කරුන් නයර් දිල්ලි පිලට ජය ගෙනෙයි

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ රායිපූර්හිදී පැවැති 52 වැනි තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අද (20 වැනිදා) සමත්විය.

 


ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල තරගයේ අවසන් පන්දුවේදී කඩුලූ 6 ක් දැවී හතරේ පහරකින් ජය තහවුරු කරගැනීමට සමත්විය.


තරගයේ වීරයාට හිමි සම්මානය හිමිකර ගත් කරුන් නයර් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 59 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 83 ක් ලබාගත් අතර දෙවන කඩුල්ල සදහා රිශාබ් පන්ට් (32) සමග එක්ව පන්දු 59 කදී ලකුණු 73 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීමට සමත්විය.


බරින්දර් ස‍්‍රාන්  ඕවර 4 කදී ලකුණු 34 කට කඩුලූ 2 ක් දවාගත්තේය.


හයිද්‍රාබාද් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක ඬේවිඞ් වෝනර් පන්දු 56 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 73 ක් රැස්කළේය. ශිකර් ධවාන් (10) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වෝනර් සමත් විය.


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා බවට පත් වූ කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට්  ඕවර 4 ක් යවා ලකුණු 27 කට කඩුලූ 2 ක් දවාගත්තේය.


කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 කට 158
(ඬේවිඞ් වෝනර් 73, මොරික්ස් හෙන්රික්ස් 18, නාමන්  ඕජා නොදැවී 16, කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට් 27/2)


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 4 කට 161
(රිශාබ් පන්ට් 32, කරුන් නයර් නොදැවී 83, බරින්දර් ස‍්‍රාන් 34/2)

 

-036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>