රංගන හේරත්

“කඩුලු රකින්නේ කවුද, ආරම්භක පිතිකරුවාම කඩුලු රකින්නත් යොදවනාවාද, අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙන්නේ කවුද වගේ තව බොහෝ දේවල් හිතන්න තිබෙනවා …කොහොම වුණත් අපට තව දවස් හයක් විතර තියෙනවානේ….හෙමිහිට සාකච්ඡා කරලා බලන්න ඕනේ”

 

- ආරම්භක පිතිකරු යුගලය සම්බන්ධයෙන්

චන්දිමාල් ටෙස්ට් සංචිතයට කැඳවයි

දකුණු අප්‍රිකාවේදී දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රීඩා සමාජ මට්ටමෙන් ගමන් ඇරඹිය යුතු යයි තේරීම් කමිටු සභාපතිවරයාම කී නමුත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට දිනේෂ් චන්දිමාල්ද ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 15 දෙනාගෙන් 8 දෙනකුම පන්දු යවන්නන් වන අතර පිතිකරුවන් ඇත්තේ හත් දෙනකු පමණි.

මෙහි විශේෂත්වය වන්නේ වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාව ටෙස්ට් තරග සඳහා පිවිසෙන්නේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතය 7:4 ක් ලෙස රඳවාගෙන වීමයි. ඒ අනුව සංචිතයේ සිටින පිතිකරුවන් හත් දෙනාම ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තිබේ.

දකුණු අප්‍රිකාවේදී අසාර්ථක වූ නමුත් දිනේෂ් චන්දිමාල් යනු ටෙස්ට් ශතක 7 ක හිමිකරුවකු වන අතර තරග 34 කදී ටෙස්ට් ඉනිමක් වෙනුවෙන් ලකුණු 41.08 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින පිතිකරුවෙකි. ගාල්ල ක්‍රීඩාංගණයේදී අති සාර්ථක පිතිකරුවකු වන චන්දිමාල් ගාල්ලේදී ටෙස්ට් ඉනිමක් වෙනුවෙන් රඳවාගෙන තිබෙන සාමාන්‍යය ලකුණු 63.20 කි.

එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති නිල නොවන ටෙස්ට් තරග දෙකේදී කඩුලු 21 ක් දවාගත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර සිටින අතර සංචිතයේ සිටින දඟ පන්දු යවන්නන් සංඛ්‍යාව 4 කි.

කෙසේ වෙතත් තමන්ද වමතින් දඟ පන්දු යවන්නකු වන හෙයින් මෙම තරගාවලියේදී මාලින්ද පුෂ්පකුමාරට අවස්ථාවක් ලැබීමේ අවස්ථාව පිළිබඳ ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට නායක රංගන හේරත් පැකිළුණේය.

“මමත් වමතින් දඟ පන්දු යවන්නෙක්. මේ වගේ තරගාවලියකදී අපට කණ්ඩායමේ සමබරතාව පිළිබඳ සිතන්නට සිදුවෙනවා…..ඒත් වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරන්න ඕනෑ කියලා හිතුණොත් ඔහුට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්” යයි අද සවස කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී රංගන හේරත් පැවසීය.

සංචිතයට ඇතුළත්ව සිටින පන්දු යවන්නන් අතර ලක්ෂාන් සඳකැන් වමතින් චයිනමන් පන්දු යවන්නකු වන අතර ඩිල්රුවන් පෙරේරා සම්මත පිට දඟ පන්දු යවන්නෙකි. සුරංග ලක්මාල්, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ විකුම් සංජය බණ්ඩාර සිවුදෙනාම වේග පන්දු යවන්නෝ වෙති.

දීර්ඝ කාලයක් පුරා ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරුවාව සිටි කෞෂාල් සිල්වා මෙවර සංචිතයට ඇතුළත් නොවේ. දිමුත් කරුණාරත්නගේ සහායක ආරම්භක පිතිකරුවා වශයෙන් උපුල් තරංග හෝ නිරෝෂන් දික්වැල්ල යොදාගැනීමට හැකියාවක් ඇතත් රංගන හේරත් පවසා සිටියේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති බවයි.

“කඩුලු රකින්නේ කවුද, ආරම්භක පිතිකරුවාම කඩුලු රකින්නත් යොදවනාවාද, අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙන්නේ කවුද වගේ තව බොහෝ දේවල් හිතන්න තිබෙනවා”

“කොහොම වුණත් අපට තව දවස් හයක් විතර තියෙනවානේ….හෙමිහිට සාකච්ඡා කරලා බලන්න ඕනේ” යයි ආරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාව පිළිබඳ කළ විමසීමේදී රංගන හේරත් පැවසීය. මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා දිවයිනට පැමිණෙන තුරු ශ්‍රී ලංකා තේරීම් කමිටුව බලා සිටී.

දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ අසේල ගුණරත්න මෙවර ටෙස්ට් සංචිතයට එක්ව සිටී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 7 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
රංගන හේරත් (නායක), දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, විකුම් සංජය බණ්ඩාර, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ මාලින්ද පුෂ්පකුමාර

 

අසංක ගුරුසිංහ ක්‍රිකට් කළමණාකරු තනතුරට

1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙසින් වැඩ බාරගැනීමට නියමිතය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අසංක ගුරුසිංහ මහතා සියලු අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගම රැඳී සිටීමට නියමිතය.

හෙට හෝ අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත ගුරුසිංහ මහතා බංග්ලාදේශ පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිටම ශ්‍රී ලංකා පිල සමග එක්වනු ඇත.

ටෙස්ට් තරග 41 කට සහභාගි වී ඇති අසංක ගුරුසිංහ ශතක 7 ක් සමගින් ටෙස්ට් ලකුණු 2452 ක් ලබා ඇති අතර එක්දින තරග 147 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 3902 කි.

කණ්ඩායමේ පරිපාලන කළමණාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු මහතා ඉදිරියටත් කටයුතු කිරීමට නියමිතය.

 

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ කඩුලු 3 කින් ජය ලබති

සංචාරක එංගලන්ත ලයන්ස් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3 ක ජයක් ලැබීමට අද (27) සමත් වූහ. ශ්‍රී ලංකා පිල ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

