බංගලාදේශ පිල 5-0 කින් ජයගනී

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (1 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කරගත් බංගලාදේශ පිල තරග 5 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ කී‍්‍රඩකයෝ  ඕවර 24.3 ක් අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

පන්දු 55 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කළ මහමදුල්ලා තම කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ටෙන්ඩායි චටාරා, ලකුණු 44 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට  ඕවර 30 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණි.  

එහිදී හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ හැමිල්ටන් මසකඞ්සා ලකුණු 52 ක් රැස්කළ අතර සිම්බාබ්වේ පිතිකරුවන් 8 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට බංගලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 11 කට කඩුලූ 4 ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීය. තුන් ඉරියව් කී‍්‍රඩක ශකීබ් අල් හසන්, ලකුණු 30 කට කඩුලූ 3 ක් දවාගනිමින් ඔහුට මනා සහයක් දුන්නේය.


සිම්බාබ්වේ පිල –  ඕවර 30 කදී සියලූ දෙනා දැවී 128
(හැමිල්ටන් මසකඞ්සා 52, වුසී සිබන්ඩා 37, තයිජුල් ඉස්ලාම් 11/4, ශකීබ් අල් හසන් 30/3, ජුබේර් හුසේන් 41/2)

බංගලාදේශ පිල –  ඕවර 24.3 කදී කඩුලූ 5 ක් දැවී 130
(සෞම්යා සරකාර් 20, මහමදුල්ලා නොදැවී 51, සබීර් රෙහෙමාන් නොදැවී 13, ටෙන්ඩායි චටාරා 44/3, ටිනාෂේ පන්යන්ගාරා 49/2)


- 036

නවසීලන්තය ඉනිමකින් පාකිස්තානය පරදවයි

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේදී අද (30) අවසන් වූ තෙවැනි සහ අවසන් තරගයෙන් ඉනිමක සහ ලකුණු 80 ක ජයක් ලැබූ නවසීලන්ත ක‍්‍රීඩකයෝ 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් තරගාවලිය අවසන් කිරීමට සමත් වූහ.

තරගයේ සිවුවැනි දිනය වූ අද පස්වරුවේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 339 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 259 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.  

අසාද් ශාෆික් පන්දු 148 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 137 ක් රැස්කරමින් පාකිස්තානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 690 ක් රැස් කරමින් තරගයේ පාලනය සියතට ගැනීමට අද පෙරවරුවේ සමත් විය.

පාකිස්තානු පිල පළමු ඉනිම  ඕවර 125.4 කදී සියලූ දෙනා දැවී 351 (මොහොමඞ් හෆීෂ් 197, අෂාර් අලී 39, මිස්බා උල් හක් 38, යසීෂා ෂා 25, මාක් ක්‍රෙයිග් 94/7)
සහ දෙවැනි ඉනිම  ඕවර 63.3 කදී සියලූ දෙනා දැවී 259 (මොහොමඞ් හෆීෂ් 24, මිස්බා උල් හක් 12, අසාද් ශාෆික් 137, සෆ්රාස් අහ්මඞ් 37, මොහොමඞ් තල්හා 19, ටෙ‍්‍රන්ට් බෝල්ට් 38/4, මාක් ක්‍රෙයිග් 109/3, ඉෂ් සෝදි 82/2)
 
නවසීලන්ත පිල පළමු ඉනිම  ඕවර 143.1 කදී සියලූ දෙනා දැවී 690 (බ්‍රෙන්ඩන් මැකලම් 202, කේන් විලියම්සන් 192, රෝස් ටේලර් 50, කොරි ඇන්ඩසන් 50, මාක් ක්‍රෙයිග් 65, ටිම් සවුති 50, යසීර් ෂා 193/4, රහට් අලී 99/4, මොහොමඞ් හෆීෂ් 110/2)

- 048

 

නවසීලන්තය කඩුලූ 8 ට 637 යි

 

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගයේ තෙවැනි දිනය වූ අද (29) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 637 ක් රැස්කර ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

තෙවැනි දිනය අවසන් වන විට නවසීලන්ත කඩුලූ 2 ක් අතැතිව ලකුණු 286 ක් ඉදිරියෙන් සිටියේය. කේන් විලියම්සන් පන්දු 244 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 192 ක් ලබා දැවී ගියේය. මෙය 24 හැවිරිදි විලියම්සන්ගේ 8 වැනි ටෙස්ට් ශතකයයි.

නායක බ්‍රෙන්ඩන් මැකලම් (202) සහ කේන් විලියම්සන් දෙවැනි කඩුල්ලට ලකුණු 297 ක සම්බන්ධතාවක් පවත්වමින් විශිෂ්ට තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

බ්‍රෙන්ඩන් මැකලම් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 188 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහර 11 ක් සමගින් ලකුණු 202 ක් රැස් කිරීමට සමත් විය. මෙය මැකලම්ගේ සිවුවැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ ක‍්‍රීඩාව අවසන් වන විට නවසීලන්තය එක කඩුල්ලක් දැවී ලකුණු 249 ක් රැස්කර සිටියේය. ඒ වන විට බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී ලකුණු 153  සහ කේන් විලියම්සන් නොදැවී ලකුණු 76 ක් ලබා සිටියහ.


පාකිස්තානු පිල පළමු ඉනිම  ඕවර 125.4 කදී සියලූ දෙනා දැවී 351 (මොහොමඞ් හෆීෂ් 197, අෂාර් අලී 39, මිස්බා උල් හක් 38, යසීෂා ෂා 25, මාක් ක්‍රෙයිග් 94/7)

නවසීලන්ත පිල පළමු ඉනිම  ඕවර 130 කදී කඩුලූ 8 ට 637 (බ්‍රෙන්ඩන් මැකලම් 202, කේන් විලියම්සන් 192, රෝස් ටේලර් 50, කොරි ඇන්ඩසන් 50, මාක් ක්‍රෙයිග් නොදැවී 34, ටිම් සවුති 50, යසීර් ෂා 169/3, රහට් අලී 89/4)
 

 
- 048

ශ‍්‍රී ලංකාව කඩුලූ 8 කින් ජය ලබයි

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (29) පැවැති දෙවැනි තරගයෙන් (දිවා) කඩුලූ 8 ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා පිල ලකුණු 186 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 34.2 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

මහේල ජයවර්ධන (නොදැවී 77) කුමාර් සංගක්කාර (නොදැවී 67) තෙවැනි කඩුල්ලට ලකුණු 149 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.

මහේල ජයවර්ධන පන්දු 80 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් සිය එක්දින ක‍්‍රිකට් දිවියේ 76 වැනි අර්ධ ශතක වාර්තා කළේය.

කුමාර් සංගක්කාර රැස්කළ මෙම ලකුණු 67 ත් සමගින් එක්දින තරග 385 කදී ලකුණු 12,987 ක් රැස්කර කරමින් ලකුණු 13,000 ට ලකුණු 13 ක් පසු පසින් සිටියේය.

සංගක්කාර ලකුණු 13,000 සම්පූර්ණ කළ හොත් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 13,000 ක් සම්පූර්ණ කළ සිවුවැනි ක‍්‍රීඩකයා මෙන්ම ශ‍්‍රී ලංකාවේ දෙවැනි ක‍්‍රීඩකයා බවට පත්වේ.

ශ‍්‍රී ලංකා වැඩිම එක්දින ලකුණු ලාභියා වන හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය තරගය 445 කදී ලකුණු 13,430 ක් රැස්කර තිබේ.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 23 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 26 ක් ලබා සිටියදී අනවශ්‍ය පහරකට යමින් කඩුල්ල පූජා කළේය.

