ශ්‍රී ලංකාව එස්. එස්. සී. පිටියේ වාසිය සොයයි

වසර හයකට පසුව එක්දින අන්තර්ජාතික තරග නැවතත් එස්. එස්. සී. ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්ත වී තිබේ. වසර හයක් පුරා නොලැබුණු එක්දින තරග, ශ්‍රී ලංකා භූමියේ පළමු එක්දින තරගය පැවැති ක්‍රීඩාංගණයට නැවතත් පැමිණීමට හේතු භූත වූ කරුණු කාරණා බොහොමයක් ඇතත් මේ වන විට බොහෝ දෙනාගේ කුකුසට බඳුන් වී ඇත්තේ එකම පැනයකි. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින් වාසිදායක ක්‍රීඩාංගණයක් සේ සැලකෙන එස්. එස්. සී. පිටියේදී බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවේද යන්නයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් නිමා වී ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සිටිනුයේ පසුපසිනි. පළමු තරගය ජයගත් බංග්ලාදේශය 1-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවෙයි.

හෙට තරගයේ ඉරණම කුමක් වූවත් බංග්ලාදේශය තරගාවලියෙන් පරාජය වන්නේ නැත. ඔවුන් පීඩනයෙන් මිදී සිටින්නේ එබැවිනි. අනෙක් අතට පිට පිටම එක්දින තරග 6 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශාල පීඩනයකට නතුව සිටී.

පසුගිය වසර මැදදී යෙදුණු ඕස්ටේ්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු තරග දෙකම ජයගෙන 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිල ඉතිරි තරග තුනම එක දිගට පරාජය වීම නිසා 3-2 කින් තරගාවලිය පරාජය විය. ඉන් අනතුරුව සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලිය ජයගත් නමුත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුල්ලේදී බංග්ලාදේශය හමුවේ අත්වූයේ ඛේදජනක ඉරණමකි.

මෙහි ඇති අනෙක් වැදගත් කාරණය වන්නේ ලබන ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් එක්දින තරගය මෙම තරගය වීමයි. මේ වන විට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි  ස්ථානය දක්වා ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යාමට හෙට තරගයේදී බංග්ලාදේශය සමත් වුවහොත් තත්ත්වය ඉතා අසීරු වනු ඇත.

දකුණු අප්‍රිකාවේදී පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් සිටියේ මෙම තරගය සඳහා සූදානමිනි. එහෙත් මැතිව්ස්ට මෙම තරගයත් අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසූවේ හෙට තරගය සඳහා නම්කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත්ය.

“විස්සයි-20 (බංග්ලාදේශයට එරෙහිව) පැවැත්වෙන තරග දෙකේදී වුණත් එයා සෙල්ලම් කරයිද කියලා හරියටම කියන්න බෑ. අපේ බලාපොරොත්තුව දෙවැනි විස්සයි-20 තරගයට හෝ ඇන්ජලෝව ගන්නයි” යයිද අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ගුරුසිංහ මහතා පැවසීය.

 වැඩිදුරටත් කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස් පසුගිය සඳුදා නැවතත් පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ නමුත් පාදයේ අහසුතාවක් ඇතිවීම නිසා පුහුණුවීම් අතර මග නතර කළ බවයි. මෙම ආබාධය හේතුවෙන් ඇතැම් විට අයි. පී. එල්. තරගාවලියේ පළමු තරග කිහිපයට සහභාගි වීමද සැක සහිත බව වාර්තා වේ.

දඹුල්ලේදී පන්දුවක් ඇඟිල්ලේ වද්දාගත් නිරෝෂන් දික්වැල්ලටද ෂති තුනක පමණ කාලයක් විවේක අවශ්‍ය බව ගුරුසිංහ මහතා කියයි.


ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර සහ ඩිල්රුවන් පෙරේරා

බංග්ලාදේශ සංචිතය
මෂ්රාෆි මෝර්ටසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාර්කර්, ඉම්රුල් කේයිස්, මුෂ්ෆිකුර් රහීම්, සකිබ් අල් හසන්, සබීර් රහමන්, මහමදුල්ලා රියාද්, මොසඩක් හොසේන්, මුස්ටෆිසුර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඞ්, සුබෂිස් රෝයි, සුන්සමුල් ඉස්ලාම්, ෂව්ගතා හොම්, නුරුල් හසන්, මෙහෙදි හසන්

 

මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වී තිබේ. මෙම තරගය හෙට (1 වැනිදා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසූවේ හෙට තරගය සඳහා නම්කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත්ය.

“විස්සයි-20 (බංග්ලාදේශයට එරෙහිව) පැවැත්වෙන තරග දෙකේදී වුණත් එයා සෙල්ලම් කරයිද කියලා හරියටම කියන්න බෑ. අපේ බලාපොරොත්තුව දෙවැනි විස්සයි-20 තරගයට හෝ ඇන්ජලෝව ගන්නයි” යයිද අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ගුරුසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස් පසුගිය සඳුදා නැවතත් පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ නමුත් පාදයේ අහසුතාවක් ඇතිවීම නිසා පුහුණුවීම් අතර මග නතර කළ බවයි. මෙම ආබාධය හේතුවෙන් ඇතැම් විට අයි. පී. එල්. තරගාවලියේ පළමු තරග කිහිපයට සහභාගි වීමද සැක සහිත බව වාර්තා වේ.

