Category Archives: Cricket

පාකිස්තානුවන් අපට අමුත්තන් නෙමේ – මැතිව්ස්

එකිනෙකා හා කොයිතරම් අවස්ථා ගණනක් කී‍්‍රඩා කළද පාකිස්තානු පිල පරාජය කිරීම පහසු කාරියක් නොවන බවත් අවසන් ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කරදර නොවී තමන්ගේ කාරිය හරියට කරන්නේ නම් අවසානයේදී හොඳ ප‍්‍රතිඵලයක් ලැබෙන බවත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

”පාකිස්තානු කණ්ඩායමත් එක්ක තරග කරන වෙලාවලදි ඔවුන් අපට අමුත්තන් නෙමේ. ඔවුන් අපේ කී‍්‍රඩාංගණ වල තත්ත්වය හොඳින්ම දන්නවා. ඒ තත්ත්වයට අනුගත වෙන එක ඔවුන්ට ඒ තරම් ලොකු දෙයක් නොවේ”

”ඒ නිසා මා කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ සෑම ඉරියව්වකදීම අපි අපේ ඉහළම දස්කම් දැක්විය යුතුයි. අපේ ඉලක්කය හැකිතාක් දුරට අපේ සැලසුම් ඒ ආකාරයෙන්ම කි‍්‍රයාවේ යෙදවීමයි. ඒ කියන්නේ අපට හැකි තරම් හොඳින් පන්දුවට පහර දීමත්, පන්දු යැවීම වගේම පන්දු රැුකීමත් කළ යුතුයි” යයි අද (16 වැනිදා) ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති පුහුණුවීම් වලින් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡවකදී මැතිව්ස් පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයට සූදානම් වන්නේ මාස 2 ක පමණ විවේකයකට පසුවය. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැති අයි. පී. එල්. තරගාවලියට සහභාගි වූයේ මෙම ටෙස්ට් සංචිතයේ සිටින කී‍්‍රඩකයන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස් පමණි.

එබැවින් ලද විවේකය තරමක් දීර්ඝ යයිද එය දස්කම් කෙරේ කිසියම් අනිසි බලපෑමක් ඇතිකළ හැකිවාක් මෙන්ම වඩාත් හොඳ ප‍්‍රතිඵළ ගෙන එනු ඇතැයිද යන්න එකිනෙක හා ගැටෙන මත දෙකකි.

”තරමක් දුරට ඒ දෙකම තියෙනවා….සමහර වෙලාවට අපි ටිකක් මේ කී‍්‍රඩාවට (ටෙස්ට් තරග සඳහා) අලූත් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමේ. අපි පසුගිය සති කිහිපයේදී ඉතාමත් වෙහෙස මහන්සියෙන් පුහුණු වුණා”
”ඒ නිසා ඒ විවේකය අපට ඉතාමත් වටිනවා. ඒ විවේකය නිසා අපට කිසියම් පුනර්ජීවයක් ලැබෙනවා” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

පාකිස්තානු පිල මෙවර තරගාවලියට එක්ව සිටින්නේ ඔවුන්ගේ ප‍්‍රබලතම දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් නොමැතිවය. පන්දු යැවීමේ ඉරියව්වේ නිරවද්‍යභාවය පිළිබඳ තවදුරටත් වෙහෙසෙන සයීඞ් අජ්මල් ගෙදර තැබූ පාකිස්තාන් පිල මෙවර ශී‍්‍ර ලංකාවට ආවේ දකුණතින් පා දග පන්දු යවන්නකු වන යසිර් ෂා සහ වමතින් දග පන්දු යවන සුල්ෆිකාර් බාබර් කැටුවය.

”පා දග පන්දු යවන්නා වගේම වමතින් දග පන්දු යවන්නාත් ඉතාමත් හොඳ කී‍්‍රඩකයන් වගේ පෙනෙනවා. කොහොම වුණත් (අජ්මල් කණ්ඩායමේ නැති බැවින්) ඔවුන් සුළුවෙන් තකන්න අපට බෑ” යයි කී මැතිව්ස්….

