Category Archives: ENG IND

ජෙනින්ස්ගේ මංගල ශතකය එංගලන්තය ඔසවා තබයි

සංචාරක එංගලන්ත කණඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මුම්බායිහිදී අද (8 වැනිදා) ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණඩායම දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියේය.

අද දිනය සඳහා තරගය නතර කරන විට බෙන් ස්ටොක්ස් ලකුණු 25 ක්ද, ජොස් බට්ලර් ලකුණු 18 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිහය.

පළමුවෙන් පන්දුවට පහරදීමට ගත් තීරණය නිවැරදී එකක් බවට පත්කරමින් කේටන් ජෙනින්ස් (112) සමග එක්ව එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධාතවක් ගොඩනැගීමට නායක ඇලිස්ටෙයාර් කුක් (46) සමත් විය.

සිය 54 වැනි ටෙස්ට් අර්ධ ශතකයට තවත් ලකුණු 4 ක් පසුපසින් සිටියදී රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක පාර්තිව් පතේල්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් කුක් දැවී ගියේය.

කුක්ගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ජෝ රූට්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට රවිචන්ද්‍රන් අෂ්වින් ඉඩ ලබා නොදුන් අතර විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රූට්ට ලබාගත හැකිව තිබූණේ ලකුණු 21 ක් පමණි.

මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් කී‍්‍රඩකයන්ගේ ලැයිස්තුවට සිය නාමයද එක්කර ගැනීමට තවමත් 24 වැනි වියේ පසුවන කේටන් ජෙනින්ස් සමත් විය. රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ චෙතේෂ්වර් පුජාරා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ජෙනින්ස්ගේ ශතකයට හතරේ පහර 13 ක් ඇතුළත් වී තිබිණ.

මුයින් අලී (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කන්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ජෙනින්ස් සමත් විය. අලීගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කරුන් නායර් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ජොනී බෙයාස්ට්‍රෝ ලකුණු 14 ක ලබා සිටියදී උමේෂ් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේ අෂ්වින්ගේ සිව්වැනි කඩුල්ල බවට පත්වෙමිනි.

එංගලන්ත පළමු ඉනිම – කඩුලූ 5 ක් දැවී 288

(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් නොදැවී 25, ජොස් බට්ලර් නොදැවී 18, රවිචන්ද්‍රන් අෂ්වින් 75/4)

- 036

 

එංගලන්තය ගෞරවය බේරා ගන්න බලයි

ඇලිස්ටෙයාර් කුක්ගේ නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතත් නැතත් ඉන්දියාවට එරෙහිව මුම්බායිහිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණය එංගලන්ත පිලට ඉතාමත් වැදගත් වනු ඇත. කණ්ඩායමේ සියලූම සගයින්ගේ උපරිම සහයෝගය ඇලිස්ටෙයාර් කුක්ට තිබේ. එසේ වුවත් මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලියේ පසුපසින් සිටින එංගලන්ත කණ්ඩායම මෙම තරගයත් පරාජය වුවහොත් කුක්ගේ නායකත්වය අර්බුදයකට යනු ඇතැයි එංගලන්තයේ ඇතැම් පත්තර කියයි.

මොහාලි නුවරදී පසුගිය සතියේ නිමාවූ තුන්වැනි ටෙස්ට් තරගයේදීත් කඩුලූ 8 ක ජයක් අත්කරගත් විරාට් කෝලිගේ ඉන්දීය කණ්ඩායම මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිිටිමින් තරග 5 කින් සමන්විත තරගාවලියේදී පරාජය නොවන ස්ථාවරයක් ගොඩනගාගෙන සිටී.

රාජ්කොට්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර විශාකාපට්නම්හිදී පැවැති දෙවැනි තරගයේදීත් ඉන්දීය පිල පහසු ජයක් අත්කරගත්තේය. එහෙත් එංගලන්ත පිලට තරගාවලියේ රැඳී සිටීමට නම් මුම්බායිහි වැන්කඬේ කී‍්‍රඩාංගණයේදී අනිද්දා (8 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගය ජයගත යුතුමය.

