ධම්මික – කෞෂාල් පාකිස්තානය වනසති

පාකිස්තානු පිතිකරුවන් අන්දමන්ද කළ පන්දු යැවීමක නිරත වූ තරිඳු කෞෂාල් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී අද (25 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානු මුල් ඉනිම ලකුණු 138 කට සීමාවිය. ලකුණු අහේණියකින් යුත් තණතීරුවක පළමු ඉනිම ඇරඹූ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ අද දිනයේ කී‍්‍රඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා ගනිමින් පාකිස්තානු පිලට ලකුණු 68 ක් මෑතින් සිටියේය.

 

විනාඩි 160 ක් පිටියේ රැුඳුණු කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 21 ක් ලබා සිටි අතර කිසිදා නොතිබූ කලබලයක් පෙන්වූ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 18 ක් ලබා ගත්තේ සරවනමුත්තු කී‍්‍රඩාංගණයට රැුස්ව සිටි නරඹන්නන් කිහිප දෙනාගේ දෑත් නලලත රඳවමිනි.

 

ලකුණු අහේණිය නිසාම අසහනයට පත් දිමුත් කරුණාරත්න ලකුණු සොයා යාමට ගත් උත්සාහයකදී කඩුලූ රකින්නාට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය. විනාඩි 107 ක් පිටියේ රැුඳුන කරුණාරත්නට ලබාගත හැකිවූයේ ලකුණු 28 ක් පමණි. දිනය පුරාම  ඕවර 75 ක් යැවුණු නමුත් දෙපිලේම පිතිකරුවන්ට ලබාගත හැකිවූයේද ලකුණු 208 ක් පමණි.

 

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානුවන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තද ධම්මික ප‍්‍රසාද් (43/3) සහ තරිඳු කෞෂාල් (42/) දෙදෙනාගේ පන්දු යැවීම නිසා මිස්බා උල්හක් විසින් ගන්නා ලද තීරණයෙන් කිසිදු ප‍්‍රයෝජනයක් පාකිස්තානුවන්ට ලබාගත නොහැකි විය.

 

පාකිස්තානු ඉනිම ලකුණු 138 කට දැවී යන්නේ ශී‍්‍ර ලංකාවේ අංක එකේ දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පන්දු යැවීමට කැඳවීමටවත් නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඉඩ නොතබමිනි. පිටියේ ඈත කොනකට වී පන්දු රැකීමේ යෙදුණු හේරත් වෙත පන්දුව ගිය වාර ගණනද ඉතා අල්ප විය.

 

තම දෙවැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන තරිඳු කෞෂාල්ගේ පිට ද`ග පන්දු යැවීම පාකිස්තානුවන්ට කිසි සේත්ම වටහාගත නොහැකි විය. ටෙස්ට් තරගයක පළමු දිනයේදී, කිසිදු අපහසුතාවකින් තොරව පන්දුව මැනවින් දඟ කැවූ කෞෂාල් ඇතැම් අවස්ථාවන්හිදී ‘දුස්රා’ පන්දුවත් යවමින් පිතිකරුවන් අන්ද මන්ද කළේය. එහෙත් ඔහු දුස්රා පන්දුවෙන් දවාගත්තේ අවසන් පිතිකරුවා පමණි.

 

කඩුලූ 9 ක් ලකුණු 124 කට බිඳ වැටී තිබූ මොහොතක කිසිවක් කරකියාගත නොහැකි වූ හෙයින් ඉවක් බවක් තොරව පිත්ත වනමින් යසීර් ෂා පන්දු 5 කදී ලකුණු 14 ක් ලබා නොගත්තා නම් කෞෂාල්ගේ පන්දු හමුවේ පාකිස්තානුවන්ට ලබාගත හැකි වන්නේ ලකුණු 29 ක් පමණකි.


ධම්මික ප‍්‍රසාද් පන්දුව බාරගත් අවස්ථා දෙකේදීම කඩුලූ දෙකක් දවාගත් හෙයින් පළමු කඩුලූ දෙකම ලකුණු 51 කදී බිම දැමීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය. එහෙත් පාකිස්තානු ඉනිමේ කොඳුනාරටිය බිඳ වැටුණේ තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින යුනිස් ඛාන් ලකුණු 6 කට දැවී යාමෙනි.


ලකුණු ලබාගැනීමටත් පෙරම යුනිස් ඛාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යයි ශී‍්‍ර ලංකා පිලේ නායකයා ඇතුළු සියලූම කී‍්‍රඩකයෝ විශ්වාස කළහ. පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල පසුපස සිටින කී‍්‍රඩකයන්ගේද අදහස් විමසීමෙන් පසුව එම තීරණය තුන්වැනි විනිසුරුවරයාගෙන් විමසන්න’යි ඉල්ලා සිටියද රූපවාහිනී ප‍්‍රතිදර්ශනය වල තිබූ අසම්පූර්ණතාව නිසා විනිසුරුවරයා ඒ වන විට දී තිබූ තීරණය වෙනස් කළ නොහැකි විය.

 


විනිසුරු තීරණ යළි විමසීමේ ක‍්‍රමවේදයේදී ප‍්‍රධාන විනිසුරුවරයා විසින් දෙන ලද තීරණයක් වෙනස් කිරීමට නම් තාක්‍ෂණික සාක්‍ෂි සම්පූර්ණයෙන්ම නිරවද්‍ය මට්ටමක පැවතිය යුතුය.

 


ධම්මික ප‍්‍රසාද්ගේ පන්දුවක් යුනිස් ඛාන්ගේ අත් ආවරණයේ වැදී ඇදී යද්දී ස්ලිප් කී‍්‍රඩකයන්ගේ හිසට ඉහළින් ඉගිළ ගිය දිනේෂ් චන්දිමාල් උඩපන්දුව රැුකගැනීම නිසා යුනිස් ඛාන් ආපසු කී‍්‍රඩාගාරයට ගියේය. නායකයාගේ කැඳවීමට සර්ෆ‍්‍රාස් අහමඞ් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මිස්බා උල් හක්ගේ ඉනිම ලකුණු 7 කින් නිමා වූයේ අවසන් කඩුලූ 5 ම ලකුණු 42 කට බිඳ වැටීමට මාවත විවර කරමිනි.

 


අසාර් අලිගේ උඩපන්දුව දිනේෂ් චන්දිමාල් විසින් රැුකගන්නා ලද අවස්ථාවේදීත් විනිසුරුවරයා එය ප‍්‍රතික්ෂේප කළේය. එහෙත් එය උඩපන්දුවක් වූයේය යන්න පන්දු යැවූ ධම්මික ප‍්‍රසාද් කෙතරම් තදින් විශ්වාස කළේද යත් සිය නායකයාගෙන් නොවිමසාම එය තුන්වැනි විනිසුරුවරයාට යොමු කරන්න’යි ප‍්‍රධාන විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතාගෙන් ඉල්ලා සිටියේය. එහි වාසිය ශී‍්‍ර ලංකා පිලට ලැබිණ.

