Category Archives: widget

වොට්සන් – හැඩින් තේරීම් කමිටු දංගෙඩියට


අළුබඳුනේ වත්මන් හිමිකාරයන් වන ඔස්ටේ‍්‍රලියානු පිල කාඞීෆ් නුවරදී ඊයේ නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 169 ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන ෂේන් වොට්සන්ගේ සහ බ‍්‍රැඞ් හැඩින්ගේ කි‍්‍රකට් අනාගතය සියුම් විමර්ශනයකට ලක්වෙමින් තිබේ. එම තරගයේ දී එංගලන්තය දුන් ලකුණු 412 ක ඉලක්කය හඹා ගිය ඔස්ටේ‍්‍රලියානුවන් ඊයේ පස්වරු තේ පානයෙන් පසුව ලකුණු 242 කට දැවී ගියේය.

 

අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය පරාජය වීමෙන් පසුව ඔස්ටේ‍්‍රලියාව අවසන් වරට එම තරගමාලවේ ජය හිමිකරගත්තේ 1997 එංගලන්ත සංචාරයේදීය.

 

එබැවින් ඊයේ ලැබූ පරාජයත් සමග ඔස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ට ලබන බ‍්‍රහස්පතින්දා ලෝඞ්ස් පිටියේ දී ඇරැඹීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර සිය කණ්ඩායම ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය අවධාරණය කරයි.

 

”මිචෙල් ස්ටාක් තුවාල ලබා සිටින නිසාත්, ෂේන් වොට්සන්ට සිය දස්කම් මුවහත් කරගැනීමට ලැබුණු අවස්ථා ගණනාවක්ම ම`ග හරවා ගත් නිසාත් දෙවැනි ටෙස්ට් තරගයට පෙර මොනව හරි වෙනස්කමක් වේවි” යයි ඔස්ටේ‍්‍රලියාවේ මාධ්‍ය පවසයි.


 
මේ අතර ‘සන්ඬේ ඒජ්‘ පුවත්පතේ ග්‍රෙග් බොයුම් කියා සිටින්නේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සිටින රැවුල සුදුවූ කී‍්‍රඩකයන්ගේ අස්ථීරභාවය නිසා යොවුන් කී‍්‍රඩකයන් ගැන සිතිමට කාලය උදාවී ඇති බවකි. වැඩිපුරම පහර වැදී ඇත්තේ වොට්සන්ට හා හැඩින්ටය. එබැවින් ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය වැට උඩ තිබෙන තත්ත්වයට පත්වී තිබේ.

 

ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලියේ කි‍්‍රඩා වෙබ් අඩවියේ ලියුම්කරුවකු වන ජෙෆ් ලෙමන් මෙසේ කියයි.

 

”වොට්සන්ගේ කාලය ඉවරයි. ඔහුගේ විශ්වාසනීයත්වය බිඳ වැටිලා…ඔහු කොහෙත්ම ඔහුගේ කී‍්‍රඩාවෙන් තෘප්තිමත් වන බවක් පෙනෙන්නට නෑ” යයි ලෙමන් කියයි.

 

කඩුලූ රකින හැඩින්ගේ ස්ථානය ද තර්ජනයකට ලක්වී තිබේ. එංගලන්ත පළමු ඉනිමේ දී ශතකයක් රැුස් කළ ජෝ රූට් ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර දුන් උඩපන්දුව අතහැරිය නිසා හැඩින් ඇති තරම් බැනුම් අසන්නට පටන් ගෙන තිබේ.

 

දෙවැනි ටෙස්ට් තරගයට පෙර සිය කණ්ඩායමේ සංයුතිය ගැන සිතා බැලීමට ඔස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුවට ඇති කරම් කාලය තිබේ. විස්තර විචාරකයන් සහ මාධ්‍යවේදින් දැන් වොට්සන් ගැන ඔවුන්ගේ ඇති සුභවාදී ආකල්ප වෙනස් කොට ඇත. 34 හැවිරිදි වොට්සන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට එරට තේරිම් කමිටුවට දැඩි තීරණයක් ගත යුතුව ඇතැයි ඔවුහු කියා සිටිති.

 

කාඩිෆ් ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම වොට්සන් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. එය ඔහුගේ තරග දිවියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය 29 වැනි වතාව ද විය.

 

2005 වසරේ දී ටෙස්ට් වරම් ලැබූ වොට්සන් කී‍්‍රඩා කළ ඉනිම් 109 දී පවත්වාගෙන ඇත්තේ ලකුණු 35.19 ක සාමාන්‍ය ගණනකි. ඔහු ශතක 4 ක් සහ අර්ධ ශතක 24 ක් රැුස්කොට තිබේ. කි‍්‍රස් රොජර්ස් (ඉනිම් 41 කදී ශතක 4ක්), ඬේවිඞ් වෝනර් (ඉනිම් 74 කදී ශතක 4ක්), සහ ස්ටීවන් ස්මිත් (ඉනිම් 56 කදී ශතක 9 ක්) හා සැසඳීමේ දී වොට්සන් මෙසේ දැඩි විවේචනයට භාජනය වීමේ අරුමයක් නැත.