මෙම තරගාවලිය ආරම්භයේදීම එංගලන්ත නායකයා ප‍්‍රකාශ කර සිටියේ ඇතැම් විට මෙම තරගාවලිය නිමාවේදී තමන් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ඉඩ තිබෙන බවයි. ඊට හේතුව ලෙසින් ඔහු කියා සිටියේ තමන්ගේ පවුලේ අයගෙන් දීර්ඝ කාලයක් ඈත්වී සිටීමට තමන්ට නොහැකි බවයි.

එංගලන්තයේ නායකයා වශයෙන් කටයුතු කිරීම පිළිබඳ තමන් මහත් සේ ආඩම්බර වන නමුත් පවුලේ අයගෙන් ඈත්ව සිටීම තමන්ට තරමක අසහනයක් බව 31 හැවිරිදි වමත් පිතිකරුවා පවසා සිටියේය. ඇලිස්ටෙයාර් කුක් පසුගිය මාසයේදී දෙදරු පියෙක් විය. කුක් කුමක් කීවද, ඉන්දියාවේදී අසාර්ථක වුවද, මීළග වසර අවසානයේදී පැවැත්වීමට නියමිත අළු බඳුන තරගාවලියේදීත් එංගලන්ත පිලට කුක්ගේ නායකත්වය අවශ්‍ය බව පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස් මහතා කියයි.

ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත ගෞරවය රැුකගැනීමේ අපේක්‍ෂා බිඳී ගියේ තවමත් 19 හැවිරිදි පිතිකරුවකු වන හසීබ් හමීඞ් මොහාලි ටෙස්ට් තරගයේදී තුවාල ලැබීම හේතුවෙනි. හමීඞ්ගේ ස්ථානය දකුණු අපි‍්‍රකාවේ උපත ලද පිතිකරුවකු වන 24 හැවිරිදි කීටන් ජෙනිංග්ස්ට හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. කෙසේ වෙතත් වේග පන්දු යවන කී‍්‍රඩක ස්ටුවර්ට් බ්‍රෝඞ් නැවතත් කණ්ඩායමට එක්වීම නායක ඇලිස්ටෙයර් කුක්ට තරමක අස්වැසිල්ලකි.

ඉන්දීය කණ්ඩායමට නම් තේරීම් පිළිබඳ ප‍්‍රශ්න ඇත්තේම නැත. රිදිමන් සහා තුවාල ලැබීම නිසා වසර 8 කට පසුව පාර්තිව් පතෙල් නැවතත් කණ්ඩායමට කැඳවූ නමුත් ඉන්දියාවේ  ඕනෑවටත් වඩා කී‍්‍රඩකයෝ සිටිති.

ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, චෙටේස්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රවිචන්ද්‍රන් අශ්වින්, පාර්තිව් පතෙල්, රවින්ද්‍ර ජදේජා, ජයන්ත් යාදව්, මොහොමඞ් සාමී, උමේෂ් යාදව්, අමිත් මිෂ්රා සහ බුවනේෂ්වර් කුමාර්

එංගලන්ත කණ්ඩායම
ඇලිස්ටෙයාර් කුක් (නායක), ජෝ රූට්, ජොස් බට්ලර්, මොයීන් අලි, බෙන් ස්ටෝක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, අදිල් රෂීඞ්, කි‍්‍රස් වෝක්ස්, ස්ටීවන් ෆින්, ජේම්් ඇන්ඩසන්, ජේක් බෝල්, ගැරී බැලන්ස්, ගැරත් බැටී, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ලයාම් ඩෝසන්, බෙන් ඩකට් සහ කීටන් ජෙනිංග්ස්

 

ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

එංගලන්තය සහ ඉන්දියාව අතර මොහාලී හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබාගත් ඉන්දියාව තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අද (29 වැනිදා) සමත්විය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ඉන්දියාව සමත්වූයේය.


ජයග්‍රහණය සදහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය. පාර්තීව් පටෙල් පන්දු 54 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කිරීමට සමත්වූයේය.