ශ‍්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 9 ක් ලබා දැවී ගියේය.
අජන්ත මෙන්ඩිස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 33 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය. අජන්ත 42 වැනි ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දුවලදී රවී බොපරා සහ ස්ටීව් ෆින් දවා ගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 185 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය.  

රවී බොපරා වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 69 කදී ලකුණු 51 ක් රැස් කළේය.

එංගලන්ත පිල 36 වැනි  ඕවරයේ සිට පිතිකරු අධිවේගී  ඕවර පහ ලබාගත් අතර එහිදී එක කඩුල්ලක් ලබා දෙමින් ලකුණු 31 ක් රැස් කළේය.

නිත්‍ය වේග පන්දු යවන්නකු ලෙස මෙම තරගයට ක‍්‍රීඩා කළ ද 32 වැනි ඕවරයේදී කැදවීමක් ලැබූ ධම්මික ප‍්‍රසාද් සිවුවැනි පන්දුවේදී ප‍්‍රතිඵල ගෙන එමින් දෝලනය වූ පන්දුව ජෝස් බට්ලර්ගේ (07) කඩුල්ල සොයා යෑමත් සමග එංගලන්තය ලකුණු 132 ට කඩුලූ හයක් බවට පත්විය.

ජෝ රූට් පන්දු 57 කදී හතරේ පහරක් සමගින් ලකුණු 42 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ජෝ රූට් සහ රවී බොපරා පස්වැනි කඩුල්ලට පන්දු 47 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.  

තිසර පෙරේරා යැවූ ඉනිමේ 20 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ෂෝට් එක්ස්ට‍්‍රා කවර් ස්ථානයේ පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න රැකගත් අනගි උඩපන්දුවත් සමගින් ප‍්‍රවේගකාරී පිතිකරු එඔයින් මෝගන්ගේ ඉනිම ලකුණු 17 කට සීමා විය.
 
තිලකරත්න ඩිල්ෂාන් නැවතත් ක‍්‍රියාත්මක වෙමින් නායක ඇලෙස්ටියාර් කුක් (22) තෙවැනි කඩුල්ල ලෙස දවා ගනිමින් ශ‍්‍රී ලංකාව ඔසවා තැබීමට සමත් විය.
එංගලන්ත පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඉයන් බෙල් (11) රංගන හේරත්ගේ පන්දුවකට ඉහළින් ලකුණු රැස්කිරීමට යෑමෙන් තිසර පෙරේරා උඩ පන්දුව රැක ගැනීමෙන් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.  

ඇන්ජලෝ මැතිව්ස් 7 වැනි  ඕවර යැවීමට සිය ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන හේරත් කැදවීය.   

දෙවැනි  ඕවරය යැවූ තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගයේදී ශතකයක් රැස්කරමින් හිසරදයක් බවට පත්වූ මුයින් අලී ලකුණු 2 කට දවා ගැනීමට සමත් විය. එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

වර්ෂාව හේතුවෙන් ප‍්‍රමාද වීම නිසා ඉනිමක්  ඕවර 45 ක තරගයක් ලෙස පෙරවරු 11.15 ට තරගය ආරම්භ විය. පළමු තරගයට ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව මෙම තරගයට ද ක‍්‍රීඩා කරයි. එංගලන්ත පිලට වේග පන්දු යවන බෙන් ස්ටෙකිස්ගේ ස්ථානයට උසින් වැඩි වේග පන්දු යවන්නකු වන ස්ටීව් ෆින් කැදවා තිබේ.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා…

ඡායාරූප – ශාන්ත රත්නායක

 

හියුස් වෙනුවෙන් නායකයා හඬා වැටෙයි

 

පිලිප් හියුස්ගේ වියෝව පිළිබඳ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ නිල ප‍්‍රකාශය කිරීමට ඉදිරිපත් වූ  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් අද (29 වැනිදා) එම ප‍්‍රකාශය කියවාගන යාමේදී හඬා වැටුණේය. මයිකල් ක්ලාක් හඬා වැටෙන ආකාරය දුටු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද කඳුළු සගවා ගත නොහැකි විය.

කී‍්‍රඩා පිටියේදී අනුකම්පා විරහිත කණ්ඩායමක් ලෙසින් සැලකෙන  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයාට ප‍්‍රකාශයේ සෑම වගන්තියක් වගන්තියක් පාසා සිය කඳුළු නතර කරගැනීමේ වෑයමක යෙදෙන්නට සිදුවිය.

”කණ්ඩායමක් වශයෙන් මේ වෙලාවේදී අප මුහුණ දී සිටින තත්ත්වය වචන වලින් විස්තර කරන්න බෑ. මේ කියන්නේ ග්‍රෙග්ට, ජේසන්ට සහ මීගන්ටයි. (හියුස්ගේ පවුලේ සාමාජිකයෝ) මේ වෙලාවේ ඔබ සියලූ දෙනාම විඳින වේදනාව බෙදාහදා ගැනීමට අපත් සිටිනවා”

”ඔහුගේ සතුට රැඳුනු කැදැල්ලෙන් ඈත්ව සිටින සෑම අවස්ථාවකදීම, ඔහු ඉතාමත් සතුටින් හිටියේ ඔහුගේ මිතුරන් සමග කි‍්‍රකට් කී‍්‍රඩා කරමින්”

”ඔබේ රට වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන අවස්ථාවකදී හැර ඔබ නිතරම කොල්ලෙක් වශයෙන් ඉන්නේ වෙන කොයි වෙලාවෙද, කියලා ඔහු නිතරම කී කතාව දෙස විවිධ දෘෂ්ටිකෝණ වලින් බලන්නට පුළුවන්…ඒ දගකාර හිනාවවත්, ඔහුගේ ඇසේ දීප්තියවත් අපට නැවත දකින්න ලැබෙන්නේ නෑ”

”මේ බැගී ගී‍්‍රන් තොප්පිය (ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් නිල හිස්වැස්ම) පිළිබඳව ඔහු හැම දෙයක්ම කෙටියෙන් කිව්වා. එය අපට කොයිතරම් වටිනා දෙයක්ද කියා පහදා දුන්නා. ඉතාමත් විශිෂ්ට හාදයෙක් ලෝකයට නැතිවුණා. අපට ඒ අහිමිවීම දරාගෙන ඉන්න සිදුවෙනවා” යයි මයිකල් ක්ලාක් පැවසීය.

මෙම ප‍්‍රකාශය කියවීමේදී  ඕස්ටේ‍්‍රලියානු නායකයා දැඩි අපහසුතාවට පත්වූ අතර ඔහුට සිය කඳුළු නවතා ගැනීම සඳහා විශේෂ පරිශ‍්‍රමයක් දරන්නට සිදුවිය. හියුස් වෙනුවෙන් තම කණ්ඩායමේ උපරිම ගෞරවය දැක්වීමටත් එක්දින අන්තර්ජාතික තරග සඳහා පිලිප් හියුස් භාවිතා කළ කමිසයේ අංකය වූ  64 නැවත භාවිතා නොකිරීමටත් ඔහු හියුස්ගේ පවුලේ අයට ප‍්‍රතිඥාවක් දුන්නේය.

