසේන් 02, ශකීබ් අල් හසන් 41, ඩිල්රුවන් පෙරේරා 5-1-32-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 17 කදී 92/4 (මොසැඩෙක් හුසේන් 02ශකීබ් අල් හසන් 41සීක්කුගේ ප්‍රසන්න 1-0-2-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟපන්දු යවන සීක්කුගේ ප්‍රසන්න කැඳවයි.  

 

 

ඕවර 16 කදී 79/3 (මොසැඩෙක් හුසේන් 01, ශකීබ් අල් හසන් 40, ඩිල්රුවන් පෙරේරා 4-1-26-1)

 

               

 

මොසැඩෙක් හුසේන් පන්දුවට පහරදීමට පැමිණෙයි

 

දිනේෂ් චන්දිමාල් විසින් ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගැනීම නිසා සෞම්‍ය සර්කාර්  ලකුණු 38 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර්  සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා පිට ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 15 කදී 88/3 (සෞම්‍ය සර්කාර්  38, ශකීබ් අල් හසන් 39, අසේල ගුණරත්න 1-0-9-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳවේග පන්දුයවන අසේල ගුණරත්න කැඳවයි.  

 
ඕවර 14 කදී 79/3 (සෞම්‍ය සර්කාර්  35, ශකීබ් අල් හසන් 33, ඩිල්රුවන් පෙරේරා 3-1-24-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන්  සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා පිට ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 13 කදී 79/3 (සෞම්‍ය සර්කාර්  35, ශකීබ් අල් හසන් 33, තිසර පෙරේරා 2-0-14-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.  

 

 

ඕවර 12 කදී 71/3 (සෞම්‍ය සර්කාර්  35, ශකීබ් අල් හසන් 26, ඩිල්රුවන් පෙරේරා 2-0-24-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන්  සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා පිට ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 11 කදී 67/3 (සෞම්‍ය සර්කාර්  33, ශකීබ් අල් හසන් 24, තිසර පෙරේරා 1-0-7-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා  දකුණතින්පැ වේගපන්දු යවන තිසර පෙරේරා කැඳවයි.  

 

 

ඕවර 10 කදී 60/3 (සෞම්‍ය සර්කාර්  32, ශකීබ් අල් හසන් 18, ඩිල්රුවන් පෙරේරා 1-0-20-0)

 

                     

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟපන්දු යවන ඩිල්රුවන් පෙරේරා කැඳවයි. 

 

ඕවර 9 කදී 40/3 (සෞම්‍ය සර්කාර්  18, ශකීබ් අල් හසන් 18නුවන් කුලසේකර 5-0-23-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. නවවැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 8 කදී 30/3 (සෞම්‍ය සර්කාර්  17, ශකීබ් අල් හසන් 09, සුරංග ලක්මාල් 4-0-17-1)

 

               

 

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

 

ඕවර 7 කදී 24/3 (සෞම්‍ය සර්කාර්  16, ශකීබ් අල් හසන් 04, නුවන් කුලසේකර 4-0-13-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 6 කදී 17/3 (සෞම්‍ය සර්කාර්  09, ශකීබ් අල් හසන් 04, සුරංග ලක්මාල් 3-0-11-1)

 

               

 

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

 

ඕවර 5 කදී 15/3 (සෞම්‍ය සර්කාර්  08, ශකීබ් අල් හසන් 03, නුවන් කුලසේකර 3-0-6-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 4 කදී 14/3 (සෞම්‍ය සර්කාර්  08, ශකීබ් අල් හසන් 02, සුරංග ලක්මාල් 2-0-9-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පළමු පන්දුවෙන්ම මුෂිෆිකුර් රහීම් දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

 

ඕවර 3 කදී 10/2 (සෞම්‍ය සර්කාර්  06, නුවන් කුලසේකර 2-0-5-2)

 

               

 

පන්දුවට පහරදීම සදහා මුෂිෆිකුර් රහීම් පැමිණෙයි.