 

අනික ඔහු පළමු තරගයේ ඔහු යැවූ කඩුලූ නොලද  ඕවර 13 නිරීක්ෂණය කිරීමේ දී ස්ථාවර හා කඩුලූ බිඳ දමන පස්වැනි පන්දු යවන්නකු ගැන සිතීමට එරට තේරීම් කමිටුවේ නිදහසට වෙනත් කරුණක් අවශ්‍ය නොවේ.  

 


- 077

එංගලන්තයට ලකුණු 169 ක විශිෂ්ට ජයක්


වැඩිදෙනාගේ තේරීම අනුව ශක්තිමත්ම හා ජනප‍්‍රියතම කණ්ඩායම ලෙස ලේබල් අලවාගෙන අළුබඳුන ටෙස්ට් තරගමාලාවට එක්වූ ඔස්ටේ‍්‍රලියාව කාඩිෆ් හී සොෆියා උද්‍යාන ක‍්‍රීඩංගණයේ දී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 169 ක පරාජයක් උරුම කරගත්තේ තරගය නිමාවීමට තවත් දිනයක් එහෙම පිටින්ම ඉතිරිව තිබියදීය.


තරගයේ ජයග‍්‍රහණය සඳහා එංගලන්තය දුන් ලකුණු 412 ක ඉලක්කය හඹාගිය ඔස්ටේ‍්‍රලියාව ඊයේ දිනය නිමාවීමට  ඕවර 19 කුත් පන්දු 3 ක් තිබියදී ලකුණු 242 කට දැවී ගියේය.


තරගය පුරා, තුන් ඉරියව්වෙන්ම, කැපී පෙනෙන දස්කම් පෑ මුයින් අලී යැවූ පන්දුවකට  ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ අවසන් පිතිකරු ජොස් හේස්ල්වුඞ් ගැසූ පහර උඩපන්දුවක් ලෙස රැකගැනීමත් සමගම  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගමන නිමා විය.

 

ලෝන්  ඕෆ් කලාපයේ ඈත කෙළවර සිට ඉතා සුරක්ෂිතව උඩපන්දුව රැුකගත් ජෝ රූට්, පසුව තරගයේ වීරයා ලෙස සම්මානය අත්කරගත්තේය.

 


ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ අවසන් පිතිකරු පෙළම ආපසු කී‍්‍රඩාගාරයට යැවූ මුයින් අලී හා ජෝ රූට් එක්ව ප‍්‍රතිවාදී ඉනිමේ කඩුලූ 5 ක් බෙදා හදා ගත් අතර ස්ටුවර්ට් බ්‍රෝඞ් හා මාක් වුඞ් අතරේ ද කඩුලූ 5 ක් බෙදී ගියේය. එය කණ්ඩායමක සාමූහික උත්සාහයට කදිම නිදර්ශනයක් විය.


ඊයේ සවස තේ පානයට තරගය නතර කරන විට ඔස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 162ක් ලබා සිටි අතර තේ පානයෙන් පසුව වැඩි බර කරට ගත් මිචෙල් ජොන්සන් අනිත් අන්තයේ සිටි මිචෙල් ස්ටාක්ට වැඩි පීඩනයක් නොදීමට වග බලාගත්තේය. එපමණක් නොව එංගලන්තයේ ජයග‍්‍රහණය පමාකොට තරගය සවස් වනතුරුම ඇදගෙන යාමටද ජොන්සන් සමත්විය.

 


ජොන්සන් රැස් කළ ලකුණු 77 කලෙකට පසුව ඔස්ටේ‍්‍රලියානු පසුපෙළ පිතිකරුවකුගෙන් දක්නට ලැබුණු සටන්කාමී ඉනිමකි. එමෙන්ම එය ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය.  

 


වමතින් පන්දුවට පහර දෙන ජොන්සන් සිය වේග පන්දු සගයා වන මිචෙල් ස්ටාක් සමග එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 72 ක සම්බන්ධතාවක් ද ගොඩනැගුවේය. එය බිඳ වැටුණේ ජෝ රූට්ගේ පන්දු යැවීම පරික්’ෂාකර බැලීමට එංගලන්තය නායක අලෙස්ටෙයාර් කුක් ගත් විචක්ෂණශීලී තීරණයත් සමගය.

 


මේ අවස්ථානුකූල පන්දුයවන්නාගේ පළමු  ඕවරයට හතරේ පහර 3 කින් සහ හයේ පහරකින් සංග‍්‍රහ කිරීමට ජොන්සන් සමත්වූවත් එංගලන්තයට හිසදරයක් වූ එම සම්බන්ධතාව බිඳ දමා නායකයාගේ බලාපොරොත්තුව ඉටු කිරීමට රූට් සමත්විය. මිචෙල්ලා දෙදෙනාම රුට්ගේ පන්දු හමුවේ දැවී ගියහ.