”ඊයේ රාති‍්‍රයේ මා  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් නිලධාරීන්ට කතා කරලා ඇහැව්වා හියුසිගේ කමිසයේ අංකය වන 64 මෙතැන් සිට භාවිතයෙන් අයින් කරන්න පුළුවන්ද කියා. ඔවුන් කිසිම පැකිළීමක් නැතිව ඒකට එකග වුණා. ඒක විශාල දෙයක්. ඔහුගේ මතකය අපට හැමදාම ඉතිරි වේවි. ඒ විතරක් නොවේ, අපේ ජීවිතයේ ඉදිරි කාලය පුරාම ඔහුගේ මතකය විසින් අපව ඉදරියට තල්ලූකරගෙන යාවි” යයිද මයිකල් ක්ලාක් පැවසීය.

මේ වන විට ලෝකයේ විවිධ ස්ථාන වල තරග වැදී සිටින කි‍්‍රකට් කී‍්‍රඩකයෝ ‘ඔබේපිත්තපැත්තකින්තබන්න’ යනුවෙන් හැඳින්වෙන එකගතාවකට පිවිසෙමින් තමන්ගෙන් සමුගත් කි‍්‍රකට් සගයා වූ පිලිප් හියුස් වෙනුවෙන් සිය ගෞරවය සහ ප‍්‍රණාමය පුද කරති.

පාකිස්තානය සහ නවසීලන්තය අතර මේ දිනවල සාජාහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (සිකුරාදා) දිනය පුරාම එකම බවුන්සර් පන්දුවක් හෝ නොයැවීමට දෙපිලේම වේග පන්දු යවන්නෝ වගබලාගත්හ. එලෙසින්ම කඩුල්ලක් දැවී ගිය අවස්ථාවලදී ඒ වෙනුවෙන් තම සතුට මුදා නොහැරීමටද පන්දු යවන්නෝ පරෙස්සම් වූහ.

පිලිප් හියුස්ගේ අනපේක්‍ෂිත අභාවය නිසා මෙම තරගයේ දෙවැනි දිනය වූ බ‍්‍රහස්පතින්දා එකම පන්දුවක් හෝ නොයවා තරගය දිනයකින් කල් දමන ලදි.
”මේ ශෝක ජනක අවස්ථාවේදී හියුසි වෙනුවෙන් හැගීම් බර වදනක් දෙකක් කියන්නට ඉදිරිපත් වූ සෑම දෙනාටම බොහෝමත් ස්තුතියි”

”අපේ කී‍්‍රඩකයන්ගේ කාමරය ආයෙ කවදාවත් පෙර තිබුණ වගේ එකක් වෙන්නේ නෑ. හියුසි, ඔබ සමාදානයේ සැතපේවා” .. යයි කියමින්  ඕස්ටේ‍්‍රලියානු නායකයා කණ්ඩායම වෙනුවෙන් කළ ප‍්‍රකාශය අවසන් කළේය.

 

පිලිප් හියුස් වෙනුවෙන් සිය ගෞරවය සහ ප‍්‍රණාමය පුද කළ අයුරු


විස්ඩන් ඒෂියා ඇසුරිනි

 

සමුගන්න මම සූදානම්

ලොව ප‍්‍රමුඛතම රූපවාහිනී සේවාවක් වන සී. එන්. එන්. රූපවාහිනී සේවය මාසයකට වරක් පවත්වන ‘ආසියානු කතිකාව’ වැඩසටහන වෙනුවෙන් නොවැම්බර් මාසයේදී තෝරාගන්නා ලද්දේ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාරයි. සී. එන්. එන්. රූපවාහිනී සේවයේ ඇනා කොරෙන් සමග සම්මුඛ සාකච්ඡවකට සහභාගි වූ සංගක්කාර එහිදී සිය පෞද්ගලික ජීවිතය ගැන මෙන්ම ක‍්‍රිකට් දිවිය, ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු සහ ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමේ සැලසුම් ආදිය පිළිබඳව හෙළිදරව් කළේය.

සංගක්කාර සහ ඇනා කොරෙන් අතර ඇතිවූ සංවාදය මෙසේ සටහන් වේ.

ප‍්‍රශ්නය :
ඔබව සැලකෙන්නේ ශ‍්‍රී ලංකාවේ හොඳම පිතිකරුවෙක් විදිහටයි. ඔබ ජාතික මට්ටමේ තරුවක්. ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වගේම ඔබේ රට නියෝජනය කරන කෙනෙක්. මේ විදිහට බොහෝ දෙනෙකුට ආදර්ශවත් චරිතයක් බවට පත්වීම ඔබට පීඩනයක්ද?

පිළිතුර :
ක‍්‍රිකට් ක‍්‍රීඩාව බොහොම උද්වේගකර ක‍්‍රීඩාවක්. නමුත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුදෙක් ක‍්‍රීඩාවක් විතරක් නෙමෙයි. ඒක උන්මාදයක්. ඒ වගේම රටේ සමහර ගැටළුකාරී දේවල් සමනය කරන්නටත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව විශාල මෙහෙවරක් ඉටුකරලා තිබෙනවා. ඒ නිසා මේ විදිහට රට වෙනුවෙන් ක‍්‍රීඩාවේ යෙදෙන්න ලැබීම මට විතරක් නෙමෙයි, මුළු කණ්ඩායමටම විශාල ගෞරවයක්.

ප‍්‍රශ්නය :
ඔබේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුදෙක් ක‍්‍රීඩාවක් විතරක් නෙමෙයි කියලා ඔබ කිව්වා. ඔබේ රට අවුරුදු තිස් ගණනක සිවිල් යුද්ධයක් තිබුණු රටක්. ඒ රට එකමුතු කරන්නට ක‍්‍රිකට් ක‍්‍රීඩාව විශාල දායකත්වයක් ලබා දුන්නා කිව්වොත් ඒක නිවැරදිද?

පිළිතුර :
ඇත්තටම ඔව්. සමාජය තුළ එකමුතුකම සහ සමගිය ඇතිකරන්නට ක‍්‍රිකට් ක‍්‍රීඩාව වැදගත් කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. අපේ කණ්ඩායමත් විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් ක‍්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඒ නිසා අපේ කණ්ඩායම අපි ප‍්‍රාර්ථනා කරන ශ‍්‍රී ලංකාව නියෝජනය කරන තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්.

මේ විදිහට අපි එකට තරග කරමින් ජය පරාජය බෙදාහදා ගැනීම මම හිතන්නේ මුළු රටටම එකමුතුව ගැන පණිවිඩයක් ලබාදෙනවා. මේ පණිවිඩය සමාජයට බොහොම ආදර්ශවත් එකක් වෙලා තිබෙන බවයි මම හිතන්නේ. ක‍්‍රිකට් පිටියේදී ඔවුන්ගේ බලාපොරොත්තු තමන්ගේ උර මත රඳවාගෙන ක‍්‍රියා කරන කණ්ඩායම දැකීම අපව ආදරයෙන් වැළඳගැනීමට සමාජය පොළඹවන ලද බවත්, වඩා යහපත් සමාජයක් පිළිබඳ හැඟීමක් ඇතිකරන්නට හේතු වූ බවත් මා සිතනවා.

ප‍්‍රශ්නය :
අපි ඔබේ ක‍්‍රිකට් ජීවිතයේ විස්තර කතාකරමු. ඒවා අති විශිෂ්ටයි. 2005 සිට මේ දක්වාම ඔබ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මගින් ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා ලෙසට නම්කර තිබෙනවා. ටෙස්ට් තරග 128 කදී ඔබේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 58.76. මේවා විශිෂ්ට දත්ත. ද්විත්ව ශතක 10 ක් ලබාගෙන තිබෙන ඔබ ඒ අතින් දෙවැනි වන්නේ ඩොන් බ‍්‍රැඞ්මන්ට පමණයි. ඒ වගේම ඔබ විශිෂ්ට කඩුලූ රකින්නෙක්. එක්දින තරගයක වැඩිම දවාගැනීම් ගණනකට දායක වීම අතින් තුන්වැනි තැන ඉන්නේ ඔබයි. මේ අතින් ඔබට තව ළඟාකරගන්න ඉලක්ක තියනවද?