 

නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් සබීර් රහ්මන්  ලකුණු නොලබාම දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 2 කදී 9/1 (සෞම්‍ය සර්කාර්  05, සබීර් රහ්මන් 00, සුරංග ලක්මාල් 1-0-4-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

ඕවර 1 කදී 4/1 (සෞම්‍ය සර්කාර්  04, නුවන් කුලසේකර 1-0-4-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා සබීර් රහ්මන් පැමිණෙයි.

 

පන්දු යැවූ නුවන් කුලසේකර අතටම උඩපන්දුවක් දෙමින් ටමීම් ඉක්බාල්  ලකුණු 4 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා ටමීම් ඉක්බාල්  සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පැමිණෙයි. 

 
 
ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසෙති
 

————————————————————————————————————-

බංග්ලාදේශට ලකුණු 281 ඉලක්කයක්

————————————————————————————————————-

ඕවර 50 කදී 280/9 (සුරංග ලක්මාල් 2 නුවන් කුලසේකර 1, මෂ්රාෆ් මොටාසා 10-0-65-3)

 

                  

 

පන්දුවට පහරදීම සදහා සුරංග ලක්මාල් පැමිණෙයි.

 

මෂ්රාෆ් මොටාසාගේ පන්දුවක් හමුවේ ටස්කින් අහ්මඩ් අතට උඩපන්දුවක් දෙමින් තිසර පෙරේරා ලකුණු 52 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සදහා නුවන් කුලසේකර පැමිණෙය.

 

මෂ්රාෆ් මොටාසාගේ පන්දුවක් හමුවේ ටම්මී ඉක්බාල් අතට උඩපන්දුවක් දෙමින් ඩිල්රුවන් පෙරේරා ලකුණු 15 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.‍ 50 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 

ඕවර 49 කදී 271/7 (තිසර පෙරේරා 51, ඩිල්රුවන් පෙරේරා 11, මිස්ටෆිසූර් රෙහෙමාන්  10-0-55-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා  සුදානම්. 49 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 48 කදී 265/7 (තිසර පෙරේරා 47 ඩිල්රුවන් පෙරේරා 09, මෂ්රාෆ් මොටාසා 9-0-56-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 48 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 

 

ඕවර 47 කදී 256/7 (තිසර පෙරේරා 40, ඩිල්රුවන් පෙරේරා 07, ටස්කින් අහ්මඩ්  8-1-50-1)

 

                   

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා  සුදානම්. 47 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහ්මඩ් පැමිණෙයි. 

 

 

ඕවර 46 කදී 242/7 (තිසර පෙරේරා 29 ඩිල්රුවන් පෙරේරා 05, මෂ්රාෆ් මොටාසා 8-0-47-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 46 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 

 
ඕවර 45 කදී 231/7 (තිසර පෙරේරා 23, ඩිල්රුවන් පෙරේරා 00, මිස්ටෆිසූර් රෙහෙමාන්  9-0-49-2)

 

               

 

පන්දුවට පහරදීම සදහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි.

 

මිස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ මහමුදුල්ලා අතට උඩපන්දුවක් දෙමින් සීක්කුගේ ප්‍රසන්න ලකුණකට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා  සුදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

 

ඕවර 44 කදී 221/6 (තිසර පෙරේරා 13, සීක්කුගේ ප්‍රසන්න 01, මෂ්රාෆ් මොටාසා 7-0-36-1)

 

                  

 

පන්දුවට පහරදීම සදහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.

 

මෂ්රාෆ් මොටාසාගේ පන්දුවක් හමුවේ මහමුදුල්ලා අතට උඩපන්දුවක් දෙමින් අසේල ගුණරත්න ලකුණු 34 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 44 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 
 
ඕවර 43 කදී 216/5 (තිසර පෙරේරා 10, අසේල ගුණරත්න 34, මොසාඩික් හුසේන්  2-0-8-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සුදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා මොසාඩික් හුසේන් පැමිණෙයි. 

