මූර් – ක්‍රීමර් – තිරිපානෝ සිම්බාබ්වේ පිල ඔසවති

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ වූ අද (31 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 05 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න- ඇ. මාවෝයෝ  ප. ක්‍රීමර් 56
කෞෂාල් සිල්වා – ඇ. විලියම්ස් ප. වොලර්  94
කුසල් ජනිත් පෙරේරා – ඇ. වොලර් ප. ක්‍රීමර්  110
කුසල් මෙන්ඩිස් – ඇ. මුවර් ප. ක්‍රීමර් 34
උපුල් තරංග – නොදැවී  110
ධනංජය ද සිල්වා – ඇ. විලියම්ස්  ප. ක්‍රීමර්  25
අසේල ගුණරත්න – ඇ. ක්‍රීමර් ප. විලියම්ස්  54
ඩිල්රුවන් පෙරේරා – දුවද්දී දැවී ගියා  23
රංගන හේරත් – ඇ. වොලර් ප. මුම්බා  7
සුරංග ලක්මාල් – ඇ. ටිරිපානෝ ප. මොෆූ 7
ළහිරු කුමාර – ඇ. මුවර් ප. මොෆූ 0
අතිරේක (බ-10, පා-7) 17
එකතුව ඕවර 155 කදී සියලුදෙනා දැවී     537
කඩුලු වැටීම 
1-123 (කරුණාරත්න), 2-198 (සිල්වා), 3-282 (මෙන්ඩිස්), 4-307 (කුසල් පෙරේරා), 5-351 (ධනංජය), 6-450 (ගුණරත්න), 7-498 (දිල්රුවන් ), 8-512 (හේරත්), 9-536 (ලක්මාල්), 10-537 (කුමාර)
පන්දු යැවීම
ක්‍රිස්ටෝෆර් මොෆූ 31-6-96-2  
කාල් මුම්බා 24-2-101-1  
ඩොනල්ඞ් ටිරිපානෝ 26-7-71-0  
ග්‍රේඒම් ක්‍රීමර් 42-6-142-4  
හැමිල්ටන් මසකඞ්සා 9-3-31-0  
ෂෝන් විලියම්ස් 17-2-54-1  
මැල්කම් වොලර් 6-0-25-1  
සිම්බාබ්වේ – පළමු ඉනිම 
ටිනො මාවෝයෝ – ඇ. ගුණරත්න ප. ලක්මාල්   45
බ්‍රයන් චාරි – ක.මු.කළා ප. හේරත්  5
හැමිල්ටන් මසකඞ්සා – ඇ. කරුණාරත්න ප. ලක්මාල්   33
ක්‍රෙග් අර්වින් – ක.මු.කළා ප. ඩිල්රුවන්   12
ෂෝන් විලියම්ස් – ඇ. ගුණරත්න ප. හේරත්   10
මැල්කම් වොලර් –  ක.මු.කළා ප. ඩිල්රුවන්   22
පීටර් මුවර් – ඇ. ඩිල්රුවන් ප. කුමාර   79
ග්‍රේඒම් ක්‍රීමර් – නොදැවී  102
ඩොනල්ඞ් ටිරිපානෝ – ක.මු.කළා ප. මෙන්ඩිස්  46
කාල් මුම්බා – ප. හේරත්  1
ක්‍රිස්ටෝෆර් මොෆූ – ප. ලක්මාල්  2
අතිරේක (බ-4, ව-7, පා-4, නි-1) 16
එකතුව ඕවර 107.5 කදී සියලුදෙනා දැවී     373
කඩුලු වැටීම 
1-21 (චාරි), 2-92 (මාවෝයෝ), 3-92 (මසකඩ්සා), 4-111 (විලියම්ස්), 5-134 (අර්වින්), 6-139 (වොලර්), 7-271 (මුවර්), 8-363 (ටිරිපානෝ), 9-366 (මුම්බා), 10-373 (මොෆූ)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  21.5-3-69-3 නි-1
ලහිරු කුමාර 22-3-90-1 ව-2
රංගන හේරත් 37-5-97-3  
දිල්රුවන් පෙරේරා 18-1-66-2  
අසේල ගුණරත්න 3-0-23-0  
ධනංජය ද සිල්වා  2-0-10-0  
කුසල් මෙන්ඩිස්  4-0-10-1  
ශ්‍රී ලංකාව – දෙවන ඉනිම 
දිමුත් කරුණාරත්න- නොදැවී  1
කෞෂාල් සිල්වා – නොදැවී  3
අතිරේක (නි-1) 1
එකතුව ඕවර 3 කදී කිසිවකු නොදැවී     5
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, අසේල ගුණරත්න, ඩිල්රුවන් පෙරේරා,  රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර
පන්දු යැවීම 
ක්‍රිස්ටෝෆර් මොෆූ 2-2-0-0  
ග්‍රේඒම් ක්‍රීමර්  1-0-5-0 නි-1

අද දිනය අවසන් වීමට ඕවර 5 ක් තිබියදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 373 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වූ බැවින් ඕවර 3 ක් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට සිදුවූහ. කෙසේ වුවත් එම ඕවර 3 දී සිය කඩුලු ආරක්ෂා කරගැනීමට දිමුත් කරුණාරත්න (01) සහ කෞෂාල් සිල්වා (03) සමත් වූහ.

මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී මැද පෙළ පිතිකරුවන් සමග එක්ව සිම්බාබ්වේ ඉනිම ගොඩනැගූ නායක ග්‍රේම් කීමර් අද දිනයේදී සිට මංගල ටෙස්ට් ශතකට වාර්තා කළේය. පැය 4 1/2 ක් පමණ කඩුල්ලේ රැදී සිටි කීමර් සිය ඉනිම හතරේ පහර 10 කින් සැරසීය.

ඩොනල්ඞ් තිරිපානෝ (46) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ග්‍රේම් කීමර්, පිට පිටම දෙවැනි වරටත් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීමට තිබූ ඉඩකඩ අහුරා දැමුවේය.
 
තේ පානයෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමේ 8 වැනි කඩුල්ල ලෙස අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි ඩොනල්ඞ් තිරිපානෝ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට අමතර පන්දුයවනෙක් ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් සමත් විය.

රංගන හේරත් යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කාල් මුම්බා එක ලකුණකට දැවීගිය අතර සුරංග ලක්මාල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රිස් මොෆූ ලකුණු 2 කට දැවී ගියේය.

දිවා ආහාරයෙන් අනතුරුව තේ පානය සඳහා තරගය නතර කරන තෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායමට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. එහිදී තවත් ලකුණු 117 ක් රැස්කිරීමට සිම්බාබ්වේ පන්දුයවන්නෝ සමත් වූහ.

කඩුලු රකින ක්‍රීඩක පීටර් මූර් (79), නායක ග්‍රේම් ක්‍රීමර් සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩගමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ඩිල්රුවන් පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පීටර් මුවර්ගේ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. එය ළහිරු කුමාරගේ මංගල ටෙස්ට් කඩුල්ල විය.

තෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි සහ තෙවැනි කඩුලු මුලු ලකුණු සංඛ්‍යාව 92 ක් වන විට බිඳවැටිණ. එහිදී ටිනොතෙන්ඩ මාවෝයෝ ලකුණු 45 කටත්, හැමිල්ටන් මසකඞ්සා ලකුණු 33 කටත් දවාගත් සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

අසේල ගුණරත්න අතට උඩපන්දුවක් දෙමින් මාවෝයෝ දැවී ගිය අතර මසකඞ්සා දැවී ගියේ දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් දෙමිනි. දැවී යන විට ඔවුන් දෙදෙනාම 4 පහර 6 බැගින් ලබා සිටියහ.

සිම්බාබ්වේ කණ්ඩායමට තවත් ලකුණු 19 ක් එක්වන විට රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ අසේල ගුණරත්න අතට උඩපන්දුවක් දෙමින් සිව්වැනි කඩුල්ල ලෙස ෂෝන් විලියම්ස් ලකුණු 10 කට දැවී ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 134 ක් වන විට ලකුණු 12 ක් ලබා සිටි ක්‍රෙග් අර්වින්ද, එතැන් සිට තවත් ලකුණු 5 ක් ඇතුළත ලකුණු 22 ක් ලබාසිටි මැල්කම් වෝලර්ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩිල්රුවන් පෙරේරා සමත් විය.

- 036

 

 

 

වසර 10 කට පසු තරංගගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 88 ලබා සිටියේය.

දිනය නිමා වන විට ටිනොතෙන්ඩ මාවෝයෝ ලකුණු 41 ක්ද සහ හැමිල්ටන් මසකඞ්සා ලකුණු 33 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න- ඇ. මාවෝයෝ  ප. ක්‍රීමර් 56
කෞෂාල් සිල්වා – ඇ. විලියම්ස් ප. වොලර්  94
කුසල් ජනිත් පෙරේරා – ඇ. වොලර් ප. ක්‍රීමර්  110
කුසල් මෙන්ඩිස් – ඇ. මුවර් ප. ක්‍රීමර් 34
උපුල් තරංග – නොදැවී  110
ධනංජය ද සිල්වා – ඇ. විලියම්ස්  ප. ක්‍රීමර්  25
අසේල ගුණරත්න – ඇ. ක්‍රීමර් ප. විලියම්ස්  54
ඩිල්රුවන් පෙරේරා – දුවද්දී දැවී ගියා  23
රංගන හේරත් – ඇ. වොලර් ප. මුම්බා  7
සුරංග ලක්මාල් – ඇ. ටිරිපානෝ ප. මොෆූ 7
ළහිරු කුමාර – ඇ. මුවර් ප. මොෆූ 0
අතිරේක (බ-10, පා-7) 17
එකතුව ඕවර 155 කදී සියලුදෙනා දැවී     537
කඩුලු වැටීම 
1-123 (කරුණාරත්න), 2-198 (සිල්වා), 3-282 (මෙන්ඩිස්), 4-307 (කුසල් පෙරේරා), 5-351 (ධනංජය), 6-450 (ගුණරත්න), 7-498 (දිල්රුවන් ), 8-512 (හේරත්), 9-536 (ලක්මාල්), 10-537 (කුමාර)
පන්දු යැවීම
ක්‍රිස්ටෝෆර් මොෆූ 31-6-96-2  
කාල් මුම්බා 24-2-101-1  
ඩොනල්ඞ් ටිරිපානෝ 26-7-71-0  
ග්‍රේඒම් ක්‍රීමර් 42-6-142-4  
හැමිල්ටන් මසකඞ්සා 9-3-31-0  
ෂෝන් විලියම්ස් 17-2-54-1  
මැල්කම් වොලර් 6-0-25-1  
සිම්බාබ්වේ – පළමු ඉනිම 
ටිනො මාවෝයෝ – නොදැවී  41
බ්‍රයන් චාරි – ක.මු.කළා ප. හේරත්  5
හැමිල්ටන් මසකඞ්සා – නොදැවී  33
අතිරේක (බ-4, ව-5) 9
එකතුව ඕවර 23 කදී කඩුලු 1 ක් දැවී     88
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ග්‍රේඒම් ක්‍රීමර් (නායක), ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්, පීටර් මුවර්, ක්‍රිස්ටෝෆර් මොෆූ, මැල්කම් වොලර්, කාල් මුම්බා, ඩොනල්ඞ් ටිරිපානෝ
කඩුලු වැටීම 
1-21 (චාරි)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  6-1-14-0  
ලහිරු කුමාර 4-0-34-0 ව-1
රංගන හේරත් 9-1-29-1  
දිල්රුවන් පෙරේරා 4-0-7-0  

මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 5 ක් ලබා සිටි බ්‍රයන් චාරී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට රංගන හේරත් සමත් විය.

