ඉන්දීය තරගාවලියට ලොකුසූරිය කැඳවයි

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාවේ ඉන්දියාවට එරෙහිව තරගාවලියට සහභාගි වීම සඳහා නම්කර ඇති 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ජ්‍යෙෂ්ඨ තුන් ඉදිරියව් ක‍්‍රීඩිකා ඒෂානි ලොකුසූරිය කැඳවා තිබේ.

 

ශ්‍රී ලංකා පිලේ අවසන් තරගාවලිය වූ නවසීලන්තයට එරෙහිව ක‍්‍රීඩා කළ සංචිතයෙන් ඒෂානි ලොකුසූරිය ඉවත්කර තිබුණි. ශ්‍රී ලංකා පිලේ තවත් ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක‍්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි මෙම තරගාවලියේ අතිරේක ලැයිස්තුවට වැටී සිටින්නීය. ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධනද, උප නායිකාව ලෙස චමරි අතපත්තුද තව දුරටත් කටයුතු කරති.

 

එක්දින තරග තුනකින් සහ විස්සයි20 තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය පෙබරවාරි මස 15 වැනිදා රන්චිහිදී ආරම්භ වේ. මෙහි එක්දින තරග තුනම ශ්‍රේණිගතකිරීමේ තරගාවලියට ඇතුළත් වේ.

 

එක්දින තරග තුන පෙබරවාරි මස 15, 17 සහ 19 යන දිනවලද, විස්සයි20 තරග තුන 22, 24 සහ 26 යන දිනවල ද, රන්චිහිදී පැවැත්වේ.


 
මෙම තරග මාලාවේ දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත යන තරගාවලි හතරකට සහභාගි වූ ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.

 

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු කණ්ඩායම් හතර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර අවසන් කණ්ඩායම් හතරට නැවතත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවේ. ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් අටකට සහභාගි වීමට අවස්ථාව ලැබේ.

 


ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල:

ශෂිකලා සිරිවර්ධන (නායිකාව), චමරි අතපත්තු (උප නායිකාව), ඒෂානි ලොකුසූරිය, ඩිලානි මනෝදර, අමා කාංචනා, නිලක්‍ෂි ද සිල්වා, සුරංගිකා කුමාරි, හර්ෂිතා මාධවි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, ඕෂදී රණසිංහ, උදේෂිකා ප‍්‍රබෝදනී, හංසිමා කරුණාරත්න, චන්දිමා ගුණරත්න සහ ලසන්ති මධුෂානි

 

අතිරේක ක‍්‍රීඩිකාවෝ:
ශ්‍රීපාලි වීරක්කොඩි, මධුර සමුදිකා, අචිනි කුලසූරිය, නිපුනි හංසිකා, යශෝධා මෙන්ඩිස් සහ අනුෂ්කා සංජීවනි

 

ශී‍්‍ර ලංකාව යළි එසවීමේ වගකීම ෆෝඩ්ට

 

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් ග‍්‍රැහැම් ෆෝඩ් මහතා පත්කරනු ලැබ ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

 

දකුණු අපි‍්‍රකානු ජාතිකයකු වන ග‍්‍රැහැම් ෆෝඞ් මහතා මීට පෙරද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ අතර වසර 2014 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මාස කිහිපයක් තිබියදී කණ්ඩායමෙන් ඉවත්ව ගියේය.

 

වසර 2013 අවසන් භාගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත්ව යාමට පෙර ෆෝඞ් මහතා පවසා තිබුණේ 2014 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සම්පූර්ණ හැකියාව ඇති බවයි. ඔහු කී ආකාරයෙන්ම 2014 දී විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

 

ෆෝඞ් මහතා මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වන්නේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මාසයක පමණ කාලයක් තිබියදීය.

 

එංගලන්තයේ අන්තර් ප‍්‍රාන්ත දෙවැනි පෙළ ශූරතාව දිනා ගත් සරේ කණ්ඩායමේ පුහුණුකරුවාද වූ ෆෝඞ් මහතා පෙබරවාරි මස 1 වැනිදා (සඳුදා) සිට 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වාම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරනු ඇත. 2019 ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ සහ වේල්සයේදී පැවැත්වෙයි.

