ජයසූරියගෙන් ක්‍රීඩා ඇමතිට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැමිණිළි කළේය. එහිදී සනත් ජයසූරිය මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිත පැමිණිල්ලක් ද බාර දුන් බව වාර්තා වේ.  

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවැසුවේ සනත් ජයසූරිය පැමිණිලි කීපයක් ඉදිරිපත් කළ බවත් ඒ පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.

“සනත් මාව හමුවෙලා කරුණු කීපයක් ඉදිරිපත් කළා. මම ඔහුට කීව්වා ඉදිරියේදී මොකද වෙන්නේ කියලා බලමු කියලා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

සනත් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඔහු පැවසුවේ තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට මේ දක්වා තීරණය කර නොමැති බවයි.

තේරීම් කමිටුව පසුගිය සතිය වන විට දැඩි තීරණයක් ගැනීමේ සූදානමකින් පසු වූ බව වාර්තා වේ. තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයෝ ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ බව පසුගිය සතියේ වාර්තා විය.

තේරීම් කමිටුවේ කටයුතුවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරියකුගේ සහ උපදේශකවරයකුගේ ඇඟිලි ගැසීම් පිළිබඳව තේරීම් කමිටුව දැඩි කළකිරීමට පත්ව සිටීම මෙයට ප්‍රධාන හේතුව බව දැනගන්නට තිබේ.

දකුණු අප්‍රිකානු සංචාරයට තේරීම් කමිටුවේ සාමාජිකයකු සහභාගි නොකිරීමෙන් මෙම තත්ත්වය උත්සන්න වී තිබුණි. ජාතික කණ්ඩායමේ ඉදිරි සංචාරවලට තේරීම් කමිටු සාමාජිකයකු සහභාගි නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බව ද වාර්තා වේ. තේරීම් කමිටුව ලබාදෙන කණ්ඩායම් ප්‍රකාශ කිරීම ප්‍රමාද කරමින් හිතවතුන් සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන බවටද මෙහිදී චෝදනා එල්ල වී තිබේ.

සංචිතය තෝරා යොමු කළ පසු ක්‍රිකට් ප්‍රධානියකු සහ හිටපු නම ගිය ක්‍රීඩකයකු තේරීම් කමිටුවෙන් ඇතැම් ක්‍රීඩකයන් නොමැතිවීම පිළිබඳව ප්‍රශ්න කරන බවත් ඇතැම් ක්‍රීඩකයන් සංචිතයට රිංගවීමට උත්සහ කරන බවත් ක්‍රිකට් ආයතනය පැත්තෙන් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකුගේ ඉතාම සමීප සගයකුගේ පුත්‍රයකු පසුගිය ඕස්ටේ්‍රලියානු සංචාරයේදී කණ්ඩායමට පැමිණීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි.

සංචාරය සඳහා නම් කරන සංචිත මාධ්‍යයට ලැබීමේ ප්‍රමාදයක් වර්තමාන පරිපාලනය තුළ නිරන්තරයෙන් දැකගත හැකිව තිබේ. දැන් පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කළ කණ්ඩායමද අවසන් මොහොතේ ලැබීම පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගී තිබුණි.

ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ ආසියානු කුලසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ දක්වා මාධ්‍ය නිකුත් කර නොමැත. කනිෂ්ඨ තේරීම් කමිටුව එම සංචිතය තරගාවලියට සති තුනකට පමණ පෙර යොමු කළ ද එය ක්‍රිකට් ආයතනය සඟවා තබාගත් බවට චෝදනා එල්ල විය.  

සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු කටයුතු කරති.

සනත් ජයසූරිය මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් තවත් සාමාජිකයෝ දෙදෙනෙක්ද තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහූ පසුගිය සතියේ තේරීම් කමිටුව සමඟ මෙම තත්ත්වය පිළබඳව සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබුණි. එම සාකච්ඡාවෙන් පසුව තේරීම් කමිටුවේ සාමාජිකයකු ඉල්ලා අස්වීමේ තීරණය හකුලාගත් බවද දැනගන්නට තිබේ.

 

දකුණු අප්‍රිකාව ලකුණු 206 කින් ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 206 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකාව – පළමු ඉනිම 
ස්ටීෆන් කුක් – ඇ. චන්දිමාල් ප. ලක්මාල්  59
ඩීන් එල්ගා – ඇ. චන්දිමාල් ප. ලක්මාල්  45
හසිම් අම්ලා – ඇ. චන්දිමාල් ප. ලක්මාල්   20
ජේ.පී. ඩුමිනි – ක.මු.කළා ප. හේරත්  63
ෆෆ් ඩූ ප්ලේසී – ඇ. කරුණාරත්න ප. ලක්මාල්  37
ටෙම්බා බවුමා –  ක.මු.කළා ප. හේරත්  3
ක්වින්ටින් ඩී’කොක් –  ප. ප්‍රදීප් 37
වර්නන් ෆිලැන්ඩර් –  ඇ. චමීර ප. ප්‍රදීප්  13
කේෂව් මහාරාජ් –  ඇ. චන්දිමාල් ප. ලක්මාල්  0
කයිල් ඇබට් – දුවද්දී දැවී ගියා 0
කගිසෝ රබාඩා – නොදැවී 0
අතිරේක (නි-5, පා-3, ව-1) 9
එකතුව ඕවර 98.5 කදී සියලුදෙනා දැවී     286
කඩුලු වැටීම 
1-104 (කුක්), 2-105 (එල්ගා), 3-178 (අම්ලා), 4-213 (ඩුමිනි), 5-225 (බවුමා), 6-253 (ඩූ ප්ලේසී), 7-276 (ෆිලැන්ඩර්), 8-276 (මහාරාජ්), 9-281 (ඇබට්), 10-286 (ඩී’කොක්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  27-9-63-5  
නුවන් ප්‍රදීප් 21.5-5-66-2 නි-2
ඇන්ජලෝ මැතිව්ස්  13-5-26-0 ව-1
දුෂ්මන්ත චමීර 14-1-68-0 නි-3
රංගන හේරත්  20-4-48-2  
ධනංජය ද සිල්වා 3-0-12-0  
ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ප. ඇබට් 5
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප. ෆිලැන්ඩර් 16
කුසල් පෙරේරා – ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර්  7
කුසල් මෙන්ඩිස් – ඇ. ඩී’කොක් ප. ඇබට් 0
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. එල්ගා ප. රබාඩා 39
දිනේෂ් චන්දිමාල් –  ක.මු.කළා ප. ෆිලැන්ඩර් 28
ධනංජය ද සිල්වා – ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර් 43
රංගන හේරත් – ක.මු.කළා ප. මහාරාජ් 24
දුෂ්මන්ත චමීර – ඇ. අම්ලා ප. ඇබට් 19
සුරංග ලක්මාල් – ඇ. ඇබට් ප. ෆිලැන්ඩර් 4
නුවන් ප්‍රදීප් – නොදැවී  8
අතිරේක (නි-3, ව-5, පා-4) 12
එකතුව ඕවර 64.5 කදී සියලුදෙනා දැවී     205
කඩුලු වැටීම 
1-10 (කරුණාරත්න), 2-19 (පෙරේරා), 3-22 (මෙන්ඩිස්), 4-61 (සිල්වා), 5-94 (මැතිව්ස්), 6-121 (චන්දිමාල්), 7-157 (හේරත්), 8-181 (ධනංජය), 9-185 (ලක්මාල්), 10-205 (චමීර)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර් 20-7-45-5 නි-2
කයිල් ඇබට් 21.5-4-63-3  
කගිසෝ රබාඩා 13-3-63-1 නි-1, ව-1
කේෂව් මහාරාජ් 10-3-30-1  
දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම 
ස්ටීෆන් කුක් – ඇ. චන්දිමාල් ප. චමීර   117
ඩීන් එල්ගා – ඇ. මැතිව්ස් ප. ලක්මාල්   52
හසීම් අම්ලා – ක.මු.කළා ප. ප්‍රදීප්   48
ජේ.පී. ඩුමිනි – ඇ. මැතිව්ස් ප. ධනංජය  25
ෆෆ් ඩූ ප්ලේසී – නොදැවී  67
ටෙම්බා බවුමා – ඇ. මෙන්ඩිස් ප. ධනංජය   8
ක්වින්ටින් ඩී’කොක් – ක.මු.කළා ප.  හේරත් 69
අතිරේක (නි-10, ව-3, පා-2, බ-5) 20
එකතුව ඕවර 90.5 කදී කඩුලු 6 ක් දැවී     406
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
වර්නන් ෆිලැන්ඩර්, කයිල් ඇබට්, කේෂව් මහාරාජ්, කගිසෝ රබාඩා
කඩුලු වැටීම 
1-116 (එල්ගා), 2-221 (අම්ලා), 3-245 (කුක්), 4-267 (ඩුමිනි), 5-227 (බවුමා), 6-406 (ඩී’කොක්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  18-2-64-1  
නුවන් ප්‍රදීප්  14-0-65-1 නි-4, ව-1
ඇන්ජලෝ මැතිව්ස්  4-0-10-0  
දුෂ්මන්ත චමීර  15-0-85-1 නි-2, ව-2
රංගන හේරත්  24.5-1-84-1  
ධනංජය ද සිල්වා  15-0-91-2  
ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම 
දිමුත් කරුණාරත්න – දුවද්දී දැවී ගියා 43
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප. රබාඩා 48
කුසල් පෙරේරා – ඇ. ඩී’කොක් ප. මහාරාජ් 6
කුසල් මෙන්ඩිස් – ඇ. ඩී’කොක් ප. රබාඩා 58
ඇන්ජලෝ මැතිව්ස් – ක.මු.කළා ප. ඇබට්  59
දිනේෂ් චන්දිමාල් –  ඇ. රබාඩා ප. මහාරාජ් 8
ධනංජය ද සිල්වා – ක.මු.කළා ප. ඇබට්  22
රංගන හේරත් – ඇ. සහ ප. ෆිලැන්ඩර්  3
දුෂ්මන්ත චමීර – ඇ. ඩි කොක් ප. රබාඩා   0
සුරංග ලක්මාල් – නොදැවී 19
නුවන් ප්‍රදීප් – ප. මහරාජ් 4
අතිරේක (නි-1, ව-3, පා-3, බ-4) 11
එකතුව ඕවර 96.3 කදී සියලුදෙනා දැවී     281
කඩුලු වැටීම 
1-87 (කරුණාරත්න), 2-93 (පෙරේරා), 3-118 (සිල්වාv), 4-193 (මෙන්ඩිස්), 5-225 (චන්දිමාල්), 6-246 (මැතිව්ස්), 7-258 (ධනංජය), 8-258 (හේරත්), 9-274 (චමීර), 10-281 (ප්‍රදීප්)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර් 22-5-65-1  
කයිල් ඇබට් 20-6-38-2 ව-2
කගිසෝ රබාඩා 21-4-77-3 නි-1, ව-1
කේෂව් මහාරාජ් 30.3-7-86-3  
ජේ.පී. ඩුමිනි 3-0-8-0  