”අපි ඒගොල්ලන් එක්ක එච්චර සෙල්ලම් කරලා නෑ. (සුල්ෆිකාර්) බාබර් එක්ක අපි එක්දින තරගාවලියක් කී‍්‍රඩා කරලා තියෙනවා. ඒත් ටෙස්ට් කී‍්‍රඩා කරලා නෑ. ඒත් ඔුවන්ගේ වීඩියෝ බැලූවාම ඔවුන් ඉතාමත් හොඳ ද`ග පන්දු යවන්නන් බව පෙනෙනවා. මේ දෙන්නාම හොඳ ඉලක්කයකට පන්දු යවනවා”

”මේ පන්දු යවන්නන් දෙදෙනාම ඉතාමත් හොඳයි. ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය කොයි වගේද කියලා ඔවුන් දෙදෙනාට මුහුණ දීලාම බලන්න  ඕනේ ” යයිද මැතිව්ස් අද සවස පැවසීය.

මැතිව්ස් කියන ආකාරයට ගාල්ල තණතීරුවේ විශේෂ වෙනසක් නැත.

”පෙනෙන විදිහට නම් සාමාන්‍යයෙන් අපි ගාල්ලේදී දකිණ තණතීරුවම තමා මේ පාරත් තියෙන්නේ. මුලදී පිතිකරුවන්ට ඉතාමත් හොඳයි. ඒත් අවසන් දින දෙකේදී තණතීරුව තරමක් ද`ග කැවෙනන්න පුළුවන්” යයි කියන මැතිව්ස්…

”තණතීරුවක් ගැන 100 ක් නිවැරදිව අනාවැකි කියන්න බෑ” යයිද පවසයි.

කෙසේ වෙතත් කාලගුණයෙන් තරගයේ තීරණයට බාධාවක් ඇති නොවනු ඇතැයි යන්න ශී‍්‍ර ලංකා නායකයාගේ විශ්වාසයි.

අද පෙරවරුවේදී පැවැති පුහුණු සැසියට රංගන හේරත් සහභාගි නොවීය. හෙට තරගයේදී වඩාත් විශාල කාර්යභාරයක් ඔහුට පැවරෙන බැවින් අද දිනයේ ඔහු පුහුණුවීම් වලට සහභාගි නොවූ බවද මැතිව්ස් පැවසීය.

දිගු කලකට පසුව ජෙහාන් මුබාරක් නැවතත් ටෙස්ට් සංචිතයට එක්ව සිටියද, පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව ඉතාමත් හොඳ දස්කම් පෙන්වූ කුසල් පෙරේරා සහ කිත්රුවන් විතානගේ දෙදෙනා පසෙකට ඇදදමමින් ටෙස්ට් පිලට එක්වීමට මුබාරක්ගේ පන්දු රැුකීමේ දක්‍ෂතා පමණක් පමාණවත් වේ යයි සිතිය නොහැකිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇන්ජලෝ මැතිව්ස් කීවේ මෙවන් කතාවකි.

”මා තවමත් තේරීම් කමිටු නිලධාරීන් හමුවූයේ නෑ. ඒත් අවසන් කී‍්‍රඩකයන් 11 දෙනා අතරට එක්වීම සඳහා කිත්රුවන් ඉතාමත් ආසන්නයෙන් සිටිනවා… ඒත් ඒ ගැන තවමත් අවසන් තීරණයක් නෑ” යයි මැතිව්ස් අද දහවල් පැවසීය.

සුරංග ලක්මාල්ගේ ඉකිළියේ ඇතිවී තිබෙන ආබාධය තවමත් සම්පූර්ණ වශයෙන් සුවවී නැති හෙයින් හෙට තරගය සඳහා නම්කරන ලද කී‍්‍රඩකයන් 15 දෙනා අතරට ලක්මාල් එක් නොවේ.

ඡයාරූපය : ශාන්ත රත්නායක

තරංග – දිමුත් අර්ධ ශතක ලබති

 

දෙවැනි ඉනිම දෙකම පිතිකරුවන්ට වඩාත් වාසිදායක වූ හෙයින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල සහ පාකිස්තානු පිල අතර කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති තුන්දින පුහුණු තරගය විසඳුමකින් නිමා විය.

