තරංග නැවතත් ආරම්භක පිතිකරු භූමිකාවට

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය, එළඹෙන ජූනි මාසයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ප්‍රධාන පෙළේ කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදින අවසන් එක්දින තරගාවලිය වන බැවින් එය 3-2 ක් ලෙස හෝ අවසන් කරගැනීම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අරමුණ බවට පත් වී තිබේ. මෙම තරගාවලියෙන් පසුව ජූනි මාසය දක්වා ශ්‍රී ලංකා පිලට ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරග 3 ක් පමණි.

එම නිසා පළමු තරගයේදී ලද පරාජයේ අමිහිරි මතකය මකා දමා ජයග්‍රහණයක බලාපොරොත්තු සමගින් හෙට (1 වැනිදා) ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.

පළමු තරගයට සහභාගි වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමම දෙවැනි තරගයටත් ක්‍රීඩා කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන අතර දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

පළමු තරගයේදී එක්දින වරම් දිනාගත් සඳුන් වීරක්කොඩිට තවත් අවස්ථාවක් දීමට කණ්ඩායමේ කලමනාකාරීත්වය තීරණය කරන්නේ නම් දෙවැනි තරගයේදීද ඔහුට නිරෝෂන් දික්වැල්ල සමගින් ඉනිම ඇරඹීමට සිදුවනු ඇත. එසේ නොවන්නේ නම් පළමු තරගයේදී මැද පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වාට ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවීමට සිදුවනු ඇත.

දික්වැල්ල, සඳුන් සහ ධනංජය අතරින් කවුරුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළද ඔවුන්ගේ අත්දැකීම් අඩු බව නිසා ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ දිගු සම්බන්ධතාවක් කරා යමින් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ඇති ඉඩකඩ අඩුය. ඊට හොඳම පිළියම වනුයේ කණ්ඩායමේ තාවකාලික නායකයා වශයෙන් කටයුතු කරන උපුල් තරංගට පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් දී ඉහත නම් සඳහන් ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයකු සමග ඉනිම ඇරඹීමට අවස්ථාව ලබා දීමයි.

මේ වන විට එක්දින කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන උපුල් තරග එක්දින තරග 194 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 151 කදීම ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කර තිබේ. ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරග 151 දී ශතක 13 ක් සහ අර්ධ ශතක 25 ක් සමගින් ලකුණු 4902 ක් රැස්කිරීමට තරංග සමත් වී ඇතත් වෙනත් ස්ථානවල පන්දුවට පහරදුන් තරග 43 දී අර්ධ ශතක 5 ක් සමගින් ඔහුට රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 725 ක් පමණි. එම නිසා නැවතත් තරංග ආරම්භක පිතිකරුගේ ස්ථානයට කැඳවීම කණ්ඩායමට මෙන්ම ඔහුටද කරන සාධාරණයකි.

දකුණු අප්‍රිකාවෙන් ලැබෙන වාර්තා වලින් කියැවෙන්නේ ආරම්භක පිතිරුවාගේ භූමිකාව බාර ගැනීමට උපුල් තරංග සූදානමින් සිටින බවයි.

තරංග හැරුණුකොට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල්ද තවමත් තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකිව සිටියි. විස්සයි20 තරග 3 දී පිළිවෙලින් ලකුණු 6 ක්, 22 සහ 5 බැගින් ලබාගත් චන්දිමාල්ට පළමු එක්දින තරගයේදී ලකුණු 22 ක් ලබා ගැනීම සඳහා පන්දු 55 ක් වැය විය.

ඉකුත් වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාථකම පිතිකරුවා බවට පත් වූ චන්දිමාල් එම වසර තුළ තරග 14 කට සහභාගි වී ශතක 2 ක් සහ අර්ධ ශතක 6 ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 656 කි.  

-036

 

සිරිසෝමගෙන් තරග 8 කදී කඩුලු 91 ක්

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණියේ සියලු තරග අවසාන වනවිට තරග අටකට සහභාගීවී කඩුලු 91 ක් බිද හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වමතින් දඟපන්දු යවන ගයාන් සිරිසෝම සමත්වී තිබේ. පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 38 කට කඩුලු 9 ක් දවාගනිමින් ඉනිමක හොදම පන්දු යැවීම සහ කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 66 කට කඩුලු 14 ක් දවාගනිමින් තරගයක හොදම පන්දු යැවීමද වාර්තා කිරීමට ගයාන් සමත් වූයේය.

 

කුරුණෑගල යොවුන් කණ්ඩායම නියෝජනය කරන හෂාන් ප්‍රභාත් තරග අටකට සහභාගීවී ලකුණු 619 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්විය. නාවික හමුදා කණ්ඩායමට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 109 හෂාන් ප්‍රභාත් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවන අතර ශතකයක් සහ අර්ධ ශතක පහක් ලබාගැනීමට ඔහු සමත්විය.

කළුතර නාගරික කණ්ඩායමට එරෙහිව පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී ලකුණු 203 ක් ලබාගත් ලන්කන් කණ්ඩායමේ මදුරංග සොයිසා ‘බී’ කාණ්ඩයේ තරගයකදී ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූ අතර තරග අටකට ක්‍රීඩා කරමින් ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 545 ක් ලබාගැනීමට සමත්විය.

ඊට අමතරව කළුතර නාගරික කණ්ඩායමට එරෙහිව ලකුණු 160 කට කඩුලු 13 ක්, නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 198 කට කඩුලු 13 ක්, කළුතර පී.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 219 කට කඩුලු 13 ක්, පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 78 කට කඩුලු 11 ක්, ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 135 කට කඩුලු 11 ක් සහ වරාය අධිකාරී කණ්ඩායමට එරෙහිව ලකුණු 154 කට කඩුලු 10 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ගයාන් සිරිසෝම සමත්විය. කඩුලු පහ බැගින් ඉනිම 12 කදී දවාගෙන ඇති ගයාන් සිරිසෝම තරග හතකදී කඩුලු 10 බැගින් දවාගැනිමට සමත්වී ඇත.

