ඉන්දියානුවෝ වි:20 තරගාවලිය දිනති

 

ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ ආරම්භයේ සිටම තරගයෙන් තරගයට පරාජයට පත්ව දැඩි විවේචනයට ලක්වූ ඉන්දීය කි‍්‍රකට් පිල අද සත්කාරක කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් නුවර පැවැති දෙවැනි විස්සයි20 තරගයත් ලකුණු 27 කින් ජයගනිමින් තරග 3 කින් සමන්විත තරගාවලියේ ජය 2-0 කින් හිමිකරගත්තේ සියලූ විවේචනවලට කදිම පිළිතුරක් දෙමිනි.

 

මේ ජයග‍්‍රහණය ඉන්දීය කඳවුරේ අපමණ සතුටට හේතුවක් වී ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව අත ළඟ තිබියදී නැවත ජයග‍්‍රාහී මාවත සොයා ගැනීමට හැකිවූ බැවිනි.

 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම ඉන්දීය පිලට බාර කළ  ඕස්ටේ‍්‍රලියානුවන්ට සරදම් කළ ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වන රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් ඕවර 11 කදි ලකුණු 97 කින් ඉනිම ශක්තිමත් කළහ.

 

දෙපිල අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී කඩුලූ දවාගැනීමට අසමත්වූ වේගපන්දු යවන ෂෝන් ටේට් අද කණ්ඩායමට ඇතුළත් නොවූ බැවින් වැඩි බරක් කරට ගැනීමට සිදුවූයේ ශේන් වොට්සන්ට සහ ජෝන් හේස්ටින්ස්ටය.

 

එහෙත් ප‍්‍රවේගකාරී ආරම්භයක් ලබාදුන් ෂර්මා සහ ධවාන් මෙල්ල කිරීමට දෙදෙනාම අසමත්වූ අතර පළමු ඕවර 5 නිමාවෙද්දී ලකුණු 44 කින් ඉනිම ඉහළට ඔසවා තැබීමට ඉන්දීය ආරම්භක පිතිකරුවෝ සමත්වූහ.

 

ග්ලෙන් මැක්ස්වෙල් යැවූ 11 වැනි  ඕවරයේ අවසන් පන්දුවට රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට ගිය ධවාන් කි‍්‍රස් ලීන් අතට උඩපන්දුවක් දී දැවී ගියේ පන්දු 32 කට මුහුණදෙමින් ලකුණු 42 ක් රැස් කිරීමෙන් පසුවය. එහෙත් ඊළඟට පිටියට පිවිසි ලකුණු අතරේ සිටින ප‍්‍රබලතම පිතිකරු විරාට් කෝලිගෙන් නම්  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ට කිසිදු බුරුලක් ලැබුණේම නැත.

 

ඔහු ඊළඟ  ඕවර පහේ දී ෂර්මා හා එක්ව ලකුණු 46 ක් මුලූ ලකුණු සංඛ්‍යාවට එකතු කිරීමට සමත්විය. 16 වැනි ඕවරයේ අවසන් පන්දුව දක්වාම කල්පනාකාරීව ලකුණු රැස් කළ ෂර්මා ඒ පන්දුවට දැවීගියේ දෙවැනි ලකුණ කරා දුවද්දීය. ඒ වනවිට පන්දු 47 කට මුහුණ දී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමග ලකුණු 60 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.

 

ඉන් පසුව නායක මහේන්ද්‍ර සිං දෝනි සමග එක්වූ කෝලි ඉන්දිය ඉනිම කඩුලූ 3 කට ලකුණු 184 දක්වා ඉහළට ඔසවා තැබුවේ නොදැවී ලකුණු 59 ක් ලබා ගනිමිනි.

 

පන්දු 33 කට පමණක් මුහුණදුන් කෝලි හතරේ පහර 7 ක් සහ හයේ පහරක් එල්ල කළේය. ඔහු සමග එක්ව ඕවර 3 කුත් පන්දු 4 කදී තුන්වැනි කඩුල්ලට ලකුණු 38 ක් රැස් කළ නායක දෝනි ලකුණු 14 ක් ලබා සිටියදී දැවී ගියේ ඇන්ඩෘ ටයි යැවූ ඉන්දීය ඉනිමේ අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදීය.