 


ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට පිවිස සිටින අතර ශී‍්‍ර ලංකාවේ 129 වැනි ටෙස්ට් කී‍්‍රඩකයා ලෙසින් දුෂ්මන්ත චමීර ටෙස්ට් පිටියට පිවිසියේය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පුහුණුකරු චම්පක රාමනායක මහතා දුෂ්මන්ත චමිරට ටෙස්ට් හිස්වැස්ම පිරිනැමීය.

 


තවමත් එකම ටෙස්ට් තරගයකට පමණක් (නවසීලන්ත පිලට එරෙහිව ක‍්‍රයිස්ට්චර්ච්හිදී) කී‍්‍රඩා කර ඇති තරිඳු කෞෂාල් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ ඩිල්රුවන් පෙරේරා වෙනුවෙනි.

 


නවසීලන්තයේදී සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට තරම් දක්‍ෂයකු වූත්, ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරගයක් සිය මංගල එක්දින තරගය කරගැනීමට තරම් දක්‍ෂයකු දඟ පන්දු යවන්නකු වූ තරිඳු කෞෂාල්ට ගාල්ලේ ටෙස්ට් තරගයේදී අවස්ථාව නොලැබීම විටෙක පුදුම සහගතය.

 


ගාල්ල ටෙස්ට් තරගයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් 11 දෙනාම පාකිස්තානු පිල වෙනුවෙන් කී‍්‍රඩා කරයි.

 

ඉන්දියාව තෙවැනි තරගය ජයගනී

 


සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී ඊයේ (24) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ඉන්දීය පිල ලකුණු 77 ක ජයක් ලැබීය. බංග්ලාදේශය පළමු තරග දෙකම ජය ලබමින් 2-1 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය.


තුන්වැනි තරගයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 318 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල  ඕවර 47 කදී ලකුණු 240 කට සීමා විය.
පළමු තරග දෙකේදී කඩුලූ 11 ක් සමගින් තරග තුනේදී කඩුලූ 13 ක් දවාගත් බංග්ලාදේශ යොවුන් වේග පන්දු යවන ක‍්‍රීඩක මුස්ටෆිෂුර් රහමන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

 

ඉන්දීය පිලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ සුරේෂ් රයිනා තරගයේ වීරයා සම්මාන ලැබීය.

 

ඉන්දීය පිල  ඕවර 50 කදී කඩුලූ 6 ට 317

 

(රෝහිත් ශර්මා 29, ශීකර් ධවාන් 75, විරාට් කෝලි 25, මහේන්ද්‍ර සිං දෝනි 69, අම්බාටි රයියදු 44, සුරේෂ් රයිනා 38, ස්ටුවට් බිනි නොදැවී 17, මුස්ටෆිෂුර් රහමන් 57/2, මෂ්රාෆි මොර්ටාසා 76/3

බංග්ලාදේශ පිල  ඕවර 47 කදී සියලූ දෙනා දැවී 240

(සෞම්‍ය සර්කර් 40, ලිට්ටාන් දාස් 34, මුෂ්ෆිකුර් රහීම් 24, සකීබ් අල් හසන් 20, සබීර් රහමන් 43, නසීර් හොසේන් 32, ධාවල් කුල්කර්නි 34/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 35/2, සුරේෂ් රයිනා 45/3)

 

048

 

 

 

කි‍්‍රකට් කී‍්‍රඩිකාවක් නැටුම පටන් ගනී

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ චෝදනා එල්ල වී ඇති නිලධාරියකුගේ බලය ආරෝපණය කරගෙන සිටින්නේ යැයි කියන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවක් නිල නොවන නායිකාව ලෙස කටයුතු කරන බවට කාන්තා ක‍්‍රිකට් පිලෙන් දැනගන්නට තිබේ.


නවක ක‍්‍රීඩිකාවන් කණ්ඩායමට පැමිණීමට මෙම නිල නොවන නායිකාව කියන ආකාරයට වැඩ කළ යුතු බවත් එම ක‍්‍රීඩිකාවන්ගේ ඥාතීන් පවා තම දියණිය කණ්ඩායමට ඇතුළත්කර දෙන ලෙස ඇයට පවසන බවත් කියවේ.

 

මෙම ක‍්‍රීඩිකාව ඇතුළු ක‍්‍රීඩිකාවන් තිදෙනකු කණ්ඩායමේ රැදී සිටීම වෙනුවෙන් චෝදනා ලාභි නිලධාරියා කියන  ඕනෑම දෙයක් කරන තත්ත්වයට ඇද වැටී ඇති බව දැනගන්නට තිබේ. ඒ වගේම ඔවුන්ටද අදාල නිලධාරියා ලවා  ඕනෑම දෙයක් ඉටුකරගත හැකි බව ද කියවේ.

 

නිල නොවන නායිකාවගේ තත්ත්වය ආරෝපණය කරගෙන ඇති කී‍්‍රඩිකාවගේ සමීපම හිතවතියට කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීම ස`දහා දකුණු පළාතෙන් පැමිණි ප‍්‍රවේගකාරී පිතිකාරිනියකගේ ස්ථානය මේ වන විට අහිමිකර තිබේ. මෙහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව ඇත්තේ ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව පන්දු 25 කදී අර්ධ ශතකයක් රැස්කර සිටියදී එම ක‍්‍රීඩිකාවට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමයි.

 

මෙම නිල නොවන නායිකාව ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ අයර්ලන්ත සංචාරයකදී හොදට පස්පායම් වී ක‍්‍රීඩිකාවකගේ කාමරයට පැමිණ ඇයට කරදර කළ බව ද එම සංචාරයට සහභාගි වූවෝ පවසති. ශ්‍රී ලංකා පිලේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන් දෙදෙනකු සහ නිලධාරිනියක මැදිහත් වී අදාල ක‍්‍රීඩිකාව ගලවාගත් බව ද දැනගන්නට තිබේ.

 

දකුණු අප‍්‍රිකානු සංචාරයක් අතරතුරදීද එම නිල නොවන නායිකාව සහ ඇගේ සමීප හිතවතිය අතර සිද්ධිය හේතුවෙන් පරුෂ වචන මාලාවක් අසන්නට ලැබුණු බවද තතු දන්නෝ පවසති. 

ශී‍්‍ර ලංකා පිලට වේග පන්දු යවන්නෝ තිදෙනෙක්

 


සංචාරක පාකිස්තානු පිලට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී හෙට (25) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නන් තිදෙනකු කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (24) පස්වරුවේ පැවසීය.