තරගයේ අවසන් දිනය වූ අද (30 වැනිදා) ඕවර 13.3 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 5 දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. මෙම ඕවර 13.3 ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 41 ක් පමණි.

අද දිනයේදී කයිල් ඇබට් විසින් යවන ලද දෙවැනි ඕවරයේදීම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් විය. ඇබට්ගේ පන්දුව පා ආවරණයේ වැදීමෙන් තමා දැවීගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට ප්‍රධාන විනිසුරුගත් තීරණයට නැවත විමසන්නයි මැතිව්ස් ඉල්ලා සිටි හෙයින් එය තෙවැනි විනිසුරුට යොමු කෙරිණ.

මැතිව්ස්ගේ දැවීයාමට අදාල රූපරාමු නැරඹීමෙන් අනතුරුව පන්දුව කඩුල්ලේ ඉහළ කොටසේ වදින බව නිගමනය කළ තෙවැනි විනිසුරු, ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණයට එකග වෙමින් මැතිව්ස් දැවීගිය ක්‍රීඩකයෙක් බව තහවුරු කළේය. ලකුණු 246 දී සිදුවූ මෙම දැවී යාමත් සමගම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරඹිණ. එතැන් සිට ඉතිරි කඩුලු කඩුලු 4ම ලබාගත හැකිවූයේ ලකුණු 35 ක් පමණි.

පැය තුනකට ආසන්න කාලයක් පුරා කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉවසිලිවත්ත ලෙස පන්දුවට පහරදුන් මැතිව්ස්, සිය 25 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 7 කින් සැරසීය. මැතිව්ස්ගේ දැවීයාමෙන් ලකුණු පුවරුවට තවත් ලකුණු 12 ක් එක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු ලෙස විශ්වාස තැබිය හැකි අවසන් ක්‍රීඩකයා වූ ධනංජය ද සිල්වාද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට කයිල් ඇබට් සමත් විය.

පැයක කාලයක් පුරා කඩුල්ලේ රැදී සිටි ධනංජය ද සිල්වා දැවීයන විට හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් ලබා සිටියේය.

ධනංජයගේ දැවීයාමත් සමගම තරගය ජය පරාජයෙන් තොරව බේරාගැනීමට හැකිවෙතැයි කියා තබා තිබූ අවසන් බලාපොරොත්තුවද බිඳවැටිණ. ඊළග ඕවරයේදී තමාගේම පන්දුවක් හමුවේ තණතීරුවේ දකුණු පසට පැමිණි උඩ පන්දුවක් වෙත පැන ඉතා විශිෂ්ට ලෙස එය රැකගමින් රංගන හේරත් ලකුණු 3 කට පිටියෙන් ඉවත් කිරීමට වර්නන් ෆිලැන්ඩර් සමත් විය.

රබාඩාගෙන් යොමුවූ වැඩි ඉපිලීමක් සහිත පන්දුවෙන් ආරක්ෂා වීමට දුෂ්මන්ත චමීර උත්සාහ කළ නමුත් පන්දුව චමීරගේ අත් ආවරණයේ වැදී ක්වින්ටින් ඩි’කොක්ගේ දෑත් අතර සිරවීමත් සමග ඔහුට ආපසු ක්‍රීඩාගාරය බලා යාමට සිදුවිය.

කඩුල්ල එල්ලයේ පතිත වූ මහරාජ්ගේ පා දඟ පන්දුව ප්‍රදීප්ගේ පිත්තේ පිටත දාරය පසුකර ගොස් කඩුල්ලේ වැදීමෙන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා වූ නුවන් ප්‍රදීප් දැවී යාමත් සමගම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 281 කට සීමා විය.


- 036

 

මිචෙල් ස්ටාක්

“මම මේ තරගය ආරම්භ කළාට වඩා හොඳින් ඉවර කළා. තරගයේ මේ තීරණය ලබාගත්ත එක නම් ඉතාමත් හොඳයි…විශ්වාසය අපේ සිත් තුළ තිබුණා. ඒත් තරගය ඉවර කෙරුණ විදිහ නම් අලංකාරයි”

 

- මෙල්බර්න් ටෙස්ට් තරගයෙන් පසුව

 

ඕස්ට්‍රේලියානුවෝ විස්මිත ජයක් ලබති

මෑත කාලීන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඇදහිය නොහැකි දිනුමක් ක්‍රිකට් වාර්තා පොතට එක්කළ ස්ටීවන් ස්මිත් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවෝ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානය පරදවා ඉනිමක සහ ලකුණු 18 ක අති විශිෂ්ට ජයක් ලබාගත්හ. පළමු ඉනිමේදී ලකුණු 443 ක් ලබාගත් පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 163 කට සීමා කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගවලියේදී 2-0 ක තරගාවලි ජයක් කරා තම පිල කල්වෙලා ඇතිවම කැඳවාගෙන ගියහ.

තරගයේ සිවුවැනි දිනය නිමා වන විටත් දෙපිලේම පළමු ඉනිම දෙක අවසන් වී නොතිබිණ. එහෙත් පස්වැනි දිනයේදී අධිවේගී ලකුණු රැස්කිරීමක නිරත වූ ඕස්ට්‍රේලියානුවෝ ඕවර 53.2 කදී පාකිස්තානු ඉනිම අහවර කළහ.

සිවුවැනි දිනයේ පස්වරුවේදී වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 කට ලකුණු 465 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු පිල පාකිස්තානුවන්ට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 22 කින් පමණි. එහෙත් අද පෙරවරුවේ ඕවර 28 කින් ලකුණු 159 ක් උදුරාගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ දිවා ආහාරටත් පෙර ඉනිම නතර කළේ හැකිනම් දිනයේ ඉතිරි කොටස් දෙක තුළදී (ඕවර 70 ක් ඇතුළත) කඩුලු රැකගනිමින් තරගය බේරා ගන්නා ලෙස පාකිස්තානුවන්ට අභියෝග කරමිනි. එහෙත් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටත් පාකිස්තානු පිලේ කඩුල්ලක් ලකුණු 06 කට බිඳ වැටී තිබිණ.

නොදැවී ලකුණු 165 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා සම්මානය දිනාගත් නමුත් පස්වැනි දිනයේදී පාකිස්තානු පිල විනාශ කළේ මිචෙල් ස්ටාක් සහ නේදන් ලයන් දෙදෙනාය. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ඉනිමකදී පිතිකරුවකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකරගත් මිචෙල් ස්ටාක්ගේ හයේ පහර 7 න් 5 ක් යසීර් ෂා එල්ලයේ විය. පන්දු 91 කින් ලකුණු 84 ක් ලබාගත් ස්ටාක්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

නායක ස්ටීවන් ස්මිත් සහ මිචෙල් ස්ටාක් අතර 7 වැනි කඩුල්ල සඳහා සම්බන්ධතාව ලකුණු 154 කි. ස්මිත්ගේ ලකුණු 165 ට හතරෙ පහර 13 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණ අතර ඔහු 2016 වසර නිමා කළේ ටෙස්ට් ලකුණු 1079 ක හිමිකරුවා වෙමිනි.

පාකිස්තානු දෙවැනි ඉනිමේ 20 වැනි ඕවරයේදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 63 ක් ලෙසිනි. ඉතිරි ඕවර 50 තුළදී පාකිස්තානු පිලට කඩුලු 8 ක් ආරක්‍ෂා කරගත හැකිවූයේ නම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත හැකිව තිබිණ. තත්ත්වය මෙසේ තිබියදී පන්දුව අතට ගත් නේදන් ලයන් ඕවර 5 ක් ඇතුළතදී යුනිස් ඛාන්, මිස්බා උල් හක් සහ අසාඞ් ශෆීක් තිදෙනාම පිටියෙන් ඉවත් කළ හෙයින් ලකුණු සංඛ්‍යාව 89 දී පස්වැනි කඩුල්ලත් බිඳ වැටිණ.

ඕවර 40 ක් තුළදී කඩුලු 5 ක් ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දුන් පාකිස්තානු පිල අසරණ කර දැමූ මිචෙල් ස්ටාක් විසින් බාබර් අසාම්, සර්ෆ්‍රාස් අහමඞ්, වහබ් රියාස් සහ යසීර් ෂා පිටියෙන් ඉවත් කරන ලද්දේ ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගනිමිනි.

පළමු ඉනිමේදී කඩුල්ලක් පමණක් දවාගත් මිචෙල් ස්ටාක් දෙවැනි ඉනිම දෙකේදී පාකිස්තානුවන් උස්සා පොළොවේ ගැසීය.

“මම මේ තරගය ආරම්භ කළාට වඩා හොඳින් ඉවර කළා. තරගයේ මේ තීරණය ලබාගත්ත එක නම් ඉතාමත් හොඳයි…විශ්වාසය අපේ සිත් තුළ තිබුණා. ඒත් තරගය ඉවර කෙරුණ විදිහ නම් අලංකාරයි” යයි මිචෙල් ස්ටාක් පැවසීය.

මෙම පරාජය පාකිස්තානුවන් ඕස්ට්‍රේලියාවේදී එක දිගට ලැබූ 11 වැනි පරාජයයි. ඕස්ටේ්‍රලියාවේදී පාකිස්තානුවන්ගේ අවසන් ටෙස්ට් ජය වාර්තා වන්නේ 1995 සිඞ්නි හිදීය.

පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9 ට 443
ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම කඩුලු 8 ට 624
පාකිස්තානය දෙවැනි ඉනිම – 163

(අසාර් අලි 43, යුනිස් ඛාන් 24, අසාඞ් ශෆීක් 16, සර්ෆ්‍රාස් අහමඞ් 43, මොහොමඞ් අමීර් 11, සොහේල් ඛාන් 10, මිචෙල් ස්ටාක් 36/4, ජොස් හේසල්වුඞ් 39/2, ජැක්සන් බර්ඞ් 46/1, නේතන් ලයන් 33/3)

 

දිනුක පළමු පෙළ කඩුලු 900 සම්පූර්ණ කරයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී ක්‍රීඩා සමාජය අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයවූ අද (29 වැනිදා) තරගය නිමාවන විටදී කඩුලු 5 ක් දැවී ලකුණු 141 ක් රැස්කිරීමට බී.ආර්.සී කණ්ඩායම සමත්විය.


කෝල්ට්ස් පිල සියලුදෙනා දැවී ලකුණු 360 ක් ලබාගත් අතර සධීර සමරවික්‍රම අද දිනයේදී ලකුණු ලබාගැනීමට පෙර දිනුක හෙට්ටිආරච්චී විසින් දවාගන්නා ලදී.


ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති දිනුක හෙට්ටිආරච්චී පළමු පෙළ තරග 217 කට ක්‍රීඩා කරමින් කඩුලු 900 සම්පූර්ණ කිරීමට අද සමත්විය.

 

කෝල්ට්ස් – පළමු ඉනිම – ඕවර 116.3 කදී සියලුදෙනා දැවී ලකුණු 360
(සධීර සමරවික්‍රම 119, කාංචන ගුණවර්ධන 24, හෂාන් දුමිඳු 72, ඇන්ජලෝ ජයසිංහ 33, ප්‍රිමෝෂ් පෙරේරා 20, ඉශාන් ජයරත්න 28, අකිල ධනංජය 23, දිනුක හෙට්ටිආරච්චී 115/6, තිලකරත්න සම්පත් 89/3)


බී.ආර්.සී – පළමු ඉනිම – ඕවර 38.4  කදී කඩුලු 5 ක් දැවී ලකුණු 141
(ලසිත් ලක්ෂාන් 48, භානුක රාජපක්ෂ 39, දේෂාන් ඩයස් 22, ප්‍රභාත් ජයසුරිය 35/2, අකිල ධනංජය 47/2)

———————————————————————————————————————

ද්‍රවිඩ සංගමය ලකුණු 199 ක් ඉදිරියෙන්


අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයවූ අද (29 වැනිදා) තරගය නිමාවන විට බ්ලූම්ෆීල්ඞ් පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි.


ද්‍රවිඩ සංගම් පිල සියලුදෙනා දැවි ලකුණු 314 ක් රැස්කළ අතර මනෝජ් සරත්චන්ද්‍ර සහ තරංග පරණවිතාන අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශශ්‍රීක පුස්සේගොල්ල ලකුණු 102 කට කඩුලු පහක් සහ මලිත් ද සිල්වා ලකුණු 66 කට කඩුලු හතරක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ද්‍රවිඩ සංගමය – පළමු ඉනිම – ඕවර 87.3  කදී සියලුදෙනා දැවී ලකුණු 314
(සිතාර ගිම්හාන් 46, මනෝජ් සරත්චන්ද්‍ර 57, තරංග පරණවිතාන 60, ජීවන් මෙන්ඩිස් 24, කිත්රුවන් විතානගේ 49, දිනුක් වික්‍රමනායක නොදැවී 49, ශශ්‍රීක පුස්සේගොල්ල 102/5, මලිත් ද සිල්වා 66/4)


බ්ලූම්ෆීල්ඞ් – පළමු ඉනිම – ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 45, ශශ්‍රීක පුස්සේගොල්ල 24, රමිත රඹුක්වැල්ල 38/4, චරිත් ජයම්පති 12/2, ජිවන් මෙන්ඩිස් 19/2)
———————————————————————————————————————
ඇන්ජලෝ පෙරේරාගෙන් ශතකයක්


අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ එන්.සී.සි ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රීඩා සමාජය අතර එන්.සී.සි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයවූ අද (29 වැනිදා) තරගය නිමාවන විටදී කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් රැස්කිරීමට ගාල්ල පිල සමත්විය.


