කෝලි – බුවනේෂ්වර් අතර තරගයක්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර හෙට (29 වැනිදා) බැංගලෝර්හිදී පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියේ අවසන් මහ තරගය මෙම තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා සහ දක්‍ෂතම පන්දු යවන්නා අතර පැවැත්වෙන තරගයක් බවට පත්වී තිබේ.

අයි. පී. එල්. තරග 15 කදී ලකුණු 919 ක් ලබා සිටින බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අතර තරග 16 කදී කඩුලූ 23 ක් ලබා සිටින හයිද්‍රාබාද් කණ්ඩායමේ වේග පන්දුයවන කී‍්‍රඩක බුවනේෂ්වර් කුමාර් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා පත්ව සිටියි.

ශතක 4 ක් සහ අර්ධ ශතක 6 ක් සමගින් කෝලි එම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන ඇති අතර හයේ පහර 36 කින් සහ හතරේ පහර 78 කින් ඔහු එය අලංකාර කරගෙන තිබේ. කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 113 කෝලි එක් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 151.90 ක් ලෙස සටහන් වේ.

නිලකුණු  ඕවර 3 ක් සමගින් ඕවර 62 ක් යවා ප‍්‍රතිවාදීන්ට ලකුණු 465 ක් පිරිනමමින් බුවනේෂ්වර් කුමාර් කඩුලූ 23 ක් දවාගෙන ඇති අතර ලකුණු 29 කට කඩුලූ 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙස සටහන් වේ.

බුවනේෂ්වර්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය දැක්වෙන්නේ 20.21 ක් ලෙසනි.

තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරග දෙකෙන් පළමු තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර දෙවැනි තරගය ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ඉන් පළමු තරගයේදී බුවනේෂ්වර් කුමාර්ගේ පන්දු 7 කට මුහුණදුන් විරාට් කෝලිට එහිදී රැස්කරගත හැකිවූයේ ලකුණු 11 ක් පමණි. එම තරගයේදී ඔහු දැවි ගියේද බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. එම තරගයේදී ලකුණු 75 ක් රැස්කිරීමට කෝලි සමත් වූ අතර අතර  ඕවර 4 ක් යවා ලකුණු 55 කට කඩුලූ 2 ක් දවාගැනීමට බුවනේෂ්වර් සමත් විය.

දෙවැනි තරගයේදී බුවනේෂ්වර්ගේ පන්දු 5 කට මුහුණදුන් කෝලිට එහිදී රැස්කරගත හැකිවූයේ ලකුණු 3 ක් පමණි. එම තරගයේදී කෝලි ලකුණු 14 කට දැවී ගිය අතර බුවනේෂ්වර් ඕවර 4 ක් යවා ලකුණු 36 කට කඩුල්ලක් දවාගත්තේය.

අවසන් මහ තරගයේදී තවත් ලකුණු 81 ක් රැස්කිරීමට කෝලි සමත් වුවහොත් ඔහු අයි. පී. එල්. ඉතිහාසයේ එක් තරගමාලාවකදී ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය පළමු කි‍්‍රඩකයා බවට පත්වනු ඇත.

කෙසේ වුවත් මූලික වටයේ පැවැති තරග දෙකේදී මෙන්ම මෙම තරගයේදීද බුවනේෂ්වර්ගේ පන්දු ඉදිරියේ අසාර්ථක වුවහොත් කෝලිට ලකුණු 1000 සීමාව කරා යෑමේ අවස්ථාව මගහැරී යනු ඇත.


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>