සංගා දෙවැනි ශතකයත් ලබාගනී

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර ප්‍රාන්ත තරගාවලියේ දෙවැනි ශතකය අද (23 වැනිදා) ලබාගත්තේය. වොවික්ෂයර් ප්‍රාන්ත පිලට එරෙහිව එජ්බැස්ටන්හිදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නොදැවී ලකුණු 98 ක් ලබා සිටි සංගක්කාර අද පෙරවරුවේදී අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් සිය ශතකය සම්පූර්ණ කළේය.

ඉතාමත් සැහැල්ලු ආකාරයෙන් ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව ලකුණක් කරා යාමට වත් උත්සාහ නොකළ සංගක්කාර සිය හිස්වැස්ම ඔසවා නරඹන්නන්ට ආචාර කිරීමට පසුබට නොවීය. කෙසේ වෙතත් ශතකය ලබාගැනීමෙන් මඳ වේලාවකට පසුව සංගක්කාර ලකුණු 105 කට දැවී ගියේය.

වොවික්ෂයර් පිල ලබාගත් ලකුණු 332 ට පිළිතුරු සොයා යද්දී සරේ පිලේ කඩුලු 2 ක් ලකුණු 127 කට බිඳවැටී තිබියදී සංගක්කාර පිටියට පිවිසියේය. මාක් ස්ටෝන්මන් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක් එක්කළ සංගක්කාර ඉන් අනතුරුව ඩොමිනික් සිබ්ලි සමග එක්ව ලකුණු 306 දක්වා සරේ කණ්ඩායම කැඳවාගෙන ගියේය.

විනාඩි 206 ක් පිටියේ රැඳුනු සංගක්කාර පන්දු 165 කට මුහුණ දෙමින් හතරේ පහර 10 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළේය.

මෙවර අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ආරම්භයේ සිටිම ලකුණු අතර සිටින සංගක්කාර මේ දක්වා පැවැති තරග තුනේදී ලකුණු ලබා ඇත්තේ 71, 46, 136 සහ 105 ක් වශයෙනි.

 

ඕස්ට්‍රේලියානු යොවුන් පිල තරගාවලිය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 4-1 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ අද (23) සමත් වූහ.  හෝබර්ට්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 23 ක ජයක් ලැබීය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 48.5 කදී ලකුණු 221 කට සීමා කෙරිණ. ශ්‍රී ලංකා පිල 43 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 198 ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසුවුවද පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදුවිය. 

මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා යොවුන් පිලේ ගැලවුම්කරු බවට පත්වූ ජෙහාන් ඩැනියල් මෙම ඉනිමේදී පන්දු 89 කදී හතරේ පහර 4 ක් සමගින් ලකණු 75 ක් රැස් කිරීමට සමත් විය. 

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල වෙනුවෙන් මැක්ස් බ්‍රයන්ට් (67) සහ මැතිව් ස්පර්ස් (නොදැවී 65) අර්ධ ශතක රැස්කළහ. 

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 47 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.  


ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ පිල 
රයන් හැන්කි – ප. මෙන්ඩිස්    5
මැක්ස් බ්‍රයන්ට් – ප. ජයවික්‍රම    67
ජේසන් සන්ගහ – ඇ. මෙන්ඩිස් ප. ජයවික්‍රම     59
මැතිව් ස්පූර්ස් – නොදැවී      65
විල් සදර්ලන්ඞ් – ඇ. ඩැනියල් ප. හරීන්    20
පරම් උප්පාල් – නොදැවී     22
අතිරේක    6
එකතුව ඕවර 50 යේදී කඩුලු 4 ක් දැවී     244

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ජොනතන් මෙර්රෛා්, ලෙවින් මලඩායි, ඕස්ටින් වෝ, ලොයිඞ් පෝප්, ඉයන් කැර්ලිස්ල

කඩුලු වැටීම:
1-35(හැන්කි), 2-92(බ්‍රයන්ට්), 3-165(සන්ගහ), 4-196(සදර්ලන්ඞ්)

පන්දු යැවීම:
තිලාන් ප්‍රෂාන්: 7-0-40-0, නිපුන් මාලිංග: 5-1-20-0, ජෙහාන් ඩැනියල්: 9-1-57-0, කමිඳු මෙන්ඩිස්: 4-0-27-1, ප්‍රවීන් ජයවික්‍රම: 10-0-47-2, හරීන් බුද්ධිල: 10-1-27-1, හසිත බෝයගොඩ: 2-0-9-0, අයන සිරිවර්ධන: 3-0-16-0


ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල 

නිපුන සුමනසිංහ – ප. සදර්ලන්ඞ්     21
විශ්ව චතුරංග – ඇ. මෙල්රෝ ප. සදර්ලන්ඞ්    31
හසිත බෝයගොඩ – ඇ. හැන්කි ප. සදර්ලන්ඞ්    4
කමිඳු මෙන්ඩිස් – ස්ටම්ප් මලඩායි ප. ස්පූර්ස්    25
ජෙහාන් ඩැනියල් – ඇ. සදර්ලන්ඞ් ප. උප්පාල්    75
ක්‍රිෂාන් ආරච්චිගේ – ක. මූ. කළා ප. පෝප්    36
අයන සිරිවර්ධන – ක. මූ. කළා ප. පෝප්     0
නිපුන් මාලිංග – ඇ. කැර්ලිස්ල ප. පෝප්    0
හරීන් බුද්ධිල – නොදැවී     10
තිලාන් ප්‍රෂාන් – ඇ. සදර්ලන්ඞ් ප. ස්පූර්ස්    6
ප්‍රවීන් ජයවික්‍රම – ඇ. ස්පූර්ස් ප. සන්ගහ    1
අතිරේක    12
එකතුව ඕවර 48.5 කදී සියලු දෙනා දැවී     221 

කඩුලු වැටීම:
1-53(සුමනසිංහ), 2-61(බෝයගොඩ), 3-61(චතුරංග), 4-118(මෙන්ඩිස්), 5-192(ඩැනියල්), 6-197(සිරිවර්ධන) 7-201(මාලිංග), 8-201(ආරච්චිගේ), 9-217(ප්‍රෂාන්), 10-221(ජයවික්‍රම)

පන්දු යැවීම:
ඉයන් කැර්ලිස්ලි: 7-0-35-0, ජොනතන් මෙර්රෛා්: 4-0-23-0, පරම් උප්පාල්: 10-0-41-1, විල් සදර්ලන්ඞ්: 6-0-24-3, ලොයිඞ් පෝප්: 10-0-40-3, ඔස්ටින් වෝ: 4-0-25-0, මැතිව් ස්පූර්ස්: 7-1-24-2, ජේසන් සන්ගහ: 0.5-0-3-1

 

- 048

කිංග්ස් XI පිලට ලකුණු 26 ක ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ රාජ්කොට් හිදී පැවැති 26 වන තරගයේදී ගුජරාට් ලයන්ස් පිලට එරෙහිව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල අද (23 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි. ඩිනේෂ් කාර්තික් අවසන් මොහොත වනතෙක් ජයග්‍රහණය සොයා ගියද අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගය නොලැඹීම හේතුවෙන් තරගය ජයගැනීමට නොහැකිවිය. පන්දු 44 කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස්කිරීමට ඩිනේෂ් කාර්තික් සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 188 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු 40 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර නවයක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට හසීම් අම්ලා සමත්විය. තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 299 ක් ලබාගත් අම්ලා තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාට හිමිවන තැඹිලි පැහැති හිස්වැසුම හිමිකර ගැනිමට සමත් වූයේය.

හසීම් අම්ලා සහ ෂෝන් මාෂ් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 48 කදි ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18 කදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 31 ක් ලබාගත් අතර අසාර් පතෙල් පන්දු 17 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 34 ක් රැස්කරමින් කිංග්ස් ඞෂ පන්ජාබ් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ගෙනයෑමට සමත්විය.

මනන් වෝරාගේ උඩපන්දුව රැකගැනීමත් සමගින් අයි.පී.එල්. ඉතිහාසයේ කඩුලු 100 ක් දවාගැනීමට දායකවූ පළමු කඩුලු රකින්නා බවට ඩිනේෂ් කාර්තික් පත් වූයේය.