අයි. පී. එල් තරගාවලියේදී ඇන්ජලෝ  මැතිව්ස් දිල්ලි ඩෙයාර්ඩෙවිල් පිල නියෝජනය කරයි.

පසුගිය ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි මැතිව්ස්ගේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාම නිසා ඔහුට නැවතත් සියරට බලා පැමිණීමට සිදුවිය. එතැන් සිට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදීත් ඉන් අනතුරුව ඕස්ටේ්‍රලියාවේදී පැවැති විස්සයි:20 තරගාවලියේදීත් මැතිව්ස් ක්‍රීඩා නොකළේය.

කලව පිටුපස ආබාධය නිසා බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියටත් ක්‍රීඩා නොකළ මැතිව්ස් එක්දින තරගාලියේ තුන්වැනි තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය.

 

 

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි ටෙස්ට් තරගය අද (29 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. අවසන් දිනය වූ අද නොකඩවා ඇද හැළුණු වර්ෂාව නිසා තරගයේ එකදු ඕවරයක් හෝ යැවිය නොහැකි විය.

සිව්වැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි අතර නායක ෆෆ් ඩුප්ලෙසි නොදැවී ලකුණු 15 ක්ද, ක්වින්ටින් ඩි’කොක් නොදැවී ලකුණු 15 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු ඉනිමේදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 176 ක් රැස්කළ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 314
(හසීම් අම්ලා 50, ජේ. පී. ඩුමිනි 20, ෆෆ් ඩුප්ලෙසි 53, ටෙම්බා බවුමා 29, ක්වින්ටින් ඩි’කොක් 90, කගිසෝ රබාඩා 34, මැට් හෙන්රි 93/4, නිල් වෝග්නර් 104/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 62/2)

නවසීලන්තය පළමු ඉනිම – සියලු දෙනා දැවී 489
(ටොම් ලේතම් 50, ජීත් රාවල් 88, කේන් විලියම්සන් 176, මිචෙල් සෑන්ට්නර් 41, බී. ජේ. වොට්ලිං 24, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 57, මෝනි මෝකල් 100/4, කගිසෝ රබාඩා 122/4, කේෂව් මහරාජ් 118/2)

දකුණු අප්‍රිකාව පළමු ඉනිම – කඩුලු 5 ක් දැවී 80
(හසීම් අම්ලා 19, ෆෆ් ඩුප්ලෙසි නොදැවී 15, ක්වින්ටින් ඩි’කොක් නොදැවී 15, ජීතන් පටේල් 22/2)


- 036

 

වැස්ස කඩාවැදී ශ්‍රී ලංකා බලාපොරොත්තු දියවෙයි

කුසල් මෙන්ඩිස්ගේ මංගල එක්දින ශතකය හමුවේ ලකුණු 311 ක් ලබාගත් ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා එය අතරමගදී අතහැර දමන ලදි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 311 ක් රැස්කිරීමට සමත්වුවද බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීමට පෙර ඇතිවූ වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.


පළමු තරගය පරාජය වූවද මෙම තරගය ජයගනිමින් තරගාවලිය සමකිරීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සියල්ලම වර්ෂාවෙන් සේදී ගියේය. පළමු තරගය ජයගත් බංග්ලාදේශ පිල 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.


මංගල එක්දින ශතකය පන්දු 102 කදී වාර්තා කළ කුසල් මෙන්ඩිස් ගැසු පහරක් පන්දු යැවු ටස්කින් අහමඞ්ගේ උරහිසේ වැදි ඉහළ නැගි අතර පසු පසට දිවවිත් උඩපන්දුව රැක ගැනීමත් සමගින් කුසල්ගේ ඉනිම ලකුණු 102 කට අවසන් විය. පන්දු 107 කට මුහුණදුන් කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර නවයක් ඇතුළත් විය. සිය 31 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 68 කදී වාර්තා කළ උපුල් තරංග දෙවැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සමගින් එක්ව පන්දු 133 කදී ලකුණු 111 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