හසීඞ් හමීඞ් අර්ධ ශතකයක් (නොදැවී 59) ලබාගනිමින් කඩාවැටුණු එංගලන්ත ඉනිම ගොඩනැගීමට උත්සහ කළද අවසන් කඩුල්ල දුවද්දී දවාගැනීමකට හසුකර ගනිමින් ඔවුන්ගේ දෙවැනි ඉනිම අවසන් කිරීමට රවින්ද්‍ර ජඬේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් සමත්වූහ. අවසන් කඩුල්ල සදහා ලකුණු 41 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හසීඞ් හමීඞ් සහ ජේම්ස් ඇන්ඩර්සන් සමත්වූහ.


අටවැනි සහ නවවැනි කඩුලු ද්විත්වය මොහොමඞ් ශාමී විසින් දවාගන්නාවිට මුළු ලකුණු සංඛ්‍යාව 195 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය.


ජෝ රූට්ස් සමගින් එක්වූ හසීඞ් හමීඞ් ඉනිම ගොඩනගමින් සිටින විටදී රවින්ද්‍ර ජඬේජා එවූ පන්දුවකට අජින්ක්‍යා රහනේ අතට උඩපන්දුවක් දෙමින් ජෝ රූට්ස් ලකුණු 78 කට දැවී ගියේය.


ජයන්ත් යාදව් ලකුණු 18 ක් ලබාසිටි ජොස් බට්ලර්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබානොදෙමින් ඔහු දවාගන්නාවිට මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට ලකුණු 107 ලෙස සටහන්විය.


අද දින පළමු කඩුල්ල ලෙස ලකුණු ලබානොසිටී ගැරත් බැට්ටී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට රවින්ද්‍ර ජඬේජා සමත්විය.


තෙවැනි දිනය නිමාවනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 78 ක් රැස්කර සිටි එංගලන්ත පිලට සිය දෙවැනි ඉනිම සදහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236 ක් පමණී.


රවින්ද්‍ර ජඬේජා තරගයේ වීරයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත්විය.


එංගලන්තය – පළමු ඉනිම – ඕවර 93.5 කදී සියලුදෙනා දැවී ලකුණු 283

ඉන්දියාව – පළමු ඉනිම – ඕවර 138.2 කදී සියලුදෙනා දැවී ලකුණු 417

එංගලන්තය – දෙවැනි ඉනිම – ඕවර 90.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(ජෝ රූට් 78, හසීඞ් හමීඞ් නොදැවී 59, ක්‍රීස් වෝක්ස් 30, රවිචන්ද්‍රන් අශ්වින් 81/3, ජයන්ත් යාදව් 21/2, මොහොමඞ් ශාමී 37/2, රවින්ද්‍ර ජඬේජා 62/2)

ඉන්දියාව – දෙවැනි ඉනිම – ඕවර 20.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 104
(පාර්තීව් පටෙල් නොදැවී 67, චිතේෂ්වර් පුජාරා 25)

 

අශ්වින් එංගලන්ත අගාධයේ දොරටුව අරී

පිට දග පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් කඩුලූ 3 ක් දවාගත් හෙයින් ලකුණු 78 කට කඩුලූ 4 ක් අහිමි කරගත් සංචාරක එංගලන්ත කණ්ඩායම මොහාලිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28 වැනිදා) තරගය නතර කරන විට අමාරුවේ වැටී සිටියේය. මුල් ඉනිමේදී ලකුණු 134 ක අවාසියකට මුහුණ දී සිටින එංගලන්තය කඩුලූ 6 ක් අතැතිව ඉන්දියාවට වඩා තවමත් ලකුණු 56 ක් පසුපසින් සිටී.

දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි ජෝ රූට් ලකුණු 36 ක් ලබා සිටි අතර ගැරත් බැටී ලකුණු ලබා සිටියේ නැත.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එංගලන්තය පීඩනයට පත් කළ රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගයේදී ලබාගත් ලකුණු 72 ත් සමගින් මේ වසරේදී ටෙස්ට් ලකුණු 500 සීමාව ඉක්මවා ගියේය. මේ වසරේදී දවාගත් කඩුලූ 59 ත් සමගින් 2016 වසරේදී ටෙස්ට් ලකුණු 500 සහ කඩුලූ 50 ඉක්මවූ එකම කී‍්‍රඩකයා බවට අශ්වින් වාර්තා පොතට එක්විය.

එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල මුලූ ලකුණු සංඛ්‍යාව 27 ක් වන විට බිඳ වැටිණ. ඒ රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 12 ක් ලබා සිටි නායක ඇලිස්ටෙයාර් කුක් දැවීයාමෙනි.

එතැන් සිට ලකුණු පුවරුවට තවත් ලකුණු 12 ක් එක්වන විට එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ලද දවාගැනීමට අෂ්වින් සමත් වූ අතර ජයන්ත් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් මුයින් අලී ලකුණු 5 කට දැවී ගියේය.

ජෝ රූට් සමග එක්ව කෙමෙන් කෙමෙන් එංගලන්ත ඉනිම ගොඩගැනීමට ජොනී බෙයාස්ටෝ උත්සාහ කළද, එම උත්සාහය ව්‍යර්ථ කර දැමූ ජයන්ත් යාදව්, බෙයාස්ටෝගේ ඉනිම ලකුණු 15 කට සීමා කළේය. 5 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි බෙන් ස්ටෝක්ස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැුදී සිටීමට ඉඩක් නොදුන් අෂ්වින්, එංගලන්ත තුන් ඉරියව් කී‍්‍රඩකයා ලකුණු 5 ක් පමණක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය.

ඊයේ (27 වැනිදා) දිනය නිමා වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 271 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණ් 146 ක් එක් කරගත්තේය.

එහිදී සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට රවින්ද්‍ර ජදේජා (90) සමත් වූවද, මංගල ටෙස්ට් ශතකයට තවත් ලකුණු 10 ක් මෙපිටින් සිටියදී ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ කි‍්‍රස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ජදේජාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය.

රවිචන්ද්‍රන් අෂ්වින් (72) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සමබන්ධතාවක් ගොඩනැගූ ජදේජා, ජයන්ත් යාදව් (55) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් එපිටට තල්ලූ කළේ එංගලන්ත කී‍්‍රඩකයන්ගේ හදගැස්ම වැඩිකරමිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ බෙන් ස්ටොක්ස් ලකුණු 73 කට කඩුලූ 5 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත්කළ අතර ඔහුට අනගි සහයක් දුන් ආදිල් රෂීඞ් ලකුණු 118 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 283
(ඇලිස්ටෙයාර් කුක් 27, ජෝ රූට් 15, මුයින් අලී 16, ජොනී බෙයාස්ටෝ 89, බෙන් ස්ටෝක්ස් 29, ජොස් බට්ලර් 43, කි‍්‍රස් වෝක්ස් 25, මොහොමඞ් සාමි 63/3, ජයන්ත් යාදව් 49/2, උමේෂ් යාදව් 58/2, රවින්ද්‍ර ජදේජා 59/2)

ඉන්දියාව පළමු ඉනිම – සියලූ දෙනා දැවී 417
(මුරලි විජේ 12, පාර්තිව් පතේල් 42, චෙතේෂ්වර් පුජාරා 51, විරාට් කෝලි 62, රවිචන්ද්‍රන් අෂ්වින් 72, රවින්ද්‍ර ජදේජා 90, ජයන්ත් යාදව් 55, බෙන් ස්ටොක්ස් 73/5, ආදිල් රෂිඞ් 118/4)

එංගලන්ත දෙවැනි ඉනිම – කඩුලූ 4 ක් දැවී 78
(ජෝ රූට් නොදැවී 36, ජොනී බෙයාස්ටෝ 15, රවිචන්ද්‍ර අෂ්වින් 19/3)

-036

 

එංගලන්තය හිස ඔසවයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මොහාලිහිදී අද (26 වැනිදා) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක් තීරණය කළද, මුලූ ලකුණු සංඛ්‍යාව 32 ක් වන විට ආරම්භක පිතිකරු හසීබ් හමීඞ් ලකුණු 9 කට පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් වීමත් සමග ආරම්භයේදීම එංගලන්තය තරමක පසුබෑමකට ලක්විය.