 

ශ්‍රී ලංකා පිල ඊයේ පෙරවරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර ඉන් අනතුරු පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් මෙසේ පැවසීය.

 

‘‘පළමු තරගයට ක‍්‍රීඩා කළ පිතිකරුවන් හත් දෙනාම ක‍්‍රීඩා කරයි. එක අවස්ථාවකින් එලියට දාන එක සාධාරණ නෑ. අපි උපායශීලි වෙනසක් කළහොත් පමණක් වෙනස් වෙයි. ඩිල්රුවන් සහ ධම්මික තුවාල ලබා සිටිනවා. ඒ නිසා පන්දු යවන්නන්ගේ අංශයේ වෙනසක් වෙයි’’

 

‘‘මෙම තණතීරුවේ කොළ පැහැති බවක් පේනවා. ඒ වගේම පන්දුව උඩ එන බවක් පෙනවා. පිට දඟ පන්දු යවන්නා ලෙස තරිඳු ක‍්‍රීඩා කරයිද කියලා කියන්න බෑ.

 

ඇතැම්විට වේග පන්දු යවන්නන් තිදෙනකු ක‍්‍රීඩා කරන්නත් පුළුවන්. අවසන් 11 සාකච්ඡා කරලා තිරණය කළ යුතුයි’’

 

‘‘ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් දැන් සම්පූර්ණ සුවය ලබා සිටිනවා’’

 

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ අනපේක්‍ෂිත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ මානසික තත්ත්වය කෙසේ යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

 

‘‘අපි ඉතාමත් හොඳ සූදානමින් ඉන්නේ. දින දෙකක් කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කාලයක් නොවෙයි. අපිට තිබුණේ මානසික ප‍්‍රශ්නයක් අපි ඒ පිළිබඳව කථා කළා. මේක වෙනස්ම තරගයක්, එයට අපි ඉතාමත් ශක්තිමත්ව ක‍්‍රීඩා කිරීමට සූදානමින් ඉන්නේ’’

 

මහේල සහ සංගක්කාර නොමැතිවීමෙන් කණ්ඩායම ටෙස්ට් තරගවලට සූදානම් නොමැති බවක් පෙනෙ බවට කළ විමසීමේදී මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය. ‘‘මහේල සහ සංගක්කාරගෙන් පසුව කණ්ඩායමේ පරිනත ක‍්‍රීඩකයෝ අඩුයි.

 

සංගගෙන් අපි හැමෝම ඉගන ගන්නවා. කාලයත් සමඟ තරුණ ක‍්‍රීඩකයන් පරිනත බවට පත්වෙයි. අපි ඔවුන් ගැන විශ්වාසය තියලා ඒ වැරදි හදාගන්න අවස්ථාව දිය යුතුයි’’

 

‘‘මහේල, සංගක්කාර සහ තිලාන් යන ක‍්‍රීඩකයෝ කණ්ඩායමේ සිටින විට අත්දැකීම් සමඟ කණ්ඩායමට ශක්තියක් වුණා. මහේල ප‍්‍රශ්නවලට විසදුම් ලබා දුන්නා. මම හිතන්නේ දැන් යන්නේ කණ්ඩායමේ සංක‍්‍රාන්ති අවධියක්’’


පාකිස්තානු පිලේ යසීර් ෂා සහ සුල්ෆිකාර් බාබර් යන පන්දු යවන්නන්ට එරෙහිව පන්දුවට පහරදිමේ සැලැස්මක් තිබේද යැයි මැතිව්ස්ගෙන් විමසා සිටියේය.  

 

‘‘අපි වෙනත් අවස්ථාවලදී වගේම එම පන්දුවට පහර දෙනවා. එම පන්දු යවන්නන් හොඳින් පන්දු යවනවා. අපි සෑම විටම ඔවුන්ගේ පන්දුවට ලකුණු රැස්කර තියෙනවා’’

 

ධම්මික ප‍්‍රසාද් අද (24)) පෙරෙවරුවේ පැවැති පුහුණු සැසියේදී පන්දුවට පහර දෙමින් සිටියදී දකුණු අතේ මහපට ඇඟිල්ලේ පන්දුවක් වැදීමෙන් තුවාල ලැබීමෙන් හෙට තරගයට ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්විය.

 

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ 4 ක් දවාගත් ඩිල්රුවන් පෙරේරා එම තරගයේදී පන්දුව වැදීමෙන් තුවාල ලැබීය. කෙසේ වෙතත් ඩිල්රුවන් තුවාලයට ප‍්‍රතිකාර ලබා නැවතත් ක‍්‍රීඩා කළ අතර කොළඹ පැමිණීමෙන් පසුව ඔහුගේ තුවාලයට මැහුම් නවයක් දමා තිබේ.  

 

ඩිල්රුවන් සහ ධම්මික ආබාධයන්ට ගොදුරුව සිටීම පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරිම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පැවසුවේ ඒ පිළිබඳව මේ දක්වා සාකච්ඡා  කර නොමැති බවයි.

 

‘‘මම හිතන්නේ ඩිල්රුවන්ට ටික දවසක් විවේක ගන්න වෙයි. ඒ ළමයගේ තියෙන ධෛර්යය නිසා ගාල්ලේදී තුවාල ලබා සිටියදී ක‍්‍රීඩා කළා’’ යැයි විජේගුණවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

 

පාකිස්තානු පිල ඊයේ පස්වරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර පාකිස්තානු නායක මිස්බා උල් හක් පැවසුවේ මෙහිදී තම කණ්ඩායම තරගාවලිය ජයග‍්‍රහණක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

 

‘‘හෆීෂ්ගේ පන්දු යැවීම පිළිබඳව මේ වන විට පැමිණිලි කර තිබෙනවා. නමුත් අපි මෙම තරගයේදී ඔහු පිළිබඳව බලාපොරොත්තු තබා සිටිනවා’’

 

‘‘පළමු තරගයේදී අපේ දඟ පන්දු යවන්නෝ ඉතාමත් හොඳින් පන්දු යැවුවා. පිතිකරුවොත් සාර්ථක වුණා. අපිට අවශ්‍යතාව තියෙන්නේ පළමු තරගයේ ක‍්‍රීඩා කළ ආකාරය දිගටම පවත්වාගෙන යෑමයි’’ යැයි මිස්බා වැඩි දුරටත් පැවසීය.


මෙම තරගය පාකිස්තානු පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු යුනිස් ඛාන්ගේ 100 වැනි ටෙස්ට් තරගය වේ.