 


 ඕස්ටේ‍්‍රලියානුවන්ගේ හිසට ඉහළින් පරාජයේ සෙවණැලි වැටෙන්නට පටන් ගත්තේ ඔවුන්ගේ ඉනිමේ ආරම්භයේ සිටමය.
ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් අර්ධ ශතකයකින් ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ ලකුණු පුවරුව ශක්තිමක් කළ ද ඔහු සිය පළමු ලකුණ ලබා ගැනීමට පන්දු 27 ක්ම වැය කිරීමට සිදුවිය. සටන සිතූ තරම් පහසු එකක් නොවන බව ඒ මොහොතේ කී‍්‍රඩාගාරයේ පා ආවරණ පැළඳ සිටි ඔස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ට සිතෙන්නට ඇත.

 


එංගලන්ත පන්දු යවන්නෝ මුල සිටම තරගයේ පාලනය සියතට ගැනීමට දැඩි වෙහෙසක් දැරූහ. ඔස්ටේ‍්‍රලියානුවන්ගේ තිගැස්ම වැඩි වූයේ එය දැනෙන්නට පටන් ගත් විගසය. එංගලන්ත කී‍්‍රඩකයන්ගේ පන්දු රැකීම ඇදහිය නොහැකි තරමේ විශිෂ්ට මට්ටමක පැවැති අතර  ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේදී බ‍්‍රැඞ් හැඞ්න් දවාගැනීමට නායක ඇලිස්ටෙයාර් කුක් රැකගත් උඩපන්දුව ‘අළු බඳුන’ ඉතිහාසයට එක්වනු නිසැකය.


මේ ජයග‍්‍රහණත් සමගින් තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගමාලාව එංගලන්තය 1-0ක් ලෙස සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. දැන් ඔස්ටේ‍්‍රලියාවට සිදුව ඇත්තේ යළි සිය පරාජයේ දිග පළල ඉතා හොඳින්  නිරීක්ෂණය කොට නැවත සාර්ථකව තරගමාලාවට අවතීර්ණ වන්නටය.


එංගලන්තය පළමු ඉනිම – 430

 

(ගැරී බැලැන්ස් 61, ජෝ රූට් 134, මුයීන් අලි 77, බෙන් ස්ටෝක්ස් 52, මිචෙල් ස්ටාක් 114/5, ජොස් හැස්ල්වුඞ් 83/3)

 

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම – 308

 

(කි‍්‍රස් රොජර්ස් 95, මයිකල් ක්ලාක් 38, ඬේවිඞ් ස්මිත් 33, ඇඩම් වෝගස් 31, ශේන් වොට්සන් 30, ජේම්ස් ඇන්ඩර්සන් 43/3, ස්ටුවර්ට් බ්‍රෝඞ් 60/2, මාක් වුඞ් 66/2, මුයින් අලි 71/2)

 

එංගලන්තය දෙවැනි ඉනිම – 289

 

(ඇඩම් ලිත් 37, ඉයන් බෙල් 60, ජෝ රූට් 60, බෙන් ස්ටෝක්ස් 42, මාක් වුඞ් නොදැවී 32යි, මිචෙල් ජොන්සන් 69/2, ජොස් හේස්ල්වුඞ්

49/2, මිචෙල් ස්ටාක් 60/2, නේදන් ලයන් 75/4)

 

ඔස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම – 242

 

(ඬේවිඞ් වෝනර් 52, ඬේවිඞ් ස්මිත් 33, මිචෙල් ජොන්සන් 77 යි, ස්ටුවර්ට් බ්‍රෝඞ් 39/3, මුයින් අලි 59/3, මාක් වුඞ් 53/2, ජෝ රූට් 28/2)
 

 

077

 

 

 

ඕස්ටේ‍්‍රලියානුවන්ට ලකුණු 412 ක ඉලක්කයක්


කලෙකට පසුව යළි සිය සුපුරුදු දස්කම් සොයා ගත් ඉයන් බෙල් එංගලන්ත පළමු ඉනිමේ විශිෂ්ට ශතකයක් රැස් කළ ජෝ රූට් හා එක්ව සිවුවැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 97 ක තීරණාත්මක සම්බන්ධතාව මත කාඩිෆ් හී පැවැත්වෙන අළුබඳුන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දින නිමාවෙද්දී ජයග‍්‍රහණය සඳහා ලකුණු 412 ක දැවැන්ත ඉලක්කයක් ඕස්ටේ‍්‍රලියානුවන්ට දීමට එංගලන්තයට හැකිවී තිබේ.

 

තුන්වැනි දිනයේ දී කාඩිෆ් තණතීරුවේ ඉතා තියුණු දග කැවීමක් හා පන්දුව ඉහළට ඉපිලීමක් දක්නට ලැබිණි. දෙවැනි දිනයේ තරගය නතර කරද්දී කඩුලූ ලකුණු 264 කට කඩුලූ 5ක් බිඳවැටී තිබූ ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ෂේන් වොට්සන් දැවී ගියේ ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් පමණක් එකතු වෙද්දීය.

