සමුගැනීමත් සරේ ගිවිසුමත් සම්බන්ධ නෑ – සංගා

 

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කළ ටෙස්ට් තරග 132 කදී ද්විත්ව ශතක 11 ක් සමගින් ශතක 36 ක්ද ඇතුළුව ලකුණු 12,305 ක් ලබාගත් කුමාර් සංගක්කාර තවත් ටෙස්ට් තරග දෙකකට පමණක් කී‍්‍රඩා කිරීමෙන් පසුව ටෙස්ට් පිටිය හැරයාමට තීරණය කර තිබේ. මාස කිහිපයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් පැවැති නානා අනුමාන නිමා කරමින් සෙනසුරාදා සවස කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගි විය.


සංගක්කාර කටහඬ අවදි කළේ මේ ආකාරයෙනි.
”ඔබ සියලූ දෙනා ඇමතීමට මා අදහස් කළේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තරග දෙකකින් පසුව අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමට මා තීරණය කර තිබෙන නිසායි. මේක හිටපු තේරීම්  කමිටු නිලධාරීන් සමග කතා කරලා මා ඇතිකරගත්ත එක`ගතාවක්”


”මා මුලින්ම අදහස් කළේ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අන්තර්ජාතික තරග බිමෙන් ඉවත්ව යන්නයි. ඒත් හිටපු තේරීම් කමිටටු නිලධාරීන් සමග (සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුව* මා කළ සාකච්ඡා වලදී මෙම තරගාවලි දෙක වෙනුවෙනුත් කී‍්‍රඩා කරන්නට මා එකඟ වුණා”


”ඒත් ඒ වෙලාවෙම මා කියපු දෙයක් තමයි මම ටෙස්ට් තරග 6 ම කී‍්‍රඩා කරන්නේ නෑ. තරග 4 කට කී‍්‍රඩා කරන්නම් කියන එක. ඒකට කැමති නම් මම මගේ කණ්ඩායම වෙනුවෙන් 100 % ක්ම කැපවීමෙන් කී‍්‍රඩා කරන්න මට පුළුවන් කියාත් මා ඔවුන්ට කීවා. ඔවුන් ඒ අදහසට එකඟ වුණාම මගේ ටෙස්ට් තරග දිවිය තවත් මාස කිහිපයකට දීර්ඝ කරන්න මා එක`ග වුණා” යයිද සංගක්කාර පැවසීය.
”ඒ නිසා මා මගේ වචනය ස්ථිර කරමින් ටෙස්ට් තරග 4 ක් කී‍්‍රඩා කරනවා. ඒත් ඉන්දියානු පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පස්සේ මා ඉවත්ව යනවා” යයිද සංගක්කාර වැඩිදුරටත් පැවසීය.


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට්  තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා කී‍්‍රඩාව නතර කිරීමෙන් පසුව මාධ්‍ය නියෝජිතයන් විසින් විමසන ප‍්‍රශ්න වලට සංගක්කාර දුන් පිළිතුරු මෙසේ සටහන් වේ.

ප‍්‍රශ්නය :


මහ මැතිවරණය නිසා ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දින වකවානු වෙනස් වන්නට ඉඩ තිබෙනවා. එහෙම වුණොත් ඔබ සමුගන්නේ කොතැතනදීද ?


පිළිතුර :


මා කිව්වේ ටෙස්ට් තරග දෙකක් කියායි. තරගාවලියේ දින වකවානු දැනටමත් එක වතාවක් වෙනස් වෙලා තියෙනවා. ඒත් මා හිතන්නේ නෑ ඒක නැවත වරක් කල්යයි කියලා. කොහොම වුණත් මේ සාකච්ඡුා ඇතිවුණේ අපි නවසීලන්තයට යන්න ටික දවසකට කලින්. මා ඒ එක`ගතාව ඉෂ්ඨ කළ යුතුයි.
ඒක ඉතාම විවෘතව වගේම අවංකව පැවැති සාකච්ඡුාවක්. ඒ ගැන මගේ වචනය දුන්නා. ඉතින් මා එය ඉටුකළ යුතුයි.


ප‍්‍රශ්නය :


ඔබේ අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ සරවමුත්තු කී‍්‍රඩාංගණයේදීද ?


පිළිතුර :


ඒ ගැන මට හරියටම කියන්න බෑ. ඒත් මගේ අවසන් ටෙස්ට් තරගය කොතැනකදී පැවැත්විය යුතුද කියා තෝරා ගැනීමක් කරන්න මට පුළුවන් නම් මා ඒ ගැන දහස් වාරයක් සතුටු වෙනවා. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමේ. තරගය තියෙන තැනදී මට කී‍්‍රඩා කරන්න වෙනවා. අපි හොඳ තරගාවලියක් ගැන බලාපොරොත්තු තියා ගනිමු. ඒක ජයගන්න පුුළුවන් කියලත් හිතමු.