ශ්‍රී ලංකාව ඉනිම 
ධනුෂ්ක ගුණතිලක – ඇ. මුෂිෆිකුර් රහීම් ප. මෂ්රෆී මොටාසා 9
උපුල් තරංග – දුවද්දී දැවී ගියා 65
කුසල් මෙන්ඩිස් – ඇ. සහ ප. ටස්කින් අහමඞ් 102
දිනේෂ් චන්දිමාල් – ක.මු.කළා ප. මිස්ටෆිසූර් රෙහෙමාන් 24
අසේල ගුණරත්න – ඇ. සෞම්‍ය සර්කාර් ප. ටස්කින් අහමඞ් 39
මිලින්ද සිරිවර්ධන – ප. මෙහෙදි හසන් 30
තිසර පෙරේරා – දුවද්දී දැවී ගියා 9
ඩිල්රුවන් පෙරේරා  – දුවද්දී දැවී ගියා 9
නුවන් කුලසේකර – නොදැවී 2
සුරංග ලක්මාල් – ඇ. මිස්ටෆිසූර් රෙහෙමාන් ප. ටස්කින් අහමඞ් 0
නුවන් ප්‍රදීප්  – ප. ටස්කින් අහමඞ් 0
අතිරේක (නි.ල-4, පා.ල- 10, නි-1, ව-7) 22
එකතුව ඕවර 49.5 කදී සියලුදෙනා දැවී     311
කඩුලු වැටීම 
1-18 (ගුණතිලක), 2-129 (තරංග), 3-212 (චන්දිමාල්), 4-216 (මෙන්ඩිස්), 5-271 (සිරිවර්ධන), 6-280 (තිසර පෙරේරා), 7-300 ඩිල්රුවන් පෙරේරා), 8-311 (ගුණරත්න), 9-311 (ලක්මාල්), 10-311 (ප්‍රදීප්)
පන්දු යැවීම
මෂ්රෆී මොටාසා  10-1-55-1 ව-1
මෙහෙදි හසන් 10-0-50-1  
මිස්ටෆිසූර් රෙහෙමාන් 8-0-60-1 නි-1, ව-2
ටස්කින් අහමඞ් 8.5-0-47-4  
ශකීබ් අල් හසන් 10-0-59-0 ව-1
මොසැඩෙක් හුසේන් 3-0-26-0  

25 වැනි ඕවරය යැවූ මිස්ටෆිසූර් රෙහෙමාන් සිවුවැනි පන්දුවේදී යැවු බීමර් පන්දුව පැති විනිසුරුවරයා විසින් නිපන්දුවක් යැයි තීරණය කළද අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවු උපුල් තරංග ලකුණු 65 කට දැවී ගියේය. මහමුදුල්ලා අහුලාගත් පන්දුව කෙලින්ම කඩුල්ල වෙත දමා ගැසීම හේතුවෙන් උපුල් තරංග දැවී යන විටදී පන්දු 76 කට මුහුණදී හතරේ පහර නවයකින් ඉනිම අලංකාර කළේය.


කුසල් මෙන්ඩිස් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 73 කදී ලකුණු 83 ක් සම්බන්ධතාවයක්ද පැවැත්වීමට දිනේෂ් චන්දිමාල් සමත් විය. මිස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවකට හරවා පහරක් ගැසීමට යාමේදී පන්දුව පාදයේ වැදිමත් සමගින් කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් පිළිගනිමින් චන්දිමාල් දැවී ගියේ යැයි තීරණය කළේය. එම තීරණයට එකග නොවු අනෙක් අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියද තෙවැනි විනිසුරුවරයාද ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය පිළිගනිමින් චන්දිමාල් දැවි ගියේ යැයි තීරණය කළේය.


වේගවත් පිතිහරඹයක නිරතවූ මිලින්ද සිරිවර්ධන (30) සහ අසේල ගුණරත්න (39) පන්දු 48 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු හය ලකුණු 40 ක් තුළඳී බිඳ වැටුණු අතර අවසන් ඕවරයේදී අසේල ගුණරත්න, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් පිට පිට දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් හිමිකර ගත් ටස්කින් අහමඞ් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ටස්කින් අහමඞ් බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පස්වැනි පන්දු යවන්නා වූයේය. සදාත් හොසේන්, අබ්දුල් රසාක්, රුබෙල් හොසේන් සහ තයිජුල් ඉස්ලාම් බංග්ලාදේශය වෙනුනේ එක්දින තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් සෙසු පන්දු යවන්නෝ වෙති.


කෙසේ වෙතත් අවසන් ඕවර 10 දී යැවූ පන්දු 59 න් ලකුණු 76 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූ අතර කඩුලු රැකගැනීමට වඩා ලකුණු ලබාගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අභිප්‍රාය විය.


වේගවත් ආරම්භයක් ලබාගත්තද ධනුෂ්ක ගුණතිලකට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදුන් මෂ්රෆී මොර්ටාසා ඔහු දවා ගත්තේය.  මුෂිෆිකුර් රහීම් අතට උඩපන්දුවත් දෙමින් දැවී යන විටදී ධනුෂ්ක ගුණතිලකට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණි.


අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනක් කරමින් පළමු තරගයේදී ක්‍රීඩා කළ සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවට ඩිල්රුවන් පෙරේරා, නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් කණ්ඩායමට එක් කළහ.  


බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් කර නොමැති අතර පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයට සහභාගී වෙයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදිමට තීරණය කළේය.

 

වර්ෂාව නිසා දෙවැනි එක්දින තරගය අත්හැර දමයි

නොනවත්වා ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගනිති..


 

…………………………………………………………………………………………………………….

 

වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීම ප්‍රමාද වෙයි.

 

…………………………………………………………………………………………………………….

 

බංග්ලාදේශයට ලකුණු 312 ක ඉලක්කයක්

 

…………………………………………………………………………………………………………….