 


ශී‍්‍ර ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ධම්මික ප‍්‍රසාද්, රංගන හේරත්, නුවන් ප‍්‍රදීප්, ජෙහාන් මුබාරක්, කුසල් ජනිත් පෙරේරා, තරිඳු කෞෂාල් සහ දුෂ්මන්ත චමීර

 


පාකිස්තාන් සංචිතය
මිස්බා උල් හක් (නායක), අසාර් අලි (උප නායක), මොහොමඕ හෆීස්, අහමඞ් ෂෙශාඞ්, ෂාන් මසූඞ්, යුනිස් ඛාන්, අසාඞ් ශෆීක්, හැරිස් සොහේල්, සෆ්රාස් අහමඞ් (කඩුලූ රකින්නා), යසිර් ෂා, සුල්ෆිකාර් බාබර්, වහබ් රියාස්, ජුනයිඞ් ඛාන්, ඉම්රාන් ඛාන් සහ එශාන් අලි

 

අවසන් පිතිකරුවෝ වෙනස පෙන්වති


මාස 15 කට පසුව එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 56 ක ජයක් ලැබීමට එංගලන්තය ඊයේ (23 දා)  ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ් ක‍්‍රීඩාංගණයේදී සමත් විය. මෙය එංගලන්තය විසින් විස්සයි විස්ස තරගයකදී නවසීලන්තය පරාජය කළ අට වැනි අවස්ථාව වේ.

 

එංගලන්තය සහ නවසීලන්තය අවසන් වරට විස්සයි විස්ස තරගයකදී මුණගැසුනේ පසුගිය 2014 වසරේ මාර්තු මස බංග්ලාදේශයේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදීය.  

 

නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියද 3-2 ක් වශයෙන් ජය ගෙන සිටි එංගලන්ත නායක ඔයින් මෝර්ගන් විස්සයි විස්ස තරගයේදීත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. එම තීරණය නිවැරදි බව සනාථ කළ එංගලන්ත පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලූ 7 කට ලකුණු 191 ක් ලබා ගැනීමට සමත් වූහ.

 

ලකුණු 192 ක ඉලක්කය හඹා යෑමට පිවිසි නවසීලන්ත පිලේ අ මාටින් ගප්ටිල්ව තෙවැනි පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කිරීමට ඬේවිඞ් විලී සමත් විය. කේන් විලියම්සන් සහ නායක බ්‍රෙන්ඩන් මැකලම් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 21 කදී ලකුණු 42 ක සබඳතාවක් පිහිටුවමින් එංගලන්තයට පීඩනයට පත්කළද අවසන් පිතිකරුවන්ගේ දුර්වලතාව හේතුවෙන් නවසීලන්තය පරාජයට පත්විය.

 

නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් දැවී යන විට පන්දු 15 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 35 ක් ලබා සිටියේය. නවසීලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ කේන් විලියම්සන් පන්දු 37 කදී හතරේ පහර අටක් සමග ලකුණු 57 ක් ලබා ගත්තේය. එය විලියම්සන්ගේ දෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකය වේ.

 

පළමු පන්දු  ඕවර 10 අවසානයේ කඩුලූ පහකට ලකුණු 101 ක් වාර්තා කිරීමට නවසීලන්ත මුල් පෙළේ පිතිකරුවන් සමත් වුවද ඔවුන්ගේ අවසන් පිතිකරුවන් හත් දෙනාම ලකුණු 18 කට දැවී යාමෙන් නවසීලන්ත ඉනිම පන්දුවාර 16.2 කදී ලකුණු 135 කට සීමා විය.

 

මෙම තරගයේදී එංගලන්තයේ ලකුණු 100 පන්දු 69 කදී වාර්තා කළද නවසීලන්තයට ලකුණු 100 වාර්තා කිරීමට වැය වුයේ පන්දු 57 කි. එහෙත් එතැන් සිට නවසීලන්තයට ලබා ගත හැකිවුයේ ලකුණු 35 ක් පමණකි. එසේ වුවත් එංගලන්ත පිතිකරුවන් මුහුණ දුන් අවසන් පන්දු 51 දී ලකුණු 91 ක් ලබා ගැනීම තරගයේ තීරණය වෙනස් කළ ප‍්‍රධාන සාධකය විය.

 

එංගලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ ජෝ රූට් සිය දෙවැනි විස්සයි විස්ස එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ඔහු අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 46 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමග ලකුණු 68 ක් ලබා ගත්තේය.

 

ලෝක ක‍්‍රිකට් අනුශූරතාව දිනා ගැනීමෙන් පසු නවසීලන්තය සහභාගි වූ පළමු තරගාවලියද මෙය වන අතර එහිදී දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය. අනතුරුව එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පරාජය වූ නවසීලන්තය විස්සයි විස්ස තරගයද පරාජය වීම නිසා අසාර්ථක එංගලන්තය සංචාරයක් අවසන් කළේය.

 

එංගලන්තය  ඕවර 20 කදී කඩුලූ 7ට ලකුණු 191
(ජේසන් රෝයි 23, ඇලෙක්ස් හේල්ස් 27, ජෝ රූට් 68, සෑම් බිලින්ග්ස් 21, බෙන් ස්ටෝක්ස් 24, මිචෙල් සැනැට්නර් 28/2, මිචෙල් මැක්ලෙනගන් 27/2)

 

නවසීලන්තය  ඕවර 16.2 කදී සියලූ දෙනා දැවී  ලකුණු 135
(බ්‍රෙන්ඩන් මැකලම් 35, කේන් විලියම්සන් 57, රොස් ටේලර් 17, ඬේවිඞ් විලී 22/3, මාර්ක් වුඞ් 26/3, බෙන් ස්ටෝක්ස් 24/2)

 

-033

ක්ලාක් සගයින්ගේ වගතුග හෙළි කරයි


තමන්ගේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ‘නාකියෝ රැළක්’ යයි ජේසන් ගිලෙස්පි පසුගියදා කී කතාව  සිහිගන්වමින් ඔස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක් සිය කණ්ඩායමේ නිල උත්සවය විනෝදයෙන් පුරවා දැමුවේය.

 

ලන්ඩනයේ පැවැති මේ උත්සවය අතරතුර සිය කතාව ආරම්භ කළ ඔස්ටේ‍්‍රලියානු නායකයා විවිධ උපහාසාත්මක කියුම්වලින් සිය ක‍්‍රීඩකයන් ලේබල් කිරීමට අමතක කළේ නැත. එංගලන්තයේ උපන් ඔස්ටේ‍්‍රලියානු  අගමැති ටෝනි ඇබට් වරක් තමාට නයිට් නාමයක් පිරිනැමීමට සූදානම් වූ මොහොතේ එය ප‍්‍රතික්ෂේප කළ අයුරුද ඔහු අනාවරණය කළේය.