පිළිතුර:
(සිනාසෙමින්) හඹා යන්න තියන ඉලක්ක නම් අවසන් වෙන්නේ නැහැ. මම හිතන්නේ ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යනතුරුම ඒ දේ එහෙමයි. මට ලෝක කුසලානයක් දිනාගන්න අවශ්‍යයි. ඒ සඳහා සූදානම් වෙන්නත්, කි‍්‍රකට්වලින් සමුගන්න කලින් එ් ඉලක්කය ළඟාකරගන්නත් මට තව මාස 6 ක කාලයක් තියෙනවා. මේ විදිහට ලෝක මට්ටමේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කෙනෙක් හැටියට කාගේත් ආදරයට පාත‍්‍ර වෙන්න ලැබීම මම ලබපු ලොකුම භාග්‍යයක්.

ප‍්‍රශ්නය :
ඔබ පැහැදිලිවම ලෝකයේ ඉහළම තලයේ ක‍්‍රීඩකයෙක්. මේ තරම් දක්ෂතාවයක් ඔබ ඇතිකරගත්තේ කොහොමද?

පිළිතුර :
මම හිතන්නේ ඒක දැඩි වෙහෙස මහන්සියක ප‍්‍රතිඵලයක්. ඒ වගේම සහජ හැකියාවන්, දක්ෂතාවන් වගේ දේවල් මේකට බලපානවා. හැමෝටම කුසලතාවන් සහ හැකියාවන් තියනවා. ඒ හැකියාවන් මොනවාද කියන එක හරියටම වටහාගැනීමයි වැදගත්ම දේ. සම්පූර්ණයෙන්ම නොවුණත් අඩුතරමේ කිසියම් දුරකට වත් එහෙම වටහාගැනීම වැදගත්.

ප‍්‍රශ්නය :
මම අහලා තියනවා ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වුණේ අහම්බෙන් කියලා. ඒක ඇත්තද?

පිළිතුර :
(නැවතත් සිනාසෙමින්)… මම ක‍්‍රිකට් ක‍්‍රීඩාව පටන්ගත්තේ ටිකක් ප‍්‍රමාද වෙලා. අද කාලයේ ළමයි අවුරුදු 7 න් 8 න් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න පටන්ගන්නවා. මම ක‍්‍රිකට් පටන්ගන්නකොට අවුරුදු 12 ක් 13 ක් විතර ඇති. නමුත් ලොකු අවධානයකින් යුතුව ක‍්‍රිකට්වලට යොමුවුණේ අවුරුදු 16-17 කාලයේ.

මම කිව්වා වගේම මම වාසනාවන්ත වුණා. ශ‍්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගත්තේ 1996 වසරේදී. ඒ කණ්ඩායමටම 1999 වසරේ එංගලන්තයේදී පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වෙන්න සිදුවුණා. මේක මුළු රටේම කලකිරීමට හේතුවක් වුණා. මෙහෙම කියන එක එ් තරම්ම හොඳ නැහැ, නමුත් මගේ වාසනාව පෑදුණේ ඒ වෙලාවේදී යි. ඒ කාලයේ පැරණි ක‍්‍රීඩකයන් වෙනුවට තරුණ ක‍්‍රීඩකයන්ට ලොකු ඉල්ලූමක් ඇතිවුණා. ඒ වෙලාවේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තවත් විශිෂ්ට ක‍්‍රීඩකයෙක් වෙලා හිටපු රොමේෂ් කලූවිතාරණගේ තැන ගන්නට මට හැකියාව ලැබුණා. මේ විදිහට බැලූවාම ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවී යාමේ අවාසනාවන්ත සිදුවීම මගේ කි‍්‍රකට් ජීවිතයේ වාසනාවන්තම සිදුවීම කියලා හඳුන්වන්නත් පුළුවන්.

ප‍්‍රශ්නය :
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදුණාට අමතරව ඔබ ඔබේ පියාගේ අඩිපාරේ යමින් විශ්ව විද්‍යාලයේ  නීතිය හදාරමින් සිටියා. නමුත් රට වෙනුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්නට ඔබ යොමුවුණේ 1996 ලෝක කුසලාන ජයග‍්‍රහණය නිසාද?

පිළිතුර :
ඔව්. ඒක මට ලොකු පෙළඹවීමක් වුණු බව කියන්න පුළුවන්. මට ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමේ හැකියාව තිබුණා, ඉතින් මට ක‍්‍රීඩා කරන්න අවශ්‍ය වුණා. ඒත් මට හිතුණේ තවමත් මම අවශ්‍ය කරන මට්ටම ළඟා කරගෙන නැහැ කියලයි.

අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන්නට අවශ්‍ය සුදුසුකම් මට තිබෙන බවට ආත්ම විශ්වාසය ඇතිකරගන්න මට ලොකු කාලයක් ගතවුණා. මම හිතන්නේ මට ඒ ආත්ම විශ්වාසය ඇතිවුණේ අවුරුදු 21 දී ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්නට ආසන්න කාලයේදී. ජාත්‍යන්තර ක‍්‍රීඩකයෙකු ලෙස කළ යුතු කාර්යභාරය ඉටුකිරීමට හෝ මා කෙරෙන් අපේක්ෂිත තත්ත්වය සපුරාලීමට හැකි වේ කියා විශ්වාස කිරීම මට මුලින් අපහසු වුණා.

ප‍්‍රශ්නය :
ඔබ හැදී වැඩුණේ මහනුවර ප‍්‍රදේශයේ ඉහළ පවුලක. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ඔබයි. ඔබේ පියා නීතීඥයෙක්. ඒ වගේම දැඩි විවේචකයෙක්. ඔබට මීට වඩා හොඳට දක්ෂකම් පාන්න පුළුවන් කියලා ඔහු පුවත්පතකට කියා තියෙනවා මම දැක්කා. ඔබේ ගමනට ශක්තියක් වෙන්නෙත් මේ මානසිකත්වයද?

පිළිතුර :
නැහැ. එහෙමම නෙවෙයි. ඒ අතින් මම හිතන විදිහ වෙනස්. ඔහු බොහොම දැඩි විවේචකයෙක් බව නම් ඇත්ත. නමුත් මම හිතන්නේ ඔහු කියන්නේ දක්ෂතා පැත්ත ගැනම නෙවෙයි. ඒක මම ක‍්‍රීඩාවේදී යොදාගන්නා තාක්ෂණයට අදාළ දෙයක්. ඔහු පරිපූර්ණත්වය කියන දේ දැඩිව විශ්වාස  කරනවා. මම විශ්වාස කරන්නේ විශිෂ්ටත්වය කියන දේ. ඉතින් අපි හැමදාම මේ ගැන වාද කරනවා. නමුත් මම හිතන්නේ ඔහු මේක දකින ආකාරය බොහොම සරලයි. ඔබ කරන දේ ගැන සම්පූර්ණ පාලනයක් ඔබට තියනවා නම්, ඒ දේ ඔස්සේ පරිපූර්ණත්වයට ළඟාවෙන්නේ කොහොමද කියන එක සෙවීම වැදගත් කියලයි ඔහු කියන්නේ.  

ප‍්‍රශ්නය :
ඔබේ පියා ගැන තවදුරටත් කතාකරනවා නම්, 1983 සිවිල් යුද්ධය ආරම්භ වුණු කාලයේ ඔබේ මවත් පියාත් බොහොම නිර්භීත පියවරක් ගත්තා. මේ පියවර නොවන්නට ඔවුන්ගේ දෙමළ ජාතික මිතුරන් 35 දෙනෙකු මරාදමනු ලබන්නට පවා ඉඩතිබුණා. ඔබ ඒ කාලයේ කුඩා දරුවෙකු බව ඇත්ත. නමුත් මේ ක‍්‍රියාව ඔබට ආදර්ශයක් වුණාද?

පිළිතුර :
ඔවුන් එහෙම නොකළා නම් අර දෙමළ මිතුරන් මරාදමන්නට ඉඩ තිබුණාද නැද්ද කියනා එක නම් මම හරියටම දන්නේ නැහැ. ඔවුන් අහවල් අය කියලා හංවඩු ගැහිලා හිටි අය නෙවෙයි. ඔවුන් ළඟම මිතුරන් පමණයි.

මම හිතන්නේ මගේ දෙමව්පියන් කළ දේ පුදුමාකාර දෙයක්. අද ඒ සිද්ධිය ගැන කල්පනා කරනකොට මට හිතෙන්නේ ඒ ඔවුන් අප තුළ ඇතිකරන්නට උත්සාහ කළ චරිත ලක්ෂණවලම පිළිබිඹුවක් කියලයි. මම කියන්නේ පොදුවේ සදාචාරය, සහයෝගය, ගෞරව හා ආදරය වගේ දේවල්.

ප‍්‍රශ්නය :
ඔබේ රටට බොහොම කාලයක් තිස්සේ දරාගන්නට සිදුවුණු සිවිල් යුද්ධය, ප‍්‍රචණ්ඩත්වය, මරාගෙන මැරෙන බෝම්බකරුවන් වගේ දේවල් ගැන අද ඔබට හිතෙන්නේ කොහොමද?

පිළිතුර :
ඒක ඇත්තටම හැඟීම් ගොඩක එකතුවක්. දුක, තරහව, පීඩනය, අවිනිශ්චිත බව වගේ දේවල්… ඒ වුණත් අපි යථාර්ථවාදීව සිතන්නට  ඕනේ. ඒක අපේ රටේ අඳුරු යුගයක්. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතවලින් ඒකට වන්දි ගෙව්වා.

උතුරේ, දකුණේ, නැගෙනහිර ඇතුළු සෑම තැනකම දරුවන් මේ යුද්ධය නිසා කාලය ගෙව්වේ බයෙන්. මුළු පරම්පරාවක් ඒ දුක වින්දා. ඒ වගේම අනතුර සහ බිය ගැන හැඟීමක් මුළු රටේම පැතිරිලා තිබුණා. මට මතකයි සමහර වෙලාවට කොළඹ වාහනය පදවාගෙන යන වෙලාවක රථවාහන සංඥාවල නතර කළ වෙලාවට හිතෙනවා, දැන් බෝම්බයක් එහෙම පිපිරුණොත් මොනවා වෙයිද කියලා. ඒක හරි අමුතු හැඟීමක්. ඒත් දැන් මගේ දරුවන්ටත්, රටේ දරුවන්ටත්, කොයි කාටත් ඒ බිය නැහැ. දැන් බය නැතුව දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ව පාසල් යවන්න පුළුවන්. ඒ ගැන මම බොහොම කෘතඥ වෙනවා. අපට අවශ්‍ය තැනට ශ‍්‍රී ලංකාව ඔසවා තියන්නට තව බොහෝ දේවල් කරන්න  ඕනේ. නමුත් මම හිතන්නේ ඒකට අවශ්‍ය ශක්තිමත් පදනමක් අපට තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ පාඩම් අපි ඉගෙනගෙන ඇතැයි කියා මම හිතනවා.

ප‍්‍රශ්නය :
2009 මාර්තු මාසයේ 3 වැනිදාල ආරක්ෂක ගැටලූ නිසා ඉන්දියාව හා ඔස්ටේ‍්‍රලියාව පාකිස්ථානයේ සංචාරය කිරීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවක ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි සංචාරය කළා. කණ්ඩායම ලාහෝර් නුවර ක‍්‍රීඩාංගණය වෙත යමින් සිටියදී ඔබ ගමන්ගත් බස් රථයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ භයානක අත්දැකීම අපට විස්තර කරන්න පුලූවන්ද?

පිළිතුර :
ඇත්තටම මම හිතන්නේ ඒ වෙලාවේ හැටියට අපට බයවෙන්න කාලයක් තිබුණෙත් නැහැ. මට මතක හැටියට අපි යමින් හිටියේ ටෙස්ට් තරගයක තුන්වැනි දවසට. ‘මොකක් හරි වෙලා අපට ගෙදර යන්න ලැබෙනවා නම් හොඳයි’ කියලා අපේ වේගපන්දු යවන්නෙක් කිව්වා. ඒ කියලා තප්පර 20 ක් වත් යන්න කලිනුයි වෙඩි හඬ ඇහුණේ.

අපට පහත් වෙන්න කිව්වා. ඒ විදිහට කරනවා ඇරෙන්න අපටත් වෙන විකල්පයක් තිබුණේ නැහැ. අපි බස් එක එලවනවා වත් ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් වත් නෙවෙයි. අවාසනාවකට අපට ඉදිරියෙන් ගිය ජීප් රථයේ හිටි ආරක්ෂක අංශ සාමාජිකයන් 6 දෙනෙක් සහ එළියේ බයිස්කල්වල ගමන් කළ දෙදෙනෙක් තප්පර 10 ක් පමණ ඇතුළත ප‍්‍රහාරයට ගොදුරු වුණා. ඉන්පසුව බස් රථය නැවතිලා තිබෙද්දී දිගටම වෙඩි ප‍්‍රහාර එල්ල වුණා.

ප‍්‍රශ්නය :
වෙඩි වැදුණු ක‍්‍රීඩකයන් 6 දෙනාගෙන් ඔබත් එක්කෙනක්. ඒ වෙලාවේ දැනුණේ මොනවගේ හැඟීමක්ද?

පිළිතුර :
මගේ උරහිසට වෙඩි වැදුණා. මා ළඟ හිටපු තිලාන් සමරවීරගේ කලවයට වැදුණු වෙඩි උණ්ඩයක් දණහිසට එනකන් කිඳා බැහැලා තිබුණා. ඒ වුණත් ඒ වෙලාවේ…. මම හිතන්නේ මට මොකුත් හිතුණේ නැහැ. කරන්න තිබුණේ ඔලූව පහත් කරගෙන ඔළුවට වෙඩි නොවදින්න කියලා ප‍්‍රාර්ථනා කරන එක විතරයි.

