අසේල ගුණරත්න කුරුණෑගලට ජය ගෙනෙයි

අන්තර් පළාත් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායම පරදවා ලකුණු 31 කින් ජයගැනීමට කුරුණෑගල කණ්ඩායම අද (30 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


මුලින්ම පන්දුවට පහරදුන් කුරුණෑගල කණ්ඩායම ලකුණු 141 ක් ලබාගත්තේය. දකුණතින් පන්දුයවන ක‍්‍රීඩක ශමින්ද එරංග  ඕවර 4 කදී ලකුණු 18 කට කඩුලූ 4 ක් බිද හෙළු අතර මිලින්ද සිරිවර්ධන  ඕවර 2 කදී ලකුණු 27 කට කඩුලූ 3 ක් බිද හෙළීය.


 ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ලකුණු 110 කට සීමාකිරීමට කුරුණෑගල පන්දුයවන්නෝ සමත්වූහ. දකුණතින් මදවේග පන්දුයවන අසේල ගුණරත්න විශිෂ්ඨ පන්දුයැවීමක නිරතවෙමින්  ඕවර 3 කදී ලකුණූ 10 කට කඩුලූ 5 ක් බිද හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

කුරුණෑගල කණ්ඩායම  ඕවර 20 කදී සියලූදෙනා දැවී ලකුණු 141
(උපුල් තරංග 28, චාමර කපුගෙදර 34, ශමින්ද එරංග 18/4, මිලින්ද සිරිවර්ධන 27/3)

 

කොළඹ කණ්ඩායම –  ඕවර 16.3 කදී සියලූදෙනා දැවී ලකුණු 110
(ධනංජය ද සිල්වා 26, මිලින්ද සිරිවර්ධන 22, අසේල ගුණරත්න 10/5, ජනිත් ද සිල්වා 20/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>