කළුවිතාරණ තාක්‍ෂණික කමිටුවට

බංග්ලාදේශයේදී ලබන පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තාක්‍ෂණික කමිටු සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු සහ කඩුලූ රකින ක‍්‍රීඩක රොමේෂ් කළුවිතාරණ මහතා නම්කර තිබේ.

 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිර්දේශය මත, ආසියානු ක‍්‍රිකට් සංගමය විසින් මෙම පත්කිරීම කර ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

ලෝක ශූර (1996) ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ප‍්‍රබල සාමාජිකයකු වූ කළුවිතාරණ මහතා ටෙස්ට් තරග 49 කදී සහ එක්දින තරග 189 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.

 

කළුවිතාරණ මහතා වසර පහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුගිය 03 වැනිදා නව ක‍්‍රිකට් පරිපාලනය පත්වීමෙන් පසුව ඒ මහතාගේ සේවා කොන්ත‍්‍රාත්ව දීර්ඝ නොකිරීමට තීරණය කෙරිණ.  

 


- 048

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>