ස්මිත් – හැන්ඩ්ස්කොම්බ් ඕස්ටේ‍්‍රලියාව දිනවති

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී අද (19 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 7 ක් ජයක් අත්කර ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට  ඕස්ටේ‍්‍රලියාවට හැකි විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ  ඕවර 45 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 108 ක් රැස්කරමින්  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 104 කදී වාර්තා වූ ස්මිත්ගේ 9 වැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

මුලූ ලකුණු සංඛ්‍යාව 45 ක් වන විට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එතැන් සිට පීටර් හැන්ඞ්ස්කොම්බ් (82) සමග එක්ව පන්දු 177 කදී ලකුණු 183 ක සම්බන්ධතාවක් පැවැත් වූ ස්මිත්,  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.  

අද දිනයේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක‍්‍රීඩා කළ හැන්ඞ්ස්කොම්බ්, එහිදී සිය මංගල අර්ධ ශතකය ලබාගැනීමට සමත් වූ අතර පන්දු 84 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 263 ක් රැුස්කළ අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බාබර් අසාම් පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් රැස්කළේය.

ෂොයිබ් මලික් (39) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අසාම්, ඉන් නොනැවතී උමාර් අක්මාල් (39) සමග එක්ව පන්දු 70 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණ සංඛ්‍යාව ඉහළ දැමීය. පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සර්ජිල් ඛාන් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 50 ක් රැුස්කළේ පන්දු 47 කිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හෙසල්වුඞ් ලකුණු 32 කට කඩුලූ 3 ක් දවාගත් අතර ට‍්‍රැවීස් හෙඞ් ලකුණු 65 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

 

පාකිස්තානය –  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 263
(සර්ජීල් ඛාන් 50, බාබර් අසාම් 84, ෂොයිබ් මලික් 39, උමාර් අක්මාල් 39, ජොස් හෙසල්වුඞ් 32/3, ට‍්‍රැවීස් හෙඞ් 65/2)

ඕස්ටේ‍්‍රලියාව –  ඕවර 45 කදී කඩුලූ 3 ක් දැවී 265  
(ඬේවිඞ් වෝනර් 35, ස්ටීවන් ස්මිත් නොදැවී 108, පීටර් හැන්ඞ්ස්කොම්බ් 82, ට‍්‍රැවීස් හෙඞ් නොදැවී 23)

 

- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>