 

නවසීලන්තයේදී පැවැති විස්සයි:20 තරග දෙකම පරාජය වීමෙන් පසුව ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය සඳහා ඇදවැටී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවත අංක 1 ස්ථානයට ඔසවා තැබීමේ භාර¥ර කාර්යයට අතගැසීමට ෆෝඞ් මහතා සූදානම්ව සිටී. විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය මාර්තු මස 8 වැනිදා සිට අපේ‍්‍රල් 3 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.

 

”ග‍්‍රැහැම් ෆෝඞ් වැනි කෙනකුගේ සේවය නැතිව යාම පිළිබඳව අප ඉතාමත් කණගාටු වෙනවා. ඔහු නිකම් ප‍්‍රධාන පුහුණුකරුවකු විතරක් නෙමෙයි. පසුගිය වසර දෙක තුළ අප අත්කරගත් ජයග‍්‍රහණ සියල්ලම පසුපස ඔහු සිටියා” යයි සරේ ප‍්‍රාන්තයේ කි‍්‍රකට් අධ්‍යක්‍ෂකවරයා වන ඇලෙක් ස්ටුවර්ට් මහතා සරේ ප‍්‍රාන්ත වෙබ් අඩවියට පවසා තිබිණ.


”ඔහු කී‍්‍රඩකයන් සමග ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කළා. ඔහුගේ උත්සාහයේ ප‍්‍රතිඵල කී‍්‍රඩකයන්ගේ පෞද්ගලික දක්‍ෂතා වලින්ම වුණත් මැනගන්න පුළුවන්”

 

”අපට පළමු පෙළ තරගාවලියට එක්වෙන්න හැකිවුණෙත් ඔහු නිසාම තමයි” යයිද ඇලෙක් ස්ටුවර්ට් මහතා පවසා තිබිණ.

 

ටෙස්ට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාරගේත් එංගලන්ත පිලෙන් වීසිකර දැමූ කෙවින් පීටර්සන්ගේත් සේවය මැනවින් ලබාගත් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා 2015 දී එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේ දෙවැනි පෙළ ශූරතාව දිනාගැනීම සඳහා සරේ පිලට ගුරුහරුකම් දුන්නේය.

 

”සරේ පිල හැරදමා යාම ඔහුට දුෂ්කර කාරණක් වුණත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සමගින් නැවතත් අන්තර්ජාතික කණ්ඩායමක් පුහුණුකිරීමට ලැබීමේ අවස්ථාව පැහැර හරින්න බෑ කියන එක අපට තේරෙනවා” යයිද ඇලෙක් ස්ටුවර්ට් මහතා පවසා තිබිණ.

 

ෆෝඞ් මහතා 2013 අග භාගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම හැරයාමෙන් පසුව ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු තනතුර බාරගත් පෝල් ෆාබ්‍රේස් මහතා 2014 ලෝක කුසලාන තරගාවලිය දක්වා පමණක් ශී‍්‍ර ලංකා පිල සමග රැඳී සිටියේය. අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගත් මාවන් අතපත්තු මහතා පසුගිය වසරේ මැදදී ඉන්දියාව සහ පාකිස්තානය සමග පැවැති තරගාවලි දෙකකදී ලද පරාජයෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත් විය.

 

අතපත්තු මහතාගෙන් හිස්වූ පුහුණුකරු ධූරය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණු අධ්‍යක්‍ෂ ජෙරම් ජයරත්න මහතා තාවකාලිකව පත්කරන ලදි. ගතවූ වසර 5 ක කාලය ඇතුළත ශී‍්‍ර ලංකා පිලට එක්වූ සිවුවැනි විදෙස් පුහුණුකරුවා ග‍්‍රැහැම් ෆෝඞ් මහතාය.

 

 

කොළඹට ලකුණු 9 ක ජයක්

 

අන්තර් කලාප විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී නුවර කණ්ඩායම පරදවා ලකුණු 9 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 182 ක් ලබාගැනීමට සමත්විය. දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 59 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස් කරගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය. සචිත‍්‍ර සේනානායක  ඕවර 4 කදී ලකුණු 15 කට කඩුලූ 3 ක් බිද හෙළමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.

