මාලිංග ප‍්‍රතිකාර ලබමින් පන්දු යවයි

පාදයේ වළලූකර ශල්‍යකර්මයකට ලක්ව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග වැඩි දුර ප‍්‍රතිකාර සදහා මේ වන විට  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ.

වෛද්‍ය උපදෙස්වලින් අනතුරුව මාලිංග, නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට එකතු වීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අද (2 වැනිදා) පෙරවරුවේදී පැවසීය.

”මාලිංගට ප‍්‍රතිකාර කරන  ඕස්ටේ‍්‍රලියානු වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට ඔහු කලින්ම පිටත්ව ගියා. මේ වන විට පන්දු යවනවා,  ඕස්ටේ‍්‍රලියාවෙන් ඔහු නවසීලන්තයට ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය නිලධාරීන් සමඟ දිගටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා” යයිද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.  

මාලිංග පසුගිය ඔක්තෝම්බර් මස  ඕස්ටේ‍්‍රලියාවේදී වම් පාදයේ වළලූකර ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් සති දෙකක පමණ කාලයක් අත්වාරුවෙන් ගමන් කළේය. පසුව අත්වාරුව නොමැතිව සුළු ශාරීරික ව්‍යායාමවල නිරත විය. මාලිංග මේ වන විට පුහුණුවීම්වලදී පන්දු යවමින් සිටියි.

නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියටද ලසිත් මාලිංග නම් කරන ලද නමුත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත පමණක් තරග සඳහා යොදා ගැනෙනු ඇත. කෙසේ වෙතත් තේරීම් කමිටු නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නවසීලන්ත සංචාරයේ අවසන් තරග දෙක සඳහා මාලිංග කී‍්‍රඩා කරන බවයි. මාලිංග කණ්ඩායමට එක්වූ විගසින්ම නවසීලන්ත තරගාවලිය සඳහා ලසිත් මාලිංග වෙනුවෙන් නම්කරන ලද කී‍්‍රඩකයා ශී‍්‍ර ලංකාවට කැඳවන බවත් හෙතෙම පැවසීය.

ලෝක පූජිත දකුණතින් වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග මේ වන විට එක්දින තරග 177 කදී කඩුලූ 271 ක් දවා ගැනීමට සමත්ව තිබේ.

පිතිකරුවන් අතර ඩිවිලියර්ස් මුල් තැනට

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීම අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර දෙවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ. ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රසාද ලකුණු 877 ක් හිමිකර ගමිනින් පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී.

 

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ පසුගිය වසරේ වැඩිම කඩුලූ ලාභියා වන ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් ප‍්‍රසාද ලකුණු 842 ක් ලබා ටෙස්ට් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි.  

 

දකුණු අප‍්‍රිකානු පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස්  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව මෙල්බර්න් පිටියේදී ලකුණු 92 ක් ලබාගැනීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සේචූරියන්හිදී තවත් ලකුණු 152 ක් ලබාගත්තේය. මෙම දස්කම් හේතුවෙන් ප‍්‍රසාද ලකුණු 893 ක් ලබා පළමු ස්ථානය ගැනීමට ඩිවිලියර්ස් සමත් වූ අතර ක‍්‍රයිස්චර්ච් ටෙස්්ට් තරගයේදී අසාර්ථක වීම හේතුවෙන් කුමාර් සංගක්කාර ප‍්‍රසාද ලකුණු 2 ක් පමණක් පසු පසින් සිටියි.  

 

පසුගිය අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන ප‍්‍රසාද ලකුණු 695 ක් ලබා තවමත් පිතිකරුවන් අතර 17 වැනි ස්ථානයේ පසුවෙයි.

 

දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන ක‍්‍රීඩක ඬේල් ස්ටේන් ප‍්‍රසාද ලකුණු 906 ක් හිමිකර ගනිමින් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ රැදී සිටියි.

 

 

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම

ස්ථා.  පිතිකරුවා  ප‍්‍රසාද ලකුණු
1 ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව) 893
2 කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 891
3 හසිම් අම්ලා (දකුණු අප‍්‍රිකාව) 887
4 ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) 877
5 ස්ටීව් ස්මිත් ( ඕස්ටේ‍්‍රලියාව) 853
6 ශිව්නරින් චන්ද්‍රපෝල් (බ.ඉ.කො.) 848
7 යුනිස් ඛාන් (පාකිස්තානය) 818
8 ඬේවිඞ් වෝනර් ( ඕස්ටේ‍්‍රලියාව) 815
9 ජෝ රූට් (එංගලන්තය) 789
10 මිස්බා උල් හක් (පාකිස්තානය) 777
11 රෝස් ටේලර් (නවසීලන්තය) 772
12 බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) 760
13 කේන් විලියම්සන් (නවසීලන්තය) 753
14 මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව) 740
15 විරාට් කෝලි (ඉන්දියාව) 737
16 ෆෆ් ඩූ ප්ලීසිස් (දකුණු අප‍්‍රිකාව) 710
17 මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 695
18 අසාද් ශාෆික් (පාකිස්තානය) 673
19 චෙටෙෂ්වර් පුජාරා (ඉන්දියාව) 654
20 මුරලි විජේ (ඉන්දියාව) 653

 

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම

ස්ථා.  පිතිකරුවා  ප‍්‍රසාද ලකුණු
1 ඬේන් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව) 906
2 රයන් හැරිස් ( ඕස්ටේ‍්‍රලියාව) 851
3 රංගන හේරත් (ශ්‍රී ලංකාව) 842
4 වර්නන් පිලෙන්ඩර් (දකුණු අප‍්‍රිකාව) 822
5 මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව) 812
6 ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) 806
7 ටෙ‍්‍රන්ට් බෝල්ට් (නවසීලන්තය)  805
8 ස්ටුවර්ට් බ්‍රෝඞ් (එංගලන්තය) 774
9 ටිම් සවුති (නවසීලන්තය) 767
10 කෙමර් රෝච් (බ.ඉ.කො.) 766
11 මෝනේ මොර්කල් (දකුණු අප‍්‍රිකාව) 730
12 සයිඞ් අජ්මාල් (පාකිස්තානය) 725
13 සකීබ් අල් හසන් (බංග්ලාදේශය) 673
14 ප‍්‍රාග්යන්  ඕජා (ඉන්දියාව) 670
15 රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (ඉන්දියාව) 668
16 පීටර් සිඞ්ල් ( ඕස්ටේ‍්‍රලියාව) 654
17 ජුනයිඞ් ඛාන් (පාකිස්තානය) 620
18 අබ්දූර් රෙහෙමාන් (පාකිස්තානය)  618
19 නේතන් ලයන් ( ඕස්ටේ‍්‍රලියාව) 588
20 ඉෂාන්ත් ශර්මා (ඉන්දියාව) 580

 

- 048 

ජයන්තට එරෙහිව තවත් ජයන්ත කෙනෙක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන බ්ලූමිෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ වාර්ෂික නිලවරණය අනිද්දා (03) පෙරවරු 10.00 සිට එම ක‍්‍රීඩා සමාජයේදී පැවැත්වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ ශ‍්‍රී ලංකා ”ඒ” පිලේ කළමණාකරු ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරු මෙවර නිළවරණයේදී බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජයේ සභාපති ධූරයට තරග වදිති.

 

ජයන්ත ධර්මදාස පාර්ශ්වයෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර, ලලිත් කළුපෙරුම සහ සනත් ජයසූරිය යන මහත්වරු උප සභාපති ධූර තුනක් සඳහා ද, ක‍්‍රිකට් ලේකම් ධූරයට හිටපු ප‍්‍රබල පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාද, ඉදිරිපත්ව සිටිති.

 

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ හිටපු සභාපති මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය් වර්ථමාන උප ලේකම් හිරන්ත පෙරේරා මහතා මෙවර ද සභාපති ධූරය සඳහා ඉදිරිපත්ව සිටිය ද අධිකරණ නියෝගයක් අනුව ඒ මහතාට තරග කිරීමට නොහැකි විය.

 

 

- 048

දෝනි කිරුළ බිම දමා ටෙස්ට් පිටියෙන් යන්න යයි

ඉන්දීය ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී අද (30 වැනිදා) අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු මෙම හදිසි තීරණය ප‍්‍රකාශයට පත්කර ඇත.

දෝනිගේ තීරණය වහාම කි‍්‍රයාත්මක වන්නක් වන බැවින් සිඞ්නි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විරාට් කෝලිට හිමිවී තිබේ.

සියලූම ආකෘතීන්ගේ කි‍්‍රකට් කී‍්‍රඩාවල (ටෙස්ට්, එක්දින සහ විස්සයි20) නිතරවීමේදී ඇතිවන අපහසුතාව, තම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට හේතුව ලෙස පවසන දෝනි, මෙතැන් පටන් එක්දින සහ විස්සයි20 තරග සඳහා පමණක් තම අවධානය යොමුකරන බවද කියා සිටියි.  

තමන් නායකත්වය දැරූ කාල සීමාව තුළ ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ට රැගෙන ඒමට සමත්වූ විශිෂ්ට නායකයින් අතරටද දෝනි ඇතුලත්ව සිටියි.

අනිල් කුම්බල්ගෙන් පසුව, 2008 වසරේදී, ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ දෝනි, තම ටෙස්ට් කි‍්‍රකට් දිවිය තුළ සහභාගී වී ඇති තරග 90 න් 60 කදීම ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරා තිබේ. ඉන්දීය කණ්ඩායම මෙහෙයවූ නායකයන් අතුරින් වඩාත් සාර්ථකම නායකයා ලෙස හැදින්විය හැකි දෝනි, ටෙස්ට් තරග 27 ක් ජයග‍්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබේ.

දෝනිගේ නායකත්වය යටතේ 2009 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ට පැමිණි ඉන්දීය කණ්ඩායම, 2011 වසර මැද භාගයේදී එංගලන්තය හමුවේ තරග 4-0 ක් ලෙස පරාජය වන තෙක්ම එම ස්ථානය රැකගත්තේය.

ඉකුත් මාස 12 තුළදී ඉන්දීය කණ්ඩායම, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ඉතා දුර්වල කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ අතර එහිදී ඔවුන් දකුණු අපි‍්‍රකාව හමුවේ තරග 1-0 ක්, නවසීලන්තය හමුවේ තරග 1-0 ක් සහ එංගලන්තය හමුවේ තරග 3-1 ක් ලෙස පරාජයට පත්විය.

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා විට දෝනි තරග 90 කදී ඉනිම් 144 ක් තුළ ලකුණු 4876 ක් රැස්කරගෙන සිටි අතර එහිදී ඔහු ශතක 6 ක් සහ අර්ධ ශතක 33 ක් ලබා සිටියේය. ටෙස්ට් තරග වලදී ඔහුගේ පන්දුවට පහරදීමේ සාමාන්‍යය 38.09 ක් ලෙස සටහන් වේ.

දෝනිගේ හොඳම ටෙස්ට් ඉනිම වන්නේ 2013 වසරේ  ඕසටේ‍්‍රලියාවට එරෙහිව චෙන්නායිහිදී රැස්කළ ලකුණු 224 යි.

කඩුලූ රකින්නකු ලෙස දවාගැනීම් 294 කට දායක වී ඇති දෝනි, එහිදී උඩ පන්දු 256 ක් රැගෙන ඇති අතර ස්ටම්ප් කිරීම් 38 කට දායක වී තිබේ.