එතැන් සිට ලකුණු පුවරුවට තවත් ලකුණු 19 ක් එක්වන විට දෙවැනි සහ තෙවැනි කඩුලූ ලෙස ජෝ රූට් ලකුණු 15 කටත්, ඇලිස්ටෙයාර් කුක් ලකුණු 27 කටත් දැවීයාමෙන් එංගලන්ත කණ්ඩායම පත්ව තිබූ පීඩනය තවත් වැඩි විය.

ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට රූට්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත්ව තිබූ අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක පාර්තිව් පතේල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට කුක්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත්ව තිබිණ.

රූට්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි මුයින් අලීටද වැඩිවේලාවක් කඩුල්ලේ රැදීසිටීමට ඉඩක් නොලැබුණ අතර මොහොමඞ් සාමිගේ පන්දුවක් හමුවේ මුරලි විජේ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ඔහු ලබා සිටියේ ලකුණු 16 ක් පමණි.

ලකුණු 87 කට කඩුලූ 4 ක් දැවී අසරණ තත්ත්වයකට පත්ව තිබූ එංගලන්ත ඉනිම ගොඩනැගීමේ වගකීම සිය කර මතට ගත් ජොනී බෙයාස්ට්‍රෝ (89), පස්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් ස්ටොක්ස් (29) සමග එක්ව ලකුණු 57 ක සම්බන්ධතාවක්ද, හයවැනි කඩුල්ල වෙනුවෙන් ජොස් බට්ලර් (43) සමග එක්ව ලකුණු 69 ක සම්බන්ධතාවක්ද පිහිටුවීමට සමත් විය.

මුල් පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ඉතා ඉවසීමකින් යුතුව දුර්වල පන්දු තෝරා බේරාගෙන ලකුණු රැුස්කළ බෙයාස්ට්‍රෝ, සිය අර්ධ ශතකයට අලංකාර හතරේ පහර 6 ක් අන්තර්ගත කළේය. සිය සිව්වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට ලකුණු 11 ක් මෙපිටින් සිටියදී ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් බෙයාස්ට්‍රෝ ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

බෙයාස්ට්‍රෝ සමග එක්ව ගොඩනැගූ සම්බන්ධතා බිඳ දමමින් බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. ජදේජාගේ පන්දු හමුවේ පාර්තිව් පතේල්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ස්ටොක්ස් දැවීගිය අතර බට්ලර් දැවී ගියේ විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමිනි.

දිනයේ අවසන් කඩුල්ල ලෙස හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබා සිටි කි‍්‍රස් වෝක්ස් පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් වූ අතර යාදව්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල දැවටීමෙන් වෝක්ස්ගේ ඉනිම නිමාවිය.

එංගලන්ත පළමු ඉනිම – කඩුලූ 8 කට 268
(ඇලිස්ටෙයාර් කුක් 27, ජෝ රූට් 15, මුයින් අලී 16, ජොනී බෙයාස්ට්‍රෝ 89, බෙන් ස්ටොක්ස් 29, ජොස් බට්ලර් 43, කි‍්‍රස් වෝක්ස් 25, ජයන්ත් යාදව් 49/2, රවින්ද්‍ර ජදේජා 56/2, උමේෂ් යාදව් 58/2)

-036

 

ඉන්දියාව 1-0 ක් ලෙස පෙරමුණ ගනියි

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව විශාකාපට්නම්හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 246 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 405 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 158 කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ. ඊයේ (20 වැනිදා) දිනය නිමා වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට අද (21 වැනිදා) දිනයේදී සිය ලකුණු පුවරුවට එක්කරගත හැකිවූයේ තවත් ලකුණු 71 ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් බෙන් ඩුකෙට් ලකුණු නොලබා දැවී ගියේය.

ඉන් පසුව පිටියට පිවිසි මුයින් අලීටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටිමට ඉඩ කඩ නොලැබුණ අතර රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.