 

ලකුණු 183 ක ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායමට  ඕවර 20 අවසානයේදී ලබාගත හැකිවුයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 173 ක් පමණී. ජයග‍්‍රහණය සදහා නුවර කණ්ඩායමට අවසන්  ඕවරයේදි ලකුණු 20 ක් ලබා ගැනීමට අවශ්‍ය වූවද ජීවන් මෙන්ඩිස්ට සහ මිනෝද් භානුකට ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණී. කසුන් රාජිත ලකුණු 28 කට කඩුලූ 3 ක් බිද හෙළමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.

 


කොළඹ කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 182
(ධනංජය ද සිල්වා නොදැවී 80, දසුන් ශානක 31, සචිත‍්‍ර සේනානායක 15/3)

 

නුවර කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 173
(ළහිරු තිරිමාන්න 37, තිලකරත්න සම්පත් 32, තිසර පෙරේරා 32, ඇන්ජලෝ පෙරේරා 24, ජීවන් මෙන්ඩිස් නොදැවී 20, කසුන් රාජිත 28/3)

 

ඡායාරූපය – තුසිත් විජේදෝරු (ශ්‍රී ලංකා ක්‍රිකට්)

 

කුරුණෑගලට කඩුලූ 4 ක ජයක්

අන්තර් කලාප විස්සයිඃ20 ක‍්‍රිකට් තරගාවලියේදී හම්බන්තොට කණ්ඩායම පරදවා කඩුලූ 4 කින් ජයගැනීමට කුරුණෑගල කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


මුලින්ම පන්දුවට පහරදුන් හම්බන්තොට කණ්ඩායම ලකුණු 144 ක් ලබාගත්තේය. දකුණත් පිතිකරු අෂාන් ප‍්‍රියන්ජන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 41 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර පහක් සමගින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත්විය. ජනිත් ද සිල්වා ලකුණු 30 කට කඩුලූ දෙකක් බිද හෙළීමට සමත්විය.


 ලකුණු 145 ක ඉලක්කයක් හඹා ගිය කුරුණෑගල කණ්ඩායම  ඕවර 19 කදී කඩුලූ 6 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. අසේල ගුණරත්න පන්දු 43 කදී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කරගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 16 කදී හයේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කරගත්තේය. බිනුර ප‍්‍රනාන්දු (28/2) සහ සචිත් පතිරණ (32/2) කඩුලූ 2 බැගින් බිද හෙළීමට සමත්විය.

 

හම්බන්තොට කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 144
(අෂාන් ප‍්‍රියන්ජන් 64, සීක්කුගේ ප‍්‍රසන්න 35, ජනිත් ද සිල්වා 30/2)

 

කුරුණෑගල කණ්ඩායම –  ඕවර 19 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 146
(අසේල ගුණරත්න 47, කුසල් මෙන්ඩිස් නොදැවී 35, බිනුර ප‍්‍රනාන්දු 28/2, සචිත් පතිරණ 32/2)

 

ඡායාරූපය – තුසිත් විජේදෝරු (ශ්‍රී ලංකා ක්‍රිකට්)

සංක‍්‍රාන්ති සමයේ අවධානය මෙතැනටයි – කපිල්

”යොවුන් ලෝක කුසලාන තරගමාලාවට සහභාගි වන සියලූම දරුවන්ට මම සුබ පතනවා. දැන් ඔවුන්ටම පුලූවනි කි‍්‍රකට් කී‍්‍රඩාවේ එයාලගේ ඉරණම ලියවා ගන්න..”

 

අවුරුදු 19න් පහළ අයි.සී.සී. ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගමාලාවට සහභාගි වන කී‍්‍රඩකයන්ට සුබ පතන්නට සෙසු රටවල පුහුණුකරුවන් සමග එක්වෙමින් ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ තුන්ඉරියව් කී‍්‍රඩක කපිල් දේව් එසේ කියා සිටියේය.

 

වසර දෙකකට වතාවක් පැවැත්වෙන මේ තරගමාලාවට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජික රටවල් 9 ක්ද, සහ-සාමාජික රටවල් 7 ක් වන ඇෆ්ගනිස්තානය, කැනඩාව, ෆිජී, නැමීබියාව, නේපාලය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තයද එක්වී සිටිති.

