පන්දුයවන්නෝ අණසක පතුරවති

පාකිස්තානය සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්ට්චර්ච්දී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 129 ක් ලබා සිටියේය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තවත් කඩුලූ 3 ක් ඇතැතිව නවසීලන්තයට වඩා ලකුණු 62 ක් ඉදිරියෙන් සිටියි. තරගය නතර කරන විට අසාද් සෆීක් ලකුණු 6 ක් සහ සොහේල් ඛාන් ලකුණු 22 ක් බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

නවසීලන්තයට වඩා ලකුණු 67 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල මුලූ ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට දැවී ගියේය. පළමු ඉනිමේදී කඩුලූ 6 ක් දවාගත් කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් එම කඩුල්ලට හිමිකම් කී අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක බී. ජේ. වෙට්ලින් අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු සාමි අස්ලම් ලකුණු 7 කට දැවීගියේය.

ලකුණු පුවරුවට තවත් ලකුණු 43 ක් එක්වන විට බාබර් අසාම් (29) සහ යුනිස් ඛාන් (01) පිටියෙන් ඉවත් කරමින් පාකිස්තාන කණ්ඩායම දැඩි පීඩනයකට පත් කිරීමට නීල් වෝග්නර් සමත් විය. ඔවුන් දෙදෙනාද දැවීගියේ බී. ජේ. වෙට්ලින් අතට උඩ පන්දු දෙමිනි.

පාකිස්තාන පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක මිස්බා උල් හක්ටද දෙවැනි ඉනිමේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට ඉඩ කඩ නොලැබුණ අතර ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ටෙ‍්‍රන්ට් බෝල්ට් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු ලකුණු 13 කට දැවී ගියේය.

ඉන් පසුව කි‍්‍රයාත්මක වූ ටෙ‍්‍රන්ට් බෝල්ට් ඔහු විසින් පිට පිට යවන ලද  ඕවර 3 කදී (59, 61 සහ 63) පිළිවෙළින් අසාර් අලී ලකුණු 31 කටද, සෆ්රාස් අහමඞ් ලකුණු 2 කටද, මොහොමඞ් අමීර් ලකුණු 6 කටද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම ඉතා අසීරු අඩියකට ඇද දැමුවේය. අසාර් අලී සහ සෆ්රාස් අහමඞ් දෙදෙනාම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගිය අතර මොහොමඞ් අමීර් දැවීගියේ ටොඞ් ඇස්ලට් අතට උඩ පන්දුවක් දෙමිනි.

ඊයේ දිනයේදී තරගය නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 200 ක් පමණි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ජීත් රාවල් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය. හෙන්රි නිකොල්ස් (30) සමග එක්ව නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජීත් රාවල් සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රාහට් අලී ලකුණු 62 කට කඩුලූ 4 ක් දවාගත් අතර නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ඔහුට අනගි සහයක් දුන් මොහොමඞ් අමීර් සහ සොහේල් ඛාන් කඩුලූ 3 බැගින් දවාගත්හ.

පකිස්තාන පළමු ඉනිම –  ඕවර 55.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 133
(සාමි අස්ලම් 19, අසාර් අලී 15, මිස්බා උල් හක් 31, අසාද් සෆීක් 16, කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් 41/6, ටිම් සවුති 20/2, ටෙ‍්‍රන්ට් බෝල්ට් 39/2)

නවසීලන්ත පළමු ඉනිම –  ඕවර 59.5 කදී සියලූ දැවී ලකුණු 200
(ජීත් රාවල් 55, හෙන්රි නිකොල්ස් 30, කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් 29, බී. ජේ. වෙට්ලින් 18, ටිම් සවුති 22, නීල් වෝග්නර් 21, රාහට් අලී 62/4, මොහොමඞ් අමීර් 43/3, සොහේල් ඛාන් 78/3)

පකිස්තාන දෙවැනි ඉනිම –  ඕවර 66 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 129
(අසාර් අලී 31, බාබර් අසාම් 29, සොහේල් ඛාන් නොදැවී 22, ටෙ‍්‍රන්ට් බෝල්ට් 18/3)

 

-036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>