ප‍්‍රශ්නය :


මහනුවරදී අවසන් ටෙස්ට් තරගය කී‍්‍රඩා කිරීමට නොලැබීම ගැන කණගාටුවක් නැද්ද ?


පිළිතුර :


මහනුවර කියන්නේ මගේ ගම. මා හැදී වැඩුණේ මහනුවරදී. ඒත් මුත්තයියා මුරලිදරන් එයාගේ අවසන් ටෙස්ට් තරගය ගාල්ලේදී කී‍්‍රඩා කරනවාත් මා බලාගෙන හිටියා. මුරලිත් මහනුවරම කෙනෙක් තමා. අපි දෙන්නාම හැදී වැඩුණේ එහිදී. ඒත් මුරලිට වුණත් මහනුවරදී සමුගන්න ලැබුණා නම් හොඳයි කියා හිතෙන්න ඇති. මා ගොඩාක් දේවල් ලබන්න වාසනාවන්ත වී සිටිනවා. ඒත් අපට හැමදේම ලබාගන්න වාසනාව නොතිබෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අපට සිදුවෙන්නේ ලැබෙන දේ අරගෙන අපට කළ හැකි හොඳම දේ කරන්නයි.
මට මගේ අවසන් ටෙස්ට් තරගය මහනුවරදී කී‍්‍රඩා කරන්න නොලැබෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. මට කණගාටුවක් තියේවි තමා. ඒත් මට හැම දෙයක්ම ඉල්ලන්න බෑ. මේ වගේ දේවල් කී‍්‍රඩකයන්ට වෙනවා.


ප‍්‍රශ්නය :


අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී (සංගක්කාරගේ පාසල වන මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයිය කි‍්‍රකට් කී‍්‍රඩාංගණය* ටෙස්ට් තරගය පැවැත්වුණා නම් ?
පිළිතුර
එහෙනම් නියමයි. මා කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් හැදී වැඩුණේ එතැන තමා. ඒත් අස්ගිරිය කී‍්‍රඩාංගණයෙන් ටෙස්ට් තරග ඉවතට ගිය හැටි මට මතකයි. ඒ වෙලාවේ කී‍්‍රඩකයකු හැටියටත්, පාසලේ කෙනෙක් හැටියටත් මට කණගාටුවක් දැනුණා. ඒත් ටෙස්ට් තරගයක් වෙනුවෙන් තිබිය යුතු පහසුකම් මොනවාද, තණතීරුවේ තත්ත්වය කෙබඳු විය යුතුද කියන එක ගැන මට වැටහීමක් තියෙනවා


ප‍්‍රශ්නය :


ඔබේ සම්පූර්ණ ටෙස්ට් දිවිය ගැන කෙටියෙන් විස්තර කරන්න පුළුවන්ද ?


පිළිතුර :


මා ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කළ සමයේදී එයින් උපරිම වින්දනයක් ලැබුවා. මගේ පවුලේ අය සහ මගේ මිතුරන් සමග එක්වීම හැරෙන්නට මට තියෙන විශාලතම අභිමානය එයයි. මා හැදී වැඩුණේ ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් කී‍්‍රඩකයන් කී‍්‍රඩා කළ ආකාරය දිහා බලාගෙන. පස්සේ මා ඒ අය අතරේම,  කෙනෙක් වුණා.


මා සෑම ආකාරයකම කි‍්‍රකට් කී‍්‍රඩාව කර තිබෙනවා. ඒත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සුදු ඇඳුම් ඇඳ (ටෙස්ට් තරග සඳහා* කී‍්‍රඩා කිරීමට ලැබීම සුවිශේෂී ගෞරවයක්. ඒ කාලයේදී මා ඉතාමත් සතුටු වූ අවස්ථා වගේම මගේ බලාපොරොත්තු කඩවූ අවස්ථාත් තිබෙනවා. ඒත් අවසානයේදී මා කී‍්‍රඩාවෙන් ඉවත් යන්නේ බලාපොරොත්තු කඩවූ අවස්ථාවන්ට වඩා සතුටු වූ අවස්ථා ගණන වැඩියයි කියලා හිතාගෙනයි.
මට දිගින් දිගටම කී‍්‍රඩා කරන්න ලැබුණා නම් හොඳයි. ඒත් කාලය ආවාම අපි කවුරුත් යා යුතුයි.


