උතුරු මැදට එරෙහි වාරණ නියෝගය ඉවතට

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2016/2017 නිලවරණයේදී උතුරු මැද පළාත් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීම වළකාලමින් පනවා තිබූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් ඉවත් කරන ලද බව එම සංගමයේ භාණ්ඩාගාරික විජේසේකර වලිසුන්දර මහතා පැවසීය.


ජනවාරි මස 3 වැනිදා ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් නිලවරණයේදී උතුරු මැද පළාත් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන්ට ඡුන්ද ප‍්‍රකාශ කිරීම වළකාලමින් මීට පෙර වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර එම නියෝගය සම්බන්ධයෙන් අධිකරණ නිවාඩු සමයේදී මෝසමක් මගින් කරන ලද ඉල්ලීමකට අනුව මෙය විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (31) දිසා විනිසුරු සී. ගුණසේකර මහතා හමුවේ කැ`දවනු ලැබීය.


එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා ක‍්‍රිකට් නිලවරණයේදී උතුරු මැද පළාත් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීම වළකාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට තීරණය කරනු ලැබීය.


මාතලේ යූත් ක‍්‍රීඩා සමාජයේ සභාපති සූජීව ගොඩලියැද්ද සහ රජරට ක‍්‍රීඩා සමාජයේ ලේකම් එන්. ඩබ්ලිව්. ආරියතිලක යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ උතුරු මැද පළාත් ක‍්‍රිකට් සංගමයේ සභාපති අසිත ගම්ලත්, ලේකම් එන්. බී. රංජන් සහ භාණ්ඩාගාරික විජේසේකර වලිසුන්දර යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමිනි.


ජනවාරි මස 3 වැනිදා ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත 2016/2017 ක‍්‍රිකට් නිලවරණයේදී උතුරු මැද පළාත් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන්ට ඡුන්ද ප‍්‍රකාශ කිරීම වළකාලන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය මීට පෙර අවස්ථාවක වගඋත්තරකරුවන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.


ඊට එරෙහිව මෝසමක් මගින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීම වළකාලමින් නිකුත්කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට තීරණය කළ බව එම සංගමයේ භාණ්ඩාගාරික විජේසේකර වලිසුන්දර මහතා පැවසීය.


උතුරු මැද පළාත් ක‍්‍රිකට් සංගමයේ භාණ්ඩාගාරික විජේසේකර වලිසුන්දර මහතා පැවසුවේ එම සංගමය වෙනුවෙන් නිලවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට තමන්ට සහ උප ලේකම් නිරෝෂණ සංජීව මහතාට විධායක කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවයි.   


කළුතර සහ මාතලේ යන දිස්ත‍්‍රික් සංගම්වල ඡුන්දය ප‍්‍රකාශ කරන නිලධාරීන් පිළිබ`දව ප‍්‍රශ්න ඊයේ (31) පස්වරුව දක්වා නිරාකරණය වී නොතිබුණු අතර එම සංගම් දෙකට ඡන්ද හතරක් හිමිව

 

මතිවානන් ඇතුළු 5 කට අධිකරණයෙන් අවසර

 


ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉදිරි නිලවරණයට තරග කිරීමට යොමු කළ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ නිලධාරින් පස් දෙනෙකුට නිලවරණයට තරග කිරීම සඳහා අධිකරණයෙන් ලබාදී තිබූ අවසරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ බලාත්මක කෙරිණ.

 

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපතිවරයෙකු වූ කේ. මතිවානන් මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය 18 වැනිදා සලකා බැලූ අවස්ථාවේදී ඇතිවූ සමම්තයක් අනුව මෙම නිලධාරින්ට නිලවරණයට තරග කිරීමට අවසර ලැබිණි. මෙම අවසරය දුන් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අදාළ නියෝගය අත්සන් නොකිරීම හේතුවෙන් නියෝගයේ පිටපත් ලබා ගැනීම පිළිබඳව ගැටලූ සහගත තත්ත්වයක් උදාවී තිබිණි.

 

ඊවා වනසුන්දර විනිසුරුවරිය දැනට විදේශගතව ඇති බැවින් අදාළ නඩුකරය  මෝසමක් මාර්ගයෙන් අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, පි‍්‍රයන්ත ජයවර්ධන සහ කේ.ටී. චිත‍්‍රසිරි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්  හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ඊවා වනසුන්දර මහත්මිය දෙන ලද නියෝගය බලාත්මක කෙරිණි.

 

කි‍්‍රකට් නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉරිදා (3) දිනයේදීය.

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයෙකු වූ කේ. මතිවානන් මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ඇතිවූ සමතයක් පරිදි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට තරග කිරීමට යොමු කළ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ නිලධාරින් පස් දෙනෙකුට නිලවරණයට තරග කිරීමට අවසර ලැබිණි. උපසභාපති ධුරයට තරග කිරීමට කේ. මතිවනන් සහ අසංග සෙනවිරත්න, භාණ්ඩාගාරික ධුරයට තරග කිරීම සඳහා ඊස්ට්මන් නාරංගොඩ, උපභාණ්ඩාගාරික ධුරය සඳහා තරග කිරීමට සුජීව ලොකුහේවා සහ නිහාල් ලෙව්කේ යන මහත්වරු මෙසේ නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවසර ලැබුවෝ වෙති.