එංගලන්ත ලයන්ස් පළමු ඉනිම
කීටන් ජෙනින්ග්ස් – ඇ. වීරක්කොඩි ප. පුෂ්පකුමාර 44
හසීබ් හමීඞ් – ඇ. වීරක්කොඩි ප. ප්‍රනාන්දු 15
ටොම් ඇල්සොප් – ඇ. සහ ප. පුෂ්පකුමාර 13
ටොම් වෙස්ලී – ප. පුෂ්පකුමාර 68
ලයාම් ලිවිංග්ස්ටන් – ක.මු.කළා ප. පුෂ්පකුමාර 105
බෙන් ෆෝක්ස් – ඇ. සමරවික්‍රම ප. පුෂ්පකුමාර 30
සෑම් කරන් – ස්ට. සමරවික්‍රම ප. ද සිල්වා 14
ටොම් කරන් – ඇ. ද සිල්වා ප. පුෂ්පකුමාර 09
ටොබී රෝලන්-ජෝන්ස් – ක.මු.කළා ප. පුෂ්පකුමාර 07
ඔලී රේනර්  – ඇ. ද සිල්වා ප. පුෂ්පකුමාර 19
ජැක් ලීච්  – නොදැවී 22
අතිරේක (බ-4, ව-1, නි-2) 07
එකතුව ඕවර 97.5 කදී සියලුදෙනා දැවී  353
කඩුලු වැටීම 
1-49 (හමීඞ්), 2-76 (ඇල්සොප්), 3-77 (ජෙනින්ග්ස්), 4-187 (වෙස්ලි), 5-270 (ෆෝක්ස්), 6-287 (ලිවිංග්ස්ටන්), 7-299 (සෑම් කරන්), 8-310 (රෝලන්-ජෝන්ස්), 9-313 (ටොම් කරන්), 10-353 (රේනර්)
පන්දු යැවීම
ළහිරු ගමගේ 10-0-64-0 ව-1, නි-2
අසිත ප්‍රනාන්දු 8-0-41-1  
මාලින්ද පුෂ්පකුමාර 40.5-3-127-8  
ධනංජය ද සිල්වා 19-4-44-1  
ජෙෆ්රි වැන්ඩර්සේ 17-1-61-0  
උදාර ජයසුන්දර 3-0-12-0  
ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම
උදාර ජයසුන්දර – ඇ. ෆෝක්ස් ප. ටොම් කරන් 00
දිමුත් කරුණාරත්න – ඇ. ටොම් කරන් ප. රේනර් 212
රොන් චන්ද්‍රගුප්ත – ඇ. ෆෝක්ස් ප. රෝලන්-ජෝන්ස් 01
සඳුන් වීරක්කොඩි – ක.මු.කළා ප. රේනර් 14
සධීර සමරවික්‍රම – ක.මු.කළා ප.  රෝලන්-ජෝන්ස් 185
ධනංජය ද සිල්වා –  ඇ. ෆෝක්ස් ප. රේනර් 74
රොෂේන් සිල්වා – ඇ. සහ ප. රෝලන්-ජෝන්ස් 02
ජෙෆ්රි වැන්ඩර්සේ – ඇ. ෆෝක්ස් ප. ලීච් 26
මාලින්ද පුෂ්පකුමාර – ඇ. ෆෝක්ස් ප.  ටොම් කරන් 20
ළහිරු ගමගේ – නොදැවී 08
අසිත ප්‍රනාන්දු – ඇ. ඇල්සොප් ප. රේනර් 01
අතිරේක (බ-4, පා-1) 05
එකතුව ඕවර 135.2 කදී සියලුදෙනා දැවී  548
කඩුලු වැටීම 
1-6 (ජයසුන්දර), 2-11 (චන්ද්‍රගුප්ත), 3-30 (වීරක්කොඩි), 4-345 (සමරවික්‍රම), 5-476 (ද සිල්වා), 6-489 (කරුණාරත්න), 7-489 (සිල්වා), 8-527 (පුෂ්පකුමාර), 9-539 (වැන්ඩර්සේ), 10-548 (ප්‍රනාන්දු)
පන්දු යැවීම
ටොම් කරන් 22-3-74-2  
ටොබී රෝලන්-ජෝන්ස් 20-3-67-3  
සෑම් කරන් 11-0-68-0  
ඔලී රේනර්  48.2-8-164-4  
ජැක් ලීච් 18-1-97-1  
ටොම් වෙස්ලි 9-0-33-0  
ලයාම් ලිවිංග්ස්ටන් 3-0-28-0  
කීටන් ජෙනින්ග්ස් 4-0-12-0  
එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිම
කීටන් ජෙනින්ග්ස් – ස්ට. සමරවික්‍රම ප. පුෂ්පකුමාර  18
හසීබ් හමීඞ් – ඇ. සමරවික්‍රම ප. පුෂ්පකුමාර 14
ටොම් ඇල්සොප් – ක.මු.කළා ප.  ද සිල්වා 04
ටොම් වෙස්ලි – ප. වැන්ඩර්සේ  12
ලයාම් ලිවිංග්ස්ටන් – නොදැවී  140
බෙන් ෆෝක්ස් – ඇ. ද සිල්වා ප. පුෂෟපකුමාර  54
සෑම් කරන් – ඇ. කරුණාරත්න ප. වැන්ඩර්සේ  01
ටොම් කරන් – ඇ. වීරක්කොඩි ප. පුෂ්පකුමාර  07
ටොබී රෝලන්-ජෝන්ස් – ක.මු.කළා ප.  ද සිල්වා 12
ඔලී රේනර් – ඇ. පුෂ්පකුමාර ප. වැන්ඩර්සේ  10
ජැක් ලීච් – ප. පුෂ්පකුමාර 01
අතිරේක (බ-10, පා-1) 11
එකතුව ඕවර 92.1 කදී සියලුදෙනා දැවී  284
කඩුලු වැටීම 
1-26 (හමීඞ්), 2-31 (ඇල්සොප්), 3-44 (වෙස්ලි), 4-58 (ජෙනින්ග්ස්), 5-165 (ෆෝක්ස්), 6-172 (සෑම්), 7-193 (ටොම්), 8-229 (රෝලන්-ජෝන්ස්), 9-255 (රේනර්), 10-284 (ලීච්)
පන්දු යැවීම
අසිත ප්‍රනාන්දු 2-0-9-0  
මාලින්ද පුෂ්පකුමාර 37.1-10-78-5  
ළහිරු ගමගේ 7-0-28-0  
ධනංජය ද සිල්වා 16-3-47-2  
ජෙෆ්රි වැන්ඩර්සේ  27-0-102-3  
උදාර ජයසුන්දර  3-1-9-0  
ශ්‍රී ලංකා ඒ දෙවැනි ඉනිම
රොන් චන්ද්‍රගුප්ත – ඇ. ෆෝක්ස් ප. ටොම් කරන් 08
උදාර ජයසුන්දර – ඇ. ෆෝක්ස් ප. ටොම් කරන් 32
සඳුන් වීරක්කොඩි – ඇ. හමීඩ් ප. ටොම් කරන් 03
සධීර සමරවික්‍රම – ක.මු.කළා ප.  ටොම් කරන් 08
ධනංජය ද සිල්වා –  ස්ට. ෆෝක්ස් ප. ලීච් 23
දිමුත් කරුණාරත්න – ස්ට. ෆෝක්ස් ප. රේනර් 05
රොෂේන් සිල්වා – ඇ. ෆෝක්ස් ප. ලීච් 02
ජෙෆ්රි වැන්ඩර්සේ – නොදැවී 03
මාලින්ද පුෂ්පකුමාර – නොදැවී 05
අතිරේක (පා-1) 01
එකතුව ඕවර 17.4 කදී කඩුලු 7ක්  දැවී  90
කඩුලු වැටීම 
1-12 (චන්ද්‍රගුප්ත), 2-18 (වීරක්කොඩි), 3-34 (සමරවික්‍රම), 4-68 (ජයසුන්දර), 5-78  (ද සිල්වා), 6-82 (සිල්වා), 7-82 (කරුණාරත්න)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ළහිරු ගමගේ, අසිත ප්‍රනාන්දු
පන්දු යැවීම
ටොම් කරන් 7-0-38-4  
ටොබී රෝලන්-ජෝන්ස් 5-0-31-0  
ඔලී රේනර්  2.4-0-17-1  
ජැක් ලීච් 3-1-3-2  

