කී‍්‍රඩා ඇමති අත්සනින් සුබපැතීම ඇරඹෙයි

තවත් සති තුනකින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් වන ‘ඩයලොග් ආසිආටා’ සමාගම විසින් ”කි‍්‍රකට් ලෝක කුසලාන ශී‍්‍ර ලංකාවේ අපේ ජාතික පැතුමයි” යනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුබපතන්නන්ගේ අත්සන් එක්කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානය ඉදිරිපිටදී අද (23 වැනිදා) ආරම්භ විය.

 

මෙම අත්සන් එකතු කිරීම සඳහා විශේෂ රථයක් ඊයේ දිවයින පුරා ගමන් කිරීම ආරම්භ කළේය. මෙම රථයේ ඇති ඩිජිටල් පුවරුවක් මත තම අදහස් ලිවීමෙන් සහ අත්සන තැබීමෙන් ශී‍්‍ර ලංකාව පුරා විසිරී පැතිරී සිටින කි‍්‍රකට් ලෝලීන්ට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුබපැතුම් එක්කළ හැකිය.

 

මෙ වන විට නවසීලන්තයේදී තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම, ඩයලොග් ආසිආටා සමාගම විසින් සපයන ලද වීඩියෝ දුරකතන තාක්‍ෂණය යොදාගනිමින් මෙම අවස්ථාවට එක්විය. 

 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානය ඉදිරිපිටදී අද පැවැති මෙම සුබපැතුම් එක්කිරීමේ සමාරම්භක අවස්ථාවට ඩයලොග් ආසිආටා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාත් එම ආයතනයේ සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරිනි අමලි නානායක්කාර මහත්මියත්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු තවත් නිලධාරීහුද සහභාගි වූහ. 

සිද්ධාර්ථ විදුහලට ඉනිමක ජයක්

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සහ ගාල්ල සියලූ ශාන්තුවරයන්ගේ  විද්‍යාලය අතර බලපිටිය ගුරු විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 19 න් පහළ III වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් සිද්ධාර්ථ විද්‍යාලය ඉනිමක සහ ලකුණු 45ක ජයක් ලැබීය.

සිද්ධාර්ථ විද්‍යාලය පළමු ඉනිම – සියලූම දෙනා දැවී 268 
(නිෂාන් ප‍්‍රියංකර 75, සුජිත් මධුසංඛ 74 උදාර මදුෂාන් 54, රවිඳු මදුෂාන් 21, තෂේන් වීරවිමන 56/2, ධනුක සංජුල 109/2, දිලීප් බණ්ඩාර 83/2)

සියලූ ශාන්තුවරයන්ගේ විද්‍යාලය පළමු ඉනිම – සියලූ දෙනා දැවී 127 
(දනුක සංජුල 50, අශේන් සංඛ 18, ජී.එල්.මැල්කම් 41/6, උදාර මදුෂාන් 19/2)
 
සියලූ ශාන්තුවරයන්ගේ විද්‍යාලය – දෙවැනි ඉනිම 96 
(කේ.ඒ අශේන් 28, පී.ජී.කේ මනෝජ් 21, නිෂාන් ප‍්‍රියංකර 33/5 ජී.එල්. මැල්කම් 38/4)  

විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම ජයගනී

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ ක‍්‍රිකට් තරගයෙන් විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිමේ ජය ලැබීය.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – සියලූ දෙනාම දැවී 170
(සකුන් කාංචන 43, ඉමේෂ් උදයංග 33, මහේෂ් සංජීව 26, අමිදු මෙන්ඩිස් 13, චානක රත්නායක 53/3, භවන්ත බණ්ඩාර 9/2, තරිඳු දිසානායක 15/2, රවිෂ්ක උපනන්ද 21/2) 

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම – සියලූ දෙනාම දැවී 203
(තරිඳු දිසානායක 45, ක‍්‍රිෂාන්ත ජයසූරිය 30, ඉසුරු වීරසිංහ 30, නාමල් පෙරේරා 22, චානක රත්නායක 19, ධනුක සිල්වා 52/4, සකුන් කාංචන 36/2)