කොහොම වුණත් මිනිස්සු ඒ වෙලාවේ අපි ගැන හොයා  බලපු විදිහ හරිම වටිනවා. අපි ලංකාවට ආවට පස්සේ මගේ වාහනය මාර්ග බාධකයකදී නතර කෙරුණා. ඒ හමුදා නිලධාරීන් කරන්නේ බොහොම භයානක රැුකියාවක්. පුපුරන ද්‍රව්‍ය තියන වාහනයක් නතර කළොත් ඔවුන්ගේ ජීවිත එතැනින්ම ඉවරයි. එතන හිටපු එක හමුදා නිලධාරියෙක් මාව අඳුනගෙන මගෙන් පාකිස්ථානයේ සිද්ධිය ගැන අහලා මම හොඳින්ද කියලා ඇහුවා. ඔහු කිව්වා ඒ සිද්ධිය ආරංචි වුණාම ඔවුන් බොහොම කම්පනයට පත්වුණා කියලා. මම ඇහුවා ඉතින් ඔයගොල්ලෝ හැමදාමත් ඔය දේට මූණදෙනවා නේද කියලා. ‘ඒත් ඔයගොල්ලෝ අපේ වීරයෝනේ’ කියලා එයා උත්තර දුන්නා. ඒක මට හරිම සංවේදී මොහොතක්. ඒ අය තමයි සැබෑ වීරයෝ. රට බේරගන්න හැමදාමත් වෙඩි උණ්ඩවලට මූණදෙන්නේ ඒ අයයි. එහෙම කරද්දීත් ඒ අය අපි ගැන මෙහෙම හිතනවා. එදා මට ශ‍්‍රී ලාංකිකයෙක් වීම ගැනත්, මේ රටේ ජීවත් වීම ගැනත් ලොකු ආඩම්බරයක් දැනුණා.

ප‍්‍රශ්නය :
සුප‍්‍රසිද්ධ කොලින් කවුඞ්රි දේශනය පවත්වන්න ඔබට ආරාධනා ලැබුණා. එදා ඔබ බොහොම චතුරව, හැඟීම්බරව, ගෞරවයෙන් සහ සාඩම්බරයෙන් කතාකළා. කොහොම වෙතත් ඒ කථාව තරමක් විවාදාත්මක එකක් වුණා. ඇත්තටම එදා ඔබේ අරමුණ වුණේ මොකක්ද?

පිළිතුර
මට විවාදාත්මක තත්ත්වයක් ඇතිකරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක ඇත්තටම මගේ කතාවේ කොටසක් විතරයි. ඒක ලොකු රහසකුත් නෙමෙයි. ඒක මගේ විනාඩි 57 ක කතාවේ පේළි 4 ක් ගැන ඇතිවුණු තත්ත්වයක්.

ඒකෙන් කාටවත් හිත් රිදීමක් ඇතිවුණාද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඇත්තටම එකෙන් බහුතරයකට හිත් රිදීමක් ඇතිවුණේ හෝ මගේ කතාව වැරදි සහගත ලෙස අර්ථකථනය වීමක් සිදුවුණේ නැහැ. මම කතාකළේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන එක ගැන විතරක් නෙමෙයි. සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව, අපි එහි නිරතවෙන හැටි, ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස මම ඒ ගැන ආඩම්බර වෙන හැටි වගේම මේ වගේ අපූරු රටක මේ වගේ අපූරු ක‍්‍රීඩාවක යෙදෙන්නට හැකිවීම, මම ආදරය කරන දේ දිනපතාම කරමින් මේ තරම් පිරිසකට සතුට ගෙනදෙන්නට හැකිවීම වගේ දේවල් ගැනයි මම කතා කළේ.

ප‍්‍රශ්නය :
මමත් දකින්නේ ඒක හරිම විශිෂ්ට කතාවක් විදිහටයි. (සංගක්කාරගෙන් ස්තුති කිරීමක්). ඒත් ඔබ කියපු පේළි හතරේදී ඔබ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ ගැන කතාකළා. ඔබට ඒකෙන් ප‍්‍රතිවිපාකවලට මුහුණදෙන්න සිදුවුණාද?

පිළිතුර :
නැහැ, පුද්ගලිකව මට කිසිම ප‍්‍රතිවිපාකයකට මුහුණදෙන්න සිදුවුණේ නැහැ. මාත් සමග සංවාද ඇතිවුණා. මම ඒවාට බොහොම විවෘතව, සෘජුව උත්තර දුන්නා. මම හිතන්නේ මගේ කතාව පොදු සන්දර්භය ඇතුළේ තබා බැලූවාම ඒ පේළි හතර බොහොම සාධනීය බව ඔවුන්ටත් සිතෙන්න ඇති. ඒ නිසා වදවෙන්නට දෙයක් නැති බව ඔවුන් වටහාගත් බවයි මම හිතන්නේ.

ප‍්‍රශ්නය :
2007 දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ටේ‍්‍රලියාවට පරාජය වුණා. 2009 දී ඔබ කණ්ඩායමේ නායකත්වයට පත්වී ඊළඟ ලෝක කුසලානයේ අවසාන තරග දක්වා කණ්ඩායම මෙහෙයවුවත් ඒ තරගයේදී ඔබ ඉන්දියාවට පරාජය වුණා. ජයග‍්‍රහණයට මේ තරම් ආසන්නයට පැමිණ ආපසු හැරෙන්න වීම කොයි වගේ හැඟීමක්ද? ඒක දරාගන්න අමාරු දෙයක්ද?

පිළිතුර :
ඔව්. මම හිතන්නේ… ඇත්තටම ඒක හතර පාරක් සිද්ධ වුණා. 2007 දී එක්දින ලෝක කුසලානය. ඊළඟට 2009 දී විස්සයි විස්ස ලෝක කුසලානය. ඊළඟට 2011 එක්දින ලෝක කුසලානය සහ 2012 දි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය. අවසන් තරග 4 ක් අපි පරාජය වුණා. මම හැමතිස්සෙම හිතන්නේ අවසන් තරගය ඇවිත් පරාජය වීමට වඩා මුල් වටයෙන්ම ඉවත් වීම හොඳයි කියලයි. අවසන් තරගයට පැමිණියාම බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඉතින් පරාජය වෙනවා කියන එක හරිම දුෂ්කර දෙයක්. ඒක හරිම වේදනාත්මකයි.

ප‍්‍රශ්නය :
2011 ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ නායකත්වයෙන් ඉල්ලා අස්වුණේ ඇයි?

පිළිතුර :
ඒ කතාවේ පැති දෙකක් තියනවා. 2009 දී කලින් හිටපු නායක මහේල ජයවර්ධන ඉල්ලා අස්වුණාට පස්සේ මගේ නායකත්වයේ කාලය අවුරුදු දෙකයි කියලා මම දැනගෙන හිටියා. මගේ ඉලක්කය වුණේ 2011 ලෝක කුසලානය. ඒකෙන් පස්සේ දැන් ඇති කියලා මම හිතුවා. ලෝක කුසලානයට මාස 6 කට කලින්ම මම මගේ තීරණය තේරීම් කමිටුවට දන්වලයි තිබුණේ. ඒ අතරම මට සමහර දේවල් ගැන ගැටළු තිබුණා.
මට මගේ කණ්ඩායම මෙහෙයවන්නට හැකිවුණු ආකාරය සහ මට නිවැරදියි කියලා හිතුණු දේ කරන්නට තියන ස්වාධීනත්වය වගේ දේවල්. අන්තිමේදී නායකයා විදිහට බලාපොරොත්තු කඩවීම්වලට මුහුණදෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒක අනවශ්‍ය ගැටළුවක්. ඒ වගේම නායකත්වය බාරගන්න සුදුසු වෙනත් අය කණ්ඩායම ඇතුළේ හිටියා කියලා මම හිතනවා.

ප‍්‍රශ්නය :
 ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයෙන් පස්සේ ඔබ ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නවා කියලා කතාවක් තියනවා. ඒක ඇත්තද?