 

”මේ වෙද්දී බොහෝ රටවල ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් ගත කරමින් සිටින්නේ සංක‍්‍රාන්ති සමයක්”

 

”අවුරුදු 19න් පහළ අයි.සී.සී. ලෝක කුසලාන තරගමාලාවේදී යොවුන් කී‍්‍රඩකයන් දක්වන දස්කම් ඔවුන්ගේ අවධානය යොමු කරවන එකක් වේවි. මේ තරගමාලාවෙන් බොහෝ යොවුන් කී‍්‍රඩකයන් ලෝක කි‍්‍රකට් පිටියේ පරිණත මිනිසුන් බවට පත්වෙනවා අපි දැකලා තිබෙනවා” යයි 1983 දී ලෝක කුසලානය ඉන්දියාවට ජයගැනීමට නායකත්වය දුන් කපිල්දේව් කීවේය.

 

කි‍්‍රකට් තරග විස්තර විචාරකයන් අතර වඩාත් ගෞරවයට පාත‍්‍රව සිටින කපිල් දේව් ටෙස්ට් තරග 131 කදී සහ එක්දින තරග 225 කදී පිළිවෙළින් කඩුලූ 434 ක් සහ 253 ක් බිඳ දමා තිබේ.

 

හෂීම් අම්ලා, විරාට් කෝලි, ස්විවන් ස්මිත්, කේන් විලියම්සන් සහ ජෝ රූට් වැනි කී‍්‍රඩකයන් අවුරුදු 19 න් පහළ අයි.සී.සී. ලෝක කුසලාන තරගමාලාවෙන් බිහිවූ කී‍්‍රඩකයන් බවද ඔහු සඳහන් කළේය.

 

‘අද ඔවුන් තමයි යොවුන් කී‍්‍රඩකයන්ගේ ලොකුම වීරයෝ.”, කපිල් දේව් කීවේය.

 

මේ අතර බංග්ලාදේශ පුහුණුකරු, ශී‍්‍ර ලංකාවේ හිටපු ටෙස්ට් පිතිකරු, චන්දික හතුරුසිංහ කියා සිටියේ වසර 1988 මුල්ම වරට පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගමාලාවට කී‍්‍රඩා කිරීමේ මතකය තවමත් සිතෙහි ඇති බවය.

 

”අවුරුදු 19 න් පහළ අයි.සී.සී. ලෝක කුසලාන තරගමාලාව වැඞී ගෙන එන දරුවන්ට නැගී සිටින්නට කදිම තෝතැන්නක්” යයි හතුරුසිංහ කීවේය.

 

”1988 තරගමාලාවේ මතකය තවමත් මගේ හිතේ තියෙනවා”

 

”බ‍්‍රයන් ලාරා, ඉන්සමාම් උල් හක් සහ අපේම සනත් ජයසූරිය වැනි පසුකලෙක විශිෂ්ට කී‍්‍රඩකයන් බවට පත්වුණු බොහෝ අය බිහිවුණේ ඒ තරගමාලාවෙනුයි”

 

”මෙහි විශේෂම දේ සෙසු රටවල කී‍්‍රඩකයන්ට එරෙහිව තම තමන්ගේ දස්කම් පරීක්ෂා කිරීමට අවස්ථාවක් කී‍්‍රඩකයන්ට ලැබීමයි. යෞවන කාලේ දී කී‍්‍රඩකයන්ට කිසිම පීඩනයක් දැනෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට රිසි සේ සතුටු විය හැකියි” යයිද හතුරුසිංහ පැවසීය.

 

වත්මන් බංග්ලාදේශ ජාතික පිලේ මුෂ්ෆිකාර් රහීම්, ශකීබ් අල් හසන්, මුස්ටාෆිසූර් රහ්මාන්, සෞම්‍ය සර්කාර් හා තවත් කිහිපදෙනෙක් කැපී පෙනෙන්න පටන් ගත්තේ මේ තරගමාලාවෙනුයි. මේක තමයි හොඳම තැන ඔබේ දස්කම් පෙන්වන්නට.‘ හතුරුසිංහ එසේ ද කීවේය.

