පාකිස්තානය අවදානමෙන් මිදෙයි

 

ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයන් රැඳවීම දිගටම පවත්වාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 178 ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිල කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා) සවස 4.30 ට පමණ පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට අවදානම් කලාපයෙන් මිදී සිටියේය.

 

ඒ වන විට පාකිස්තානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි අතර ශී‍්‍ර ලංකා පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීම සඳහා පාකිස්තානුවන්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 6 ක් පමණි. ඒ සඳහා කඩුලූ 8 ක් අතැතිව සිටින පාකිස්තානු පිල වෙනුවෙන් තමාගේ 100 වැනි ටෙස්ට් තරගය කී‍්‍රඩා කරන යුනිස් ඛාන් නොදැවී කී‍්‍රඩා කරමින් සිටී.

 

පාකිස්තානු පිලේ පළමු කඩුල්ල ලකුණු 9 දී බිඳ වැටුණ නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අහමඞ් ෂෙශාඞ් (69) සහ අසාර් අලි (නොදැවී 64) පාකිස්තානු පිල අවදානම් කලාපයෙන් ඉවතට ඇදගෙන ගියහ. මන්දාලෝකය නිසා තරගය නතර කරන විට යුනිස් ඛාන් නොදැවී ලකුණු 23 ක් ලබා සිටියේය.

 

පාකිස්තානු දෙවැනි ඉනිම සඳහා භාවිතා කළ පන්දුව තුන් වතාවක්ම මාරු කිරීමට සිදුවූ නමුත් එයින් වාසියක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ අසමත් වූහ.

 

පාකිස්තානු පිල සිය මුල් ඉනිමේදී ලකුණු 138 කට දැවී ගිය අතර ලකුණු 177 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගනිමින් ශී‍්‍ර ලංකා පිල ලකුණු 315 ක් ලබාගත්තේය.

 

ඡායාරූපය – ශාන්ත රත්නායක

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>