තරගයේ අවසන් දිනය වූ අද ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 90 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 17.4 කදී කඩුලු 7 ක් දැවී සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඊයේ පස්වරුවේ එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිම ලකුණු 284 කට සීමා කිරීමට සමත් වූහ. වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර දෙවැනි ඉනිමේදී ලකුණු 78 කට කඩුලු 5 ක් දවා ගනිමින් ඉනිම දෙකේදීම කඩුලු 13 ක් දවා ගැනීම කැපී පෙනුණි.

දෙපිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 2 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  


 – 048

 

මුෂ්ෆිකුර් රහීම්

“ඔවුන් ක්‍රීඩා කරන්න යන්නේ ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් නැතිවයි. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගාවලියට නෑ…ඒත් සකිබ් අල් හසන්, මුස්ටෆිසුර් රහමන් වගේම මෙහෙදි හසන් වැනි ක්‍රීඩකයන් අපට ඉන්නවා. ඔවුන් තුන්දෙනාම එකට පන්දු යවන විට ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා”

 

- ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන්

 

රහීම්ගෙන් පෙරළියක ඉඟියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය අනුව මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී බංග්ලාදේශයට පෙරළිකාර ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමට හොඳ අවස්ථාවක් ඇතැයි බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් කියයි. ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට පෙර ඩකා නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී බංග්ලාදේශ නායකයා එසේ පැවසූ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින හෙයින් ටෙස්ට් තරගාවලියට සහභාගි නොවේ. උපනායක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් සංචිතයේ ස්ථානයක් ලැබීමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී චන්දිමාල් දිගින් දිගටම අසාර්ථක වීමයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ තරග 3 ක ඉනිම 6 කදී චන්දිමාල්ට ලබාගත හැකිවූයේ ලකුණු 85 ක් පමණි. අනතුරුව පැවැති එක්දින තරගාවලියේ තරග 5 න් 3 කට ක්‍රීඩා කරමින් ලකුණු 62 ක් පමණක් ලබාගත් චන්දිමාල්ට අසාර්ථකත්වය හේතුවෙන් අවසන් එක්දින තරග දෙක අහිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මෑතකදී පවසා තිබුණේ දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රීඩා සමාජ මට්ටමට ගොස් එතැන් සිට ආපසු ආ යුතු බවයි.

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි:20 තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ නමුත් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ බහුතරයක් අසාර්ථකව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය එසේ තිබියදී ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත බංග්ලාදේශ කණ්ඩායම අද (27 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාව සමග කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගයද වන හෙයින් මෙම තරගාවලිය පිළිබඳ බංග්ලාදේශ ක්‍රීඩකයෝ විශේෂ අවධානයක් යොමුකර සිටිති.

“ඔවුන් ක්‍රීඩා කරන්න යන්නේ ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් නැතිවයි. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගාවලියට නෑ…ඒත් සකිබ් අල් හසන්, මුස්ටෆිසුර් රහමන් වගේම මෙහෙදි හසන් වැනි ක්‍රීඩකයන් අපට ඉන්නවා. ඔවුන් තුන්දෙනාම එකට පන්දු යවන විට ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා” යයි බංග්ලාදේශ නායකයා පැවසීය.

