Category Archives: Quotes

අර්ජුන රණතුංග

”කී‍්‍රඩකයන් මේ ආකාරයට බියගන්වන එක නොකළ යුතු දෙයක්. එවැන්නකින් ඔවුන්ගේ දස්කම් කෙරේ අනිසි බලපෑමක් ඇතිවිය හැකියි…මේ කී‍්‍රඩකයන් තව මාස දෙකකින් ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරන්න  ඕනෑ කියන එක අප මතක තියාගන්න  ඕනෑ”

”ගාමීණී දිසානායක මහතාට ඕනෑවුණා නම් මගේ කි‍්‍රකට් ජීවිතය මාස කිහිපයකින් කෙළවර කරන්න තිබුණා. ඒත් ඔහු කවදාවත් එහෙම දෙයක් කළේ නෑ”

 

- ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බව පවසමින්

නේතන් ලයන්

”මා හැමදෙනා ළගටම ගිහින් ඇහැව්වේ ප‍්‍රශ්නයක් නෑ නේද කියලයි…පිල්ගේ (පිලිප් හියුස්) සිදුවීම වන අවස්ථාවේදී පිට්ටනියේ හිටපු අපි හතර දෙනාට නැවතත් ඒ වගේ සිද්ධියක් දකින්න  ඕන නෑ….
”සද්දෙත් එදා වාගෙමයි..ඒ නිසා තමයි ඔහුට අනතුරක් නෑ නේද කියලා දැනගන්න අපි හතර දෙනා මෙලෝ සිහියක් නැතිව කෝලි ලගට දුවගෙන ගියේ..”

- ඇඩිලේඞ් ටෙස්ට් තරගයේදී විරාට් කෝලිට පන්දු වැදීමෙන් පසුව

ලසිත් මාලිංග

”ආබාධ තත්වය නම් තාම සම්පූර්ණයෙන්ම සුව වෙලා නෑ. පන්දු යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා….නමුත් කොයි කාලයේ ආබාධය හොඳ වෙයිද කියන්න බෑ. ඒ නිසා තාම පන්දු යවන්න පටන් අරගෙන නෑ”

සිය ආබාධ තත්වය පිළිබද අදහස් දක්වමින්

මාවන් අතපත්තු

”සචිත‍්‍ර සුපුරුදු දස්කම්වල සිටිනවාද යන්න දැන්ම තීරණය කිරීම අමාරුයි. කණ්ඩායමට සේවය ලබා ගැනීම අපි ඔහුව සූදානම් කළයුතුයි. ඔහු පසුගිය කාලේ අන්තර් සමාජ සහ වෙළෙද සේවා තරගවලට සහභාගි වුණා. නමුත් ජාත්‍යන්තර තරගවලදී ඒ පිළිබදව බැලිය යුතුයි”

”සචිත‍්‍ර කියන්නේ ඉතාමත් ශක්තිමත් වගේම ධෛර්යවන්ත ක‍්‍රීඩකයෙක්, අපි බලාපොරොත්තු වෙනවා ඔහු දස්කම් අතර සිටියි කියලා”

සචිත‍්‍ර සේනානායක නැවත කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන්

ඇන්ජලෝ මැතිව්ස්

”ඔහුට තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව නිසා තමයි අපි ඔහුගැන විශ්වාසය තියාගෙන ඉන්නේත් දිගින් දිගටම අවස්ථාව දෙන්නේත්. ඉතින් අපට උවමනා කරන්නේ ඔහු ඒ අවස්ථාව අරගෙන ආරම්භක පිතිකරුවාගේ ස්ථානය තමන් සතුකරගනීවි කියලයි”


- කුසල් ජනිත්ට දිගින් දිගටම අවස්ථාව දීම පිළිබඳව

දැවැන්ත බලාපොරොත්තු කඩවීමක් – මැතිව්ස්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පෙරේදා (03) පැවැති තෙවැනි එක්දින තරගයෙන් පරාජයට පත්වූයේ දුර්වල පන්දු යැවීම සහ පන්දු රැකීම නිසා බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

තරගය අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මැතිව්ස් මෙසේ ද පැවසිය.

