ශ‍්‍රී ලංකා යෞවනයෝ ඇෆ්ඝනිස්ථානය පරදවති

බංග්ලාදේශයේදී පැවැත්වෙන 11 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල සහභාගි වූ පළමු වටයේ දෙවැනි තරගයේදී ලකුණු 33 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සෙනසුරාදා (30) සමත් විය. ශ‍්‍රී ලංකා පිල මේ වන විට පළමු වටයේ සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියි.

 

ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය අෆ්ගනිස්තාන් ඉනිම ලකුණු 151 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ.

 

කමි`දු මෙන්ඩිස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 36 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය. නායක චරිත් අසලංක (18/2) සහ දමිත් සිල්වා (33/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

 

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිලේ ගැලවුම්කරු බවට නැවතත් පත්වෙමින් නායක චරිත් අසලංක පන්දු 91 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත් විය.

 

ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරු වන සමූ අෂාන් ලකුණු 3 කට දැවී යෑමෙන් ලකුණු 184 කට සීමා වීමට සිදුවිය.

 

ලකුණු පුවරුව

 

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම


කවීන් බණ්ඩාර – ඇ. වහිදුල්ලා ප. ශාෆික්     20
අවිෂ්ක ප‍්‍රනන්දු – දුවද්දී දැවී ගියා     30
කමිඳු මෙන්ඩිස් – ක. මූ. කළා ප. ශම්සුරමන්     13
චරිත් අසලංක – ඇ. රිහමන් ප. ජනාට්    71
සමූ අෂාන් – ක. මූ. කළා ෂාහීර් ඛාන්    3
විෂාද් රන්දික – ප. ෂාහීර් ඛාන්     0
වනිඳු හසරංග – ප. ශම්සුරමන්     20
දමිත් සිල්වා – ඇ. රෂීඞ් ඛාන් ප. රෙහමන්    14
තිලාන් නිමේෂ් – දුවද්දී දැවී ගියා     2
ළහිරු කුමාර – ප. ජනාට්    2
අසිත ප‍්‍රනාන්දු – නොදැවී     1
අතිරේක    8
එකතුව  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී    184

 

කඩුලූ වැටීම:
1-48(අවිෂ්ක), 2-64(බණ්ඩාර), 3-77(මෙන්ඩිස්), 4-96(අෂාන්), 5-96(රන්දික), 6-158(හසරංග), 7-168(අසලංක), 8-174(නිමේෂ්), 9-182(කුමාර), 10-184(දමිත්)

 

පන්දු යැවීම:
මුස්ලිම් මුසා: 10-2-36-0, කරීම් ජනාට්: 8-0-37-2, ශම්සුරමන්: 10-3-19-3, ශියා උර් රෙහමන්: 7.1-0-28-1, ෂාහීර් ඛාන්: 7-0-36-2, රෂීඞ් ඛාන්: 6-1-26-0

 

 

අෆ්ගනිස්තාන් වයස 19 න් පහළ කණ්ඩායම

 

නවීඞ් ඔබයිඞ් – ප. අසිත    2
කරීම් ජනාට් – ස්ටම්ප් රන්දික ප. නිමේෂ්    40
ඉසනුල්ලාහ – ක. මූ. කළා ප. හසරංග    23
ඉක්රම් ෆයිෂි – ඇ. අවිෂ්ක ප. අසලංක    6
මුස්ලිම් මුසා – ඇ. අවිෂ්ක ප. අසලංක    6
ටාරික් – ඇ. බණ්ඩාර ප. මෙන්ඩිස්    4
රෂීඞ් ඛාන් – ඇ. දමිත් ප. මෙන්ඩිස්     6
වහිදුල්ලා ශාෆාක් – ප. දමිත්     47
ශම්සුරමන් – ඇ. බණ්ඩාර ප. මෙන්ඩිස්     4
ශියා උර් රෙහමන් – ක. මූ. කළා ප. දමිත්     0
ෂාහිර් ඛාන් – නොදැවී     0
අතිරේක    13
එකතුව  ඕවර 44.5 කදී සියලූ දෙනා දැවී     151

 

කඩුලූ වැටීම:
1-15(ඔබයිඞ්), 2-51(ඉසනුල්ලාහ), 3-66(ෆයිෂි), 4-74(මුසා), 5-80(ටාරික්), 6-91(රෂීඞ් ඛාන්), 7-116(ජනාට්), 8-128(ශම්සුරමන්), 9-132(රෙහමන්), 10-151(ශාෆාක්)

 

පන්දු යැවීම:
අසිත ප‍්‍රනාන්දු: 4-1-11-1, තිලාන් නිමේෂ්: 8-2-22-1, දමිත් සිල්වා: 8.5-2-33-2, වනිඳ හසරංග: 10-1-27-1, චරිත් අසලංක: 6-1-18-2, කමිඳු මෙන්ඩිස්: 8-0-36-3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූපය – අන්තර් ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි


- 048

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>