 

ඕවර 49.5 කදී 311/10 (නුවන් කුලසේකර 02, ටස්කින් අහමඩ් 8.5-0-47-4)

 

                

 

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් නුවන් ප්‍රදීප් ලකුණු නොළබා දැවී යයි.

 

පිටියට පිවිසි නව පිතිකරුවා නුවන් ප්‍රදීප්.

 

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ මුස්ටෆිසූර් රෙහෙමාන් අතට උඩ පන්දුවක් දෙමින් සුරංග ලක්මාල් ලකුණු නොළබා දැවී යයි.

 

පිටියට පිවිසි නව පිතිකරුවා සුරංග ලක්මාල්.

 

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ සෞම්‍ය සර්කාර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 39 ක් ලබා සිටි අසේල ගුණරත්න දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 4 යි)

 

පන්දුවට පහරදීම සඳහා නුවන් කුලසේකර සූදානම්.‍ 50 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි.

 

ඕවර 49 කදී 306/7 (අසේල ගුණරත්න 35, නුවන් කුලසේකර 01, මුස්ටෆිසූර් රෙහෙමාන් 8-0-60-1)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා නුවන් කුලසේකර.

 

ලකුණු 9 ක් ලබා සිටි ඩිල්රුවන් පෙරේරා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මුෂ්ෆිකුර් රහීම් සමත් වෙයි. (හතරේ පහර 1 යි)

 

පන්දුවට පහරදීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.‍ 49 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි.

 

ඕවර 48 කදී 300/6 (අසේල ගුණරත්න 31, ඩිල්රුවන් පෙරේරා 09, ටස්කින් අහමඩ් 8-0-42-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.‍ 48 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි.

 

ඕවර 47 කදී 287/6 (අසේල ගුණරත්න 30, ඩිල්රුවන් පෙරේරා 01, මෂ්රෆී මොටාසා 10-1-55-1)

 

                

 

පිටියට පිවිසි නව පිතිකරුවා ඩිල්රුවන් පෙරේරා.

 

ලකුණු 9 ක් ලබා සිටි තිසර පෙරේරා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මුෂ්ෆිකුර් රහීම් සමත් වෙයි. (හතරේ පහර 2 යි)

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 47 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි.

 

ඕවර 46 කදී 272/5 (අසේල ගුණරත්න 24, තිසර පෙරේරා 01, මෙහෙදි හසන් 10-0-50-1)

 

                

 

පිටියට පිවිසි නව පිතිකරුවා තිසර පෙරේරා.

 

මෙහෙදි හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 30 ක් ලබා සිටි මිලින්ද සිරිවර්ධන දැවී යයි. (හතරේ පහර 3 යි)

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 46 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන්  පැමිණෙයි.

 

ඕවර 45 කදී 267/4 (අසේල ගුණරත්න 23, මිලින්ද සිරිවර්ධන 27, මෂ්රෆී මොටාසා 9-1-40-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 45 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි.

 

ඕවර 44 කදී 257/4 (අසේල ගුණරත්න 17, මිලින්ද සිරිවර්ධන 23, මෙහෙදි හසන් 9-0-45-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 44 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන්  පැමිණෙයි.

 

ඕවර 43 කදී 249/4 (අසේල ගුණරත්න 16, මිලින්ද සිරිවර්ධන 16, සකීබ් අල් හසන් 10-0-59-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 41 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 42 කදී 245/4 (අසේල ගුණරත්න 13, මිලින්ද සිරිවර්ධන 16, මෙහෙදි හසන් 8-0-37-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 42 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන්  පැමිණෙයි.

 

ඕවර 41 කදී 242/4 (අසේල ගුණරත්න 11, මිලින්ද සිරිවර්ධන 15, සකීබ් අල් හසන් 9-0-56-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 41 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 40 කදී 235/4 (අසේල ගුණරත්න 09, මිලින්ද සිරිවර්ධන 13, ටස්කින් අහමඩ් 7-0-33-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 39 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි.

 

ඕවර 39 කදී 224/4 (අසේල ගුණරත්න 08, මිලින්ද සිරිවර්ධන 03, මුස්ටෆිසූර් රෙහෙමාන් 7-0-54-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 39 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි.

 

ඕවර 38 කදී 216/4 (අසේල ගුණරත්න 03, මිලින්ද සිරිවර්ධන 00, ටස්කින් අහමඩ් 6-0-22-1)

 

                

 

පිටියට පිවිසි නව පිතිකරුවා මිලින්ද සිරිවර්ධන.

 

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ලකුණු 102 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 9 යි)

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 38 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි.

 

ඕවර 37 කදී 213/3 (කුසල් මෙන්ඩිස්  101, අසේල ගුණරත්න 01, මුස්ටෆිසූර් රෙහෙමාන් 6-0-46-1)

 

                

 

පිටියට පිවිසි නව පිතිකරුවා අසේල ගුණරත්න.

 

මුස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ලකුණු 24 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් දැවී යයි. (හතරේ පහර 1 යි)

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 37 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි.