දමිත හුණුකුඹුර අර්ධ ශතකයක් ලබාගත් අතර චතුරංග ද සිල්වා ලකුණු 66 කට කඩුලු හතරක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.


ඇන්ජලෝ පෙරේරා අද දිනයේදී ශතකයක් ලබාගනිමින් එන්.සී.සී පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරාගෙනගිය අතර ශාලික කරුණානායක සහ රොෂාන් ජයතිස්ස කඩුලු හතර බැගින් දවාගැනීමට සමත්විය.


එන්.සී.සි – පළමු ඉනිම – ඕවර 83.5 කදී සියලුදෙනා දැවී ලකුණු 370
(සඳුන් වීරක්කොඩි 110, ඇන්ජලෝ පෙරේරා නොදැවී 139, අනුක් ප්‍රනාන්දු 31, තරිඳු කෞෂාල් 43, ශාලික කරුණානායක 74/4, රොෂාන් ජයතිස්ස 117/4)


ගාල්ල – පළමු ඉනිම – ඕවර 58 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 162
(දමිත හුණුකුඹුර 66, යශෝධ ලංකා 43, චතුරංග ද සිල්වා 66/4, ජෙහාන් මුබාරක් 11/2)
———————————————————————————————————————
රාගම කඩුලු 2ට ලකුණු 209


අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ රාගම ක්‍රීඩා සමාජය සහ සි.සි.සී ක්‍රීඩා සමාජය අතර සි.සි.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයවූ අද (29 වැනිදා) තරගය නිමාවන විටදී කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් රැස්කිරීමට රාගම ක්‍රීඩා සමාජය සමත්විය.


පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් අද දිනයේදී තරගය ආරම්භවීමට ප්‍රමාදවූ අතර යැවීමට හැකිවූයේ ඕවර 36 ක් පමණි

 

රාගම  – පළමු ඉනිම – ඕවර 74 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 209
(උදාර ජයසුන්දර 50, ළහිරු මිලන්ත 64, ජනිත් ලියනගේ 20, ළහිරු තිරිමාන්න නොදැවි 38, රොෂේන් සිල්වා 30, ළහිරු ගමගේ 54/2)

———————————————————————————————————————

සැරසන්ස් 292, මුවර්ස් 8/175


අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයවූ අද (29 වැනිදා) තරගය නිමාවන විටදී කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් රැස්කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය.


ඊයේ දිනයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 179 ක් රැස්කරගෙන සිටි සැරසන්ස් පිලට අද දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 292 ක් පමණි.


සැරසන්ස් –  පළමු ඉනිම – ඕවර 80 කදී සියලුදෙනා දැවී ලකුණු 292
(ඉරෝෂ් සමරසූරිය 85, සංගීත් කුරේ 22, මිලින්ද සිරිවර්ධන 50, හර්ෂ කුරේ 35, කෞෂල්‍ය ගජසිංහ 20, කසුන් රාජිත 23, සචිත්‍ර පෙරේරා 59/3, ප්‍රමෝද් මදුවන්ත 88/3, නිලංක පතිරණ 70/2)


මුවර්ස් –  පළමු ඉනිම – ඕවර 54 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 175
(ප්‍රිමෝෂ් පෙරේරා 36, පබසර වඩුගේ 52, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 25, චතුර රංදුණු 37/3, මිලින්ද සිරිවර්ධන 11/2, සුරාජ් රංදිව් 60/2)
———————————————————————————————————————
බදුරලිය පිල පරාජයෙන් ගැලවීමේ සටනක


අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ එස්.එස්.සී ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයවූ අද (29 වැනිදා) තරගය නිමාවන විටදී දෙවැනි ඉනිම සදහා කිසිවකු නොදැවී ලකුණු 32 ක් රැස්කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත්විය.


බදුරලිය පිල පළමු ඉනිමේදී ලකුණු 143 කට සීමා කිරීමට ලකුණ 44 කට කඩුලු 6 ක් දවාගත් ජෙෆ්රී වැන්ඩර්සේ සමත්වූ අතර පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමට ඔවුන්ට සිදුවිය.


ඊයේ තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 200 ක් රැස්කරගෙන සිටි එස්.එස්.සී පිල අද දිනයේදී ලකුණු 347 ක් රැස්කළ අතර ශතකය පෙනි පෙනී ශම්මු අශාන් ලකුණු 95 කට දැවී ගියේය.


කවිඳු කුලසේකර සහ සචිත්‍ර සේනානායක අර්ධ ශතක ලබාගත් අතර අලංකාර අසංක ලකුණු 126 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.


එස්.එස්.සී – පළමු ඉනිම – ඕවර 92.5 කදී සියලුදෙනා දැවී ලකුණු 347
(මිනෝද් භානුක 21, චරිත් අසලංක 66, ශම්මු අශාන් 95, කවිඳු කුලසේකර 52, සචිත්‍ර සේනානායක 62, අලංකාර අසංක 126/6)


බදුරලිය – පළමු ඉනිම – ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(ශිරාන් රත්නායක 51, ජෙෆ්රී වැන්ඩර්සේ 44/6)


බදුරලිය – දෙවැනි ඉනිම – ඕවර 4 කදී කිසිවකු නොදැවී ලකුණු 32
(ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 28)

 

ස්ටීවන් ස්මිත්

“මේ වැස්ස නම් අපිට කිසිම ආකාරයකින් උදව් කළේ  නෑ. දැන් තියෙන්නේ හෙට උදේ තත්ත්වය බලලා එන විදිහට සෙල්ලම් කරන්නයි”

 

“තණතීරුවේ වුණත් එහෙමට කියන්න කැඩීමක් පෙනෙන්න නෑ. ඒකේ තවමත් ලකුණු තියෙනවා. ඒ නිසා මේ තරගයේ තීරණයක් ලබාගැනීම ලේසි පාසු දෙයක් නෙමේ”

 

- මෙල්බර්න් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවේදී

ස්මිත් ඕස්ට්‍රේලියාව ඉදිරියට ගෙනයයි

පාකිස්තානයට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් බලාපොරොත්තු සහගතව සිටියේ නම් ඒ සියල්ලම සැඩ සුළඟේ යැවූ කුණාටුව හමා ඒමට පෙර ඉතාමත් තැන්පත් ලීලාවෙන් ශතකයක් ලබාගත් ඕස්ට්‍රේලියානු නායකයා පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 22 ක් ඉදිරියට තම පිල කැඳවාගෙන ගියේය. තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) තේ පානයට ස්වල්ප වේලාවකට පෙර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල සය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 465 ක් ලබා සිටියේය.


මෙය ස්ටීවන් ස්මිත්ගේ 17 වැනි ටෙස්ට් ශතකය වන අතර ඒ වෙනුවෙන් පන්දු 168 කට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු නායකයා හතරේ පහර 9 කින් එය සැරසීය.


පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල වෙනුවෙන් අසාර් අලි (නොදැවී 205) ලබාගත් ද්විත්ව ශතකය හේතුවෙන් සංචාරකයෝ සිය මුල් ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 443 ක් ලබාගත්හ. ඊයේ සහ අද පෙරවරුවේදී හිරු රැසින් නැහැවෙමින් තිබුණු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය අද පස්වරුවේදී ඇද හැළුණු වර්ෂාවෙන් පසුව තෙතබරි වී තිබිණ.