ලකුණු පුවරුවට තවත් ලකුණක් එක්වන විට සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 2 ක් ලබාසිටි හැමිල්ටන් මසකඞ්සා ලබාදුන් උඩපන්දුව රැකගැනීමට ස්ලිප්හි පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අපොහොසත් විය.   

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 537 ක් ලබාගත්තේය.  

අද දිනයේදී සිය ටෙස්ට් දිවියේ 2 වැනි ශතකය (නොදැවී 110) ලබාගැනීමට උපුල් තරංග සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 10  කින් සමන්විත විය. තරංග ටෙස්ට් තරගයකදී ශතකයක් ලබාගත්තේ වසර 10 කට පමණ පසුවය. ඔහු අවසන් වරට ශතකයක් ලබාගෙන ඇත්තේ 2006 වසරේ මාර්තු මස බංග්ලාදේශයට එරෙහිව බෝග්‍රාහිදී පැවැති ටෙස්ට් තරගයකදීය.

අසේල ගුණරත්න (54) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම තවත් ශක්තිමත් කිරීමටද උපුල් තරංග සමත් විය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අසේල ගුණරත්න හතරේ පහර 8 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළ අතර ඒ සමගම මංගල ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවටද ඔහුගේ නම ඇතුළත් විය. ෂෝන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ ග්‍රේම් ක්‍රීමර් අතට උඩපන්දුවක් දෙමින් අසේල ගුණරත්න දැවී ගියේය.

හතරේ පහර 5 ක් සමගින් ලකුණු 23 ක් ලබා සිටි ඩිල්රුවන් පෙරේරා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ක්‍රිස් මොෆූ සමත් වූ අතර තේ පානයට පෙර යෑවූ අවසන් ඕවයේදී ලකුණු 7 ක් ලබා සිටි නායක රංගන හේරත් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කාල් මුම්බා සමත් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 25 ක් ලබා සිටි ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කිරීමට ග්‍රේම් ක්‍රීමර් සමත් වූ අතර ෂෝන් විලියම්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

 

- 036

 

බංග්ලාදේශය ටෙස්ට් තරගාවලිය සම කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 108 ක ජයක් අත්කරගත් බංග්ලාදේශ කණ්ඩායම තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 164 කට සීමා කිරීමට මෙහෙදි හසන් සහ සකීබ් අල් හසන් සමත් වූහ.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මෙහෙදි හසන් ලකුණු 77 කට කඩුලු 6 ක් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිමද සුණුවිසුණු කරදැමූවේය. පළමු ඉනිමේදී දවාගත් කඩුලු 6 ත් සමගින් මෙම තරගයේ ඉනිම් දෙකේදීම ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 12 කි. ඔහුගේ එම දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑම සඳහා මෙහෙදි හසන්ට අනගි සහයක් දුන් සකීබ් අල් හසන් ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

එංගලන්ත දෙවැනි ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඇලිස්ටෙයාර් කුක් (59) සහ බෙන් ඩුකෙට් (56) සමත් වූවද ඩුකෙට්ගේ දැවීයාමෙන් අනතුරුව ඉතිරි කඩුලු 9 ම ලකුණු 64 ක් තුළ බිඳවැටීම නිසා එංගලන්ත කණ්ඩායමට බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණදීමට සිදුවිය. පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාම එංගලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ඇලිස්ටෙයාර් කුක්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර බෙන් ඩුකෙට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

තෙවැනි දිනය වූ අද (30 වැනිදා) තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටි අතර අද දිනයේදී එය ලකුණු 296 ක් දක්වා ඉහළ දමාගැනීමට ඔවුහු සමත් වූහ.

එහිදී බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉම්රුල් කේයස් ලකුණු 78 ක් රැස්කළ අතර මුයින් අලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් වී තිබිණ.

සකීබ් අල් හසන් ලකුණු 41 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. ආදිල් රෂීඞ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ආදිල් රෂීඞ්, සකීබ් අල් හසන්ගේ කඩුල්ලත් සමගින් ලකුණු 52 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර බෙන් ස්ටොක්ස් ලකුණු 52 කට කඩුලු 3 ක් දවාගත්තේය.


බංග්ලාදේශය පළමු ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 104, මොමිනුල් හක් 66, මුයින් අලී 57/5, ක්‍රිස් වොක්ස් 30/3, බෙන් ස්ටොක්ස් 13/2)

එංගලන්තය පළමු ඉනිම – සියලු දෙනා දැවී 244
(ජෝ රූට් 56, ජොනී බෙයාස්ට්‍රෝ 24, ක්‍රිස් වොක්ස් 46, ආදිල් රෂීඞ් නොදැවී 44, මෙහෙදි හසන් 82/6, තයිජුල් ඉස්ලාම් 65/3)

බංග්ලාදේශය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 40, ඉම්රුල් කේයස් 78, මහමදුල්ලා 47, සකීබ් අල් හසන් 41, සබීර් රෙහෙමාන් 15, ශූවගත හොම් නොදැවී 25, ආදිල් රෂීඞ් 52/4, බෙන් ස්ටොක්ස් 52/3, සෆාර් අන්සාරි 76/2)