 

ඕවර 36 කදී 210/2 (කුසල් මෙන්ඩිස්  100, දිනේෂ් චන්දිමාල් 23, මෂ්රෆී මොටාසා 8-1-30-1)

 

                

 

පන්දු 102 කදී 7හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් කුසල් මෙන්ඩිස් සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කරයි.

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 36 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි.

 

ඕවර 35 කදී 203/2 (කුසල් මෙන්ඩිස්  98, දිනේෂ් චන්දිමාල් 18, සකීබ් අල් හසන් 8-0-49-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 35 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 34 කදී 194/2 (කුසල් මෙන්ඩිස්  90, දිනේෂ් චන්දිමාල් 17, මෂ්රෆී මොටාසා 7-1-23-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 34 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි.

 

ඕවර 33 කදී 190/2 (කුසල් මෙන්ඩිස්  89, දිනේෂ් චන්දිමාල් 14, සකීබ් අල් හසන් 7-0-40-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 33 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 32 කදී 184/2 (කුසල් මෙන්ඩිස්  87, දිනේෂ් චන්දිමාල් 09, මෂ්රෆී මොටාසා 6-1-19-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 32 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි.

 

ඕවර 31 කදී 180/2 (කුසල් මෙන්ඩිස්  85, දිනේෂ් චන්දිමාල් 08, සකීබ් අල් හසන් 6-0-33-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 31 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 30 කදී 175/2 (කුසල් මෙන්ඩිස් 80, දිනේෂ් චන්දිමාල් 08, මොසද්දික් හුසේන් 3-0-26-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 30 වැනි ඕවරය යැවීම සඳහා මොසද්දික් හුසේන් පැමිණෙයි.

 

ඕවර 29 කදී 162/2 (කුසල් මෙන්ඩිස් 68, දිනේෂ් චන්දිමාල් 07, සකීබ් අල් හසන් 5-0-28-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 29 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 28 කදී 157/2 (කුසල් මෙන්ඩිස් 65, දිනේෂ් චන්දිමාල් 05, මොසද්දික් හුසේන් 2-0-13-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 28 වැනි ඕවරය යැවීම සඳහා මොසද්දික් හුසේන් පැමිණෙයි.

 

ඕවර 27 කදී 148/2 (කුසල් මෙන්ඩිස් 57, දිනේෂ් චන්දිමාල් 04, සකීබ් අල් හසන් 4-0-23-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 27 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 26 කදී 144/2 (කුසල් මෙන්ඩිස් 55, දිනේෂ් චන්දිමාල් 02, මොසද්දික් හුසේන් 1-0-4-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 26 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දග පන්දු යවන ක්‍රීඩක මොසද්දික් හුසේන් කැඳවයි.

 

ඕවර 25 කදී 140/2 (කුසල් මෙන්ඩිස් 53, දිනේෂ් චන්දිමාල් 00, මුස්ටෆිසූර් රෙහෙමාන් 5-0-43-0)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා දිනේෂ් චන්දිමාල්.

 

ලකුණු 65 ක් ලබා සිටි උපුල් තරංග දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මහමදුල්ලා සමත් වෙයි. (හතරේ පහර 9 යි)

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 25 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි.

 

ඕවර 24 කදී 120/1 (කුසල් මෙන්ඩිස් 42, උපුල් තරංග 57, සකීබ් අල් හසන් 3-0-19-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 24 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි. 

 

ඕවර 23 කදී 111/1 (කුසල් මෙන්ඩිස් 39, උපුල් තරංග 51, මුස්ටෆිසූර් රෙහෙමාන් 4-0-23-0)

 

                

 

පන්දු 68 කදී හතරේ පහර 6 ක් සමගින් උපුල් තරංග සිය 31 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 23 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 22 කදී 108/1 (කුසල් මෙන්ඩිස් 38, උපුල් තරංග 49, මෙහෙදි හසන් 7-0-34-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 22 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

ඕවර 21 කදී 104/1 (කුසල් මෙන්ඩිස් 35, උපුල් තරංග 48, මුස්ටෆිසූර් රෙහෙමාන් 3-0-20-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 21 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 20 කදී 101/1 (කුසල් මෙන්ඩිස් 33, උපුල් තරංග 47, මෙහෙදි හසන් 6-0-30-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 20 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

ඕවර 19 කදී 94/1 (කුසල් මෙන්ඩිස් 31, උපුල් තරංග 42, ටස්කින් අහමඩ් 5-0-19-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි. 

 

ඕවර 18 කදී 90/1 (කුසල් මෙන්ඩිස් 28, උපුල් තරංග 41, මෙහෙදි හසන් 5-0-23-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 18 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

ඕවර 17 කදී 86/1 (කුසල් මෙන්ඩිස් 26, උපුල් තරංග 39, ටස්කින් අහමඩ් 4-0-15-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි. 

 

ඕවර 16 කදී 85/1 (කුසල් මෙන්ඩිස් 25, උපුල් තරංග 39, සකීබ් අල් හසන් 2-0-10-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි. 

