ගුජරාට් ලයන්ස් පිල අංක 1 ට එයි

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 54 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර කාන්පූර්හිදී පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කරගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද ගුජරාට් ලයන්ස් කණ්ඩායමට හැකි විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් කී‍්‍රඩකයෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඞ්වේන් ස්මිත් (නොදැවී 37) සහ රවින්ද්‍ර ජදේජා (නොදැවී 21) ගුජරාට් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 23 කදී වාර්තා වූ ස්මිත්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 15 කදී වාර්තා වූ ජදේජාගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ සුරේෂ් රයිනා පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය. බ්‍රෙන්ඩන් මැකලම් (48) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රයිනා සමත් විය. පන්දු 27 කදී වාර්තා වූ මැකලම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නටිෂ් රානා පන්දු 36 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 70 ක් රැස්කළේය.

ජොස් බට්ලර් (33) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නටිෂ් රානා සමත් විය. පන්දු 31 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

නායක රෝහිත් ශර්මා පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක් රැුස්කරමින් මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ඞ්වේන් බ‍්‍රාවෝ, ප‍්‍රවීන් කුමාර්, ඞ්වේන් ස්මිත් සහ ධවාල් කුලකර්ණි ගුජරාට් ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනූ ගුජරාට් ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 කට 172
(රෝහිත් ශර්මා 30, නටිෂ් රානා 70, ජොස් බට්ලර් 33, ඞ්වේන් බ‍්‍රාවෝ 22/2, ප‍්‍රවීන් කුමාර් 24/2, ඞ්වේන් ස්මිත් 37/2, ධවාල් කුලකර්ණි 41/2)

ගුජරාට් ලයන්ස් කණ්ඩායම –  ඕවර 17.5 කදී කඩුලූ 4 කට 173
(බ්‍රෙන්ඩන් මැකලම් 48, සුරේෂ් රයිනා 58, ඞ්වේන් ස්මිත් නොදැවී 37, රවින්ද්‍ර ජදේජා නොදැවී 21, විනේ කුමාර් 17/2)

 

 

-036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>