පළමු ඉනිමේදී ලකුණු 247 කට දැවී ගිය පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී කඩුලූ 7 කට ලකුණු 257 ක් ලබාගත් හෙයින් තරගයෙන් ජයගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට ලකුණු 264 ක ඉලක්කයක් ලැබිණ. ඉලක්කය කරා යාම කෙසේ වෙතත් හොඳ පුහුණුවක් ලබාගැනීමේ අරමුණ ඇතිව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ උපුල් තරංග දෙදෙනාම අර්ධ ශතක ලබාගත්හ.

අද (13 වැනිදා) සවස තරගය අවසන් වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 3 ක් දැවී 129 ක් ලෙසින් වුවද සැබවින්ම පාකිස්තානු පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුල්ලක් පමණි. අර්ධ ශතක ලබාගැනීමෙන් පසුව දිමුත් කරුණාරත්න සහ උපුල් තරංග දෙදෙනාම නොදැවී පිටියෙන් ඉවත්ව ගිය නමුත් සිය කැමැත්තෙන් ඉවත්ව ගිය හෙයින් එය දැවී යාමක් ලෙස සටහන් වේ.

සවස තේ පානයෙන් අනතුරුව ඕවර 31 කදී ලකුණු 264 ක ඉලක්කයක් කරා යන මෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට අභියෝග කළ පාකිස්තානුවන්ගේ අරමුණ වූයේ තරගයෙන් ජයගැනීමට වඩා එවන් අභියෝගයක් හමුවේ තම පන්දු යවන්නන් ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව විමසිලිමත් වීමයි. එහෙත් පාකින්තානු පන්දු යවන්නන්ගෙන් ඊට සාර්ථක ප‍්‍රතිචාර නොලැබිණ.

බ‍්‍රහස්පතින්දා (11) ආරම්භ වූ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ලකුණු 247 කට දැවී ගිය අතර දෙවැනි දිනය වූ ඊයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල ලකුණු 241 කට සීමා කිරීමට පාකිස්තානුවෝ සමත් වූහ.

අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටි පාකිස්තානු පිල දිවා ආහාරයත් තේ පානයත් අතරතුරදී තවත් ලකුණු 104 ක් ලබාගත්තේ ඉක්මන් ලකුණු රැස්කිරීමක නිරත වෙමිනි.  

කලකට ඉහතදී මෙවන් පුහුණු තරග පළමු පෙළ තරග ලෙසින් සම්මත කර තිබුණ නමුත් මීට වසර කිහිපයක සිටම පුහුණු තරගවලදී කී‍්‍රඩකයන් මාරු කිරීම ආරම්භ කෙරිණ. එහිදී පිතිකරුවන් වැඩිදෙනකු පන්දුවට පහර දීම සඳහා පිටියට එවන අතර පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් 11 දෙනා අතර නොසිටින පන්දු යවන්නෝ පන්දු යැවීමට එති.

පළමු ඉනිමේදී පන්දුවට පහර නොදුන් ෂාන් මසූඞ් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට පැමිණියේ එලෙසිනි. මසූඞ් ලකුණු 62 ක් ලබා සිටියදී ජෙහාන් මුබාරක්ගේ පන්දුවකට ගැසූ පහරකින් ලැබුණු උඩපන්දුවක් ජෙෆ්රි වැන්ඩසේ අතින් ගිළිහී ගියේය. එහෙත් එයින් මඳවේලාවකට පසුව මසූඞ්ගේ ඉනිම අවසන් කිරීමට වැන්ඩසේටම හැකිවිය.

පන්දු 122 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 69 ක් ලබා සිටි ෂාන් මසූඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට වැන්ඩසේ සමත් විය.

පා දග පන්දු යවන්නකු වශයෙන් තේරීම් කමිටු නිලධරීන්ගේ මෙන්ම ජාතික පුහුණුකරු මාවන් අතපත්තු මහතාගේද ඉහළම අවධානය දිනා සිටින ජෙෆ්රි වැන්ඩසේ, දෙවැනි ඉනිමේදීත් ලකුණු 94 කට කඩුලූ 3 ක් දවාගත්තේය. පළමු ඉනිමේදී ලකුණු 73 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් වූ වැන්ඩසේ මොහොතින් මොහොත තමන් කෙරේ අවධානය වැඩිකරගනිමින් සිටියේය.