 

(අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි)

 

– 077

 

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුර මූඩි – ඩේල් අතර දෝලනය වෙයි

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු ජාතික ටොම් මූඩි සහ දකුණු අප‍්‍රිකානු ජාතික ඬේල් බෙන්කන්ස්ටීන් යන දෙදෙනාගෙන් කෙනකු පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.


1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පුහුණුකරුව සිටි ශ්‍රී ලංකාවේ උපත ලැබූ  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඬේව් වට්මෝර් මහතා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමට බොහෝ දුරටත් ඉඩ ඇති බව වාර්තා වේ.


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු පුහුණුකරුවකු වන  ඕස්ටේ‍්‍රලියානු හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක ටොම් මූඩි මහතා ලබන ජූනි මස සිට ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ බාර ගැනීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.


දකුණු අප‍්‍රිකානු හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ඬේල් බෙන්කන්ස්ටීන් මහතා හැම්ප්ෂයර් ප‍්‍රාන්ත පිලේ පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු සමඟ ද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සාකච්ඡුා කරමින් සිටියි.


ක‍්‍රිකට් පවුලක සාමාජිකයකු වන 41 හැවිරිදි ඬේල් බෙන්කන්ස්ටීන් මහතා 1998 වසරේ සිට 2002 වසර දක්වා දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 23 කට ක‍්‍රීඩා කර තිබේ.


 ඬේව් වට්මෝර් මහතා සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීහු ගෙවීම් පිළිබදව මේ වන විට සාකාච්ඡුා කරමින් සිටිති.


ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරුවකු වන ග‍්‍රෑහැම් ෆෝඞ් මහතා පුහුණුකරු ධූරයට පත්කිරීමට ක‍්‍රිකට් ආයතනය මීට පෙර සාකච්ඡුා කරමින් සිටිය ද ඒ මහතාගේ එකඟතාව ලැබී නොමැති බව වාර්තා වේ.


ශ්‍රී ලංකා පිලේ හිටපු ප‍්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු මහතා මීට මාස කීපයකට පෙර ඉල්ලා අස්වීමත් සමඟ තාවකාලික පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න මහතා පත්කරනු ලැබිණ.

 

දිල්හාර ප‍්‍රනාන්දුට යළි කැඳවීමක්

ලබන මස 9 වැනිදා ඉන්දීයාවේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු කැදවා තිබේ.


මෙම සංචාරයේදීද විස්සයි20 පිලේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ.  


ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නිත්‍ය නායක ලසිත් මාලිංග, ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, රංගන හේරත් සහ නුවන් ප‍්‍රදීප් ආබාධයන්ට ලක්ව සිටීම නිසා සංචාරයෙන් විවේක ගන්වා තිබේ.


දිල්හාර සංචිතයට ඇතුළත් කිරීම පිළිබ`දව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ දිල්හාර අන්තර් සමාජ තරගාවලියේදී දස්කම් අතර සිටීම නිසා තේරීම් කමිටුව එම තීරණය ගෙන ඇති බවයි.


”දිල්හාර ඉතාමත් හො`ද වේගයකින් පන්දු යවනවා. ඒ වගේම ඔහු අත්දැකීම් තියෙන ක‍්‍රීඩකයෙක්”


”අපේ කණ්ඩායමට මේ අවස්ථාවේදී අත්දැකීම් තියෙන ක‍්‍රීඩකයන් වැ`දගත් වෙනවා. ඒ නිසා ඔහුට අවස්ථාව දීමට කටයුතු කළා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.


අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේ තරග පහකදී කඩුලූ 11 ක් දවා ගැනීමට දිල්හාර සමත්ව තිබේ. 36 හැවිදිරි දකුණතින් වේග පන්දු යවන දිල්හාර විස්සයි20 අන්තර් ජාතික තරග 17 කදී කඩුලූ 18 ක් දවාගෙන තිබේ.  


අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි20 තරගාවලියේදී ශතක දෙකක් රැුස්කළ දසුන් ශානක සංචිතයට කැදවා සිටියද ඉකුත් අගහරුවාදා ආරම්භ වූ අන්තර් කලාප වි:20 තරගාවලියේදී පිට පිටම අර්ධ ශතක දෙකක් ලබාගත් නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් ලැබී නැත. එහෙත් නවසීලන්ත සංචාරයේදී දිගින් දිගටම අසාර්ථක වූ චාමර කපුගෙදර තවදුරටත් සංචිතයේ රඳවාගෙන සිටී.


