ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් පිලේ මුල්පෙළ පිතිකාරිනියන් පිට පිට දෙවැනි වතාවටත් නොසැළකිලිමත් අන්දමෙන් පිත්ත හසුරුවා දැවීයාම නිසා රංගිරි දඹුල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී අද (20 වැනිදා) පැවැති තරගයේදීත්  ඕස්ටේ‍්‍රලියානු කාන්තා කි‍්‍රකට් පිල හමුවේ ලකුණු 78 ක පරාජයකට උරුමකම් කීමට ශී‍්‍ර ලංකා පිලට සිදුවිය.

මේ ජයග‍්‍රහණයත් සමග ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ ලෝක කි‍්‍රකට් ශූරතාවලියට අයිති පළමු තරග 3 න් දෙකක්ම ජයගෙනත තරග 4 කින් සමන්විත සමස්ත තරගාවලියයේ 2-0 ක් ලෙසින් පෙරමුණත් ගත්හ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියාව නියමිත  ඕවර 50 අවසානයේ දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු 254 ට පිළිතුරු ලෙස ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 9 කට ලකුණු 176 ක් පමණි.

පළමු තරගයේදී මෙන්ම  අද තරගයේදීත් ඉතා අපරික්ෂාකාරී ලෙස පිත්ත හැසිරවූ ආරම්භක පිතිකාරිනියන් යුගලය වූ නායිකා චමරී අතපත්තු සහ උපනායිකා ප‍්‍රසාදිනී වීරක්කොඩි දෙදෙනාම ලකුණු නොලබා දැවී ගියහ. ජ්‍යෙෂ්ඨ පිතිකාරිනි ඩිලානී මනෝදරාත් ඒ ගොඩටම වැටුණාය.

ජ්‍යෙෂ්ඨ පිතිකාරිනියන් එකා පිට එකා දැවීයද්දී ඉන් තුෂ්නිම්භූත වූ සිය දෙවැනි තරගයට කී‍්‍රඩා කරන ඉමල්කා මෙන්ඩිස් ලකුණු 4 කට දැවී ගිය අතර සිය පළමු තරගයට කී‍්‍රඩා කළ හර්සිතා මාධවීටත් ලකුණකට වඩා ලබාගත නොහැකි විය.

කෙසේවෙතත් පළමු කඩුල්ල බිඳ වැටුණාට පසුව පිටියට ආ ජ්‍යෙෂ්ඨතම පිතිකාරිනියක වූ චමරී පොල්ගම්පොළ එක් අන්තයකින් සිය කඩුල්ල රැක ගැනීමට සමත්වූ අතර ලකුණු 35කට පිතිකාරිනියන් පස්දෙනකුම නරඹන්නන් බවට පත් කළ  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නියන් හමුවේ සෑහෙන සටනක් කරමින් එෂානී ලොකුසූරිය සමග එක්වී ශී‍්‍ර ලංකා ඉනිම ගොඩ දමන්නට කළ උත්සාහය කැපී පෙනුණි.

ලොකුසූරියගේ දැවීයාමෙන් පසුව අගපෙළ පිතිකාරිනියන්ගෙන් ඇයට තරමක සහයක් ලැබුණත් ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු සඵල කිරීමට ඇයට හැකිවූයේ නැත. අද ශී‍්‍ර ලංකා පිල ලැබූ ලකුණු 176  න් ලකුණු 50 ක්ම අතිරේක ලකුණු වශයෙන් වාර්තා වීම කැපී පෙනුණු අතර ඉන් 41 ක්ම වයිඞ් පන්දු වීම ඊටත් වඩා කැපී පෙනුණි.

දඹුලූ තණතීරුවේ සිත් සේ පන්දු යැවූ  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ තරගය පුරා සිය ආධිපත්‍ය පැතිරවූහ.

ශී‍්‍ර ලංකා පිලේ පන්දු යවන්නියන්ට මෙන්ම පන්දු රකින්නියන්ට ද රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේ දැඩි අව් රශ්මියේ පීඩාව දැනෙන්නට සැලැස්වූයේ පළමු කඩුල්ලට ලකුණු 85  ක අනගි සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. ආරම්භක පිතිකාරිනියන් වන නිකොල් බෝල්ටන් සහ එලිස් විලානී එක්ව පෙන්නුම් කළ මේ දස්කම නිසා සෙසු පිතිකාරිනියන්ගේ පීඩනය බොහෝසෙයින් අඩුවී ගියේය.

බෝල්ටන්ගේ අර්ධ ශතකයට පසුව කදිම පිතිහරඹයක් පෙන්නුම් කළ මැදපෙළ පිතිකාරිනී ඇලෙක්ස් බ්ලැක්වේල්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම 250 සීමාවට ඇදගෙන ගියේ නොදැවී අර්ධ ශතකයකට හිමිකම් කියමිනි.

ඕස්ටේ‍්‍රලියාව – ඕවර 50කදී කඩුලූ 8ක් දැවී 254
(නිකොල් බෝල්ටන් 64, එලිස් විලානී 45, මෙග් ලැනින් 29, අලෙක්ස් බ්ලැක්වෙල් නොදැවී 56, එෂානී ලොකුසූරිය 21/1, සුගන්ධිකා කුමාරි 54/2, ඉනෝකා රණවීර 48/1, ඉනෝෂී ප‍්‍රනාන්දු 39/1, චමරී අතපත්තු 31/3)

ශී‍්‍ර ලංකා කාන්තා පිල – ඕවර 50කදී කඩුලූ 9ක් දැවී 176
(චමරී පොල්ගම්පොල නොදැවී 68, ඉෂානී ලොකුසුරිය 20, අතිරේක 50, හොලී ෆර්ලිං 38/2, කි‍්‍රස්ටීන් බීම්ස් 15/4, එලිස් පෙරී 28/2)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>