පානදුර පිලේ ලසිත් ප්‍රනාන්දු (111) ගෙවීගිය සතියේදී ශතකයක් ලබාගත් එකම පිතිකරුවාවූ අතර ශතකය පෙනී පෙනී ශතකය අහිමි කරගත් පිතිකරුවන් අතරට කළුතර පී.සී.සී. කණ්ඩායමේ රුක්ෂාන් ප්‍රනාන්දු (98) සහ වරාය අධිකාරී පිලේ යොහාන් ද සිල්වා (96) එක්වූහ.

ගෙවීගිය සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතර කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 14 ක් දවාගත් පානදුර පිලේ ගයාන් සිරිසෝම ඉදිරියෙන් සිටියේය.

 

2017/01/29 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.

 

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ දසදෙනා
ලකුණු ක්‍රීඩකයා කණ්ඩායම තරග වැ.ල 100 50
619 හෂාන් ප්‍රභාත් කුරුණෑගල යොවුන් 8 109* 1 5
615 යොහාන් ද සිල්වා වරාය අධිකාරිය 8 165* 1 3
570 බුද්ධික හසරංග නාවික හමුදාව 8 94 0 7
545 මදුරංග සොයිසා ලන්කන් 8 203 2 1
527 තර්‍රඳු සිරිවර්ධන කළුතර නාගරික 8 107 1 4
491 නිපුන ගමගේ කළුතර නාගරික 8 148* 1 2
469 ඉෂාන් රංගන වරාය අධිකාරිය 8 109 1 3
448 සමීර සඳමාල් නාවික හමුදාව 8 105* 1 2
432 දමිඳු අශාන් කළුතර පී.සි.සී 8 67 0 3
429 නිසල් රන්දික පානදුර 8 94 0 2

 

ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ (ලකුණු 115 ට වැඩි)
ලකුණු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය
203 මදුරංග සොයිසා ලන්කන් කළුතර නාගරික පනාගොඩ
175 රොස්කෝ තටිල් ගුවන් හමුදාව කළුතර පී.සී.සී මග්ගොන
165* යොහාන් ද සිල්වා වාරාය අධිකාරිය කළුතර නාගරික මග්ගොන
148* නිපුන ගමගේ කළුතර නාගරික පානදුර පානදුර
145 කුසල් එදුසූරිය නාවික හමුදාව පොලිස් වැලිසර
134 ධනුෂ්ක ධර්මසිරි කුරුණෑගල යොවුන් නාවික හමුදාව වෙලගෙදර
133 ලක්ෂාන් රොඩ්රිගෝ ලන්කන් නාවික හමුදාව මූවර්ස්
130 රිසිත් උපමාල් කළුතර නාගරික කුරුණෑගල යොවුන් වෙලගෙදර
127 මදුරංග ෙසායිසා ලන්කන් කළුතර පී.සී.සී පනාගොඩ
120 මදුර මධුශංක නාවික හමුදාව කුරුණෑගල යොවුන් වෙලගෙදර
115 ලහිරු ශ්‍රී ලක්මාල් ගුවන් හමුදාව කළුතර පී.සී.සී මග්ගොන

 

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නෝ (කඩුලු 25 ට වැඩි)
කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම තරග ඉ.හො.ප ත.හො.ප
91 ගයාන් සිරිසෝම පානදුර 8 38/9 66/14
53 චාමිකර එදිරිසිංහ වරාය අධිකාරිය 8 86/6 187/11
52 චානක කොමසාරූ වරාය අධිකාරිය 8 50/6 71/11
49 නවීන් කවිකාර ලන්කන් 8 73/6 93/10
45 රජීව වීරසිංහ ලන්කන් 8 42/6 104/9
32 ඉෂාන් අබේසේකර නාවික හමුදාව 8 44/4 105/7
31 සුවංජී මදනායක පොලිස් 8 70/7 107/10
29 තිළිණ හේරත් කුරුණෑගල 5 48/8 135/10
27 රුචිර සිල්වා කළුතර පී.සී.සී 5 31/7 82/9
27 මංගල කුමාර කළුතර නාගරික 8 98/7 99/7
25 යොහාන් රෂ්මික කළුතර නාගරික 8 38/6 38/6
ඉ.හො.ප – ඉනිමක හොදම පන්දු යැවීම, ත.හො.ප – තරගයක හොදම පන්දු යැවීම

 

ඉනිමක හොදම පන්දු යැවීම (කඩුලු 7 ට වැඩි)
කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන්
38/9 ගයාන් සිරිසෝම පානදුර පොලිස් පිල
36/8 කල්‍යාණ රත්නප්‍රිය පොලිස් කුරුණෑගල යොවුන්
46/8 ගයාන් සිරිසෝම පානදුර නාවික හමුදාව
48/8 තිළිණ හේරත් කුරුණෑගල යොවුන් පොලිස්
24/7 ගයාන් සිරිසෝම පානදුර කුරුණෑගල යොවුන්
31/7 රුචිර සිල්වා කළුතර පී.සී.සී පොලිස්
42/7 ගයාන් සිරිසෝම පානදුර කුරුණෑගල යොවුන්
53/7 ගයාන් සිරිසෝම පානදුර කළුතර නාගරික
56/7 ගයාන් සිරිසෝම පානදුර ගුවන් හමුදාව
59/7 මංජුල ජයවර්ධන පොලිස් ගුවන් හමුදාව
66/7 තිළිණ හේරත් කුරුණෑගල යොවුන් ගුවන් හමුදාව
70/7 සුවංජී මදනායක පොලිස් කළුතර පී.සී.සී
95/7 ගයාන් සිරිසෝම පානදුර වරාය අධිකාරිය
98/7 මංගල කුමාර කළුතර නාගරික නාවික හමුදාව
131/7 ගයාන් සිරිසෝම පානදුර කළුතර පී.සී.සී

