ශී‍්‍ර ලංකාවට ලකුණු 153 ක අභියෝගයක්

 

ශතකයක් ලබාගත් අසාර් අලි (117) සහ අහමඞ් ශෙෂාඞ් (69) දෙදෙනාගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා ඉදිරියට පැමිණි පාකිස්තානුවෝ කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ලකුණු 153 ක් රැස්කරන ලෙස ශී‍්‍ර ලංකා පිලට අභියෝග කළහ. සිය දෙවැනි ඉනිමේදී තරමක් දුරට සාර්ථක වූ පාකිස්තානුවෝ තරගයේ සිවුවැනි දිනය වන අද (28 වැනිදා) තේ පානය සඳහා කී‍්‍රඩාව නතර කිරීමට පෙර සියලූ දෙනා දැවී ලකුණු 329 ක් ලබාගත්හ.

 

පාකිස්තානු පිල දැවී යාමත් සමගම ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කිරීමෙන් පසුව නැවතත් තරගය ආරම්භ කළ නොහැකි විය. අද දිනයේ කී‍්‍රඩාව එතැනින් අවසන් වන බව තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා පස්වරු 4.00 ට නිවේදනය කළේය.


දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පාකිස්තානු කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 244 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුලූ 6 ක් ඔවුන් අතැතිව තිබිණ. දිවා ආහාරයෙන් පසුව මිස්බා උල් හක් සහ අසාඞ් ෂෆීක් දෙදෙනාම දැවී ගියත් අසාර් අලි සහ සර්ෆ‍්‍රාස් අහමඞ් එක්ව හයවැනි කඩුල්ලේ සම්බන්ධතාව දීර්ඝ කරමින් උන්හ.

 


මුුලූ ලකුණු සංඛ්‍යාව 301 දක්වා ඉහළ දමා තිබියදී දිනේෂ් චන්දිමාල්ගේ උඩපන්දුවත් සමගින් සර්ෆ‍්‍රාස් අහමඞ් පිටියෙන් ඉවත් වූයේ කඩාවැටීමක ආරම්භය සනිටුහන් කරමිනි. එතැන් සිට පාකිස්තානු ඉනිම නිමා වීමට ගතවූයේ  ඕවර 10 ක් පමණි. පාකිස්තානු පිලේ අවසන් කඩුලූ පහම ලකුණු 28 කට ඇද වැටිණ.

 


ශී‍්‍ර ලංකාවේ මුල් ඉනිමේ වාසිය වූ ලකුණු 177 ට වඩා ලකුණු 6 ක් පසුපසින් සිටිමින් අද පෙරවරුවේදී කී‍්‍රඩාව ආරම්භ කළ පාකිස්තානු පිලේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් එක් කිරීමට අසාර් අලි සහ යුනිස් ඛාන් සමත් වූහ. තමාගේ 100 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන යුනිස් ඛාන් ලකුණු 24 ක් ලබා සිටියදී ධම්මික ප‍්‍රසාද්ගේ පන්දුවකින් කඩුලූ රකින්නාට උඩපන්දුවක් දුන්නේ යයි ප‍්‍රබල ඉල්ලීමක් කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ එය තුන්වැනි විනිසුරුවරයාටත් යොමු කළ නමුත් තව දුරටත් පිටියේ රැුඳී සිටීමට පාකිස්තානු පිලේ හිටපු නායකයාට හැකි විය.

 

ඉනිමේ 80 වැනි  ඕවරය නිමා වීමත් සමගම දෙවැනි නව පන්දුව ඉල්ලා ගත් නායක ඇන්ජලෝ මැතිව්ස් එයින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත්තේ පන්දුව යුනිස් ඛාන්ගේ පිත්තේ වැදී දිනේෂ් චන්දිමාල් වෙත ඇදී යාමට සලස්වමිනි.

 

වසර 33 ක් පුරා දිවෙන ශී‍්‍ර ලංකා ටෙස්ට් ඉතිහාසයේදී කඩුලූ රකින්නකු විසින් ඉනිමකදී ලබාගත් වැඩිම දවාගැනීම් සංඛ්‍යාව වන දවාගැනීම් 6 වාර්තාව දිනේෂ් චන්දිමාල් විසින් සමකරන ලදි. එහි සම හිමිකරුවා වන අමල් සිල්වා 1985 දී ඉන්දියාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිමකදී පිතිකරුවන් හය දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට සම්මාදම් වී තිබිණ.
දිනය පුරාම මන්දාරම් අහසක් පැවැති නමුත් පන්දුව දෝලනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට එයින් එතරම් සහයෝගයක් නොලැබිණ. ධම්මික ප‍්‍රසාද් බලවත් උත්සාහයක නිරත වූවද දුෂ්මන්ත චමීර අද පෙරවරුවේ යැවූයේ  ඕවර 3 ක් පමණි.


වම් ඇලපතේ මස්පිඬුවක් ඇදීම නිසා උදෑසන සිටම ප‍්‍රතිකාර ලබමින් සිටි චමීර දිවා ආහාරයෙන් පසුව  ඕවර 7.2 ක් යවමින් ලකුණු 17 කට කඩුලූ 3 ක් දවාගනිමින් තරගයේ ගමන් මග වෙනස් කළේය. මෙය චමීරගේ මංගල ටෙස්ට් තරගය වන අතර නිසි ශාරීරික යෝග්‍යතාව රඳවා ගන්නේ නම් තමන්ට දිගු අනාගතයක් ඇති බව දුෂ්මන්ත චමීර මොනවට පෙන්නුම් කළේය.


තරගය පුරාම ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ධම්මික ප‍්‍රසාද් ලකුණු 92 කට කඩුලූ 4 ක් දවාගත් නමුත් පස්වැනි කඩුල්ලක් ඔහුට හිමිවූයේ නම් ධම්මිකගේ පන්දු යැවීමට සාධාරණය ඉටුවීමට තිිබිණ.
හෙට තරගයේ අවසන් දිනයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>