මිලි මීටර දෙකකින් දිනයක් වෙනස් වූ හැටි

 

පිත්තත් අතින් ගෙන සිම්බාබ්වේ පිලට එරෙහිව එය කි‍්‍රයාත්මක කිරීමේ අටියෙන් මනුකා  ඕවල් තණතීරුවට පා තබද්දී  කි‍්‍රස් ගේල් ලකුණු අතරේ සිටි පිතිකරුවකු නොවීය. එනිසාම ඔහු  විවේචනයට තුඩුදෙන මාතෘකාවක් බවටද පත්වී තිබිණි.

 

සිය අවසන් එක්දින තරග 20දී ලකුණු 14.42 ක සාමාන්‍යයක් පමණක් රඳවාගත් ගේල් අන්තිම වරට එක්දින ශතකයක් වාර්තා කළේ 2013 ජූනි මාසයේදීය. එවන් පිතිකරුවකු ලෝක කුසලාන තරගාවලියට කුමට ගෙනාවාද යයි කියාත් ඇතැම්හු ඇසූහ.

 

ඒ සියලූ කරුණු කාරණා කරපින්නාගෙන මෙවර ලෝක කුසලාන තරගමාලාවට පැමිණි ගේල්ට කොදෙව් පිල සහභාගි වූ පළමු තරග 2 දී රැුස් කිරීමට හැකිවූයේ ලකුණු 36 ක් පමණි.

 

එසේ වුව ද පාකිස්තානයට එරෙහිව අතිවිශිෂ්ට ජයක් ලැබූ කොදෙව් පිලේ ප‍්‍රහාරාත්මක පිතිකරුවන්ගේ දස්කම් දැකබලා ගැනීමේ බලාපොරොත්තුවෙන් කී‍්‍රඩා ලෝලීහු අතිවිශාල පිරිසක් සිහින් පොදවැස්සේම කැන්බරා නුවරට පැමිණ සිටියහ.

 

කී‍්‍රඩා ලෝලීන්ගේ බලාපොරොත්තු උදාසීන කරමින් ඞ්වේන් ස්මිත් දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය. ඊට පන්දු දෙකකට පසු ගේල් ද ලකුණු නොලබාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමේ අවදානමට මුහුණු දුන්නත් එය නොදැවීමක් ලෙස විනිසුරු සංඥා කිරීම නිසා යාන්තමින් ගේල්ගේ කඩුල්ල බේරිණ. විනිසුරු තීරණය තුන්වැනි විනිසුරුවරයාට යොමු කළද මිලි මීටර දෙකක වාසිය ගේල්ට ලැබිණ.

 

සැබවින්ම මිලි මීටරයකට දෙකකට කළ හැකි දේ කොතෙක්ද යන්න නියම වශයෙන් හෙළිදරව් වූයේ මේ තරගයේදීය. තව මිලිමීටර දෙකක් පහළින් පන්දුව ඇදී ගියා නම් එදා දවස මීට වඩා වෙනස්වීමට ඉඩ තිබිණි.

 

ගේල් පන්දු 105 කදී ලකුණු සියයේ සීමාව සම්පූර්ණ කළ මොහොතේ කොදෙව් කී‍්‍රකට් ලෝලීන් ඇතුළු සියලූ පේ‍්‍රක්‍ෂකයෝ ඔහු යළි ලකුණු අතරට පිවිසීම ගැන සතුටට පත්වූහ. අනතුරුව ගේල් පන්දු 33 කින් ඊළඟ ලකුණු 100 සම්පූර්ණ කිරිම නිසා කී‍්‍රඩාංගණයේ වාතාවරණය එහෙම පිටින්ම වෙනස්විය.

 

තරගයේ ආරම්භයේ සිටම ඇද හැලූණු පොද වැස්ස හදිසියේම නතරවිය. ගේල් ඔහුගේ සෑම හයේ පහරකින්ම පේ‍්‍රක්‍ෂකයන් ඇවිස්සුවේය. ඔවුන්ටද උඩපන්දු රැුකගැනීමේ අවස්ථාව උදාවිය. ඇතැමුන්ට නම් ඒවා රැක ගැනීමට නොහැකිවිය.

 

ඇතැම් පේ‍්‍රක්‍ෂකයන් ගේල්ගේ හයේ පහරකින් හිස බේරාගැනීමට උත්සාහ කරන අතරේ තමන් එහි සාක්ෂි කරුවන් බවට පත් කළ එම ඉනිම ට්විටර් වෙඞ් අඩවිය මගින් යාවත්කාලීන කරන්නට ඇතැම්හු හනි හනික පියවර ගත්හ.