ශ්‍රී දේවානන්ද විද්‍යාලය – දෙවැනි ඉනිම 156
(චතුර මිලන් 62, ඉමේෂ් උදයංග 23, කවිඳු ෂෙහාන් 20, නිමේෂ් සේනානායක 11/3, රවිෂ්ක උපනන්ද 18/2, තරිඳු දිසානායක 51/2)

කී‍්‍රඩා ඇමති නවීන්

”ක‍්‍රිකට් විධායක කමිටුවේ නිලධාරීන්ට මම දැඩිව කියනවා තමුන්ට අයිති රාජකාරිය පමණක් කරන්න සූදනම් වෙන්න කියලා. වෙනත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න ඒ අය සූදානම් වුණොත් මම දෙවැනි පියවරට යනවා” 

කී‍්‍රඩා අමාත්‍යංශයේ වැඩ බාරගනිමින් 

 

නවසීලන්තය එක්දින තරගාවලිය ජයගනී

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩුනිඩින්හිදී අද (25) පැවැති හයවැනි තරගයෙන් නවසීන්තය ලකුණු 120 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

 

නවසීලන්තය මෙම ජයග‍්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 4-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගත්තේය.  

 

ජයග‍්‍රහණය සදහා ලකුණු 316 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම  ඕවර 40.3 කදී ලකුණු 195 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

 

කුමාර් සංගක්කාර වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 66 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 81 ක් රැස් කළේය. මෙය සංගක්කාර 93 න් වැනි එක්දින අර්ධ ශතකයයි.

 

සංගක්කාර මේ වන විට එක්දින තරග 396 කදී ලකුණු 13,580 ක් රැස්කරමින් ලෝක එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසු වෙයි.  ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටිං ලකුණු 13,704 ක් රැස්කර දෙවැනි ස්ථානයේ පසු වන අතර සංගක්කාරට දෙවැනි ස්ථානයට පැමිණීමට ලකුණු 125 ක් අවශ්‍යව තිබේ.

 

ජීවන් මෙන්ඩිස් (03) සහ තිසර පෙරේරා (02) ලකුණු 3 ක් තුළ හයවැනි සහ හත්වැනි කඩුලූ ලෙස ක‍්‍රීඩාගාරයේ අසුන්ගැනීමත් සමග ලකුණු 171 කට කඩුලූ 7 ක් බවට පත්විය.

 

දිනේෂ් චන්දිමාල් ලකුණු 9 ක් ලබා සිටියදී බ්‍රෙන්ඩන් මැකලම්ගේ දක්‍ෂ පන්දු රැුකීම හමුවේ දුවද්දී දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා බලාපොරොත්තු සුන්විය.

 

ආරම්භක පිතිකරු ලෙස ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින දිමුත් කරුණාරත්න අංක 5 පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 26 ක් පමණක් ලබා දැවී ගියේය.

 

ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන ලකුණු 9 කට දැවී යෑමෙන් ලකුණු 82 කට කඩුලූ 3 ක් බවට පත්වීම ඉනිම සසළ විය.

 

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු තිරිමාන්න පන්දු 43 කදී ලකුණු 29 ක් පමණක් රැුස් කළ අතර පළමු අධිවේගී  ඕවර 10 තුළදී රැස්කළ හැකි වූයේ ලකුණු 42 ක් පමණි.

 

ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 21 ක් ලබා සිටියදී දැවී ගියේය.  

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල වෙනුවෙන් රෝස් ටේලර් මෙම තරගාවලියේදී පළමු වරට සාර්ථක වෙමින් පන්දු 102 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 96 ක් ලබා සිය 12 වැනි එක්දින ශතක පෙනි පෙනි තිබියදී තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

 

රෝට් ටේලර් සහ කොරි ඇන්ඩසන් සිවුවැනි කඩුල්ලට පන්දු 54 කට ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්තය ලකුණු වේගය  ඕවරයකට ලකුණු 6 කට ආසන්න කිරීමට සමත් වූහ.

 

ඇන්ඩසන් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියදී උස ක‍්‍රීඩකයකු වන තිසර පෙරේරා ලෝන්  ඕන්හි හතරේ සීමාව අසළදී රැුකගත් විශිෂ්ට උඩ පන්දුව නොවන්නට නවසීලන්ත ලකුණු සංඛ්‍යාව මීට වඩා වැඩි වීමට ඉඩ තිබුණි.