 

අනතුරුව දිවා ආහාරයට පෙර ප‍්‍රතිවාදීන්ගේ ඉනිම නිමාවට පත් කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

 

අනතුරුව ලකුණු 122 ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත පිලේ මුල් කඩුලූ 3 ක් ලකුණු 73 කට බිඳ දැමීමට ඔස්ටේ‍්‍රලියාවට හැකිවිය. තරගයේ වාසිය එංගලන්ත පිල දෙසට හැරවූ ඉයන් බෙල්ගේ හා ජෝ රූට්ගේ සම්බන්ධතාව ගොඩ නැගුණේ ඉන් පසුවය.

 

බෙල් ලකුණු 60කට දැවීයාමෙන් පසුව පිටියට පැමිණි තුන් ඉරියව් කී‍්‍රඩක බෙන් ස්ටෝක්ස් වටිනා ලකුණු 42 ක් රැස් කිරීමට සමත්විය. රූට් දැවී ගියේ ද ලුකුණු 60 ක් ලබා සිටියදීය. ලකුණු 53 ක් ඇතුළත එංගලන්ත පිලේ අවසන් කඩුලූ පහම බිඳ වැටුණේය.

 

ලකුණු 289 කට ඉනිම නිමාවට පත්වූවත් පළමු ඉනිමේ වාසියෙන් ප‍්‍රතිවාදීන්ට  අසීරු ඉලක්කයක් දුන් එංගලන්ත පිල සිවුවැනි දිනයේ දී ජයග‍්‍රහණය සමරා දිනයක් ඉතිරිව තිබියදීම තරගය නිමාකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

 

බැලූ බැල්මට නම් ඔස්ටේ‍්‍රලියාව ඉදිරියේ ඇත්තේ ලෙහෙසියෙන් යා හැකි නොහැකි ඉලක්කයක් නොවේ. ඔවුන්ට ලකුණු 412 ක් රැස් කිරීමට දින දෙකක්ම ඉතිරිව තිබේ. අවශ්‍ය වන්නේ තැන්පත්ව ලකුණු රැස් කිරීමකි.

 


එංගලන්තය පළමු ඉනිම – 430යි.
(ගැරී බැලැන්ස් 61, ජෝ රූට් 134, මුයීන් අලි 77, බෙන් ස්ටෝක්ස් 52, මිචෙල් ස්ටාක් 114/5, ජොස් හැස්ල්වුඞ් 83/3)

ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිම – 308 යි.
(කි‍්‍රස් රොජර්ස් 95, මයිකල් ක්ලාක් 38, ඬේවිඞ් ස්මිත් 33, ඇඩම් වෝගස් 31, ෂේන් වොට්සන් 30, ජේම්ස් ඇ්න්ඩර්සන් 43/3, ස්ටුවර්ට් බ්‍රෝඞ් 60/2, මාක් වුඞ් 66/2, මුයින් අලි 71/2)

එංගලන්තය දෙවැනි ඉනිම – 289යි.
(ඇඩම් ලිත් 37, ඉයන් බෙල් 60, ජෝ රූට් 60, බෙන් ස්ටෝක්ස් 42, මාක් වුඞ් නොදැවී 32යි, මිචෙල් ජොන්සන් 69/2, ජොස් හැස්ල්වුඞ් 49/2, මිචෙල් ස්ටාක් 60/2, නේදන් ලියොන් 75/4)


- 077

ඉන්දියාවට ලකුණු 4 ක තියුණු ජයක්


සංචාරක ඉන්දීය පිල සහ සිම්බාබ්වේ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හරාරේහිදී අද (10) පැවැති පළමු තරගයෙන් ඉන්දීය පිල ලකුණු 4 ක තියුණු ජයක් ලැබීය.

 

ලකුණු 256 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ පිලට  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 251 ක් පමණි. අවසන්  ඕවරයට ලකුණු 10 ක් රැස්කිරීමට සිදුවූ අතර රැස්කළ හැකි වූයේ ලකුණු 5 කි.

 

නායක එල්ටන් චිකුම්බුරා පන්දු 101 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස් කළේය.  

 

අම්බාටි රයිදු පන්දු 133 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 124 ක් රැස්කිරීමට සමත් විය. මෙය රයිදුගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.

 

ඉන්දීය පිල ලකුණු 87 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියදී අම්බාටි රයිදු සහ ස්ටුවට් බිනි හයවැනි කඩුල්ලට ලකුණු 160 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

 

ස්ටුවට් බිනි වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 76 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත් විය.

 

මෙම තරගාවලියට ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දොන් සහ විරාට් කෝලි ඇතුඵ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් සහභාගි නොවන අතර අජින්‍යා රහනේ නායකයා ලෙස කටයුතු කරයි.

 


ඉන්දීය පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 255
(අජින්‍යා රහනේ 34, අම්බාටි රයිදු නොදැවී 124, ස්ටුවට් බිනි 77, ඩොනල්ඞ් ටිරිපානෝ 48/2, චමූ චිබාබා 25/2)

සිම්බාබ්වේ පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 251
(විසි සිබන්ඩා 20, හැමිල්ටන් මසකඞ්ෂා 34, එල්ටන් චිකුම්බුරා නොදැවී 104, සිකාන්දර් රාසා 37, ග‍්‍රැහැම් ක‍්‍රිමර් 27, ස්ටුවට් බිනි 54/2, අෂාර් පටෙල් 41/2)


- 048

 

රැවුල්කාරයා ඕස්ටේ‍්‍රලියාව අමාරුවේ දමයි


ඔස්ටේ‍්‍රලියාවේ අපරීක්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් කාඩිෆ් පිටියේ පැවැත්වෙන අළුබඳුන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවනවිට තරගයේ පාලනය සියතට ගැනීමට එංගලන්තය සමත්ව සිටී.