එංගලන්තය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 164
(ඇලිස්ටෙයාර් කුක් 59, බෙන් ඩුකෙට් 56, මෙහෙදි හසන් 77/6, සකීබ් අල් හසන් 49/4)


- 036

 

විස්සයි20 ශූරතාව කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ අවසන් මහා තරගයේදී මාස් යුනිචෙලා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් අත්කර ගනිමින් ශූරතාවය දිනාගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම අද (30 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියන්හී ශූරතා දිනාගත් මාස් යුනිචෙලා කණ්ඩායම අද ලැබූ පරාජයත් සමගින් මෙම වසරේදී පැවැති වෙළඳ සේවා ක්‍රිකට් ශූරතා ත්‍රිත්වය දිනාගැනීමේ සිහිනය බොඳවී ගියේය.

ජයග්‍රහණය සදහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඕවර 17.4 කදී කඩුලු පහක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය.

අශාන් ප්‍රියංජන් ලකුණු 26 ක් සහ චතුරංග ද සිල්වා ලකුණු 22 ක් රැස්කරමින් මාස් යුනිචෙලා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියෝය. රමිත රඹුක්වැල්ල ලකුණු 27 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

කාසියේ වාසිය දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා මාස් යුනිචෙලා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන්ට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112 ක් පමණී.

පන්දුවෙන් දස්කම් දැක්වූ චතුරංග ද සිල්වා ලකුණු 22 කට කඩුලු තුනක් දවාගනිමින් මාස් යුනිචෙලා කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් අඩපණ කිරීමට සමත්විය. චතුරංග ද සිල්වාට අනගි සහයක් ලබාදුන් ප්‍රනීත් විජේසේන ලකුණු අටකට කඩුලු දෙකක් සහ මාලිංද පුෂ්පකුමාර ලකුණු 16 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 28 ක් රැස්කළ රමිත රඹුක්වැල්ල මාස් යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා විය.

අවසන් තරගයේ වීරයාට හිමි සම්මානය චතුරංග ද සිල්වා විසින් දිනාගත් අතර තරගාවලියේ හොදම පිතිකරුවා ලෙස අශාන් ප්‍රියංජන් සහ තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස මාලිංද පුෂ්පකුමාර සම්මාන දිනාගැනීමට සමත්වූහ.


මාස් යුනිචෙලා – ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(රමිත රඹුක්වැල්ල 28, චතුරංග ද සිල්වා 22/3, ප්‍රනීත් විජේසේන 08/2, මාලිංද පුෂ්පකුමාර 16/2)

කොමර්ෂල් ක්‍රෙඩිට් – ඕවර 17.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 115
(අශාන් ප්‍රියංජන් 26, චතුරංග ද සිල්වා 22, රමිත රඹුක්වැල්ල 27/3)

 

 

කොදෙව්වෝ තරගාවලිය 3-0 ක් ලෙස ජයගනිති

ජේසන් මොහොමඞ් සහ ඇන්ඩ්‍රි මැකාතිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්ති තෙවැනි සහ අවසන් එක්දින තරගයත් ඩක්වත් ලුවිස් න්‍යාය අනූව ලකුණු අටකින් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම තරගාවලියද 3-0 ක් ලෙස ජයගැනීමට අද (30 වැනිදා) සමත්වූහ.

බටහිර ඉන්දීය කොදෙව් ඒ 
චැඩ්වික් වෝල්ටන් – ඇ. සිල්වා ප. පතිරණ  36
කයිල් හෝප් – ඇ. ගුණතිලක ප. ප්‍රනාන්දු    7
අසාද් ෆුදාඩින් – ප. කුලසේකර  0
ජේසන් මොහොමඩ් – නොදැවී  105
ඇන්ඩ්‍රි මැකාති – ඇ. ශානක ප. කුලසේකර  102
රෝව්මන් පවෙල් – ඇ. ජයසූරිය ප. ශානක  24
කයිල් මේයර්ස් – නොදැවී  17
අතිරේක (පා-3, ව-10, නි-1) 14
එකතුව ඕවර 47 කදී කඩුලු 5 ක් දැවී    305
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
වීරසාමි පර්මෝල්,  කෙස්රික් විලියම්ස්, ඩැමියන් ජේකබ්ස්, රොන්ස්ෆොඩ් බීට්න්
කඩුලු වැටීම 
1-43 (හෝප්), 2-44 (ෆුදඩින්), 3-59 (වෝල්ටන්), 4-222 (මැකාති),  5-258 (පවෙල්)
පන්දු යැවීම
නුවන් කුලසේකර  9-1-65-2 නි-1
බිනුර ප්‍රනාන්දු  9-0-54-1 ව-3
දසුන් ශානක  9-0-59-1 ව-2
සචිත් පතිරණ  8-0-45-1  
අසංක සිල්වා  5-0-27-0 ව-1
මිලින්ද සිරිවර්ධන   4-0-24-0  
ශෙහාන් ජයසූරිය   3-0-28-0  
ශ්‍රී ලංකා ඒ 
සඳුන් වීරක්කොඩි – ඇ. වෝල්ටන් ප. බීට්න් 20
ධනුෂ්ක ගුණතිලක – ස්ට. වෝල්ටන් ප. මොහොමඩ්   58
ශෙහාන් ජයසූරිය – ඇ. වෝල්ටන් ප. පර්මෝල්    18
චරිත් අසලංක – ඇ. පර්මෝල් ප. විලියම්ස් 23
මිලින්ද සිරිවර්ධන – ක.මු.කළා ප. ජේකබ්ස්  35
දසුන් ශානක – නොදැවී  33
සම්මු අශාන් – ක.මු.කළා ප. විලියම්ස්  3
සචිත් පතිරණ – ඇ. හෝප් ප. බීට්න්  34
නුවන් කුලසේකර – නොදැවී  12
අතිරේක (බ-4, පා-3, ව-4, නි-1) 12
එකතුව ඕවර 38 කදී කඩුලු 7ක් දැවී    248
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
බිනුර ප්‍රනාන්දු, අසංක සිල්වා 
කඩුලු වැටීම 
1-44 (වීරක්කොඩි), 2-90 (ජයසූරිය), 3-114 (ගුණතිලක), 4-149 (අසලංක), 5-163 (සිරිවර්ධන), 6-166 (අෂාන්), 7-217 (පතිරණ)
පන්දු යැවීම
කයිල් මේයර්ස්   3-0-24-0 ව-3
රොන්ස්ෆොඩ් බීට්න් 7-0-38-2 ව-1
කෙස්රික් විලියම්ස් 9-0-74-2  
වීරසාමි පර්මෝල්  9-0-43-1  
රෝව්මන් පවෙල් 1-0-11-0 නි-1
ජේසන් මොහොමඩ්  5-0-25-1  
ඩැමියන් ජේකබ්ස් 4-0-26-1  