කාසියේ වාසිය ලැබූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.


කිංග්ස් XI පන්ජාබ් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 188
(හසීම් අම්ලා 65, ෂෝන් මාෂ් 30, ග්ලේන් මැක්ස්වෙල් 31, අසාර් පතෙල් 34, ඇන්ඩ්‍රැ ටේ 35/2)

ගුජරාට් ලයන්ස් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 162
(ඩිනේෂ් කාර්තික් නොදැවී 58, කේ.සී. කරිඅප්පා 24/2, අසාර් පතෙල් 36/2, සංදීප් ශර්මා 40/2)

වසර 7 කට පසුව අමීර්ට කඩුලු 5 ක්

සංචාරක පාකිස්තානු කණ්ඩායමත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඕවර 11 කුත්, පන්දු 3 කට පමණක් සීමා විය. ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව නිසා දවසේ වැඩි කාලයක් අපතේ ගියත් වසර 7 කට පසුව පළමු වතාවට ටෙස්ට් පිටියේ කඩුලු 5 ක් සම්පූර්ණ කිරීමට තරම් මොහොමඞ් ආමීර් වාසනාවන්තයකු විය. 

මේ තරගයේ පළමු දිනය නිමාවට පත්වෙද්දී කාසියේ වාසිය දිනූ පාකිස්තානු පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 244ක් ලබාගත්හ. මොහොමඞ් අමීර් කඩුලු 3ක් බිඳ දමා තිබිණි. ඊයේ උදෑසන තරගය ආරම්භ කිරීම පමා කිරීමට සිදුවූයේ පිටියේ ආවරණ අතරින් ගලා ගිය වැසි දිය මුළු පිටියම තෙත බරිතකර තිබූ බැවිනි. 

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරිමට තීරණය කළ සංවිධායකයන් ඒ කාලය ඇතුළත මුලු පිටියම වේලා ගැනීමට සමත්වූහ. දවසට යැවිය යුතු ඕවර ප්‍රමාණය 53 දක්වා අඩු කරමින් අවසානයේ දී තරගය පස්වරු 2.10 ට ආරම්භ විය. 

පළමු දිනයේ දී ලකුණු 189 කට කඩුලු 7 ක් බිඳ වැටී තිබූ මොහොතේ පිටියට පැමිණ සිය නායකයා වූ ජේසන් හෝල්ඩර් සමග එක්ව ඉනිම පිළිසකර කළ අගපෙළ පිතිකරු දේවේන්ද්‍ර බිෂූ ඊයේ තවත් ඕවර 7 ක්ම කඩුල්ල රැක ගැනීමට සමත්වූ අතර තවත් ලකුණු 20කුත් ඉනිමට එකතු කරගැනීමෙන් පසුව ආමීර්ට සිවුවැනි කඩුල්ල අත්කරදෙමින් ආපසු ක්‍රීඩාගාරයට ගියේ කඩුලු රකින සර්ෆාස් අහමඞ් වෙත උඩපන්දුවක් දෙමිනි. 

ඉන් පසුව පැමිණි අල්සාරී ජෝශප්ට ඕවර දෙකකට වඩා කඩුල්ලේ රැඳී සිටීමට අමීර් ඉඩ තැබුවේ නැත. ඔහුගේ පන්දුව අල්සාරීගේ පිට ඉන්නේ ගැටුණේ වසර 2010 ලෝඞ්ස් පිටියේ ටෙස්ට් කඩුලු 5 ක් දවාලීමෙන් පසුව අමීර්ගේ ටෙස්ට් වාර්තාවට තවත් කඩුලු 5ක් එක්කරමිනි. 


බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම – ඕවර 92.3කදී කඩුලු 9 ක් දැවී ලකුණු 278යි. 
(කිරන් පවෙල් 33, රොස්ටන් චේස් 63, ෂේන් ඩවුරිච් 56, ජේසන් හෝල්ඩර් නොදැවී 55, දේවේන්ද්‍ර බිෂූ 28, මොහොමඞ් අමීර් 41/5, යසීර් ෂා 91/2)

 

- 077

කොළඹට කඩුලු 3 ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 300 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. ඩිල්ශාන් මුණවීර පන්දු 54 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 86 ක් රැස්කළ අතර ඇන්ජලෝ ජයසිංහ පන්දු 99 කදි හතරේ පහර හතරක් සමගින් ලකුණු 70 ක් රැස්කළේය. පළමු කඩුල්ල සදහා පන්දු 79 කදී ලකුණු 104 ක සම්බන්ධතාවයක් පැවැත්විමටද ඩිල්ශාන් මුණවීර සහ ඇන්ජලෝ ජයසිංහ සමත්වූහ.


වේගවත් පිතිහරඹයක නිරතවෙමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය තිසර පෙරේරා පන්දු 30 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කිරීමට සමත්විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නායක උපුල් තරංගගේ ශතකය හමුවේ ඕවර 50 අවසානයේදී කඩුලු නවයක් දැවී ලකුණු 299 ක් රැස්කිරීමට සමත්විය. උපුල් තරංග පන්දු 113 කදි හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය.


දෙවැනි කඩුල්ල සදහා පන්දු 185 කදී ලකුණු 174 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න සමත්වුහ. දිමුත් කරුණාරත්න පන්දු 84 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 78 ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා පන්දු 43 කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කිරීමට සමත් වූයේය.

 


ගාල්ල කණ්ඩායම – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 299
(උපුල් තරංග 101, දිමුත් කරුණාරත්න 78, ධනංජය ද සිල්වා නොදැවී 52, දසුන් ශානක 25, විශ්ව ප්‍රනාන්දු 56/2)

කොළඹ කණ්ඩායම – ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 301    
(ඩිල්ශාන් මුණවීර 86, ඇන්ජලෝ ජයසිංහ 70, කිත්රුවන් විතානගේ 27, ශෙහාන් ජයසූරිය 30, තිසර පෙරේරා නොදැවී 42, සිකුගේ ප්‍රසන්න 59/2, සුරංග ලක්මාල් 61/2)

 

 

මහනුවරට ලකුණු 39 ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 39 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 324 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 48.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 284 ක් පමණි. කුසල් ජනිත් (56), කුසල් මෙන්ඩිස් (59) සහ භානුක රාජපක්ෂ (81) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.


පන්දුවෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් ලකුණු 65 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම නායක චාමර කපුගෙදරගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 323 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ චාමර කපුගෙදර පන්දු 50 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.


හයවැනි කඩුල්ල සදහා පන්දු 48 කදී ලකුණු 104 ක නොබිඳුණු සම්බන්දතාවයක් පැවැත්වීමට චාමර කපුගෙදර සහ සචිත් පතිරණ සමත්වූ අතර පළමු කඩුල්ල සදහා පන්දු 132 කදී ලකුණු 118 ක සම්බන්දතාවයක් පැවැත්විමට ධනුෂ්ක ගුණතිලක සහ දිල්හාන් කුරේ සමත්වූහ.


පන්දු 75 කදි හතරේ පහර හතක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර ලකුණුඅ 32 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට අශාන් ප්‍රියංජන සමත්විය.


මහනුවර කණ්ඩායම – ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 323
(ධනුෂ්ක ගුණතිලක 75, දිල්හාන් කුරේ 43, හෂාන් දුමිඳු 22, චරිත් අසලංක 35, චාමර කපුගෙදර නොදැවී 105, සචිත් පතිරණ නොදැවි 25, අශාන් ප්‍රියංජන 32/4)

දඹුල්ල කණ්ඩායම – ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 284
(කුසල් ජනිත් 56, කුසල් මෙන්ඩිස් 59, භානුක රාජපක්ෂ 81, ඩිල්රුවන් පෙරේරා 36, චරිත් අසලංක 27/4, නුවන් ප්‍රදීප් 65/3)

 

පන්දු යවන්නෝ මුම්බායි පිලට ජය ගෙනෙති

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති 25 වන තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල අද (22 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ කඩුලු 6 ක් ලකුණු 24 කට බිඳ දමමින් තරගයේ පාලනය සියතට ගැනීමට සමත්වූහ.


