එංගලන්තයට ලකුණු 122 ක දැවැන්ත ජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර කාර්ඩිෆ්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 122 ක දැවැන්ත ජයත් සමගින් තරගාවලිය 3-0 ලෙස ජය ගැනීමට එංගලන්ත පිල අද (02 වැනිදා) සමත්විය.


තරගාවලියපුරා පිත්තෙන් දස්නම් දැක්වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී එංගලන්ත පිලට එරෙහිව සිව්වන අර්ධ ශතකයත් වාර්තා කිරීමට අද සමත්වූ අතර අවසන් තරග අට තුළදී (නොදැවී 53, 63, 62, 52, 37, 3, නොදැවී 100, 50) අර්ධ ශතක පහක් සහ ශතකයක් ලබාගනිමින් දක්ෂතා දැක්වීමට චන්දිමාල් සමත් වූයේය.

එංගලන්තය 
ජේසන් රෝයි – ඇ. පෙරේරා ප. ලක්මාල්  34
ජේම්ස් වින්ස් – ස්ට. චන්දිමාල් ප. ගුණතිලක  51
ජෝ රූට් –  ප. ප්‍රදීප්  93
ඔයින් මෝගන් – ඇ. මෙන්ඩිස් ප. ගුණතිලක  20
ජොනී බෙයාර්ස්ටෝ – ඇ. ශානක ප. ගුණතිලක  22
ජොස් බට්ලර් – ප. බණ්ඩාර  70
ක්‍රිස් වෝක්ස් – නොදැවී  17
ලයාම් ප්ලන්කට් – දුවද්දී දැවී ගියා  9
අතිරේක (පා-4, ව-4) 8
එකතුව ඕවර 50 කදී කඩුලු 7 ක්  දැවී  324
කඩුලු වැටීම 
1-67 (රෝයි), 2-108 (වින්ස්), 3-137 (මෝගන්), 4-182 (බෙයාර්ස්ටෝ), 5-291 (බට්ලර්), 6-314 (රූට්), 7-324 (ප්ලන්කට්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ක්‍රීස් ජෝර්ඩ්න්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් 
පන්දු යැවීම
සුරංග ලක්මාල් 10-0-65-1 ව-1
චමින්ද බණ්ඩාර 10-0-83-1 ව-1
නුවන් ප්‍රදීප් 8-0-59-1  
ධනුෂ්ක ගුණතිලක 10-0-48-3 ව-1
සීකුගේ ප්‍රසන්න 10-0-52-0 ව-1
කුසල් මෙන්ඩිස් 2-0-13-0  
ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා – ක.මු.කළා ප. විලී  6
ධනුෂ්ක ගුණතිලක – ක.මු.කළා ප. ප්ලන්කට්  48
කුසල් මෙන්ඩිස් – දුවද්දී දැවී ගියා  22
දිනේෂ් චන්දිමාල් – ප. විලී   53
ඇන්ජලෝ මැතිව්ස් – ප. ප්ලන්කට්  13
උපුල් තරංග – ප. රෂීඞ් 0
දසුන් ශානක – ස්ට. බට්ලර් ප. රෂීඞ් 22
සීකුගේ ප්‍රසන්න – ඇ. විලි ප. ප්ලන්කට්  5
සුරංග ලක්මාල් – ඇ. මෝගන් ප. විලී    10
නුවන් ප්‍රදීප් – ඇ. වෝක්ස් ප. විලී    7
චමින්ද බණ්ඩාර – නොදැවී  1
අතිරේක (ව-8, පා-7) 15
එකතුව ඕවර 42.4 කදී  සියලුදෙනා දැවී 202
කඩුලු වැටීම 
1-9 (පෙරේරා), 2-66 (මෙන්ඩිස්), 3-83 (ගුණතිලක), 4-105 (මැතිව්ස්), 5-106 (තරංග), 6-140 (ශානක), 7-170 (ප්‍රසන්න), 8-194 (ලක්මාල්), 9-195 (චන්දිමාල්), 10-202 (ප්‍රදීප්)
පන්දු යැවීම
ක්‍රිස් වෝක්ස්  9-0-36-0 ව-2
ඬේවිඞ් විලී 8.4-0-34-4  
ක්‍රීස් ජෝර්ඩ්න් 7-0-40-0 ව-5
ලයාම් ප්ලන්කට් 8-0-44-3  
අදීල් රෂීඞ්  10-0-41-2 ව-1

පසුගිය තරගවලදී පසුපෙළ පිතිකරුවකු වශයෙන් ලකුණු අතර සිටි උපුල් තරංග අද තරගයේදී මුහුණදුන් අදීල් රෂීඞ්ගේ පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.

දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර මෙම වසර තුළදී පිට පිට තරග හයකදී ලකුණු 50 ට වැඩියෙන් පැවැති ලකුණු සම්බන්ධතා වාර්තාව ඇන්ජලෝ මැත්ව්ස්ගේ දැවීයාමත් සමගින් අවසන්වූ අතර අද තරගයේදී සම්බන්ධතාවය ලකුණු 22 කට සීමාවිය.

පන්දුවට හොදින් පහර දෙමින් සිටි ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 48 කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ලයාම් ප්ලන්කට් සමත් වූයේය.

දෙවන කඩුල්ල සදහා ලකුණු 57 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිටියදී පසුගිය තරගවලදී ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 22 කට දුවද්දී දෑවීයාමකට හසුකර ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.

යළිත් අසාර්ථකවූ කුසල් ජනිත් ලකුණු 6 කට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට ඬේවිඞ් විලී සමත් වූයේය.

ජෝ රූට් සහ ජොස් බට්ලර්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් එංගලන්ත පිලට ලකුණු 300 සීමාව පසුකිරීමට හැකියාවක් ලැබුණි.

නුවන් ප්‍රදීප් වේගය අඩාල කරමින් එවන ලද පන්දුවක් කඩුල්ලේ දැවටීමේන් ලකුණු 93 කට ජෝ රූට් දැවීගිය අතර පන්දු 106 කට මුහුණදී හතරේ පහර හයක් ලබාගෙන තිබුණි.

ජොස් බට්ලර් දැවීගිය ඕවරයේදීම පහසු උඩ පන්දුවකින් ජෝ රූට් දවාගැනීමට තිබු අවස්ථාව සුරංග ලක්මාල්ගේ අතින් ගිලිහි ගිය අතර චමින්ද බණ්ඩාරගේ දෙවන කඩුල්ල එමගින් මගහැරී ගියේය.

ජොනී බෙයාර්ස්ටෝගේ දැවීයාමත් සමගින් පිටියට පිවිසි ජොස් බට්ලර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 45 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 70 ක් රැස්කළ අතර පස්වන කඩුල්ල සදහා ජෝ රූට් සමග එක්ව ලකුණු 109 ක සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට සමත්වූයේය. එම ලකුණු 109 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකාට එරෙහිව එංගලන්ත පිල විසින් පස්වන කඩුල්ල සදහා පවත්වන ලද ඉහළම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

පන්දු 61 කදී අර්ධ ශතකය වාර්තා කරගැනීමට ජෝ රූට් සමත්වූ අතර ජොනී බෙයාර්ස්ටෝ සමග එක්ව සිව්වන කඩුල්ල සදහා ලකුණු 45 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද සමත්විය.

පිටදඟ පන්දු යවන ධනුෂ්ක ගුණතිලක පන්දුවෙන් දස්කම් දක්වමින් ඔහුගේ තෙවන කඩුල්ල ලෙස ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 22 කට දවාගැනීමට සමත්වූයේය.

තරගාවලියපුරා අසාර්ථකවූ ඔයින් මෝගන් මෙම තරගයේදීද යළි අසාර්ථකවූ අතර ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් විසින් රැකගත් විශිෂ්ට උඩපන්දුව හමුවේ ලකුණු 20 කට ක්‍රීඩාගාරයට යෑමට සිදුවිය.

ජේම්ස් වින්ස් මංගල අර්ධ ශතකය රැස්කරමින් එංගලන්ත පිලට හොද ආරම්භයක් ලබාදුන් අතර ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් විසින් ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගැනීමෙන් ඔහුව ලකුණ 51 කට දවාගැනීමට හැකිවිය.

පළමු කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 67 ක සම්බන්ධතාවය කුසල් ජනිත්ගේ විශිෂ්ට උඩපන්දු රැකීම හමුවේ බිදීගිය අතර ප්‍රවේගකාරී පිතිකරුවකුවූ ජේසන් රෝයී දැවීයන විට ලබාගත හැක්වූයේ ලකුණු 34 ක් පමණි.
එංගලන්ත පිල ඕවර 5 ක් අවසානයේ ලකුණු 28 ක රැස්කර සිටියදී වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් සුළු වේළාවකට තරගය නතර කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් කරමින් දකුණතින් මදවේග පන්දු යවන ෆර්වීස් මහරූෆ් වෙනුවට එක්දින වරම් දිනාගනිමින් මංගල තරගයට ක්‍රීඩා කිරීම සදහා වමතින් වේග පන්දු යවන චමින්ද බණ්ඩාර කණ්ඩායමට කැදවා ඇත.

එංගලන්ත පිලේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ඇලෙක්ස් හේල්ස් වෙනුවට ජේම්ස් වින්ස් සහ මොයින් අලී වෙනුවට ක්‍රීස් ජෝර්දාන් කණ්ඩායමට කැදවා ඇත.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායන ඇන්ජලෝ මැත්ව්ස් පන්දුවට පහරදීම සදහා එංගලන්ත පිලට ආරාධනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>