 

ඕවර 15 කදී 78/1 (කුසල් මෙන්ඩිස් 19, උපුල් තරංග 38, ටස්කින් අහමඩ් 3-0-14-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි. 

 

ඕවර 14 කදී 72/1 (කුසල් මෙන්ඩිස් 18, උපුල් තරංග 33, සකීබ් අල් හසන් 1-0-3-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දග පන්දු යවන ක්‍රීඩක සකීබ් අල් හසන් කැඳවයි. 

 

ඕවර 13 කදී 69/1 (කුසල් මෙන්ඩිස් 18, උපුල් තරංග 30, ටස්කින් අහමඩ් 2-0-8-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි. 

 

ඕවර 12 කදී 65/1 (කුසල් මෙන්ඩිස් 16, උපුල් තරංග 28, මිස්ටෆිසූර් රෙහෙමාන් 2-0-17-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 12 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 11 කදී 52/1 (කුසල් මෙන්ඩිස් 07, උපුල් තරංග 28, ටස්කින් අහමඩ් 1-0-4-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කැඳවයි. 

 

ඕවර 10 කදී 48/1 (කුසල් මෙන්ඩිස් 06, උපුල් තරංග 25, මිස්ටෆිසූර් රෙහෙමාන් 1-0-8-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 10 වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන මිස්ටෆිසූර් රෙහෙමාන් කැඳවයි. 

 

ඕවර 9 කදී 40/1 (කුසල් මෙන්ඩිස් 06, උපුල් තරංග 18, මෂ්රෆී මොටාසා 5-1-16-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. නවවැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

ඕවර 8 කදී 37/1 (කුසල් මෙන්ඩිස් 05, උපුල් තරංග 16, මෙහෙදි හසන් 4-0-19-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ අටවැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

ඕවර 7 කදී 26/1 (කුසල් මෙන්ඩිස් 04, උපුල් තරංග 06, මෂ්රෆී මොටාසා 4-1-13-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

ඕවර 6 කදී 26/1 (කුසල් මෙන්ඩිස් 04, උපුල් තරංග 06, මෙහෙදි හසන් 3-0-8-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ හයවැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

ඕවර 5 කදී 24/1 (කුසල් මෙන්ඩිස් 00, උපුල් තරංග 05, මෂ්රෆී මොටාසා 3-0-13-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

 

ඕවර 4 කදී 21/1 (කුසල් මෙන්ඩිස් 03, උපුල් තරංග 05, මෙහෙදි හසන් 2-0-6-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ සිවුවැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

ඕවර 3 කදී 18/1 (කුසල් මෙන්ඩිස් 00, උපුල් තරංග 05, මෂ්රෆී මොටාසා 2-0-11-1)

 

                

 

පන්දුවට පහරදීම සදහා කුසල් මෙන්ඩිස් පැමිණෙයි.

 

මෂ්රෆී මොටාසාගේ පන්දුවකට ලකුණු 9 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක මුෂිෆිකුර් රහීම් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

ඕවර 2 කදී 12/0 (ධනුෂ්ක ගුණතිලක 03, උපුල් තරංග 05, මෙහෙදි හසන් 1-0-3-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.‍ දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් කැඳවයි. 

 

ඕවර 1 කදී 9/0 (ධනුෂ්ක ගුණතිලක 01, උපුල් තරංග 04, මෂ්රෆී මොටාසා 1-0-5-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා ආරම්භක පිතිකරු යුගළය ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග පිටියට පිවිසෙති.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා කණ්ඩායම

උපුල් තරංග (නායක), ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්.

……………………………………………………………………………………………………………….

 

බංග්ලාදේශ කණ්ඩායම

ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, සබීර් රහ්මන්, මුෂිෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, මොසැඩෙක් හුසේන්, මහමුදුල්ලා, මෙහෙදි හසන්, මෂ්රෆී මොටාසා (නායක), ටස්කින් අහමඞ්, මිස්ටෆිසූර් රෙහෙමාන්.

 

……………………………………………………………………………………………………………….

 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර රංගිර් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

ඉන්දියාව 2-1 කින් ටෙස්ට් තරගාවලිය ජය ගනියි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමට තවත් දිනයක් ඉතිරිව තිබියදීම, ඉන් කඩුලු 8 කින් ජය ලැබීමට ඉන්දීය කණ්ඩාය අද (28 වැනිදා) සමත් විය.

ඒ අනුව දෙරට අතර තරග 4 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ රවින්ද්‍ර ජදේජා සිවුවැනි තරගයේ මෙන්ම තරගාවලියේද වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර ආරම්භක පිතිතරු ලොකේෂ් රාහුල් (නොදැවී 51) සහ නායක අජින්ක්‍යා රහනේ (නොදැවී 38) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. ලෝකේෂ් රාහුල්ගේ 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වූ අතර අජින්ක්‍යා රහනේගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

සිවුවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම, ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ඉතිරි ලකුණු 87 අද දිනයේ දිවා ආහරයට පෙර රැස්කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 8 ක් ලබා සිටි ආරම්භක පිතිකරු මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ සහායද ඇතිවය.