 

තරගයක හොදම පන්දු යැවීම (කඩුලු 10 ට වැඩි)
කඩුලු ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රතිවාදීන්
66/14 ගයාන් සිරිසෝම පානදුර කුරුණෑගල යොවුන්
160/13 ගයාන් සිරිසෝම පානදුර කළුතර නාගරික
198/13 ගයාන් සිරිසෝම පානදුර නාවික හමුදාව
219/13 ගයාන් සිරිසෝම පානදුර කළුතර පී.සී.සී
71/11 චානක කොමසාරූ වරාය අධිකාරිය කළුතර පී.සී.සී
78/11 ගයාන් සිරිසෝම පානදුර පොලිස් පිල
96/11 චානක කොමසාරූ වරාය අධිකාරිය කුරුණෑගල යොවුන්
106/11 මංජුල ජයවර්ධන පොලිස් ගුවන් හමුදාව
135/11 ගයාන් සිරිසෝම පානදුර ගුවන් හමුදාව
187/11 චාමිකර එදිරිසිංහ වරාය අධිකාරිය පානදුර
93/10 නවීන් කවිකාර ලන්කන් ගුවන් හමුදාව
107/10 සුවංජී මදනායක පොලිස් කළුතර පී.සී.සී
135/10 තිළිණ හේරත් කුරුණෑගල යොවුන් ගුවන් හමුදාව
154/10 ගයාන් සිරිසෝම පානදුර වරාය අධිකාරිය

 

‘බී’ ශ්‍රේණියේ ශූරතාව පානදුරට

චාමර සිල්වාගේ නායකත්වයෙන් යුත් පානදුර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 134.115 ක් ලබාගනිමින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණියේ ශූරතාවය දිනාගැනීමට සමත්විය. තරග අටකට ක්‍රීඩා කළ පානදුර ක්‍රීඩා සමාජය තරග හයකදී පුර්ණ ජයග්‍රහණ හිමිකරගත් අතර තරග දෙකකදී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

 

‘බී’ ශ්‍රේණියේ ශූරතාවය දිනාගැනීමත් සමගින් ලබන වසරේ පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ‘ඒ’ ශ්‍රේණිය යටතේ ක්‍රීඩා කිරිමට පානදුර ක්‍රීඩා සමාජය වරම් හිමිකරගනු ලැබිය. ප්‍රසාද ලකුණු 125.34 ක් හිමිකරගත් වරාය අධිකාරී ක්‍රීඩා සමාජයට අනුශූරතාවයෙන් සැහීමට පත්විමට සිදුවිය.

කෙසේ වෙතත් පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර පී.සී.සී ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සිදුවූයේ යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විරෝධතාවක් ගොනුකර තිබේ. ඒ සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණයකින් අනතුරුව මෙම තත්ත්වය වෙනස් විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

තරග අටකට ක්‍රීඩා කළ වරාය අධිකාරී ක්‍රීඩා සමාජය තරග හයකදී පුර්ණ ජයග්‍රහණ හිමිකරගත් අතර එක් තරගයකදී පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකර ගත්තද පානදුර ක්‍රීඩා සමාජයත් අතර පැවැති තරගයේදී පළමු ඉනිමේ පරාජයක් හිමිවීම නිසා ප්‍රසාද ලකුණු 8.775 කින් ශූරතාවය අහිමිවී ගියේය.

තරග අටකට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 49.28 ක් හිමිකරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ‘බී’ ශ්‍රේණියේ අවසන් ස්ථානය හිමිවූ අතර මේ අනුව ඔවුන්ට ලබන වසරේදි සරා කුසලාන තරගාවලිය දක්වා පහත වැටීමට සිදුවනු ඇත. මෙම වසරේදී සරා කුසලානය හිමිකරගන්නා කණ්ඩායම ලබන වසරේදී අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය සදහා උසස්විමක් හිමිවනු ඇත.

 

බී‘ ශ්‍රේණිය
කණ්ඩායම තරග ජය පරාජ වි.තො. ත.ල.ස ලකුණු
පානදුර  ක්‍රීඩා සමාජය 8 6 0 2 0 134.115
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 8 6 0 2 0 125.34
නාවික හමුදා  ක්‍රීඩා සමාජය 8 3 1 4 0 93.495
ලන්කන් ක්‍රිකට් සමාජය 8 3 2 3 0 88.605
පොලිස් ක්‍රීඩා සමාජය 8 2 3 2 1 59.755
කළුතර නාගරික  8 1 3 4 0 58.945
කළුතර පි.සී.සී 8 1 3 3 1 51.46
කුරුණෑගල යොවුන්  ක්‍රීඩා සමාජය 8 1 6 1 0 49.77
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 8 1 6 1 0 49.28
වි.තො. – විසදුමකින් තොර, ත.ල.ස – තරගයේ ලකුණු සමවෙයි

එස්.එස්.සී. පිලට කඩුලු 10 ක ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී. පිල අද (30 වැනිදා) සමත්විය.

 

ජයග්‍රහණය සදහා ලකුණු 12 ක ඉලක්කයක් එස්.එස්.සී. පිල හඹාගිය අතර කෞශාල් සිල්වා පළමු ඕවරයේදීම හතරේ පහර තුනක් ගසමින් ජය තහවුරු කර ගැනීමට සමත්විය.

ඊයේ (29 වැනිදා) තරගය නිමාවනවිටදී ලකුණු 55 කට කඩුලු පහක් අහිමිකර ගෙන සිටි යුදහමුදා පිලට අද දිනයේදී සියලුදෙනා දැවී දෙවැනි ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 106 ක් පමණි.

දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ නායක සික්කුගේ ප්‍රසන්න හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 38 ක් ලබාගත්තද සාර්ථක ඉනිමක් ගොඩනැගීමට ඔහුට අවස්ථාවක් හිමි නොවිය.


යුද හමුදාව – පළමු ඉනිම – ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(දුෂාන් විමුක්ති 31, ඩිල්ශාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, කසුන් ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුෂංක 29/3, දසුන් ශානක 41/2)

එස්.එස්.සී. – පළමු ඉනිම – ඕවර 81.5 කදී සියලුදෙනා දැවී ලකුණු 323
(මිනෝද් භානුක 28, චරිත් අසලංක 50, කවිඳු කුලසේකර 30, දසුන් ශානක 92, රමේෂ් මෙන්ඩිස් 32, සචිත්‍ර සේනානායක නොදැවී 31, සීක්කුගේ ප්‍රසන්න 84/3, දුශාන් විමුක්ති 35/2, එන්. මෙන්ඩිස් 58/2, මදුක ලියනපතිරණගේ 76/2)

යුද හමුදාව – දෙවැනි ඉනිම – ඕවර 37.3 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(සීක්කුගේ ප්‍රසන්න 38, කසුන් ද සිල්වා 23, විමුක්ති පෙරේරා 16/4, දසුන් ශානක 21/3, තරිඳු රත්නායක 24/2)

එස්.එස්.සී. – දෙවැනි ඉනිම – ඕවරයකදී කිසිවකු නොදැවී ලකුණු 12
————————————————————————————


රාගම පළමු කඩඉම පසුකරයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 387 ක් රැස්කිරීමට රාගම පිල සමත්විය.

ළහිරු මිලන්ත පන්දු 314 කට මුහුණදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 144 ක්  සහ ජනිත් ලියනගේ පන්දු 296 කට මුහුණදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 130 රැස්කළ අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 277 ක සම්බන්ධතාවයක්ද පැවැත්වූහ.

රාගම පිල ඊයේ (29 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුල්ලක් දැවී ලකුණු 212 ක් රැස්කර ගෙන සිටියේය.


ද්‍රවිඩ සංගමය – පළමු ඉනිම – ඕවර 101.5 කදී සියලුදෙනා දැවී ලකුණු 318
(සිතාර ගිම්හාන් 31, දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109, අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3, ජනිත් ලියනගේ 32/2, නිලංක ප්‍රේමරත්න 84/2)

රාගම – පළමු ඉනිම – ඕවර 142 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 387
(ළහිරු මිලන්ත 144, ජනිත් ලියනගේ 130, ළහිරු තිරිමාන්න 46, රොෂේන් සිල්වා නොදැවී 42, චාමික කරුණාරත්න 73/2)
————————————————————————————


සී.සි.සී. පිලට ලකුණු 240 ක ඉලක්කයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එන්.සි.සී සහ සී.සි.සී. කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 60 ක් රැස්කිරීමට සී.සි.සී. පිල සමත්විය. හෙට දිනයේදී ජයග්‍රහණය සදහා තවත් ලකුණු 180 ක් ලබාගැනීමට සී.සි.සී. පිලට සිදුවනු ඇත.

ඊයේ (29 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස්කර ගෙන සිටි එන්.සි.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී දෙවැනි ඉනිම සදහා ලකුණු 332 ක් රැස්කිරීමට සමත්විය.

ඇන්ජලෝ පෙරේරා පන්දු 186 කට මුහුණ දෙමින් හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 108 ක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර උස්මාන් ඉශාක් ලකුණු 47 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.


එන්.සි.සී.  – පළමු ඉනිම – ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හෂාන් උපේන්ද්‍ර 30, ළහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, අනුක් ප්‍රනාන්දු 43, ළහිරු ගමගේ 52/4, වනිඳු හසරංග 33/2, උස්මාන් ඉශාක් 51/2)

සී.සි.සී. – පළමු ඉනිම – ඕවර 78.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(මලිඳු මදුරංග 29, රොන් චන්ද්‍රගුප්ත 108, ලසිත් අබේරත්න 21, රොෂාන් අනුරුද්ධ 29, වනිඳු හසරංග 59, රවීන් සේයර් 25, තරිඳු කෞශාල් 71/4, ලසිත් ඇඹුල්දෙණිය 110/4 )

එන්.සි.සී.  – දෙවැනි ඉනිම – ඕවර 85.3 කදී සියලුදෙනා දැවී ලකුණු 332
(ජෙහාන් මුබාරක් 46, ඇන්ජලෝ පෙරේරා 108, අනුක් ප්‍රනාන්දු 22, තිමිර ජයසිංහ 42, ෆර්වීස් මහරූෆ් 30, තරිඳු කෞශාල් 22, උස්මාන් ඉශාක් 47/3, අශාන් ප්‍රියංජන් 47/2, ශාලුක සිල්වා 64/2)

සී.සි.සී. – දෙවැනි ඉනිම – ඕවර 25.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 60
(රොන් චන්ද්‍රගුප්ත නොදැවී 26, මාධව වර්ණපුර නොදැවී 20)

 

ස්ටොයිනිස්ගේ උත්සාහය වතුරේ යයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 287 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕවර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 280 ක් පමණි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනි එක්දින තරගයට සහභාගි වූ මාකස් ස්ටොයිනිස් සිය මංගල ශතකය ලබාගත්තේ පන්දු 96 කිනි. පන්දු 117 කට මුහුණදෙමින් හයේ පහර 11 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 146 ක් ලබා තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටියද ස්ටොයිනිස්ට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

ලකුණු 67 කට කඩුලු 6 ක් දැවී ගොස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසරණ තත්ත්වයකට ඇද වැටී තිබූ අවස්ථාවේ ජේම්ස් ෆෝක්නර් (25) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටොයිනිස්, ඉන් නොනවතී පැට් කමින්ස් (35) සමග එක්ව පන්දු 39 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 9 වැනි කඩුල්ල දැවීයන විට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 61 ක් අවශය වූ අතර අවසන් පිතිකරුවා වූ ජොෂ් හේසල්වුඞ් (0) ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් ස්ටොයිනිස්, 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 54 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩැගැනීමටද සමත් විය.