“කොහොම වුණත් මේ වෙලාවේ පීඩනය තිබෙන්නේ ඔවුන්ටයි. මොකද ඔවුන් දන්නවා බංග්ලාදේශ කණ්ඩායම සෑහෙන කාලයක ඉඳලා හොඳින් ක්‍රීඩා කරමින් සිටින බව” යයිද රහීම් පැවසීය.

එංගලන්තයට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලි දෙකම පරාජය වූ නමුත් නවසීලන්තයේදී නවසීලන්තයට සටනක් දීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

 

ස්මිත් මුදුන් හිණිපෙත්තටම නගී

ඉන්දියාවත් සමගින් තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පුනේහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදි ලකුණු 333 ජයක් හිමිකරගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටිවන් ස්මිත් තම ටෙස්ට් ජීවිතයේ ඉහළම ඇගැයිම් ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 939 ක් හිමිකර ගනිමින් පිතිකරු ශ්‍රේණගත තිරීම් අතරේ පෙරමුණ ගත්තේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළම ඇගැයිම් ලකුණු ලබාගත් පිතිකරුවා වන්නේ ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් (961)ය. ශ්‍රීමත් ලෙනාඞ් හට්න් (945), ජැක් හොබ්ස් (942), රිකී පොන්ටින් (942) සහ පීටර් මේ (941) ගෙන් පසුව ඉහළම ඇගැයිම් ලකුණු ලබාගත් හයවැනි ක්‍රීඩකයා වන්නේය. ගැරී සෝබර්ස්, විව් රිචඞ්ස් සහ කුමාර් සංගක්කාර ඇගැයිම් ලකුණු 938 බැගින් ලබාගැනීමට සමත්වූහ.

පූනේහිදී පැවැති තරගයේදී ලකුණු 27 ක් සහ 109 ක් ලබාගත් ස්ටිවන් ස්මිත් ඇගැයිම් ලකුණු හයක් උපයාගත්තේය. ඇගැයිම් ලකුණු 66 ක් පසු පසින් සිටින ඉන්දීය නායක විරාට් කෝලී දෙවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්ත පිතිකරු ජෝ රූට් ඇගැයිම් ලකුණු 91 ක් ලබාගනිම්න් තෙවැන් ස්ථානයේ පසුවන්නේය.

ලකුණු 70 කට කඩුලු 12 ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් වමතින් දඟපන්දු යවන ස්ටිවන් ඔ’කීෆ් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතරේ ස්ථාන 33 ක් ඉදිරියට පැමිණියේය.

කඩුලු 7 ක් ලබාගත් ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඇගැයිම් ලකුණු 878 ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයේ රැඳී සිටින අතර අශ්වින්ගේ දඟ පන්දු සහයකයා වන රවින්ද්‍ර ජදේජා ඇගැයිම් ලකුණු 860 ක් ලබාගනිමින් ජොෂ් හේසල්වුඞ් සමගින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.

 

පිතිකරු ශ්‍රේණීගත කිරීම්හී
පළමු ක්‍රීඩකයින් දසදෙනා
ශ්‍රේණිගත  ක්‍රීඩකයා ශ්‍රේණිගත
ස්ථානය   ලකුණු
1 ස්ටිවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව) 939
2 විරාත් කෝලී (ඉන්දියාව)  873
3 ජෝ රූට් (එංගලන්තය) 848
4 කේන් විලියම්සන් (නවසීලන්තය) 823
5 ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව) 805
6 හසීම් අම්ලා (දකුණු අප්‍රිකාව) 787
7 අසාර් අලී (පාකිස්තානය) 779
8 යුනුස් ඛාන් (පාකිස්තානය) 772
9 ක්වින්ටන් ඩිකොක්  (දකුණු අප්‍රිකාව) 760
10 ඒ.බී. ඩිවිලියර්ස්  (දකුණු අප්‍රිකාව) 755
 
පිතිකරු ශ්‍රේණීගත කිරීම්හී
ශ්‍රී ලංකා පිතිකරුවන් සිටින ස්ථාන
16 ඇන්ජලෝ මැතිව්ස් 702
31 දිනේෂ් චන්දිමාල් 612
 
පන්දුයවන්නන් ශ්‍රේණීගත කිරීම්හී
පළමු ක්‍රීඩකයින් දසදෙනා
ශ්‍රේණිගත  ක්‍රීඩකයා ශ්‍රේණිගත
ස්ථානය   ලකුණු
1 රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)  878
2 රව්න්ද්‍ර ජඩේජා (ඉන්දියාව)  860
2 ජොෂ් හසල්වුඩ් (ඕස්ට්‍රේලියාව) 860
4 රංගන හේරත් (ශ්‍රී ලංකාව) 827
5 කගීසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) 821
6 ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව) 819
7 ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය) 810
8 ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) 803
9 වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව) 798
10 මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව) 777
 