ලකුණු 6 ක් ලබා සිටි බෙන් ස්ටොක්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට ජයන්ත් යාදව් සමත් වූ අතර එංගලන්ත ඉනිම නිමා වන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ජොනී බෙයාස්ට්‍රෝ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැුස්කිරීමට සමත් විය.

මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් ආදිල් රෂීඞ් ලකුණු 4 කට දැවීගිය අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සෆාර් අන්සාරිට ලකුණු ලබාගැනීමට පෙර ආපසු කී‍්‍රඩාගාරය වෙත යෑමට සිදුවිය.

පිට පිට යැවූ පන්දු දෙකකදී එංගන්ත ඉනිමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වූ ස්ටුවට් බ්‍රෝඞ් (5) සහ ජේම්ස් ඇන්ඩසන් (0) පිටියෙන් ඉවත් කළ ජයන්ත් යාදව් ඉන්දීය කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

ඉන්දීය පළමු ඉනිම – සියලූ දෙනා දැවී 455
(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිචන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13, ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 255
(ජෝ රූට් 53, බෙන් ස්ටොක්ස් 70, ජොනී බෙයාස්ට්‍රෝ 53, ආදිල් රෂීඞ් 32, රවිචන්ද්‍රන් අශ්වින් 67/5)

ඉන්දීය දෙවැනි ඉනිම – සියලූ දෙනා දැවී 204
(විරාට් කෝලි 81, අජින්ක්‍යා රහනේ 26, ජයන්ත් යාදව් නොදැවී 27, මොහොමඞ් සාමි 19, ස්ටුවට් බ්‍රෝඞ් 33/4, ආදිල් රෂීඞ් 82/4)

එංගලන්ත දෙවැනි ඉනිම – සියලූ දෙනා දැවී 158  
(ඇලිස්ටෙයාර් කුක් 54, හසීබ් හමීඞ් 25, ජෝ රූට් 25, ජොනී බෙයාස්ට්‍රෝ 34, ජයන්ත් යාදව් 30/3, රවිචන්ද්‍රන් අෂ්වින් 52/3, මොහොමඞ් සාමි 30/2, රවින්ද්‍ර ජදේජා 35/2)

-036

 

එංගලන්තය ලකුණු 318 ක් පසුපසින්

ඉන්දීය කණ්ඩායමට එරෙහිව විශාකාපට්නම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (20 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 8 ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 318 ක් පසුපසින් සිටියි.


ජයග්‍රහණය සඳහා ලකුණු 405 ක ඉලක්කයක් හඹායන එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඇලිස්ටෙයාර් කුක් (54) සහ හසීබ් හමීඞ් (25) සමත් වූහ.


රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඇලිස්ටෙයාර් කුක්ගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබූ අතර රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට හසීබ් හමීඞ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.


ඊයේ (19 වැනිදා) දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද දිනයේදී සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 106 ක් එක් කරගත්තේය.


නායක විරාට් කෝලි (81) සහ අජින්ක්‍යා රහනේ (26) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 77 කට සීමා කිරීමට සමත් වූ ස්ටුවට් බ්‍රෝඞ්, දිනයේ පළමු කඩුල්ල ලෙස අජින්ක්‍යා රහනේ පිටියෙන් ඉවත් කළේය.


ඉන් නොනැවතුන බ්‍රෝඞ්, රහනේගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි රවිචන්ද්‍රන් අශ්වින්ගේ ඉනිමද ලකුණු 7 කට සීමා කිරීමට සමත් වූ අතර කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් අශ්වින් දැවී ගියේය.


එතැන් සිට ලකුණු 35 ක් තුළ රිදිමන් සාහා (2), විරාට් කෝලි, රවින්ද්‍ර ජදේජා (14) සහ උමේෂ් යාදව් (0) දවාගනිමින් ඉන්දීය ඉනිමේ පසුපෙළ සුනුවිසුණු කර දැමීමට ආදිල් රෂීඞ් සමත් විය. බෙන් ස්ටොක්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට විරාට් කෝලිගේ ඉනිමට හතරේ පහර 8 ක් අන්තර්ගත වී තිබිණ.