පිළිතුර :
ඔව්, මම ඒක ගැන හිතහිතා හිටියේ. මම දැන් විස්සයි විස්ස තරගවලින් සමු අරන්; ක‍්‍රීඩා කරන්නේ එක්දින සහ ටෙස්ට් තරගවලට විතරයි. මම හිතන්නේ අනිවාර්යයෙන්ම ලෝක කුසලානයෙන් පස්සේ මගේ එක්දින ක‍්‍රීඩා ජීවිතය අවසාන වේවි. තව අවුරුද්දක් පමණ කාලය දික් කළත් මට ක‍්‍රීඩා කරන්න ලැබෙන්නේ තරග 7 – 9 ක් විතරයි. ඒ නිසා විශේෂයෙන්ම සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටුව එක්ක, කණ්ඩායමට හොඳම දේ මොකක්ද කියන එක ගැන සාකච්ඡුා කරන්න  ඕනේ. මේක ටිකක් දුෂ්කර කටයුත්තක්. නමුත් තේරීම් කමිටුවේ එකඟතාවත් එක්ක මට ලෝක කුසලානයෙන් පස්සේ ක‍්‍රිකට් පිටියෙන් සමුගන්න හැකිවේවි.

ප‍්‍රශ්නය :
ඒ කියන්නේ මේ ආරංචිය මුලින්ම ඔබ හෙළිකළේ අපටයි?

පිළිතුර
(සිනාසෙමින්)…. එහෙමම කියන්න බැහැ. ඒත් මේක මම බරපතළ විදිහට හිතමින් ඉන්න දෙයක් බව නම් කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය :
ඔබ වගේම, මහේල, ඩිල්ශාන්, මාලිංග වැනි අය විශ‍්‍රාම ගියාට පස්සේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මොනවා වෙයිද කියලා සැකසංකා ඇතිවෙලා තියනවා. රටේ ක‍්‍රිකට් කණ්ඩායමේ ජීවනාලිය වුණේ මේ හතරදෙනා. මේක ඇත්තටම කොච්චර බරපතළ ගැටලූවක්ද?

පිළිතුර :
නෑ. ඒක ක‍්‍රීඩාවේ එක යථාර්ථයක් විතරයි. කාලයෙන් කාලයට ප‍්‍රධාන පෙළේ ක‍්‍රීඩකයන් බිහිවෙනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කවදත් ඒ වගේ ක‍්‍රීඩකයන් හිටියා. ඒ නිසා අපි විශේෂ දෙයක් කළා කියලා මම හිතන්නේ නැහැ. අපි රට වෙනුවෙන් අපේ රාජකාරිය හරියට ඉෂ්ට කළා. දැන් ඒ වගකීම භාරගන්න අනෙක් ක‍්‍රීඩකයන්ට අවස්ථාව ඇවිත්. අපේ ඊළඟ පෙළේ ක‍්‍රීඩකයන් දිහා බලනකොට අපව සම කරන්න විතරක් නෙමෙයි, අපව ඉක්මවා යන දක්ෂතා පෙන්නුම් කරන්න තරම් හැකියාවන් තියන ක‍්‍රීඩකයන් ඉන්න බව පේනවා.

ප‍්‍රශ්නය :
ඊළඟ වසරේ ලෝක කුසලාන තරගාවලිය සහ ඒ ගැන ශ‍්‍රී ලංකාවත් ඔබත් තබා තිබෙන බලාපොරොත්තු ගැන ඔබ කිව්වා. මේ බලාපොරොත්තු ඉටුවේවිද?

පිළිතුර :
ඔව්. ඇත්තටම ඒ ඉලක්කය ළඟා කරගන්න අපට පුළුවන්. අපි ඒකට හරියට සූදානමින් ඉඳීවි. මම අනාවැකි කියන්න කැමති නැහැ. ඒත් අපි හැකි උපරිමය කරන බව නම් මට ඔබට කියන්න පුළුවන්. අපේ කණ්ඩායම පරිපූර්ණ කණ්ඩායමක් බවට පත්කරන්න අවශ්‍ය විවිධත්වය කණ්ඩායම ඇතුළේ තියෙනවා. අපි කරන්න  ඕනේ හැම තරගයකටම හොඳින් සූදානම් වී මුහුණදෙන එක විතරයි. අපි බලමු. මේක සුළුපටු දෙයක් නෙමෙයි.

 

පරිවර්තනය : ඔගිල්වි මහජන සම්බන්ධතා අංශය

ෂෝන් ඇබට් මානසිකව කඩා වැටෙයි

විසි දෙහැවිරිදි වියේ පසුවන ෂෝන් ඇබට් තමාට සුපුරුදු පරිදි නිව් සවුත් වේල්ස් පිල වෙනුවෙන් වේගයෙන් පන්දු යවමින් සිටියේය. ඔහුගේ අරමුණ වූයේ කවදාහෝ  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලට එක්වීමයි.

ෂෝන්ගේ සුරතින් මිදී තමා වෙත ඇදී ආ කෙටි පන්දු මග හරිමින් සිටි හියුස් පුල් පහරක් ගැසීමට ඉන් එකක් තෝරා ගත්තේය. එහෙත් එය තමන්ගේ ජීවිත ඉරණම විසඳන පන්දුව බව හියුස් තියා අඩුතරමේ පන්දුව යැවූ ෂෝන්වත් දැන සිටියේ නැත.

පුල් පහර ගැසීමට යන්තමින් ඉක්මන් වූ හියුස්ට තමන්ගේ පිත්ත ගෙන එන වේගයත් පන්දුව තමන් වෙත පැමිණෙන වේගයත් ගලපා ගත නොහැකි වූයෙන් මාරාන්තික අනතුරකට ගොදුරු විය.
 
පන්දුව වැදීමෙන් පිලිප් හියුස්ගේ මොළය ඇතුළත ලේ ගැලීමක් සිදුවූ අතර ඔහු සිහි සුන්ව සිඞ්නි තණතීරුව මත ඇදවැටුණේය.

හෙලිකොප්ටරයක ආධාරයෙන් රෝහලකට ගෙන ගිය සැණින් ඔහුව සැත්කමකට ලක්කරන ලදි. සිහිය නොලැබූ හියුස් දැඩි සත්කාර ඒකකයේ සිටියදීම ජීවිතයෙන් සමු ගෙන ගියේය.

මෙම සිදුවීම මුලූ මහත් කි‍්‍රකට් ලොවම කම්පාවට පත්කළ ශෝක ජනක පුවතක් ලෙසින් ලොව පුරා පැතිර ගිය අතර ක‍්‍රීඩකයන් මෙන්ම කී‍්‍රඩා ලෝලීන්ද නොපමාව හියුස් වෙනුවෙන් තම ශෝක පණිවිඩ නිකුත් කළහ.

සියල්ල මෙසේ සිදුවද්දී එම මාරන්තික පන්දුව හියුස්වෙත යොමුකළ ෂෝන් ඇබට්, මෙම සිදුවීම නිසා මානසිකව කඩාවැටී ඇති බව වාර්තා වේ.

 ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන් මෙන්ම සහෝදර කී‍්‍රඩකයන්ද ඔහුගේ හිත සැනසීමට කටයුතු කරන නමුත් ෂෝන් කවදා කෙසේ එම තත්ත්වයෙන් මිදෙනු ඇත්ද’යි කීම උගහටය.

මෙම සිදුවීම නිසා ඇබට්ගේ කී‍්‍රඩා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයද උඩු යටිකුරු විය හැකි බව  ඕස්ටේ‍්‍රයානු ටෙස්ට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ජේසන් ගිලෙස්පි කියා සිටියේය.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ගිලෙස්පි මේ වන විටත් ඇබෝට් ඉතා තැතිගැන්මකට පත්ව සිටින බව ප‍්‍රකාශ කරද්දී,  ඕස්ටේ‍්‍රයානු ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාක් ටේලර් මහතා කියා සිටියේ මෙම සිදුවීම දිගින් දිගටම ඇබට්ට මානසික වදයක් වනු ඇති බවයි.