 

ලන්ඩනයේ ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඇලෙක්සැන්ඩර් ඩවුනර් විසින් සංවිධානය කරන ලද මේ උත්සවය පැවැත්වූයේ ‘ඔස්ටේ‍්‍රලියා හවුස්‘ හී දීය. විවිධ තරාතීරමේ ව්‍යාපාරිකයෝ සහ රාජත‍්‍රාන්ති‍්‍රක නිලධාරීන් රැුසක් සහභාගී වූ මේ උත්සවය ක්ලාක්ගේ රසවත් කියුම්වලින් වර්ණවත් විය.

 

අළුබඳුන ටෙස්ට් තරගමාලාවට එක්වන ඔස්ටේ‍්‍රලියානු පිලේ හරි අඩක්ම පාහේ ක්ලාක්ගේ උපහාසාත්මක නම් පටබැඳීමට ගොදුරු විය. ඔහු සිය සගයන් ගැන විස්තර කළේ මේ අයුරිනි.

 

ඬේවිඞ් වෝනර් – ඔහුගේ පරණ සුරතල්නාමය බුල්. ඒත් දැන් ඒක සමනළයා බවට පත්වෙලා. ඒත් හිතන්න එපා ඔහු අද ? ඔයාලගේ ප‍්‍රශ්නවලට උත්තර දේවි කියලා. ඔහුට ශක්තිය ඉතුරු කරගන්න  ඕනලූ.
කි‍්‍රස් රොජර්ස් – ඔහු තමයි මේ නාකි හමුදාවේ නායකයා.
රයන් හැරිස් – ඔහුත් නාකි හමුදාවේ පිලේ ඉහළ මට්ටමේ නායකයෙක්.
බ‍්‍රැඞ් හැඩින් – ඔහුත් නාකි හමුදා කණ්ඩයේ සවිමත් පුරුකක්.
මිචෙල් ජොන්සන් – කරාටේ ක‍්‍රීඩාවට ලැදි ජොන්සන් නාකි හමුදාවේ හොඳ සොලදාදුවෙක් තමා.
පීටර් සිඞ්ල් – එයාගේ ගොවිපොලේ ඉන්න කුකුළු පැටවුන්ට එයා කොයිතරම් ආදරේ ද කියනවානම් උන්ගේ නියපොතු පවා පාට කරනවා.

 

ජොස් හේස්ල්වුඞ් – හිස් වීදුරුවක් අමුත්තන්ට පෙන්වූ ක්ලාක් මෙසේ කීවේය. ‘ කරුණාකර කවුරුහරි ජොස්ට බීර වීදුරුවක් දෙන්න. එයා බීරවලට හරි ආසයි.
ෆවාඞ් අහමඞ් – අහමඞ් මේ කාලයේ රමලාන් උපවාසයේ නිරතවන බව ක්ලාක් අමුත්තන්ට සිහිපත් කොට දුන්නේය. ‘ඒ නිසා කරුණාකර ආහාර ගන්නා විට වෙන පැත්තකට හැරෙන්න.‘
සිය උපනායකයා හඳුන්වාදීමේ දී ක්ලාක් එය හොඳින් එය ඉටු කළේය.

 

”මම කොහොමද එයාව අමතක කරන්නේ..ලොව විශිෂ්ටතම පිතිකරු ස්ටීවන් ස්මිත්.”
ඔස්ටේ‍්‍රලියානු නායකයා සිය කතාවට දේශපාලනය ඈඳා ගැනීමට ද අමතක කළේ නැත. අළුබඳුන තරගමාලාව ජයග‍්‍රහණය කළ විට නයිට් නාමයක් පිරිනැමීමට ද ඔහු යෝජනා කළේය. එහෙත් එය ඔහුට ලැබෙනවාට නම් එතරම් කැමැත්තක් තිබුණේ නැත.

 

”ඒක මට ගැලපෙන්නෙ නෑ. මම ලිවර්පූල්වලින් ආපු යන්තම් පොඩි කොල්ලෙක්. මගේ සගයෝ මට ‘සර්‘ කියනවා හිතාගන්නත් බෑ.” යයි මයිකල් ක්ලාක්් කීවේය.

 

- 077

 

හෆීස්ගේ පන්දු යැවීම සැකයට ලක්වෙයි

 

පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරුවා මෙන්ම අවස්ථානුකූල පිට දඟ පන්දු යවන්නා වන මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි විනිසුරුවරුන් නැවතත් පැමිණිලි කර තිබේ. යම් හෙයකින් පන්දුව දමාගැසීමේ චෝදනාවට හෆීස් නැවතත් වරදකරු වුවහොත් ඔහුට වසරක කාලයක් පන්දු යැවීමේ තහනමකට මුහුණ දීමට සිදුවන බවද අන්තර්ජාතික කි‍්‍රකට සභාව තහවුරු කරයි.

 

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළ රිචඞ් ඉලිංවර්ත් සහ පෝල් රයිෆල් යන මහත්වරුන් විසින් මෙම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ කි‍්‍රස් බ්‍රෝඞ් මහතාට හෆීස්ගේ ඉරියව්ව පිළිබඳ පැමිණිළි කර තිබේ.

 

මෙම තරගයේදී ඉනිම දෙකේදීම පන්දු යැවූ හෆීස්, ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී ලකුණු 40 කට කඩුලූ 2 ක් දවාගත්තේය. දෙවැනි ඉනිමේදීත්  ඕවර 10 ක් යැවූ නමුත් ඔහුට කඩුල්ලක් දවාගත නොහැකි වූ නමුත් තරගයෙන් පාකිස්තානු පිල කඩුලූ 10 කින් ජයගත්තේය.

 

මොහොමඞ් හෆීස් තවත් දින 14 ක් ඇතුළතදී තවත් පරීක්‍ෂණයකට මුහුණ දිය යුතු නමුත් එම කාලය තුළදී ඔහුට පන්දු යැවීමේ තහනමක් නැත.

 

පන්දුව දමාගැසීමේ චෝදනාවට වතාවක් වරදකරුවකු වූ පන්දු යවන්නකුට පන්දු යැවීමේ අවසරය ලැබීමෙන් පසුව වසර දෙකක කාලයක් තුළදී  දෙවැනි වරටත් පන්දුව දමාගැසීමේ චෝදනාවට වැරදිකර වුවහොත් වසරක කාලයක් පන්දු යැවීම තහනම් කිරීම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නියමයයි.

 

මීට පෙරද පන්දුව දමාගැසීමේ චෝදනාවට වරදකරු වූ මොහොමඞ් හෆීස්ට දෙවැනි වර පන්දු යැවීමේ අවසරය ලැබුණේ පසුගිය අපේ‍්‍රල් මස 21 වැනිදාය.

