ගාල්ලට කඩුලූ 3 ක ජයක්

අන්තර් පළාත් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී නුවර කණ්ඩායම පරදවා කඩුලූ 3 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම අද (30 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

මුලින්ම පන්දුවට පහරදුන් නුවර කණ්ඩායම ලකුණු 178 ක් ලබාගත්තේය. ළහිරු තිරිමාන්න පන්දු 45 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 61 ක් ලබාගත් අතර ජීවන් මෙන්ඩිස් පන්දු 14 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 40 ලබාගැනීමට සමත්විය. සුරාජ් රන්දීව් (27/2), දිල්හාර ලොකුහෙට්ටිගේ (32/2) සහ අජන්ත මෙන්ඩිස් (38/2) කඩුලූ 2 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.

 

 ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම  ඕවර 19 කඩුලූ 7 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. ඩිල්ශාන් මුණවීර පන්දු 13 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 33 ක් සහ ළහිරු මිලන්ත පන්දු 24 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41 ලබාගැනීමට සමත්වූහ. සචිත‍්‍ර සේනානායක (27/2) සහ ජීවන් මෙන්ඩිස් (28/2) කඩුලූ 2 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.

 

පළවන කඩුල්ල සදහා පන්දු 27 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ළහිරු මිලන්ත සහ ඩිල්ශාන් මුණවීර සමත්වූහ.

 


නුවර කණ්ඩායම  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 178
(ළහිරු තිරිමාන්න 61, ජීවන් මෙන්ඩිස් නොදැවී 40, මිනෝද් භානුක 21, සුරාජ් රන්දීව් 27/2, දිල්හාර ලොකුහෙට්ටිගේ 32/2, අජන්ත මෙන්ඩිස් 38/2)

 

ගාල්ල කණ්ඩායම – ඕවර 19 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 181
(ළහිරු මිලන්ත 41, දිනේශ් චන්දිමාල් 34, ඩිල්ශාන් මුණවීර 33, දිල්හාර ලොකුහෙට්ටිගේ නොදැවී 24, සචිත‍්‍ර සේනානායක 27/2, ජීවන් මෙන්ඩිස් 28/2)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>