ඩක්වත් ලුවිස් න්‍යාය අනූව ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 38 ක් අවසානයේදී කඩුලු හතක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 248 ක් පමණී.

තරගය නතර කරනවිට ජයග්‍රහණය සදහා ඩක්වත් ලුවිස් න්‍යාය අනූව ඕවර 38 කදී ලකුණු 257 ක් ලබාගැනීමට අවශ්‍යවුවද ඒ වනවිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලබාසිටියේ ලකුණු 248 ක් බැවින් තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට හිමිවිය.

ධණුෂ්ක ගුණතිලක ලකුණු 58 ක් ලබාසිටියදී ජේසන් මොහොමඞ්ගේ පන්දුවකට ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගැනීමට චැඞ්වික් වෝල්ටන් සමත්වූයේය.

මිලින්ද සිරිවරුධන (35), දසුන් ශානක (නොදැවී 33) සහ සචිත් පතිරණ (34) වේගයෙන් පන්දුවට පහර දෙමින් ජයග්‍රහණය සොයා ගියද අයහපත් අලෝක තත්වය හේතුවෙන් තරගයේ ජය ගිලිහී ගියහ.

 පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ඕවර 47 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 305 ක් රැස්කිරීමට සමත්විය.

තරගය අතරතුර වර්ෂාව ඇදහැළීම හේතුවෙන් සුළු කාළයකට නැවත්වීමට සිදුවූ අතර බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ඕවර 11.1 දී කඩුලු දෙකක් දැවී ලකුණු 48 ක් රැස්කර සිටියේය. තරගය ඉක්මනින් ආරම්භ වුවද එක් පිලකින් ඕවර තුනක් අඩුකිරීමට සිදුවීමෙන් තරගය ඕවර 47 කට සීමාවිය.

ලකුණු 59 කට කඩුලු තුනක් බිදවැටී තිබූ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ඉනිම යළි ගොඩනගමින් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 140 කදී ලකුණු 163 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජේසන් මොහොමඞ් සහ ඇන්ඩි්‍ර මැකාති සමත්වූහ.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ ඇන්ඩි්‍ර මැකාති පන්දු 75 කට මුහුණදෙමින් හතරේ පහර 13 ක් සහ හයේ පහර තුනක් සමගින් අගනා ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය. නුවන් කුළසේකර එවු පන්දුවකට දසුන් ශානක අතට උඩපන්දුවක් ලබාදෙමින් ඇන්ඩි්‍ර මැකාති දැවී ගියේය.

ඇන්ඩි්‍ර මැකාතිට අගනා සහයක් දෙමින් සෙමින් ගමනක නිරතවූ නායක ජේසන් මොහොමඞ් නොදැවී ලකුණු 105 ක් රැස්කිරීමට සමත්වූයේය. පන්දු 108 කට මුහුණදුන් ජේසන් මොහොමඞ්ගේ ඉනිමට හතරේ පහර අටක් සහ හයේ පහර තුනක් ඇතුළත්විය.

කලකට පසුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් සමගින් එක්වූ නුවන් කුළසේකර දරුණු ප්‍රහාරයකට ලක්වූ අතර ඕවර නවයක් යවමින් එක් නිළකුණු ඕවරයක් සමගින් ලකුණු 65 කට කඩුලු දෙකක් දවා ගත්තේය.

 

(ඡායාරූප – ශාන්ත රත්නායක)

බංග්ලාදේශය ලකුණු 129 ක් ඉදිරියෙන්

එංගලන්තය සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටියේය.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයෝ තවත් කඩුලු 7 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 129 ක් ඉදිරියෙන් සිටිති. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ඉම්රුල් කේයස් ලකුණු නොදැවී 59 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.  

හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් ලබාසිටි මහමදුල්ලා ඊයේ දිනයේදී සෆාර් අන්සාරි යැවූ අවසන් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. බංග්ලාදේශ ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉම්රුල් කේයස් සහ මහමදුල්ලා සමත් වූහ.

ඉම්රුල් කේයස් සහ ටමීම් ඉක්බාල් (40) අතර ආරම්භක කඩුල්ල සඳහා ගොඩනැගුණ සම්බන්ධතාව ලකුණු 65 කි. සෆාර් අන්සාරිගේ පන්දුවක් හමුවේ නායක ඇලිස්ටෙයාර් කුක් අතට උඩපන්දුවක් දෙමින් පළමු කඩුල්ල ලෙස දැවීයන විට ටමීම් ඉක්බාල්ගේ ඉනිමට හතරේ පහර 7 ක් අන්තර්ගත වී තිබිණ.

තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මොමිනුල් හක්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට නොහැකි වූ අතර බෙන් ස්ටොක්ස්ගේ පන්දුවක් හමුවේ ඇලිස්ටෙයාර් කුක් අතට උඩපන්දුවක් දෙමින් ඔහු එක ලකුණකට දැවීගිගේය.

ඊයේ දිනය ආරම්භ කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 50 ක් ලබාසිටි එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 244 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දුයැවීමක නිරත වූ මෙහෙදි හසන් ලකුණු 82 කට කඩුලු 6 ක් දවාගනිමින් එංගලන්ත ඉනිම සුණුවිසුණු කර දැමූ අතර ඔහුට අනගි සහයක් දුන් තයිජුල් ඉස්ලාම් ලකුණු 65 කට කඩුලු 3 ක් දවාගත්තේය.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජෝ රූට් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත් විය. ලකුණු 144 කට කඩුලු 8 ක් දැවී එංගලන්ත කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව තිබූ අවස්ථාවේදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩැගීමට ක්‍රිස් වොක්ස් (46) සහ ආදිල් රෂීඞ් (නොදැවී 44) සමත් වූහ.


බංග්ලාදේශය පළමු ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 104, මොමිනුල් හක් 66, මුයින් අලී 57/5, ක්‍රිස් වොක්ස් 30/3, බෙන් ස්ටොක්ස් 13/2)

එංගලන්තය පළමු ඉනිම – සියලු දෙනා දැවී 244
(ජෝ රූට් 56, ජොනී බෙයාස්ට්‍රෝ 24, ක්‍රිස් වොක්ස් 46, ආදිල් රෂීඞ් නොදැවී 44, මෙහෙදි හසන් 82/6, තයිජුල් ඉස්ලාම් 65/3)

බංග්ලාදේශය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 40, ඉම්රුල් කේයස් නොදැවී 59, මහමදුල්ලා 47, සෆාර් අන්සාරි 33/2)


- 036

 

පාකිස්තානුවෝ තවත් සුද්දයකට සූදානම් වෙති

විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකේදීම තරග 3-0 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල සම්පූර්ණයෙන්ම සුද්ද කළ පාකිස්තානය සිය නොමසුරු සත්කාරකත්වය මැද තුන්වැනි වරටත් සංචාරකයන්ව එහෙම පිටින්ම සුද්ද කිරීමේ අරමුණින් හෙට (30) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා  ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි. හෙට ආරම්භ වන්නේ දෙපිල අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයයි.

මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු පිල ඉදිරියේ දැනටමත් තරග 2-0 කින් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වී සිටින කොදෙව් පිලේ අරමුණ වී ඇත්තේ හෙට ඇරැඹෙන ටෙස්ට් තරගය ජයගෙන සැනසිලිදායක මානසිකත්වයෙන් නැවත ගෙදර යාමටය. අඩුතරමේ තරගය පරාජය නොවී සිටීමට වත් කොදෙව්වන්ට හැකිවුවහොත් එයද සැනසීමක් වනු ඇත.

එසේ වුවත් වසර 2014 දී නවසීලන්තයට පරාජය වූවාට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ප්‍රතිවාදින් හමුවේ ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති පාකිස්තානය හෙට තරගයේ දී අබිබවා යාමට කොදෙව් පිල සමත්වනු ඇතැයි මෙතෙක් කිසිදු අනාවැකියක් පළවී නැත. හැම අනාවැකියකින්ම කියැවෙන්නේ කොදෙව් පිලට හිස් අතින්ම නැවත ගම්බිම් කරා යාමට සිදුවනු ඇති බවයි.

ජයපරාජය කෙසේ වුවත් හෙට ඇරැඹෙන්නේ මිස්බා උල් හක් නායකත්වය දරන 49 වැනි ටෙස්ට් තරගයයි. එය ටෙස්ට් තරග 48 කදී කණ්ඩායම මෙහෙයවමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක දී නායකත්වය දැරූ ක්‍රීඩකයා ලෙස වාර්තාපොතේ ඉදිරියෙන්ම සිටි ඉම්රාන් ඛාන් අභිබවා යාමකි.  

පාකිස්තාන ඉදිරිපෙළ පිතිකරු හමුදාවේ අසාර් අලී, සමි අස්ලාම්, මිස්බා උල් හක්, යූනිස් ඛාන් සහ අසාඞ් ශෆීක් සියලු දෙනාම ලකුණු අතරේ සිටිති. මෙතෙක් ප්‍රතිවාදීන්ගේ කඩුලු 17 ක්ම උදුරා ගනිමින් කොදෙව්වන්ට දැඩි හිසරදයක් බවට පත්වී සිටින යසීර් ෂා මෙන්ම වහාබ් රියාස්, මොහොමඞ් ආමීර්, රහත් අලී, සොහේල් ඛාන් සහ මොහොමඞ් නවාස් පන්දු යවන්නන් වශයෙන් අකුරටම රාජකාරිය ඉටු කරමින් සිටිති. එබැවින් සත්කාරකයන්ගෙන් එල්ලවන පීඩනය හමුවේ නොසැලී සිටීම කොදෙව්වන්ට ලෙහෙසි වන්නේ නොවේ.  

පාකිස්තානයට සාපේක්ෂව බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශක්තිමත්භාවය අස්ථාවර එකක් වූවත් ඔවුන් පරාජය කිරිමට ඉස්පාසුවක් නොමැතිව බලා සිටින පාකිස්තානුවන්ට පසුගිය තරග 2 දීම කොදෙව් පිල පරාජයෙන් බේරීමට දුන් සටනත් අමතක නොවේ.