හත්වැනි කඩුල්ල සදහා පන්දු 73 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට ක්‍රිස් මොරිස් සහ කගිසෝ රබාඩා උත්සහ දැරුවද අවසාන මොහොතේ ඔවුන්ගෙන් එම අවස්ථාව ගිලිහි ගියහ.


මංගල අයි.පී.එල් තරගයට සහභාගීවු කගිසෝ රබාඩා පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර ක්‍රිස් මොරිස් පන්දු 41 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


මිචෙල් මැක්ලෙනගන් ඕවර 4 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 3 ක් සහ ජස්ප්‍රීට් බුම්රා ඕවර 4 කදී ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.


මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන්හට ලකුණු අතරට ඒමට අවස්ථාවක් ලබානොදීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පන්දු යවන්නෝ සමත්වූහ. දක්ෂ පන්දු යැවීමක නිරතවූ අමිත් මිෂ්රා ඕවර 4 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 18 කඩුලු 2 ක් දවාගත් අතර පැට් කමින්ස් ඕවර 4 ක් යවමින් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.


කාසියේ වාසිය ලැබූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ නායක සාහීර් ඛාන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 142
(ජොස් බට්ලර් 28, කරන් පොලාඞ් 26, හර්දීක් පාණ්ඩ්‍යා 24, අමිත් මිෂ්රා 18/2, පැට් කමින්ස් 20/2)


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 128
(ක්‍රිස් මොරිස් නොදැවී 52, කගිසෝ රබාඩා 44, මිචෙල් මැක්ලෙනගන් 24/3, ජස්ප්‍රීට් බුම්රා 21/2)

 

 

කාන්තා පිලට පුහුණු තරග දෙකක්

තවත් මාස දෙකකින් පමණ ආරම්භ විමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තය සහ ඉන්දියාව සමග පුහුණු තරග දෙකකට සහභාගිවීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජූනී 19 වැනිදා එංගලන්තය සමගින්ද ජූනී 21 වැනිදා ඉන්දියාව සමගින්ද චෙස්ටර්ෆීල්ඞ්හිදී ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

“ප්‍රධාන තරගාවලියට පෙර සුදානම්වීම සඳහා අපට තවත් අවස්ථාවක් ලැබී තිබෙනවා. අපට එය හොඳ අවස්ථාවක් බව මා හිතනවා” යයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර පැවසුවාය.

ඇය තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හොදින් සුදානම්වී ඇති බවත් කාන්තා ලෝක කුසලාන තරගාවලිය හොඳින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

පුහුණු තරග ජූනී 19 වැනිදා සිට ජූනී 22 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වෙන අතර සියලු කණ්ඩායම් වලට පරිසරයට හුරුවිම සදහා මෙමගින් අවස්ථාව හිමිවනු ඇත.

2014-16 තරග කාළ සීමාවේදී පැවැති අන්තර්ජාතික කාන්තා ශූරතා තරගාවලියේදී ඉහළම ප්‍රසාද ලකුණු ලබාගනිමින් ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් හතර කාන්තා ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබාගැනිමට සමත්වූහ. මෙම වසරේ පෙබරවාරී මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ජයගත් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය පසුපෙළ කණ්ඩායම් අතුරින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්හ.

ජූනී 24 වැනිදා ආරම්භවන කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී තරග 31 ක් පැවැත්වේ. අවසන් මහා තරගය ජූලී 23 වැනිදා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තරග කාල සටහන

ජූනි 24 – නවසීලන්තයට එරෙහිව බි්‍රස්ටල්හිදී
ජූනි 29 – ඕස්ට්‍රේලියාවට එරෙහිව බි්‍රස්ටල්හිදී
ජූලි 02 – එංගලන්තයට එරෙහිව ටෝන්ටන්හිදී
ජූලි 05 – ඉන්දියාවට එරෙහිව ඩර්බීහිදී
ජූලි 09 – බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඩර්බීහිදී
ජූලි 12 – දකුණු අප්‍රිකාවට එරෙහිව ටෝන්ටන්හිදී
ජූලි 15 – පාකිස්ථානයට එරෙහිව ලෙස්ටර්ෂර්හිදී

 

මහනුවර පිල පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලබන නගරාන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග හයක් අවසන් වන විට ප්‍රසාද ලකුණු 8 ක් හිමිකරගත් මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනිමට සමත්ව සිටී. මහනුවර කණ්ඩායම තරග තුනකට සහභාගීවෙමින් ඉන් තරග දෙකක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. ප්‍රසාද ලකුණු 7 ක් හිමිකරගත් කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවෙනි ස්ථානයේ පසුවෙයි.

ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගත් දඹුල්ල කණ්ඩායමේ හර්ෂ කුරේ තරග තුනකදී ලකුණු 249 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇති අතර දිනේෂ් චන්දිමාල් තරග තුනකදී ලකුණු 196 ක් ලබාගනිමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය. දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 196 ට ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වන්නේය.

ගාල්ල කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර තරග දෙකකදී කඩුලු හතක් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වූ අතර තරග තුනකදී කඩුලු හය බැගින් දවාගත් දඹුල්ල කණ්ඩායමේ ඩිල්රුවන් පෙරේරා සහ මහනුවර කණ්ඩායමේ ළහිරු ගමගේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙති.

දෙවැනි වටයේ තරග 22, 24 සහ 26 යන දිනයන් වලදී ආර්. ප්‍රේමදාස සහ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර සියලු තරග දිවා රාත්‍රි තරග ලෙස පැවැත්විමට කටයුතු යොදා ඇත.

 

කණ්ඩායම් තරග ජය පරාද ලකුණු සම ප්‍රසාද ලකුණු
මහනුවර 3 2 1 - 8
කොළඹ 3 1 1 1  7 
දඹුල්ල 3 1 1 1  6 
ගාල්ල 3 1 2 -   5 

දෝණි පිත්තෙන් පිළිතුරු දෙයි

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ පූනේහිදී පැවැති 24 වන තරගයේදි සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අද (22 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට හැකිවිය. අවසන් පන්දුවේදී ජයග්‍රහණය සදහා ලකුණු 2 ක් ලබාගැනීමට තිබූ අතර මහේන්ද්‍ර සිං දෝණි ගැසු හතරේ පහරත් සමගින් පූනේ පිලට ජය හිමිවිය.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ මහේන්ද්‍ර සිං දෝණි පන්දු 34 කදි හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 61 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු රාහුල් ත්‍රීපති පන්දු 41 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 59 ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු තුනක් දැවී ලකුණු 176 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකැරුවන්වූ ඬේවිඞ් වෝනර් (43) සහ ශීකර් ධාවන් (30) එතරම් වේගයකින් ලකුණු ලබාගැනීම සිදුනොකළ අතර පළමු කඩුල්ල සදහා ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගුයේ පන්දු 49 කිනි.

වේගවත් පිතිහරඹයක නිරතවූ මොයිසස් හෙන්රිකස් පන්දු 28 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත්වූ අතර තෙවැනි කඩුල්ල සදහා ඬේවිඞ් වෝනර් සමගින් එක්ව පන්දු 24 කදී ලකුණු 45 ක සම්බන්ධතාවයක්ද සිවුවැනි කඩුල්ල සදහා දීපක් හූඩා සමගින් එක්ව පන්දු 21 කදී ලකුණු 47 ක නොබිඳුණු සම්බන්දතාවයක්ද ගොඩනැගීමට ඔහු සමත්විය.

ශර්දුල් ඨාකූර් දැඩි පහරදීමකට ලක්වූ අතර ඔහුගේ ඕවර 4 තුළදී ලකුණු 50 ක් උදුරාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිතිකරුවෝ සමත්වුහ.

කාසියේ වාසිය ලැබූ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ නායක ස්ටීවන් ස්මිත් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 176
(ඬේවිඞ් වෝනර් 43, ශීකර් ධාවන් 30, කේන් විලියම්සන් 21, මොයිසස් හෙන්රිකස් නොදැවී 55)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179
(රාහුල් ත්‍රීපති 59, ස්ටීවන් ස්මිත් 27, මහේන්ද්‍ර සිං දෝණි නොදැවී 61)