තරගයේ අවසන් දිනය වන හෙට (සිකුරාදා) දීප්තිමත් කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ අනාවැකි වලින් කියැවෙන නමුත් පාකිස්තානුවන් පීඩනයට පත්කළ හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඕස්ටේ්‍රලියාවට කාලය මඳ වී තිබේ. මේ වන විටත් පළමු ටෙස්ට් තරගය ජයගෙන සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ අපේක්‍ෂාව වන්නේ තරග 3 කින් සමන්විත තරගාවලියේ කල්වේලා ඇතිවම 2-0 ක ජයක් ලබාගැනීමයි.


“මේ වැස්ස නම් අපිට කිසිම ආකාරයකින් උදව් කළේ  නෑ. දැන් තියෙන්නේ හෙට උදේ තත්ත්වය බලලා එන විදිහට සෙල්ලම් කරන්නයි”


“තණතීරුවේ වුණත් එහෙමට කියන්න කැඩීමක් පෙනෙන්න නෑ. ඒකේ තවමත් ලකුණු තියෙනවා. ඒ නිසා මේ තරගයේ තීරණයක් ලබාගැනීම ලේසි පාසු දෙයක් නෙමේ” යයි ඕස්ට්‍රේලියානු නායකයා පැවසීය.


ස්ටීවන් ස්මිත් අද දිනයේදී මෙම වසරට ලබාගත් 1000 වැනි ටෙස්ට් ලකුණද සිය ලකුණු මල්ලට එකතු කරගත්තේය.


ඕස්ට්‍රේලියානුවන් කඩුලු 5 කට ලකුණු 447 ක් ලබා සිටියදී තරගය පාකිස්තානුවන්ගෙන් ලෙස්සා යමින් තිබිණ. එම අවස්ථාවේදී යසීර් ෂා හමුවේ මැතිව් වේඞ් ගැසූ දැඩි පහරකින් නික්ම ගිය පන්දුව ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි අසාර් අලිගේ හිස් ආවරණයේ වැදිණ. දැඩි වේදනාව නිසා එසැණින් බිම ඇද වැටුණු අසාර් අලි මඳ වේලාවකට පසුව ක්‍රීඩාගාරයට ගියද හෙට දිනයේදී පන්දු රැකීමට පිටියට පිවිසෙන බව පාකිස්තානු කණ්ඩායම් ආරංචි මාර්ග වලින් කියැවේ.


පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9 ට 443
(අසාර් අලි නොදැවී 205, බාබර් අසාම් 23, යුනිස් ඛාන් 21, මිස්බා උල් හක් 11, අසාඞ් ශෆීක් 50, සර්ෆ්‍රාස් අහමඞ් 10, මොහොමඞ් අමීර් 29, සොහේල් ඛාන් 65, ජොස් හේසල්වුඞ් 50/3, ජැක්සන් බර්ඞ් 113/3)


ඕස්ට්‍රේරලියාව – පළමු ඉනිම කඩුලු 6 ට 465
(මැතිව් රැන්ෂෝ 10, ඬේවිඞ් වෝනර් 144, උස්මන් කවාජා 97, ස්ටීවන් ස්මිත් නොදැවී 100, පීටර් හැන්ස්කොම්බ් 54, නික් මැඩින්සන් 22, සොහේල් ඛාන් 86/2, යසීර් ෂා 150/2, වහාබ් රියාස් 135/2)

 

ශ්‍රී ලංකාව ලකුණු 248 ක් පසුපසින්

 

දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 488 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වන අද (29 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියේය. දකුණු අප්‍රිකානුවන්ට වඩා තවත් ලකුණු 248 ක් පසුපසින් සිටින ශ්‍රී ලංකා පිල ගොඩගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 58) සහ ධනංජය ද සිල්වා (නොදැවී 9) අසීරු සටනක නිරතව සිටිති.


කේෂව් මහරාජ්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට යාමෙන් ස්ටිවන් කුක්ට පහසු උඩ පන්දුවක් දුන්නද එය අතහැරීම නිසා දිනේෂ් චන්දිමාල්ට කඩුල්ලේ රැදී සිටීමේ වාසනාව හිමිවූවද, ලැබුණ අවස්ථාවෙන් චන්දිමාල්ට වැඩි යමක් කිරීමට ඉඩ නොදුන් මහරාජ්, ලකුණු 8 ට ඔහු දවාගත්තේය.

 

දකුණු අප්‍රිකාව – පළමු ඉනිම 
ස්ටීෆන් කුක් – ඇ. චන්දිමාල් ප. ලක්මාල්  59
ඩීන් එල්ගා – ඇ. චන්දිමාල් ප. ලක්මාල්  45
හසිම් අම්ලා – ඇ. චන්දිමාල් ප. ලක්මාල්   20
ජේ.පී. ඩුමිනි – ක.මු.කළා ප. හේරත්  63
ෆෆ් ඩූ ප්ලේසී – ඇ. කරුණාරත්න ප. ලක්මාල්  37
ටෙම්බා බවුමා –  ක.මු.කළා ප. හේරත්  3
ක්වින්ටින් ඩී’කොක් –  ප. ප්‍රදීප් 37
වර්නන් ෆිලැන්ඩර් –  ඇ. චමීර ප. ප්‍රදීප්  13
කේෂව් මහාරාජ් –  ඇ. චන්දිමාල් ප. ලක්මාල්  0
කයිල් ඇබට් – දුවද්දී දැවී ගියා 0
කගිසෝ රබාඩා – නොදැවී 0
අතිරේක (නි-5, පා-3, ව-1) 9
එකතුව ඕවර 98.5 කදී සියලුදෙනා දැවී     286
කඩුලු වැටීම 
1-104 (කුක්), 2-105 (එල්ගා), 3-178 (අම්ලා), 4-213 (ඩුමිනි), 5-225 (බවුමා), 6-253 (ඩූ ප්ලේසී), 7-276 (ෆිලැන්ඩර්), 8-276 (මහාරාජ්), 9-281 (ඇබට්), 10-286 (ඩී’කොක්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  27-9-63-5  
නුවන් ප්‍රදීප් 21.5-5-66-2 නි-2
ඇන්ජලෝ මැතිව්ස්  13-5-26-0 ව-1
දුෂ්මන්ත චමීර 14-1-68-0 නි-3
රංගන හේරත්  20-4-48-2  
ධනංජය ද සිල්වා 3-0-12-0  
ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ප. ඇබට් 5
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප. ෆිලැන්ඩර් 16
කුසල් පෙරේරා – ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර්  7
කුසල් මෙන්ඩිස් – ඇ. ඩී’කොක් ප. ඇබට් 0
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. එල්ගා ප. රබාඩා 39
දිනේෂ් චන්දිමාල් –  ක.මු.කළා ප. ෆිලැන්ඩර් 28
ධනංජය ද සිල්වා – ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර් 43
රංගන හේරත් – ක.මු.කළා ප. මහාරාජ් 24
දුෂ්මන්ත චමීර – ඇ. අම්ලා ප. ඇබට් 19
සුරංග ලක්මාල් – ඇ. ඇබට් ප. ෆිලැන්ඩර් 4
නුවන් ප්‍රදීප් – නොදැවී  8
අතිරේක (නි-3, ව-5, පා-4) 12
එකතුව ඕවර 64.5 කදී සියලුදෙනා දැවී     205
කඩුලු වැටීම 
1-10 (කරුණාරත්න), 2-19 (පෙරේරා), 3-22 (මෙන්ඩිස්), 4-61 (සිල්වා), 5-94 (මැතිව්ස්), 6-121 (චන්දිමාල්), 7-157 (හේරත්), 8-181 (ධනංජය), 9-185 (ලක්මාල්), 10-205 (චමීර)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර් 20-7-45-5 නි-2
කයිල් ඇබට් 21.5-4-63-3  
කගිසෝ රබාඩා 13-3-63-1 නි-1, ව-1
කේෂව් මහාරාජ් 10-3-30-1  
දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම 
ස්ටීෆන් කුක් – ඇ. චන්දිමාල් ප. චමීර   117
ඩීන් එල්ගා – ඇ. මැතිව්ස් ප. ලක්මාල්   52
හසීම් අම්ලා – ක.මු.කළා ප. ප්‍රදීප්   48
ජේ.පී. ඩුමිනි – ඇ. මැතිව්ස් ප. ධනංජය  25
ෆෆ් ඩූ ප්ලේසී – නොදැවී  67
ටෙම්බා බවුමා – ඇ. මෙන්ඩිස් ප. ධනංජය   8
ක්වින්ටින් ඩී’කොක් – ක.මු.කළා ප.  හේරත් 69
අතිරේක (නි-10, ව-3, පා-2, බ-5) 20
එකතුව ඕවර 90.5 කදී කඩුලු 6 ක් දැවී     406
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
වර්නන් ෆිලැන්ඩර්, කයිල් ඇබට්, කේෂව් මහාරාජ්, කගිසෝ රබාඩා
කඩුලු වැටීම 
1-116 (එල්ගා), 2-221 (අම්ලා), 3-245 (කුක්), 4-267 (ඩුමිනි), 5-227 (බවුමා), 6-406 (ඩී’කොක්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  18-2-64-1  
නුවන් ප්‍රදීප්  14-0-65-1 නි-4, ව-1
ඇන්ජලෝ මැතිව්ස්  4-0-10-0  
දුෂ්මන්ත චමීර  15-0-85-1 නි-2, ව-2
රංගන හේරත්  24.5-1-84-1  
ධනංජය ද සිල්වා  15-0-91-2  
ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම 
දිමුත් කරුණාරත්න – දුවද්දී දැවී ගියා 43
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප. රබාඩා 48
කුසල් පෙරේරා – ඇ. ඩී’කොක් ප. මහාරාජ් 6
කුසල් මෙන්ඩිස් – ඇ. ඩී’කොක් ප. රබාඩා 58
ඇන්ජලෝ මැතිව්ස් – නොදැවී 58
දිනේෂ් චන්දිමාල් –  ඇ. රබාඩා ප. මහාරාජ් 8
ධනංජය ද සිල්වා – නොදැවී 9
අතිරේක (නි-1, ව-2, පා-3, බ-4) 10
එකතුව ඕවර 83 කදී කඩුලු  5 ක් දැවී     240
කඩුලු වැටීම 
1-87 (කරුණාරත්න), 2-93 (පෙරේරා), 3-118 (සිල්වාv), 4-193 (මෙන්ඩිස්), 5-225 (චන්දිමාල්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
රංගන හේරත්, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්.
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර් 17-5-38-0  
කයිල් ඇබට් 15-3-31-0 නි-1
කගිසෝ රබාඩා 19-3-72-2 නි-1, ව-1
කේෂව් මහාරාජ් 29-7-84-2  
ජේ.පී. ඩුමිනි 3-0-8-0  

සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් (58) කගිසෝ රබාඩාගේ පන්දුවකට කඩුලු රකින ක්වින්ටන් ඩී’කොක් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ලකුණු 193 කට කඩුලු හතරක් ලෙස දිස්විය. ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 75 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ දැමිමටද මෙන්ඩිස් සමත් විය.


අර්ධ ශතකයට තවත් ලකුණු දෙකක් පසුපසින් සිටියදී කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව කෞෂාල් සිල්වා දැවීගිය අතර එම තීරණය පිළිබඳ සැහිමකට පත්නොවු ඔහු විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු විසින් දැවීයාමට අදාල රූපරාමු නැරඹීමෙන් අනතුරුව ප්‍රධාන විනිසුරුගේ තිරණය සමග එකගවෙමින් කෞෂාල් සිල්වා දැවිගිය බවට තීරණය කළේය.


පසුගිය තරගාවලි කිහිපයේදී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ කුසල් ජනිත්, මෙම තරගයේදීද අසාර්ථක වෙමින් කේශව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ ලකුණු හයකට දැවී ගියේය. දෙවැනි කඩුල්ල ලෙස කුසල් ජනිත් දැවී යනවිට කඩුලු දෙකකට ලකුණු 93 ක් ලෙස ලකුණු පුවරුව දිස්විය. කඩුල්ලෙන් ඉවතට ඇදී ගිය මහාරාජ්ගේ පන්දුවකට බැක් කට් පහරක් ගැසීමට යාමේදී කුසල් පෙරේරාගෙන් කඩුලු රකින ක්වින්ටින් ඩි’කොක්ට උඩ පන්දුවක් ලැබිණ.


තරගයෙන් ජයගැනීම හෝ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම පිළිබඳ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබූ පළමු අභියෝගය වූයේ ආරම්භක පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමයි. එම කාර්යය මැනවින් ඉටු කරමින් සිටි කෞෂාල් සිල්වාගේ හදිසී තීරණයක් හේතුවෙන් දුවද්දී දැවීයාමකට හසුවූ දිමුත් කරුණාරත්න, නිකරුණේ සිය කඩුල්ල පූජා කරනවිට ලකුණු 43 ක් ලබා සිටියේය.


එංගලන්තය, ඕස්ටේ්‍රලියාව සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගාවලි තුනෙහිදී ටෙස්ට් තරග අටක ඉනිම 14 කදී ආරම්භක පිතිකරුවන් වශයෙන් දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා කටයුතු කළහ. ඒ අතරවාරයේදී පළමු කඩුල්ල සදහා ශතක සම්බන්ධතාවක් පවත්වා ඇත්තේ එංගලන්ත පිලට එරෙහිව එක් අවස්ථාවකදි සහ සිම්බාබ්වේ පිලට එරෙහිව එක් අවස්ථාවකදී පමණී. අනෙක් අවස්ථාවන්හිදී ලකුණු 50 කටත් අඩු සම්බන්ධතා පවත්වා ඇති අතර ඉන් අවස්ථා හතකදී පවත්වා ඇත්තේ ලකුණු 10 ට අඩු ලකුණු සම්බන්ධතා වේ.


මුළු ලකුණු සංඛ්‍යාව 17 ක් වනවිටදී කගිසෝ රබාඩා එවූ පන්දුවකට පළමු ස්ලිප් ක්‍රීඩකයා සහ කඩුලු රකින ක්‍රීඩකයා අතරින් ගිය උඩපන්දුව රැකගැනීමට අවස්ථාවක් හිමිනොවූ බැවින් ලකුණු පහක් ලබාසිටි කෞෂාල් සිල්වාට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව උදාවූවා පමණක් නොව, ලකුණු 17 ක් විය යුතු පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 87 ක් දක්වා දිග්ගැස්සී ගියේය.


ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේ සිට කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න අතර පළමු කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතා සටහන් වන්නේ 10, 10, 10, 38, 108, 45, 06, 00, 05, 02, 123, 17, 62, 14, 10 සහ 87 ක් ලෙසිනි.


දකුණු අප්‍රිකානු පිල සිය දෙවැනි ඉනිම සදහා කඩුලු හයකට දැවී ලකුණු 406 ක් රැස්කළ හෙයින් තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 488 ක ඉලක්කයක් හිමිවිය. තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (28 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානු පිල ලකුණු 432 ක් ඉදිරියෙන් සිටියේය.


අද දිනයේදී ෆෆ් ඩූ ප්ලේසී සහ ක්වින්ටන් ඩී’කොක් අර්ධ ශතක ලබාගැනීමට සමත්වූ අතර රංගන හේරත් එවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඩී’කොක් දැවියාමත් සමගින් හයවැනි කඩුල්ල සදහා පැවැති ලකුණු 129 ක සම්බන්ධතාවය බිඳ වැටුණි.