ඉන් පසුව පිටියට පිවිසි චෙතේෂ්වර් පුජාරාට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව නොලැබුණ අතර ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර ඔහු දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)

ඉන්දියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 332
(ලෝකේෂ් රාහුල් 60, චෙතේෂ්වර් පුජාරා 57, අජින්ක්‍යා රහනේ 46, රවිචන්ද්‍රන් අෂ්වින් 30, රිධිමන් සාහ 31, රවින්ද්‍ර ජදේජා 63, නේදන් ලයන් 95/5, පැට් කමින්ස් 94/3)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 137  
(ස්ටීවන් ස්මිත් 17, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 18, ග්ලේන් මැක්ස්වෙල් 45, මැතිව් වේඞ් නොදැවී 25, රවින්ද්‍ර ජදේජා 24/3, රවිචන්ද්‍රන් අෂ්වින් 29/3, උමේෂ් යාදව් 29/3)

ඉන්දියාව දෙවැනි ඉනිම – කඩුලු 2 ක් දැවී 106
(ලෝකේෂ් රාහුල් නොදැවී 51, අජින්ක්‍යා රහනේ නොදැවී 38)

-036

 

නේදන් ලයන් ඉන්දීය ඉනිම අඩපණ කරයි

සංචාරක ඕස්ට්‍රේෙලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් අතැතිව ඕස්ට්‍රේෙලියාවට වඩා තවත් ලකුණු 52 පසුපසින් සිටින අතර දිනය නිමාවන විට රිදිමන් සාහ ලකුණු 10 ක්ද, රවින්ද්‍ර ජදේජා ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ (11) පිටියෙන් ඉවත් කිරීමට ජොෂ් හෙසල්වුඞ් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ සහායද ඇතිවය.

මුරලි විජේගේ දැවී යෑමෙන් අනතුරුව ලෝකේෂ් රාහුල් (60) සමග එක්වූ චෙතේෂ්වර් පුජාරා (57) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් ලෝකේෂ් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

නේදන් ලයන්ගේ පළමු ගොදුර බවට පත්වෙමින් පුජාරා දැවී ගියේ පීටර් හෑන්ඞ්ස්කොම්බ් අතට උඩපන්දුවක් දෙමිනි. රාහුල්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත වූ අතර පුජාරාගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

නායක අජින්ක්‍යා රහනේට (46) සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතර උඩ පන්දුවක් දීම හේතුවෙනි.

කරුන් නායර්ට (5) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ නොදුන් නේදන් ලයන්, ලකුණු 30 ක් ලබා සිටි රවිචන්ද්‍රන් අෂ්වින් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.

ඕස්ට්‍රේෙලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)

ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 6 ක් දැවී 248
(ලෝකේෂ් රාහුල් 60, චෙතේෂ්වර් පුජාරා 57, අජින්ක්‍යා රහනේ 46, රවිචන්ද්‍රන් අෂ්වින් 30, රවින්ද්‍ර ජදේජා නොදැවී 16, නේදන් ලයන් 67/4)

-036

 

දකුණු අප්‍රිකාව ලකුණු 247 ක් ඉදිරියෙන්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දින වූ අද (26 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 67 ක් ලබා සිටියේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ම අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 247 ක් පසුපසින් සිටින අතර නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වන ටොම් ලේතම් ලකුණු 42 ක්ද, ජීත් රාවල් ලකුණු 25 ක්ද ලබා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 191 ක් එක්කර ගත්හ.

දිනයේ පළමු කඩුල්ල ලෙස හතරේ පහර 4 ක් සමගින් ලකුණු 29 ක් ලබා සිටි ටෙම්බා බවුමා පිටියෙන් ඉවත් කිරීමට මැට් හෙන්රි සමත් වූ අතර ජීත් රාවල් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

බවුමාගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ක්වින්ටින් ඩි’කොක් හයේ පහර 2 ක් සහ හතුරේ පහර 11 ක් සමගින් ලකුණු 90 ක් රැස්කළ අතර නිල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සිවුවැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

නායක ෆෆ් ඩුප්ලෙසි (53) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ක්වින්ටින් ඩි’කොක්, කගිසෝ රබාඩා (34) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකාණු කණ්ඩායම ලකුණු 300 සීමාව දක්වා ඔසවා තැබීය.

මිචෙල් සෑන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ඩුප්ලෙසිගේ 12 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 9 ක් අන්තර්ගත වී තිබූ අතර නීල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ බී. ජේ. වොට්ලිං අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට කගිසෝ රබාඩාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මැට් හෙන්රි ලකුණු 93 කට කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නිල් වෝග්නර් ලකුණු 104 කට කඩුලු 3 ක් දවාගත්තේය.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 314
(හසීම් අම්ලා 50, ජේ. පී. ඩුමිනි 20, ෆෆ් ඩුප්ලෙසි 53, ටෙම්බා බවුමා 29, ක්වින්ටින් ඩි’කොක් 90, කගිසෝ රබාඩා 34, මැට් හෙන්රි 93/4, නිල් වෝග්නර් 104/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 62/2)

නවසීලන්තය පළමු ඉනිම – කිසිවකු නොදැවී 67
(ටොම් ලේතම් නොදැවී 42, ජීත් රාවල් නොදැවී 25)


- 036

 

බංග්ලාදේශයේ අත්දැකීම් දියුණුවට හේතුවයි – චන්දිමාල්

බංග්ලාදේශය එකම කණ්ඩායමක් වසර හය හතක් අඛණ්ඩව ක්‍රීඩා කරමින් ලබාගෙන ඇති අත්දැකීම එම කණ්ඩායමේ මෙම කැපී පෙනෙන දියුණුවට ප්‍රධාන හේතුව බව ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (25) පැවැති පළමු එක්දින තරගයේ පරාජයෙන් පසුව පැවසීය.  

