කෝලි බැංගලෝර් පිල ඔසවා තබයි

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 56 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර රායිපූහිදී පැවැති තරගයෙන් කඩුලූ 6 ජයක් අත්කරගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමටද බැංගලෝර් කණ්ඩායමට හැකිවිය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කී‍්‍රඩකයෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 45 කදී නොදැවී ලකුණු 54 ක් රැස්කළ නායක විරාට් කෝලි බැංගලෝර් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. මෙවර තරගාවලියේදී කෝලි ලබාගත් 7 වැනි අර්ධ ශතකය මෙය වන අතර ඊට හතරේ පහර 6 ත් ඇතුළත් විය.

ලෝකේෂ් රාහුල් (38) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය. පන්දු 23 කදී වාර්තා වූ ලෝකේෂ් රාහුල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩිකොක් පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළේය.

දිල්ලි ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගයෙන් පන්දුවට පහරදුන් කි‍්‍රස් මොරිස් පන්දු 18 කදී නොදැවී ලකුනු 27 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ යුස්වින්දර් චාහල්  ඕවර 4 ක් යවා ලකුණු 32 කට කඩුලූ 3 ක් දවාගත් අතර කි‍්‍රස් ගේල් ලකුණු 11 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 කට 138
(ක්වින්ටින් ඩිකොක් 60, සංජු සැම්සන් 17, කි‍්‍රස් මොරිස් නොදැවී 27, යුස්වින්දර් චාහල් 32/3, කි‍්‍රස් ගේල් 11/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම –  ඕවර 18.1 කදී කඩුලූ 4 කට 139  
(විරාට් කෝලි නොදැවී 54, ලෝකේෂ් රාහුල් 38, ෂේන් වොට්සන් 14, ස්ටුවට් බිනි නොදැවී 16)
 
-036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>