ප‍්‍රශ්නය :


කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ඔබේ සුන්දරම මොහොත කුමක්ද ?
පිළිතුර :
ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් තියෙන්නේ වෙනස් ආකාරයේ ආකල්පයි. ඒක අපේ කණ්ඩායම, අපේ ආධාරකරුවන් වගේම මාධ්‍ය සම්බන්ධයෙනුත් වෙනස් වෙනවා. ඔවුන් වඩාත් සතුටු වන්නේ ශී‍්‍ර ලංකාවෙන් පිටතදී, වඩාත් අසීරු තත්ත්වයන් යටතේ ජයග‍්‍රහණය කිරීමත් ලකුණු රැුස්කිරීමත් වගේ දේවල්. මා ලබාගත් සෑම ශතකයක් සම්බන්ධයෙන්ම මා සතුටු වන නමුත් ශී‍්‍ර ලංකාවෙන් පිටතදී ලබාගත් ශතක සම්බන්ධයෙන් වැඩියෙන් වැඩි සතුටක් තියෙනවාද කියන්න නම් මා දන්නේ නෑ. ඒත් කී‍්‍රඩකයන් වශයෙන් බැලූවත් මවුබිමෙන් පිටතදී වඩාත් හොඳ දස්කම් දැක්වීම අපටත් සතුටක්. ඒක අපේ හිත්වල හැමදාමත් තියෙන දෙයක්.


ප‍්‍රශ්නය :


ඔබේ නික්මයාමෙන් පසුව ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව ඔබ දකින්නේ කෙසේද?


පිළිතුර :


බලන්න අපේ කී‍්‍රඩකයන්ගේ කාමරය දිහා. මා හැරුණාම රංගන හේරත් එහි ඉන්නවා. වයස 30 ඉක්මවූ තවත් කී‍්‍රඩකයෙක් එහි ඉන්නවා. අනෙක් අය තරුණ කී‍්‍රඩකයෝ. ඔවුන් බොහෝ දස්කම් කරපින්නාගත් අය.
ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් එතැන ඉන්නවා. ඔහු ඉතාමත් විශිෂ්ට නායකයෙක්. මේ කණ්ඩායම අනාගතයට අරගෙන යන්න ඉන්න හොඳම කෙනා ඔහු තමා. ඔවුන් අතරේ බිය නැතිව, සුබවාදී ලෙසින් ඉදිරියට යාමේ තත්ත්වයක් නිර්මාණය වේවි කියා මා විශ්වාස කරනවා. කොහොම වුණත් ඔවුන්ට කිසියම් කාලයක් දිය යුතුයි. ඔවුන් පරිණත වන තුරු අපි ඉවසාගෙන සිටිය යුතුයි.කණ්ඩායමක් ගොඩනැඟීමේදී ඒකට කාලය අවශ්‍ය වෙනවා. ඒ්ත් ඒ වෙනුවෙන් කරනු ලබන ආයෝජනය ප‍්‍රතිඵලදායක විය යුතුයි. ඔවුන්ට මාස 10 ක් නැත්නම් අවුරුද්දක් විතර කාලය දෙන්න. ඔවුන් හොඳ ගමනක් යාවි.


ප‍්‍රශ්නය :


ඔබ එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත පිල සමග තවත් වසර කිහිපයක් කී‍්‍රඩා කරනවාද ?


පිළිතුර :


මට ඒ තරම් කාලයක් කී‍්‍රඩා කරන්න පුළුවන් නම් මා ඒ කාලය ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කී‍්‍රඩා කරනවා. මා ඔවුන් සමග අත්සන් කර ඇත්තේ වසර දෙකක ගිවිසුමක් පමණයි. ඒත් මේ තරගාවලි දෙකේදී ටෙස්ට් තරග දෙකක් බැගින් කී‍්‍රඩා කිරීමට මා එක`ගවීමත්, සරේ ප‍්‍රාන්ත පිල සමග ඇතිකරගත් ගිවිසුමත් අතර කිසිම සම්බන්ධයක් නෑ.


ඇරත්  ඕනෑම ප‍්‍රාන්තයක කි‍්‍රකට් නිලධාරීන් දන්නවා ජාතික වගකීම අංක 1 බව. ‘මට තවදුරටත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කරන්න  ඕනේ..ඒ නිසා මා ඉතිරි තරග වලට එන්නේ නෑ’ කියා මම දැන් ගිහින් කිව්වුත් කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.  ඕනෑම කී‍්‍රඩකයකුට ජාතික වගකීම ප‍්‍රධානයි. මා වසර දෙකක ගිවිසුමක් අත්සන් කළේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කරන්න අවශ්‍ය අවස්ථාවලදී එන්න යන්න අවකාශ තියාගෙනයි. ඒත් ඊළ`ග අවුරුද්දේ කරන්නේ මොනවද කියා බලන්න මා එයින් එක අවුරුද්දක් ඉවර කරන්න  ඕනෑ.


ප‍්‍රශ්නය :


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද ?


පිළිතුර :


මා හිතන්නේ නෑ මට සම්පූර්ණයෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩාව හැර යන්න පුළුවන් කියා. මා තවත් වසරක් දෙකක් කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න පුළුවන්. ඒත් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා නොකිරීමේ අඩුව මට දැනේවි. ඒ කොහොම වුණත් ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කරනකොට තියෙන අධික පීඩනය නම් තියෙන එකක් නෑ. ඒ නිසා තරමක සහනයක් දැනේවි.

 

ඡායාරූපය : ශාන්ත රත්නායක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>