 

 

ඕවර 42 කදී 211/5 (තිසර පෙරේරා 08අසේල ගුණරත්න 31, මෙහෙදි හසන් 10-1-49-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 42 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි

 

 

ඕවර 41 කදී 207/5 (තිසර පෙරේරා 06, අසේල ගුණරත්න 29, මොසාඩික් හුසේන්  2-0-8-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සුදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා මොසාඩික් හුසේන් පැමිණෙයි. 

 

 

ඕවර 40 කදී 203/5 (තිසර පෙරේරා 04අසේල ගුණරත්න 27, මෙහෙදි හසන් 9-1-45-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 40 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි

 

ඕවර 39 කදී 200/5 (තිසර පෙරේරා 03, අසේල ගුණරත්න 25, මොසාඩික් හුසේන්  1-0-4-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සුදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා මොසාඩික් හුසේන් පැමිණෙයි. 

 

ඕවර 38 කදී 196/5 (තිසර පෙරේරා 01අසේල ගුණරත්න 23, මෙහෙදි හසන් 8-1-42-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 38 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි

 

 

ඕවර 37 කදී 194/5 (අසේල ගුණරත්න 22, මිස්ටෆිසූර් රෙහෙමාන්   8-0-39-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා තිසර පෙරේරා පැමිණෙයි.

 

මිස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ මුෂ්ෆීකූර් රහීම් අතට උඩපන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 54 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

 

ඕවර 36 කදී 192/4 (කුසල් මෙන්ඩිස් 53අසේල ගුණරත්න 21, ටස්කින් අහමඩ් 7-1-36-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 36 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 

ඕවර 35 කදී 184/4 (කුසල් මෙන්ඩිස් 51, අසේල ගුණරත්න 15, මිස්ටෆිසූර් රෙහෙමාන්   7-0-37-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 34 කදී 178/4 (කුසල් මෙන්ඩිස් 50අසේල ගුණරත්න 10, ටස්කින් අහමඩ් 6-1-28-1)

 

               

 

කුසල් මෙන්ඩිස් සිය නවවැනි එක්දින අර්ධ ශතකය පන්දු 66 කදී වාර්තා කිරීමට සමත්වූ අතර ඊට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 34 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 

ඕවර 33 කදී 175/4 (කුසල් මෙන්ඩිස් 48, අසේල ගුණරත්න 09, මෙහෙදි හසන්  7-1-40-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සුදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

 

ඕවර 32 කදී 167/4 (කුසල් මෙන්ඩිස් 46අසේල ගුණරත්න 03, ශකීබ් අල් හසන් 8-0-41-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 32 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

 

ඕවර 31 කදී 162/4 (කුසල් මෙන්ඩිස් 43, අසේල ගුණරත්න 01, මෙහෙදි හසන්  6-1-32-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා අසේල ගුණරත්න පිටියට පිවිසෙයි.

 

මිලින්ද සිරිවර්ධන දුවද්දී දැවීයාමකට හසුව ලකුණු 12 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සුදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

 

ඕවර 30 කදී 159/3 (කුසල් මෙන්ඩිස් 42, මිලින්ද සිරිවර්ධන 11, ශකීබ් අල් හසන් 7-0-36-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 30 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

ඕවර 29 කදී 150/3 (කුසල් මෙන්ඩිස් 40, මිලින්ද සිරිවර්ධන 04, මෙහෙදි හසන්  5-1-29-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

 

ඕවර 28 කදී 142/3 (කුසල් මෙන්ඩිස් 34, මිලින්ද සිරිවර්ධන 02, ශකීබ් අල් හසන් 6-0-27-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 28 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

 

ඕවර 27 කදී 140/3 (කුසල් මෙන්ඩිස් 33, මිලින්ද සිරිවර්ධන 01මෂ්රෆී මොටාසා  6-0-31-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

ඕවර 26 කදී 136/3 (කුසල් මෙන්ඩිස් 30, මිලින්ද සිරිවර්ධන 00, ශකීබ් අල් හසන් 5-0-25-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන පිටියට පිවිසෙයි.