රංගන හේරත් යැවූ අවසන් ඕවරයේ දෙවැනි පන්දුවෙදී ක්වින්ටින් ඩී’කොක් කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලීමක් කළද, ප්‍රධාන විනිසුරු එය ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් ඇන්ජලෝ මැතිව්ස් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. එහෙත් රූපවාහිනී පුනරූපණ නැරඹීමෙන් අනතුරුව ප්‍රධාන විනිසුරුගේ තීරණය සනාථ වීමෙන් මැතිව්ස්ගේ අවස්ථා දෙකින් එකක් අහිමි විය.


කෙසේ වෙතත් එයින් පන්දු 4 කට පසුව ප්‍රධාන විනිසුරුවරයා දුන් තීරණයෙන් සැහිමකට පත්නොවූ ක්වින්ටන් ඩී’කොක් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය වෙත ගියද රූපවාහිනී පුනරූපණ නැරඹීමෙන් අනතුරුව ප්‍රධාන විනිසුරුගේ තීරණය සනාථ විය.

 

 

 

 

ලන්කන් පිලේ ජයග්‍රහණයට වැස්ස හරස්වෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණියේ ලන්කන් ක්‍රීඩා සමාජය සහ කළුතර පි.සි.සි ක්‍රීඩා සමාජය අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (28 වැනිදා) අවසන්විය.

ඉනිමන පරජයෙන් ගැලවිම සදහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදිම සදහා පිටියට පිවිසි කළුතර පි.සි.සි පිලට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණි.

වර්ෂාව හේතුවෙන් ලන්කන් ක්‍රීඩා සමාජයට පූර්ණ ජයක් අත්කර ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය අතර පළමු ඉනිමේ ජයකින් සැහීමට පත්විමට සිදුවිය.

ලන්කන් පිල පළමු ඉනිම සදහා ලකුණු 428 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කළුතර පි.සි.සි පිලට පළමු ඉනිමෙදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණී.

ලන්කන් – පළමු ඉනිම – ඕවර 109.3 කදී සියලුදෙනා දැවී ලකුණු 428
(ලක්ෂාන් රොඩිරිගෝ 68, යශාන් සමරසිංහ 24, මදුරංග සොයිසා 127, චරිත් ප්‍රනාන්දු 104, රජීව වීරසිංහ 24, රජිත රණවීර 23, රුචිර සිල්වා 108/3, ෆහද් බාබර් 49/2, රසික ප්‍රනාන්දු 56/2, රමේෂ් සෙල්වරාජ් 80/2)

කළුතර පි.සි.සි – පළමු ඉනිම – ඕවර 53.5 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(දමිදු අශාන් 28, රසික ප්‍රනාන්දු 54, මනෝජ් නිරෝෂන් 44, නවින් කවිකාර 73/6, රජීව වීරසිංහ 54/3)

කළුතර පි.සි.සි – දෙවැනි ඉනිම – ඕවර 40.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 102
(දමිදු අශාන් 49, නිලාන් ප්‍රනාන්දු නොදැවී 23, ලක්ෂාන් රොඩිරිගෝ 03/2, ලාල් කුමාර් 21/2)

————————————————————————————————


කළුතර නාගරික පිල ලකුණු 156 කට සීමාවෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණියේ කළුතර නාගරික ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නිමාවන විටදී කිසිවකු නොදැවී ලකුණු 02 ක් රැස්කිරීමට වරාය අධිකාරි ක්‍රීඩා සමාජය සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කළුතර නාගරික පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156 ක් පමණි. චාමිකර එදිරිසිංහ කඩුලු හතරක් සහ ඕමේෂ් විජේසිරිවර්ධන කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කළුතර නාගරික – පළමු ඉනිම – ඕවර 66.5 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(චමෝද් සිල්වා 30, සුලාන් ජයවර්ධන 38, යොහාන් ද සිල්වා 21, චාමිකර එදිරිසිංහ 40/4, ඕමේෂ් විජේසිරිවර්ධන 23/3, චානක කොමසාරූ 32/2)

වරාය අධිකාරිය – පළමු ඉනිම – ඕවර 1 කදී කිසිවකු නොදැවී ලකුණු 2
————————————————————————————————


කුරුණෑගල යොවුන් පිල 109, පොලිස් පිල 2/35

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණියේ කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කටුනායක නිදහසු වෙළඳ කළාපිය ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නිමාවන විටදී කඩුලු 2 ක් දැවී ලකුණු 35 ක් රැස්කිරීමට පොලිස්  පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කුරුණෑගල යොවුන් පිල ලකුණු 109 කට සීමාකිරීමට පොලිස් පිලේ පන්දු යවන්නෝ සමත්වූහ. සුවන්ජි මදනායක සහ චාරුක විජේලත් කඩුලු තුන බැගික් දවාගැනීමට සමත්වූහ.

කුරුණෑගල යොවුන් – පළමු ඉනිම – ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 109
(රුවන්ත ඒකනායක 43, අනුරුද්ධ රාජපක්ෂ 24, සුවන්ජි මදනායක 20/3, චාරුක විජේලත් 30/3, මංජුල ජයවර්ධන 21/2)

පොලිස් පිල – පළමු ඉනිම – ඕවර 18.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 35
(දුමින්ද දසනායක 10/2)

————————————————————————————————


පානදුර පිල කඩුලු 4 කදී ලකුණු 235 යි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණියේ පානදුර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පානදුර නාගරික ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නිමාවන විටදී කඩුලු 4 ක් දැවී ලකුණු 235 ක් රැස්කිරීමට පානදුර ක්‍රීඩා සමාජය සමත්විය.

නිසුල් රන්දික සහ මාධව නිමේෂ් අර්ධ ශතක රැස්කරමින් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 99 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්විමට සමත්වූහ.


පානදුර – පළමු ඉනිම – ඕවර 55 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 235
(නිසුල් රන්දික නොදැවී 88, මිෂේන් සිල්වා 44, හසන්ත ප්‍රනාන්දු 28, මාධව නිමේෂ් නොදැවී 51, සහන් ජයවර්ධන 80/2)

 

දකුණු අප්‍රිකානුවෝ තරගයේ පාලනය සියතට ගනිති

දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (28 වැනිදා) තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 351 ක් රැස්කර තිබිණ. මේ වන විට දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 432 ක් ඉදිරියෙන් සිටින්නේය.