‘‘පරාජයට පිළිබදව මම ගොඩක් කණගාටු වෙනවා. අපි ලකුණු 242 ක් රැුස්කරමින් හොද ආරම්භයක් ලබා ගත්තා. තිරිමාන්න හොද ඉනිමක් ක‍්‍රීඩා කළා. ඩිල්ෂාන් නැවත හොද ආරම්භයක් ලබා දුන්නා. ඒ වගේම සංගක්කාර හොද ඉනිමක් ක‍්‍රීඩා කරමින් සටනක් දෙන්න පුඵවන් ලකුණු සංඛ්‍යාවකට ගෙන ආවා”

”දුර්වල පන්දු රැකීම සහ පන්දු යැවීම නිසා පරාජයට පත්වීමට සිදුවුණා. එංගලන්ත පිල හොදින් පන්දුවට පහර දුන්නා. අපේ පන්දු යවන්නේ දුර්වල පන්දු යැවුවා. උඩපන්දු කීපයක් අතහැරියා, නිපන්දු යැවුවා. ඒ ගැන කිසිදු සමාවක් දෙන්න බෑ”

”අපි බලාපොරොත්තුව සිටියා එංගලන්ත පිල කොයිවෙලාවෙ හෝ දස්කම් අතරට එයි කියලා. එය මේ තරගය බවට පත්වුණා. එංගලන්ත පිල ඉතාමත් හොදින් ක‍්‍රීඩා කළා….236 ක් කියන්නේ  ඕවර 35 කට හොද ලකුණු සංඛ්‍යාවක්. පන්දු රැුකීම ඉතාමත් දුර්වල තත්ත්වයක තිබුණේ”
හොදින් පන්දු යවමින් සිටි ධම්මික ප‍්‍රසාද් යැවූ ඉනිමේ 32 වැනි  ඕවරයට ලකුණු 21 ක් රැුස්කිරීම පිළිබ`දව ඇන්ජලෝ මැතිව්ස් මෙසේ අදහස් පළ කළේය.

”ඒ පිළිබදව කණගාටුයි. දග පන්දු යවන්නන්ට පන්දුව අල්ලා ගැනීම අමාරුවූ නිසායි මම වේග පන්දු යවන්නකු යෙදෙව්වේ. නමුත් ඒ  ඕවරයේ ඔහුට අවශ්‍ය ආකාරයට පන්දු යවන්න බැරි වුණා. මම හිතන්නේ ඒ නිසා තමයි ලකුණු 21 ක් වගේ විශාල සංඛ්‍යාවක් ලබාගත්තේ”

ප‍්‍රධාන දග පන්දු යවන්නකු වන ජීවන් මෙන්ඩිස්  ඕවර දෙකක් පමණක් යැවීමට යොදා ගැනීම පිළිබ`දව කළ විමසුමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

”අපේ හොදම දග පන්දු යවන්නන් දෙදෙනා රංගන සහ අජන්ත. ඔවුන් තමයි පසුගිය තරගවලදී කඩුලූ ලබාගත්තේ. මම ඒ නිසා ඔවුන්ට පන්දු යැවීමේ අවස්ථාව ලබා දුන්නා, නමුත් එය හොද අතට පත්වණේ නෑ. ඉදිරියේදී ජීවන්ට අවස්ථාව ලබා දෙනවා”

එංගලන්ත පිල වේග පන්දු යවන්නන් වැඩි කරමින් වේග පන්දු යවන්නන් සිවුදෙනකු සමග ක‍්‍රීඩා කරද්දී ශ‍්‍රී ලංකාව දග පන්දු යවන්නන්ගෙන් ක‍්‍රීඩා කිරීම පිළිබදව මැතිව්ස් කරුණු පැහැදිළි කළේය.

”එංගලන්තයට වේග පන්දු යවන්නන් හතරක් ගැහුවා කියලා අපේ ශක්තිය අනුව විශේෂයෙන් ලංකාවේ ක‍්‍රීඩා කරන විට අපි දග පන්දු යවන්නන් යොදාගත යුතුයි. පසුගිය තරගවලදී කඩුලූ දවා ගත්තේ දග පන්දු යවන්නන්. තණතීරුව බැලූවම අපිට හිතතුනේ නෑ තව වේගපන්දු යවන්නකු අවශ්‍ය වෙයි කියලා”

