වොට්සන්ගේ ශතකය වතුරේ යයි

 

තුන්ඉරියව් කී‍්‍රඩක ෂේන් වොට්සන්ගේ මංගල විස්සයි20 ශතකයේ වටිනාම  හෑල්ලූවට ලක් කරමින් සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ (අද) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගය කඩුලූ 7 කින් ජයගත් සංචාරක ඉන්දීය පිල තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 කින් නිමා කරගත්තේ එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවට කදිම උත්තේජනයක් ලබා ගනිමිනි.

 

පළමු වතාවට විස්සයි20 නායකයත්වයේ වැඩ බැලූ වොට්සන් සිය වගකීම නිවැරැුදිව ඉටු කරමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් පෑමට සමත්වුවත් ඉන්දීය පිලේ සටන්කාමිත්වය බිඳ දැමීමට එය ප‍්‍රමාණවත් වූයේ නැත.

 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම ආරම්භ කළ  ඕස්ටේ‍්‍රලියාවේ මුල් කඩුලූ 3 ක් ලකුණු 75 කදී බිඳ දැමීමට ඉන්දීය පිල සමත්වූවත් සිය විස්සයි20 තරග දිවියේ අමතක නොවන ඉනිමක් කී‍්‍රඩා කළ නායක වොට්සන් ප‍්‍රතිවාදී පන්දු යවන්නන් මෙල්ල කරමින් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරතව ඉනිම ගොඩදැමීමට සමත්විය.

 

ඔහුට අගනා සහයක් දුන් ටේ‍්‍රවිස් හෙඞ් ලකුණු 26 ක් ලබාගත් අතර නායකයා හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ද සමත්විය.
 


වගකීම කරට ගත් වොට්සන්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම  ඕවර 20 නිමාවනවිට ලකුණු 197 ක් ඉහළට ඔසවා තැබුවේ නොදැවී ලකුණු 124 ක්ම රැස් කරමිනි. පන්දු 71 කට පමණක් මුහුණදුන්  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයා සිය ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 6 කින් අලංකාර කළේය.

 

වොට්සන් සිය ශතකය කරා ගියේ ලකුණු 56 ක් ලබා සිටියදී විරාට් කෝලිට දුන් උඩපන්දුවත්, ලකුණු 72 ක් ලබා සිටියදී කඩුලූ රකින එම්.එස්.දෝනි මග හරවා ගත් දුවද්දී දැවීයාමට තිබූ අවස්ථාවෙනුත් උපරිම ඵල නෙලා ගනිමිනි.

 

අනතුරුව ලකුණු 198 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලකුණු අතරේ සිටින පිතිකරු රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් ආරම්භයේ සිටම ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ අතර මුල් කඩුල්ලට ලකුණු 46 ක් ලබාගත්තේ  ඕවර 3 කුත් පන්දු 2 කිනි.

 

පන්දු 9කට මුහුණදුන් ධවාන් වොට්සන්ගේ පන්දුවකට කඩුලූ රකින කෝඩුකාර බැන්ක්‍රොෆ්ට් වෙත උඩපන්දුවක්් දී දැවීයනවිට හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමග ලකුණු 26 ක් ලබා සිටියේය. අනතුරුව විරාට් කෝලි සමග එක්වූ ෂර්මා දෙවැනි කඩුල්ලට ලකුණු 78 ක් එක් කිරීමට සමත්විය. කැමරොන් බෝයිස්ගේ පන්දුවකට වොට්සන් වෙත උඩපන්දුවක් දී ෂර්මා ලකුණු 52 කට දැවීගියේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරන්නට යාමේදීය. පන්දු 38ක් වැයවූ ෂර්මාගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් එක්වී තිබිණි.

 

මුලූ ලකුණු සංඛ්‍යාව 124 ක්ව තිබියදී පිටියට පැමිණි සුරේෂ් රයිනා ඔහු මුහුණදුන් දෙවැනි පන්දුවේදීම ස්ටම්ප් කිරීමකින් කඩුල්ල බේරා ගත් අතර පසුව  ඕස්ටේ‍්‍රලියානු පිලේ ඉරණම විසª පිතිකරුවා බවට ද පත්විය. ෂර්මාගේ දැවීයාමෙන් පසුව වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට කෝලිට ඉඩ නොදුන් බෝයිස් කෝලිගේ ඉනිම ලකුණු 50 කින් නතර කළේ සිය දෙවැනි කඩුල්ල අත්කර ගනිමිනි.

 

කෝලිගේ ඉනිමට වැය වූයේ පන්දු 36 ක් පමණි.

 

ඉන්දීය ඉනිමේ 19 වැනි  ඕවරය එළැඹෙද්දී ජයග‍්‍රහණයට ලකුණු 22 ක් අවශ්‍ය තිබූ අතර පන්දුව අතට ගත් නායක වොට්සන් රයිනා සහ නවක පිතිකරු යුව්රාජ් සිං ඇද බැඳ තබාගත්තේ ලකුණු 5 ක් පමණක් ලබා දෙමිනි. ලකුණු 17 ක් අවශ්‍යවී තිබූ අවසන්  ඕවරය යැවීමට කැඳවූයේ 18 වැනි  ඕවරය යවමින් ලකුණු 12 ක් පමණක් ලබාදුන් ඇන්ඩෘ ටයිවය.

 

ඔහුගේ පළමු පන්දු දෙකින්ම හතරේ පහරක් සහ හයේ පහරක් ලබාගත් ගැසූ යුව්රාජ් පීඩනය ඉවතට තල්ලූ කළ අතර තුන්වැනි පන්දුව පා ආවරණයේ වැදී යද්දී එක් ලකුණකට පැති මාරු කරගත්තේ ඉතිරිය රයිනාට බාර දෙමිනි. ඉතිරි පන්දු 2කටම ලකුණු 2 බැගින් උදුරාගත් රයිනා අවසන් පන්දුව පොයින්ට් හරහා හතරේ සීමාවට යවමින් ඉන්දීය පිලට ජයග‍්‍රහණය ගෙන දුන්නේය.

 


 ඕස්ටේ‍්‍රලියාව – කඩුලූ 5කට ලකුණු 197යි. (ඕවර 20)
(ෂේන් වොට්සන් නොදැවී 124, ටේ‍්‍රවිස් හෙඞ් 26, ආශිස් නේරා 32/1, ජස්පි‍්‍රට් බුම්රා 43/1, රවිචන්ද්‍රන් අශ්වින් 36/1, රවීන්ද්‍ර ජඬේජා 41/1, යුව්රාජ් සිංහ 19/1)

 

ඉන්දියාව – කඩුලූ 3කට ලකුණු 200යි. (ඕවර 20)
(රෝහිත් ෂර්මා 52, ශිකර් ධවාන් 26, විරාට් කෝලි 50, සුරේෂ් රයිනා නොදැවී 49, යුව්රාජ් සිං නොදැවී 15, ශේන් වොට්සන් 30/1, කැමරොන් බෝයිස් 28/2)

 


- 077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>