හෙලිකොප්ටර් පහරින් පූනේ පිලට ජය

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 53 වැනි තරගය ලෙස රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර විශාකාපට්නම්හිදී අද (සෙනසුරාදා) පැවැති තරගයෙන් කඩුලූ 4 ක් ජයක් අත්කර ගැකීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම කඩුලූ 6 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාලීමට සමත් විය. අවසන් පන්දුවේදී ‘හෙලිකොප්ටර්’ පහරකින් ලකුණු 6 ක් ලබාගත් නායක මහේන්ද්‍ර සිං දෝනි සුපර්ජයන්ට්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

තරගය ජයගැනීමට නම් අක්ෂර් පටේල් විසින් යවන ලද අවසන්  ඕවරයේදී සුපර්ජයන්ට්ස් කණ්ඩායමට සඳහා ලකුණු 23 ක් රැස්කිරීමට සිදුවිය. පන්දු දෙකකදී ලකුණු ලබාගැනීමට නොහැකි වුවද, වයිඞ් ලකුණක් සමග ඉතිරි පන්දු හතරේදී හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් එම ලකුණු 23  රැස්කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සමත් විය.

කණ්ඩායම අසිරූ තත්ත්වයක මුහුණපා සිටි අවස්ථාවක නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ දෝනි, පන්දු 32 කදී ලකුණු 64 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

තිසර පෙරේරා (23) සමග එක්ව සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දෝනි සමත් විය. පන්දු 14 කට මුහුණදුන් තිසර පෙරේරාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක මුරලි විජේ (59) සහ හෂීම් අම්ලා (30) සමත් වූහ.

පන්දු 41 කදී වාර්තා වූ මුරලි විජේගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 27 කදී වාර්තා වූ හෂීම් අම්ලාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ ගුරුකීරාට් සිං පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 59 ක් රැස්කරමින් පන්ජාබ් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අෂ්වින් ඕවර 4 ක් යවමින් ලකුණු 34 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 7 කට 172
(හෂීම් අම්ලා 30, මුරලි විජේ 59, ගුරුකීරාට් සිං 51, රවිචන්ද්‍රන් අෂ්වින් 34/4)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 6 කට 173
(අජින්ක්‍යා රහනේ 19, උස්මන් කවාජා 30, සෞරබ් තිවාරි 17, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 64, තිසර පෙරේරා 23, ගුරුකීරාට් සිං 15/2)

 

-036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>