කෙසේ වුවත් 46 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී හෙසල්වුඞ් දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සමත් වීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණදීමට සිදුවිය.

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් සෑන්ට්නර් කඩුලු 3 ක්ද, ලොකී ෆර්ගියුසන් කඩුලු 2 ක්ද දවාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙල්ල කළහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙනදුන් මාටින් ගප්ටිල් පන්දු 73 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 61 ක් රැස්කළ අතර නායක කේන් විලියම්සන් (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද සමත් විය.

නීල් බෘම් (73) සහ ජේම්ස් නීෂම් (48) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 75 කදී වාර්තා වූ බෘම්ගේ අර්ධ ශකකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 45 කදී වාර්තා වූ නීෂම්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ මාකස් ස්ටොයිනිස් තමා යැවූ ඕවර 10 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 49 ක් දෙමින් මාටින් ගප්ටිල්, කේන් විලියම්සන් සහ කොලින් මුන්රෝ දවාගැනීමට සමත් විය.


නවසීලන්තය – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 286
(මාටින් ගප්ටිල් 61, කේන් විලියම්සන් 24, රොස් ටේලර් 16, නීල් බෘම් 73, ජේම්ස් නීෂම් 48, ටේ‍රන්ට් බෝල්ට් 16, මාකස් ස්ටොයිනිස් 49/3, පැට් කමින්ස් 67/2)

ඕස්ට්‍රේලියාව – ඕවර 47 කදී සියලු දෙනා දැවි 280
(ෂොන් මාෂ් 16, ග්ලේන් මැක්ස්වෙල් 20, මාකස් ස්ටොයිනිස් නොදැවී 146, ජේම්ස් ෆෝක්නර් 25, පැට් කමින්ස් 36, මිචෙල් සෑන්ට්නර් 44/3, ලොකී ෆර්ගියුසන් 44/2, ටේ‍රන්ට් බෝල්ට් 58/2)


- 036

 

නිපුන් රන්සිකව පරෙස්සමෙන් බලාගත යුතුයි – චමින්ද වාස්

සිම්බාබ්වේ හා දකුණූ අප්‍රිකාව සමග පැවති 19 න් පහළ තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී නිපුන් රන්සිකගේ ජයග්‍රාහී පන්දු යැවීම ශ්‍රී ලංකා පිලේ සිටි සාර්ථකම වේග පන්දු යවන්නා වූ චමින්ද වාස් මහතාගේ මහත් ප්‍රසාදයට හේතු වී තිබේ.

දකුණු අප්‍රිකාවේ පාල් නුවරදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසාන තරගයේදී ප්‍රේක්ෂකාගාරය පුදුමයට පත් කරමින් නපුන් රනසික ලකුණු 19 ට කඩුලූ 5 ක් බිඳ හෙළුවේය. අඩු ලකුණු සංඛ්‍යාවකට දකුණූ අප්‍රිකානු කණ්ඩායම සීමා කිරීමට ඔහුගේ පන්දු යැවීම හේතු වූ අතර රන්සිකගේ දස්කම් මත ශ්‍රී ලංකා යොවුන් පිලට තුන්කොන් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැකිවිය.

“නියම ආකාරයෙන් කළමනාකරණය කරගතහොත් 17 හැවිරිදි නිපුන්ට විශිෂ්ට ගමනක් යා හැකි ක්‍රීඩකයෙකු බව එම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ වේග පන්දු පුහුණුකරු වූ චමින්ද වාස් මහතා පැවසීය.
 
“ඔහු අපිට තියෙන හොඳම අනාගත බලාපොරොත්තු වලින් එකක්”

“ඔහු වේගවත්. පන්දුව දෙපැත්තටම දෝලනය කිරීමේ හැකියාව ඔහු සතුව තියෙනවා. නමුත් ඔහුට කාලය තියෙනවා. අපිට තියෙන්නේ ඔහුව මනා ලෙස කළමනාකරණය කරගනිමින් රැකබලා ගැනීමයි” යැයි වාස් මහතා ප්‍රකාශ කළේය.

අම්බලන්ගොඩ පී. ද. එස් කුලරත්න විද්‍යාලයෙන් ක්‍රිකට්  පිටියට පිවිසි රන්සික එම තුන්කොන් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා විය. ඔහු දකුණු අප්‍රිකාවේදී පැවැති යොවුන් තුන්කොන් තරගාවලියේ තරග පහකදී කඩුලූ 17 ක් ලබාගත් අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වූයේ අවසන් මහ තරගයේදී ලකුණු 19 කට කඩුලු 5 ක් දවා ගැනීමයි. මෙම පන්දු යැවීම නිසා අවසාන තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස කිරුළු පැළඳීමට රන්සික සමත් විය.

“ඔහු පන්දු යැවීමේදී ස්ථාවර ඉරියව්වක් අනුගමනය කරනවා. නියමිත ස්ථානයේ පන්දුව පතිත කිරීමේ හැකියාව ඔහු සතුයි. පන්දු යවන්නෙකුට වැදගත් දෙයක් ඒක”

“මම මුලින් කිව්වා වගේ අපි ඔහුව පරිස්සමෙන් බලාගත යුතුයි. ඔහුට අනාගතයේදී අපේ රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලූවන්., යැයි චමින්ද වාස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 355 ක් ලබාගත් චමින්ද වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලූ ලාභීන් අතර තුන්වැනියාය.

,අපිට තියෙන්න ඕනෑ සමබර තණතීරු. ඒක අපේ ක්‍රිකට් ආයතනය ගත යුතුම තීරණයක්. ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩකයන්ගේ උන්නතිය වෙනුවෙන් ඔවුන් කටයුතු කළ යුතුයි” යැයි වාස් මහතා පැවසීය.
   