නවසීලන්ත සංචාරයේදී පැවැති එක්දින තරග 5 කින් ඉනිම 3 කදී ලකුණු 30 ක් පමණක් ලබාගත් කපුගෙදර එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 12 කි. නවසීලන්තයේදී එකම විස්සයි:20 තරගයකට සහභාගි වූ කපුගෙදරට එහිදී ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි.


අන්තර් සමාජ විස්සයි20 ශූරයන් වූ යුද හමුදා පිලේ සීකුගේ ප‍්‍රසන්න සහ අසේල ගුණරත්නද, යොවුන් වේග පන්දු යවන්නන් වන බිනුර ප‍්‍රනාන්දු සහ කසුන් රාජිතද විස්සයි20 සංචිතයට ඇතුළත්ව සිටිති.


මෙම තරගාවලියෙන් පසුව පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට දැන් පැවැත්වෙන අන්තර් කළාප විස්සයි20 තරගාවලියෙන් පසුව සංචිතය නම් කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.  


මෙම තරගාවලියේ තරග පෙබරවාරි මස 9 (පූනේ), 12 (දිල්ලි) සහ 14 (විශාකාපට්ටම්) දිනවල පැවැත්වේ.


ශ‍්‍රී ලංකා විස්සයි20 සංචිතය:


දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, සීකුගේ ප‍්‍රසන්න, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, දුෂ්මන්ත චමීර, දිල්හාර ප‍්‍රනාන්දු, කසුන් රාජිත, බිනුර ප‍්‍රනාන්දු, සචිත‍්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ

 

වි:20 ලෝක කුසලාන තරග ගුවන් විදුලියෙන්

මාර්තු මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භවන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සජීවී විස්තර ශී‍්‍ර ලංකාව තුළ විකාශය කිරීමේ නිල අයිතිය ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව ලබාගෙන තිබේ.


ප‍්‍රවීණ විස්තර විචාරක මඬුල්ලක් සමගින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ සියලූම විස්තර දිවයින පුරා සිටින ක‍්‍රීඩා ලෝලීන් වෙත සජීවීව ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.


ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංගී‍්‍රසි සේවා නාලිකාව ඔස්සේ මෙම තරග විස්තර විකාශය කෙරේ. කොළඹ (97.4), ගාල්ල (97.4), මාතර (90.1), මහනුවර (97.4), අනුරාධපුරය (97.4), නුවරඑළිය (97.4), ගම්පහ (97.6) සහ කිලිනොච්චිය (97.6) vයන එෆ්. එම්. තරංගමාලා ඔස්සේ විස්සයි:20 ලෝක කුසලාන තරග සජීවීව විකාශය කෙරේ.

 

ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 196 කින් කැනඩා පිල පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල අද (28) සමත් විය.


ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය කැනඩා ඉනිම  ඕවර 39.2 කදී ලකුණු 119 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. මෙහිදී ශ්‍රී ලංකා පිල පන්දු යවන්නන් අට දෙනකු යොදා ගත්තේය.  


අසිත ප‍්‍රනාන්දු (19/2), ළහිරු කුමාර (22/2), තිලාන් නිමේෂ් (19/2) සහ දමිත් සිල්වා (16/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් සමූ අෂාන් සහ විෂාද් රන්දික ලකුණු 92 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 315 ක් දක්වා ඒමට මඟ සකස් කළහ. සමූ අෂාන් පන්දු 61 කදී නොදැවී ලකුණු 74 ක් රැස්කළ අතර එයට හතරේ සහ හයේ පහර 3 බැගින් අන්තර්ගත විය.


විෂාද් රන්දික පන්දු 47 කදී රැුස්කළ ලකුණු 51 ක හතරේ පහර 4 කින් සහ හයේ පහරකින් අලංකාර කළේය.


වනි`දු හසරංග ඉනිමේ අවසන් පන්දු කීපයේදී ප‍්‍රවේගකාරී ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 13 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 28 ක් රැස් කළේය.


පළමු කඩුලූ දෙක ලකුණු 44 කට බි`ද වැටීමෙන් පසු නායක චරිත් අසලංක සහ කවීන් බණ්ඩාර තෙවැනි කඩුල්ලට ලකුණු 109 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.