දකුණු අප්‍රිකාව – පළමු ඉනිම 
ස්ටීෆන් කුක් – ඇ. චන්දිමාල් ප. ලක්මාල්  59
ඩීන් එල්ගා – ඇ. චන්දිමාල් ප. ලක්මාල්  45
හසිම් අම්ලා – ඇ. චන්දිමාල් ප. ලක්මාල්   20
ජේ.පී. ඩුමිනි – ක.මු.කළා ප. හේරත්  63
ෆෆ් ඩූ ප්ලේසී – ඇ. කරුණාරත්න ප. ලක්මාල්  37
ටෙම්බා බවුමා –  ක.මු.කළා ප. හේරත්  3
ක්වින්ටින් ඩී’කොක් –  ප. ප්‍රදීප් 37
වර්නන් ෆිලැන්ඩර් –  ඇ. චමීර ප. ප්‍රදීප්  13
කේෂව් මහාරාජ් –  ඇ. චන්දිමාල් ප. ලක්මාල්  0
කයිල් ඇබට් – දුවද්දී දැවී ගියා 0
කගිසෝ රබාඩා – නොදැවී 0
අතිරේක (නි-5, පා-3, ව-1) 9
එකතුව ඕවර 98.5 කදී සියලුදෙනා දැවී     286
කඩුලු වැටීම 
1-104 (කුක්), 2-105 (එල්ගා), 3-178 (අම්ලා), 4-213 (ඩුමිනි), 5-225 (බවුමා), 6-253 (ඩූ ප්ලේසී), 7-276 (ෆිලැන්ඩර්), 8-276 (මහාරාජ්), 9-281 (ඇබට්), 10-286 (ඩී’කොක්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  27-9-63-5  
නුවන් ප්‍රදීප් 21.5-5-66-2 නි-2
ඇන්ජලෝ මැතිව්ස්  13-5-26-0 ව-1
දුෂ්මන්ත චමීර 14-1-68-0 නි-3
රංගන හේරත්  20-4-48-2  
ධනංජය ද සිල්වා 3-0-12-0  
ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ප. ඇබට් 5
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප. ෆිලැන්ඩර් 16
කුසල් පෙරේරා – ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර්  7
කුසල් මෙන්ඩිස් – ඇ. ඩී’කොක් ප. ඇබට් 0
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. එල්ගා ප. රබාඩා 39
දිනේෂ් චන්දිමාල් –  ක.මු.කළා ප. ෆිලැන්ඩර් 28
ධනංජය ද සිල්වා – ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර් 43
රංගන හේරත් – ක.මු.කළා ප. මහාරාජ් 24
දුෂ්මන්ත චමීර – ඇ. අම්ලා ප. ඇබට් 19
සුරංග ලක්මාල් – ඇ. ඇබට් ප. ෆිලැන්ඩර් 4
නුවන් ප්‍රදීප් – නොදැවී  8
අතිරේක (නි-3, ව-5, පා-4) 12
එකතුව ඕවර 64.5 කදී සියලුදෙනා දැවී     205
කඩුලු වැටීම 
1-10 (කරුණාරත්න), 2-19 (පෙරේරා), 3-22 (මෙන්ඩිස්), 4-61 (සිල්වා), 5-94 (මැතිව්ස්), 6-121 (චන්දිමාල්), 7-157 (හේරත්), 8-181 (ධනංජය), 9-185 (ලක්මාල්), 10-205 (චමීර)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර් 20-7-45-5 නි-2
කයිල් ඇබට් 21.5-4-63-3  
කගිසෝ රබාඩා 13-3-63-1 නි-1, ව-1
කේෂව් මහාරාජ් 10-3-30-1  
දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම 
ස්ටීෆන් කුක් – ඇ. චන්දිමාල් ප. චමීර   117
ඩීන් එල්ගා – ඇ. මැතිව්ස් ප. ලක්මාල්   52
හසීම් අම්ලා – ක.මු.කළා ප. ප්‍රදීප්   48
ජේ.පී. ඩුමිනි – ඇ. මැතිව්ස් ප. ධනංජය  25
ෆෆ් ඩූ ප්ලේසී – නොදැවී  41
ටෙම්බා බවුමා – ඇ. මෙන්ඩිස් ප. ධනංජය   8
ක්වින්ටින් ඩී’කොක් – නොදැවී  42
අතිරේක (නි-9, ව-3, පා-1, බ-5) 18
එකතුව ඕවර 80 කදී කඩුලු 5ක් දැවී     351
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ
වර්නන් ෆිලැන්ඩර්, කයිල් ඇබට්, කේෂව් මහාරාජ්, කගිසෝ රබාඩා
කඩුලු වැටීම 
1-116 (එල්ගා), 2-221 (අම්ලා), 3-245 (කුක්), 4-267 (ඩුමිනි), 5-227 (බවුමා)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  15-2-57-1  
නුවන් ප්‍රදීප්  14-0-65-1 නි-4, ව-1
ඇන්ජලෝ මැතිව්ස්  4-0-10-0  
දුෂ්මන්ත චමීර  11-0-63-1 නි-1, ව-2
රංගන හේරත්  23-1-76-0  
ධනංජය ද සිල්වා  13-0-74-2  

තේ පානයේ සිට තරගය නතර කරන තෙක් තාළය තුළදී ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුලු තුනක් දැවී ලකුණු 130 ක් රැස්කිරීමට සමත්වූ අතර හයවැනි කඩුල්ල සදහා ලකුණු 74 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට ක්වින්ටන් ඩී’කොක් (නොදැවී 42) සහ ෆෆ් ඩූ ප්ලේසි (නොදැවී 41) සමත්වූහ.

සිව්වැනි සහ පස්වැනි කඩුලු දෙක ලකුණු 10 ක් තුළදී දවාගනිමින් ශ්‍රී ලංකා පිලට තරමක සහනයක් ලබාදිමට ධනංජය ද සිල්වා සමත්විය.

සිය තුන්වන ටෙස්ට් ශතකය පන්දු 152 කදී හතරේ පහර 10 ක් සමගින් ලබාගත් ස්ටිවන් කුක් දවාගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය. දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් ස්ටිවන් කුක් දැවියන විටදී ලකුණු 117 ක් රැස්කර සිටියේය.

තේ පානයට පෙර යවන ලද අවසන් පන්දුවේදී නුවන් ප්‍රදිප්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව හසීම් අම්ලා දැවියන විටදී අර්ධ ශතකයට ලකුණු දෙකක් පිටුපසින් සිටි අතර දෙවැනි කඩුල්ල සදහා ස්ටිවන් කුක් සමගින් එක්ව ලකුණු 105 ක සම්බන්ධතාවයක්ද පැවැත්විය.

සුරංග ලක්මාල් එවූ පන්දුවකට වැරෙන් පහරක් ගැසිමට ගොස් ඇන්ජලෝ මැතිව්ස් අතට උඩපන්දුවක් දෙමින් ඩීන් එල්ගා දැවීයන විටදී පළමු කඩුල්ල සදහා ස්ටීවන් කුක් සමගින් ලකුණු 116 ක සම්බන්ධතාවයක් පවත්වා තිබුණි. දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු යුගලයක් තරගයක ඉනිම දෙකෙහිදීම පළමු කඩුල්ල සදහා ශතක සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ වසර 87 කට පසුව වීම සුවිෂේශී සිදුවිමකි. මීට පෙර 1929 දී බොබ් කැටරල් සහ බෲස් මිචෙල් විසින් මෙම දස්කම කළ පළමු සහ එකම දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වූහ.

වර්ෂාව හේතුවෙන් නවතා තිබුණු තරගය නැවතත් මිනිත්තු 25 කට පමණ පසු ආරම්භවී තේ පානය තෙක් පැවැති කාළය තුළ කඩුලු දෙකක් දැවී ලකුණු 128 ක් රැස්කිරීමට කොදෙව් පිතිකරුවෝ සමත්වුහ.

දිවා ආහාරයෙන් පසුව පැයක පමණ කාළයක් තරගය පැවැති අතර එම කාළය තුළදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් නොදුන් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු යුගලය වන ඩීන් එල්ගා සහ ස්ටිවන් කුක් ලකුණු 45 ක් ලබාගැනීමට සමත්වූහ.

අයහපත් අලෝක තත්වය සහ අකුණු ගැසීම හේතුවෙන් තරගය මිනිත්තු 75 ක පමණ කාළයක් නතරකර තිබූ අතර එම කාළය තුළදී දිවා ආහාරය ගැනීමට විනිසුරුවරු තීරණය කළහ. තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 39 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 3 ලකුණු 24 ක් තුළදී බිම දැමූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205 කට සීමා කරමින් ලකුණු 81 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්තේය.

ඊයේ දිනයේ මනා සංයමයකින් පන්දුවට පහරදෙමින් සිටි ධනංජය ද සිල්වා අද දිනයේ යැවූ පළමු පන්දුවෙන්ම දවාගත් වර්නන් ෆිලැන්ඩර් එම ඕවරයේ අවසන් පන්දුවේදී සුරංග ලක්මාල්ද දවාගනිමින් කඩුලු පහ සම්පූර්ණ කිරීමට සමත්විය. ෆිලැන්ඩර් කඩුලු පහ බැගින් අවස්ථා 11 කදී ලබාගෙන ඇත.

පිට ඉන්නෙන් ඉවතට ඇදීගිය පන්දුවකට පහරක් ගැසිමට ගිය දුෂ්මන්ත චමීර, හසීම් අම්ලා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 19 කට දැවී ගියේය.

මුළු ලකුණු සංඛ්‍යාව 185 ක් වනවිට නවවැනි කඩුල්ල දැවියාමෙන් පසු අවසන් කඩුල්ල සදහා ලකුණු 20 ක සම්බන්ධතාවයක් පැවැත්වූ දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදිප් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 කඩයිම පැන්නවීමට සමත්වූහ.