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු උපසභාපතිවරයෙකු වන කේ. මතිවානන් මහතා විසින් ගොනුකරන ලද මෙම පෙත්සමෙහි වග උත්තරකරු හැටියට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ක‍්‍රීඩා ඇමැති සහ එන්. ලෙව්කේ මහත්වරු ඇතුළු පිරිසක් නම්කර තිබිණි.

 

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

 

පෙත්සම්කරු ක‍්‍රිකට් පරිපාලකයෙකි. ව්‍යාපාරිකයෙකි.

 

පසුගිය නොවැම්බර් 16 වන දින ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය 2016 වසර සඳහා නිලවරණය පැවැත්වීමට සූදානම් වන බව දැනගන්නට ලැබිණ. ඒ අනුව පෙත්සම්කරුද උපසභාපති තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කළේය. එහිදී 3 වැනි වග උත්තරකරු විසින් ඊට එරෙහිව විරෝධතා 2 ක් ඉදිරිපත් කෙරිණි. එනම් පෙත්සම්කරු ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ වසර 2 ක කාලය නිසි අයුරින් සම්පූර්ණ වීම සහ චෝදනාවකට වරදකරු වී රිමාන්ඞ් බාරයේ පසුවීමයි. පෙත්සම්කරු ඒ සම්බන්ධයෙන් උත්තර බැඳිනි.

 

පසුව මේ පිළිබඳව විභාගයක්ද පැවතිණි. එහිදී ඔහුට නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවසර ලැබිණි. එහෙත් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මාධ්‍යයට ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ ඔහුගේ නම නොවීය. මෙය ඉතා අසාධාරණ සහ අයුක්ති සහගත බවද මෙමගින් තම මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති බවද පෙත්සම්කරු කියා සිටී. එබැවින් තම නාමයෝජනා බාර ගැනීමට නියෝග කරන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පෙනී සිටියේය.

 

 

ඒ.අයි.ඒ. සීමිත ඕවර තරගාවලියෙන්

ශූරතාවය: එන්.සී.සී කණ්ඩායම

 

අනු ශූරතාවය: කෝල්ට්ස් කණ්ඩායම

 

අවසන් පූර්ව වටය :

 

පළමු අවසන් පූර්ව තරගය : බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම සහ කෝල්ට්ස් කණ්ඩායම

 

දෙවන අවසන් පූර්ව තරගය : එන්.සී.සී කණ්ඩායම සහ එස්.එස්.සී කණ්ඩායම

 

 

මූලික වටයේ ප‍්‍රසාද ලකුණු සටහන

 

 

‘ඒ‘ කාණ්ඩය

 

කණ්ඩායම තරග ජය පරාජ විසදුමකින් තොර ලකුණු
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 6 2 0 4 18
එන්.සී.සී 6 2 0 4 17
සැරසන්ස් ක්‍රීඩා සමාජය 6 1 0 5 15
ද්‍රවිඩ සංගමය 6 1 1 4 13
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 6 1 2 3 10
සී.සී.සී 6 0 2 4 8
රාගම ක්‍රිකට් සමාජය 6 0 2 4 8

 

 

 

‘බී‘ කාණ්ඩය

 

කණ්ඩායම තරග ජය පරාජ විසදුමකින් තොර ලකුණු
එස්.එස්.සී 6 4 0 2 22
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය 6 2 0 4 17
යුද හමුදා ක්‍රීඩා සමාජය 6 2 1 3 15
බදුරලිය ක්‍රිකට් සමාජය 6 2 1 3 15
ගාල්ල ක්‍රිකට් සමාජය 6 2 3 1 10
මූවර්ස් ක්‍රීඩා සමාජය 6 0 3 3 6
හලාවත ක්‍රිකට් සමාජය 6 0 4 2 4

 

 

උපරිම ලකුණු ධනුෂ්කගෙන්

 

අන්තර් සාමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය එන්.සී.සී කණ්ඩායමත් අනුශූරතාවය කෝල්ට්ස් කණ්ඩායමත් දිනා ගැනීමට සමත්වූහ.

 

එස්.එස්.සී කණ්ඩායමේ කෞෂාල් සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක විසින් තරගාවලියේදී වාර්තාවූ ශතක දෙකට හිමිකම් කියති. කෞෂාල් සිල්වා විසින් යුද හමුදා කණ්ඩායමට එරෙහිවත් ධනුෂ්ක ගුණතිලක බදුරලිය කණ්ඩායමට එරෙහිවත් එම ශතක ලබාගත්හ.

 

නවසීලන්ත සංචාරය සඳහා කෞෂාල් සිල්වා නැවත කැදවීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුවත් ඔහු තරග දෙකකදී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත්විය.

 

තරග පහකට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලබා ගනිමින් ලකුණු 270 ක් ලබාගත් ධනුෂ්ක ගුණතිලක තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්විය.

