වේග පන්දු යවන්නෝ පාකිස්තානය වනසති

අති විශිෂ්ට පන්දු රැකීම් කිහිපයකින් දිරිමත් වූ වේග පන්දු යවන්නන් තිදෙනකුගේ ආකර්ශනීය පන්දු යැවීම හමුවේ අසරණ වූ පාකිස්තානුවෝ බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අලි අමාරුවක වැටී සිටිති. ඕස්ටේ‍්‍රලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 429 ට පිළිතුරු සොයා ඇදෙන පාකිස්තානු පිල තරගයේ දෙවැනි දිනය වන අද (16 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිමේදී ලකුණු 97 කට කඩුලූ 8 ක් අහිමි කරගෙන සිටියේය.

දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයක් වන මෙම තරගයේදී ගැබා කී‍්‍රඩාංගණයේ විදුලි ආලෝකය මැද පාකිස්තානු පිතිකරුවන් අන්ත අසරණ කළ මිචෙල් ස්ටාක්, ජොස් හේසල්වුඞ් සහ ජැක්සන් බර්ඞ් තිෙ-දනා බිඳ වැටුණු කඩුලූ 8 ම බෙදා හදා ගත්හ. පාකිස්තානුවෝ තවමත් ලකුණු 332 ක් පසුපසින් සිටින අතර කඩුල්ලේ රැඳී සිටින පිතිකරුවන් අතර විශ්වාසය තැබිය හැකි එකම තැනැත්තා වන්නේ කඩුලූ රකින්නා වන සර්ෆ‍්‍රාස් අහමඞ් පමණි.

ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් සිය දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන පීටර් හැන්ස්කොම්බ් සිය නායකයා සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක් එක්කළේ මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 4 කට ලකුණු 323 ක් ලෙස ඉදිරියට ගෙන යමිනි. සිය දෙවැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළද රෝස පැහැ පන්දුව පීටර්ට කරදරයක් වූයේ නැත.

කෙසේ වෙතත් පාකිස්තානුවන්ට නම් එයින් ගැලවීමක් නොලැබිණ. සිය පස්වැනි  ඕවරයේදී පන්දු දෙකකින් කඩුලූ දෙකක් බිම දැමූ ජොස් හේසල්වුඞ් ලබාගත් ආරම්භයත් සමගින් ස්ටීවන් ස්මිත්, මැතිව් වේඞ්, මැතිව් රැන්ෂෝ සහ උස්මන් කවාජා අලංකාර උඩපන්ද රැකීම් සංදර්ශනයකට සහභාගි වූහ.

ඕස්ටේ‍්‍රලියාව – පළමු ඉනිම 429
(මැතිව් රැන්ෂෝ 71, ඩේවිඩ් වෝනර් 32, ස්ටීවන් ස්මිත් 130, පීටර් හෑන්ස්කොම්බ් 105, මිචෙල් ස්ටාක් 10, නේතන් ලයන් 29, ජැක්සන් බර්ඞ් නොදැවී 19, මොහොමඞ් අමීර් 97/4, යසීර් ෂා 129/2, වහබ් රියාස් 89/4)

පාකිස්තානය – පළමු ඉනිම කඩුලූ 8 ට 97
(සාමි අස්ලාම් 22, බාබර් අසාම් 19, සර්ෆ‍්‍රාස් අහමඞ් නොදැවී 31, මිචෙල් ස්ටාක් 45/3, ජොස් හේසල්වුඞ් 19/3, ජැක්සන් බර්ඞ් 07/2)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>