චරිත් අසලංක වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 69 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 76 ක් රැුස් කිරීමට සමත් විය. කවීන් බණ්ඩාර පන්දු 84 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 61 ක් ලබා ගත්තේය.


ශී‍්‍ර ලංකාවෙන් කැනඩාවට සංක‍්‍රමණය වූ දෙමාපියන්ගේ දරුවකු යැයි අනුමාන කළ හැකි භවි`දු ශාක්‍ය ආදිහෙට්ටි නම් 15 හැවිරිදි ක‍්‍රීඩකයෙක් කැනඩා පිලට ඇතුළත්ව සිටියේය.


ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වන දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව 30 වැනිදා පැවැත්වේ.  

 

ලකුණු පුවරුව


ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල


කවීන් බණ්ඩාර – දුවද්දී දැවී ගියා     61
අවිෂ්ක ප‍්‍රනාන්දු – ක. මූ. කළා ප. හසීබ්    16
කමි`දු මෙන්ඩිස් – ප. හසීබ්    0
චරිත් අසලංක – ඇ. රාම්දත් ප. පටෙල්     76
සමූ අෂාන් – නොදැවී     74
විෂාද් රන්දික – ඇ. තාකීර් ප. අබ්රාෂ් ඛාන්     51
වනි`දු හසරංග – ඇ. ආමන්තරාජා ප. රාම්දත්    28
දමිත් සිල්වා – නොදැවී     0
අතිරේක    9
එකතුව  ඕවර 50 යේදී කඩුලූ 6 ක් දැවී     315


පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ළහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු, තිලාන් නිමේෂ්


කඩුලූ වැටීම:
1-44(අවිෂ්ක), 2-44(මෙන්ඩිස්), 3-153(අසලංක), 4-169(බණ්ඩාර), 5-261(රන්දික), 6-313(හසරංග)


පන්දු යැවීම:
පී. විජයරාජ්: 7-0-41-0, එච්. තාකීර්: 10-0-46-0, අබ්රාෂ් ඛාන්: 6-0-41-1, ඒ. හසීබ්: 9-1-65-2, කේ. රාම්දත්: 10-0-72-1, එම්. පටෙල්: 8-0-47-1


කැනඩා වයස 19 න් පහළ පිල


ටී. ආමන්තරාජා – ක. මූ. කළා ප. අසිත    0
එස්. ආදිහෙට්ටි – ඇ. හසරංග ප. කුමාර    22
එස්. ගීල් – ඇ. හසරංග ප. දමිත්      17
එච්. තාකීර් – ක. මූ. කළා ප. නිමේෂ්    0
අබ්රාෂ් ඛාන් – ඇ. අවිෂ්ක ප. නිමේෂ්    15
අර්ෂාල් ඛාන් – නොදැවී    42
එස්. සිවියා – ඇ. බණ්ඩාර ප. දමිත්    2
එම්. පටෙල් – ඇ. අෂාන් ප. හසරංග    7
කේ. රාම්දත් – ප. අසිත    0
ඒ. හෂීබ් – ඇ. රන්දික ප. කුමාර     0
පී. විජයරාජ් – ඇ. අෂාන් ප. මෙන්ඩිස්    1
අතිරේක    13
එකතුව  ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී     119


කඩුලූ වැටීම:
1-0(ආමන්තරාජා), 2-41(ආදිහෙට්ටි), 3-41(තාකීර්), 4-59(ගීල්), 5-61(අබ්රාෂ් ඛාන්), 6-72(සිවියා), 7-94(පටෙල්), 8-95(රාම්දත්), 9-106(හසීබ්), 10-119(විජයරාජ්)


පන්දු යැවීම:
අසිත ප‍්‍රනාන්දු: 7-0-19-2, චරිත් අසලංක: 3-1-7-0, ළහිරු කුමාර: 7-0-22-2, සමූ අසාන්: 2-0-12-0, තිලාන් නිමේෂ්: 7-1-19-2, දමිත් සිල්වා: 6-1-16-2, වනිදු හසරංග: 5-0-19-1, කමිදු මෙන්ඩිස්: 2.2-0-4-1