 

අඩුම තරමින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීතිරීති පවා නොදැන සිටි එක්තරා ස්වේච්ඡුා සේවිකාවක් මහත් සොම්නසින් යුතුව තරගය නරඹමින් සිටියාය. එහෙත් තමා මේ නරඹමින් සිටින්නේ කුමක්දැයි හරියටම ඇය දැන සිටියේ ද නැත.

 

ලෝක කුසලාන තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාව, එක්දින තරගබිමේ තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව එක්දින පිටියේ ඉහළම සම්බන්ධතාව, හයේ පහර 16 ලෝක වාර්තාව සමකිරීම, වේගවත්ම එක්දින ද්විත්ව ශතකය, ඔස්ට්රේලලියානු භූමියේ ඉහළම කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව, එක්දින ද්විත්ව ශතකයක් ලැබූ ඉන්දීය නොවන පළමු පිතිකරුවා, ටෙස්ට් පිටියේ 300ක්, එක්දින පිටියේ 200ක් සහ විස්සයි 20 පිටියේ 100ක් ගැසූ පළමු පිතිකරු… මේවායේ කුමක් හෝ විශේෂත්වයක් ඇතැයි ඇය දැන උන්නාය.

 

මේවා කළ හැක්කේ ගේල් වැනි පිතිකරුවකුටමය. පොද වැස්සෙන් තෙත්වූ ඒ සති අන්තයේ මනුකා  ඕවල් කී‍්‍රඩාංගණයේ තත්ත්වය මුළුමනින්ම වෙනස් ආකාරයේ එකක් විය. එදින තරගය නැරැුඹූ සියලූදෙනා ඉතිහාසයේ සාක්ෂිකරුවෝ වූහ.

 

”මමත් එතැන හිටියා…” පසු දිනයේ කැන්බරා නුවර කාර්යාල පුරා සේවක සේවිකාවෝ කතා බහ කළහ.

 

”අපරාදේ…මා ළඟ ටිකට් එකක් තිබිලත් කොදෙව්වන්ගෙන් දැන් එච්චර වැඩක් නැති නිමා මම ගියේ නෑ” යයි තවෙකෙක් කීවෙය.

 

පන්දු 147 කදී ලෝක වාර්තාගත ලකුණු 215ක් ලබාගැනීමෙන් පසුව ජයග‍්‍රහණයේ සතුට වි`දගනිමින්, පාදයේ මස් පෙරළාගනිමින්ද අන්තිමේ දී දුරින් දුරින් අඩි තබා ගේල් කී‍්‍රඩකයන්ගේ කුටියට පැමිණියේය. සගයන් ඔහුට සුබ පතන්නට නොඉවසිල්ලෙන් යුතුව බලා සිටියේ 48 වැනි  ඕවරයේ සිටමය.  ඕවර 50 පුරා තමාට වශීවී සිටි කී‍්‍රඩාලෝලීන්ට කෘතඥතාව පළ කරමින් ගේල් එම ඉනිම ගැන කතා කරන්නට පටන් ගත්තේය.

 

”ලකුණු අතරට නොපැමිණි නිසා මට ලොකු පීඩනයක් තිබුණා”

 

”මං ලකුණු රැස් කරනවා දකින්න හුඟාක් අයට  ඕන වුණා. ඔවුන්ගේ සතුට වෙනුවෙන් මොනවා හරි දෙයක් දෙන්න ලැබීම ගැන මට සතුටුයි” ඔහු පැවසීය.

 

ලෝක කුසලාන තරග අර්ථ ගන්වන්නේ ගේල් වැනි කී‍්‍රඩකයන්ය. බ්‍රෙන්ඩන් මැකලම්ගේ වේගවත් අර්ධ ශතකයත්, එම තරගයේ දීම ටිම් සවුති ලකුණු 33 කට කඩුලූ 7 ක් දවාලීමත් ඇතුළුව දැනටමත් එවැනි විශිෂ්ට දස්කම් කිහිපයක් දැකගැනීමට ලැබී ඇත.