”වැස්ස කොයි වෙලාවේ එයිද කියන එන ගැන කියන්න බැරි නිසාත්, මේ තණතීරුව තරගය ආරම්භ කරන්න පෙර මන්දගාමී ස්භාවයක් තිබුණ නිසාත් පෙර තරගවලදී මෙන්ම අජන්ත සහ රංගන යොදාගෙන කණ්ඩායම වෙනස් නොකරන්න තීරණය කළා. මම හිතන්නේ වර්ෂාවෙන් පසුව වතුර වැටිලා තණතීරුව තද වුණා ඊට පසුව තමයි පන්දුව හොදට පිත්තට ආවේ”

එංගලන්ත පිල පිට පිටම පරාජ දෙකක් ලැබීම එංගලන්ත මාධ්‍යවල දැඩි විවේචනයට ලක්කරමින් සිටියදී ලැබූ ජය පිළිබදව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නායකයා ලෙස ඇලිස්ටෙයාර් කුක් දැඩි සතුටින් යුතුව අදහස් දැක්වීය.

”මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය පිළිබ`දව බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව තියෙනවා. පසුගිය තරග දෙකට වඩා මෙහිදී අපි හොදින් ක‍්‍රීඩා කළා. අපිට පන්දුවට පහර දීමට ගියේ ජයගන්න පුඵවන් කියන හොද විශ්වාසයක් ඇතිවයි” යයිද එංගලන්ත නායකයා පැවසීය.

එංගලන්තය කඩුලූ 5 කින් ජය ලබයි

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) එංගලන්ත පිල කඩුලූ 5 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීය. එංගලන්තය ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2-1 ක් බවට පත්විය.

එංගලන්ත පිතිකරුවෝ ලකුණු 236 ක ඉලක්කය  ඕවර 33.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 242 ක් රැස්කළ ද ඩක්වත් ලූවිස් න්‍යායට අනුව එංගලන්තයට ඕවර 35 යේදී ලකුණු 236 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය. තරගයේ  ඕවර සංඛ්‍යාව අඩු කරන විට ශ‍්‍රී ලංකා පිලේ කඩුල්ලක් දැවී තිබීම ඉලක්කය අඩු වීමට හේතු විය.

ජෝ රූට් (නොදැවී 48) සහ ජෝස් බට්ලර් (නොදැවී 55) හයවැනි කඩුල්ලට පන්දු 64 කදී ලකුණු 84 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ආහ.

ධම්මික ප‍්‍රසාද් යැවූ ඉනිමේ 32 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවේදී ජෝ රූට් ලකුණු 40 ක් ලබා සිටියදී දැවී ගිය ද එම පන්දුව නිපන්දුවක් වීම නිසා නැවතත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාවීම දැඩි පාඩුවක් බවට පත්විය. පිතිකරුවන් දෙපළ එම  ඕවරයට ලකුණු 21 ක් රැුස්කිරීමෙන් ශ‍්‍රී ලංකාව වෙතින් තරගය හිලිහී ගියේය.

 ඇන්ජලෝ මැතිව්ස් යැවූ ඉනිමේ 22 වැනි  ඕවරයේ පළමු පන්දුවට ඇලෙක්ස් හේල්ස් ලකුණු 20 දී ලබා දුන් පහසු උඩ පන්දුව ෂෝට් මිඞ්විකට්හි පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න බිම දැමීය. එම  ඕවරයේ සිවුවැනි පන්දුවට හයේ පහර ගැසූ හේල්ස් (27) පස්වැනි පන්දුවේදී දැවී යෑමත් සමග පන්දු 9 කදී කඩුලූ තුනක් බිද වැටීමෙන් ඉනිම අඩපණ විය.   

මුයින් අලී පන්දු 40 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 58 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑම ශ‍්‍රී ලංකා පිලට ප‍්‍රදාන දීමනාවක් බිදු විය.

ධම්මික ප‍්‍රසාද් කඩුල්ලෙන් පිටතට දෝලනය කළ පන්දුවට ඇලෙස්ටියාර් කුක් (34) කඩුලූ රකින කුමාර් සංගක්කාරට උඩ පන්දුවක් ලබාදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ආරම්භක පිතිකරුවන් වූ මුයින් අලී සහ නායක ඇලෙස්ටියාර් කුක් පන්දු 70 කදී ලකුණු 84 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් නිහඩ කර තැබීමට සමත් වූහ. එංගලන්ත පිලට පළමු අධිවේගී  ඕවර 7 තුළදී ලකුණු 45 ක් එකතු විය.