 

දිනය නිමාවෙද්දී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ඔස්ටේ‍්‍රලියාව කඩුලූ 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 264කි. ඒ අනුව ඔවුන් තවත් කඩුලූ 5 ක් අතැතිව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 166 ක් පසුපසින් සිටි.

 

එංගලන්ත පළමු ඉනිමේ අගනා අර්ධ ශතකයකට හිමිකම් කී මුයින් අලී ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ට දැඩි පීඩනයකට ලක්කරමින් කඩුලූ දෙකක්ම බිඳ දැමුවේය.දෙවැනි දිනයේ උදෑසන තරගය ආරම්භ කර වැඩි වේලාවක් යාමට පෙර ඔස්ටේ‍්‍රලියානුවන් සිතා සිටි පරිදි එංගලන්ත ඉනිම නිමා කිරිමට ඔවුන්ට හැකිවූයේ නැත. පෙරේදා සවස නොදැවී සිටි මුයින් අලිි උදෑසන පිටියට පැමිණි මොහොතේ සිට සිය පිතිහරඹය වේගවත් කරමින් හැකි පමණින් සිය කණ්ඩායමට ලකුණු එකතු කළේය.


කඩුල්ලේ අනික් අන්තයේ සිටි අගපෙළ පිතිකරුවන් දැවී යාමට පෙර එංගලන්ත ඉනිමේ මුලූ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට ඔහු සමත්වූයේ ඉතා වටිනා අර්ධ ශතකයකට ද හිමිකම් කියමිනි. ඊට වැයවූයේ පන්දු 88 ක් පමණි.


එතැනින් නොනැවතුණු රැවුල්කාරයා, ස්ටුවර්ට් බ්‍රෝඞ් හා එක්ව 8 වැනි කඩුල්ලට අගනා ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩ නැගුවේය. එංගලන්ත අගපෙළ පිතිකරුවන් සිය ග‍්‍රහණයට ගත් මිචෙල් ස්ටාක් කඩුලූ 5ක් දවාලීය. ජොස් හැස්ල්වුඞ් කඩුලූ 3ක් බිඳ දැමුවේය.


දිවා ආහාරය වෙද්දී කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටි ඔස්ටේ‍්‍රලියානු පිලේ කඩුලූ දෙකක්ම තේ පානයට පෙර දවාලීමට එංගලන්තයට හැකිවිය. පළමු කඩුල්ලට ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ක‍්‍රිස් රොජර්ස් හා ඬේවිඞ් වෝනර් සමත්වූවත් ලකුණු 17 ක් ලබා සිටියදී ජේම්ස් ඇන්ඩර්සන් හමුවේ වෝනර් දැවී ගියේය.


ඕස්ටේ‍්‍රලියාවේ විශාලතම බලාපොරොත්තුව වූ ස්ටීවන් ස්මිත් ලකුණු 33 කට දැවී ගියේ මුයින් අලීගේ පන්දුවකට නායක ඇලිස්ටෙයාර් කුක් වෙත උඩපන්දුවක් දීමෙනි. තේ පානයෙන් පසුව නායක ක්ලාක් සමග එක්ව අරපරෙස්සමින් යුතුව ඉනිම ගොඩනැගූ රොජර්ස් සිය ශතකයට ලකුණු පහක් අඩුවී තිබියදී වුඞ්ගේ පන්දුවකට ජොස් බට්ලර් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

 

ඉන් පසුව රොජසර්ස් නායකයා සමග එක්වූවත් යළි කි‍්‍රයාත්මක වූ අලි ලකුණු 38 ක් ලබා සිටි ඔස්ටේ‍්‍රලියානු නායකයා ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූවේ ඔහු පෙරළා දුන් උඩපන්දුව ද රැක ගනිමිනි.


එංගලන්ත පළමු ඉනිම -ලකුණු 430 යි


(ගැරී බැලැන්ස් 61, ජෝ රූට් 134, මුයීන් අලි 77, බෙන් ස්ටෝක්ස් 52 ( මිචෙල් ස්ටාක් 114/ 5, ජොස් හැස්ල්වුඞ් 83/3)

 

ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිම – කඩුලූ 5ක් දැවී ලකුණු 264 යි.

 

(කි‍්‍රස් රොජර්ස් 95, මයිකල් ක්ලාක් 38, ඬේවිඞ් ස්මිත් 33, මුයින් අලී 67/2)

 

- 077

 

රූට්ගේ ශතකයෙන් එංගලන්තය ගොඩ එයි


මුහුණදුන් දෙවැනි පන්දුවෙන්ම ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ගේ උඩපන්දු අත්හැරීමකින් කඩුල්ල බේරාගත් ජෝ රූට් ඊයේ (8 වැනිදා) කාඩිෆ්හ සොෆියා උද්‍යාන පිටියේ දී ආරම්භ වූ අළුබඳුන පළමු ටෙස්ට් තරගයේ දිනය හමාර වෙද්දී එංගලන්තයේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 7 කට ලකුණු 343 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූයේ විශිෂ්ට ශතකයකට හිමිකම් කියමිනි.


ඔහු පිටියට පැමිණියේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්තයේ මුල් කඩුලූ තුනම ලකුණු 43 කට බිඳවැටී මහත් අසීරුතාවට පත්ව සිටියදීය.


මිචෙල් ස්ටාක් පන්දු යවමින් සිටියදී ජෝ රූට් මුහුණදුන් පළමු පන්දුවෙන් කඩුල්ල මුවා කිරීමේ තීරණයකින් ගැලවුණු අතර ඊළඟ පන්දුව කඩුල්ලට ඈතින් යද්දී අනවශ්‍ය ආකාරයට ගැසූ පහරකින් යාන්තමින් පිත්තේ දැවටී කඩුලූ රකින බ‍්‍රැඞ් හැඩින්ගේ දකුණු පසට ඇදී ගියේය.

තනි අතින් ඩැහැ ගැනීමට තිබූ ඒ වටිනා උඩපන්දුව හැඩින්ගෙන් ගිලිහී ගියේය. එසේ නොවූවා නම් මේ සටන්කාමී ඉනිම ආරම්භවීමටත් පෙර නිමාවීමට ඉඩ තිබිණි.


එතැන් සිට සිය ප‍්‍රතිවාදීන්ට කිසිම බුරුලක් නොදුන් මේ යෝක්ෂයර් ප‍්‍රාන්ත පිතිකරුවා පන්දු 166 කදී ලකුණු 134 ක් රැස් කරගත්තේය.
ජෝ රූට් සෙමෙන් සෙමෙන් එංගලන්ත ඉනින ගොඩනඟන අතරේ ගැරී බැලන්ස් (61) සහ බෙන් ස්ටෝක්ස් (52) අගනා සම්බන්ධතා දෙකකින් රූට්ට සහාය වූහ. ගැරී බැලන්ස් සමග එක්වූ රූට් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 153 ක සම්බන්ධතාවක්ද අනතුරුව බෙන් ස්ටෝක්ස් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවූහ.


එංගලන්ත පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව 280 ක්ව තිබියදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට ෂේන් වොට්සන් අතට උඩපන්දුවක් දී ඔහු දැවී යනවිට මිනිත්තු 247 ක් කඩුල්ලේ රැඳී තිබිණි.


සිය 25 වැනි උපන්දින කේක් ගෙඩිය කපන්නටත් පෙර ටෙස්ට් ශතක 7 කට උරුමකම් කියන්නට සමත්ව සිටින රූට් ඒ අතින් දෙවැනි වන්නේ නායක අලෙස්ටෙයාර් කුක්ට සහ හිටපු තුන්ඉරියව් ක‍්‍රීඩක ශ‍්‍රීමත් ඉයන් බොතම්ට පමණි. කුක් අවුරුදු 25 පිරෙන්නටත් පෙර ශතක 9 ක් වාර්තා කළ අතර ශී‍්‍රමත් බොතම් ශතක 6 ක් ලබා සිටියේය. රූට්ගේ ශතකය වාර්තා වූයේ පන්දු 118 කිනි. එය අළුබඳුන ටෙස්ට් තරගමාලාවක පළමු තරගයේ පිතිකරුවකු විසින් රැස් කරනු ලැබූ වේගවත්ම ශතකය ද විය.


දෙපිල අතර ගැටුම ආරම්භයේ දීම කඩුලූ 3 ක් අහිමිව අසරණ තත්ත්වයට ඇද වැටුණු එංගලන්තය ඉන් ගොඩගත් රූට් සහය පිතිකරු ගැරී බැලැනස්් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 153ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගුවේය. වසර 2012 දෙසැම්බර් මාසයේ දී ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව එංගලන්ත පිල ටෙස්ට් පිටියේ ගොඩනැගූ ශතක සම්බන්ධතා 37න් 16කටම සම්මාදම් වී ඇත්තේ ඔහුය.
රූට් ඊයේ පිටියට පැමිණියේ අංක 4 පිතිකරු ඉයන් බෙල් එක් ලකුණකට දැවීයාමත් සමගය.  පසුගිය අපේ‍්‍රල් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 143 ක් රැුස් කිරීමෙන් පසුව බෙල් මෙතෙක් කී‍්‍රඩා කළ ටෙස්ට් ඉනිම් 9 දීම ලබා ඇත්තේ ලකුණු 56ක් පමණි.