”පිළිතුරු සපයන්න කියා ඔහුට කිසිදු ප‍්‍රශ්නයක් ඉදිරිපත් වෙන එකක් නෑ… නමුත් දිගු කාලයක් යනතුරු ඔහුට තමන් වැරදි කරුවකු ලෙසින් හැෙ`ග්වි කියලා මට විශ්වාසයි.” යැයිද ටේලර් මහතා ප‍්‍රකාශ කළේය.
 
”ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා මෙම කණගාටුදායක තත්ත්වයෙන් මිදී, යම් දිනක ඔහු නැවතත් නිව් සවුත් වේල්ස් පිලට කී‍්‍රඩාකරන අයුරු අපට දැකගන්න පුලූවන් වේවි කියා. ඇතැම් විට එය  ඕස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමට වෙන්නත් පුලූවන්.” යයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායකයා තවදුරටත් කියා සිටියේය.

නැගී එන වේගපන්දු යවන්නකු වන ෂෝන් ඇබට් ඉකුත් ඔක්තෝම්බර් මසයේදී  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් එක්දින සහ විස්සයි20 වරම් දිනාගත්තේය.

‘කි‍්‍රකට්  ඕස්ටේ‍්‍රලියා’ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් මහතා ඊයේ (බ‍්‍රහස්පතින්දා) ෂෝන්ට කතා කළ අතර ඔහු කීවේ ෂෝන් මැනවින් තත්ත්වයට මුහුණ දෙමින් සිටින බවයි.
 
”මේ වෙලාවේ මිනිසුන් ෂෝන් ගැන හිතන ආකාරය ඉතාමත් යහපත්. අප මෙන්ම ඒ (මානසික තත්තවයන්) පිළිබඳ ප‍්‍රවීනයන් කළ යුත්තේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න ෂෝන්ට සහය වන එකයි” යයිද ජේම්ස් සදර්ලන්ඞ් මහතා පැවසීය.
සදර්ලන්ඞ් මහතා එසේ කීවද ෂෝන් ඇබට් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප‍්‍රකාශ කර නැත.

පාකිස්තානු පිලේ වත්මන් පුහුණුකරු මෙන්ම හිටපු වේග පන්දු යවන්නා වන වකාර් යූනිස් මහතා කියන්නේ වෙනත් කතාවකි.

”එයා කොහොම කි‍්‍රකට් ගහන්නද?” ”ඔහු මානසික ප‍්‍රතිකාර ලබාගත යුතුයි. මා හිතන්නේ ඔවුන් දැනටමත් එය ආරම්භ කරලා ඇති” යයිද වකාර් යුනිස් මහතා පැවසීය.

 

- 036

මුයින් අලී පාලනය කිරීමට සැලසුම් 3 ක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වෙන තරගයේදී එංගලන්ත ආරම්භක පිතිකරු මුයින් අලීගේ පිතිහරඹය පාලනය කිරීමට සැළැස්ම කීපයක් යෙදවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර පෙරවරු 10.00 ට තරගය ආරම්භ වීමට නියමිතය.

”මුයින් අලී අපිට හො`දින් ක‍්‍රීඩා කරමින් සිටින නිසා ඒ පිළිබදව අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ඔහු පළමු ඕවර 10 තුළදී වේගයෙන් ලකුණු රැස්කරනවා. එය පාලනය කිරීම පහසු නෑ. නමුත් අපි ඒ සදහා සැළැස්ම තුන හතරක් ක‍්‍රියාත්මක කරනවා”

”පළමු තරගයේදී අපි යම්කිසි සාර්ථක තත්ත්වයකට පැමිණියා. නමුත් තවත් දියුණු වියයුතුයි”

”මෙම තරගයේදී ද පා දඟ පන්දු යවන්නන් දෙදෙනා සමග තරගයට එනවාද යන්න තවම තීරණය කර නෑ. අපි තවම තණතීරුව දැක්කේත් නෑ. මම හිතන්නේ කණ්ඩායමේ ලොකු වෙනසක් කළ යුතු නෑ කියලයි” යැයි දෙවැනි තරගය පිළිබ`දව මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

ෂෙෆීල්ඞ් පළිහ තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා අභාවප‍්‍රාප්ත වූ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස් පිළිබදව මතකය ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේදී මෙසේ ආවර්ජනය කළේය.  

”පිලිප් හියුස් කියන්නේ නිහතමානී, හොද ඒ වගේම දක්‍ෂ ක‍්‍රීඩකයෙක්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හැටියට මට මතකයි ඔහු පළමු එක්දින තරගයට සහභාගි වූණේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. මගේ මතකය නිවැරදි නම් ඔහු එම තරගයේදී ශතකයක් රැස්කළා”

”මේ සිද්ධිය දැනගත් අවස්ථාවේ සිට අපි සියලූ දෙනාම කඩා වැටුණා. තරගයකදී ක‍්‍රීඩකයකු මියගියා කියන කියන එක දරාගන්න අමාරුයි. ඊයේ දිනය මම ගතකළේ ඉතාමත් අමාරුවෙන්”

”ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්, අපි ක‍්‍රීඩකයන් හැටියට මෙවැනි දෙයක් වෙයි කියලා කිසිම අවස්ථාවක හිතන්නේ නෑ. මම හිතනවා හිස් ආවරණ නිෂ්පාදනය කරන විට මීට වඩා ආරක්‍ෂාව වැඩි වෙන ආකාරයට කළහොත් හො`දයි කියලා” යයිද මැතිව්ස් පැවසීය.

එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් අද (28) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ හියුස්ගේ අභාවය පිළිබදව එංගලන්ත කණ්ඩායම් දැඩි කණස්සල්ලට පත්ව සිටින බවත්  ඕසටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට සහ හියුස්ගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය ප‍්‍රකාශ කරන බවත්ය.

”අවසන් වූ පැය 24 තුළදී අපි දැඩි ව්‍යාකූල තත්ත්වයකින් සිටියේ. දැන් අපි මනස හදාගනිමින් සිටිනවා”

”මම හිතනවා හිස් ආවරණ මීට වඩා ආරක්‍ෂාව නිෂ්පාදනය කළ යුතුයි කියලා” යැයි කුක් වැඩි දුරටත් පැවසීය.

කොළඹ ප‍්‍රදේශයට ඊයේ පස්වරුව දක්වාම වර්ෂාව ඇද හැළුණු අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර තිබුණි. වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් තරගය අනිද්දා (30 වැනිදා) පැවැත්වේ.

එංගලන්ත පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් එය අවලංගු කිරීමට සිදුවිය.


ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිළිණ කණ්ඩම්බි, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, තිසර පෙරේරා සහ ළහිරු ගමගේ

එංගලන්ත සංචිතය:
අලෙස්ටියාර් කුක් (නායක), මුයින් අලී, ඉයන් බෙල්, ජෝස් බට්ලර්, ස්ටීව් ෆින්, ක‍්‍රිස් ජෝර්දන්, එඔයින් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෙකිස්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්, ක‍්‍රිස් වෝක්ස්, ජේම්ස් ඇන්ඩසන්, රවී බොපරා, හැරී ගානී, ඇලෙක්ස් හේල්ස්, ජේම්ස් ටේලර්