පන්දුයවන්නන් ශ්‍රේණීගත කිරීම්හී
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිටින ස්ථාන
16 ඩිල්රුවන් පෙරේරා 652
34 නුවන් ප්‍රදිප් 477
35 සුරංග ලක්මාල් 473

දකුණු අප්‍රිකාව 2-1 ලෙස පෙරමුණ ගනියි

සත්කාරක නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 159 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස නැවතත් පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 32.2 ක් අවසානයේ ලකුණු 112 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී 34 ක් රැස්කළේය.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයෑම නවසීලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය. දක්ෂ පන්දුයැවීමක නිරත වූ ඞ්වේන් ප්‍රිටෝරියස් ලකුණු 5 කට කඩුලු 3 ක් දවාගනිමින් නවසීලන්ත ඉනිම අඩපණ කළේය. ඇන්ඩිල් පෙලුක්වායෝ, වේන් පානෙල් සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ප්‍රිටෝරියස්ට අනගි සහයක් දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 85 ක් රැස්කළ නායක ඒ. බී. ඩිවිලියස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

වේන් පානෙල් (35) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු පන්දු 64 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ඩිවිලියස් සමත් විය. පන්දු 32 කදී වාර්තා වූ පානෙල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදුන් ක්වින්ටින් ඩි’කොක් පන්දු 70 කදී ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක්ද සමගිනි. ඩි’කොක් මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය වන අතර මින් පෙර පැවති තරග දෙකේදීද ඔහු 69 ක් සහ 58 ක් ලෙස අර්ධ ශතක ලබාගෙන තිබේ.

ෆෆ් ඩුප්ලෙසී (36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් වූ අතර පන්දු 46 කදී වාර්තා වූ ඩුප්ලෙසීගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.


දකුණු අප්‍රිකාව – ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 271
(ක්වින්ටින් ඩි’කොක් 68, ෆෆ් ඩුප්ලෙසී 36, ඒ. බී. ඩිවිලියස් 85, ජේ. පී. ඩුමිනි 16, වේන් පානෙල් 35, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 40/2)

නවසීලන්තය – ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 112
(කේන් විලියම්සන් 23, රොස් ටේලර් 18, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නොදැවී 34, ඞ්වේන් ප්‍රිටෝරියස් 5/3, ඇන්ඩිල් පෙලුක්වායෝ 12/2, වේන් පානෙල් 33/2, කගිසෝ රබාඩා 39/2)


- 036

 

කරච්චි කිංග්ස් පිලට කඩුලු 5 ක ජයක්

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් නායකත්වය දරණ ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර නායකත්වය දරණ කරච්චි කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය කරච්චි කිංග්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී තරගයේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය. කරච්චි කිංග්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් පන්දු දෙකේදී ලකුණු 10 ක් රැස්කිරීමට සිදු වූ අතර එම පන්දු 2 ටම හයේ පහර 2 ක් ගැසූ කිරන් පොලාඞ්, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කරච්චි කිංග්ස් කණ්ඩායමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කිරන් පොලාඞ්, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 20 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 45 ක් රැස්කළේය. ඉම්ඩාඞ් වසීම් (නොදැවී 19) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 55 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද පොලාඞ් සමත් විය.

කරච්චි කිංග්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් බාබර් අසාම්, පන්දු 42 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කරච්චි කිංග්ස් කණ්ඩායමට එක් වූ මහේල ජයවර්ධනට පන්දු 8 කදී හතරේ පහරක් සමගින් රැසකරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. කුමාර් සංගක්කාරටද එහිදී වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර පන්දු 23 කට මුහුණදුන් ඔහු හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට නායක බ්‍රෙන්ඩන් මැකලම් සමත් විය.

මොහොමඞ් රිස්වාන් (නොදැවී 32) සහ සොහේල් තන්වීර් (22) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 55 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ලාහෝර් ක්වාලැන්ඩර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 24 කදී වාර්තා වූ රිස්වාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 14 කදී වාරත් වූ තන්වීර්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.


ලාහෝර් ක්වාලැන්ඩර්ස් පිල – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 155
(බ්‍රෙන්ඩන් මැකලම් 31, ෆඛාර් සමාන් 19, උමාර් අක්මාල් 20, සුනිල් නරේන් 16, මොහොමඞ් රිස්වාන් නොදැවී 32, සොහේල් තන්වීර් නොදැවී 22, ෂොයිබ් මලික් 21/2, උස්මා මීර් 38/2)

කරච්චි කිංග්ස් පිල – ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 158
(බාබර් අසාම් 49, කුමාර් සංගක්කාර 20, ඉම්ඩාඞ් වසීම් නොදැවී 19, කිරන් පොලාඞ් නොදැවී 45)


- 036

 

ශ්‍රී ලංකා ‘ඒ’ දඟ පන්දු යවන්නෝ වැඩ අල්ලති

එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සිවුදින තරගයේ තෙවැනි දිනය වූ අද (26 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙන එංගලන්ත ලයන්ස් පිල ලකුණු 32 කට කඩුලු දෙකක් අහිමිකර ගත්තේය. කඩුලු අටක් අතැතිව සිටින එංගලන්ත ලයන්ස් පිලට ඉනිමක පරාජයෙන් ගැලවිම සදහා තවත් ලකුණු 163 ක් අවශ්‍යව තිබේ.

එංගලන්ත ලයන්ස් පළමු ඉනිම
කීටන් ජෙනින්ග්ස් – ඇ. වීරක්කොඩි ප. පුෂ්පකුමාර 44
හසීබ් හමීඞ් – ඇ. වීරක්කොඩි ප. ප්‍රනාන්දු 15
ටොම් ඇල්සොප් – ඇ. සහ ප. පුෂ්පකුමාර 13
ටොම් වෙස්ලි – ප. පුෂ්පකුමාර 68
ලයාම් ලිවිංග්ස්ටන් – ක.මු.කළා ප. පුෂ්පකුමාර 105
බෙන් ෆෝක්ස් – ඇ. සමරවික්‍රම ප. පුෂ්පකුමාර 30
සෑම් කරන් – ස්ට. සමරවික්‍රම ප. ද සිල්වා 14
ටොම් කරන් – ඇ. ද සිල්වා ප. පුෂ්පකුමාර 9
ටොබී රෝලන්-ජෝන්ස් – ක.මු.කළා ප. පුෂ්පකුමාර 7
ඔලී රේනර්  – ඇ. ද සිල්වා ප. පුෂ්පකුමාර 19
ජැක් ලීච්  – නොදැවී 22
අතිරේක (බ-4, ව-1, නි-2) 7
එකතුව ඕවර 97.5 කදී සියලුදෙනා දැවී  353
කඩුලු වැටීම 
1-49 (හමීඞ්), 2-76 (ඇල්සොප්), 3-77 (ජෙනින්ග්ස්), 4-187 (වෙස්ලි), 5-270 (ෆෝක්ස්), 6-287 (ලිවිංග්ස්ටන්), 7-299 (සෑම් කරන්), 8-310 (රෝලන්-ජෝන්ස්), 9-313 (ටොම් කරන්), 10-353 (රේනර්)
පන්දු යැවීම
ළහිරු ගමගේ 10-0-64-0 ව-1, නි-2
අසිත ප්‍රනාන්දු 8-0-41-1  
මාලින්ද පුෂ්පකුමාර 40.5-3-127-8  
ධනංජය ද සිල්වා 19-4-44-1  
ජෙෆ්රි වැන්ඩර්සේ 17-1-61-0  
උදාර ජයසුන්දර 3-0-12-0  
ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම
උදාර ජයසුන්දර – ඇ. ෆෝක්ස් ප. ටොම් කරන් 0
දිමුත් කරුණාරත්න – ඇ. ටොම් කරන් ප. රේනර් 212
රොන් චන්ද්‍රගුප්ත – ඇ. ෆෝක්ස් ප. රෝලන්-ජෝන්ස් 1
සඳුන් වීරක්කොඩි – ක.මු.කළා ප. රේනර් 14
සධීර සමරවික්‍රම – ක.මු.කළා ප.  රෝලන්-ජෝන්ස් 185
ධනංජය ද සිල්වා –  ඇ. ෆෝක්ස් ප. රේනර් 74
රොෂේන් සිල්වා – ඇ. සහ ප. රෝලන්-ජෝන්ස් 2
ජෙෆ්රි වැන්ඩර්සේ – ඇ. ෆෝක්ස් ප. ලීච් 26
මාලින්ද පුෂ්පකුමාර – ඇ. ෆෝක්ස් ප.  ටොම් කරන් 20
ළහිරු ගමගේ – නොදැවී 8
අසිත ප්‍රනාන්දු – ඇ. ඇල්සොප් ප. රේනර් 1
අතිරේක (බ-4, පා-1) 5
එකතුව ඕවර 135.2 කදී සියලුදෙනා දැවී  548
කඩුලු වැටීම 
1-6 (ජයසුන්දර), 2-11 (චන්ද්‍රගුප්ත), 3-30 (වීරක්කොඩි), 4-345 (සමරවික්‍රම), 5-476 (ද සිල්වා), 6-489 (කරුණාරත්න), 7-489 (සිල්වා), 8-527 (පුෂ්පකුමාර), 9-539 (වැන්ඩර්සේ), 10-548 (ප්‍රනාන්දු)
පන්දු යැවීම
ටොම් කරන් 22-3-74-2  
ටොබී රෝලන්-ජෝන්ස් 20-3-67-3  
සෑම් කරන් 11-0-68-0  
ඔලී රේනර්  48.2-8-164-4  
ජැක් ලීච් 18-1-97-1  
ටොම් වෙස්ලි 9-0-33-0  
ලයාම් ලිවිංග්ස්ටන් 3-0-28-0  
කීටන් ජෙනින්ග්ස් 4-0-12-0  

හසීබ් හමීඞ් ලකුණු 14 කට දවාගැනිමට මාලින්ද පුෂ්පකුමාර සමත්වූ අතර ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ටොම් ඇල්සොම් ලකුණු හතරකට දැවී ගියේය.

සධීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 315 ක සම්බන්ධතාවය හේතුවෙන් පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 548 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් කඩුලු හය ලකුණු 72 ක් තුළදී දවාගැනීමට එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූ නමුත් තරගයේ දින එක හමාරක් ඉතිරිව තිබියදී ලකුණු 195 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය. පළමු ඉනිමේදී කඩුලු 8 ක් දවාගත් වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර වැනි ක්‍රීඩකයකු කණ්ඩායමේ සිටියදී ලකුණු 195 ක මුල් ඉනිමේ වාසිය අති විශාලය.

පළමු පෙළ තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළ දිමුත් කරුණාරත්න දැවියන විටදී ලකුණු 212 ක් ලබා සිටියේය. පන්දු 319 කට මුහුණදුන් දිමුත් කරුණාරත්න හතරේ පහර 23 කින් ඉනිම අලංකාර කළේය.

දිමුත් කරුණාරත්න සමගින් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 131 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නායක ධනංජය ද සිල්වා, ඔලිවර් රේනර්ගේ පන්දුවක් හමුවේ දැවීයන විටදී ලකුණු 74 ක් ලබාසිටියේය. පන්දු 95 කට මුහුණදුන් ධනංජය ද සිල්වාගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත්විය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු තුනක් දැවී ලකුණු 333 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අද දිනයේදී තවත් ලකුණු 12 ක් එක්වන විටදී සධීර සමරවික්‍රම දැවීගියේය.

දිමුත් කරුණාරත්න සමගින් සිව්වන කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු 315 ක සම්බන්ධතාවයද බිඳ වැටුණි. ටොබී රෝලන්ඞ්-ජෝන්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරටද හසුව සධීර සමරවික්‍රම දැවීයන විටදී පන්දු 233 කට මුහුණදී ලකුණු 185 ක් ලබාසිටි ඔහුගේ ඉනිම හතරේ පහර 26 කින් අලංකාර විය.

 

එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිම
කීටන් ජෙනින්ග්ස් – නොදැවී      11
හසීබ් හමීඞ් – ඇ. සමරවික්‍රම ප. පුෂ්පකුමාර 14
ටොම් ඇල්සොප් – ක.මු.කළා ප.  ද සිල්වා 4
ටොම් වෙස්ලී – නොදැවී 1
අතිරේක (බ-2) 2
එකතුව ඕවර 11 කදී කඩුලු 2 ක් දැවී  32
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ
ලියම් ලිවිංග්ස්ටන්, බෙන් ෆෝක්ස්, සෑම් කරන්, ටොම් කරන්, ටොබී රෝලන්-ජෝන්ස්, ඔලී රේනර්, ජැක් ලීච්.
කඩුලු වැටීම 
1-26 (හමීඞ්), 2-31 (ඇල්සොප්)
පන්දු යැවීම
අසිත ප්‍රනාන්දු 2-0-9-0  
මාලින්ද පුෂ්පකුමාර 5-1-12-1  
ළහිරු ගමගේ 2-0-5-0  
ධනංජය ද සිල්වා 2-0-4-1