මිචෙල් ස්ටාක් සහ ජොස් හේස්ල්වුඞ් එංගලන්ත පිලේ ඊයේ දිනයේ බිඳ වැටුණු කඩුලූ 6 ක්ම තුන බැගින් බෙදාහදාගත්හ. පසුගිය තරගමාලාව 5-0 කින් ජයගැනීමට ඔස්ටේ‍්‍රලියාවට කදිම සහයක් ලබාදුන් මිචෙල් ජොන්සන්ට නම් ඊයේ අසාර්ථක දිනයක් විය. ජොන්සන්ගේ තරම දන්නා එංගලන්ත පිතිකරුවන් ඊයේ ඔහුගේ  ඕවර 20 දී කඩුලූ නොදී ලකුණු 87 ක්ම රැුස් කළේ ගෙදර වැඩ හොඳින් කර ආ බැවින් විය යුතුය.


අද උදෑසන වේලසනින්ම එංගලන්ත පිලේ ඉනිම නිමා කොට දැමීම දැන් ඔස්ටේ‍්‍රලියානුවන්ගේ එකම අදිටනයි. එහෙත් ලකුණු රැුස් කළ හැකි අන්දමේ පිතිහරඹයක් පෙන්නුම් කරන මුයීන් අලී හා ස්ටුවර්ට් බ්‍රෝඞ් නොදැවී කඩුල්ලේ සිටින නිසා කෙසේ හෝ ලකුණු 400 සීමාව පන්නා ගැනීම එංගලන්තයේ බලාපොරොත්තුව වී තිබේ.


මුයීන් අලිද පසුපෙළ පිතිකරුවකු නොවේ. ඔහු එක්දින තරග සහ විස්සයි:20 තරග සඳහා එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවාය. මුයින් අලී මෙම තරගයට එක්ව සිිටින්නේ පන්දු යවන්නකු ලෙස වූවත් ඔහු ටෙස්ට් තරග 11 කට කී‍්‍රඩා කර ඇති, ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතක දෙකක හිමිකරුවෙකි.


එංගලන්ත පළමු ඉනිම – කඩුලූ 7ක් දැවී ලකුණු 343යි.

 

(ගැරී බැලැන්ස් 61, ජෝ රූට් 134, බෙන් ස්ටෝක්ස් 52, ජොස් හේස්ල්වුඞ් 70/3, මිචෙල් ස්ටාක් 84/3)

 

- 077

 

 

වැන්ඩසේ යොවුන් පිලට එක්වෙයි


ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන සිවුදින තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා යොවුන් පිළේ නායකයා වශයෙන් රොමේෂ් බුද්ධික තෝරාගනු ලැබ ඇත.


දක්‍ෂ යොවුන් කී‍්‍රඩකයන් 15 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයට ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයේ කී‍්‍රඩකයන් ඇතුළත් නොවන නමුත් පාකිස්තානු පිලට එරෙහිව කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති තුන්දින තරගයේදී කඩුලූ 5 ක් දවාගත් ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත්ව සිටී. වැන්ඩසේ දකුණතින් පා දඟ පන්දු යවන කී‍්‍රඩකයෙකි.


 

ශී‍්‍ර ලංකා යොවුන් සංචිතය


රොමේෂ් බුද්ධික (නායක), සධීර සමරවික‍්‍රම, හෂාන් දුමිඳු, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්‍ෂ, ළහිරු මධුසංක, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩසේ, මිනෝද් භානුක, නිසල තාරක, කසුන් මධුශංක, දෙනුවන් රාජකරුණා, කසුන් රාජිත, සහන් නානායක්කාර සහ ඇන්ජලෝ ජයසිංහ

 

ඩිල්ෂාන් යන්තම් හිස ඔසවයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී මේ දින වල පැවැත්වෙන ‘කැරිබියන් පි‍්‍රමියර් ලීග්’ තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් තවමත් දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වී ඇත.

 

ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් අතුරින් බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ජීවන් මෙන්ඩිස් පමණක් මේ වන විට පන්දු යැවීම අතින් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර ඔහු තරග 4 කට සහභාගී වී කඩුලූ 7 ක් බිඳහෙළා තිබේ.

 

පන්දුවට පහරදීමේදී බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ඩිල්ෂාන් මුණවීර, ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් අතුරින් පෙරමුණේ පසුවන අතර ඔහු තරග 7 කට සහභාගි වී එහිදී ලකුණු 138 ක් ලබා සිටියි.

 

ප‍්‍රධාන පෙලේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු වන ටී. එම්. ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන පිළිවෙලින් තරග 4 කට 5 කට සහභාගිවී එහිදී රැස්කරගෙන ඇත්තේ ලකුණු 67 ක් සහ 13 ක් පමණි.