කෙසේ වුවත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ ජයන්ත් යාදව් (නොදැවී 27) සහ මොහොමඞ් සාමි (19) ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා ඔසවා තැබූහ. ජයන්ත් යාදව්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර මොහොමඞ් සාමිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.


මුයින් අලීගේ පන්දුවක් හමුවේ ජොනි බෙයාස්ට්‍රොගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් මොහොමඞ් සාමි දැවීයාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.


ඉන්දීය පළමු ඉනිම – සියලු දෙනා දැවී 455
(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිචන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13, ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)


එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 255
(ජෝ රූට් 53, බෙන් ස්ටොක්ස් 70, ජොනී බෙයාස්ට්‍රෝ 53, ආදිල් රෂීඞ් 32, රවිචන්ද්‍රන් අශ්වින් 67/5)


ඉන්දීය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 204
(විරාට් කෝලි 81, අජින්ක්‍යා රහනේ 26, ජයන්ත් යාදව් නොදැවී 27, මොහොමඞ් සාමි 19, ස්ටුවට් බ්‍රෝඞ් 33/4, ආදිල් රෂීඞ් 82/4)


එංගලන්ත දෙවැනි ඉනිම – කඩුලු 2 ක් දැවී 87
(ඇලිස්ටෙයාර් කුක් 54, හසීබ් හමීඞ් 25)

-036

 

ඉන්දියාව ලකුණු 298 ක් ඉදිරියෙන්

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව විශාකාපට්නම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම තවත් කඩුලූ 7 ක් අතැතිව එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 298 ක් ඉදිරියෙන් සිටියි. තරගය නතර කරන විට නායක විරාට් කෝලි හතරේ පහර 6 ක් සමගින් ලකුණු 56 ක්ද, අජින්ක්‍යා රහනේ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුන සම්බන්ධතාව ලකුණු 58 කි.

මුලූ ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් විය. බ්‍රෝඞ්ගේ පන්දු හමුවේ ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් මුරලි විජේ ලකුණු 3 කට දැවීගිය අතර ලකුණු 10 ක් ලබා සිටි ලෝකේෂ් රාහුල් දැවී ගියේ කඩුලූ රකින කී‍්‍රඩක ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමිනි.

ඉන්දීය පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් චෙතේෂ්වර් පුජාරාට දෙවැනි ඉනිමේදී සාර්ථක වීමට කිසිදු ඉඩක් නොලැබුණ අතර ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට ඔහුට ලබාගත හැකිව තිබුණේ එක් ලකුණක් පමණි.

ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 105 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව තිබූ එංගලන්ත පළමු ඉනිමට නව ජවයක් ගෙන දුන් බෙන් ස්ටොක්ස් (70) සහ ජොනී බෙයාස්ට්‍රෝ (53) අද දිනයේදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

මුලූ ලකුණු සංඛ්‍යාව 190 ක් වන විට එම සම්බන්ධතාවය බිඳ දමමින් ජොනී බෙයාස්ට්‍රෝ පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් විය. එතැන් සිට ලකුණු පුවරුවට තවත් ලකුණු 35 ක් එක්වන විට රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් බෙන් ස්ටොක්ස්ද දැවී ගියේය. ස්ටොක්ස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක්ද, බෙයාස්ට්‍රෝගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක්ද ඇතුළත් විය.

ඔවුන්ගේ දැවීයාම් වලින් අනතුරුව එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ආදිල් රෂීඞ් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 32 ක් ලබා එංගලන්ත ඉනිම නිමා වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලූ 2 පිට පිට පන්දු 2 කදී දවාගැනීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වූ අතර ඒ සමගින් ලකුණු 67 කට ඔහු දවාගත් කඩුලූ සංඛ්‍යාව 5 ක් විය.

ඉන්දීය පළමු ඉනිම – සියලූ දෙනා දැවී 455
(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිචන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13, ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 255
(ජෝ රූට් 53, බෙන් ස්ටොක්ස් 70, ජොනී බෙයාස්ට්‍රෝ 53, ආදිල් රෂීඞ් 32, රවිචන්ද්‍රන් අශ්වින් 67/5)

ඉන්දීය දෙවැනි ඉනිම – කඩුලූ 3 ක් දැවී 98
(විරාට් කෝලි නොදැවී 56, අජින්ක්‍යා රහනේ නොදැවී 22, ස්ටුවට් බ්‍රෝඞ් 6/2)

-036

 

අශ්වින් එංගලන්තය අමාරුවේ දමයි

පිත්නෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින්ගේ දායකත්වය නිසා එංගලන්තය අමාරුවේ දැමූ ඉන්දියානුවෝ විශාකාපට්නම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) තරගයේ පාලනය සහමුලින්ම සියතට ගැනීමට සමත්ව සිටියහ.

දඟ පන්දු යවන්නන්ගේ අණසක පැතිරුණු දෙවැනි දිනයේදී ඉන්දියානු ඉනිම ලකුණු 455 දී නතර වන විට අශ්වින්ගෙන් ලකුණු 58 ක් ඊට එක්වී තිබිණ. එතැනින් නතර නොවූ අශ්වින් ඕවර 13 ක් යවමින් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිද්දී එංගලන්ත පිලේ දක්‍ෂතම පිතිකරුවා වන ජෝ රූට්ද ඒ අතර සිටියේය. දිනය අවසන් වන විට කඩුලු 5 කට ලකුණු 103 ක් ලබා සිටි එංගලන්තය ඉන්දීය පිලට වඩා ලකුණු 352 ක් පසුපසින් සිටියේය.

එංගලන්තයට ඉතිරිව ඇති බලාපොරොත්තු වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ කඩුලු රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ පමණි.

ඇලිස්ටෙයාර් කුක්ගේ පිට ඉන්න දෙකට පළා දැමූ මොහොමඞ් සාමි ඉනිමේ තුන්වැනි ඕවරයේදීම එංගලන්ත නායකයා ආපසු ක්‍රීඩාගාරයට යැවීය. තවමත් 19 හැවිරිදි හසීබ් හමීඞ් සහ ජෝ රූට් එක්ව ලකුණු සංඛ්‍යාව 51 දක්වා ඇදගෙන ගියද හමීඞ් දුවද්දී දැවී ගියේ කඩුලු රකින්නා වූ රිදිමන් සහාගේ නුවණැති පන්දු රැකීමකිනි.

පිතිකරුවා දෙවැනි ලකුණ කරා දිවයද්දී කඩුල්ල ඉදිරියට ගිය රිදිමන් සහා පන්දුව රැකගෙන එය පසුපසට වීසි කරමින් පිතිකරුවා දවාගත්තේය.

ලකුණ 8 ක් අතරේ පිතිකරුවන් තිදෙනකු දැවී යාම හේතුවෙන් එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 5 කට 80 ක් සේ දිස් වූයේ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 14 ක් ඇතුළත ජෝ රූට් සහ බෙන් ඩකට් දවාගැනීම හේතුවෙනි. කෙසේ වෙතත් බෙන් ස්ටෝක්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු එකින් එක එකතු කරමින් එය 103 දක්වා තල්ලු කරගෙන ගියහ.

දැන් ඉන්දියානුවන් හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර නොදී සිටීමට නම් පළමු ඉනිමේදී ලකුණු 255 ක් ලබාගත යුතුව තිබේ. එම ඉලක්කය ඇත්තේ තවත් ලකුණු 152 ක් ඈතිනි. දෙවැනි දිනයේදී දඟ පන්දු යවන්නන්ට කඩුලු 8 ක් හිමිවූ තණතීරුවක ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ මෙය ලෙහෙසි පහසු කාරියක් නොවේ.


ඉන්දියාව – පළමු ඉනිම 455
(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිදන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13,  ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)

එංගලන්තය – පළමු ඉනිම කඩුලු 5 ට 103
(හසිබ් හමීඞ් 13, ජෝ රූට් 53, රවිචන්ද්‍රන් අශ්වින් 20/2)