 

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නවසීලන්ත පිලට එරෙහිව අබුඩාබි හිදී පැවැති ටෙස්ට් තරගයකදී සහ ශූරයන්ගේ ලීග් විස්සයි:20 තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට හෆීස් චෝදනා ලැබීය. පසුව එංගලන්තයේ ලෆ්බරෝහිදී පරීක්‍ෂණයකට මුහුණ දුන් හෆීස් පන්දු යැවීමේදී අත අංශක 15 ට වඩා නැමෙන බව පරීක්‍ෂණ වලින් තහවුරු විය.

 

 

බංග්ලාදේශය ඉන්දියාවට එරෙහිව පළමු තරගාවලි ජය ලබයි

සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (21) පැවැති දෙවැනි තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලූ 6 ක ජයක් ලබමින් ඉන්දියාවට එරෙහිව පළමු එක්දින තරගාවලි ජය වාර්තා කිරීමට සමත් විය.
 


 

මෙම ජයග‍්‍රහණයත් සමඟ බංග්ලාදේශය 2017 වසරේ පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින තරගාවලියට ද සුදුසුකම් ලබා ගත්තේය.
 

 

බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ මෙහිදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 6 ක ජයක් ලැබූ අතර පළමු තරගයෙන් ලකුණු 79 ක ජයක් ලබා සිටියේය. බංග්ලාදේශය එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පස්වැනි අවස්ථාව මෙය වේ.
 

බංග්ලාදේශය තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.
 

 

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ඉනිමක්  ඕවර 47 කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල  ඕවර 45 කට ලකුණු 200 කට සීමා විය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව බංග්ලාදේශයට ලකුණු 200 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර බංග්ලාදේශ පිතකරුවෝ එම ඉලක්කය  ඕවර 38 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
 

සිය දෙවැනි එක්දින තරගයට සහභාගි වූ 19 හැවිරිදි වමතින් වේග පන්දු යවන මුෂ්ටාෆිෂුර් රහමන් පිට පිටම දෙවැනි තරගයේදීත් ඉන්දීය පිලේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 43 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය.
 

 

මෙම තරගාවලියේ පළමු තරගය මුෂ්ටාෆිෂුර් රහමන් මංගල එක්දින තරගය වූ අතර එහිදී ද ලකුණු 50 කට කඩුලූ 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්විය.
 

 

ඉන්දීය පිල  ඕවර 45 කදී සියලූ දෙනා දැවී 200


 

(ශීකර් දවාන් 53, විරාට් කෝලි 23, මහේන්ද්‍ර සිං දෝනි 47, සුරේෂ් රයිනා 34, රවීන්ද්‍ර ජඬේජා 19, මුෂ්ටාෆිෂුර් රහමන් 43/6, නසීර් හොසේන් 33/2, රුබෙල් හොසේන් 26/2)


 

බංග්ලාදේශ පිල  ඕවර 38 කදී කඩුලූ 4 ට 200


 

(තමීම් ඉක්බාල් 13, සෞම්‍ය සාර්කර් 34, ලිටොන් දාස් 36, මුෂ්ෆිකුර් රහීම් 31, ශකීබ් අල් හසන් නොදැවී 51, සබ්ර් හමන් නොදැවී 22)

යසීර් ෂා පකිස්තානයට ජය ගෙනෙයි


 

 

යසීර් ෂා (76/7) විශිෂ්ට පන්දු යැවීමත් අසාඞ් ශෆීක් (131) සහ සර්ෆ‍්‍රාස් අහමඞ් (96) දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹයත් නිසා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 10 ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තානය සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටද පාකිස්තානයට හැකි වී තිබේ.

 

අවසන් දිනය වූ අද (21 වැනිදා) තරගය ජයගැනීම සඳහා පාකිස්තානු පිලට ලකුණු 90 ක පහසු ඉලක්කයක් ලබුණු අතර දෙවැනි ඉනිමේදී අධිවේගි පිතිහරඹයක නිරත වූ පාකිස්තානුවෝ  ඕවර 11.2 කදී ලකුණු 92 ක් ලබාගනිමින් මෙම ජයග‍්‍රහණය අත්කරගත්හ.

 

පාකිස්තානු කණ්ඩායමක් අවසන් වරට ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරගයකින් ජයගත්තේ 2006 වසරේ අපේ‍්‍රල් මාසයේදීය. මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැති එම තරගයේදී පාකිස්තානුවෝ කඩුලූ 8 කින් ජයගත්හ.

 

එම තරගයට කී‍්‍රඩා කළ පාකිස්තානුවන් අතුරින් වත්මන් පාකිස්තානු කණ්ඩායමේ ඉතිරිව සිටින එකම කී‍්‍රඩකයා යුනිස් ඛාන් පමණි.

ශී‍්‍ර ලංකා පිලේ විනාශය ආරම්භ වූයේ අද කී‍්‍රඩාව ආරම්භ කරමින් යැවුණු පළමු පන්දුවෙනි.

 

පා දග පන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා විසින් යවන ලද දිනයේ පළමු පන්දුව නිදැල්ලේ යාමට ඩිල්රුවන් පෙරේරා ඉඩදුන් හෙයින් කිසිදු බාධාවකින් තොරවම එය කඩුල්ල සොයා ඇදී ගියේය. ඩිල්රුවන් පෙරේරා ආපයින්ම ආපසු කී‍්‍රඩාගාරයට යන විට ලකුණු 63 කට ශී‍්‍ර ලංකා පිලේ තුන්වැනි කඩුල්ලත් බිම ඇදවැටී තිබිණ.

 

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලට දරාගත නොහැකි හානිය වූයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාමයි. පා ඉන්නට මඳක් එපිටින් පතිත වූ යසීර් ෂාගේ පන්දුව ඇන්ජලෝගේ පිත්ත පසුකරමින් ගොස් පා ආවරණයේ වැදී ඉපිළෙන අවස්ථාවේදී ‘සිලි මිඞ්  ඕන්’හි සිටි අසාර් අලි එය රැුකගත් හෙයින් විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතාගේ තීරණය වූයේ මැතිව්ස් දැවී ගිය බවයි. තමන් සම්බන්ධයෙන් දුන් තීරණය තුන්වැනි විනිසුරුවරයාගෙන් විමසන්න’යි ශී‍්‍ර ලංකා නායකයාගේ ක්‍ෂණික ප‍්‍රතිචාරය විය. එහෙත් තුන්වැනි විනිසුරුවරයාට ලැබුණු රූපවාහිනී ප‍්‍රතිදර්ශන වලින් පන්දුව පිත්තේ නොවදින බවට නිශ්චිත තීන්දුවක් ගතනොහැකි වූයෙන් පිටියේ සිටි විනිසුරුවරයාගේ තීරණයම කි‍්‍රයාවට නැංවිණ.

 

ඒ වන විට කඩුලූ 4 ක ට 144 ක් ව තිබූ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවේ මැතිව්ස්ගේ නමට ඉදිරියෙන් ලකුණු එක්වීම නතර වීමත් සමගම ශී‍්‍ර ලංකා ඉනිම දෙදරා බිම පතිත විය.

