ශී‍්‍ර ලංකාව ලකුණු 166 ක් ඉදිරියෙන්

 

කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී කෞෂාල් සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹය නිසා පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 166 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

 

පාකිස්තානු පිල සිය පළමු ඉනිමේදී ලකුණු 138 කට දැවී ගිය අතර තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා* සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 304 ක් ලබා සිටියේය. තරගයේ තවත් දින 3 ක් ඉතිරිව තිබුණද ශී‍්‍ර ලංකා පිල සතුව ඇත්තේ කඩුල්ලක් පමණි.

 

ශී‍්‍ර ලංකා ඉනිම කර තබාගෙන ගිය කෞෂාල් සිල්වා (80) සහ ඇන්ජලෝ මැතිව්ස් (77) දෙදෙනාට අනගි සහයෝගයක් දුන් ධම්මික ප‍්‍රසාද් සටන්කාමී ඉනිමකට පසුව ලකුණු 35 කට දැවී ගියේය. අනතුරුව එක්වූ රංගන හේරත් සහ තරිඳු කෞෂාල් දෙදෙනා 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් නැවත වරක් ඒ අතරට කඩා වැදුණු යසීර් ෂා විසින් තරිඳු කෞෂාල් පිටියෙන් ඉවත් කරමින් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව බිඳ හෙළන ලදි.

 

පිට පිටම දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලූ 5 ක් දවාගැනීමට යසීර් ෂා සමත් වූ හෙයින් පාකිස්තානුවන් මත එල්ල වන පීඩනය තරමක් අඩු වූවත් පන්දුව මේ තරම් දග කැවෙන තණතීරුවකදී ලකුණු 166 ක් යනු සුළුපටු ප‍්‍රමාණයක් නොවේ.

 

පාකිස්තානුවන්ට සැනසීමට ඇති එකම කාරණය නම් මෙම තරගය යුනිස් ඛාන්ගේ 100 වැනි ටෙස්ට් තරගය වන බැවින් ඔහු කිසියම් සුවිශේෂී යමක් දෙවැනි ඉනිමේදී කරනු ඇතැයි යන බලාපොරොත්තුව පමණි.

 

පිට පිටම දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලූ 5 ක් දවාගත් යසීර් ෂා සිය 9 වැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 50 සීමාව පසුකර ගියේ පාකිස්තානු පන්දු යවන්නන් අතර වේගයෙන්ම කඩුලූ 50 සීමාවට අවතීර්ණ වූ පන්දු යවන්නා ලෙසින් වාර්තා පොතට එක්වෙමිනි. එහි පැරණි වාර්තාව හිමිකරගෙන සිටි, පාකිස්තානු පිලේ වත්මන් පුහුණුකරුවා වන, වකාර් යුනිස්ට ටෙස්ට් කඩුලූ 50 වාර්තා කිරීම සඳහා තරග 10 කට කී‍්‍රඩා කළේය.

 

පාකිස්තානු පිල පීඩනයට ලක්කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිබූ හොඳම අවස්ථාව ගිළිහී ගියේ දිනේෂ් චන්දිමාල් සහ කිතුරුවන් විතානගේ දෙදෙනාගේම අපරික්‍ෂාකාරී පිතිහරඹය හේතුවෙනි.

 

පිටියට පැමිණි විනාඩි 10 ක් ගතවීමටත් මත්තෙන් සීමාවෙන් ඉවතට පැමිණෙමින් ඒ වන විට ඉතාමත් සාර්ථකව පන්දුව දග කවමින් සිටි යසීර් ෂාට පහර දීමට උත්සුක වූ චන්දිමාල්ගේ ඉනිම ලකුණු 1 කින් නිමා වූයේ පිත්තට යටින් රිංගා ගිය පන්දුව කඩුල්ල සොයා ඇදී ගිය බැවිනි.

 

ඉතාමත් දක්‍ෂ පිතිකරුවකු වන නමුත් හික්මීමක් නැති පිතිකරුවකු වන කිතුරුවන් විතානගේ ලකුණු රැස්කිරීමට වඩා තමන්ට ලැබෙන අවස්ථා වීසි කර දැමීමට ප‍්‍රසිද්ධියක් උසුලන්නෙකි. පළමු ටෙස්ට් තරගයේදීත් ඉනිම දෙකේදීම අසාර්ථක වූ විතානගේට මෙම තරගයේදීත් දුන් අවස්ථාවට ඔහු ප‍්‍රතිචාර දැක්වූයේ කිසිවකුට අදහාගත නොහැකි ‘රිවර්ස් ස්වීප්’ පහරකිනි.

 

මිඞ්  ඕන් කී‍්‍රඩකයා වෙත පන්දුව තල්ලූ කර යවමින් ලකුණක් කරා දිවගිය කෞෂාල් සිල්වා දැවී යාමත් විතානගේ ගැසූ ‘රිවර්ස් ස්වීප්’ පහරත් අතර යැවුණේ පන්දු 31 ක් පමණක් වන නමුත් ඒ අතරවාරයේදී කඩුලූ 3 ක් බිඳ වැටී තිිබිණ.

 

ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ කෞෂාල් සිල්වා සිය ශතකය පෙනන තෙක් මානයේදී දුවද්දී දැවී ගියේය. විනාඩි 335 ක් පිටියේ රැඳුනු ආරම්භක පිතිකරුවා පන්දු 218 කට මුහුණ දෙමින් ඒවායින් 10 ක් හතරේ සීමාවට යැවීය.

 

පළමු දිනයේ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටි ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලකුණු සොයා යාමේ බර කුමාර් සංගක්කාර කරට ගත්තේය.

 

එබැවින් සිල්වාට සුපුරුදු නැංගුරම දමාගත හැකිවිය. සංගක්කාර සහ සිල්වා දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් එක් කළද ඒවායින් ලකුණු 34 ක හිමිකරුවා වූ සංගක්කාර පන්දුවට පහර දුන්නේ වෙනදා නොදුටු කැළඹීමකිනි.

 

සුපුරුදු තැන්පත් ස්වභාවය මෙම පරිණත කී‍්‍රඩකයාගෙන් බැහැරගොස් තිබීම ශී‍්‍ර ලංකා පිලට අතිශය අවාසිදායක විය. පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් හතරේ සීමාව සොයාගැනීමට උත්සුක වූ කුමාර් සංගකක්කාර ගැසූ ඩ‍්‍රයිව් පහරකින් පන්දුව වයිඞ් මිඞ්  ඕන් කලාපයට ඉහළින් ඇදී යද්දී අසාඞ් ෂෆීක් මීටර 30 ක් පමණ දිවවිත් ඉතා අනර්ඝ උඩපන්දුවක් රැකගත්තේය.

 

අපේක්‍ෂා කළාටත් කළියෙන් ළහිරු තිරිමාන්නත් දැවී යාම නිසා ලකුණු පුවරුව කඩුලූ 3 කට 119 ක් සේ වෙනස් වූ නමුත් නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කෞෂාල් සිල්වා එක්ව පාකිස්තානු පිල පසුකරමින් ශී‍්‍ර ලංකා පිල ඇදගෙන ගියහ.

 

 

ඡායාරූපය – ශාන්ත රත්නායක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>