වැන්ඩසේ හමුවේ පිත්ත දිගහැරීමට පිතිකරුවන් උත්සුක වන නමුත් නිර්භයව පන්දුව ගුවනේ පාකරමින් කඩුලූ සොයා යාමට තරම් ධෛර්යයක් වැන්ඩසේ සතුවීම නිර්ව්‍යාජ පා දග පන්දු යවන්නකු බිහිවීමේ සුබ අනාගතයක පෙරනිමිත්තකි.


සජීවී ලකුණු පුවරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ පාකිස්ථානය අතර පුහුණු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා…

ඡායාරූප – ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි

හේරත්ගේ අභියෝගයට අපි සූදානම් – මිස්බා


 

ඇන්ජලෝ මැතිව්ස් සහ මිස්බා උල් හක් ‘හයර් මොබයිල්’ කුසලාන සමඟ.


ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත්ගේ අභියෝගයට මුහුණදීමට පාකිස්තානු කණ්ඩායම සතුව සැලැස්ම කීපයක් ඇති බව පාකිස්කතානු ටෙස්ට් පිලේ නායක මිස්බා උල් හක් පැවසීය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 17 වැනිදා ගල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ‘හයර් මොබයිල්’ කුසලාන ටෙස්ට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සදහා කොළඹදී අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මිස්බා උල් හක් මෙසේ ද පැවසීය.

‘‘ශ්‍රී ලංකාවේදී අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත්ගේ පන්දු හමුවේ අපි අපහසුතාවට පත්වුණා. හේරත් මේ වන විටත් හොදින් පන්දු යවමින් ඉන්නවා. අපේ ක‍්‍රීඩකයො හොඳින් පුහුණුවීම් කරමින් සිටිනවා. හේරත්ට මුහුණ දීමට අපි සතුව සැලැස්ම කීපයත් තිබෙනවා’’

‘‘ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවේදී ඉතාමත් ශක්තිමත්, අපිට ශ්‍රී ලංකාවේදී පසුගිය සංචාරවල සාර්ථක වෙන්න බැරි වුණා. අපි හොදින් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා’’ යැයි මිස්බා උල් හක් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට 2014 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත් කඩුලූ 23 ක් දවා ගනිමින් පාකිස්තානු පිතිකරුවන්ගේ භීතිකාව බවට පත්විය.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙම තරගාවලිය සඳහා ලැබී ඇති සංචිතය පිළිබදව ගොඩක් සතුටු වන බවත් එය නවක සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ මිශ‍්‍රණයක් බවයි.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියට ඇති සූදානම පිළිබදව ඇන්ජලෝ මෙසේ අදහස් දැක්වීය.

‘‘අපි මාස දෙකක පමණ කාලයක් පුහුණුවීම් කළා. හොද සූදානමකින් ඉන්නේ. පාකිස්තානු කණ්ඩායම අපේ රටේ වැඩි තරග සංඛ්‍යාවකට සහභාගි වී තිබීම නිසා ඔවුන් පරාජය කිරීම පහසු නෑ. නමුත් මම හිතනවා මගේ කණ්ඩායමට එය කළ හැකියි’’

‘‘අපේ කණ්ඩායමට කඩුලූ රකින්නන්ගෙන් ප‍්‍රශ්නයක් නෑ. හතර දෙනෙක් විතර ඉන්නවා. බොහෝ දුරට චන්දිමාල් කඩුලූ රකියි. ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නෑ. සංචිතයේ 15 දෙනාම ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩකයන්, අවසන් 11 දෙනා තෝරා නෑ. කුසල් ක‍්‍රීඩා කරයිද කියලා තවම කියන්න බෑ’’

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පහළට වැටීම පිළිබඳව ඇන්ජලෝ මෙසේ අදහස් දැක්වීය.