 

අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවූ දිනේෂ් චන්දිමාල් ලකුණු 21 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 26 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

ඕවර 25 කදී 131/2 (කුසල් මෙන්ඩිස් 27, දිනේෂ් චන්දිමාල් 19, මෂ්රෆී මොටාසා  5-0-27-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සුදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

ඕවර 24 කදී 128/2 (කුසල් මෙන්ඩිස් 26, දිනේෂ් චන්දිමාල් 17, මිස්ටෆිසූර් රෙහෙමාන් 6-0-31-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 24 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 

 
ඕවර 23 කදී 125/2 (කුසල් මෙන්ඩිස් 25, දිනේෂ් චන්දිමාල් 15, මෂ්රෆී මොටාසා  4-0-24-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

 

ඕවර 22 කදී 120/2 (කුසල් මෙන්ඩිස් 23, දිනේෂ් චන්දිමාල් 13, මිස්ටෆිසූර් රෙහෙමාන් 5-0-28-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 23 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 
 
ඕවර 21 කදී 119/2 (කුසල් මෙන්ඩිස් 22, දිනේෂ් චන්දිමාල් 13, ශකීබ් අල් හසන් 4-0-20-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි. 

 
 
ඕවර 20 කදී 112/2 (කුසල් මෙන්ඩිස් 16, දිනේෂ් චන්දිමාල් 12, මිස්ටෆිසූර් රෙහෙමාන් 4-0-27-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 20 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 
 
ඕවර 19 කදී 110/2 (කුසල් මෙන්ඩිස් 15, දිනේෂ් චන්දිමාල් 11, ශකීබ් අල් හසන් 3-0-13-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි. 

 

 
ඕවර 18 කදී 101/2 (කුසල් මෙන්ඩිස් 07, දිනේෂ් චන්දිමාල් 10, ටස්කින් අහමඩ් 5-1-25-1)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 18 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 
 
ඕවර 17 කදී 91/2 (කුසල් මෙන්ඩිස් 07, දිනේෂ් චන්දිමාල් 02, ශකීබ් අල් හසන් 2-0-4-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි. 

 
 
ඕවර 16 කදී 88/2 (කුසල් මෙන්ඩිස් 06, දිනේෂ් චන්දිමාල් 00, ටස්කින් අහමඩ් 4-1-15-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස්  සූදානම්.‍ 16 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 

 

ඕවර 15 කදී 88/2 (කුසල් මෙන්ඩිස් 06, දිනේෂ් චන්දිමාල් 00, ශකීබ් අල් හසන් 1-0-1-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා වමතින්පැ දඟපන්දු යවන ශකීබ් අල් හසන් කැඳවයි. 

 

 
ඕවර 14 කදී 87/2 (කුසල් මෙන්ඩිස් 05, දිනේෂ් චන්දිමාල් 00, ටස්කින් අහමඩ් 3-0-15-1)

 

                  

 

දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසෙයි.

 

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 35 ක් ලබාසිටි උපුල් තරංග දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 14 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 
ඕවර 13 කදී 84/1 (කුසල් මෙන්ඩිස් 04, උපුල් තරංග 34, මෙහෙදි හසන්​ 4-1-51-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදී හසන් පැමිණෙයි. 

 
 
ඕවර 12 කදී 79/1 (කුසල් මෙන්ඩිස් 1, උපුල් තරංග 32, ටස්කින් අහමඩ් 2-0-12-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 12 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් නැවත කැඳවයි

 
 
ඕවර 11 කදී 76/1 (කුසල් මෙන්ඩිස් 00, උපුල් තරංග 30, මෙහෙදි හසන්​ 3-1-16-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

 

මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ මහමුදුල්ල අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 34 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදී හසන් පැමිණෙයි. 