ළහිරු තිරිමාන්න අංක හය ස්ථානයට ගැලපෙන ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.
ළහිරු තිරිමාන්න සහ ධම්මික ප‍්‍රසාද් 8 වැනි කඩුල්ලට පන්දු 14 කදී ලකුණු 31 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 242 ක් දක්වා රැගෙන ආහ.

ධම්මික වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 8 කදී හතරේ පහර සහ හයේ පහර සමගින් ලකුණු 22 ක් රැස්කිරීමට සමත් විය.

කුමාර් සංගක්කාර සිය එක්දින ක‍්‍රිකට් දිවියේ 89 වැනි අර්ධ ශතකය ලෙස පන්දු 62 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් රැස් කළේය.

කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ලට පන්දු 86 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ප‍්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 45 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ලබා සිටියදී වේග පන්දු යවන ක‍්‍රිස් ජෝර්දන්ගේ පන්දුවකට කඩුල්ලෙන් මෑත්වී ගැසූ පහර පිත්තේ කෙළවරේ වැදී කඩුලූ රකින්නා උඩ පන්දුවක් ලෙස රැකගැනීමෙන් දැවී ගියේය.

පළමු අධිවේගී  ඕවර 7 අවසන් වන විට ශ‍්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 35 ක් රැස්කර සිටියේය.

ශ‍්‍රී ලංකා පිලේ මැද පෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් නැවත කැදවීම් ලැබූ තිළිණ කණ්ඩම්බි බලාපොරොත්තු සුන් කරමින් පන්දු දෙකකදී ලකුණු නොලබා දැවී ගියේය.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 23 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීම නිසා ඉනිමක්  ඕවර 35 ක තරගයක් ලෙස නැවතත් පස්වරු 6.15 ට ආරම්භ විය.

වර්ෂාව හේතුවෙන් තරගය පැය තුනයි විනාඩි 40 ක පමණ කාලයත් අත්හිටුවා තිබූ අතර තරගය පැයක් ඉදිරියට ගැනීමත් සමග  ඕවර 30 ක් අහිමිවිය. පළමු අධිවේගී  ඕවර සංඛ්‍යාව 7 ක් වන අතර පිතිකරු අධිවේගී  ඕවර සංඛ්‍යාව 4 කි.
තරගය පස්වරු 2.30 ට ආරම්භ වී විනාඩි 10 කින් පමණ පස්වරු 2.41 ට වර්ෂාව ඇද හැලූණි.  

තරගය අත්හිටු වන විට ශ‍්‍රී ලංකාව  ඕවර 2 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 6 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු නොලබා පහසු උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය.

දැඩි වර්ෂාවක් පතිත වුවද ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබීම නිසා නැවත ආරම්භ කිරීමට හැකි තත්ත්වයකට පත්විය.  

වර්ෂාව ඇද හැළීමට පෙර තරගය අත්හිටුවා ආවරණ යෙදීම ආරම්භ කළ අතර වර්ෂාව ඇද හැළෙන විට ක‍්‍රීඩාංගණයේ වැඩි ප‍්‍රමාණයක් ආවරණය කර තිබුණි. දැඩි වර්ෂාවක් ඇද හැලූණු අතර ආවරණ මෙන්ම හතරේ සීමාවෙන් පිටත ගංගාවක් සේ දිස්විය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මහේල ජයවර්ධනගේ ස්ථානයට තිලිණ කණ්ඩම්බි මෙම තරගයට කැදවා තිබුණි.
 එංලන්ත පිලේ වෙනස්කම් තුනක් කරමින් ඇලෙක්ස් හේල්ස්, ක‍්‍රිස් ජෝර්දන් සහ බෙන් ස්ටෙකිස් කැදවා සිටි අතර ඉයන් බෙල්,  ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් සහ හැරි ගනී යන ක‍්‍රීඩකයෝ ඉවතට විසිවූහ.

දෙරට අතර සිවුවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී මේ මස 7 වැනිදා දිවා තරගයක් ලෙස පැවැත්වේ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා…

ඡායාරූප – ශාන්ත රත්නායක

යොහාන් භාසුර