සිදත් වෙත්තමුණි

”පාකිස්තානයේ නැවත ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා දැකීම මට සතුටක්. මම හිතනවා එය පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව තිබෙන හැඟීම වෙනස් වීමට හේතු වේවි කියා. සිම්බාබ්වේ තරග සංචාරය ගැන පාකිස්තානයේ මිනිසුන් දක්වන උනන්දුව පිළිබඳව මම මවිත වෙනවා. ඒ වගේම ශ‍්‍රී ලංකාවත් තවදුරටත් පාකිස්තානයට උපකාර කරනවා”

 


- පාකිස්තානයේදී නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් තරග ආරම්භ වීම පිළිබඳව

සචින්ගේ ඡන්ද ගොඩට තවත් 2500 ක්

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු, ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 2509 ත් එකතුව සිය මුළු ඡන්ද සංඛ්‍යාව 18607 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.  

 

කෙසේ වුවත් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සහ සචින් දල්පදාදු අතර ඉකුත් සතිය නිමාවන විට තිබූ ඡන්ද 5312 පරතරය, එහිදී 4769 දක්වා අඩු වී තිබේ. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 3052 ත් සමග මාලිංග අමරසිංහගේ මුළු ඡන්ද සංඛ්‍යාව මේ වන විට 13838 කි.

 

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 4784 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2246 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.

 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2384 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 813 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

 

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 195 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 72 ක් පමණි.

 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 589 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 2704 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

 

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 1900 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 463 ක් ලබාගෙන තිබේ.

 

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාස 11 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල 18607
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල  13838
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 4784
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 2246
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1549
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල 1522
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල 1077
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 891
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 848
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල  723
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 638
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 620
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල 311

 

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 2384
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 813
අචින්ත උෂාන්  ගාල්ල විද්‍යාලෝක විදුහල 11

 

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 2704
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 1900

 

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ

1 රමණි බටගල්ල, 40/9, වොට්සන් පීරිස් මාවත, මොරටුව
2 සකිඳු දින්සර, 66 ඒ, කැළණි ගඟ මෝල පාර, මට්ටක්කුලිය, කොළඹ 15
3 එම්. ඒ. රිෆ්කි, 61/01, බටුට පාර, මාතර
4 අනෝජා එදිරිසිංහ, 13/2, දෙවැනි වීදිය, ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගොමුව

 

 

- 036