කොල්කටා පිලට ලකුණු 22 ක ජයක්

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 55 වැනි තරගය වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගයෙන් ලකුණු 22 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 149 ක් පමණි.

හයිද්‍රාබාද් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශිකර් ධවාන් පන්දු 30 කදී 51 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ සුනිල් නරේන්  ඕවර 4 ක් යවා ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගත් අතර ඔහුට අගනා සහයක් ලබාදුන් කුල්දීප් යාදව් ලකුණු 28 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ යූසෆ් පතන් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 සමගින් නොදැවී 52 ක් රැස්කළේය.

මනීෂ් පාණ්ඬේ (48) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පතන් සමත් විය. පන්දු 30 කදී වාර්තා වූ මනීෂ් පාණ්ඬේගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ත් ඇතුළත් විය.

පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 25 ක් රැස්කළ රොබින් උතප්පා කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 2 බැගින් දවාගැනීමට දීපක් හූඩා සහ බුවනේෂ්වර් කුමාර් සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 6 කට 171
(රොබින් උතප්පා 25, ගෞතම් ගම්භීර් 16, මනීෂ් පාණ්ඬේ 48, යූසෆ් පතන් නොදැවී 52, දීපක් හූඩා 16/2, බුවනේෂ්වර් කුමාර් 31/2)

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 කට 149
(ශිකර් ධවාන් 51, ඬේවිඞ් වෝනර් 18, නාමන්  ඕජා 15, යුවරාජ් සිං 19, සුනිල් නරේන් 26/3, කුල්දීප් යාදව් 28/2)

 

- 036

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>