 

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා – පාකිස්තාන් එක්දින සහ විස්සයි20 තරගවලියට සහභාගි වීම සඳහා ටී. එම්. ඩිල්ෂාන් නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

 

- 036

 

ලකුණු ලබාගැනීම් 
කී‍්‍රඩකයා තරග මුළු ලකුණු වැඩිම ලකුණු සාමාන්‍ය
ඩිල්ෂාන් මුණවීර 
(බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස්) 
7 138 39  
19.71
ටී. එම්. ඩිල්ෂාන් 
(ගයානා ඇමසන් වොරියස්)
4 67 29  
16.75
මහේල ජයවර්ධන 
(ජැමෙයිකා තලවාස්)
5 13 10  
4.33
ජීවන් මෙන්ඩිස් 
(බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස්) 
4 8 8 4
 
පන්දු යැවීම
කී‍්‍රඩකයා තරග කඩුලූ දක්ෂතම පන්දු යැවීම සාමාන්‍ය
ජීවන් මෙන්ඩිස් 
(බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස්) 
4 7 3/33  
8.85
ටී. එම්. ඩිල්ෂාන් 
(ගයානා ඇමසන් වොරියස්) 
4 2 1/9  
28
ඩිල්ෂාන් මුණවීර 
(බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස්) 
7 0 -

Continue reading

චාල්ස් කුමරු ඕස්ටේ‍්‍රලියානුවන් හමුවට යයි


මීට මාස 18 කට පෙර ඔස්ටේ‍්‍රලියාවේ පැවැති අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ දී  ඕස්ටේ‍්‍රලියානු ජයග‍්‍රහණයේ මංපෙත විවර කළ වේගපන්දු යවන කී‍්‍රඩක මිචෙල් ජොන්සන්  හා සටන් වැදීමට අසමත්වූ එංගලන්තය හෙට (8) ඇරැඹෙන පළමු ටෙස්ට් තරගයට ඔන්න මෙන්න කියා තිබියදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම හමුවට ඔවුන්ගේ ප‍්‍රබලතම සෙන්පතියකු එවා තිබේ. ඔහු අන් කිසිවකු හෝ නොව බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුය.

 

ඒ මොහොතේ ඔස්ටේ‍්‍රලියානු පිල පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන කාඩිෆ්හි සොෆියා උද්‍යාන කී‍්‍රඩාංගණයේ සිය පළමු පුහුණු සැසියට සහගාගී වෙමින් සිටියේය.

 

චාල්ස් කුමරු එහි ගොඩ බැස්සේ හෙලිකොප්ටරයකිනි. ගියවර ඉංගී‍්‍රසීන්ගේ කොඳු නාරාටිය බිඳ දමා ඔස්ටේ‍්‍රලියාවට තරග 5-0 ක ජයක් අත්කරදුන් මිචෙල් ගැන අසා තිබූ චාල්ස් කුමරු ගොඩ බට වහාම කණ්ඩායමට සිය සුබපැතුම් එක්කොට මේ වමත් වේගපන්දු යවන්නා ගැන විපරම් කිරීමට දැක්වූයේ දැඩි උනන්දුවකි.

 

”එයා ඇවිත් අපිව මුණගැසී වචනයක් දෙකක් කතා කිරීම විස්මිත සිදුවීමක්. ඔහු මිචෙල් ගැන ගොඩක් ඇහුවා. ඔහුගේ පන්දු යැවීමේ වේගය ගැනත් ඇහුවා” යයි ඒ මොහොතේ එතැන සිටි දග පන්දු යවන කී‍්‍රඩක නේදන් ලයන් පැවසීය.

 

 ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් නායකත්වය එරට රාජ්‍ය නායකත්වයට පමණක් දෙවැනි ලෙස සලකනු ලැබූවත් එංගලන්තයේ නම් එය රාජකීයත්වයට කිසිසේත්ම සමාන නොවන්නක් බව ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ කියති.

 

රාජකීය අමුත්තා රැගත් හෙලිකොප්ටයර් යානය පිටත්ව යනතුරු පිටිය සිසාරා තර කොට තිබූ දැඩි ආරක්ෂක රැකවරණ නිසා ශීත දේශගුණික තත්ත්වය තුළ වූවත් ඔස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ට සිය මාධ්‍ය හමුව ප‍්‍රධාන කී‍්‍රඩාගාරයෙන් පිටත පැවැත්වීමට සිදුවීම ඔවුන්ගේ මේ ප‍්‍රකාශයට හේතුවිය.

 

මේ අතර එංගලන්ත දුම්රිය සේවකයන්ගේ පැය 48 ක වැඩ වර්ජනය නිසා ලන්ඩනයේ සිට කාඩිෆ් නැවතුම් පළ කරා දිවෙන දුම්රිය වාර සැළකිය යුතු ප‍්‍රමාණයක් බදාදා රාති‍්‍රයේ සිට අඩුවීමේ අවදානම් උද්ගතවී තිබේ. මේ වර්ජනය හේතුවෙන් පැයකට සාමාන්‍ය ගමන්වාර දෙකක් ලෙස කි‍්‍රයාත්මක කෙරෙන ප‍්‍රධාන ගමන් මාර්ගයේ දුම්රිය සේවාව පැයකට ගමන් වාරයක් දක්වා අඩුවී තිබේ.

 

වර්ජනය තවත් දිග්ගැස්සුනහොත් සේවය තවත් අඩාල විය හැකි බව දුම්රිය සේවක සංගමය පවසයි.

 

කාඩිෆ් ටෙස්ට් තරගයේ පළමු දින හතරේ ප‍්‍රවේශපත් සියල්ල විකිණී හමාරය.


- 077