 

තරගාවලියේ දැනට වාර්තාවී ඇති හොදම පන්දු යැවීම මූවර්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට ලක්ෂාන් ජයසිංහ (27/7) සමත්වී ඇත. තරග පහකට සහභාගී වෙමින් කඩුලූ 16 ක් බිඳ හෙලමින් තරගාවලියේදී වැඩිම කඩුලූ ලාභියා බවට පත්වීමට එන්.සී.සී කණ්ඩායමේ ෆර්වීස් මහරූෆ් සමත්වීය.

 

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුව දසදෙනා

 

ලකුණු ක්‍රීඩකයා කණ්ඩායම තරග වැ.ල සාමාන්‍යය 100 50
270 ධනුෂ්ක ගුණතිලක එස්.එස්.සී 5 106 54.00 1 2
224 හර්ෂ කුරේ සැරසන්ස් 4 92 74.66 0 3
197 හෂාන් දුමිදු කෝල්ට්ස් 6 72 49.25 0 3
187 තිලකරත්න සම්පත් ගාල්ල 5 70 37.40 0 2
180 උමේෂ් කරුණාරත්න සැරසන්ස් 4 96* 60.00 0 2
174 හසන්ත ප්‍රනාන්දු බදුරලිය 6 58 87.00 0 2
163 කෞෂාල් සිල්වා එස්.එස්.සී 2 106 81.50 1 1
158 සදුන් වීරක්කොඩි එන්.සී.සී 5 81 39.50 0 1
152 ශාලික කරුණානායක යුද හමුදාව 4 71 50.66 0 1
140 තරංග පරණවිතාන ද්‍රවිඩ සංගමය 4 77* 70.00 0 1
වැ.ල: වැඩිම ලකුණු

 

 

ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ (ලකුණු 90 ට වැඩි)

 

ලකුණු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය
106 කෞෂාල් සිල්වා එස්.එස්.සී යුද හමුදාව පනාගොඩ
106 ධනුෂ්ක ගුණතිලක එස්.එස්.සී බදුරලිය එස්.එස්.සී
96* උමේෂ් කරුණාරත්න සැරසන්ස් ද්‍රවිඩ සංගමය පී.සරවණමුත්තු
94 ධනුෂ්ක ගුණතිලක එස්.එස්.සී යුද හමුදාව පනාගොඩ
92 හර්ෂ කුරේ සැරසන්ස් ද්‍රවිඩ සංගමය පී.සරවණමුත්තු

 

 

 

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නෝ (කඩුලු 10 ට වැඩි)

 

කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම තරග ඉ.හො.ප. සාමාන්‍යය ල.වේ. කඩුලු 4 කඩුලු 5
16 ෆර්වීස් මහරූෆ් එන්.සී.සී 5 23/5 6.31 4.06 0 2
14 ලක්ෂාන් ජයසිංහ එස්.එස්.සී 6 27/7 10.42 3.61 0 1
14 දිල්හාර ප්‍රනාන්දු එස්.එස්.සී 6 30/5 12.57 4.36 0 1
12 ප්‍රභාත් ජයසූරිය කෝල්ට්ස් 6 19/5 11.91 3.32 1 1
11 චාමිකර එදිරිසිංහ එන්.සී.සී 5 18/6 8.90 2.64 0 1
11 කසුන් රාජිත බදුරලිය 6 37/5 18.72 5.69 0 1
10 ජනිත් සිල්වා යුද හමුදාව 4 14/5 10.70 4.11 0 1
9 සචිත්‍ර සේරසිංහ මූවර්ස් 4 15/4 11.22 3.60 1 0
9 ඉෂාන් ජයරත්න කෝල්ට්ස් 6 47/3 23.77 5.48 0 0
8 දුලංජන මෙන්ඩිස් බදුරලිය 6 25/3 16.75 4.06 0 0

 

ඉ.හො.ප: ඉනිමක හොදම පන්දු යැවීම, ල.වේ: ලකුණු වේගය

 

 

 

ඉනිමක හොදම පන්දු යැවීම (කඩුලු 5 ට වැඩි)

 

කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන්
27/7 ලක්ෂාන් ජයසිංහ එස්.එස්.සී මූවර්ස්
18/6 චාමිකර එදිරිසිංහ එන්.සී.සී එස්.එස්.සී
28/6 දිල්රුවන් පෙරේරා කෝල්ට්ස් එන්.සී.සී
14/5 ජනිත් සිල්වා යුද හමුදාව හලාවත මේරියන්ස්
19/5 ප්‍රභාත් ජයසූරිය කෝල්ට්ස් බ්ලූම්ෆීල්ඩ්
23/5 ෆර්වීස් මහරූෆ් එන්.සී.සී කෝල්ට්ස්
30/5 දිල්හාර ප්‍රනාන්දු එස්.එස්.සී එන්.සී.සී
33/5 ෆර්වීස් මහරූෆ් එන්.සී.සී රාගම
37/5 කසුන් රාජිත බදුරලිය ගාල්ල