 
 
ඕවර 10 කදී 76/0 (ධනුෂ්ක ගුණතිලක 34, උපුල් තරංග 30, මහමුදුල්ලා1-0-9-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.‍ 10 වැනි ඕවරය යැවීම සඳහා මහමුදුල්ලා කැඳවයි

 
 
ඕවර 9 කදී 71/0 (ධනුෂ්ක ගුණතිලක 31, උපුල් තරංග 28, මෙහෙදි හසන්​ 2-0-16-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. නවවැනි ඕවරය යැවීම සඳහා මෙහෙදී හසන් පැමිණෙයි. 

 

 
ඕවර 8 කදී 61/0 (ධනුෂ්ක ගුණතිලක 22, උපුල් තරංග 28, ටස්කින් අහමඩ් 1-0-9-0)

 

                     

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ටස්කින් අහමඩ් කැඳවයි

 
ඕවර 7 කදී 51/0 (ධනුෂ්ක ගුණතිලක 19, උපුල් තරංග 28, මෙහෙදි හසන්​ 1-0-6-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන මෙහෙදී හසන් කැඳවයි. 

 
ඕවර 6 කදී 45/0 (ධනුෂ්ක ගුණතිලක 13, උපුල් තරංග 28, මිස්ටෆිසූර් රෙහෙමාන් 3-0-25-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.‍ හයවැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 
ඕවර 5 කදී 31/0 (ධනුෂ්ක ගුණතිලක 12, උපුල් තරංග 16, මෂ්රෆී මොටාසා 3-0-19-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 
ඕවර 4 කදී 22/0 (ධනුෂ්ක ගුණතිලක 10, උපුල් තරංග 09, මිස්ටෆිසූර් රෙහෙමාන් 2-0-11-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.‍ සිවුවැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 

ඕවර 3 කදී 19/0 (ධනුෂ්ක ගුණතිලක 07, උපුල් තරංග 09, මෂ්රෆී මොටාසා 2-0-10-0)

 

               

 

දෙවැනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලක ලබාදුන් උඩපන්දුව පන්දු යැවූ මෂ්රෆී මොටාසා අතින් ගිලිහෙයි.

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 
ඕවර 2 කදී 16/0 (ධනුෂ්ක ගුණතිලක 05, උපුල් තරංග 09, මිස්ටෆිසූර් රෙහෙමාන් 1-0-8-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ දෙවැනි ඕවරය යැවීම සඳහා වමති්න් වේගපන්දු යවන ක්‍රීඩක මිස්ටෆිසූර් රෙහෙමාන් කැඳවයි. 

 

ඕවර 1 කදී 8/0 (ධනුෂ්ක ගුණතිලක 01, උපුල් තරංග 04, මෂ්රෆී මොටාසා 1-0-8-0)

 

                     

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා ආරම්භක පිතිකරු යුගළය ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග පිටියට පිවිසෙති.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා කණ්ඩායම

උපුල් තරංග (නායක), ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සීක්කුගේ ප්‍රසන්න.

……………………………………………………………………………………………………………….

 

බංග්ලාදේශ කණ්ඩායම

ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, සබීර් රහ්මන්, මුෂිෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, මොසැඩෙක් හුසේන්, මහමුදුල්ලා, මෙහෙදි හසන්, මෂ්රෆී මොටාසා (නායක), ටස්කින් අහමඞ්, මිස්ටෆිසූර් රෙහෙමාන්.

 

……………………………………………………………………………………………………………….

 

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලේය.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

ඕවර 40 කදී 182/8 (ටස්කින් අහ්මඩ් 06, මෙහෙදී හසන් 33, ඩිල්රුවන් පෙරේරා 9-1-41-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි.