ආසියාවේ 4 ක් සුපිරි අටට එති

බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන 11 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ආසන්නම ශූරයන් වන දකුණු අප‍්‍රිකාව ‘සුපිරි අට’ වටයෙන් ඉවතට විසිවිය.මෙම තරගාවලියට සහභාගි වන ටෙස්ට් රටක් වන නවසීලන්තයද ‘සුපිරි අට’ වටයට ඒමට අපොහොසත් වී තිබේ.

 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන ආසියානු රටවල් හතර සුපිරි අට වටයට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබේ. ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල් වන නැමීබියාව සහ නේපාලය ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ.

 

නැමීබියාව සහ බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයෙන්ද, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ‘බී’ කාණ්ඩයෙන් ද, එංගලන්තය ‘සී’ කාණ්ඩයෙන් ද, ඉන්දියාව සහ නේපාලය ‘ඞී’ කාණ්ඩයෙන් ද, මේ වන විට ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබා සිටියි.

 

බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර අනිද්දා (02) පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායමට ‘සී’ කාණ්ඩයෙන් ‘සුපිරි අට’ වටයට පැමිණීමේ අවස්ථාව හිමිවේ. මෙම රටවල් දෙක ටෙස්ට් රටවල් වීම නිසා ඒ අනුව පරාජය වන කණ්ඩායම ඉවතට විසිවන තෙවැනි ටෙස්ට් රට බවට පත්වේ.


   
එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේදී 2014 වසරේ පැවැති යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ දකුණු අප‍්‍රිකාව ඊයේ සහභාගි වූ පළමු වටයේ දෙවැනි තරගයේදී නැමීබියාව හමුවේ කඩුලූ 2 කින් පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

 

දකුණු අප‍්‍රිකානු පිල තරගාවලියේ ආරම්භ තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 43 කින් පරාජයට පත්විය. නවසීලන්ත පිල නේපාලය හමුවේ අනපේක්‍ෂිත පරාජයක් ලැබීම නිසා ‘සුපිරි අට’ වටයෙන් ඉවත් වීමට සිදුවිය.

 

පළමු වටයේ තරග මේ මස 3 වැනිදා අවසන් වන අතර අවසන් තරගවල ප‍්‍රතිඵල අනුව සියලූම කාණ්ඩවල ස්ථානය තීරණය වන අතර එංගලන්තය මේ වන විටත් තරග තුනම ජය ලබා ‘සී’ කාණ්ඩයේ පළමු ස්ථානය ස්ථිර කරගෙන තිබේ.

 

පළමු වටයේදී කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ හතරක් යටතේ තරග කළ අතර කාණ්ඩ හතරේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් 8 ට ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබයි. ඉතිරි කණ්ඩායම් 8 ට පළඟ ශූරතාව සඳහා තරග කරයි.

 

ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වන තෙවැනි සහ අවසන් තරගය 3 වැනිදා පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වේ.

 

 

ඒ කාණ්ඩය  තරග ජය  පරාජ  ශු. ලකුණු වේගය ප්‍රසාද ලකුණු 
නැම්බියා 19න් පහළ  2 2 0 +1.588 4
බංග්ලාදේශ 19න් පහළ 2 2 0 +1.570 4
ද. අප්‍රිකා 19න් පහළ 2 0 2 -0.863 0
ස්කොට්ලන්ත 19න් පහළ 2 0 2 -2.490 0
           
බී කාණ්ඩය  තරග ජය  පරාජ  ශු. ලකුණු වේගය ප්‍රසාද ලකුණු 
ශ්‍රී ලංකා 19න් පහළ 2 2 0 +2.290 4
පාකිස්තාන් 19න් පහළ 2 2 0 +1.232 4
ඇෆ්ගනිස්තාන් 19න් පහළ 2 0 2 -1.070 0
කැනඩා 19න් පහළ 2 0 2 -2.480 0
           
සී කාණ්ඩය  තරග ජය  පරාජ  ශු. ලකුණු වේගය ප්‍රසාද ලකුණු 
එංගලන්ත 19න් පහළ 3 3 0 +3.260 6
බ.ඉ.කොදෙව් 19න් පහළ 2 1 1 +2.010 2
සිම්බාබ්වේ 19න් පහළ 2 1 1 -0.160 2
ෆිජි 19න් පහළ 3 0 3 -5.150 0
           
ඩී කාණ්ඩය  තරග ජය  පරාජ  ශු. ලකුණු වේගය ප්‍රසාද ලකුණු 
ඉන්දියා 19න් පහළ 2 2 0 +1.990 4
නේපාල 19න් පහළ 2 2 0 +1.531 4
නවසීලන්ත 19න් පහළ 2 0 2 -1.520 0
අයර්ලන්ත 19න් පහළ 2 0 2 -2.098 0

 

 


- 048

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>