ඩැරන් බ්‍රාවෝ, ජර්මේන් බ්ලැක්වුඞ්, ක්‍රෙග් බ්‍රැත්වේට් සහ මාලන් සැමුවෙල්ස්ට හෙට තරගයේදී පැවැරී ඇත්තේ බරපතල වගකීම් සමුදායකි. සමස්ත කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ බලවේගය ලෙස ඔවුන් හෙට තරගයේදි රැස් කරන ලකුණු සංඛ්‍යාව මත පන්දු යැවීමේ සගයන්ගේ ආත්ම විශ්වාසය රඳා පවතිනු ඇත.


පාකිස්තානු කණ්ඩායම
මිස්බා උල් හක් (නායක), අසාඞ් ශෆීක්, අසාර් අලී, ඉම්රාන් ඛාන්, සැමි අස්ලාම්, සර්ෆ්‍රාස් අහමඞ්, සොහේල් ඛාන්, වහාබ් රියාස්, යසීර් ෂා, මොහොමඞ් නවාස්, යූනිස් ඛාන්.


කොදෙව් කණ්ඩායම
ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රෙග් බ්‍රැත්වේට්, ලියොන් ජොන්සන්. ඩැරන් බ්‍රාවෝ, මාලන් සැමුවෙල්ස්, ජෙරමින් බ්ලැක්වුඞ්, රොස්ටන් චේස්, ෂැනොන් ගේබ්්‍රයෙල්, දේවේන්ද්‍ර බිෂූ, ශේන් ඩවුරිච්, ඇල්සාරී ජොශප්.


- 077

 

කෞෂාල් – කුසල් පන්දු යවන්නන්ට තලති

හිසකේ කෙළින් කළ ආරම්භයකින් පසුව වුවත් අනුකම්පාවකින් තොරව සිම්බාබ්වේ පන්දු යවන්නන්ට පහර දුන් කුසල් ජනිත් පෙරේරා (110) සහ සුපුරුදු ඉවසිලිවන්ත පිතිහරඹයේ යෙදුණු කෞෂාල් සිල්වා (94) දෙදෙනාගේ පිතිහරඹය නිසා හරාරේ නුවරදී අද (29 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න- ඇ. මාවෝයෝ  ප. ක්‍රීමර් 56
කෞෂාල් සිල්වා – ඇ. විලියම්ස් ප. වොලර්  94
කුසල් ජනිත් පෙරේරා – ඇ. වොලර් ප. ක්‍රීමර්  110
කුසල් මෙන්ඩිස් – ඇ. මුවර් ප. ක්‍රීමර් 34
උපුල් තරංග – නොදැවී  13
ධනංජය ද සිල්වා – නොදැවී  10
අතිරේක (0) 0
එකතුව ඕවර 90 කදී කඩුලු 4ක් දැවී     317
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
රංගන හේරත් (නායක), ඩිල්රුවන් පෙරේරා, ළහිරු කුමාර, සුරංග ලක්මාල් සහ අසේල ගුණරත්න
කඩුලු වැටීම 
1-123 (කරුණාරත්න), 2-198 (සිල්වා), 3-282 (මෙන්ඩිස්), 4-307 (කුසල් පෙරේරා)
පන්දු යැවීම
ක්‍රිස්ටෝෆර් මොෆූ 20-5-62-0  
කාල් මුම්බා 15-2-65-0  
ඩොනල්ඞ් ටිරිපානෝ 14-4-37-0  
ග්‍රේඒම් ක්‍රීමර් 21-2-82-3  
හැමිල්ටන් මසකඞ්සා 6-2-22-0  
ෂෝන් විලියම්ස් 8-0-24-0  
මැල්කම් වොලර් 6-0-25-1  
සිම්බාබ්වේ පිල
ග්‍රේඒම් ක්‍රීමර් (නායක), ටිනොතෙන්ඩ මාවෝයෝ, හැමිල්ටන් මසකඞ්සා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්, පීටර් මුවර්, ක්‍රිස්ටෝෆර් මොෆූ, බ්‍රයන් චාරි, මැල්කම් වොලර්, කාල් මුම්බා, ඩොනල්ඞ් ටිරිපානෝ

අද දිනය නිමා වෙද්දී කඩුල්ලේ රැඳී සිටි උපුල් තරංග (නොදැවී 13) සහ ධනංජය ද සිල්වා (නොදැවී 10) සිම්බාබ්වේ පන්දු යවන්නන්ට හෙට දවසේදී දඬුවම් දීම සඳහා හොඳ ආරම්භයක් ගත්හ.

සිම්බාබ්වේ ක්‍රීඩකයන් උඩපන්දු හතරක් බිම දැමීමෙන් අනගි ප්‍රයෝජන ගත් ශ්‍රී ලාංකිකයෝ කිසිදු අපහසුවකින් තොරවම ලකුණු කරා යද්දී විනිසුරු තීරණ දෙකක වාසියද සංචාරක ශ්‍රී ලංකා පිල වෙතටම ලැබිණ.