‘‘අපේ කණ්ඩායම පසුගිය වසර දෙක පමණ කාලය තුළ ටෙස්ට් තරගවලදී හොදින් ක‍්‍රීඩා කළා. අපි මේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙන්නේ මාස හයකට පසුවයි. පසුගිය කාලේ අපි ක‍්‍රීඩා නොකළ නිසා ශ්‍රේණිගත කිරීමේ පහළට වැටුණා’’

මෙම මාධ්‍ය හමුවට පාකිස්තානු පිලේ කළමණාකරු පාකිස්තානු හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක වාකාර් යුනිස්, ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි යන මහත්වරු ද සහභාගි වූහ.

ඡායාරූපය: ශාන්ත රත්නායක

බර වැඩට පෙර හේරත්ට විවේකය

වසර එක හමාරක කාලයක් තුළදී තුන්වැනි වතාවටත් ටෙස්ට් තරගාවලියක් සඳහා සූදානම් වන ශී‍්‍ර ලංකා සහ පාකිස්තානු කණ්ඩායම් දෙකම එකිනෙකා පිළිබඳව හොඳින්ම දනිති. එහෙත් දෙපිලේ ඉලක්ක මොනවාද යන්න පිළිබඳව නම් ඇත්තේ කුකුසකි. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (17 වැනිදා) ආරම්භ වන්නේ එවන් වාතාවරණයක් තිබියදීය.

මාස පහකට පසුව ටෙස්ට් තරගාවලියකට සූදානම් වන ශී‍්‍ර ලංකා පිලට ඇත්තේ හැකි ඉක්මනින් දස්කම් අතරට පිවිස නැවතත් ටෙස්ට් තරග රටාවට අවතීර්ණ වීමේ ආශාවයි. මක්නිසාද යත් ඉදිරි මාස හය ඇතුළතදී ටෙස්ට් තරග 10 කට මුහුණ දීමට ඔවුන්ට සිදුවන බැවිනි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ පිරිස ඒ බව හොඳින්ම වටහාගෙන සිටිති. ඇරත් තවත් දෙමසක ඇවෑමෙන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන කුමාර් සංගක්කාරට ගැලපෙන සමුගැනීමේ සංදර්ශනයක් වෙනුවෙන් දස්කම් මුවහත්කරගැනීමේ අවශ්‍යතාවද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තදින්ම තිබේ.

ලෝක කුසලන තරගාවලියට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අන්තර්ජාතික තරග වලට සහභාගි නොවීය. ටෙස්ට් සංචිතයේ සිටින කී‍්‍රඩකයන් අතුරින් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැති අයි. පී. එල්. තරගාවලියට සහභගි වූයේද ඇන්ජලෝ මැතිව්ස් පමණි.

අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්
1 දකුණු අපි‍්‍රකාව    130
2 ඕස්ටේ‍්‍රලියාව 111
3 නවසීලන්තය 99
4 ඉන්දියාව 97
5 එංගලන්තය 97
6 පාකිස්තානය    97
7 ශී‍්‍ර ලංකාව 96
8 බටහිර ඉන්දිය කොදෙව් 81
9 බංග්ලාදේශය 41
10 සිම්බාබ්වේ 5

එබැවින් ලද විවේකය තරමක් දීර්ඝ යයිද එය දස්කම් කෙරේ කිසියම් අනිසි බලපෑමක් ඇතිකළ හැකිවා මෙන්ම වඩාත් හොඳ ප‍්‍රතිඵළ ගෙන එනු ඇතැයිද එකිනෙක හා ගැටෙන මත දෙකකි.

”තරමක් දුරට ඒ දෙකම තියෙනවා….සමහර වෙලාවට අපි ටිකක් මේ කී‍්‍රඩාවට (ටෙස්ට් තරග සඳහා) අලූත් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමේ. අපි පසුගිය සති කිහිපයේදී ඉතාමත් වෙහෙස මහන්සියෙන් පුහුණු වුණා”

”ඒ නිසා ඒ විවේකය අපට ඉතාමත් වටිනවා. ඒ විවේකය නිසා අපට කිසියම් පුනර්ජීවයක් ලැබෙනවා” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අද (16 වැනිදා) ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත පිල වෙනුවෙන් පළමු පෙළ තරග කිහිපයකට සහභාගි වූ කුමාර් සංගක්කාර නැවතත් ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටී. මෙය පාකිස්තානු පිලට එරෙහිව ඔහු සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලියයයි.