දකුණු අප්‍රිකාවේදී පැවැති තුන්කොන් තරගාවලියේදී ශූරතාව දිනාගැනීම පිළිබඳව මහත් උද්යෝගයෙන් අදහස් දැක්වූ චමින්ද වාස් මහතා කියා සිටියේ එය විශිෂ්ට උත්සහයක් බවයි.

“මේක තරුණ ක්‍රීඩකයන්ට ඉගෙනීමට ඇති හොඳ අත්දැකීමක්……ඔවුන් එකම වැරැද්ද නැවත නැවතත් කරනවා. නමුත් අපි ඉවසීමෙන් කටයුතු කරලා ඔවුන්ව නියම පාරට ගන්න ඕනෑ” යයි වාස් මහතා කීවේය.

අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණූ 156 ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 79 කට සීමා කරමින් ලකුණු 77 ක ජයක් ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිල හා දකුණු අප්‍රිකානු යොවුන් පිල අතර තරග තුනක තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

 

 

හලාවත මේරියන්ස් පිලට ඉනිමක ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 7 කින් ජයගැනීමට හලාවත මේරියන්ස් පිල අද (29 වැනිදා) සමත්විය.

දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිල ලකුණු 39 කට සිමා කිරීමට හලාවත මේරියන්ස් පන්දු යවන්නෝ සමත්වු අතර සධිර සමරවික්‍රම (16) හැර වෙනත් පිතිකරුවකුට ලකුණු පහේ සීමාව පසුකිරීමට නොහැකි විය.

කෝල්ට්ස් දෙවැනි ඉනිම ඕවර 13.4 කට සිමාවූ අතර මාලින්ද පුෂ්පකුමාර ලකුණු 03 කට කඩුඩු 4 ක්, මදුක ලියනපතිරණගේ ලකුණු 02 කට කඩුලු 3 ක් සහ ඉසුරු උදාන ලකුණු 09 කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු පහක් ලකුණු 96 කට බිඳවැටී තිබුණු හලාවත මේරියන්ස් පිලට අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 196 ක් පමණි. අකිල ධනංජය සහ ඉෂාන් ජයරත්න කඩුලු තුන බැගින් දවාගැනිමට සමත්විය.


කෝල්ට්ස් – පළමු ඉනිම – ඕවර 46.5 කදී සියලුදෙනා  දැවී ලකුණු 150
(සධීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 38/7, ඉසුරු උදාන 27/2)

හලාවත මේරියන්ස් – පළමු ඉනිම – ඕවර 49.5 කදී සියලුදෙනා  දැවී ලකුණු 196
(විදුර අධිකාරී 21, මහේල උඩවත්ත 27, තීක්ෂිල ද සිල්වා 44, රුක්ෂාන් ප්‍රනාන්දු 36, අරෝෂ් ජනෝද 22, අකිල ධනංජය 11/3, ඉෂාන් ජයරත්න 46/3, ඩිල්රුවන් පෙරේරා 67/2)

කෝල්ට්ස් – දෙවැනි ඉනිම – ඕවර 13.4 කදී සියලුදෙනා  දැවී ලකුණු 39
(මාලින්ද පුෂ්පකුමාර 03/4, මදුක ලියනපතිරණගේ 02/3, ඉසුරු උදාන 09/3)
————————————————————————————-


ළහිරු – ජනිත් ශතක රැස්කරති

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 212 ක් රැස්කිරීමට රාගම පිල සමත්විය.

ළහිරු මිලන්ත පන්දු 216 කට මුහුණදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 100 ක්  සහ ජනිත් ලියනගේ පන්දු 221 කට මුහුණදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 104 රැස්කළ අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 212 ක නොබිදුණු සම්බන්ධතාවයක්ද පැවැත්වූහ.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 269 ක් රැස්කර ගෙන සිටි ද්‍රවිඩ සංගම් පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 318 ක් රැස්කිරීමට සමත්විය.


ද්‍රවිඩ සංගමය – පළමු ඉනිම – ඕවර 101.5 කදී සියලුදෙනා දැවී ලකුණු 318
(සිතාර ගිම්හාන් 31, දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109, අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3, ජනිත් ලියනගේ 32/2, නිලංක ප්‍රේමරත්න 84/2)

රාගම – පළමු ඉනිම – ඕවර 73 කදී කඩුල්ලක් දැවී ලකුණු 212
(ළහිරු මිලන්ත නොදැවී 100, ජනිත් ලියනගේ නොදැවී 104)
————————————————————————————-


එන්.සි.සී. ලකුණු 94 ක් ඉදිරියෙන්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එන්.සි.සී සහ සී.සි.සී. කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට එන්.සි.සී. පිල සමත්විය.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් රැස්කර ගෙන සිටි සී.සි.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 293 ක් රැස්කිරීමට සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත පන්දු පන්දු 213 කට මුහුණදෙමින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 108 ක් රැස්කරමින් සී.සි.සී. පිල පළමු ඉනිමේදී ඉහළින් තැබීමට සමත්විය. තරිඳු කෞශාල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු හතර බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එන්.සි.සී.  – පළමු ඉනිම – ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හෂාන් උපේන්ද්‍ර 30, ළහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, අනුක් ප්‍රනාන්දු 43, ළහිරු ගමගේ 52/4, වනිඳු හසරංග 33/2, උස්මාන් ඉශාක් 51/2)

සී.සි.සී. – පළමු ඉනිම – ඕවර 78.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(මලිඳු මදුරංග 29, රොන් චන්ද්‍රගුප්ත 108, ලසිත් අබේරත්න 21, රොෂාන් අනුරුද්ධ 29, වනිඳු හසරංග 59, රවීන් සේයර් 25, තරිඳු කෞශාල් 71/4, ලසිත් ඇඹුල්දෙණිය 110/4, )

එන්.සි.සී.  – දෙවැනි ඉනිම – ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 187
(ජෙහාන් මුබාරක් 46, ඇන්ජලෝ පෙරේරා නොදැවී 43, අනුක් ප්‍රනාන්දු 22, තිමිර ජයසිංහ නොදැවී 39, අශාන් ප්‍රියංජන් 42/2)
————————————————————————————-


යුද හමුදා පිල අසීරු ගමනක

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම ඉනිම සදහා පන්දුවට පහරදෙන යුදහමුදා පිල ලකුණු 51 කට කඩුලු පහක් අහිමිකර ගත්තේය.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 58 ක් රැස්කර ගෙන සිටි එස්.එස්.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 323 ක් රැස්කිරීමට සමත්විය.

චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සීක්කුගේ ප්‍රසන්න කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.


යුද හමුදාව – පළමු ඉනිම – ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(දුෂාන් විමුක්ති 31, ඩිල්ශාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, කසුන් ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුෂංක 29/3, දසුන් ශානක 41/2)

එස්.එස්.සී. – පළමු ඉනිම – ඕවර 81.5 කදී සියලුදෙනා දැවී ලකුණු 323
(මිනෝද් භානුක 28, චරිත් අසලංක 50, කවිඳු කුලසේකර 30, දසුන් ශානක 92, රමේෂ් මෙන්ඩිස් 32, සචිත්‍ර සේනානායක නොදැවී 31, සීක්කුගේ ප්‍රසන්න 84/3, දුශාන් විමුක්ති 35/2, එන්. මෙන්ඩිස් 58/2, මදුක ලියනපතිරණගේ 76/2)

යුද හමුදාව – දෙවැනි ඉනිම – ඕවර 21 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 51
(සීක්කුගේ ප්‍රසන්න නොදැවී 31, දසුන් ශානක 16/3, විමුක්ති පෙරේරා 07/2)

 

දෘශ්‍යාබාධිතයන්ගේ ලෝක කුසලාන තරගාවලියට යති

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අද (29 වැනිදා) සිට පෙබරවාරී 12 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.


දෘශ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් 10 ක් තරග වදින අතර එක් කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායම් නවය සමගින් තරග වැදිය යුතුව තිබේ. මූලික වටයේ තරග පෙබරවාරී 9 වැනිදා අවසන් වන අතර අවසන් පූර්ව තරග පෙබරවාරී 10 සහ 11 දෙදින හයිද්‍රාබාද් සහ බැංගලෝර් ක්‍රීඩාංගණ වලදි පැවැත්වෙන අතර අවසන් මහා තරගය පෙබරවාරී 12 වැනිදා බැංගලෝර්හී චින්නස්වාමී ක්‍රීඩාංගණවේදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත දෘශ්‍යාබාධිත කණ්ඩායමක් ඉන්දියාව බලාගොස් ඇති අතර නවසිලන්තයත් සමගින් පළමු තරගයට මුහුණදෙනු ඇත.

මූලික වටයේදී නවසිලන්තයට අමතරව බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ඉන්දියාව සහ නේපාලය සමගින්ද ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම තරග වැදිමට නියමිතව ඇත.


දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුතු රවින්ද්‍ර, සමන් කුමාර, සහන් කුමාර, ඛලීඞ් දස්මන්, කෝසල හේරත්, මොහාන් රාජ්, උපුල් සංජීව, සරත් බණ්ඩාර, එම්. මතුගම, රුවන් වසන්ත, විශ්වනාත් ලේකම්ගේ, චන්දන දේශප්‍රිය, ප්‍රියන්ත කුමාර, රුවන් කරුණාතිලක, සම්පත් වීරසේකර, දිනේෂ් මධුවන්ත සහ චන්දන සූරියආරච්චී.


දෘශ්‍යාබාධිත දෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සදහා තරග වදින කණ්ඩායම් 10

ඉන්දියාව
පාකිස්තානය
ඕස්ට්‍රේලියාව
එංගලන්තය
දකුණු අප්‍රිකාව
නවසිලන්තය
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
නේපාලය
බටහිර ඉන්දිය කොදෙව්


ශ්‍රී ලංකා කණ්ඩායම තරග කරන කාලසටහන

ජනවාරී 31 – නවසීලන්තය සමගින් දිල්ලී අයි.අයි.ටී. ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 01 – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගින් දිල්ලී අයි.අයි.ටී. ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 02 – පාකිස්තානය සමගින් දිල්ලී සිරි ෆෝර්ට් ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 03 – එංගලන්තය සමගින් අහමදාබාද් සර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 04 – ඉන්දියාව සමගින් අහමදාබාද් සර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 05 – නේපාලය සමගින් පූනේ පී.වයි.සී. ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 06 – ඕස්ට්‍රේලියාව සමගින් කෝචී රාජ්ගිරි පාසල් ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 08 – බංග්ලාදේශය සමගින් බැංගලෝර් අලූර් ක්‍රීඩාංගණයේදී
පෙබරවාරී 09 – දකුණු අප්‍රිකාව සමගින් බැංගලෝර් අලූර් ක්‍රීඩාංගණයේදී

 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර දකුණු අප්‍රිකාවේදී පැවැති තුන්කොන් යොවුන් එක්දින තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28 වැනිදා) සමත් විය. දකුණු අප්‍රිකාවේ බෝලන් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 77 කින් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තුන්කොන් තරගාවලියේ කුසලාන දිනාගත්තේය.

විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගත් නිපුන් රංසික අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද තමන් සතුකර ගත්තේය. මෙම තරගාවලියේදී තරග 5 කට ක්‍රීඩා කළ රංසික, එහිදී දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 17 කි.

අවසන් මහ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම ඕවර 32.4 ක් තුළ ලකුණු 79 කට සීමා කිරීමට රංසික ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ප්‍රවීන් ජයවික්‍රම සහ හරීන් වීරසිංහ කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා රංසිකට අනගි සහයක් දුන්හ.

සත්කාරක කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනෙකුම ලකුණු 15 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවීයාම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පරාජයට තදින්ම බලපෑ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේඞ් ඩි‘ක්ලර්ක්ටද පන්දු 48 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 156 ක් ලබාගත්තේය. ලකුණු 123 කට කඩුලු 9 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 33 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ප්‍රවීන් ජයගවික්‍රම (නොදැවී 20) සහ නිපුන් රංසික (14) ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අෂේන් බණ්ඩාර පන්දු 65 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළ අතර ලකුණු 53 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී මිෂේන් සිල්වා (12) සමග එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

මෙම තරගාවලියේදී (අවසන් මහ තරගයට පෙර) ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තෙවරක් තරග වැදුණ අතර එම අවස්ථා තුනේදීම (ලකුණු 128 කින්, ලකුණු 39 කින් සහ කඩුලු 5 කින්) පරාජයට පත් විය.

එසේ වුවත් ඉතාම අවශ්‍ය මොහොතේදී පෙරට පැමිණි ශ්‍රී ලංකා යෞවනයෝ අවසන් මහ තරගය ජයගනිමින් කුසලානය තමන් සතු කර ගත්හ.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – ඕවර 44.5 සියලු දෙනා දැවී 156
(ක්‍රිෂාන් ආරච්චිගේ 15, සම්මු අෂාන් 16, අෂේන් බණ්ඩාර 33, රෂ්මික ඩිල්ෂාන් 15, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 20, නිපුන් රංසික 14, රුවාන් ඩි’ස්වාඞ් 30/3, කෙනන් ස්මිත් 29/2)

දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම – ඕවර 32.4 සියලු දෙනා දැවී 79
(ජේඞ් ඩි’ක්ලර්ක් 16, මිචෙල් වැනි බියුරන් 15, නිපුන් රංසික 19/5, හරීන් වීරසිංහ 5/2, ප්‍රවීන් ජයවික්‍රම 13/2)


- 036

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ඡායාරූප – දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි)

තිමෝද්‍ය – පරණවිතාන ශතක රැස්කරති

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුලු 3 දැවී ලකුණු 269 ක් රැස්කිරීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය.

 

තෙවැනි කඩුල්ල සදහා ලකුණු 214 ක් සම්බන්ධතාවයක් පැවැත්විමට දිනෙත් තිමෝද්‍ය සහ තරංග පරණවිතාන සමත්වූ අතර ඔවුන් දෙදෙනා ශතක රැස්කිරීමටද සමත්වූහ. දිනෙත් තිමෝද්‍ය පන්දු 216 කට මුහුණදී හතරේ පහර නමයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 113 ක් රැස්කළ අතර තරංග පරණවිතාන පන්දු 196 කට මුහුණදෙමින් හතරේ පහර නවයක් සමගින් ලකුණු 104 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටින්නේය.


ද්‍රවිඩ සංගමය – පළමු ඉනිම – ඕවර 82 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 269
(සිතාර ගිම්හාන් 31, දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන නොදැවී 104, නිලංක ප්‍රේමරත්න 63/2)
————————————————————————–


එන්.සි.සී. 200, සී.සී.සී. 3/154

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එන්.සි.සී සහ සී.සි.සී. කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුලු 3 දැවී ලකුණු 154 ක් රැස්කිරීමට සී.සි.සී. පිල සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත ලකුණු 74 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේය.

පළමුව පන්දුවට පහරදුන් එන්.සි.සී කණ්ඩායම ලකුණු 200 කට සිමා කිරීමට සී.සි.සී. පන්දු යවන්නෝ සමත්වූහ. ළහිරු ගමගේ ලකුණු 52 කට කඩුලු හතරක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


එන්.සි.සී.  – පළමු ඉනිම – ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හෂාන් උපේන්ද්‍ර 30, ළහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, අනුක් ප්‍රනාන්දු 43, ළහිරු ගමගේ 52/4, වනිඳු හසරංග 33/2, උස්මාන් ඉශාක් 51/2)

සී.සි.සී. – පළමු ඉනිම – ඕවර 40 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 154
(රොන් චන්ද්‍රගුප්ත නොදැවී 74, ලසිත් අබේරත්න 21, රොෂාන් අනුරුද්ධ නොදැවී 22, ලසිත් ඇඹුල්දෙණිය 55/2)
————————————————————————–


කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 150 කට සිමාවෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 96 ක් රැස්කිරීමට හලාවත මේරියන්ස් පිල සමත්විය.

දකුණතින් වේගපන්දු යවන අරෝෂ් ජනෝද ලකුණු 38 කට කඩුලු 7 ක් දවාගනිමින් පළමුව පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිල පළමු ඉනිමේදී ලකුණු 150 කට සිමා කිරීමට සමත්විය.


කෝල්ට්ස් – පළමු ඉනිම – ඕවර 46.5 කදී සියලුදෙනා  දැවී ලකුණු 150
(සධීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 38/7, ඉසුරු උදාන 27/2)

හලාවත මේරියන්ස් – පළමු ඉනිම – ඕවර 31 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 96
(විදුර අධිකාරී 21, මහේල උඩවත්ත 27, අකිල ධනංජය 05/3)
————————————————————————–


යුද හමුදාව 228, එස්.එස්.සී. 3/58

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුලු 3 දැවී ලකුණු 58 ක් රැස්කිරීමට එස්.එස්.සී. පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා පිල ලකුණු 228 කට සිමා කිරීමට එස්.එස්.සී. පන්දු යවන්නෝ සමත්වූහ. ඩිල්ශාන් ද සොයිසා අර්ධ ශතකයක් ලබාගත් අතර සචිත්‍ර සේනානායක කඩුලු 4 ක් සහ කසුන් මදුෂංක කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


යුද හමුදාව – පළමු ඉනිම – ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(දුෂාන් විමුක්ති 31, ඩිල්ශාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, කසුන් ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුෂංක 29/3, දසුන් ශානක 41/2)

එස්.එස්.සී. – පළමු ඉනිම – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 58
(මිනෝද් භානුක 28)