ඉනිම ආරම්භයේදීම (කෞෂාල් සිල්වා නොදැවී 11) ඩොනල්ඞ් ටිරිපානෝගේ පන්දුවක් කඩුල්ල වෙත ඇදී යද්දී කෞෂාල් සිල්වාගේ පාදය ඊට හරස් විය. එවර රූපවාහිනී තිරයේ දිස්වූයේ පන්දුව කඩුල්ලේ යන්තමින් ගෑවී යන ආකාරයකි. මුලු ලකුණු සංඛ්‍යාව 243 ක්ව තිබියදී ක්‍රිස්ටෝපර් මොෆූගේ පන්දුවක් කඩුල්ල වෙත ඇදී එන විට ලකුණු 18 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්ගේ පා ආවරණය ඊට හරස් වූ නමුත් විනිසුරු ඉයන් ගෝල්ඞ්ගේ අදහස වූයේ වෙනකකි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතකයක් ලබාගත් කෞෂාල් සිල්වා එදා නතර කළ තැනින් ආරම්භ කරමින් අදත් සිය පිතිහරඹය නොකඩවා ඉදිරියට ගෙන ගියේය. පන්දු 185 කට මුහුණ දුන් කෞෂාල් ඒවායින් 11 ක්ම හතරේ සීමාවට යැවූයේ තමාට සුපුරුදු අලංකාර කවර් ඩ්‍රයිව් පහර කිහිපයක්ම උපයෝගී කරගනිමිනි.

ආරම්භක පිතිකරුවා සිය ශතකය ආසන්නයටම පැමිණ දැවී ගියේ මහත් අවසනාවන්ත ලෙසිනි. අවස්ථානුකූල පන්දු යවන්නකු වූ මැල්කම් වොලර්ගෙන් පිත්තටම ලැබුණු පන්දුවක් මිඞ් ඕන් වෙත තල්ලු කර යැවීමට ගත් උත්සාහයේදී ෂෝන් විලියම්ස්ට උඩපන්දුවක් ලැබීමෙන් සිල්වාගේ පන්දු 194 ක ඉනිම නිමා විය. ඒ වන වට හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ.

ටෙස්ට් පිතිකරුවකුගේ ආකෘතියෙන් මිදී, ආරම්භයේ සිටම, ඉතාමත් නොහික්මුණු අයුරින් පිත්ත හැසිරවූ කුසල් පෙරේරා තේ පානයට පෙර දැවී යාමේ අවස්ථා දෙක තුනකින්ම ගැලවීමට තරම් වාසනාවන්ත විය. තේ පානයෙන් පසුව තරමක් විමසිලිමත් වූ මෙම වමත් පිතිකරුවා ලැබුණු දුර්වල පන්දු සියල්ලටම නිසි පිළිතුරු දුන්නේය.

බවුන්සර් පන්දු යැවූ කාල් මම්බාගේ ඕවරයකදී හතරේ පහර 5 කින් ඔහුට සංග්‍රහ කළ වමත්කාරයා, එක ඕවරයක් ඇතුළතදී තමාගේ ලකුණු සංඛ්‍යාව 55 සිට 75 දක්වා ඉහළ දමාගත්තේය. 104 වැනි පන්දුවේදී චිත්තාකර්ශනීය කවර් ඩ්‍රයිව් පහරකින්, සිය මංගල ටෙස්ට් ශතකය කරා අවතීර්ණ වූ කුසල් පෙරෙරාගේ ඉනිම හතරේ පහර 15 කින් සහ හයේ පහර දෙකකින් සමන්විත වූයේය.

අර්ධ ශතකයක් ලබාගත් දිමුත් කරුණාරත්න ලකුණු 56 ක් ලබා සිටියදී දැවී ගියේ දුර්වල පහරකිනි. මිඞ් ඕන් කලාපයට පන්දුව තල්ලු කිරීමට උත්සාහ කළ කරුණාරත්නගේ පිත්තේ මැද වැදුණු පන්දුව ෂෝට් මිඞ් ඕන් හි සිටි ටිනෝ මාවෝයෝ විසින් ඉතා පහසුවෙන් රැක ගන්නා ලදි.

ඕස්ටේ්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගළයට ඉනිම 6 කදී තම පිල වෙනුවෙන් එක්කළ හැකිවූයේ ලකුණු 27 ක් පමණි. එහෙත් සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ තර්ජනයකින් තොර පන්දු යැවීම හමුවේ ඔවුහු දෙදෙනාම පහසුවෙන් ලකුණු ලබාගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක් එක් කළහ.

කාසියේ වාසිය දිනාගත් රංගන හේරත් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තද තරගය ආරම්භ වී යැවුණු පළමු ඕවරයේදීම දිමුත් කරුණාරත්නගේ අත් ආවරණයේ වැදුණු පන්දුව ගලී හි සිටි ෂෝන් විලියම්ස්ගේ හිසට ඉහළින් ඇදී ගියේය. වසර 5 කට පසුව සිම්බාබ්වේ පිලට එක්වූ ක්‍රිස්ටෝපර් මොෆූට සිය මුල්ම ඕවරයේදී කඩුල්ලක් දවාගැනීමට තිබූ අවස්ථාව අහිමි වූයේ විලියම්ස්ගේ අතේ වැදුණු පන්දුව එතැනම බිම වැටුණ බැවිනි.

යොවුන් ක්‍රීඩක ළහිරු කුමාර සහ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මෙම තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්ම හිමිකරගත් අතර මාස 14 කට පසුව උපුල් තරංග ටෙස්ට් පිටියට පිවිස සිටී.  

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන රංගන හේරත් ශ්‍රී ලංකාවේ 14 වැනි ටෙස්ට් නායකයා ලෙසින් ඉතිහාසයට එක්වෙයි. හේරත් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 1999 දී වුවද සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග 14 කට සහභාගි වූ මුත්තයියා මුරලිදරන් කඩුලු 87 ක් දවාගෙන සිටී.

 

ශ්‍රී ලංකා පිලේ නායක රංගන හේරත් සහ සිම්බාබ්වේ පිලේ නායක ග්‍රේඒම් ක්‍රීමර් කාසියේ වාසිය උරගා බලමින්…