මෙතෙක් ලබා සිටින ටෙස්ට් ශතක 38 න් 10 ක්ම පාකිස්තානයට එරෙහිව ලබා සිටින මෙම අලංකාර වමත් පිතිකරුවා පාකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු සංඛ්‍යාව 2803 කි. එහි ඉනිමක සාමාන්‍යය 80.25 කි. නිශ්චිත ඉලක්ක ආසන්නයේදී ඉතාමත් විචක්‍ෂණ ආකාරයෙන් කි‍්‍රයාත්මක වන සංගක්කාර පාකිස්තානයට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගාවලියේදී කුමක් කරන්නට ඉටාගෙන සිටින්නේද යන්න පිළිබඳවත් විමසිලිමත් වීම වටී.

ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ රකින්නා වශයෙන් වසර 2000 දී ගාල්ලෙන් ආරම්භ කළ ටෙස්ට් දිවිය ගාල්ලේදීම නිමා කිරීමට සූදානම් වන සංගක්කාර, ටෙස්ට් පිටියෙන් සමුගැනීමට පෙර ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ද්විත්ව ශතක 12 වාර්තාව සමකිරීමට ඉටාගෙන සිටින්නේ නම් අද ආරම්භ වන ටෙස්ට් තරගය මෙන්ම තරගාවලියද ඒ සඳහා ඔහුට හොඳ අවස්ථාවකි.

වඩාත් හොඳ ටෙස්ට් පිතිකරුවකු වීම සඳහා සංගක්කාර බිම තැබූ කඩුලූ රැකීමේ අත් ආවරණ දිනේෂ් චන්දිමාල් අහුළාගෙන තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම වටකරගෙන සිටින පිතිකරුවන් දිහා බලන විට කණ්ඩායමට එක්වීමට චන්දිමාල්ට ගතහැකි හොඳම උපායමාර්ගය වන්නේද කඩුලූ රැකීමේ අත් ආවරණ බාරගැනීමයි.

කෙසේ වෙතත් ටෙස්ට් පිතිකරුවකු වශයෙන් දිගු ගමනක් යාමේ හැකියාවක් ඇති චන්දිමාල්ට නුදුරු අනාගතයේදීම (බොහෝ විට සංගක්කාරගේ සමුගැනීමෙන් පසුව) කඩුලූ රැකීමේ අත්ආවරණ වෙනත් අයකුට බාරදී ස්ථාවර ඉදිරපෙළ පිතිකරුවකු වීමට හොඳ අත්තිවාරමක්ද මෙම තරගයේදීම දමාගත හැකිය.

අද ඇරඹෙන තරගය සම්බන්ධයෙන් තේරීම් කමිටුවට ඇත්තේ එකම හිසරදයක් පමණි. ඒ කණ්ඩායමේ අංක 7 පිතිකරුවා කවුරුන්ද යන්න තෝරා ගැනීමයි.

දිගු කලකට පසුව ජෙහාන් මුබාරක් නැවතත් ටෙස්ට් සංචිතයට එක්ව සිටියද, පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව ඉතාමත් හොඳ දස්කම් පෙන්වූ කුසල් පෙරේරා සහ කිත්රුවන් විතානගේ දෙදෙනා පසෙකට ඇදදමමින් ටෙස්ට් පිලට එක්වීමට මුබාරක්ගේ පන්දු රැකීමේ දක්‍ෂතා පමණක් පමාණවත් වේ යයි සිතිය නොහැකිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇන්ජලෝ මැතිව්ස් කීවේ මෙවන් කතාවකි.

”මා තවමත් තේරීම් කමිටු නිලධාරීන් හමුවූයේ නෑ. ඒත් අවසන් කී‍්‍රඩකයන් 11 දෙනා අතරට එක්වීම සඳහා කිත්රුවන් ඉතාමත් ආසන්නයෙන් සිටිනවා… ඒත් ඒ ගැන තවමත් අවසන් තීරණයක් නෑ” යයි මැතිව්ස් ඊයේ දහවල් පැවසීය.

ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ දග පන්දු යවන්නා වන රංගන හේරත්ට ඊයේ විවේක දිනයකි. අද දවසේ ඔහුට වඩාත් බර වැඩකොටසක් පැවරෙන හෙයින් ඊයේ පුහුණුවීම් වලින් හේරත් විවේක ගන්වා තිබිණ. හේරත්ගේ සහායක පන්දු යවන්නා කවුරුන්ද යන්න ඊයේ සවස වනතුරුත් තීරණය කර නොතිබුණේ අද පෙරවරුවේදී තණතීරුවේ ස්වභාවය බලා අවසන් තීරණය ගැනීමට පිණිසය.

”ඔහුට කිසිම ආබාධයක් නෑ. ඒත් හෙට දවසේ එයාට බර වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා අද අපි එයාට විවේක දුන්නා” යයි හේරත් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

රංගනගේ සහායකයා වීම සඳහා ටෙස්ට් තරග 7 කදී කඩුලූ 36 ක් දවාගනිමින් සාර්ථක දස්කම් දක්වා තිබෙන ඩිල්රුවන් පෙරේරාට වැඩි අවස්ථාවක් තිබෙන නමුත් තරිඳු කෞෂාල්ද කිසිසේතම අමතක කළ නොහැකිය. එය තරිඳු කෞෂාල් සහ ඩිල්රුවන් දෙදෙනා සම්බන්ධයෙන් ඔට්ටු තැබීමකි.

අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම ලයිස්තුව අනුව පළමු සහ දෙවැනි ස්ථාන දිනාගෙන සිටින දකුණු අපි‍්‍රකාව (ප‍්‍රසාද ලකුණු 130) සහ  ඕස්ටේ‍්‍රලියාව (ප‍්‍රසාද ලකුණු 111) සිටින්නේ සෙසු කණ්ඩායම් වලට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. එහෙත් තුන්වැනි ස්ථානයේ සිටින නවසීලන්තය (99) සහ හත්වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාව (96) අතර පරතරය ප‍්‍රසාද ලකුණු 3 කි.

මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා – පාකිස්තාන් තරගාවලියේදී දෙපිලටම අලූත් ඉලක්ක නිර්මාණය වී තිබේ. තරගාවලිය 3-0 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකාව හෝ පාකිස්තානය සමත් වුවහොත් ප‍්‍රසාද ලකුණු 8 ක් එක්කරගනිමින් එක්වරම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ තුන්වැනි ස්ථානය ලබාගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට මෙන්ම පාකිස්තානයටද තිබේ. 3-0 ක ජයක් පමණක් නොව ඒ සඳහා 2-1 ක තරගාවලි ජයක් වුවද දෙපිලටම ප‍්‍රමාණවත්ය. මක්නිසාද යත් 2-1 ක තරගාවලි ජයකදී වුවත් ප‍්‍රසාද ලකුණු 6 ක් හිමිවන බැවිනි.

2-1 ක තරගාවලි ජයකින් අනතුරුව පාකිස්තානයට ප‍්‍රසාද ලකුණු 101 ක් ද ශී‍්‍ර ලංකාවට ප‍්‍රසාද ලකුණු 100 ක් ද හිමිවේ.

ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, රංගන හේරත්, නුවන් ප‍්‍රදීප්, ජෙහාන් මුබාරක්, කුසල් ජනිත් පෙරේරා, තරිඳු කෞෂාල් සහ දුෂ්මන්ත චමීර

පාකිස්තාන් සංචිතය
මිස්බා උල් හක් (නායක), අසාර් අලි (උප නායක), මොහොමඕ හෆීස්, අහමඞ් ෂෙශාඞ්, ෂාන් මසූඞ්, යුනිස් ඛාන්, අසාඞ් ශෆීක්, හැරිස් සොහේල්, සෆ්රාස් අහමඞ් (කඩුලූ රකින්නා), යසිර් ෂා, සුල්ෆිකාර් බාබර්, වහබ් රියාස්, ජුනයිඞ් ඛාන්, ඉම්රාන් ඛාන් සහ එශාන් අලි