 

ලෝක කුසලාන තරගමාලාවේ කැපී පෙනෙන කී‍්‍රඩකයා කවුරුන්ද යන්න කළ රූපවාහිනී මත විමසුමකදී ඩිවිලියර්ස්, මැක්ස්වෙල් හා අෆ්රිඩි යන නම් දැරූ පිතිකරුවන් එහි සිටියත් 66 %ක ප‍්‍රතිශතයක් ලැබී තිබුණේ කි‍්‍රස් ගේල්ටය.

 

ජය පරාජය යන දෙක සම සමව බෙදා ගනිමින් මෙවර තරගමාලාව ආරම්භ කළ කොදෙව් පිලට ගේල්ගේ ඉනිම විශාල ධෛර්යයක් වී තිබේ.

 

අයර්ලන්තය හමුවේ පරාජය වූ නමුත් දැන් ඔවුන් අර්ධ අවසන් පූර්වට වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවාගෙන සිටී. එබැවින් බිය නොමැතිව  ඕස්ටේ‍්‍රලියාවට හෝ නවසීලන්තයට මුහුණදීමට හැකි මට්ටමක කොදෙව් පිල පසුවෙයි. එබැවින් ගේල්ගේ මේ ඉනිම කොදෙව්වන්ට උත්තේජකයක්ම විය.

දකුණු අපි‍්‍රකාව ලකුණු 257 කින් ජයගනී

 

ඒ. බී. ඩිවිලියස්ගේ වාර්තාගත පිතිහරඹය හමුවේ (නොදැවී 162) ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී අද (27 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 257 පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 409 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට  ඕවර 33.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 151 ක් පමණි.

 

කොදෙව් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ජේසන් හෝල්ඩර් පන්දු 48 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය.

 

කොදෙව් කී‍්‍රඩකයන් ඉක්මණින්ම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූ ඉම්රාන් තාහීර් ලකුණු 45 කට කඩුලූ 5 ක් දවාගනිමින් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ ජයග‍්‍රහණය වඩාත් පහසු කළේය.  

 

මුලූ ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට ප‍්‍රවේගකාරී පිතිකරු කි‍්‍රස්ගේ සහ මාලන් සැමුවෙල්ස් පිළිවෙලින් ලකුණු 3 කට සහ 0 කට පිටියෙන් ඉවත් කිරීමට දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක කයිල් ඇබොට් සමත්වීම කොදෙව් පිලට විශාල පාඩුවක් විය.

 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව  ඕවර 50 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 408 ක් රැස්කළේය. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැුස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.

 

2007 ලෝක කුසලාන තරගාවලියේ බර්මියුඩාවට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 413 ක් රැස්කළ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් රැුස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියයි.

 

අද දිනයේදී පන්දු 66 කින් තම හොඳම එක්දින ඉනිම කී‍්‍රඩා කළ ඩිවිලියස් එය දැවැන්ත හයේ පහර 8 කින් සහ හතරේ පහර 17 කින් අලංකාර කළේය.

 

පන්දු 30 කදී ලකුණු 50 සීමාව පසු කළ ඩිවිලියස්, පන්දු 52 කදී ලකුණු 100 සීමාවද, පන්දු 64 කදී ලකුණු 150 සීමාවද පසුකළේය.

 

ඩිවිලියස්ගේ මෙම ඉනිම එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ වේගවත්ම ලකුණු 150 වන අතර ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ දෙවැනි වේගවත්ම ශතකයද වේ.

 

රිලී රූසොව් (61) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩිවිලියස්, ෆර්හාන් බෙහාර්ඞීන් (නොදැවී 10) සමග එක්ව ලකුණු 80 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් තම කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව කරා ඔසවා තැබීය.

 

පළමු කඩුල්ල ලෙස ලකුණු 12 ක් ලබා සිටි ක්වින්ටන් ඩිකොක්, ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ ඇන්ඩි‍්‍ර රසල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 127 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ හෂීම් අම්ලා (65) සහ ෆෆ් ඩුප්ලෙසී (62) දකුණු අපි‍්‍රකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.  

 

කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් මෙම තරගයේදී දැඩි ප‍්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ  ඕවර 10 තුළදී ලකුණු 104 ක් රැුස්කිරීමට දකුණු අපි‍්‍රකානු පිතිකරුවෝ සමත් වූහ.

