අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් අනතුරු ඇඟවීමක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙනුවෙන්, අතුරු කමිටුවක් පත්කරීම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවට පටහැණි බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදීත් කතාබහට ලක්වී තිබේ.

 

මෙම වාර්ෂික සහ සභා රැස්වීම පසුගිය සතියේදී බටහිර ඉන්දීය කොදෙව් දුපත් සමූහයට අයත් බාර්බඩෝස්හිදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධානී එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ ප‍්‍රධානත්වයේ පැවැත්විණ.

 

මෙම අතුරු කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වන ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ඇමතිවරයාගෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව කරන ඉල්ලීම වන්නේ එහි මීළඟ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන හෙයින් ඊට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් නිදහස් හා සාධාරණ නිලවරණයක් පවත්වන ලෙයසි.

එසේ නොවුණහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනීමේ අවස්ථාව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සතු බවද අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික රැස්වීම සඳහා බංග්ලාදේශ නියෝජිතයා හැර එහි පූර්ණ සාමාජිකයෝ සියලූ දෙනාම සහභාගි වූහ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාද මෙම රැස්වීමට සහභාගි වූ නමුත් ඔහු එම රැස්වීමට සහභාගි වූයේ නිරීක්‍ෂකයකු වශයෙනි.

මීට පෙර ඩුබායිහිදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීමකදී ශී‍්‍ර ලංකා නියෝජිතයා සාමාජිකයකු වශයෙන් පිළිගැනීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අකමැති වූ හෙයින් ඔහුට නිරීක්‍ෂකයකුගේ තත්ත්වය පිරිනමා තිබිණ. එහෙත් එම අවස්ථාවේදී ඊට සහභාගි වූ නුස්කි මොහොමඞ් මහතා එම රැස්වීමට සහභාගි වීමෙන් වැළකී සිටියේය.

යම් හෙයකින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය ලබන ඔක්තෝබර් මාසයට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් ඉල්ලා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය බලාපොරොත්තු වන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටු නිලධාරියෙක් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>