 

දෙවැනි ඉනිමේ අවසන් කඩුලූ 7 ම ලකුණු 74 කට ඇදවැටුණේ යසීර් ෂාගේ විශිෂ්ට පන්දු යැවීමත් පාකිස්තානු නායක මිස්බා උල්හක්ගේ උපක‍්‍රමශීලී නායකත්වයත් හේතුවෙනි.

 

දිමුත් කරුණාරත්න සමග එක්වූ ළහිරු තිරිමාන්න මුල් ඉනිමේ අවාසිය මගහරවා දුන් නමුත් ඒ මැදට කඩාවැදුණු වහබ් රියාස් තිරිමාන්න පිටියෙන් ඉවත් කර පසෙකට විය. එතැන්සිට ශී‍්‍ර ලංකා පිතිකරුවන් කරකවා අතහැරි යසීර් ෂා  ඕවර 30 කදී ලකුණු 76 කට කඩුලූ 7 ක් දවාගත්තේ දකුණත් පා දග පන්දු යවන්නකු විසින් ශී‍්‍ර ලංකාවේදී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ දස්කම දක්වමිනි.

 

ගාල්ල කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩාගාර අන්තයේ සිට දිගින් දිගටම පන්දු යැවූ යසීර් ෂා අද දිනයේ පාකිස්තානුවන් යැවූ  ඕවර 56 න්  ඕවර 23.1 ක්ම යැවීය. යසීර් ෂාගේ පන්දු යැවීම වසර 20 කට පසුව පාකිස්තානු පා දග පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම දස්කමද විය.

 

තරගයේ දක්‍ෂතම කී‍්‍රඩකයා වූ යසීර් ෂාට ඇමරිකානු ඩොලර් 500 ක ත්‍යාගයක් හිමිවූ අතර ස්ටම්ප් කිරීම් තුනක් සමගින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් හය දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට සම්මාදම් වූ සර්ෆ‍්‍රාස් අහමඞ් තරගයේ වීරයා විය.

 

මෙම සම්මානය සර්ෆ‍්‍රාස්ට පිරිනැමීමට මූලික හේතුව වූයේ අසාඞ් ෂෆීක් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 139 ක සම්බන්ධතාව නිසා තරගයේ වාසිය පාකිස්තානු පිල වෙත නැඹුරු වීමත් සර්ෆ‍්‍රාස් පන්දුවට පහරදුන් ලීලාව හමුවේ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් මන්දෝත්සාහී වීමත් නිසාය.

 

16 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරමින් සිටින දිමුත් කරුණාරත්න පන්දු 96 කදී තමන්ගේ පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකිරීමට ලකුණු 14 ක් ඉතිරිව තිබියදී ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය.

 

දිනේෂ් චන්දිමාල් තම කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ නමුත් ඔහුට සහාය වීමට තරම් ධෛර්යයක් තිබූ පිතිකරුවෝ කණ්ඩායමේ ඉතිරිව නොසිටියහ. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 25 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

 

ලකුණුු පුවරුව

ශී‍්‍ර ලංකාව – පළමු ඉනිම 300
(කෞෂාල් සිල්වා 125, කුමාර් සංගක්කාර 50, වහබ් රියාස් 74/3, සුල්ෆිකාර් බාබර් 64/3)
පාකිස්තානය – පළමු ඉනිම 417
(අසාඞ් ශෆීක් 131, සර්ෆ‍්‍රාස් අහමඞ් 96, සුල්ෆිකාර් බාබර් 56, ධම්මික ප‍්‍රසාද් 91/3, ඩිල්රුවන් පෙරේරා 122/4)


ශී‍්‍ර ලංකාව – දෙවැනි ඉනිම
කෞෂාල් සිල්වා – ඇ.අසාර් අලි ප.වහබ් රියාස්    5
දිමුත් කරුණාරත්න – ස්ට.සර්ෆ‍්‍රාස් ප.යසිර් ෂා    79
කුමාර් සංගක්කාර – ඇ.අසාර් අලි ප.යසිර් ෂා    18
ඩිල්රුවන් පෙරේරා – ප.යසිර් ෂා    0
ළහිරු තිරිමාන්න – ඇ.යුනිස් ඛාන් ප.වහබ් රියාස්    44
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.අසාර් අලි ප.යසිර් ෂා    5
දිනේෂ් චන්දිමාල් – ස්ට.සර්ෆ‍්‍රාස් ප.යසිර් ෂා    38
කිතුරුවන් විතානගේ – ඇ.සුල්ෆිකාර් බාබර් ප.යසිර් ෂා    1
ධම්මික ප‍්‍රසාද් – ස්ට.සර්ෆ‍්‍රාස් ප.සුල්ෆිකාර් බාබර්    2
රංගන හේරත් – ඇ.මොහොමඞ් හෆීස් ප.යසිර් ෂා    1
නුවන් ප‍්‍රදීප් – නොදැවී     0
අතිරේක     13
එකතුව  ඕවර 77.1 කදී සියලූ දෙනා දැවී     206

 


කඩුලූ වැටීම :
1-18(කෞෂාල්), 2-63(සංගක්කාර), 3-63(ඩිල්රුවන්), 4-132(තිරිමාන්න), 5-144(මැතිව්ස්), 6-167(කරුණාරත්න), 7-175(විතානගේ*, 8-200(ප‍්‍රසාද්), 9-203(හේරත්), 10-206(චන්දිමාල්)

 

පන්දු යැවීම:
වහබ් රියාස් : 16-4-46-2, ජුනයිඞ් ඛාන් : 7-1-23-0, යසීර් ෂා : 30.1-6-76-7, මොහොමඞ් හෆීස් : 10-3-24-0, සුල්ෆිකාර් බාබර් : 14-4-31-1

 


පාකිස්තානය – දෙවැනි ඉනිම

මොහොමඞ් හෆීස් – නොදැවී    46
අහමඞ් ශෙෂාඞ් – නෙදැවී     43
අතිරේක    3
එකතුව  ඕවර 11.2 කදී කිසිවකු නොදැවී     92

පන්දු යැවීම :
රංගන හේරත් : 4.2-0-30-0, ධම්මික ප‍්‍රසාද් : 2-1-10-0, නුවන් ප‍්‍රදීප් : 2-0-18-0, ඩිල්රුවන් පෙරේරා : 3-0-31-0

තරගයේ වීරයා : සර්ෆ‍්‍රාස් අහමඞ්

 

ඡායාරූපය – ශාන්ත රත්නායක

එංගලන්ත පිල යළිත් ජයග‍්‍රහණ අතරට


 

 

ලෝක ක‍්‍රිකට් අනුශූරයන් වන නවසීලන්තයට එරෙහිව රිවර්සයිඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනූව කඩුලූ තුනක තියුණු ජයක් ලැබූ එංගලන්තය තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ඊයේ (20 දා) සමත් විය.

 

දෙරට අතර පැවැති 18 වැනි එක්දින තරගාවලිය මෙය වන අතර මෙම ජයග‍්‍රහණය එංගලන්ත කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලද 8 වැනි එක්දින තරගාවලි ජය ලෙසද ඉතිහාසයට එක්වේ. 

 

එංගලන්තය සිය මව්බිවේදී සහභාගි වූ එක්දින තරගාවලි පහක පරාජයකින් පසුව ලද පළමු ජයග‍්‍රහණයද මේය වීම විශේෂත්වයකි. අවසන් වරට එංගලන්තය සිය මව්බිමේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත් වූයේ 2012 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව 4-0 ක් වශයෙනි.

 

2014 වසරේදී දකුණු අප‍්‍රිකාවට 2-0 කින් පරාජයට පත්වීමෙන් පසුව තනි කණ්ඩායමක් හමුවේ පැවැති එක්දින තරගාවලියක් නවසීලන්තය පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. ඉකුත් ලෝක කුසලාන තරගාවලියට පෙර නවසීලන්තය තනි කණ්ඩායමක් සමග පැවැති එක්දින තරගාවලි හතරක් පිට පිටම ජය ගැනීමට සමත්ව තිබුණි.

 

තරගාවලිය 2-2 ක් ලෙස සමවී තිබියදී ඇරඹි තීරණාත්මක පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමේ වාරය නවසීලන්තයට ලබාදුණි. එහිදී මෙවර තරගාවලියේ අඩුම මුලූ ලකුණු සංඛ්‍යාව වාර්තා කළ නවසීලන්තය නියමිත පන්දු  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 283 ක් ලබා ගත්තේය.

 

නවසීලන්ත ඉනිමෙන් පසු ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනූව එංගලන්තයට ජයග‍්‍රහණය සඳහා පන්දු  ඕවර 26 කදී ලකුණු 192 ක ඉලක්කයක් හිමි විය.

 

දෙපිලම කරට කර තරග කළද අවසන් පන්දු 12 දී නවසීලන්තයට ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 17 එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී ලබා ගැනීමට ජොනී බෙයාර්ස්ටෝ සහ අදිල් රෂීඞ් සමත් වූහ.

 

නවසීලන්තයේ පළමු කඩුලූ පහ ලකුණු 45 කදී බිද දැමු නවසීලන්ත පන්දු යවන්නෝ තරගයේ ජයග‍්‍රහණයේ හරි අඩක්ම තම කණ්ඩායමට දෙසට හරවා ගත්තද හය වැනි කඩුල්ලට ජොනී බෙයාර්ස්ටෝ සහ සෑම් බිලින්ග්ස් එකතුව පන්දු 57 කදී ලකුණු 80 සබඳතාවක් පිහිටුවමින් නවසීලන්තය සතුව තිබූ තරගයේ පාලනය එංගලන්තය දෙසට හරවා ගැනීමට සමත් වූහ.

 

එංගලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ අංක හය පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ පන්දු 60 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 80 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙය ජොනී බෙයාර්ස්ටෝ ලබා ගත් පළමු එක්දින අර්ධ ශතකයද වේ. තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්තයේ කේන් විලියම්සන්ට හිමිවිය.

 

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයේ පළමු කඩුල්ල ලෙස නායක බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු හයකට පිටියෙන් ඉවත් කිරීමට ස්ටීවන් ෆින් සමවත් වූයේ මැකලම්ගේ කඩුල්ලටම පන්දුව යොමු කරමිනි. නවසීලන්තයේ ආරම්භක කඩුල්ල ලකුණු හතේදී බිද වැටුණද මාටින් ගප්ටිල් සහ කේන් විලියම්සන් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 113 කදී ලකුණු 94 ක සබඳතාවක් පිහිටුවමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කිරීමට සමත් වූහ.

 

මාටින් ගප්ටිල් පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 67 ක් ලබා ගත් අතර එය ඔහුගේ 25 වැනි එක්දින අර්ධ ශතකය වේ. 19 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරගත් කේන් විලියම්සන් තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 65 කදී හතරේ පහර පහක් සමග ලකුණු 50 ක් ලබා සිටියේය.

 

මෙම තරගාවලියේ පළමු තරගය එංගලන්තය ජය ගත් අතර දෙවැනි සහ තෙවැනි තරගය ජය ගැනීමට නවසීලන්තය සමත් විය. සිව්වැනි තරගය යළිත් ජය ගත් එංගලන්තය තරගාවලිය 2-2 ක් ලෙස සම කරමින් පස්වැනි තරගයට අවතීර්ණ විය. පළමු තරග හතරේදීම කණ්ඩායම් දෙකම ලකුණු තුන් සියයේ සීමාව ඉක්මවා ලබා ගැනීමට සමත් වුවද තරගාවලියේ වැඩිම ප‍්‍රහාරාත්මක වේගය 7.68 ක් ලෙස වාර්තා කර ගැනීමට අවසන් තරගයේදී එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.

 

මෙම තරග පහ තුළදී නවසීලන්තය සහ එංගලන්තය එකතුව ලබා ගත් මුලූ ලකුණු සංඛ්‍යාවේ එකතුව 2676 කි. එය තරග පහකින් සමන්විත එක්දින තරගාවලියකදී කණ්ඩායම් දෙකක් ලබා ගත් මුලූ ලකුණු සංඛ්‍යාවන් අතර දෙවැනි තැනට පත්වේ. එහි පළමු තැන පසුවන පකිස්තානය සහ ඉන්දියාව 2004 පැවැති තරග පහකින් සමන්විත එක්දිනතරගාවලියේ ලකුණු 2963 ක් ලබා තිබේ.

 

නවසීලන්තය  ඕවර 50 කදී කඩුලූ 9 ට ලකුණු 283 යි.

 

(මාටින් ගප්ටිල් 67, කේන් විලියම්සන් 50, රොස් ටේලර් 47, ග‍්‍රාන්ට් එලියට් 35, බෙන් වීලර් 39,  ස්ටීවන් ෆින් 73/2, ඬේවිඞ් විලී 50/2,  බෙන් ස්ටෝක්ස් 52/3, අදිල් රෂීඞ් 45/2 යි.)

 

එංගලන්තය පන්දුවාර 25 කදී කඩුලූ 7 ට ලකුණු 192 යි.

 

(ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 83, සෑම් බිලින්ග්ස් 41, මිචෙල් සැනැට්නර් 31/3, බෙන් වීලර් 33/2 යි.)
 

- 033