 

දකුණු අපි‍්‍රකාව –  ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 408
(ක්වින්ටන් ඩිකොක් 12, හෂීම් අම්ලා 65, ෆෆ් ඩුප්ලෙසී 62, රිලී රූසොව් 61, ඒ. බී. ඩිවිලියස් නොදැවී 162, ඬේවිඞ් මිලර් 20, ක‍්‍රිස් ගේල් 21/2)

 

කොදෙව් පිල –  ඕව 33.1 කදී සියලූ දෙනා දැවී 151
(ඞ්වේන් ස්මිත් 31, ඩිනේෂ් රැුම්ඩින් 22, ජේසන් හොල්ඩර් 56, ජෙරම් ටේලර් නොදැවී 15, ඉම්රාන් තාහීර් 45/5, මෝනි මෝකල් 23/2, කයිල් ඇබෝට් 37/2)

මයිකල් ක්ලාක් තීරණාත්මක තරගයක

 

ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර හෙට (28 වැනිදා) නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය සඳහා සහභාගි වීමට  ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක් සූදානමින් සිටී. ලෝක කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ඉතාමත් වැදගත් තරගයක් වන මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම බොහෝ දුරට ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය ගනු ඇතැයි අනුමාන කෙරේ.

 

මාස තුනක පමණ කාලයක සිට, පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටි  ඕස්ටේ‍්‍රලියානු නායකයා බංග්ලාදේශයට එරෙහිව බි‍්‍රස්බේන් නුවරදී පැවැති තරගයේදී නැවතත් කණ්ඩායමට එක්වීමේ උවමනාවෙන් සිටියද එම තරගයට වර්ෂාව හරස් වීම නිසා තරගයේ එකම පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලදි.

 

ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයටද අද සවස වර්ෂාව පැවැති නමුත් මයිකල් ක්ලාක්ගේ සැලසුම් මේ වතාවේදී වතුරේ යන එකක් නැතැයි කාලගුණ විශේෂඥයෝ කියති.

 

”මම මේ තරගයට සහභාගි වෙන්න හොඳ සූදානමකින් ඉන්නේ”

 

”මා ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස වී කටයුතු කළා. ඒ නිසා මට නැවතත් නියමිත සුවය ලබාගෙන මේ කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ලැබුණා” යයි මයිකල් ක්ලාක් ඊයේ (27 වැනිදා)  ඕක්ලන්ඞ් නුවරදී මාධ්‍යවේදීන්ට පවසා තිබිණ.

 

”කොහොම වුණත් මා තරගයේදී අඩුවෙන් කී‍්‍රඩා කරන්නේ නෑ. මගේ උපරිමයට කී‍්‍රඩා කරනවා….ඒ නිසා මා නැවත තුවාල නොලබාවි කියා කිසිම සහතිකයක් දෙන්නත් බෑ” යයිද  ඕස්ටේ‍්‍රලියානු නායකයා වැඩිදුරටත් පවසා තිබිණ.

 

බංග්ලාදේශ පිලට එරෙහිව මෙන් නොව, මෙම තරගයේදී ක්ලාක්ට මුහුණ දීමට සිදුවන්නේ මේ වන ලෝක කුසලාන තරගාවලියේ හොඳම දස්කම් පෙන්වමින් සිටින නවසීලන්ත පිලටය. නවසීලන්ත කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග තුනම ඉතාමත් පහසුවෙන් ජයගනිමින් ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා සිටී.

 

යම් හෙයකින් මෙම තරගයේදී ක්ලාක් අසාර්ථක වුවහොත් සහ  ඕස්ටේ‍්‍රලියාව පරාජය වුවහොත් ක්ලාක්ගේ කෑදරකම නිසා  ඕස්ටේ‍්‍රලියාව පරාජය වූයේ යයි යන චෝදනාවට මුහුණ දීමටද ක්ලාක්ට සිදුවෙයි.  ඕස්ටේ‍්‍රලියානුවෝ මේ වන විටත් එවැනි වදන් කියමින් සිටිති.

 

ඒ අතරම මෙම තරගයේදී ක්ලාක්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මෙම ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලදීද ක්ලාක්ගේ ස්ථානය පිළිබඳ තීරණාත්මක සාධකයකි. වෘත්තීමය කටයුතු වලදී  ඕස්ටේ‍්‍රලියානුවෝ ජ්‍යෙෂ්ඨත්වය නොසලකති.

 

මෙම තරගය පැවැත්වෙන්නේත් නවසීලන්තයේ විශාලතම කී‍්‍රඩාංගණය ලෙස සැලකෙන, ඊඞ්න් කන්ද පාමුල පිහිටි, ඊඞ්න් උද්‍යාන කී‍්‍රඩාංගණයේදීය. තරගයේ ප‍්‍රවේශපත් වලින් 80% ක ප‍්‍රමාණයක් මේ වන විටත් අළෙවි වී තිබෙන බවත් අනුග‍්‍රාහකයන්ගේ ප‍්‍රවේශපත් පවා උණු කැවුම් මෙන් අවසන් වූ බවත් දැනගන්නට තිබේ.

 

මේ අතර ක්ලාක්ගේ පැමිණීම නිසා  ඕස්ටේ‍්‍රලියානු පිලේ 11 දෙනා තෝරාගැනීම මහත් ගැටළුවක් වී තිබෙන බවත් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

නිල් මහා සටන මාර්තු 12 වැනි දා

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 136 වැනි වරට පැවැත්වෙන නිල් මහා සටන මහා කි‍්‍රකට් තරගය මාර්තු මස 12, 13 හා 14 තෙදින  කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජ (එස්. එස්. සී.) ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

දීර්ඝ ඉතිහාසයකට හිම්කම් කියන රාජකීය සාන්ත තෝමස් වාර්ෂීක කි‍්‍රකට් තරගය 1879 වර්ෂයේදී ආරම්භ වූ අතර ලෝක ක‍්‍රිකට් ඉතිහාසය තුළ නොනවත්වා පවත්වන දෙවැනි දීර්ඝතම තරගය මෙය වේ. පාසල් දෙකම තම වර්ණයන් ලෙස නිල් පැහැය තෝරාගන්නා හෙයින් නිල් මහ සටව යන අන්වර්ත නාමය පටබැදී ඇත.

 

මේ දක්වා පැවැති තරග අතුරින් පාසල් දෙකම තරග 34 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි. සෙසු සියලු තරග ජය පැරදුමකින් තොරව අවසන් වී ඇත.

 

අභිමානවත් ඩී. එස්. සේනානායක පළිහ වෙනුවෙන් සටන් වදින නිල් මහ සටන වෙනුවෙන් නව ලාංඡනයක් හා රන් කාසියක් හඳුන්වා දුන් අතර එම කාසිය මෙවරද කාසියේ වාසිය උරගා බැලීමට යොදා ගනී.

 

 

අනුග‍්‍රහකයින් සොයන්න සැලසුම්

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇති අනුග‍්‍රහය ඉදිරියේදී ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට මෙන්ම 19න් පහළ කණ්ඩායම සඳහාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අලෙවි හා සන්නිවේදන අංශ ප‍්‍රධානී වජිර දසනායක මහතා සඳහන් කළේය.

 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වන 19න් පහළ හා ඒ කණ්ඩායමේ අනුග‍්‍රාහකත්වය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර පිළිබඳ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය. එසේම ශ‍්‍රී ලංකා  කණ්ඩායමට වානිජ්‍ය වශයෙන් අනුග‍්‍රහය ලබාගන්නා අතරතුරදී එසේ අනුග‍්‍රහය දක්වන පාර්ශව සඳහා ශ‍්‍රී ලංකා  ක‍්‍රිකට් ආයතනයෙන්ද යමක් ලබා දීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.

 

අපි ජාතික කණ්ඩායමටත් ජාතික කාන්තා කණ්ඩායමටත් අනුග‍්‍රාහකත්වයන් හොයා තිබෙනවා. ඒ වගේම 19 න් පහළ කණ්ඩායමට හා ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමටත් අනුග‍්‍රාහකත්වයන් හොයා දෙන්න අපි ඉදිරියේදි කටයුතු කරනවා.

 

”විවිධ කාණ්ඩ යටතේ වානිජ්‍ය අංශයට අනුග‍්‍රාහක ගිවිසුම්  ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගෙන් අනුග‍්‍රහය ලබාගන්නා අතරතුර ඔවුන්ටත් යමක් ලබා දිය යුතුයි. එය ඔවුන් ලබා දෙන ප‍්‍රතිපාදන මත තීරයණය කරනවා. අපිට අයත් ප‍්‍රධාව කී‍්‍රඩාංගණ හතරේ ඔවුන්ගේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ස්ථාව වෙන්කර තිබෙනවා.” යැයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 

 

 

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ හිස ඔසවති

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන කණ්ඩායම් අතරේ  ඕස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාවට සේදී යාමෙන් තමන්ට ඇතිවිය හැකිව තිබූ අවාසියට අභීතව මුහුණ දුන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මෙල්බර්න් නුවරදී බංග්ලාදේශ පිල පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණියහ.

ශී‍්‍ර ලංකා පිල සතුව මේ වන විටත් ප‍්‍රසාද ලකුණු 4 ක් තිබෙන අතර තවත් තරග 3 ක් ඉතිරිව තිබේ. ඉන් එක තරගයක් වන්නේ ස්කොට්ලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරගයයි.

ලෝක කුසලාන 2015 – ප්‍රසාද ලකුණු පුවරුව
2015.02.26 දා – ශ්‍රී ලංකා /බංග්ලාදේශ තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 3 3 0 3.586           6.00
ශ්‍රී ලංකාව 3 2 1 0.047           4.00
ඕස්ට්‍රේලියාව 2 1 0 1 2.220           3.00
බංග්ලාදේශය 3 1 1 1 0.130           3.00
ඇෆ්ගනිස්ථානය 3 1 2 -0.760           2.00
එංගලන්තය 3 1 2 -1.415           2.00
ස්කොට්ලන්තය 3 0 3 -1.735                –  
 
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 2 2 0 2.060           4.00
බටහිර ඉන්දීය කොදෙව් 3 2 1 1.139           4.00
අයර්ලන්තය 2 2 0 0.338           4.00
දකුණු අප්‍රිකාව 2 1 1 -0.680           2.00
සිම්බාබ්වේ 3 1 2 -0.827           2.00
එක්සත් අරාබි ජනපදය 2 0 2 -0.175  – 
පාකිස්තානය 2 0 2 -2.260  – 

ඇෆ්ගනිස්තානයට කඩුල්ලක තියුණු ජයක්

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 17 වැනි තරගය ලෙස ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර නවසීලන්තයේ ඩනෙඞීන් නුවරදී අද (26 වැනිදා) පැවැති ‘එ්’ කාණ්ඩයේ තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

 

ඇෆ්ගනිස්තාන පිල ලෝක කුසලාන තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. ජයග‍්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කී‍්‍රඩකයෝ  ඕවර පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

 

ජයග‍්‍රහණයේ නියමුවා වූ සමිවුල්ලා ෂෙන්වාරි පන්දු 147 කට මුහුණ දෙමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 96 ක් රැස්කළේය.

 

ලකුණු 132 කට කඩුලූ 8 ක් දැවී ඇෆ්ගනිස්තාන පිල අසීරු තත්ත්වයකට මුහුණ පා සිටි අවස්ථාවේ හමීඞ් හසන් (11) සමග එක්ව පන්දු 72 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යෑමටද ෂෙන්වාරි සමත් විය.

 

ඇෆ්ගනිස්තාන පිලේ ආරම්ක පිතිකරු ජවෙද් අහමදි පන්දු 51 කදී ලකුණු 51 ක් ලබා සිටියදී රිචී බෙරිග්ටන්ගේ පන්දුවක් හමුවේ මැට් මචන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

 

ලකුණු 40 කට කඩුලූ 4 ක් දවාගත් රිචී බෙරින්ටන් ස්කොට්ලන්ත පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිලට  ඕවර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 210 ක් පමණි.

 

ස්කොට්ලන්ත පිලේ කඩුලූ 8 ක් ලකුණු 144 ක් තුළ දැවී ගියද, 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මජීඞ් හක් (31) සහ ඇලස්ඩොයාර් එවන්ස් (28) සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව දක්වා ඔසවා තැබූහ.

 

ස්කොට්ලන්ත පිලේ කිසිදු පිතිකරුවකුවට ලකුණු 35 සීමාව ඉක්මවා යෑමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

 

ඇෆ්ගනිස්තාන පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ ෂපූර් සඞ්රාන් ලකුණු 38 කට කඩුලූ 4 ක් සහ දවුලත් සද්රාන් ලකුණු 29 කට කඩුලූ 3 ක් බැගින් දවාගනිමින් ස්කොට්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.