 

අංක තුන පිතිකරු කේන් විලියම්සන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට හිස එසවීමට අවස්ථාව නොදී පන්දු 95 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 97 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේය. තරගයේ වීරයා සම්මාන ලැබූ 24 හැවිරිදි විලියම්සන්ට සිය හයවැනි එක්දින ශතකය අහිමිවිය.   

 

මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලියේ සහ පළමු එක්දින තරග දෙකේදී ශ‍්‍රී ලංකාවට ප‍්‍රධාන අභියෝගය බවට පත්වූ නායක බ්‍රෙන්ඩන් මැලකම් ධම්මික ප‍්‍රසාද යැවූ ඉනිමේ දෙවැනි  ඕවයේ දෙවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී ගියේය.

 

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සියලූම දෙනා අවසන්  ඕවර 10 තුළදී දැඩි ප‍්‍රහාරයකට ලක්වූහ. නවසීලන්ත පිල අවසන්  ඕවර 10 යේදී 83 ක් රැස් කිරීමෙන් එය මනාව පැහැදිළි වේ.

 

ධම්මික ප‍්‍රසාද ලකුණු 59 කට කඩුලූ 2 ක් දවා ගත්තේය. රංගන හේරත් සිය පළමු  ඕවර 8 දක්වා නවසීලන්ත පන්දු යවන්නන්ට හොද අභියෝගයක් යොමු කිරීමේ ප‍්‍රතිඵලයෙන් ලකුණු 45 කට කොරි ඇන්ඩසන්ගේ කඩුල්ල දවා ගත්තේය.

 

සුරංග ලක්මාල් පන්දු යවමින් සිටියදී පස්පිඩු පෙරළීමේ අබාධයකට ලක්විම ශ්‍රී ලංකාවට පාඩුවක් බවට පත්විය.  

 

මෙහිදී ළහිරු තිරිමාන්න  ඕවර 2 ක් යැවූ අතර එහිදී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 17 ක් ලබා ගත්තේය.

 

ශ‍්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලිය පෙනෙන මානයේ තිබියදී දැඩි අස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙන බව පැහැදිළිය. මෙය ලෝක කුසලානයට හොද මානසික මට්ටමකින් යෑමට තිබූ අවස්ථාව අහිමිවීකර ගැනීමකි.

 

නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයට ද සහභාගි නොවූ අතර ළහිරු තිරිමාන්න නායකයා ලෙස කටයුතු කළේය.

 

ලකුණු පුවරුව

ස්මිත්ගේ යළිත් වාර්තා පොතට එක්වෙයි

නායකත්වයේ අසමසම වාර්තාවක් බිහිකළ ස්ටීවන් ස්මිත් නොදැවී ශතකයක් වාර්තා කරමින් කාල්ටන් මිඞ් තුන්කොන් දිවාරාත‍්‍රී එක්දින තරගාවලියේ එංගලන්තයට එරෙහිව හොබාර්ට්හි බෙලරිව්  ඕවල් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී  අද පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් කරා  ඕස්ටේ‍්‍රලියාව රැගෙන ගියේය.

තරගය නිමාවනවිට පන්දු 95 කට මුහුණදී හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළ ස්මිත් නොදැවී ලකුණු 102 ක් ලබා සිටියේය.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලූ 8 ක් දැවී රැස් කළ ලකුණු 303 හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිල  තරගයෙන් ජයගත්තේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීය. මේ ජයග‍්‍රහණයත් සමග  ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් තරගාවලියේ තව දුරටත් අපරාජිත පෙරමුණ රැක ගත්තේය.

ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ මුලූ ලකුණු සංඛ්‍යාව 76 ක්ව තිබියදී ඒරන් ෆින්ච් (32) මුයින් අලීගේ පන්දුවකට දැවීයාමෙන් පසුව පිටියට පැමිණි නායක ස්මිත් අද වාර්තා කළේ ඔහුගේ එක්දින තරග දිවියේ තුන්වැනි ශතකයයි.

ඕස්ටේ‍්‍රලියානු එක්දින පිලේ නව නායකයා ලෙස පළමුවරට අද තරගයට සහභාගීවූ ස්මිත් නායකත්වයේ පළමු තරගයේදීම ශතකයක් වාර්තා කිරිමට සමත් විය. ස්මිත්  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ නායකයා ලෙසත් සහභාගිවූ පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස් කර තිබිණි. එබැවින් ටෙස්ට් හා එක්දින තරග දෙකේදීම නායකත්වය බාරගත් පළමු අවස්ථාවේදි ශතකයක් රැස් කිරිම දුර්ලභ වාර්තාවකි.

ක‍්‍රිස් වෝක්ස් යැවූ  ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ පළමු පන්දුවටම හතරේ පහරකින් සංග‍්‍රහ කළ ෆින්ච් පළමු  ඕවර කිහිපය තුල ලකුණු ලබාගැනීමේ වේගය හොඳින් පවත්වාගෙන යාමේ උත්සාහයක නිරතවිය. ඔහු සහ ෂෝන් මාෂ්  අතර පළමු කඩුල්ලට ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගිණි.

එහෙත්  ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 17 වැනි  ඕවරය යැවූ ස්ටීවන් ෆින් එම  ඕවරය තුල දී මාෂ් (45) හා කැමරන් වයිට් (0) දවාලමින් ප‍්‍රතිවාදී පිල දරුණු පීඩනයකට හසු කළේය. එම  ඕවරයේදීම අවසන් පන්දුවට ග්ලෙන් මැක්ස්වෙල් දවාලීමට තිබූ අනගි අවස්ථාවක් ෆින්ට මඟ හැරුණේ ෂෝර්ට් මිඞ්විකට් කලාපයට මැක්ස්වෙල් දුන් උඩපන්දුව ජෙම්ස් ඇන්ඩර්සන් වෙතින් ගිලිහී යාම නිසාය.

ලද අවසරයෙන් ඵල නෙලාගත් මැක්ස්වෙල් (37) සිය නායකයාට උපරිම සහාය දෙමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. අනතුරුව ජේම්ස් ෆෝක්නර් (35) හා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 55 ක සම්බන්ධතාවක්ද, පන්දු 29 කදී වේගවත් ලකුණු 42 ක් රැස් කළ බ‍්‍රැඞ් හැඩින් සමග 6 වැනි කඩුල්ලට ලකුණු 81 ක සම්බන්ධතාවක් ද ගොඩ නැගීමට නායක ස්මිත් සමත්විය.

තරගයේ මුල් භාගයේදී වේගපන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් කාසියේ වාසිය දිනූ  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට පිරිනැමුවේය. එහෙත් ස්මිත්ගේ අපේක්‍ෂා බිඳ දැමූ බෙල් හා මුයින් අලී ආරම්භයේ සිටම ඉතා සාර්ථකව ප‍්‍රතිවාදී වේගපන්දු යවන්නන් පස්සේ හඹායාමට පටන් ගත්හ.

පැට් කමින්ස් යැවූ ඉනිමේ 9 වැනි  ඕවරයේ දී පිට පිට හයේ පහර තුනකින් සංග‍්‍රහ කළ මුයින් අලී  ඕවර 17 ක් තුළ එංගලන්ත ඉනිම ලකුණු 111 දක්වා ඉහළ දැමීමට අනගි දායකත්වයක් දුන්නේය.

ලකුණු 45ක් ලබා සිටියදී අලී දැවී ගියේ පළමු කඩුල්ලට ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසුවය. අනතුරුව පැමිණි ජේම්ස් ටේලර් (5) වැඩිවේලා පිටියේ රැුඳී සිටියේ නැත. ඔහුගේ දැවීයාමෙන් පසුව බෙල් සමග එක්වූ ජෝ රූට් සිවුවැනි කඩුල්ලට ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේය.

මුලූ ලකුණු සංඛ්‍යාව 253 ක්ව තිබියදී බෙල් දැවීගියේ 42 වැනි  ඕවරය යැවූ ගුරින්දර් සන්ධුගේ පන්දුවකටය. පන්දු 125කට මුහුණදී බෙල් රැුස් කළ ලකුණු 141 කට හතරේ පහර 15 ක් සහ හයේ පහරක් එක්වී තිබිණි. ඔහු එක්දින ශතකයක් වාර්තා කළේ වසර දෙකකට ආසන්න කාලයකට පසුවය.

බෙල්ගේ දැවීයාමෙන් පසුව  එංගලන්ත පිල කඩා වැටීමට පටන් ගත්තේය. ඒ  ඕවරයේදීම නායක ඔයින් මෝගන් ලකුණු ලැබීමටත් පෙර දවාගැනීමට සන්ධු සමත්විය. ඉතිරි  ඕවර 8 දී එංගලන්ත පිලට රැස් කිරිමට හැකිවූයේ ලකුණු 50 ක් පමණි. ඒ අතරතුර ඔවුන්ගේ කඩුලූ 5ක්ම බිඳ වැටී තිබිණි.

එංගලන්තය ඕවර 50 දී කඩුලූ 8 ට 303
(ඉයන් බෙල් 141, ජෝ රූට් 69, මුයින් අලී 45, ගුරින්දර් සන්ධු 49/2)

ඕස්ටේ‍්‍රලියාව ඕවර 49.5 දී කඩුලූ 7 ට 304
(ස්ටීවන් ස්මිත් නොදැවී 102, ෂෝන් මාෂ් 45, බ‍්‍රැඞ් හැඩින් 42, ග්ලෙන් මැක්ස්වෙල් 37, මුයින් අලි 50/2, ක‍්‍රිස් වෝක්ස් 58/2)

බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 39 කින් ජයගනී

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (22) පැවැති තරගයෙන් බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 39 ක ජයක් ලැබීය.

බංග්ලාදේශය ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියදී තරගාවලිය 2-1 ක් බවට පත්විය.

ලකුණු 252 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල  ඕවර 47.2 කදී ලකුණු 212 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දස්කම් දැක්වූ නායක චරිත් අසලංක පන්දු 102 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 83 ක් රැස්කිරීමට සමත් විය.  

බංග්ලාදේශය ලකුණු 250 ක් දක්වා ගෙන එමින් හසන් සන්ටෝ (69) සහ ශකීර් හසන් (62) අර්ධ ශතක රැස්කළහ.  

බංග්ලාද්ශ යොවුන් නායක මෙහෙඩි හසන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.  

බංග්ලාදේශ වයස 19 න් පහළ පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 251
(ෂෙයික් හසන් 34, හසන් සන්ටෝ 69, හසන් මිරාෆ් 37, ශකීර් හසන් 62, චරිත් අසලංක 33/2)

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල  ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 212
(චරිත් අසලංක 83, විෂාද් රන්දික 36, සමූ අෂාන් 20, වනි`දු හසරංග 26, හසන් මිරාෂ් 36/3)

නවසීලන්තයට ලකුණු 108ක ජයක්

සාහසික පිති ප‍්‍රහාරයකින් ශ‍්‍රී ලංකා පන්දුයවන්නන්  අන්ත අසරණ තත්ත්වයට පත්කළ ලූක් රොන්කිගේ සහ ග‍්‍රාන්ට් එලියට්ගේ වාර්තාගත සම්බන්ධතාව නිසා ඩනේඩින්හි යුනිවර්සිටි  ඕවල් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී අද (23 වැනිදා) පැවැති පස්වැනි එක්දින තරගයේදී ලකුණු 108 ක ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත් විය.

 

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත  ඕවර 50 නිමාවන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 360 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල  ඕවර 43.4 කදී ලකුණු 252 කට දැවී ගියේය. ඒ අනුව තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියෙන් නවසීලන්තය 3-1 ක් ලෙස පෙරමුණ රැකගත්තේය. මෙම ජයග‍්‍රහණයත් සමගින් නවසීලන්තය එක්දින තරගාවලියෙන් පරාජය වීමේ අවදානමෙන් මිදී තිබේ.

 

ශ‍්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ තිලකරත්න ඩිල්ෂාන් සිය එක්දින තරග දිවියේ 20 වැනි ශතකය වාර්තා කරමින් ක‍්‍රීඩා කළේ හුදෙකලා ඉනිමකි. 37 වැනි  ඕවරයේදී ඩිල්ෂාන් ලකුණු 116 කට දැවී යනවිට කඩුලූ 4 කට ලකුණු 215 ක් සේ තිබූ ශී‍්‍ර ලංකා ඉනිම තවත්  ඕවර 6 ක් තුළදී නිමාවට පත්වූ අතර ඉනිමේ අවසන් කඩුලූ හයම ලකුණු 28 ක් තුළදී බිඳ වැටුණි.

 

ශ‍්‍රී ලංකා ඉනිමට වැඩිම හානිය  කළේ ට‍්‍රනේට් බෝල්ට්ය. ඔහු සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 44 කට කඩුලූ 4 ක් දවාලීය.

 

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයේ නායකයා ලෙස ළහිරු තිරිමාන්න කටයුතු කළේය.

 

මේ සංචාරයේ පළමු වතාවට ආරම්භක පිතිකරුවකුගේ භූමිකාව නිරූපණය කළ තිරිමාන්න ආරම්භයේ සිටම විශ්වාසනීයත්වයකින් යුතුව පන්දුවට පහරදෙමින් ඩිල්ෂාන් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේය. ලකුණු 45 ක් ලබා සිටි ඔහු දැවී ගියේ ග‍්‍රාන්ට් එලියට්ගේ පන්දුවකට රෝස් ටේලර් වෙත උඩපන්දුවක් දීමෙනි.

 

ලකුණු 361 ක් වැනි දැවැන්ත ඉලක්කයකට යද්දී කුමාර් සංගක්කාර (9) වේලසනින් දැවී යාම ශ‍්‍රී ලංකා ඉනිමට වැදුණු මරු පහරක් විය. තිරිමාන්නගෙන් පසුව ඩිල්ෂාන්ට යම් තරමක හෝ සහයෝගයක් ලැබුණේ මහේල ජයවර්ධනගෙන් (30)  පමණකි.

 

ඩිල්ෂාන් සහ මහේල දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 70 ක සම්බන්ධතාව බිඳ දැමුවේ බෝල්ට්ය. ශ‍්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 4 ක් එක්වෙද්දී ඩිල්ෂාන් දැවී ගියේය.

 

ලෝක කුසලාන තරගාලිය වෙනුවෙන් තෝරාගත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අංක 9 ස්ථානයෙන් පිටියට පැමිණීම කැපී පෙනුණි. එහෙත් ඒ වෙද්දී ශ‍්‍රී ලංකා ඉනිමේ නම් දැරූ පිතිකරුවකු ඉතිරිව සිටියේ නැත. වේලසනින්ම ඉනිම නිමා කිරිමට නවසීලන්ත පිලේ වේගපන්දු යවන්නෝ සමත්වූහ.

 

නවසීලන්ත ලකුණු පුවරුවට විශාල ලකුණු සංඛ්‍යාවක් එක්වූයේ ශ‍්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ ලූක් රොන්කී සහ ග‍්‍රාන්ට් එලියට් දෙදෙනා හයවැනි කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීම නිසාය.

 

ලකුණු 93 කට කඩුලූ 5ක් බිඳ වැටීමෙන් අඩපණව තිබූ නවසීලන්ත ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූ රොන්කි සහ එළියට් දෙදෙනා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමින්, 6 වැනි කඩුල්ල සඳහා පන්දු 180 ක් තුල ලකුණු 267 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 50 වැනි  ඕවරය නිමා වූයේ නවසීලන්ත ලකුණු පුවරුව කඩුලූ 5 කට 360 ක් වන සේ සටහන් කරමිනි.

 

මෙම සම්බන්ධතාව අන්තර්ජාතික එක්දින තරගබිමේ 6 වැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම සම්බන්ධතාව මෙන්ම නවසීලන්තය වෙනුවෙන්  ඕනෑම කඩුල්ලකට වාර්තා වූ දෙවැනි ඉහළම සම්බන්ධතාව ද විය.  ඕවර 50 අවසානයේ රොන්කී නොදැවී ලකුණු 170 ක් ලබාසිටි අතර එලියට් නොදැවී ලකුණු 103 ක් ලබා සිටියේය.

 

රොන්කී මුහුණ දුන්නේ පන්දු 99 කට පමණි. ඔහුගේ ප‍්‍රහාරාත්මක ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත්වූ අතර පන්දු 96 කට මුහුණදුන් එලියට් හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. රොන්කී, මේ දෙදෙනාගෙන් වඩාත් දරුණු ප‍්‍රහාරකයා විය.

 

නායක ඇන්ජලෝ මැතිව්ස් කී‍්‍රඩා නොකළ හෙයින් අද තරගයේදී කණ්ඩායම මෙහෙය වූ තිරිමාන්නට එහෙම පිටින්ම හිසරදයක් වූ රොන්කී, පා ඉන්න එල්ලයේ වැටෙන කිසිම පන්දුවක් හතරේ සීමාවෙන් මෙපිට නතර නොකළේය.

 

තමන් ඉදිරියේ පතිත වෙන  ඕනෑම දෙයක් සුණුවිසුණු කර දැමීමේ අටියෙන් පිත්ත අමෝරාගෙන සිටි රොන්කීගේ එක්දින තරග දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට ඔහු මුහුණ දුන්නේ පන්දු 74 කට පමණි.  එහෙත් ඔහුගේ ඊළඟ ලකුණු 70 රැස් කිරීමට මුහුණ දුන්නේ පන්දු 25 ක් පමණි.

 

රොන්කීගේ පහසුම ගොදුර වූයේ සුරංග ලක්මාල්ය. නිවැරැුදි ඉලක්කයට පන්දු යැවීමට අසමත්වූ ලක්මාල් ඔහුගේ  ඕවර 10 දී ලකුණු 93 කින් බැට කෑවේය. නව පන්දුවෙන් කුලසේකර දස්කම් දැක්වූවත් අවසන් භාගයේදී රොන්කී ඔහුටද රිදෙන්න පහර දුන්නේය. කුලසේකරගේ  ඕවර 10 නිමාවනවිට ඔහුද ලකුණු 73 ක් නවසීලන්ත පිලට දී තිබිණ.

 

නායක ඇන්ජෙලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම මත අද තරගයට කී‍්‍රඩා නොකළ අතර රංගන හේරත් වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබිණ.

 

කාසියේ වාසිය දිනා පළමුවට පන්දුවට පහරදීමට නවසීලන්තයට ඇරයුම් කළ තිරිමාන්න, සිය පන්දු යවන්නන් සාර්ථකව මෙහෙයවමින් මුල්  ඕවර 20 තුළදී  තරගයේ සියලූම ගෞරව දිනාගත්තේ ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රබලතම පිතිකරුවන් පස්දෙනකුම ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යවමිනි.

 

මාටින් ගප්ටිල් (0) ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුලූ රකින කුමාර් සංගක්කාර වෙත උඩපන්දුවක් දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවකිනි. නිවැරැුදි එල්ලයට පන්දු යැවූ කුලසේකර අනතුරුව නායක බ්‍රෙන්ඩන් මැකලම් (25) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් අතර තිසර පෙරේරාගේ පන්දුවකට කේන් විලියම්සන් (26) දැවී යනවිට නවසීලන්ත ඉනිම දිස්වූයේ කඩුලූ 3 කට ලකුණු 60 ක් ලෙසිනි.

 

විස්තර විචාරකයන් විමතියට පත් කරමින් පන්දුව අතට ගත් නායක තිරිමාන්න සිය මඳවේග පන්දු යැවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත්තේ පිට පිට  ඕවර දෙකකදී රෝස් ටේලර් (20) හා කෝරී ඇන්ඩර්සන්ගේ (8) ගේ කඩුලූ දවාගනිමිනි.

 

අනතුරුව පිටියට පැමිණි ලූක් රොන්කීට තැන්පත්වීමට තවත්  ඕවර දෙකක් පමණ වැයවූ අතර  ඕවර 24 ක් අවසානයේ නවසීන්ත ඉනිම කඩුලූ 5 කට ලකුණු 107 කට වඩා වැඩි නොවීය.

 

සියල්ල වෙනස් වීමට ගතවූයේ පන්දු 6 ක් පමණි. ජීවන් මෙන්ඩිස් යැවූ 25 වැනි  ඕවරයේ පිට පිට හයේ පහර දෙකක් ගැසූ රොන්කී වැඩ ඇල්ලූවේය. එතැන් සිට එය ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට භයංකාර සිහිනයක්ම විය.

 

ලකුණු පුවරුව