 

ඉන්දීය පිල ලබාදුන් ඉලක්කය හඹායාමට පටන් ගත්  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ඒරන් ෆින්ච් සහ ෂෝන් මාෂ් ඉන්දීය ආරම්භක පිතිකරුවන්ට නොදෙවැනි පිතිහරඹයක නිරතවෙමින්  ඕවර 9 කුත් පන්දු 5 කදී මුල් කඩුල්ලට ලකුණු 94 ක් රැස් කිරීමට  සමත්වීම කැපී පෙනුණි. එහෙත් රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ මාෂ් ලකුණු 23 කට දැවී යාමෙන් පසුව සිය නායකයාට සහයක් ලබාදීමට කිසිදු පිතිකරුවකු සමත් වූයේ නැත.

 

වැඩි බලාපොරොත්තු තබා සිටි මැදපෙළ ප‍්‍රහාරකයා වන ග්ලෙන් මැක්ස්වෙල් එක් ලකුණක් ලබා සිටියදී යුව්රාජ් සිංගේ පන්දුවකට ස්ටම්ප් කිරීමට හසුකර ගත් නායක දෝනි අන්තර්ජාතික තරගබිමේ වැඩිම ස්ටම්ප් සංඛ්‍යාවක් ලබාගනිමින් කුමාර් සංගක්කාර තැබූ ස්ටම්ප් 139 ක වාර්තාව සම කළේය. අනතුරුව රවීන්ද්‍ර ජඬේජා යැවූ 17 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් ජේම්ස් ෆෝල්ක්නර් ස්ටම්ප් කිරීමට හසුකර ගත් දෝනි සංගක්කාරගේ ස්ටම්ප් වාර්තාව බිඳ දැමුවේය.

 

ඊට පෙර 16 වැනි  ඕවරයේ දී  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් නායක ෆින්ච් දුවද්දී දැවී ගියේ ලකුණු 74 කටය. ඔහුගේ ඉනිමට වැයවූයේ පන්දු 48 ක් පමණි. හතරේ පහර 8 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වූ ෆින්ච් නැවත කී‍්‍රඩාගාරයට යාමෙන් පසුව සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට එක්වූයේ ලකුණු 33 ක් පමණි.

 

සිය ඉනිම අතරතුර වැඩි කාලයක් කලවේ නහරයක ඇතිවූ ආබාධයක් නිසා පීඩාවට පත්ව සිටි ෆින්ච් දැවීයාමට ආසන්නතම හේතුව වූයේද එයයි. අවසන්  ඕවරය යැවූ ජස්පි‍්‍රට් බුම්රා එම  ඕවරයේ දී කඩුලූ 2 ක්ම බිඳ දැමූ අතර  ඕවර 20 අවසන් වෙද්දී  ඕස්ටේ‍්‍රලියාවට රැස් කිරීමට හැකිවූයේ කඩුලූ 8 කට ලකුණු 157 ක් පමණි.

 

වසර 2009 විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවෙන් පසුව මෙතෙක් ලකුණු 160 ට ඉහළින් ඉලක්කයක් හඹා යාමට අසමත්ව සිටින  ඕස්ටේ‍්‍රලියාව නැවත වරක් එය අලූත් කරගත්තේ එලෙසිනි.

 


ඉන්දියාව –  ඕවර 20කදී කඩුලූ 3කට ලකුණු 184
(රෝහිත් ෂර්මා 60, ශිකර් ධවාන් 42, විරාට් කෝලි නොදැවී 59, ඇන්ඩෘ ටයි 28/1, ග්ලෙන් මැක්ස්වෙල් 17/1)

 

 ඕස්ටේ‍්‍රලියාව –  ඕවර 20කදී කඩුලූ 8ක් දැවී ලකුණු 157
(ඒරන් ෆින්ච් 74, ෂෝන් මාෂ් 23, ශේන් වොට්සන් 15, මැතිව් වේඞ් නොදැවී 16, ජස්පි‍්‍රට් බුම්රා 37/2, රවීන්ද්‍ර ජඬේජා 32/2)

 


- 077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>