 

ස්කොට්ලන්තය –  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 210
(කයිල් කොයෙට්සර් 25, මැට් මචන් 31, ප්‍රෙස්ටන් මොම්සන් 23, රිචී බෙරින්ටන් 25, මජීඞ් හක් 31, ඇලස්ඩොයාර් එවන්ස් 28, ෂපූර් සද්රාන් 38/4, දවුලත් සද්රාන් 29/3)

 

ඇෆ්ගනිස්තානය –  ඕවර 49.3 කදී කඩුලූ 9 ක් දැවී 211
(ජාවෙද් අහමදි 51, සමිවුල්ලා ෂෙන්වාරි 96, හමීඞ් හසන් නොදැවී 15, ෂපූර් සද්රාන් නොදැවී 12, රිචී බෙරින්ටන් 40/4, ඇලස්ඩොයාර් එවන්ස් 30/2, ජොෂ් ඬේවි 34/2)

036

ශී‍්‍ර ලංකාවට ලකුණු 92 ක පහසු ජයක්

 

තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 161) සහ කුමාර් සංගක්කාර (නොදැවී 105) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය නිසා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශ පිල පරාජය කරමින් ලකුණු 92 ක පහසු ජයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය. මෙම ජයත් සමගින් ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය අත්කරගැනීමට ශී‍්‍ර ලංකා සමත් විය.

 

ලකුණු 333 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල  ඕවර 47 කදී ලකුණු 240 කට දැවී ගියේය. බංග්ලාදේශ පිතිකරුවන්ගේ ගමන මුල සිටම අඩාළ කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ  ඕවර 40 නිමා වන විට ලකුණු 204 කට කඩුලූ 6 ක් බිම දමා ගත්හ.

 

ඒ වන විටත් බංග්ලාදේශයේ ඉරණම පැහැදිළිව දක්නට තිබූ නමුත් මෙම තරගාවලියේදී ශුද්ධ ලකුණු වේගයත් තීරණාත්මක සාධකයක් වියහැකි බැවින් ඒ පිළිබඳව සිහියේ තබාගෙන බංග්ලාදේශ පිතිකරුවෝ පන්දුවට පහර දුන්හ.

 

ඉනිමේ දෙවැනි පන්දුවේදීම ලසිත් මාලිංග විසින් යවන ලද පන්දුවකින් ටමීම් ඉක්බාල් දැවී ගියත් 6 වැනි  ඕවරය  වන විට 40 වැනි ලකුණ පුවරුවට එක් කිරීමට අනමුල් හක් සහ සෞම්‍යා සාකර් සමත් වූහ. එහෙත් සාකර්ගේ ඉනිම ලකුණු 25 කින් නවත්වාලීමට සුරංග ලක්මාල් සහ මහේල සමත් වීමත් සමගම බංග්ලාදේශ පිලේ ධෛර්යය හීන වී ගියේය.

 

බංග්ලාදේශ පිලේ ඉදිරි පෙළ පිතිකරුවෝ පස් දෙනාම ලකුණු 100 කදී දැවී ගියහ. කණ්ඩායමේ හොඳම පිතිකරුවන් දෙදෙනා වන සකිබ් අල් හසන් සහ මුෂ්ෆිකුර් රහීම් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ශී‍්‍ර ලංකාවට තර්ජනයක් විය හැකි සීමාවකට සිය කණ්ඩායම කැඳවාගෙන ඒමට දෙදෙනාම අසමත් වූහ.

 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 210 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර එක්ව නියමිත  ඕවර 50 නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 332 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.

 

බංග්ලාදේශ පන්දු යවන්නන් තඹ සතයකට මායිම් නොකළ ඩිල්ෂාන් සහ සංගක්කාර දෙදෙනා, ශී‍්‍ර ලංකාවේ වසර 40 ක එක්දින තරග ඉතිහාසයේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් හොඳම සම්බන්ධතාව ගොඩනැංවූවේ පන්දු 150 කට පමණක් මුහුණ දෙමිනි. එහි පැරණි වාර්තාවේ හිමිකරුවන් වූයේත් මෙම පිතිකරුවන් දෙදෙනාමය. ඒ 2012 වසරේදී  ඕසටේ‍්‍රලියාවට එරෙහිව හොබාර්ට්හිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක් රැස්කළ අවස්ථාවේදීය.

 

තරගයේ 40 වැනි  ඕවරය වන විට කඩුලූ 1 කට 217 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගෙන සිටි මෙම පිතිකරුවන් දෙදෙනා අවසන්  ඕවර 10 දී බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් ලකුණු 115 ක් උදුරා ගත්හ.

 

මෙය ඩිල්ෂාන්ගේ හොඳම එක්දින ඉනිම වන අතර කුමාර් සංගක්කාර මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ලබාගත් එකම එක්දින ශතකයද වෙයි. පන්දු 146 කට මුහුණ දුන් ඩිල්ෂාන් හතරේ පහර 22 කින් සිය ඉනිම සැරසීය.

 

ලෝක කුසලාන තරගයකදී ශී‍්‍ර ලංකා පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ, අරවින්ද ද සිල්වා 1996 දී කෙන්යානු පිලට එරෙහිව ලබාගත් ලකුණු 145 පහසුවෙන්ම පසුකර යාමට ඩිල්ෂාන් සමත් වුවද එය ඩිල්ෂාන්ගේ ඉලක්කයක් නොවීය. සිය 21 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ ඩිල්ෂාන්ගේ උවමනාව වූයේ හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක්කර ගැනීමයි. ඊට හේතුව මෙම තරගයේදී ජීවන් මෙන්ඩිස් වෙනුවට දිනේෂ් චන්දිමාල් කැඳවා ඇති බැවින් කණ්ඩායමේ පන්දු යවන්නකු අඩුවීමයි.

 

සිය 400 වැනි එක්දින තරගයට කී‍්‍රඩා කළ කුමාර් සංගක්කාර ලකුණු ලබාගැනීම ආරම්භ කළ විගසම ඇග හිරිවට්ටන පහරක් නිදහස් කරමින් ලකුණු 4 ක් ලබාගත්තේ කඩුලූ රකින්නාගේ හිසට ඉහළින් පන්දුව යවමිනි.

 

ලකුණු 10 දී සිය පිත්ත මාරු කළ සංගක්කාර විශ්වාසනීයත්වයකින් යුතුව පන්දුවට පහර දුන් අතර ලකුණු 23 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් පන්දු යැවූ තස්කින් අහමඞ්ගේ දෑත් අතර රැුඳී නැවතත් බිම වැටිණ. එතැන් සිට පසුපස නොබැලූ සංගක්කාරගේ පන්දු 76 ඉනිම හතරේ පහර 13 කින සහ හයේ පහරකින් සමන්විත විය.

 

අති විශිෂ්ට ශතකයක් ලබාගැනීමෙන් නොනැවතී ලකුණු 35 කට කඩුලූ 2 ක් දවාගත් ඩිල්ෂාන් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

 

තරග 400 කදී අර්ධ ශතක 93 ක් සහ ශතක 22 ක් ලබාගැනීම මගින් කියැවෙන්නේ සංගක්කාර සිය එක්දින තරග දිවියේදී අවම වශයෙන් තරග 4 කට වරක් වත් ලකුණු 50 සීමාව ඉක්මවා ගිය බවයි. එපමණක් නොව, මෙය සංගක්කාරගේ වේගවත්ම එක්දින ශතකයද විය.

 

එක්දින තරග 400 ක් කී‍්‍රඩා කිරීමට සමත් වූ ලොව සිවුවැනි කී‍්‍රඩකයා මෙන්ම තුන්වැනි ශී‍්‍ර ලාංකිකයා වන්නේද සංගක්කාරය. සචින් තෙන්ඩුල්කාර් (463), සනත් ජයසූරිය (445), මහේල ජයවර්ධන (444) එක්දින තරග 400 සීමාව පසුකළ සෙසු කී‍්‍රඩකයෝ වෙති.

 

උඩපන්දු තුනකින් මෙන්ම ස්ටම්ප් කිරීමකින්ද ගැළවුණු ළහිරු තිරිමාන්න තමන්ගේ 12 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනිමින් ඩිල්ෂාන් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. 25 වැනි  ඕවරයේදී මෙම පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටෙන විට බංග්ලාදේශ පන්දු යවන්නෝ මහත්සේ අධෛර්යයට පත්ව සිටියහ.

 

ලකුණු පුවරුව

ඇන්ජලෝ මැතිව්ස්

”උපුල් තරංග අද (බදාදා) රාති‍්‍රයේ මෙල්බර්න් නුවරට පැමිණෙවා. ඔහු මේ (බංග්ලාදේශයට එරෙහිව) තරගයට කී‍්‍රඩා කරන්නත් පුළුවන් තත්ත්වයක ඉන්නවා….ඒත් ඒ ගැන අවසන් තීරණයක් ගන්නේ කණ්ඩායමේ කළමණාකාරීත්වය හා තේරීම් කමිටුව සාකච්ඡා කිරීමෙන් පසුවයි”

 

 


- උපුල් තරංග බංග්ලාදේශ තරගයට යොදවීම සම්බන්ධයෙන්