අවසන් බලාපොරොත්තුවත් සුන්වෙති

ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරොත්තුවත් සුන්කරමින් සදම්ටන්හිදී පැවැති එකම විස්සයි20 තරගය කඩුලු 8 කින් ජයගැනීමට එංගලන්ත පිල ඊයේ (05 වැනිදා) සමත්විය.


ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ ඕවර 17.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා – ඇ. මිල්ස් ප. ප්ලන්කට්  13
ධනුෂ්ක ගුණතිලක – ඇ. ජෝර්ඩ්න් ප. ඩෝසන්  26
කුසල් මෙන්ඩිස් – ඇ. සහ ප. ඩෝසන්  21
ඇන්ජලෝ මැතිව්ස් – ප. ඩෝසන්  11
දිනේෂ් චන්දිමාල් – ඇ. මෝගන් ප. ජෝර්ඩ්න්  23
දසුන් ශානක – දුවද්දී දැවී ගියා  1
රමිත් රඹුක්වැල්ල – දුවද්දී දැවී ගියා  19
සීකුගේ ප්‍රසන්න – ඇ. බට්ලර් ප. ප්ලන්කට්  1
ෆර්විස් මහරුෆ් – ඇ. විලී ප. ජෝර්ඩ්න් 10
චමින්ද බණ්ඩාර – නොදැවී  2
නුවන් ප්‍රදීප් – ප. ජෝර්ඩ්න් 0
අතිරේක (අ-1, පා-9, ව-3) 13
එකතුව ඕවර 20 කදී සියලු දෙනා දැවී  140
කඩුලු වැටීම 
1-17 (පෙරේරා), 2-58 (ගුණතිලක), 3-74 (මෙන්ඩිස්), 4-81 (මැතිව්ස්), 5-82 (ශානක), 6-106 (රඹුක්වැල්ල), 7-122 (ප්‍රසන්න), 8-129 (චන්දිමාල්), 9-140 (මහරුෆ්), 10-140 (ප්‍රදීප්)
පන්දු යැවීම
ක්‍රිස් ජෝර්ඩ්න් 4-0-29-3 ව-2
ටයිමල් මිල්ස් 4-0-22-0 ව-1
ලයාම් ප්ලන්කට් 4-0-27-2  
ලයාම් ඩෝසන් 4-0-27-3  
අදීල් රෂීඞ්  4-1-25-0  
එංගලන්තය 
ජේසන් රෝයි – ප. මැතිව්ස්  0
ජොස් බට්ලර් – නොදැවී  73
ජේම්ස් වින්ස් – ස්ට. චන්දිමාල් ප. මැතිව්ස් 16
ඔයින් මෝගන් – නොදැවී  47
අතිරේක (ව-7, අ-1) 8
එකතුව ඕවර 17.3කදී  කඩුලු 2ක් දැවී 144
කඩුලු වැටීම 
1-0 (රෝයි), 2-30 (වින්ස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
ජොනී බෙයාර්ස්ටෝ, සැම් බිලිංග්ස්, ලයාම් ඩෝසන්, ලයාම් ප්ලන්කට්, අදිල් රෂිඩ්, ක්‍රිස් ජෝර්ඩ්න්, ටයිමල් මිල්ස්
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස්  4-0-27-2  
රමිත් රඹුක්වැල්ල  2.3-0-27-0  
ෆර්විස් මහරුෆ්  3-0-26-0 ව-1
සීකුගේ ප්‍රසන්න  4-0-31-0 ව-1
ධනුෂ්ක ගුණතිලක 1-0-9-0  
නුවන් ප්‍රදීප්  2-0-12-0 ව-1
චමින්ද බණ්ඩාර 1-0-11-0  

එක්දින තරගාවලියේදී ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු ජේසන් රෝයි ප්‍රථම ඕවරයේදී ලකුණු ලබානොදීම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වූයේය.


යළි ක්‍රියාත්මකවූ ඇන්ජලෝ මැත්ව්ස් යවනලද පස්වැනි ඕවරයේදී දිනේෂ් චන්දිමාල් විසින් ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගනිමින් ජේම්ස් වින්ස් දවාගැනීමට සමත්වුවද එතැන් සිට තරගය අවසන්වන තෙක් තරගයේ ආධිපත්‍ය පැතිරවීමට ජොස් බට්ලර් සහ ඔයින් මෝගන් සමත්වූහ.


ප්‍රථම වරට ආරම්භක පිතිකරුවකු වශයෙන් පිටියට පිවිසි ජොස් බට්ලර් විස්සයි20 දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් පන්දු 49 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 73 ක් ලබාගනිමින් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ඔයින් මෝගන් පන්දු 39 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය.

 

තෙවැනි කඩුල්ල සදහා පන්දු 76 කදී නොබිදුණු ලකුණු 114 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජොස් බට්ලර් සහ ඔයින් මෝගන් සමත්වූහ.

 

පන්දු යවන්නනට වැඩි සාර්ථකත්වයක් පෙන්වීමට නොහැකිවුවද ඇන්ජලෝ මැතිව්ස් ඕවර හතර තුළදී ලකුණු 27 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්වූයේය.

 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140 ක් පමණි.


අයර්ලන්ත තරගාවලියේ දෙවන තරගයේදී ශතකයක් රැස්කළ කුසල් ජනිත්ට එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියේදී ලකුණු අතරට පැමිණිය නොහැකිවූ අතර ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සුන්කරමින් විස්සයි20 තරගයේදීද ශ්‍රී ලාංකා පිලට හොද ආරම්භයක් ලබාදීමට ඔහුට නොහැකිවිය.


ඕවර 10 ක් අවසානයේදී කඩුලු තුනක් දැවී ලකුණු 79 ක් රැස්කරසිටි ශ්‍රී ලාංකා පිල නායක ඇන්ජලෝ මැතිස්ගේ දැවීයාමත් සමගින් කඩාවැටීමකට ලක්වුයේය. 


ශ්‍රී ලාංකා පිලේ අවසන් ඕවර 10 තුළදී ලකුණු 61 කට කඩුලු හතක් දවාගනිමින් තරගයේ වැඩිවාසි තම පිලට අත්කර දීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.


දක්ෂ පන්දුයැවීමක නිරතවූ ක්‍රිස් ජොර්දාන් (29/3) සහ ලයාම් ඩෝසන් (27/3) කඩුලු තුන බැගින් දවාගැනීමට සමත්වූහ.


ශ්‍රී ලාංකා ‘ඒ’ පිල සමග එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින රමිත් රඔුක්වැල්ල විස්සයි20 තරගයට කැඳවා තිබූ අතර ඔහුටද ශ්‍රී ලාංකා පිල වෙනුවෙන් වැඩියමක් කිරීමට අවස්ථාවක් හිමිනොවීය.


2008 ඔක්තෝබර් මාසයෙන් පසුව විස්සයි20 තරගයකට ක්‍රීඩා නොකළ ෆර්වීස් මහරූෆ් වසර අටකට පසුව ඊයේ පැවැති විස්සයි20 තරගයට එක්වූයේය.


ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, චමින්ද බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් ඊයේ දිනයේදී විස්සයි20 වරම් දිනාගත් අතර ලයාම් ඩෝසන් සහ ටයිමල් මිල්ස් එංගලන්ත පිල වෙනුවෙන් විස්සයි20 වරම් දිනාගැනීමට  සමත්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>