Category Archives: IPL2016

දෙවැනි – තුන්වැනි තැන් ගන්න තියුණු තරගයක්

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග 50 ක් නිමා වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තරග 12 කට සහභාගී වී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිටින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් සමත් වී තිබේ.

 

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්, කොල්කටා නයිට්රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ලයන්ස් යන කණ්ඩායම් හතරම ප‍්‍රසාද ලකුණු 14 බැගින් ලබා සිටිති. එහෙත් අතර ශුද්ධ ලකුණු වේගය අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමටද, තෙවැනි ස්ථානය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමටද හිමිව තිබේ.

ප‍්‍රසාද ලකුණු සටහනේ  අංක 2, 3 සහ 4 වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් අවසන් වටයේදී තරග වදිමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා අවස්ථාවක් තිබේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් වලට තවත් තරගය බැගින් ඉතිරිව තිබෙන අතර කොල්කටා නයිට්රයිඩර්ස් සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම් වලට තවත් තරග 2 බැගින් ඉතිරිව තිබේ. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා මෙම කණ්ඩායම් හතර අතර ඉතා තියුණු තරගයක් පවතී.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 13 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 865 කි.

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 113 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 86.50 ක් ලෙස සටහන්වේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ ඒ. බී. ඩිවිලියර්ස් (තරග 13 කදී ලකුණු 597) සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් (තරග 12 කදී ලකුණු 567) පිළිවෙළින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල සිටිති.

තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මිචෙල් මැක්ලෙනගන් සමත් වී ඇති අතර තරග 13 කදී ඔහු දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 17 කි.

ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 23.41 ක් ලෙස දැක්වේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ යුස්වින්දර් චාහල් තරග 10 කදී කඩුලූ 16 ක් දවාගෙන වැඩිම කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ බුවනේෂ්වර් කුමාර් තරග 12 කදී කඩුලූ 16 ක් දවාගෙන එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.
 

කණ්ඩායම තරග  ජය පරාජ විසඳුමක් නැති  ප‍්‍රසාද ලකුණු
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 12 8 4 0 16
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  13 7 6 0 14
කොල්කටා නයිට්රයිඩර්ස් 12 7 5 0 14
මුම්බායි ඉන්දියන්ස් 13 7 6 0 14
ගුජරාට් ලයන්ස් 12 7 5 0 14
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 12 6 6 0 12
රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් 13 4 9 0 8
කිංග්ස් XI පන්ජාබ්  13 4 9 0 8

 
-036 

රයිනා – ස්මිත් ගුජරාට් පිලේ ජය ඉක්මන් කරති

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 51 වැනි තරගය ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර කාන්පූර්හිදී පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කරගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ගුජරාට් ලයන්ස් කණ්ඩායමට හැකිවිය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් කී‍්‍රඩකයෝ පන්දු 39 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ සුරේෂ් රයිනා පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් ගුජරාට් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

ඒරන් ෆින්ච් (26) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රයිනා සමත් විය. පන්දු 23 කදී වාර්තා වූ ෆින්ච්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ යූසෆ් පතාන් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය. රොබින් උතප්පා පන්දු 19 කදී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

වාර්තාගත පන්දුයැවීමක නිරත වූ ඞ්වේන් ස්මිත්,  ඕවර 4 ක් යවා ලකුණු 8 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය. අයි. පී. එල්. තරගාවලියක පන්දුයවන්නකු යැවූ වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීමටද මෙහිදී ස්මිත් සමත් විය. ඒ නිලකුණු පන්දු 18 ක් යවමිනි.

කාසියේ වාසිය දිනූ ගුජරාට් ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 කට 124
(රොබ්න් උතප්පා 25, යූසෆ් පතාන් 36, සූර්යකුමාර් යාදව් 17, ඞ්වේන් ස්මිත් 8/4)

ගුජරාට් ලයන්ස් කණ්ඩායම –  ඕවර 13.3 කදී කඩුලූ 4 කට 125  
(සුරේෂ් රයිනා නොදැවී 53, ඒරන් ෆින්ච් 26)

 

- 036

 

 

කෝලිගේ 2016 ලකුණු කොල්ලය

අයි. පි. එල්. තරගාවලියක කී‍්‍රඩකයකු  රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි විසින් අත්කරගන්නා ලදි. මේ වසරේ අයි. පී. එල්. තරගාවලියේදී මේ දක්වා තරග 12 කදී ලකුණු 752 ක් රැස්කරමින් ඔහු එම වාර්තාව තමන් සතුකරගෙන තිබේ.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව සඳුඳා පැවැති තරගයේදී ලබාගත් අර්ධ ශතකයත් (75) සමගින් මේ වන විට ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් වාර්තා කිරීමට කෝලි සමත්ව සිටියි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මයිකල් හසි, අයි. පි. එල්. තරගාවලියක කී‍්‍රඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ සම වාර්තාවට මින් පෙර හිමිකම් කීහ.

2012 වසරේ පැවැති තරගාවලියේ තරග 15 කදී ලකුණු 733 ක් රැස්කරමින් ගේල් එම වාර්තාව පිහිටවූ අතර 2013 වසරේ පැවැති තරගාවලියේ තරග 17 කදී ලකුණු 733 ක් රැස්කරමින් මයික් හසී එම වාර්තාව පිහිටුවීය.

මෙවර තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ඒ. බී. ඩිවිලියර්ස් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විරාට් කෝලි සමත් විය. එය එදා මෙදා තුර විස්සයි20 කි‍්‍රකට් ඉතිහාසයේ කඩුල්ලක් වෙනුවෙන් කී‍්‍රඩකයන් දෙදෙනෙක් අතර පැවැති ඉහළම සම්බන්ධතාවද වේ.


2016 අයි. පී. එල්. තරගාවලියේදී විරාට් කෝලිගේ ලකුණු ලබාගැනීම

මුහුණදුන් පන්දු – 508
නිලකුණු පන්දු – 129
තනි ලකුණු – 242
2 ලකුණු – 46
3 ලකුණු – 2
4 පහර – 61
6 පහර – 28
නිලකුණු පන්දු ප‍්‍රතශතය – 25.39
1-3 ලකුණු ලබා ගැනීමේ ප‍්‍රතශතය – 57.09
4-6 පහර ලබා ගැනීමේ ප‍්‍රතශතය – 17.52

 


- 036

 

කෝලීගේ සිව්වන ශතකය බැංගලෝරයට ජය ගෙනෙයි

විරාට් කෝලීගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 50 වන තරගයේදී කිංග්ස් XI  පන්ජාබ් පිලට එරෙහිව ඩක්වත් ලූවිස් න්‍යායට අනූව ලකුණු 82 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අද (18 වැනිදා) සමත්විය.


 ඕවර 15 කදී ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ් පිලට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලබාගත හැකිවූයේ  ඕවර 14 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 120 ක් පමණි.


ලකුණු 24 ක් ලබාගත් ව්ර්දීමාන් සාහා කිංග්ස් XI  පන්ජාබ් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්විය.


දක්ෂ පන්දු යැවීමක නිරතවූ යුස්වේන්ද්‍ර චහල්  ඕවර 3 ක් යවමින් ලකුණු 25 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ෂේන් වොට්සන් (7/2) සහ ශ්‍රීනාත් අරවින්ද් (18/2) කඩුලූ දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.


විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් තරගාවලියේ සිව්වන ශතකයත් වාර්ථා කිරීමට විරාට් කෝලී සමත්වූ අතර පන්දු 50 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 113 ක් රැස්කිරීමට සමත් වූයේය. අර්ධ ශතකය පන්දු 28 කදී ලබාගත් අතර ශතකය පන්දු 47 කදී සම්පූර්ණ කිරීමට සමත්විය.


අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ ලකුණු 4000 සීමාව පසුකළ පළමු ක‍්‍රීඩකයා වන්නට විරාට් කෝලී අද සමත්විය.


කෝලීට අනගි සහයක් ලබාදුන් ක‍්‍රිස් ගේල් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 32 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 73 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


පළමු කඩුල්ල සදහා පන්දු 66 කදී වාර්ථාගත ලකුණු 147 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ක‍්‍රිස් ගේල් (73) සහ විරාට් කෝලී (113) සමත්වූහ.


කාසියේ වාසිය දිනාගත් කිංග්ස් XI පන්ජාබ් පිලේ නායක මුරලි විජේ පළමුව පන්දු යැවීමට තීරණය කළේය. වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප‍්‍රමාදවූ අතර තරගය එක් පිලකට  ඕවර 15 කට සීමාවිය.


තරගයේ වීරයාට හිමි සම්මානය විශිෂ්ට පිතිහරඹයක නිරතවූ විරාට් කෝලී විසින් දිනාගන්නා ලදී.

 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් –  ඕවර 15 කදී කඩුලූ 3 ක් දැවී 211
(ක‍්‍රිස් ගේල් 73, විරාට් කෝලී 113)


කිංග්ස් XI පන්ජාබ් –  ඕවර 14 කදී කඩුලූ 9 ක් දැවී 120
(ව්ර්දීමාන් සාහා 24, යුස්වේන්ද්‍ර චහල් 25/4, ෂේන් වොට්සන් 7/2, ශ්‍රීනාත් අරවින්ද් 18/2)

 

සුපර්ජයන්ට්ස් පිලට ලකුණු 19 ක ජයක්

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ විශාකාපට්නම් හිදී පැවැති 49 වන තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව ඩක්වත් ලූවිස් න්‍යායට අනූව ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අද (17 වැනිදා) සමත්විය.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල  ඕවර 8.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 57 ක් ලබා සිටියදී වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය නතරකර පැයකට පසුව යළි ආරම්භ කළද යළිත් වර්ෂාව ඇ`ද හැළීම හේතුවෙන් යැවිය හැකිවූයේ  ඕවර 2.4 ක් පමණි.


විනිසුරුවරුන් විසින් තරගය අතහැර දැමීමට තීරණය කළ අතර ඒ වනවිට ඩක්වත් ලූවිස් න්‍යායට අනූව ලකුණු 19 ක් ඉදිරියෙන් සිටීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල සමත්විය.


පන්දු 36 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 42 ක් ලබාසිටි අජින්ක්‍යා රහනේ සුපර්ජයන්ට්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැුස්කළ පිතිකරුවා වූයේය.


පන්දුවෙන් දස්කම් දැක්වූ අශෝක් දින්දා තරගයේ වීරයාට හිමි සම්මානයට හිමිකම් කීමට සමත්විය.


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලකුණු 121 කට සීමා කිරීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.


දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ කරුන් නායර් පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 41 ක් රැුස්කළ අතර වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ක‍්‍රිස් මොරිස් පන්දු 20 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැුස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.


දක්ෂ පන්දු යැවීමක නිරතවූ අශෝක් දින්දා (20/3) සහ ඇඩම් සම්පා (21/3) කඩුලූ 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


දිල්ලි ඉනිමේ අවසන්  ඕවරය යැවූ තිසර පෙරේරාට එරෙහිව ලකුණු 22 ක් ලබාගැනීමට ක‍්‍රිස් මොරිස් සහ නේතන් කූල්ටර්නයිල් සමත්වූහ.


කාසියේ වාසිය දිනාගත් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝණි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 121
(කරුන් නායර් 41, ක‍්‍රිස් මොරිස් නොදැවී 38, අශෝක් දින්දා 20/3, ඇඩම් සම්පා 21/3)


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් –  ඕවර 11 කදී කඩුලූ 1 ක් දැවී 76
(අජින්ක්‍යා රහනේ නොදැවී 42)

 

කෝලි ‐ ඩිවිලියස් බැංගලෝර් පිලට ජය ගෙනෙති

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 48 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පන්දු 51 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී 75 ක් රැස්කළ විරාට් කෝලි, පළමු කඩුල්ල වෙනුවෙන් කි‍්‍රස් ගේල් සමග එක්ව පන්දු 45 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක්ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඒ. බී. ඩිවිලියස් (නොදැවී 59) සමග එක්ව පන්දු 67 කදී ලකුණු 115 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් බැංගලෝර් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන ගියේය.

පන්දු 31 කදී වාර්තා වූ කි‍්‍රස් ගේල්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 31 කදී වාර්තා වූ ඒ. බී. ඩිවිලියස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 76 ක සම්බන්ධයක් ගොඩනගැගීමට නායක ගෞතම් ගම්භීර් (51) සහ මනීෂ් පාණ්ඬේ (50 සමත් වූහ. පන්දු 34 කදී වාර්තා වූ ගම්භීර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ පාණ්ඬේගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කොල්කටා ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිහිහරඹයක නිරත වූ ඇන්ඩි‍්‍ර රසල්, පන්දු 19 කදී නොදැවී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

සකීඛ් අල් හසන් (නොදැවී 18) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පනදු 28 කදී ලකුණු 58 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් කොල්කටා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ඇන්ඩි‍්‍ර රසල් සමත් විය.

කාසියේ වාසිය දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

 

කොල්කටා නයිට් රයිඩර්ස්  කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 183
(ගෞතම් ගම්භීර් 51, මනීෂ් පාණ්ඬේ 50, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 39, සකීඛ් අල් හසන් නොදැවී 18, එස්. අරවින්ද් 41/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම – ඕවර 18.4 කදී කඩුල්ලක් දැවී 186  
(කි‍්‍රස් ගේල් 49, විරාට් කෝලි නොදැවී 75, ඒ. බී. ඩිවිලියස් නොදැවී 59)

 

- 036

 

 

මුම්බායි පිලට ලකුණු 80 ක දැවැන්ත ජයක්

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ විශාකාපට්නම් හිදී පැවැති 47 වන තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 80 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල අද (15 වැනිදා) සමත්විය.


ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට  ඕවර 19.1 කදී සියලූදෙනා දැවී රැුස්කිරීමට හැකිවූයේ ලකුණු 126 ක් පමණි.


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ක්වින්ටන් ඩිකොක් පන්දු 28 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය.


විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ජස්පී‍්‍රට් බුම්රා  ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.


පිත්තෙන් මෙන්ම පන්දු වෙන්ද දස්කම් දක්වමින් ලකුණු 15 කට කඩුලූ 2 ක් දවාගත් කෘනල් පාණ්ඩ්‍යා තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තේය.


මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ කෘනල් පාණ්ඩ්‍යා පන්දු 37 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 86 ක් රැුස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අර්ධ ශතකය පන්දු 22 කදී සම්පූර්ණ කිරීමට සමත් වූයේය.


දෙවන කඩුල්ල සදහා පන්දු 50 කදී ලකුණු 98 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මාටින් ගප්ටිල් (48) සහ කෘනල් පාණ්ඩ්‍යා (86) සමත්වූහ.


කෘනල් පාණ්ඩ්‍යාට අනගි සහයක් ලබාදුන් මාටින් ගප්ටිල් පන්දු 42 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත්විය.


ක‍්‍රිස් මොරිස්  ඕවර 4 ක් යවමින් ලකුණු 34 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත්වූයේය.


කාසියේ වාසිය දිනාගත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ නායක සාහීර් ඛාන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

මුම්බායි ඉන්දියන්ස් –  ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 206
(රෝහිත් ශර්මා 31, මාටින් ගප්ටිල් 48, කෘනල් පාණ්ඩ්‍යා 86, ක‍්‍රිස් මොරිස් 34/2)


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් –  ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 126
(ක්වින්ටන් ඩිකොක් 40, රිෂාබ් පාන්ට් 23, ක‍්‍රිස් මොරිස් 20, ජස්පී‍්‍රට් බුම්රා 13/3, කෘනල් පාණ්ඩ්‍යා 15/2)

 

වෝනර්, යුවරාජ් හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ මොහාලී හිදී පැවැති 46 වන තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල අද (15 වැනිදා) සමත්විය.

ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 19.4 කදී කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වූ අතර මෙම තරගාවලියේ හයවන අර්ධ ශතකයත් ලබාගැනීමට ඬේවිඞ් වෝනර් අද සමත්විය. පන්දු 41 කට මුහුණදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට වෝනර් සමත්වූයේය.

පළමු කඩුල්ල සදහා පන්දු 48 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඬේවිඞ් වෝනර් (52) සහ ශීකර් ධාවන් (25) සමත්වූහ.

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු 24 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

පිත්තෙන් දස්කම් දැක්වූ හෂීම් අම්ලා තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඞෂ පන්ජාබ් පිල ඕවර 20 අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 179 ක් රැස්කර ගැනීමට සමත්විය.

පළමු අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවන හෂීම් අම්ලා පළමු අයි.පී.එල් අර්ධ ශතකය වාර්ථා කිරීමට අද සමත්වූ අතර විස්සයි20 පළමු ශතකය ලබගැනීමට තිබූ අවස්ථාව ගිලිහි ගියේය. පන්දු 56 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 96 ක් රැස්කළ අතර අර්ධ ශතකය පන්දු 30 කදී ලබාගැනීමට හෂීම් අම්ලා සමත්විය.

ව්ර්දීමාන් සාහා (27) සමග එක්ව දෙවන කඩුල්ල සදහා පන්දු 41 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් පැවැත්වූ හෂීම් අම්ලා (96) තෙවැනි කඩුල්ල සදහා ගුර්කීරත් සිං සමග එක්ව පන්දු 37 කදී ලකුණු ලකුණු 65 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූයේය.

බුවනේෂ්වර් කුමාර් ඕවර 4 කදී ලකුණු 32 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත්වූයේය.

 


කිංග්ස් XI පන්ජාබ් – ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 179
(හෂීම් අම්ලා 96, ව්ර්දීමාන් සාහා 27, ගුර්කීරත් සිං 27, ඬේවිඞ් මිලර් නොදැවී 20, බුවනේෂ්වර් කුමාර් 32/2)

සන්රයිසස් හයිද්‍රාබාද් – ඕවර 19.4 කදී කඩුලූ 3 ක් දැවී 180
(ඬේවිඞ් වෝනර් 52, ශීකර් ධාවන් 25, දීපක් හූඩා 34, යුවරාජ් සිං නොදැවී 42)

 

 

කොල්කටා පිලට කඩුලූ 8 ක ජයක්

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 45 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 8 ක ජයක් අත්කරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට  ඕවර 9 කදී ලකුණු 66 ක ඉලක්කයක් හිමිවූ අතර පන්දු 24 ක් ඉතිරිව තිබියදී කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට කොල්කටා කී‍්‍රඩකයෝ සමත් වූහ.

පන්දු 18 කදී වේගවත් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කළ යූසෆ් පතාන් කොල්කටා කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. මනීෂ් පාණ්ඬේ (නොදැවී 15) සමග එක්ව පන්දු 27 කදී ලකුණු 58 ක නොබිඳුන සම්බන්ධතාවක් ගොඩනැගීමටද පතාන් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට  ඕවර 17.4 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටියදී ඇදහැළුණු වර්ශාව නිසා සිය ඉනිම නිමා කිරීමට සිදුවිය.

සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජෝජ් බේලි පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළේය.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 21 කට කඩුලූ 2 ක් දවාගැනීමට පියුෂ් චවුලා සමත් වූයේ ලකුණු 13 ක් ලබාසිටි තිසර පෙරේරාගේ කඩුල්ලද සමගිනි.

 

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම –  ඕවර 17.4 කදී කඩුලූ 6 කට 103
(උස්මන් කවාජා 21, ජෝජ් බේලි 33, පියුෂ් චවුලා 21/2)

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම –  ඕවර 5 කදී කඩුලූ 2 කට 66
(මනීෂ් පාණ්ඬේ නොදැවී 15, යූසෆ් පතාන් නොදැවී 37, රවිචන්ද්‍රන් අෂ්වින් 30/2)

 

- 036

 

 

අයි. පී. එල්. දැවැන්තම දිනුම බැංගලෝර් පිලට


පන්දු 96 කදී වාර්තා වූ විරාට් කෝලිගේ (109) සහ ඒ. බී. ඩිවිලියස්ගේ (නොදැවී 129) ද්විත්ව ශතක සම්බන්ධතාව (229) නිසා අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 145 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 249 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් කණ්ඩායමට ඕවර 18.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඒරන් ෆන්ච් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළේය.

ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට බැංගලෝර් කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දුයැවීමක නිරත වූ කි‍්‍රස් ජෝදාන්  ඕවර 3 ක් යවා ලකුණු 11 කට කඩුලූ 4 ක් දවාගත් අතර යුස්වින්දර් චාහල් ලකුණු 19 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

පිටියට පැමිණි මොහොතේ සිට ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් බැංගලෝර් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඒ. බී. ඩිවිලියස් පන්දු 25 කදී ලකුණු 50 සීමාවද, පන්දු 43 කදී ලකුණු 100 සීමාවද පසුකර ගියේය. පන්දු 52 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට (නොදැවී 129) හයේ පහර 12 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය.

 

විරාට් කෝලි

ඩිවිලියස්ට අගනා සහයක් දෙමින් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ විරාට් කෝලි පන්දු 55 කදී ලකුණු 109 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. මෙවර අයි. පී. එල්. තරගාවලියේදී කෝලි ලබාගත් තෙවැනි ශතකය මෙය වන අතර පළමු ශතකයද මින් පෙර ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලබාගෙන තිබීම සුවිශේෂී සිදුවීමකි.

බැංගලෝර් කණ්ඩායම සහභාගී වූ අවසන් තරග දෙකේදී විවේක ගැනීමෙන් අනතුරුව මෙම තරගයට කී‍්‍රඩා කළ ප‍්‍රවේගකාරී පිතිකරු කි‍්‍රස් ගේල්, ලකුණු 6 ක් ලබාසිටියදී ධවාල් කුල්කර්ණියේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

කාසියේ වාසිය දිනූ ගුජරාට් ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 248
(විරාට් කෝලි 109, ඒ. බී. ඩිවිලියස් නොදැවී 129, ප‍්‍රවීන් කුමාර් 45/2)

ගුජරාට් ලයන්ස් කණ්ඩායම – ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී  104
(රවින්ද්‍ර ජදේජා 21, ඒරන් ෆින්ච් 37, කි‍්‍රස් ජෝදාන් 11/4, යුස්වින්දර් චාහල් 19/3, සචින් බේබි 4/2)


- 036