චන්දිමාල් එහිදී වැඩි දුරටත් මෙසේ පැවසීය.

“බංග්ලාදේශ පිලේ දැන් තියෙන ලොකුම වෙනස තමයි පසුගිය වසර 10 ක් පමණ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හතක් අටක් මේ බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්නවා. දැන් වසර 6 ක් විතර බැලුවම බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලොකු අත්දැකීමක් තියෙනවා. එකම කණ්ඩායමක් තමයි අන්තිම අවුරුදු හය හත ක්‍රීඩා කරගෙන ආවේ. ඒත් සමඟ කණ්ඩායමේ ලොකු වෙනසක් තියෙනවා”

“මම කණ්ඩායමට ආපු දවස්වල බංග්ලාදේශය ඉතාමත් පහසුවෙන් පරාජය කළා. ඇත්තටම දුකයි. බංග්ලාදේශයට පමණක් නොවෙයි ඕනෑම කණ්ඩායමකට පරාජය වුණාම කණගාටුයි”

ශ්‍රී ලංකා සංචිතයේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නකු නොමැති වීම පිළිබඳව කළ විමසුමේදී චන්දිමාල් මෙසේ කීය.

“විශේෂඥා පන්දු යවන්නෙක් හිටියේ නෑ. අපි අද තරගයේදී අසේලගෙන් තමයි ඒ කාර්යය ඉටුකර ගන්න සිතාගෙන හිටියේ. ඒ වගේම ධනුෂ්කගෙන් ඕවර කීපයක් යවන එක තමයි අරමුණ වුණේ. අපි හිතුවා ඒ කාර්යය අසේලයි ධනුෂ්කයි ඉටු කරයි කියලා”

“වමත් පිතිකරුවන් දෙදෙනා ඕවර 25 ක් විතර පන්දුවට පහර දුන්නා. වමතින් දඟ පන්දු යවන සචිත්ට පන්දු යවන්න පු`ඵවන් වුණෙත් ඕවර 5 ක් විතරයි. තරගයේ ස්භාවය අනුව තමයි මිලින්දට පන්දු යවන්න නොලැබුණේ”

“අංක 8 ස්ථානය තිසරගේ සුපුරුදු ස්ථානය. මම හිතන්නේ ඔහු සුපුරුදු රිද්මයට එයි”

මැතිව්ස්, දික්වැල්ල සහ කුසල් පෙරේරා අහිමිවීම පිළිබඳව චන්දිමාල් මෙසේ පැවසීය.

“නිරෝෂන් දික්වැල්ල තමයි අපේ අවසන් සංචාර දෙකේ ලකුණු අතර සිටි ක්‍රීඩකයා ඔහු නැතිවීම ලොකු පාඩුවක්. ඒ වගේම ඇන්ජලෝ අපේ හොඳම පිතිකරුවෙක්, ඒ වගේම තමයි කුසල් ජනිත්. මේ තිදෙනා නැති වීම ලොකු පාඩුවක්”

“තරුණ කණ්ඩායමක් හැටියට ඒ වගේ ක්‍රීඩකයන් තිදෙනකුගේ සහයෝගය නොලැබීම අද තරගයේදී ලොකු පාඩුවක් වුණා. ක්‍රීඩකයන් හැටියට අපි දැනගන්න ඕනේ අවස්ථාවක් ලැබුණම කොහොමද ප්‍රයෝජනය ගන්නෙ කියලා”

චන්දිමාල් කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතාව පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“ටෙස්ට් තරගාවලියේදී ඒ වගේම අද තරගයේදී අපේ පන්දු රැකීම හොඳ තත්ත්වයක තිබුණේ නෑ. බංග්ලාදේශ කණ්ඩායම 280 කට වගේ තියා ගන්න පු`ඵවන් වුණා නම් පිතිකරණයේදී ලොකු උත්සහයක් කරලා තරගය දිනන්න අවස්ථාව තිබුණා”

“පුහුණුවීම්වල කොතරම් පන්දු රැකීමේ යොදුණත් තරගයට ආවම විශේෂයෙන්ම ප්‍රේක්‍ෂකයන් ඉන්නවා ඒත් සමඟ පීඩනයක් තියෙනවා. තරුණ ක්‍රීඩකයොනෙ ඉන්නේ. ඊළග තරගයේ සිට වැරදි හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා”