සංගා – මුරලි ඇරබියන්ස් පිලට ජය ගෙනෙති

ප‍්‍රවීනයන්ගේ විස්සයි20 කි‍්‍රකට් ලීගයේ පළමු තරගය ලෙස ලිබ්රා ලයන්ස් කණ්ඩායම සහ ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම අතර ඊයේ (28 වැනිදා) ඩුබායිහිදී පැවැති තරගයෙන් ලකුණු 78 ක පහසු ජයක් අත්කර ගැනීමට ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම සමත් විය.

 

පළමුවෙන් පන්දුවට පහරදුන් ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රවේගකාරී පිහිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 43 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 86 ක් රැස්කළේය.

 

රිචඞ් ලෙවී (62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, බ‍්‍රැඞ් හොජ් (නොදැවී 46) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඇරබියන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

 

පන්දු 43 කදී වාර්තා වූ රිචඞ් ලෙවීගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 19 කදී වාර්තා වූ බ‍්‍රැඞ් හොජ්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය ලිබ්රා ලයන්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 156 ක් පමණි. ලයන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රයන් ටෙන්ඩස්කාට පන්දු 37 කදී ලකුණු 53 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුත්තයියා මුරලිදරන්  ඕවර 4 ක් යවා ලකුණු 27 කට කඩුලූ 2 ක් බිඳ දැමීය. ඔහුට අගනා සහයක් දුන් කයිල් මිල්ස් සහ නවීඞ් උල් හසන්ද කඩුලූ 2 බැගින් දවාගත්හ.

 

ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 234
(විරේන්ද්‍ර ෂෙවැග් 21, රිචඞ් ලෙවී 62, කුමාර් සංගක්කාර 86, බ‍්‍රැඞ් හොජ් නොදැවී 46)

 

ලිබ්රා ලයන්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 156
(මයිකල් ලම්බ් 17, ජැක් කලිස් 14, රයන් ටෙන්ඩස්කාට 53, ෂේන් එර්වින් 22, ටිම් ඇම්බ්‍රෝස් 30, මුත්තයියා මුරලිදරන් 27/2, කයිල් මිල්ස් 27/2, නවීඞ් උල් හසන් 29/2)

 


- 036

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>