Category Archives: Quotes

අරවින්ද ද සිල්වා

“විශේෂයෙන් අපේ කාලෙට පෙර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ඇතැම් ක්‍රීඩකයෝ අපහසුතාවට පත්ව සිටිනවා. ඒ නිසා හිටපු ක්‍රීඩකයන් හැටියට ඔවුන්ට අත දියයුතුයි කියලා සිතපු නිසා තමයි අපි මේ අරමුදල ආරම්භ කළේ…..සමහර විට අපිට මෙය ක්‍රියාත්මක කරන විට ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්නත් වෙයි. අවශ්‍යාතාව අනුව අපි එය ක්‍රියාත්මක කරනවා”

 


- හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ත්‍යාගශීලී අරමුදල සම්බන්ධයෙන්

මිචෙල් ස්ටාක්

“මම මේ තරගය ආරම්භ කළාට වඩා හොඳින් ඉවර කළා. තරගයේ මේ තීරණය ලබාගත්ත එක නම් ඉතාමත් හොඳයි…විශ්වාසය අපේ සිත් තුළ තිබුණා. ඒත් තරගය ඉවර කෙරුණ විදිහ නම් අලංකාරයි”

 

- මෙල්බර්න් ටෙස්ට් තරගයෙන් පසුව

 

ස්ටීවන් ස්මිත්

“මේ වැස්ස නම් අපිට කිසිම ආකාරයකින් උදව් කළේ  නෑ. දැන් තියෙන්නේ හෙට උදේ තත්ත්වය බලලා එන විදිහට සෙල්ලම් කරන්නයි”

 

“තණතීරුවේ වුණත් එහෙමට කියන්න කැඩීමක් පෙනෙන්න නෑ. ඒකේ තවමත් ලකුණු තියෙනවා. ඒ නිසා මේ තරගයේ තීරණයක් ලබාගැනීම ලේසි පාසු දෙයක් නෙමේ”

 

- මෙල්බර්න් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවේදී

ස්ටීවන් ස්මිත්

“තවත් කඩුල්ලක් හෝ දෙකක් දවාගන්න තිබුණා නම් වඩාත් හොඳයි. ඒත් මා හිතන්නේ අද දවසේ අපි ගොඩාක් වෙහෙස වෙලා තරගයේ ඉස්සරහට ඇවිත් තියෙනවා….පාකිස්තානයත් තමන්ගේ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා. ඒ කොහොම වුණත් හෙට දවසේ මේ තණතීරුවෙන් ප්‍රයෝජන ගන්න අපි බලා ඉන්නවා”

 

 

- බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවේදී

 

ඩේවිඩ් රිචඩ්සන්

”නියම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව දැක බලා ගැනීමට සහ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තෝරා ගැනීමට තියන හොඳම ක‍්‍රමය තමා ලීග් ක‍්‍රමය කියන්නේ. ඒ නිසා අපි හිතන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන රටවල් කාණ්ඩ 2 කට බෙදා ඔවුන් අතර ලීග් ක‍්‍රමයට තරග පවත්වන එක වඩා සාර්ථකයි කියලා”

 

- ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳව …

ජෝ රූට්

”දිනුමකුත් එක්ක ගෙදර යන්න තියෙනවා නම් ඉතාමත් හොඳයි. අපි අද කිසියම් තරමකට හිස එසවූවා. දැන් තියෙන්නේ හෙට ඒ තත්ත්වය තවත් ඉදිරියට ගෙන යාමයි”

-චෙන්නායි ටෙස්ට් තරගයේදී

ෆෆ් ඩු ප්ලෙසි

“මා එයින් පන්නරය ලැබුවා. මට හිතුණේ මගේ ධෛර්යය පරීක්‍ෂා කිරීමට මෙය හොඳම අවස්ථාව බවයි. ඒකට හොඳම ක්‍රමය ලකුණු ලබාගැනීමයි”

 

ශතකය ලබාගැනීමෙන් අනතුරුව…

ජීවන් මෙන්ඩිස්

“ලබන ගිම්හානයේදී ඩාර්බිෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ලැබීම ගැන මට අදහාගන්නත් බෑ. මා ඒ අවස්ථාව ලැබෙන තුරු ඇඟි්ළි ගනිමින් සිටිනවා. ඩාර්බිෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් හැකි උපරිම ආකාරයෙන් ක්‍රීඩා කරන්න මා බලාපොරොත්තු වෙනවා”  

 

 

- ඩාර්බිෂයර් ප්‍රාන්ත පිලට එක්වීම සම්බන්ධයෙන්

තිලංග සුමතිපාල

“අපි පුහුණුවීම් කරන්නේ කොහොමද ? දිව යාමේදී පන්දු යවන්නන්ගේ දණහිසට ඇතිවන පීඩනය අඩු කෙරෙන කොට්ට වලින් සකස් කරපු ධාවන පථ එකක් වත් මේ රටේ නෑ. අපේ තියෙන සියලුම ගෘහස්ථ පුහුණු තීරු සාමාන්‍යය පොළොවකින් සමන්විතයි. බොහෝ ඒවායේ තියෙන්නේ කොන්ක්‍රීට්….මේ වගේ මතුපිටක, බර ශරීරයකින් යුත් වේග පන්දු යවන්නන් දිනපතාම වේගයෙන් පාදය පතිත කරන විට…ඔවුන්ගේ තරග දිවියේ කොතැනකදී හෝ ඔවුන් ආබාධයකට ලක්වෙනවා”

- ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම සම්බන්ධයෙන්

 

ඇන්ජලෝ මැතිව්ස්

“හැබැයි මම කියන්න ඕන, මට උවමනාවකට යම්කිසි ක්‍රීඩකයෙක් එළියට දාන්නවත් ඇතුළට ගේන්නවත් බෑ. තේරීම් කමිටුව කියලා එකක් ඉන්නවා. ඒ තේරීම් කමිටුව තරග බලන්න යනවා. දේශීය තරග වගේම ‘ඒ’ කණ්ඩායමේ තරගත් බලනවා. ඒක නිසා මගේ උවමනාවට, මගේ යාළුවො හරි නැත්නම් මගේ ඉස්කෝලෙ අය හරි කණ්ඩායමට ගේන්න මට බෑ” යයි කී මැතිව්ස්….කණ්ඩායම කොහොමද ඉදිරියට ගෙනියන්නෙ? කණ්ඩායම කොහොමද ජයග්‍රහණය කරවන්නෙ? ඒ සංයුතිය හදාගන්න උදව් කරන එක තමයි මගේ ප්‍රතිපත්තිය. කවුරු කණ්ඩායමට ගැහුවත් නැතත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ” යයිද වැඩිදුරටත් පැවසීය.


- ක්‍රීඩකයන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන්