මැතිව්ස්ට තරගාවලිය අහිමි වෙයි

දඹුල්ලේදී අද (31 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී දකුණු පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරගය අහිමි වන බව ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර කරයි.


පාදයේ ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා හෙට උදෑසන පෙනී සිටීමට මැතිව්ස් සූදානමින් සිටින එතර එම ස්කෑන් පරීක්‍ෂණ වාර්තාව අනුව ඔහුට කොපමණ කාලයක් විවේකය අවශ්‍යද යන්න තීරණය කෙරෙන බව ශ්‍රී ලංකා පළමුව ප්‍රකාශ කෙරිණ.


ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරග දෙක සඳහාත් මැතිව්ස්ට ක්‍රීඩා කළ නොහැකි වනු ඇති බවයි.


“එයා විස්සයි:20 තරග දෙකත් ක්‍රීඩා කරන එක සැක සහිතයි. ඒත් ඒක අපට දැන්ම ස්ථිර කරන්න බෑ” යයිද හෙතෙම පැවසීය.


පන්දුවට පහර දෙමින් සිටියදී ඇතිවූ මෙම ආබාධය නිසා මැතිව්ස්  ඉනිම නවතා ආපසු ක්‍රීඩාගාරයට පැමිණියද 8 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව නැවතත් පිටියට ගියේය. එහෙත් දිව යාමේ අපහසුතාව හේතුවෙන් හතරේ පහර දෙකකින් ලකුණු ලබාගත් මැතිව්ස් ඕස්ට්‍රේලියානු ඉනිම පුරාම පන්දු රැකීමෙන් වැළකී සිටියේය.


දඹුල්ලේදී පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 6 කින් ජයගත් ඕස්ට්‍රේලියානුවෝ තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය 3-1 ක් ලෙසින් ජයගත්හ. තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 4 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

ඕස්ට්‍රේලියානුවෝ තරගාවලිය ජයගනිති

ජෝන් හේස්ටිංග්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, ඒරන් ෆින්ච් සහ ජෝර්ජ් බේලි දෙදෙනාගේ පිතිහරඹයත් නිසා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් අත්කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-1 ක් ලෙසින් ජයගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.


ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම නිසා පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 කදී ලබාගත හැකිවූයේ ලකුණු 212 ක් පමණි.

 

ශ්‍රී ලංකාව 
ධනංජය ද සිල්වා – ඇ. ෆින්ච් ප. හේස්ටිංග්ස් 76
අසිත ප්‍රනාන්දු – ක.මු.කළා ප. ස්ටාක් 0
කුසල් මෙන්ඩිස් – ඇ. වේඩ් ප. හේස්ටිංග්ස් 1
දිනේෂ් චන්දිමාල් – ඇ. වේඩ් ප. බෝලන්ඩ් 5
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. බේලි ප. හේස්ටිංග්ස් 40
ඇන්ජලෝ පෙරේරා – ඇ. වේඩ් ප. සම්පා 7
කුසල් ජනිත් පෙරේරා -ඇ. වෝනර් ප. හෙඩ් 6
තිසර පෙරේරා – ඇ. ෆින්ච් ප. හේස්ටිංග්ස් 13
සචිත් පතිරණ – ඇ. ෆෝක්නර් ප. හේස්ටිංග්ස් 24
ඩිල්රුවන් පෙරේරා –  ඇ. වේඩ් ප. හේස්ටිංග්ස් 18
අමිල අපෝන්සු – නොදැවී  1
අතිරේක (ව-15, පා-2, බ-4) 21
එකතුව ඕවර 50 කදී සියලු දෙනා දැවී    212
කඩුලු වැටීම 
1-1 (ප්‍රනාන්දු), 2-18 (මෙන්ඩිස්), 3-31 (චන්දිමාල්), 3-115* (මැතිව්ස් ආබාධයකට ලක්වීමෙන් ඉවත්විය), 4-121 (ද සිල්වා), 5-130 (ඇන්ජලෝ පෙරේරා), 6-134 (කුසල් පෙරේරා), 7-165 (තිසර පෙරේරා), 8-199 (ඩිල්රුවන් පෙරේරා), 9-200 පතිරණ), 10-212 (මැතිව්ස්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 10-1-51-1 ව-9
ජෝන් හේස්ටිංග්ස් 10-0-45-6 ව-2
ස්කොට් බෝලන්ඩ් 10-1-36-1 ව-2
ජේම්ස් ෆොක්නර්  10-0-39-0 ව-1
ඇඩම් සම්පා 8-0-30-1 ව-1
ට්‍රැවිස් හෙඩ්  2-0-5-1  
ඕස්ට්‍රේලියාව
ඬේවිඞ් වෝනර් – ප. පතිරණ 19
ඒරන් ෆින්ච් – ක.මු.කළා ප. පතිරණ 55
උස්මාන් කවාජා – ක.මු.කළා ප. පතිරණ 0
ජෝර්ජ් බේලි –  නොදැවී 90
ට්‍රැවිස් හෙඩ් – ක.මු.කළා ප. ඩිල්රුවන් පෙරේරා  40
මැතිව් වේඩ් – නොදැවී 8
අතිරේක (ව-2, පා-1, බ-1, නි-1) 5
එකතුව ඕවර 31 කදී කඩුලු 4ක්  දැවී     217
කඩුලු වැටීම 
1-74 (ෆින්ච්), 2-74 (කවාජා), 3-97 (වෝනර්), 4-197 (හෙඩ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ජේම්ස් ෆෝක්නර්, ජෝන් හේස්ටිංග්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ස්කොට් බෝලන්ඩ්
පන්දු යැවීම
තිසර පෙරේරා   3-1-24-0  
අමිල අපෝන්සු  8-0-59-0 ව-1
ඩිල්රුවන් පෙරේරා  7-0-69-1 නි-1
සචිත් පතිරණ 8-0-37-3 ව-1
ධනංජය ද සිල්වා  4-0-21-0  
ඇන්ජලෝ පෙරේරා 1-0-5-0  

ලකුණු 213 ක පහසු ඉලක්කයක් යාමේ අරමුණ ඇතිව, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ප්‍රචණ්ඩකාරී ආරම්භයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 19 ක් ඉතිරිව තිබියදීම සිය ඉලක්කය පසුකර ගියහ. මැතිව් වේඞ් තරගය අවසන් කළේ ඩිල්රුවන් පෙරේරා යැවූ පන්දුවකට ගැසූ දැවැන්ත හයේ පහරකිනි.


ප්‍රචණ්ඩකාරී ආරම්භයක් ලබාගත් නමුත් පන්දු 10 ක් ඇතුළතදී කඩුලු 3 ක් දැවී යාමෙන් ඕස්ට්‍රේලියානුවෝ තරමක් සසළ වූහ. එහෙත් ට්‍රැවිස් හෙඞ් සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජෝර්ජ් බේලි ඕස්ට්‍රේලියානු පිලේ කොඳු නාරටිය වෙමින් තරගය නිම වන විට නොදැවී ලකුණු 90 ක් ලබා සිටියද ලකුණු 45 කට කඩුලු 6 ක් දවාගත් ජෝන් හේස්ටිංග්ස් තරගයේ වීරයා විය.


හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් සමගින් පන්දු 18 කදී සිය අර්ධ ශතකය ලබාගත් ඒරන් ෆින්ච් නායක ඬේවිඞ් වෝනර් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මුහුණ දුන්නේ පන්දු 33 කට පමණි.


කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් නමුත් භයංකාර ආරම්භයකට පසුව ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳවැටිණ. මෙම අවස්ථාවේදී ධනංජය ද සිල්වා සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මැතිව්ස්ගේ දකුණු පාදයේ බත්කෙණ්ඩ වේදනා දෙන්නට වීමෙන් ඉනිම නවතා ක්‍රීඩාගාරයට යෑමට ශ්‍රී ලංකා නායකයාට සිදුවිය. පිටියෙන් ඉවත් වන විට ලකුණු 28 ක් ලබා සිටි මැතිව්ස් සිය කණ්ඩායමේ 8 වැනි කඩුල්ල ලකුණු 199 දී බිඳ වැටීම හේතුවෙන් නැවතත් පිටියට පිවිසියද ඔහුට දිව යාම ඉතාමත් අපහසු වූයේය.


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීති අනුව පිතිකරුවකුට අතිරේක ධාවකයකු නොදෙන බැවින් එක් අන්තයක තනිවී ලකුණු සොයා ගිය මැතිව්ස් හතරේ පහර දෙකකින් සහ ඉතාම අපහසුවෙන් දිවයමින් ලබාගත් 4 ත් සමගින් ලකුණු 12 ක් කණ්ඩායමට එක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 212 ක් ලැබිණ.


ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සිවුදෙනා ඕවර 40 ක් යැවීම නිසා ශ්‍රී ලංකා ඉනිම නිමා වීම පමා විය.  අගනා පන්දු යැවීමක නිරත වූ ජෝන් හේස්ටිංග්ස් ලකුණු 45 කට කඩුලු 6 ක් දවාගත්තද සටන්කාමී පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 87 කින් ලකුණු 76 ක් ලබාගත්තේ ඊට අලංකාර හතරේ පහර 9 ක්ද ඇතුළත් කරමිනි.


ධනංජය ද සිල්වා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් 25 වැනි ඕවරය නිමා වනවිට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 99 දක්වා තල්ලු කරගත්හ. මැතිව්ස් සහ ධනංජය දෙදෙනාගේ මෙම පිතිහරඹය නිසා 10 වැනි ඕවරය නිමාවන විට 3.2 ක් ව තිබූ ශ්‍රී ලංකා පිලේ ලකුණු වේගය 25 වැනි ඕවරය අවසන් වන විට 3.96 දක්වා ඉහළ නැග තිබිණ.


ලකුණු 115 දී මැතිව්ස් පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු වේගය 4.26 ඉක්මවා තිබුණු අතර මැතිව්ස්ට දිගටම පිටියේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණේ නම් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඊට වඩා ඉහළ දමාගැනීමේ සාධාරණ අවස්ථාවක් තිබුණේ ඒ වන විටත් කඩුලු 7 ක් අතැතිව තිබූ බැවිනි.


මැතිව්ස් පිටියෙන් ඉවත් වීමත් සමගම ලකුණු 19 ක් ඇතුළත ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා සහ කුසල් ජනිත් පෙරේරාත් පිටියෙන් ඉවත් වීමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 කට 134 ක් ලෙසින් දිස්වූයෙන් ඕස්ටේ්‍රලියානුවෝ තරගයේ පාලනය අතට ගත්හ.


තුන්වැනි තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් වේග පන්දු යවන්නන් සිවු දෙනකු සමගින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු නායක ඬේවිඞ් වෝනර් ඕවර 10 ක් අවසන් වීමටත් මත්තෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තේ කෝඩුකාර අවිශ්ක ප්‍රනාන්දු සමගින් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාත් ආපසු ක්‍රීඩාගාරයට යවමිනි. තවමත් 18 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුට ශ්‍රී ලංකා වර්ණ සහිත හිස්වැස්ම පිළිගැන්වන ලද්දේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය විසිනි.


වමත් පිතිකරුවන් හමුවේ මිචෙල් ස්ටාක්ගේ සාර්ථකත්වය නිෂේධ කිරීම සඳහා උපායක් සොයමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දකුණත් පිතිකරුවන් දෙදෙනකු වන අවිශ්ක ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවන් ලෙස යෙදවූහ. එහෙත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල රහිත වූයේ මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම මිචෙල් ස්ටාක්ගේ පන්දුවකින් අවිශ්ක ප්‍රනාන්දු දැවී ගිය හෙයිනි. පැයට කිලෝ මීටර 145 ඉක්මවන වේගයකින් පැමිණි ස්ටාක්ගේ පන්දුව අවිශ්කගේ පා ආවරණයේ වදින විටත් ඔහුගේ පිත්ත පන්දුව වෙත එමින් තිබිණ.


කුසල් මෙන්ඩිස් සහ චන්දිමාල් දෙදෙනාම දැවී ගියේ කඩුලු රකින්නාට උඩපන්දු දෙමිනි. මෙන්ඩිස්ගේ උඩපන්දුව විනිසුරුවරයා නොදුටු නමුත් විතීවි ඉල්ලා සිටි කඩුලු රකින්නා ශ්‍රී ලංකා පිලේ අංක 3 පිතිකරුවා පිටියෙන් ඉවත් කරගත්තේය.

 

 

 

 

ඕස්ට්‍රේලියාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වෙයි.

 

 

තරගයේ වීරයා ජෝන් හෙස්ටින්..

 

ඕස්ට්‍රේලියාවට කඩුලු 6 ක පහසු ජයක්…

 

ඕවර 31 කදී 217/4 (ජෝජ් බේලි නොදැවී 90, මැතිව් වේඩ් නොදැවී 08, ඩිල්රුවන් පෙරේරා 7-0-69-1)

 

                

 

31 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා මැතිව් වේඩ් සූදානම්.

 

 

ඕවර 30 කදී 205/4 (ජෝජ් බේලි 86, මැතිව් වේඩ් 01, අමිල අපොන්සු 8-0-59-0)

 

                

 

30 වැනි ඕවරය යැවීම සඳහා අමිල අපොන්සු පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 29 කදී 197/4 (ජෝජ් බේලි 79, මැතිව් වේඩ් 00, ඩිල්රුවන් පෙරේරා 6-0-58-1)

 

                

 

ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ට්‍රේවිස් හෙඩ් ලකුණු 40 කට දැවී යයි.

 

29 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 28 කදී 193/3 (ජෝජ් බේලි 78, ට්‍රේවිස් හෙඩ් 37, අමිල අපොන්සු 7-0-51-0)

 

                

 

28 වැනි ඕවරය යැවීම සඳහා අමිල අපොන්සු පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 27 කදී 189/3 (ජෝජ් බේලි 76, ට්‍රේවිස් හෙඩ් 35, ඇන්‍ජලෝ පෙරේරා 1-0-05-0)

 

                  

 

27 වැනි ඕවරය යැවීම සඳහා ඇන්ජලෝ පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 26 කදී 184/3 (ජෝජ් බේලි 71, ට්‍රේවිස් හෙඩ් 35, අමිල අපොන්සු 6-0-47-0)

 

                       

 

26 වැනි ඕවරය යැවීම සඳහා අමිල අපොන්සු පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 25 කදී 181/3 (ජෝජ් බේලි 69, ට්‍රේවිස් හෙඩ් 34, ධනංජය ද සිල්වා 4-0-21-0)

 

                 

 

25 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 24 කදී 176/3 (ජෝජ් බේලි 65, ට්‍රේවිස් හෙඩ් 33, අමිල අපොන්සු 5-0-44-0)

 

                       

 

24 වැනි ඕවරය යැවීම සඳහා අමිල අපොන්සු පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 23 කදී 175/3 (ජෝජ් බේලි 65, ට්‍රේවිස් හෙඩ් 33, ධනංජය ද සිල්වා 3-0-16-0)

 

                 

 

23 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 22 කදී 169/3 (ජෝජ් බේලි 60, ට්‍රේවිස් හෙඩ් 32, අමිල අපොන්සු 4-0-43-0)

 

                    

 

22 වැනි ඕවරය යැවීම සඳහා අමිල අපොන්සු පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 21 කදී 167/3 (ජෝජ් බේලි 59, ට්‍රේවිස් හෙඩ් 31, ධනංජය ද සිල්වා 2-0-10-0)

 

                    

 

21 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 20 කදී 163/3 (ජෝජ් බේලි 56, ට්‍රේවිස් හෙඩ් 30, සචිත් පතිරණ 8-0-37-3) 

 

                  

 

20 වැනි ඕවරය යැවීම සඳහා සචිත් පතිරණ පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 19 කදී 162/3 (ජෝජ් බේලි 55, ට්‍රේවිස් හෙඩ් 30, ධනංජය ද සිල්වා 1-0-6-0)

 

                    

 

19 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක ධනංජය ද සිල්වා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 18 කදී 156/3 (ජෝජ් බේලි 54, ට්‍රේවිස් හෙඩ් 25, සචිත් පතිරණ 7-0-36-3) 

 

                  

 

18 වැනි ඕවරය යැවීම සඳහා සචිත් පතිරණ පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 17 කදී 148/3 (ජෝජ් බේලි 47, ට්‍රේවිස් හෙඩ් 24, ඩිල්රුවන් පෙරේරා 5-0-54-0)

 

                

 

17 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 16 කදී 141/3 (ජෝජ් බේලි 45, ට්‍රේවිස් හෙඩ් 19, සචිත් පතිරණ 6-0-28-3)

 

                  

 

16 වැනි ඕවරය යැවීම සඳහා සචිත් පතිරණ පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 15 කදී 138/3 (ජෝජ් බේලි 43, ට්‍රේවිස් හෙඩ් 18, ඩිල්රුවන් පෙරේරා 4-0-47-0)

 

                 

 

15 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 14 කදී 131/3 (ජෝජ් බේලි 42, ට්‍රේවිස් හෙඩ් 13, සචිත් පතිරණ 5-0-25-3)

 

                  

 

14 වැනි ඕවරය යැවීම සඳහා සචිත් පතිරණ පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 13 කදී 127/3 (ජෝජ් බේලි 38, ට්‍රේවිස් හෙඩ් 13, ඩිල්රුවන් පෙරේරා 3-0-40-0)

 

                  

 

13 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 12 කදී 121/3 (ජෝජ් බේලි 37, ට්‍රේවිස් හෙඩ් 08, සචිත් පතිරණ 4-0-21-3)

 

                  

 

12 වැනි ඕවරය යැවීම සඳහා සචිත් පතිරණ පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 11 කදී 114/3 (ජෝජ් බේලි 31, ට්‍රේවිස් හෙඩ් 07, අමිල අපොන්සු 3-0-41-0)

 

                  

 

11 වැනි ඕවරය යැවීම සඳහා අමිල අපොන්සු පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

ඕවර 10 කදී 109/3 (ජෝජ් බේලි 27, ට්‍රේවිස් හෙඩ් 06, සචිත් පතිරණ 3-0-14-3)

 

                  

 

දහවැනි ඕවරය යැවීම සඳහා සචිත් පතිරණ පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝජ් බේලි සූදානම්.

 

ඕවර 9 කදී 105/3 (ජෝජ් බේලි 23, ට්‍රේවිස් හෙඩ් 06, තිසර පෙරේරා 3-1-24-0)

 

                 

 

නමවැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්.

 

 

ඕවර 8 කදී 99/3 (ජෝජ් බේලි 22, ට්‍රේවිස් හෙඩ් 01, සචිත් පතිරණ 2-0-10-3)

 

                  

 

සචිත් පතිරණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ඩේවිඩ් වෝනර් ලකුණු 19 කට දැවී යයි.

 

අටවැනි ඕවරය යැවීම සඳහා සචිත් පතිරණ පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 7 කදී 97/2 (ඩේවිඩ් වොනර් 19, ජෝජ් බේලි 22, ඩිල්රුවන් පෙරේරා 2-0-34-0)

 

                          

 

හත්වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 6 කදී 76/2 (ඩේවිඩ් වොනර් 18, ජෝජ් බේලි 02, සචිත් පතිරණ 1-0-08-2)

 

                

 

සචිත් පතිරණගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ලකුණු 55 ක් ලබා සිටි ඒරන් ෆින්ච් දැවී යයි.

 

සචිත් පතිරණගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් උස්මන් කවාජා ලකුණු නොළබා දැවී යයි.

 

හයවැනි ඕවරය යැවීම සඳහා වමතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.

 

ඕවර 5 කදී 68/0 (ඩේවිඩ් වොනර් 18, ඒරන් ෆින්ච් 49, ඩිල්රුවන් පෙරේරා 1-0-13-0)

 

                         

 

පස්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 4 කදී 54/0 (ඩේවිඩ් වොනර් 11, ඒරන් ෆින්ච් 43, අමිල අපොන්සු 2-0-36-0)

 

                        

 

සිවුවැනි ඕවරය යැවීම සඳහා අමිල අපොන්සු පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 3 කදී 35/0 (ඩේවිඩ් වොනර් 00, ඒරන් ෆින්ච් 35, තිසර පෙරේරා 2-1-18-0)

 

                         

 

තෙවැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.

 

ඕවර 2 කදී 17/0 (ඩේවිඩ් වොනර් 00, ඒරන් ෆින්ච් 17, අමිල අපොන්සු 1-0-17-0)

 

                         

 

දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක අමිල අපොන්සු කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.

 

ඕවර 1 කදී 0/0 (ඩේවිඩ් වොනර් 00, ඒරන් ෆින්ච් 00, තිසර පෙරේරා 1-1-00-0)

 

                        

 

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 213 ක ඉලක්කයක්..

 

ඕවර 50 කදී 212 (අමිල අපෝන්සු 01, ජෝන් හාස්ටින්ග් 10-0-45-6)

 

                        

 

ජෝන් හේස්ටින්ග් ලකුණු 45 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්වෙයි.

 

ජෝන් හේස්ටින්ගේ පන්දුවකට ජෝර්ජ් බේලී අත‍ට උඩපන්දුවක් ලබාදෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40 කට දැවී යයි.

 

50 වැනි ඕවරය යැවීම සඳහා ජෝන් හාස්ටින්ග් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 49 කදී 199/7 (අමිල අපෝන්සු 01, ඇන්ජලෝ මැතිව්ස් 34, ජෙම්ස් ෆෝක්නර් 10-0-39-0)

 

                 

 

49 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස්‍ ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා අමිල අපෝන්සු සූදානම්.

 

පන්දුවට පහරදීම සදහා අවසන් පිතිකරු අමිල අපෝන්සු පැමිණෙයි.

 

ඕවර 48 කදී 200/9 (ඇන්ජලෝ මැතිව්ස් 29, අමිල අපොන්සු 00, ජෝන් හේස්ටින්ග් 9-0-39-5)

 

                         

 

ජෝන් හේස්ටින්ගේ පන්දුවකට ජේම්ස් ෆෝක්නර් අත‍ට උඩපන්දුවක් ලබාදෙමින් සචිත් පතිරණ ලකුණු 24 කට දැවී යයි.

 

කකුලේ ඇතිවු අාබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසෙයි.

 

ජෝන් හේස්ටින්ගේ පන්දුවකට මැතිව් වේඩ් අත‍ට උඩපන්දුවක් ලබාදෙමින් ඩිල්රුවන් පෙරේරා ලකුණු 18 කට දැවී යයි.

 

48 වැනි ඕවරය යැවීම සඳහා ජෝන් හාස්ටින්ග් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.

 

ඕවර 47 කදී 199/7 (ඩිල්රුවන් පෙරේරා 18, සචිත් පතිරණ 24, ජෙම්ස් ෆෝක්නර් 9-0-33-0)

 

                 

 

47 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස්‍ ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.

 

ඕවර 46 කදී 192/7 (ඩිල්රුවන් පෙරේරා 13, සචිත් පතිරණ 22, මිචෙල් ස්ටාර්ක් 10-1-51-1)

 

                         

 

46 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාර්ක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.

 

ඕවර 45 කදී 183/7 (ඩිල්රුවන් පෙරේරා 5, සචිත් පතිරණ 21, ජෙම්ස් ෆෝක්නර් 8-0-26-0)

 

                 

 

45 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස්‍ ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.

 

ඕවර 44 කදී 178/7 (ඩිල්රුවන් පෙරේරා 3, සචිත් පතිරණ 18, මිචෙල් ස්ටාර්ක් 9-1-42-1)

 

                          

 

44 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාර්ක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.

 

ඕවර 43 කදී 166/7 (සචිත් පතිරණ 13, ඩිල්රුවන් පෙරේරා 01, ජෝන් හේස්ටින් 8-0-38-3)

 

                 

 

ජෝන් හේස්ටින්ගේ පන්දුවක් හමුවේ ඒරන් ෆින්ච් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 13 ක් ලබා සිටි තිසර පෙරේරා දැවී යයි.

 

42 වැනි ඕවරය යැවීම සඳහා ජෝන් හෙස්ටින් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා තිසර පෙරේරා සූදානම්.

 

ඕවර 42 කදී 165/6 (තිසර පෙරේරා 13, සචිත් පතිරණ 13, ජෙම්ස් ෆෝක්නර් 7-0-21-0)

 

                 

 

42 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස්‍ ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

 

ඕවර 41 කදී 163/6 (තිසර පෙරේරා 12, සචිත් පතිරණ 12, ස්කොට් බෝලන්ඩ් 10-1-36-1)

 

                 

 

41 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා තිසර පෙරේරා සූදානම්.

 

ඕවර 40 කදී 161/6 (තිසර පෙරේරා 11, සචිත් පතිරණ 10, ජෙම්ස් ෆෝක්නර් 6-0-19-0)

 

                 

 

40 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස්‍ ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

 

ඕවර 39 කදී 155/6 (තිසර පෙරේරා 10, සචිත් පතිරණ 06, ස්කොට් බෝලන්ඩ් 9-1-34-1)

 

                 

 

ස්කොට් බෝලන්ඩ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 10 ක් ලබා සිටි තිසර පෙරේරා ලබාදුන් උඩ පන්දුවක් ජෝජ් බේලි අතින් ගිළිහෙයි.

 

39 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

 

ඕවර 38 කදී 154/6 (තිසර පෙරේරා 10, සචිත් පතිරණ 05, මිචෙල් ස්ටාක් 8-1-30-1)

 

                       

 

38 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

 

ඕවර 37 කදී 149/6 (තිසර පෙරේරා 06, සචිත් පතිරණ 04, ස්කොට් බෝලන්ඩ් 8-1-33-1)

 

                 

 

37 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

 

ඕවර 36 කදී 148/6 (තිසර පෙරේරා 06, සචිත් පතිරණ 03, මිචෙල් ස්ටාක් 7-1-25-1)

 

                       

 

36 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

 

ඕවර 35 කදී 144/6 (තිසර පෙරේරා 06, සචිත් පතිරණ 02, ඇඩම් සම්පා 8-0-30-1)

 

                

 

35 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

 

ඕවර 34 කදී 135/6 (තිසර පෙරේරා 02, සචිත් පතිරණ 01, ට්‍රේවිස් හෙඩ් 2-0-5-1)

 

                

 

ට්‍රේවිස් හෙඩ්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 6 කට දැවී යයි.

 

34 වැනි ඕවරය යැවීම සඳහා ට්‍රේවිස් හෙඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

 

ඕවර 33 කදී 132/5 (කුසල් පෙරේරා 05, තිසර පෙරේරා 01, ඇඩම් සම්පා 7-0-25-1)

 

                

 

ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ පෙරේරා ලකුණු 7 කට දැවී යයි.

 

33 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

 

ඕවර 32 කදී 129/4 (ඇන්ජලෝ පෙරේරා 07, කුසල් පෙරේරා 03, ට්‍රේවිස් හෙඩ් 1-0-2-0)

 

                

 

32 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රේවිස් හෙඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ පෙරේරා සූදානම්.
 

ඕවර 31 කදී 127/4 (ඇන්ජලෝ පෙරේරා 06, කුසල් පෙරේරා 02, ජෝන් හෙස්ටින් 7-0-37-2)

 

                

 

31 වැනි ඕවරය යැවීම සඳහා ජෝන් හෙස්ටින් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ පෙරේරා සූදානම්.
 

ඕවර 30 කදී 124/4 (ඇන්ජලෝ පෙරේරා 04, කුසල් පෙරේරා 02, ස්කොට් බෝලන්ඩ් 7-1-32-1)

 

                

 

30 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ පෙරේරා සූදානම්.

 

ඕවර 29 කදී 121/4 (ඇන්ජලෝ පෙරේරා 02, කුසල් පෙරේරා 00, ජෝන් හෙස්ටින් 5-0-30-1)

 

                

 

ජෝන් හෙස්ටින්ගේ පන්දුවක් හමුවේ ඒරන් ෆින්ච් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 76 ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී යයි. (4 පහර 9)

 

29 වැනි ඕවරය යැවීම සඳහා ජෝන් හෙස්ටින් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 28 කදී 117/3 (ධනංජය ද සිල්වා 73, ඇන්ජලෝ පෙරේරා 01, ස්කොට් බෝලන්ඩ් 6-1-29-1)

 

                

 

ජෝන් හෙස්ටින්ගේ පන්දුවක් දකුණු පාදයේ බත්කෙණ්ඩේ වැදීම නිසා අැන්ජලෝ මැතිව්ස් ලකුණු 28 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්‍ වෙයි.

 

28 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 27 කදී 115/3 (ධනංජය ද සිල්වා 72, ඇන්ජලෝ මැතිව්ස් 28, ජෝන් හෙස්ටින් 5-0-30-1)

 

                

 

27 වැනි ඕවරය යැවීම සඳහා ජෝන් හෙස්ටින් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 26 කදී 108/3 (ධනංජය ද සිල්වා 69, ඇන්ජලෝ මැතිව්ස් 24, මිචෙල් ස්ටාක් 6-1-21-1)

 

                  

 

26 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 25 කදී 99/3 (ධනංජය ද සිල්වා 62, ඇන්ජලෝ මැතිව්ස් 23, ඇඩම් සම්පා 6-0-22-0)

 

                

 

25 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 24 කදී 92/3 (ධනංජය ද සිල්වා 60, ඇන්ජලෝ මැතිව්ස් 18, මිචෙල් ස්ටාක් 5-1-12-1)

 

                

 

24 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 23 කදී 86/3 (ධනංජය ද සිල්වා 55, ඇන්ජලෝ මැතිව්ස් 17, ඇඩම් සම්පා 5-0-15-0)

 

                

 

23 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 22 කදී 83/3 (ධනංජය ද සිල්වා 54, ඇන්ජලෝ මැතිව්ස් 15, ‍ස්කොට් බෝලන්ඩ් 5-1-27-1)

 

                

 

22 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 21 කදී 79/3 (ධනංජය ද සිල්වා 51, ඇන්ජලෝ මැතිව්ස් 14, ඇඩම් සම්පා 4-0-12-0)

 

                

 

පන්දු 62 කදී හතරේ පහර 7 ක් සමගින් ධනංජය ද සිල්වා සිය මංගල අර්ධ ශතකය ලබාගනියි.

 

21 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 20 කදී 76/3 (ධනංජය ද සිල්වා 49, ඇන්ජලෝ මැතිව්ස් 13, ‍ස්කොට් බෝලන්ඩ් 4-1-23-0)

 

                  

 

20 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 19 කදී 68/3 (ධනංජය ද සිල්වා 47, ඇන්ජලෝ මැතිව්ස් 08, ඇඩම් සම්පා 3-0-9-0)

 

                

 

19 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 18 කදී 66/3 (ධනංජය ද සිල්වා 46, ඇන්ජලෝ මැතිව්ස් 07, ජේම්ස් ‍‍ෆෝක්නර් 5-0-13-0)

 

                 

 

18 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් ‍ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 17 කදී 61/3 (ධනංජය ද සිල්වා 42, ඇන්ජලෝ මැතිව්ස් 06, ඇඩම් සම්පා 2-0-7-0)

 

                 

 

17 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් සම්පා පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 16 කදී 57/3 (ධනංජය ද සිල්වා 41, ඇන්ජලෝ මැතිව්ස් 04, ජේම්ස් ‍‍ෆෝක්නර් 4-0-8-0)

 

                 

 

16 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් ‍ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 15 කදී 55/3 (ධනංජය ද සිල්වා 40, ඇන්ජලෝ මැතිව්ස් 03, ඇඩම් සම්පා 1-0-3-0)

 

                 

 

15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දඟ පන්දුයවන ක්‍රීඩක ඇඩම් සම්පා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 14 කදී 52/3 (ධනංජය ද සිල්වා 38, ඇන්ජලෝ මැතිව්ස් 02, ජේම්ස් ‍‍ෆෝක්නර් 3-0-6-0)

 

                 

 

14 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් ‍ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 13 කදී 49/3 (ධනංජය ද සිල්වා 35, ඇන්ජලෝ මැතිව්ස් 02, ස්කොට් බෝලන්ඩ් 3-1-15-1)

 

                 

 

13 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 12 කදී 43/3 (ධනංජය ද සිල්වා 30, ඇන්ජලෝ මැතිව්ස් 02, ජේම්ස් ‍‍ෆෝක්නර් 2-0-3-0)

 

                 

 

12 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් ‍ෆෝක්නර් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 11 කදී 41/3 (ධනංජය ද සිල්වා 29, ඇන්ජලෝ මැතිව්ස් 01, ස්කොට් බෝලන්ඩ් 2-1-9-1)

 

              

 

11 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් බෝලන්ඩ් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

 

ඕවර 10 කදී 32/3 (ධනංජය ද සිල්වා 21, ඇන්ජලෝ මැතිව්ස් 00, ජේම්ස් ‍‍ෆෝක්නර් 1-0-1-0)

 

                 

 

දහවැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ‍ජේම්ස් ‍ෆෝක්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 9 කදී 31/3 (ධනංජය ද සිල්වා 21, දිනේෂ් චන්දිමාල් 00, ස්කොට් බෝලන්ඩ් 1-1-0-1)

 

              

 

ස්කොට් බෝලන්ඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් අතට උඩ පන්දුවක් දෙමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 5 කට දැවී යයි.

 

නමවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ‍ස්කොට් බෝලන්ඩ් කැඳවයි.  පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 8 කදී 31/2 (ධනංජය ද සිල්වා 21, දිනේෂ් චන්දිමාල් 05, ජෝන් හෙස්ටින් 4-0-23-1)

 

              

 

අටවැනි ඕවරය යැවීම සඳහා ජෝන් හෙස්ටින් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

 

ඕවර 7 කදී 23/2 (ධනංජය ද සිල්වා 13, දිනේෂ් චන්දිමාල් 05, මිචෙල් ස්ටාක් 4-1-6-1)

 

              

 

හත්වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 6 කදී 19/2 (ධනංජය ද සිල්වා 13, දිනේෂ් චන්දිමාල් 01, ජෝන් හෙස්ටින් 3-0-15-1)

 

              

 

ජෝන් හෙස්ටින්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් 1 ලකුණකට දැවී යයි.

 

හයවැනි ඕවරය යැවීම සඳහා ජෝන් හෙස්ටින් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 5 කදී 18/1 (ධනංජය ද සිල්වා 13, කුසල් මෙන්ඩිස් 01, මිචෙල් ස්ටාක් 3-1-2-1)

 

              

 

පස්වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 4 කදී 17/1 (ධනංජය ද සිල්වා 13, කුසල් මෙන්ඩිස් 00, ජෝන් හෙස්ටින් 2-0-14-0)

 

              

 

සිවුවැනි ඕවරය යැවීම සඳහා ජෝන් හෙස්ටින් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 3 කදී 9/1 (ධනංජය ද සිල්වා 05, කුසල් මෙන්ඩිස් 00, මිචෙල් ස්ටාක් 2-1-1-1)

 

              

 

තෙවැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 2 කදී 7/1 (ධනංජය ද සිල්වා 04, කුසල් මෙන්ඩිස් 00, ජෝන් හෙස්ටින් 1-0-6-1)

 

                    

 

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ජෝන් හෙස්ටින් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 1 කදී 1/1 (ධනංජය ද සිල්වා 00, කුසල් මෙන්ඩිස් 00, මිචෙල් ස්ටාක් 1-1-0-1)

 

              

 

මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු නොළබා දැවී යයි.

 

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ඉනිම ආරම්භ කරන පළමු අවස්ථාව මෙයයි.

 

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ධනංජය ද සිල්වා සමගින් සිය මංගල එක්දින තරගයට සහභාගි වන අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙති.

 

තිලකරත්න ඩිල්ෂාන් වෙනු‍වට කණ්ඩායමට කැඳවූ සචිත් පතිරණ සමගින් අවිෂ්ක ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා මෙම තරගය සඳහා කණ්ඩායමට කැඳවා සිටිති.

 

ධනුෂ්ක ගුණතිලකට සහ සීක්කුගේ ප්‍රසන්නට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී තිබේ.

 

කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පහරදීමට තීරණය කරයි.

 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිවුවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ආරම්භ වීමට සියල්ල සූදානම්.

එංගලන්තය වාර්තා පොත අලුත් කරයි

වාර්තා පිට වාර්තා බිඳ දැමූ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් රැුස් කළ විශිෂ්ට ශතකය මත ඉනිම ගොඩ නැගූ එංගලන්තය ඊයේ ටෙ‍්‍රන්ට්බි‍්‍රජ්හී දී පාකිස්තානයට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයෙන් ලකුණු 169 ක දැවැන්ත ජයක් ලබා එක්දින තරගාවලියේ ජයත් 3-0 ක් ලෙසින් වේලාසනින්ම අත්පත් කරගත්තේය.

සංචාරකයන් අන්ද මන්ද කළ පිති ප‍්‍රහාරයක නිරතවූ හේල්ස් ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් පිටිය දෙවනත් කළාට පසුව පැමිණි ජොස් බට්ලර් පන්දු 22 කදී අර්ධ ශතකයක් ලබාගනිමින් එංගලන්ත පිතිකරුවකු ලැබූ වේගවත්ම එක්දින අර්ධ ශතකයේ වාර්තාවට හිමිකම් කියමින් එංගලන්ත ඉනිම  ඕවර 50 අවසානයේ කඩුලූ 3 කට ලකුණු 444 ක් දක්වා ඉහළට ඔසවා තැබුවේ වාර්තාපොත තවත් අලූත් කරමිනි. ඊට පෙර 2007 නේපියර් හී දී පෝල් කොලින්වුඞ් පන්දු 24කින් අර්ධ ශතකයක් ලබාගනිමින් එම වාර්තාව තබා තිබිණි.

එංගලන්ත පිල ඊයේ බිඳ දැමුවේ මීට පෙර 2006 දී නෙදර්ලන්තයට එරෙහිව කඩුලූ 9 කට ලකුණු 443 ක් රැස්කරමින් ශී‍්‍ර ලංකාව තැබූ එක්දින පිටියේ එක් ඉනිමක  ඕනෑම කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.

පළමු තරග දෙකම පරාජයට පත්වී සිටි පාකිස්තානයේ ඇතිවීම හෝ නැතිවීම මේ තරගයෙන් තීරණය කෙරෙන බවට පළවූ සියලූ විචාරක මත සහ තරගයේ ජයග‍්‍රහණය එංගලන්තයට හිමිවන බවට පළවූ සියලූ බුකීකරුවන්ගේ අනාවැකි එහෙම පිටින්ම සාර්ථක වීමත් කැපී පෙනුණි.

මේ සියල්ල සිය ඉනිමට ශක්තියක් කරගත් එංගලන්ත පිතිකරුවෝ ඊයේ සිය විස්මිත ඉනිම අතරතුර තැබූ වාර්තා සමහරක් මෙසේය.

පළමු  ඕවර 30 දී එංගලන්ත පිල කඩුලූ 2 කට ලකුණු 321ක් ලබා සිටි අතර ඒ වෙද්දී ඔවුන් සෑම පන්දු 4 කට වරක්ම හතරේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

එංගලන්ත පිල සිය ඉනිම පුරා ගැසූ හයේ හතරේ පහර සංඛ්‍යාව 59 කි. එය එක්දින තරගයක එක් ඉනිමක දී වාර්තා වු වැඩිම හයේ හතරේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් විය. ඊට පෙර නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 443 ක ඉනිමක් සටහන් කළ ශී‍්‍ර ලංකා පිලත් එම තරගයේදී හතරේ පහර 56 ක් සහ හයේ පහර 3 ක් සමග එම වාර්තාව තැබුවේය.

එංගලන්ත පිතිකරුවන් වෙතින් හයේ පහර 16 ක් වාර්තා වූ අතර එය එංගලන්ත ඉනිමකදී මෙතෙක් වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව විය.

ජෝ රූට් ඊයේ තරගයේ දී ලකුණු 85 ක් රැස් කරමින් පිට පිට එක්දින අර්ධ ශතක 5 ක් ලැබූ 6 වැනි එංගලන්ත පිතිකරු ලෙස  වාර්තාපොතට එක්විය. මීට පෙර ජෙෆ්රි බොයිකොට්, ග්‍රෙහැම් ගූච්, ඇලෙක් ස්ටුවර්ට්, ජොනතන් ට්‍රොට් සහ ඇලෙක්ස් හේල්ස් එම දස්කම පෙන්වා තිබිණි.

පාකිස්තානයේ පන්දු රකින්නන් මුලූමනින්ම නරඹන්නන් බවට පත් කළ එංගලන්ත පිතිකරුවෝ මුහුණදුන් පන්දුවලින් වැඩි ප‍්‍රමාණයක් පිටියෙන් ඉවතට යැවූහ. ජේසන් රෝයි වේලාසනින් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ඉතිරි පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක වාර්තා කිරිම කැපී පෙනුණි.

රෝයිගේ දැවීයාමෙන් පසුව මුලින්ම පැමිණි ජෝ රූට් සිය ආරම්භක පිතිකරු සගයාට නිදහසේ වැඩ කරන්නට ඉඩ දී තම සුපුරුදු පිතිහරඹයට පිිවිසියේය. සිය වාර්තාගත ඉනිමෙන් කී‍්‍රඩාලෝලීන් පිනවූ හේල්ස් ආපසු කී‍්‍රඩාගාරයට ගියේ දෙවැනි කඩුල්ලට ලකුණු 248 කුත් එකතු කළාට පසුවය.

අනතුරුව පිතිකරු ලයිස්තුවේ ඉහළින් පැමිණි ජොස් බට්ලර් පිටියේ සෑම දිසාවකටම පන්දුව යවමින් පාකිස්තානු පන්දු රකින්නන් කාර්ය බහුල කරවීය. ඒ වෙද්දී හේල්ස් විසින් පවත්වාගත් රිද්මයට නව ජීවයක් එක් කළ බට්ලර්ගේ ගිනිකෙළි සංදර්ශනයක් මෙන් වූ ඉනිමේ අර්ධ ශතකය පන්දු 22 කින් වාර්තා වූයේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. හේල්ස්ගේ දැවීයාමෙන් පසුව ඊළග  ඕවරයේදී රූට් දැවීගිය අතර පසුව එතෙක් වේලා කී‍්‍රඩාගාරයේ බලා සිටිි නායක ඔයින් මෝගන්  සිය සගයන්ගේ විස්මිත පිතිහරඹයෙන් ලද උත්තේජනයෙන් ඉනිම තවත් වර්ණවත් කළේය.

බට්ලර් සහ මෝගන් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 161 ක් එකතු කළේ  ඕවර 12 කදීය. එය පාකිස්තානුවන්ට දැඩි වේදනාවක් ගෙන දුන් එකක් මෙන්ම තරගය නැරැුඹූ කී‍්‍රඩාලෝලීන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් එකකි. බට්ලර්ට නොදෙවැනි පිතිහරඹය යෙදුණු නායක මෝගන් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 24 කිනි.

එංගලන්තය පෙන්වූ ඉලක්කය කරා යන ගමනට පාකිස්තාන පිතිකරුවන් සාර්ථකව අවතීර්ණ වූවත් පරාජයට බලපෑ ලොකුම හේතුව වූයේ කඩුලූ අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකිවීමයි. ඉනිම ඉහළට ඔසවා තැබීමට පටන් ගන්නා සෑම අවස්ථාවක දීම ඔවුන්ගෙන් කිසිවකු ආපසු කී‍්‍රඩාගාරයට හැරී යන තැනට එංගලන්ත පිලේ පන්දු යවන්නෝ කටයුතු කළහ. ඒ අතරින් වැඩිම හානිය කරන ලද්දේ කඩුලූ 4 ක්ම බිඳ දමනු ලැබුවේ කි‍්‍රස් වෝක්ස් විසිනි.

ආරම්භක පිතිකරු සාර්ජිල් ඛාන් පන්දු 26 කින් සිය අර්ධ ශතකය රැස් කළත් ඔහුගේ දැවීයාමෙන් පසුව ඊට වඩා ලකුණු ප‍්‍රමාණයක් රැුස් කළ හැකි කිසිදු පිතිකරුවකු සිටියේ නැත. සර්ෆ‍්‍රාස් අහමඞ් සහ අගපෙළින් පැමිණි මොහොමඞ් නවාස් තරමක් වේගයෙන් පන්දුවට පහරදෙමින් ලකුණු තිස්ගණන් ලැබුවත් පිටියේ රැඳී සිටිමට හැකිවූයේ නැත.

අංක 11 පිතිකරු ලෙස පිටියට පිවිසි මොහොමඞ් අමීර් ඊයේ කිසිවකු අපේක්ෂා නොකළ පිතිහරඹයක යෙදෙමින් අර්ධ ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණි. අවසන් මොහොතේ එංගලන්තයේ ජයග‍්‍රහණය පමා කළ අමීර්ගේ අර්ධ ශතකය වාර්තා වුයේ පන්දු 22 කිනි. ඔහු දැවීගියේ හතරේ පහර 5 කින් සහ හයේ පහර 4 කින් වර්ණවත් වූ ඉනිමක් කී‍්‍රඩා කිරීමෙන් පසුවය. ඊට පෙර අංක 11 න් පැමිණ අර්ධ ශතකයක් ලැබූ කිසිදු පිතිකරුවකු පාකිස්තානයේ පමණක් නොව සමස්ත එක්දින පිටියේ ද සිටියේ නැත. එහෙත් ජයග‍්‍රහණයට එය කිසිසේත්ම ප‍්‍රමාණවත් වූයේ නම් නැත.

එංගලන්තය –  ඕවර 50 කදී කඩුලූ 3 ක් දැවී 444

(ඇලෙක්ස් හේල්ස් 171, ජෝ රූට් 85, ජොස් බට්ලර් නොදැවී 90, ඔයින් මෝගන් නොදැවී 57, හසන් අලි 74/2)

පාකිස්තානය –  ඕවර 42.4කදී සියලූදෙනා දැවී 275

(සාර්ජිල් ඛාන් 58, සර්ෆ‍්‍රාස් අහමඞ් 38, මොහොමඞ් නවාස් 34, මොහොමඞ් අමීර් 58, කි‍්‍රස් වෝක්ස් 41/4, අදිල් රෂීඞ් 73/2)

-077

පහුරු ගා බැමි කඩා දැමීම

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටි ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් එක්දින තරග බිමෙන් සමුගත් පසුගිය ඉරිදා රාති‍්‍රයේ පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී ඔහු විසින් කරන ලද ප‍්‍රකාශය බොහෝ දෙනාගේ කුතුහලය අවුස්සන්නක් විය. ඩිල්ෂාන් තවත් බොහෝ දේ කීවද වැඩි දෙනාගේ අවධානයට ලක්වූයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව මස්පිඬුවේ ආබාධය පිළිබඳව හුවා දක්වමින් ඩිල්ෂාන් කී කතාවයි.

”මම නායකත්වය දරපු අවුරුද්ද පුරාම ඇන්ජලෝ මැතිව්ස්ට පාදයේ ආබාධයක් තිබුණා. ඒ නිසා ඒ අවුරුද්ද පුරාම ඔහුට පන්දු යවන්න බැරිවුණේ මගේ අවාසනාව නිසා වෙන්න ඇති. ඒත් මම නායකත්වයෙන් ඉවත් වෙලා සතියකින් විතර කණ්ඩායම  ඕස්ටේ‍්‍රලියාවට ගියා. ඒ ෂතියෙම මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තා. සමහර විට ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති” යයි ඩිල්ෂාන් ඉරිදා රාති‍්‍රයේ කීවේය.

ඩිල්ෂාන්ගේ මෙම ප‍්‍රකාශය එකිනෙකාගේ සිත් සතන් තුළට විවිධ ආකාරයේ අදහස් ගලා ඒ්මේ උල්පතක්ද විය. එහෙත් ඊට දින දෙකකට පෙරදීත් ලංකාදීප පාඨකයන් වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡුාවකදී ඩිල්ෂාන් ඒ කතාවම වෙනත් ආකාරයකට කීවේය.

”මම නායකත්වය බාර ගනිද්දි ගොඩක් කී‍්‍රඩකයන් විවධ ආබාධ වලට ලක්වෙලා තිබුණා. නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්ට පාදයේ ආබාධයක් නිසා ඒ අවුරුද්ද පුරාම ඔහුට පන්දු යවන්න බැරිවුණා. ඒ නිසා මම සෑහෙන අමාරුවෙන් තමයි ඒ ගමන ගියේ…එක්දින තරගයකදි මට යොදාගන්න පුළුවන් වුණේ පිතිකරුවන් 6 දෙනයි. අපට හරි හමන් තුන් ඉරියව් කී‍්‍රඩකයකු හිටපු නැති නිසා පන්දු යවන්නන් පස් දෙනෙක්ම යොදාගන්න සිද්ධ වුණා…..ඇන්ජලෝට ඒ අවුරුද්ද පුරාම පාදයේ ආබාධය තිබුණ එක මගෙත් අවාසනාව වෙන්න ඇති” යයි ලංකාදීප පාඨකයන් වෙනුවෙන් පිළිසඳරකට සහභාගි වෙමින් සිකුරාදා සන්ධ්‍යාවේ ඩිල්ෂාන් කීවේය.

මෙම ප‍්‍රකාශ දෙකින්ම ගම්‍ය වන්නේ එකම කතාවකි. පාඨකයෝ එය වටහාගනිත්වා. එහෙත් 26 වැනි සිකුරාදා සන්ධ්‍යාවේදී ලංකාදීප පාඨකයන් වෙනුවෙන් කළ පිළිසඳරේදී ඩිල්ෂාන් කී තවත් වැදගත් කතාවක්ද තිබේ. එය පටිගත වී ඇත්තේ මෙසේය.

”ඒ කාලයේ වෙච්ච දේවල් මේ වෙලාවේ කියලා වැඩක් නෑ. දැන් අපි කරන්න  ඕනේ අපේ ඉන්න නවකයන් හදාගෙන ඉදිරියට යන එකයි. පසුගිය දේවල් ගැන කතා කිරීම හරියට උඩ බලාගෙන කෙළ ගැහැව්වා වගේ වෙනවා” යයි ඩිල්ෂාන් කීවේ වඩාත් පරිණත කී‍්‍රඩකයකුගේ වගකීම සිහිපත් කරමිනි.

කී‍්‍රඩා සමාජයේදී වුවත් ජාතික කණ්ඩායමේදී වුවත් කාලාන්තරයක් තිස්සේ එකට කී‍්‍රඩා කිරීමේදී විවිධ හැල හැප්පීම් ඇතිවීම සාමාන්‍යය තත්ත්වයකි. වැදගත් වන්නේ කණ්ඩායම වෙනුවෙන් ඒවා සියල්ල විඳ දරාගෙන රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කිරීමයි. සියලූ හිත් රිදීම් දරාගෙන ඩිල්ෂාන් ඒ දේ කළේය.
ඩිල්ෂාන් පමණක් නොව ජාතික කණ්ඩායමේ සිටි තවත් කී‍්‍රඩකයෝත් එසේ කළහ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටි ආරම්භක පිතිකරුවකු වූ රොෂාන් මහානාම සිය කි‍්‍රකට් දිවියේ කතාව ලියූ ග‍්‍රන්ථය නම්කළේ ‘වේදනාත්මක සමුගැනීම’ යනුවෙනි. ඒ කතාවම ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියූ පොත ‘රිටයර්ඞ් හර්ට්’ ලෙසින් නම් කළේ රොෂාන් මහානාම පන්දුවක් ඇගේ වැදීම හේතුවෙන් කි‍්‍රකට් පිටියෙන් සමුගත් නිසා නොවේ. එදා සිදුවූයේ කුමක්ද යන්න දන්නෝ දනිති.

මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාරද නායකත්වයේ ඔටුන්න හැරදමා යන්නේ එය හිසට බර වැඩිවූ බැවින් හෝ එහි කටු ඇණනු නිසා හෝ නොවේ.

තමන්ගේ සැලැස්ම අනුව කණ්ඩායම ඉදිරියට ගෙන යාමට ඇතිවූ බාධක හමුවේ ඇතිවූ කළකිරීම නිසාය. ඔවුන් දෙදෙනාගේ හදවතට එබී බලන්නට කිසිවකුට හැකියාවක් ඇත්නම් ඒ බව වටහාගත හැකිවනු ඇත. නැතහොත් ඔවුන් දෙදෙනාම නායකත්වය දැරූ කෙටි කාලය (මහේල ජයවර්ධන 2007 සිට 2009 දක්වා සහ කුමාර් සංගක්කාර 2009 සිට 2011 දක්වා) දෙස නැවත හැරී බැලීමෙන් ඒ බව තේරුම්ගත හැකිය.

ජයග‍්‍රහණයට පියවරුන් දහසක් සිටියද පරාජයේදී එය නායකයාගේ කරපිටින් යාම පොදු ධර්මතාවකි. නායකත්වයේ පීඩනය සෑම නායකයකුටම තිබේ. එය නායකයාගේ හිත ඇතුළේම තෙරපෙමින් ඔහුටම වද දෙමින් සිට හීන්සීරුවේ වියැකී යයි.

ඩිල්ෂාන් නායකත්වයට පත්වන්නේ 2011 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කුමාර් සංගක්කාර නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවය.

දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති පස්වැනි එක්දින තරගය අවසානයේදී ‘ඔබ දිගටම නායකත්වයේ රැුඳී සිටිනවාද?’ යයි කළ විමසීමකට එක එල්ලේ පිළිතුරු දෙමින් ‘ඔව්..මගේ නායකත්වය ගැන මට ප‍්‍රශ්නයක් නෑ.. මම මහත් ආශාවෙන් කණ්ඩායම මෙහෙයවනවා” යයි ඩිල්ෂාන් කීවද සතියක් යාමටත් මත්තෙන් ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත් වූ  බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේය.

ඒවා එසේ වීමට බොහෝ හේතු කාරණා තිබිණ. තිරෙන් පිටුපස සිටියෝ කි‍්‍රකට් නිලධාරීහුම මිස කී‍්‍රඩකයෝ නොවෙති.

ඩිල්ෂාන් ජාතික කණ්ඩායමේ නායකත්වය බලාපොරොත්තු වූ අයෙක්ද නොවේ. මහේල ජයවර්ධන 2009 දීත්, කුමාර් සංගක්කාර 2011 ලෝක කුසලාන තරගාවලිය නිමාවේදීත් නායකත්වයෙන් ඉවත් වූ බැවින් නායකත්වයේ කටු ඔටුන්න ඒ වන විට කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා වූ ඩිල්ෂාන්ගේ හිසමත පතිත විය.

”නායකත්වය ගන්න කිසි කෙනෙක් හිටියේ නෑ. මම එපා කියද්දි….මට අද වගේ මතකයි, ඞී. එස්. ද සිල්වා මහත්තයා මට කිව්වේ මේ වෙලාවෙ මාස හයක් ඇදල දෙන්න කියලයි” ඩිල්ෂාන් සිය අතීතය සිහිපත් කළේය.

ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් 2011 එංගලන්ත සංචාරයේදී ඩිල්ෂාන් තුවාල ලැබීය. සංගක්කාර නායකත්වයෙන් ඉවත් වී මාසයක්වත් ගතවී නොතිබිණ. මහේලද ඔහුගේ වගකීම් බාරදී වසර දෙකක් ඉක්ම ගොස් තිබිණ. තුන්වැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමට කණ්ඩායමේ සිටි වෙනත් කිසිවකු ඉදිරිපත් නොවන තත්ත්වයක් හමුවේ කොළඹට කතා කළ ඩිල්ෂාන් නායකයකු ඉල්ලා සිටියේය.

ඇතිවූ තිබූ තත්ත්වය පිළිබඳ සාධාරණ විග‍්‍රහයක යෙදුණු කුමාර් සංගක්කාර එම ටෙස්ට් තරගයේදී පමණක් (සදම්ප්ටන්හිදී) කණ්ඩායම මෙහෙයවීමට එක`ග විය. පළමු ඉනිමේදී ලකුණු 184 කට දැවී ගිය ශී‍්‍ර ලංකා කණ්්ඩායම දෙවැනි ඉනිමේදී කඩුලූ 5 කට ලකුණු 334 ක් ලබාගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තේය.

කාලයා විසින් බොහෝ දේ සමථයකට පත්කරනු ලබයි. කාලයේ තාලය අනුව ලැබෙන විසඳුම බාරගැනීමට ඩිල්ෂාන් පුරුදු විය.  

”අපි හැමදාමත් එකට ඉන්නේ. දැනටත් අපි එකට සෙල්ලම් කරනවා. හමුවෙනවා. කතා බහ කරනවා”

”මට වෙච්ච දේවල් කිවුවොත් මම කරන්නේ අතීතයේ කි‍්‍රකට් ගහපු අයටත්, දැන් කි‍්‍රකට් ගහන අයටත් වගේම අනාගතයේ කි‍්‍රකට් ගහන අයටත් අනර්ථයක්. ඊටත් වඩා ඒක නරක ආදර්ශයක් වෙනවා” යයි සිකුරාදා සන්ධ්‍යාවේ කී ඩිල්්ෂාන්….

”පසුගිය දේවල් දැන් වැඩක් නෑ. ඒ වගේ දේවල් මගේ ගෙදර අයත් එක්ක කතා කරලා මම විසඳගත්තා මිසක් දැන් ඒවා කිව්වා කියලා මටවත් කණ්ඩායමටවත් ඒකෙන් කිසිම ප‍්‍රයෝජනයක් නෑ…ඒ නිසා මම ඒවා කවදාවත් එළියට දුන්නේ නෑ” යයිද පැවසීය.

කොයිතරම් දේ හිත ඇතුළේ තදකරගෙන සිටියද ඒවා පිළිබඳ දිගින් දිගටම පහුරුගෑමට යාමේදී බැමි බුරුල් වී යාම මනුෂ්‍ය ස්වභාවයයි. ඉරිදා තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී ඩිල්ෂාන්ට සිදුවූයේත් එයම මිස අනෙකක් නොවේ.

කණ්ඩායමෙන් ඉවත් යන කී‍්‍රඩකයකුගේ ප‍්‍රකාශයකට පිළිතුරු දීමට අනෙක් කී‍්‍රඩකයන් ඉදිරිපත් වුවහොත් එතැන ඇතිවන්නේ ‘කි‍්‍රකට්’ නොවන තරගයකි. ඇරත් මේ කණ්ඩායම සමගම එක්වී තවත් විස්සයි:20 තරග දෙකක් කී‍්‍රඩා කිරීමට ඩිල්ෂාන්ට ඉඩ තිබිය යුතුය.

එබැවින් අතීතයේ කුණු කන්දල් ආරා ඇවිස්සීමට මෙය සුදුසු කාලයක් නොවේ. මේ තරුණ කී‍්‍රඩකයන්ගේ දස්කම් මතින් කණ්ඩායම ගොඩ න`ගන කාලයයි.

 

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවදානම් අන්තයේ

එක්දින තරගාවලියේදී අවදානම් අන්තයට තල්ලූ වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී වෙනස්කම් කිහිපයක් සහිතව පිටියට පිවිසීමට සූදානමින් සිටී. ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත් නමුත් එක්දින තරගාවලියේදී 2-1 ක් ලෙසින්  ඕස්ටේ‍්‍රලියානුවන් පෙරමුණ ගෙන සිටින බැවින් තරගාවලියේ රැුඳී සිටීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය ජයගනිමින් තරගාවලිය සමකළ යුතුව තිබේ.

එසේ නොවුණහොත් පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිත පස්වැනි සහ අවසන් තරගය දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් පමණක් වනු ඇත.

තේරීම් කමිටු නිලධාරීන්ගේ ඇතැම් තීරණ ඇදහිය නොහැකිය. ආරම්භක පිතිකරුවා වූ තිලකරත්න ඩිල්ෂාන්ගෙන් හිස්වූ තැනට කැඳවූ නිරෝෂන් දික්වැල්ල ආපසු ගෙදර යවා ඒ තැනට වමතින් ද`ග පන්දු යවන පසුපෙළ පිතිකරුවකු වන සචිත් පතිරණ ආදේශ කර තිබේ.

හදිසියේම කණ්ඩායමට එක්වූ පතිරණට අද තරගයේදී කී‍්‍රඩා කිරීමට හොඳ අවස්ථාවක් ඇතැයි නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ දහවල් පැවසීය.

තවමත් එක්දින තරග 3 කට පමණක් කී‍්‍රඩා කරමින් ලකුණු 66 ක් ලබා සිටින  සචිත් පතිරණ කණ්ඩායමට අහසින් පාත් වූවත් නිරෝෂන් දික්වැල්ල ජාතික කණ්ඩායමට කැඳවනු ලැබුවේ එංගලන්තයේදී කළ සාර්ථක සංචාරයකින් පසුවය. ටෙස්ට් කණ්ඩායම සමග එංගලන්තයට ගිය දික්වැල්ලට ටෙස්ට් හෝ එක්දින තරගාවලියේ එකම තරගයකට හෝ සහභාගි වීමට නොහැකි වූ හෙයින් පසුව එංගලන්තයට ගිය ශී‍්‍ර ලංකා ‘එ්‘ කණ්ඩායමට එක්කරනු ලැබිණ.

එංගලන්ත ‘ඒ’ (ලයන්ස්), පාකිස්තානු ‘ඒ’ සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැති සීමිත  ඕවර තරගාවලියේදී හොඳින් ලකුණු ලබාගත් දික්වැල්ල ඉනිම 5 කදී ලකුණු 231 ක් ලබාගත්තේ ආරම්භක පිතිකරුවකු වශයෙනි. එංගලන්ත සහ පාකිස්තානු වේග පන්දු යවන්නන් හමුවේ දික්වැල්ලගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 67, 9, 51, 44 සහ 60 ක් වශයෙනි.

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පසුබෑමට මූලික හේතුව වන්නේද පිතිකරුවන් අසාර්ථක වීමයි.

ආරම්භක පිතිකරුවෝ තරග තුනේදීම මිචෙල් ස්ටාක්ගේ පහසු ගොදුරු බවට පත්වූහ. පන්දුව ගුවනේ දෝලනය කරමින් වමත් පිතිකරුවන් මුළා කරන මිචෙල් ස්ටාක්ගේ පන්දු වමත් පිතිකරුවන්ගේ පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා කඩුල්ලට ඇදී යයි. එබැවින් ආරම්භක පිතිකරු ස්ථානය සඳහා දකුණත් පිතිකරුවකු යොදවමින් ස්ටාක්ගේ බලපෑම නිෂේධ කිරීම පිළිබඳ ශී‍්‍ර ලංකා පිල සිතමින් පසුවෙයි.

කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් අංක 3, 4 සහ 5 ස්ථාන සඳහා ස්ථාවරව සිටින බැවින් ධනුෂ්ක ගුණතිලක සමගින් ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව ධනංජය ද සිල්වාට නැතහොත් අවිශ්ක ප‍්‍රනාන්දුට හිමිවීමට ඉඩ තිබේ. ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල වෙනුවෙන් කී‍්‍රඩා කරමින් එංගලන්තයේදී පිට පිටම ශතක දෙකක් ලබාගත් අවිශ්ක ප‍්‍රනාන්දු, පළමු එක්දින තරගයටත් පෙරම ශී‍්‍ර ලංකා සංචියට ඇතුළත් කර සිටි කී‍්‍රඩකයෙකි.

පන්දු යැවීමේ අංශයේ වෙනස්කම් කිහිපයක්ද බලාපොරොත්තු විය හැක්කේ සීකුගේ ප‍්‍රසන්න එක්දින තුනේදීම අසාර්ථක වූ බැවිනි. ඉබ්බන්කටුව වැව දෙසින් එන සුළගත් කාසියේ වාසිය අහිමි වුවහොත් මුලින්ම පන්දු යැවීමට සිදුවීමත් නිසා ඉදිරි පෙළ වේග පන්දු යවන්නකු කණ්ඩායමට උවමනා වි තිබේ. එබැවින් පුහුණුවීම් වලදී සාර්ථක පන්දු යැවීමක යෙදෙන ළහිරු කුමාරද අමතක කළ නොහැකිය.

ඕස්ටේ‍්‍රලියානු නායක ඬේවිඞ් වෝනර් කියා සිටියේ කාසියේ වාසිය දිනාගැනීම තමන්ගේ සිතට වදයක් නොවන නමුත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තමන් වැඩි මනාපයක් දක්වන බවයි.

ස්ටීවන් ස්මිත් නික්ම යාමෙන් පසුව එක්දින පිලට එක්වූ ෂෝන් මාෂ් අගිල්ල තුවාල කරගැනීම නිසා නැවතත්  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ වෙනුවට උස්මන් කවාජා  ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වන බව ඬේවිඞ් වෝනර් කියයි.

 

පාකිස්තානයට ඇතිවීම – නැතිවීම අතර තරගයක්

තරග 2-0කින් එක්දින තරගාවලියේ පෙරමුණ අත්පත් කරගෙන සිටින එංගලන්ත පිල හෙට (30 වැනිදා) නොටිංහැම් හී ටේ‍රන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය ජයගෙන සංචාරක පාකිස්තානුවන් අන්ත පරාජයකට පත්කරනු ඇතැයි විචාරකයන්ට වඩා බුකීකරුවෝ දැනටමත් අනාවැකි පළ කරමින් සිටිති.

පෙරේදා ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමත් සමග එංගලන්ත පිල සිය දස්කම් මුවහත් කරගෙන සිටින අතර හෙට තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් සිය පීඩනය දුරු කරගැනීමට එංගලන්ත පිලේ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පුල පුලා බලා සිටී. දණහිසේ ඇතිවූ ආබාධයක් නිසා මෙවර ගිම්හානය එහෙම පිටින්ම විනාශ කරගත් 25 හැවිරිදි මේ ක්‍රීඩකයා පසුගිය එක්දින තරග 2 දීම ක්‍රීඩා කළේ විශේෂඥ පිතිකරුවකු ලෙස පමණි.

පාකිස්තාන පිතිකරුවන් අසීරුවට පත් කරමින් මාක් වුඞ්, ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් සිත්ගන්නා සුළු පන්දුයැවීමක නිරත වූ අතර අනිත් අතට පිතිකරුවන් පෙනෙන හැටියට දැනටමත් ඔවුනොවුන්ගේ සුපුරුදු රිද්මය සොයා ගෙන තිබේ.

ලකුණු අතරේ සිටින ජෝ රූට් පෙරේදා තරගයේදී ලකුණු 89 ක්ම ලබාගනිමින් පිට පිට සිවුවැනි එක්දින අර්ධ ශතකයක් වාර්තා කළ අතර නායක ඔයින් මෝගන් ද නැවත දස්කම් අතරට සේන්දු වී සිටි. හෙට තරගයේ දී එය එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වන බැවින් තරගාවලිය ජයගැනීමේ කිසිදු සැක සංකාවක් එංගලන්ත කඳවුරේ නොමැත. හෙට තරගයට එංගලන්ත පිලේ පිතිහරඹ ලැයිස්තුව වෙනස් නොකිරීමට එයම හේතුවක් වනු ඇත.

මේ අතර පාකිස්තානයේ හිටපු ශ්‍රේෂ්ඨ වමත් වේගපන්දු යවන්නා වන වසීම් අක්රාම් ඊයේ පෙරේදා කී පරිදි ඔවුන්ගේ එක්දින ක්‍රිකට් පිල දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ අනූව දශකයේ දී ක්‍රීඩා කළ අයුරින් ඉතා දුර්වල මට්ටමකය.

පෙරේදා තරගයේදී පාකිස්තානු පිලේ කඩුලු රකින්නා වන සෆ්රාස් අහමඞ් ලකුණු 105 ක් රැස් නොකරන්නට පාකිස්තානයට ඊටත් වඩා අන්ත පරාජයකට මුහුණ පාන්නට වනු ඇත. එම තරගයේදී  ලකුණු 2 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුටම ආපසු ක්‍රීඩාගාරයේ විවේක ගැනිමට සිදුවූ අතර තරගයේ ඉතිරි කොටස ඇදගෙන යාමේ සම්පූර්ණ වගකීම කරපින්නාගත්තේ අහමඞ්ය.

ලකුණු 251 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට කිසිදු ආකාරයක තර්ජනයක් දීමට ඔවුන්ගේ පන්දු යවන්නන් අසමත්වීම හෙට තරගයට පෙර කණ්ඩායමේ කළමනාකාරීත්වයේ අවධානයට යොමු විය යුතු බව වසීම් අක්රම්ගේ අදහස වී තිබේ.

බැලූ බැල්මට නම් හෙට තරගය සඳහා පාකිස්තානුවන් වෙනස්කම් කිහිපයක්ම සිදුකිරිමට නියමිත අතර මේ  තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ තරගයක් මෙන්ම ඇතිවීම සහ නැතිවිම අතර තරගයක් බවට ද පත්වී තිබේ.


- 077

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව යදී


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයේ දොරටු සහ මුරකාවල් බිඳගෙන ක්‍රීඩාංගණයට කඩාවැදීම හේතුවෙන් ප්‍රවේශපත් මිලදීගත් ක්‍රීඩා ලෝලීහු බලවත් අපහසුතාවකට පත්වූහ. ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නරඹන්නන් 18,000 කට පමණ ආසන පහසුකම් ඇති රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (28 වැනිදා) පැවැති එක්දින තරගය නැරඹීමට 45,000 කට අධික පිරිසක් පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක අංශ විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

“මෙම කාරණාව නිසා ආරක්‍ෂක නිලධාරීන්ට මෙන්ම සහායක කණ්ඩායම් වලට තත්ත්වය පාලනය කරගත නොහැකි විය. එහෙත් තරගය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයන් වන ක්‍රීඩා පිටියත් කණ්ඩායම් දෙකත් ආරක්‍ෂා කරගැනීමට කටයුතු යොදන ලදි” යයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ඉරිදා පැවැති තුන්වැනි එක්දින තරගයේදී ප්‍රවේශ පත් සියල්ලම විකිණී අවසන්ව තිබූ අතර මෙම තරගය තිලකරත්න ඩිල්ෂාන්ගේ සමුගැනීමේ තරගයද වූයෙන් ඒ සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ විශාල අවධානයක් යොමුවී තිබිණ. දඹුල්ල ක්‍රීඩාංගණය ක්‍රිකට් ලෝලීන්ගෙන් පිරී ඉතිරී යාම නිසා නරඹන්නන්ද බොහෝ අපහසුතාවන්ට මුහුණ දුන් අතර ප්‍රේක්‍ෂකාගාරවල ආසන පේලි කරා ගමන් කිරීමත් අසීරු කරුණක් විය.

කෙසේ වෙතත් ඉදිරියේදී එවන් තත්ත්වයක් ඇති නොවීමට කටයුතු යොදන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සඳහන් වේ.

 

මගේ සාර්ථකත්වය හදිසි තීරණයි – ඩිල්ෂාන්

සාර්ථක මිනිසුන් බිහිවන්නේ නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීමෙනි. කිසියම් තීරණයක් ගනු ලබන අවස්ථාවේ සිට ඇතිවන්නා වූ අනුයාත සිදුවීම් වැලටම තමන්ම මුහුණ දිය යුතුය. 2008 ඕස්ට්‍රේලියානු සංචාරයට නොතේරීම පිළිබඳව ෂේන් වෝන් කළ ප්‍රකාශයක් අනුව සිත මෙහෙවයමින් තමන් පිළිබඳ තක්සේරුවකට පැමිණීමටත් මහේල ජයවර්ධනට දුන් දුරකතන ඇමතුමත් අතර කාලය ගෙවී ගියේ නොසිතූ වේගයෙනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අද්වීතීය මෙහෙවරක නිරත වූ තිලකරන්ත ඩිල්ෂාන් හෙවත් ටී. එම්. ඩිල්ෂන් පිළිබඳ බොහෝ දෙනා තුළ ඇති මතකය එක්දින අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් වූවත් ඩිල්ෂාන් යනු සිය දෙවැනි ටෙස්ට් තරගයේදීම ලකුණු 150 සීමාව ඉක්මවා ගිය (සිම්බාව්වේ පිලට එරෙහිව හරාරේහිදී නොදැවී ලකුණු 163 යි), ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් පිතිකරුවන් අතරටද එක්වූ විශිෂ්ට ගනයේ පිතිකරුවෙකි.

ඩිල්ෂාන් සිය මංගල එක්දින ශතකය ලබාගන්නේ ලෝක වාර්තාවකට සම්මාදම් වෙමිනි.

2006 දී නෙදර්ලන්තයේ ඇම්ස්ට්ලීවන් නුවරදී පන්දු 78 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 117 ක් ලබාගන්නා ඩිල්ෂාන් ඕවර 50 කදී කඩුලු 9 කට ලකුණු 443 ක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන යයි. එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් එදා ලෝක වාර්තා පෙතේ ලියා තැබූ වාර්තාව අදටත් නොබිඳී පවතී. ඒ අංක 5 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කරමිනි.

ඩිල්ෂාන් එක්දින පිතිකරුවකු වශයෙන් පරිපූර්ණයත්වයට පත්වන්නේ 2009 පාකිස්තානු සංචාරයේදී ඉනිම ආරම්භ කිරීමත් සමගය. 1999 දී සිම්බාබ්වේ පිලට එරෙහිව බුලවායෝහිදී එක්දින හිස්වැස්ම දිනාගන්නා ඩිල්ෂාන් 2008 දෙැසම්බර් දක්වා ලබාගත්තේ එක්දින ලකුණු 2994 කි. එහෙත් 2009 ජනවාරි මාසයේ සිට මේ දක්වා ආරම්භක පිතිකරුවකු ලෙසින් කටයුතු කළ ඩිල්ෂාන් එක්දින ලකුණු 7254 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වසර 17 ක් පුරා දහදිය හෙළුෑ ඩිල්ෂාන් අන්තර්ජාතික තරග බිමෙන්  සමුගන්නේ තෘප්තිමත් සිතිනි. ඔහු සමග කළ පිළිසඳරක් මෙසේ සටහන් කෙරෙයි


හදිසියේම මේ වගේ තීරණයක් ගන්න හිතුවේ ඇයි ?

මා හිතනවා අවුරුදු 17 ක විතර කාලයක් මගේ රට වෙනුවෙන් මගෙන් යම් කිසි දෙයක් කෙරුණා කියලා. මට ඒ ගැන සන්තෝස වෙන්න පුළුවන්. මම පිතිකරුවෙක් හැටියට අසාර්ථක වුණා නම් පන්දු යවන්නෙක් හැටියට හෝ කණ්ඩායම වෙනුවෙන් කිසියම් දෙයක් කළා. ඒ දෙකම ආසාර්ථක වුණ වෙලාවල මා පන්දු රැකීමෙන්, එක්කෝ දුවද්දී දවාගැනීමකින් නැතිනම් හොඳ උඩපන්දුවකින් ක්‍රීඩකයකු දෙන්නෙකු දවාගත්තා. ඒ නිසා මා කරපු දේ ගැන මට සන්තෝෂයක් තියෙනවා.

මම ලබාගන්න ඕන දේවල් ටික ටිකහරි ලබාගත්තා. මම අද මේ තත්ත්වයේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. ක්‍රිකට් ක්‍රීඩාවට මා ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳින් සමුදීලා, නවකයකුට අවස්ථාවක් දීලා ඔහු දිහා බලාගෙන සතුටු වෙන එක තමයි දැන් මට තියෙන්නේ.

මම යම් යම් දේවල් කරන්නේ කාටවත් ආදර්ශයක් වෙන්න කියලා නෙමෙයි. සමහර අයට ඒක ආදර්ශයක් වෙයි. ඒත් සමහර අයට ඒක වෙනත් විදිහකට පෙනේවි. යම් කිසි දෙයක් හරියි කියලා මට හිතුණොත් මම ඒ දේ කරනවා.


මේ තීරණය ගන්න ඉස්සර දවස් දෙක තුනේදී හිත කළඹමින් තිබුණේ මොන වගේ දේවල්ද ?

මගේ බලාපොරොත්තුව තිබුණේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් හැකි උපරිම තරම් කාලයක් කරන්න. මේ තරගාවලියට ඉස්සරවෙලා නම් මගේ බලාපොරොත්තුව තිබුණේ ඊළඟ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියටත් සහභාගි වෙන්න. නමුත්, මොන මොන විදිහේ බලාපොරොත්තු තිබුණත් අපේ අදහස් වෙනස් වෙනවා. ඒ නිසා ඒ අනුව ක්‍රියා කරන්න වෙනවා.

බ්‍රහස්පතින්දා (25 වැනිදා) උදේ නැගිට්ටම මට හිතුණා දැන් සමුගෙත්තොත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ. මම ටෙස්ට් තරග වලින් සමුගත්තෙත් මේ විදිහටම තමයි. එදා උදේ නැගිට්ටාම මට හිතුණා දැන් ඇති කියලා. මම බිරිඳත්, ගෙදර අයත් එක්කත් සාකච්ඡා කරලා මගේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්නුවා.


ඔබ කියන්නේ මේ තීරණය ගත්තේ කිසිම ආකාරයේ පූර්ව සැලසුමකින් තොරව කියලද ?

මම ගොඩාක් දුර සැලසුම් කරන්නේ නෑ. තරගාවලියකට ගියත් මම හිතන්නේ තරගයෙන් තරගය ගැන මිසක් තරගාවලිය ගැනම නෙමේ. අනෙක ක්‍රිකට් වලදි විතරක් නෙමේ මගේ සාමාන්‍ය ජීවිතයේදි වුණත් මා ගන්නේ ඉක්මන් තීරණ. ඒ හැම තීරණයක්ම මේ දක්වා සාර්ථක වෙලා තියෙනවා. ඒ එකක් වත් වැරදිලා නෑ. මා හිතනවා මේ වතාවෙත් ගත්තේ හරි තීරණයක් කියලා.

විශේෂයෙන්ම මේ තීරණය ගත්ත එක ගැන ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම දැන් (දිනයකට පසුව) මට හිතෙනවා මම ගත්ත තීරණය හරි කියලා.

ඔබේ ක්‍රීඩා දිවියේ මුල් කාලයේදී ඔබ පිතිකරු ලයිස්තුවේ හැම තැනම ක්‍රීඩා කළා. ඒත් ඔබ තරමක් වෙනස් ආකාරයේ පිතිකරුවක් වන්නේ ආරම්භක පිතිකරුවකු වීමත් සමගයි. ඒ 2009 පාකිස්තානු සංචාරයේ සිටයි.
ඔව්. මම 1999 ඉඳන් 2008 වෙනකම් ක්‍රීඩා කළේ පිතිකරු ලයිස්තුවේ අංක 6, 7 නැත්නම් 5 වගේ ස්ථාන වල. එක තරගාවලියකදි අංක 4 ක්‍රීඩා කරන්න ලැබුණා මොකද මහේල එයාගේ විවාහ උත්සවේට ගෙදර ආපු වෙලාවේ (2006 ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේදී). එතැනදී මම අර්ධ ශතක තුනක් ලබාගත්තා. පස්සේ මට හිතුණා මට පිතිකරු ලයිස්තුවේ ඉහළින් එන්න පුළුවන් නම් මට වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් කියලා. ඒත් මට ඉහළට එන්න අවස්ථාවක් තිබුණේ නෑ. මොකද ඒ වෙනකොට අපේ පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 5 දක්වාම පිතිකරුවෝ ඉතාමත් හොඳින් දස්කම් පෙන්වමින් හිටියේ.

එහෙම වුණත් මට ලැබෙන හැම අවස්ථාවකදීම මම උපරිම ප්‍රයෝජන ගත්තා.
මුලින්ම මම 1999 ක්‍රීඩා කළාට පස්සේ මට වසර 3 ක් විතර ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ඒ වසර තුනත් ක්‍රීඩා කළා නම් මට (එක්දින) ලකුණු 14,000 ක් නැත්නම් 15,000 ක් විතර ලබාගන්න තිබුණා. මොකද ඊට පස්සෙ වුණත් 2003 ඉඳලා 2007 වෙනකම් ක්‍රීඩකයෙක් තුවාල වුණොත් තමා මට අවස්ථාවක් ලැබෙන්නෙ.

(2007 ලෝක කුසලාන තරගාවලියේදී ඩිල්ෂාන් ක්‍රීඩා කරන නමුත් එම තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන්නේ උපුල් තරංග සහ සනත් ජයසූරියයි. කණ්ඩායමේ සිටි අනෙක් ආරම්භක පිතිකරුවා වූ මාවන් අතපත්තුට 2007 ලෝක කුසලාන තරගාවලියේදී එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන්නේ උපුල් තරග (ලකුණු 298) සහ සනත් ජයසූරිය (ලකුණු 467) දෙදෙනාම සාර්ථක වීම හේතුවෙනි.)

2008 ඕස්ට්‍රේලියානු සංචාරයට මාව එක්කරගෙන ගියේ නෑ. එදා ෂේන් වෝන් කියලා තිබුණා ශ්‍රී ලංකාවේ ඉන්න පිතිකරුවන් අතුරින් වේග පන්දු යවන්නන්ට හොඳින්ම පහර දෙන පිතිකරුවා ඩිල්ෂාන්. එයා ඕස්ට්‍රේලියානු සංචාරයට නැතිවීම ඕස්ටේ්‍රලියානුවන්ට වාසියක් කියලා.

ෂේන් වෝන් කියන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු ඒ වගේ දෙයක් කීවාම මට හිතුණා මගේ ඇඟේ මීට වඩා දෙයක් තියෙනවා. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මට හිතුණා එක්කෝ මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙනවා. නැත්නම් ආරම්භක පිතිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කරනවා කියලා. ඒ ගැනත් මම ගෙදර අයත් එක්ක කතා කළා.


එතකොට නායකත්වයේ හිටියේ මහේල. මහේල ඒ වෙනකොටත් ඕස්ටේ්‍රලියාවේ හිටියේ. මම මහේලට දුරකතන ඇමතුමක් අරන් කිව්වා මින් ඉදිරියේදී මාව අංක 7 හෝ මැද පෙළ පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට තෝරන්න එපා. අදින් පස්සේ මාව තෝරනවා නම් ආරම්භක පිතිකරුවකු හැටියට විතරක් තෝරාගන්න කියලා.

 


ඒ වෙලාවේ මහේලගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?

මහේල මට එවේලේම කිව්වේ ‘ඩිලී’ ආරම්භක පිතිකරුවකු වෙන්න ඕනෙ නම් ඔයා ගිහින් දේශීය තරග වල ඉනිම ආරම්භ කරන්න කියලා. ඊට පස්සේ මම ගිහින් බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කරලා පළමු තරගයේදීම කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 190 ක් ලබාගත්තා. ඒ තරගාවලියේ හැම තරගයක්ම අපි (බ්ලූම්ෆීල්ඞ්) කණ්ඩායම ජයගත්තා. ඊට පස්සේ බංග්ලාදේශත් එක්ක තිබුණ ටෙස්ට් තරගාවලියකට මාව කැඳෙව්වා. පළමු වැනි ටෙස්ට් තරගයේදී (අංක 6 පිතිකරුවා වශයෙන් ඉනිම දෙකේදීම) ලකුණු 61 ක් ගත්තා. දෙවැනි ටෙස්ට් තරගයේදී (අංක 6 පිතිකරුවා වශයෙන්) ලකුණු 162 කුත් 143 ක් ගත්තා. ඊට පස්සේ මට පාකිස්තානයට යන්න වුණා එක්දින තරගාවලියක් සඳහා. නමුත් එදා තරගයේදීත් මම ක්‍රීඩා කරන 11 දෙනා අතර හිටියේ නෑ.


ඔබට මොනවාද හිතුණෙ ?

දෛවය කියන්නේ ඒක තමයි. මට අද වගේ මතකයි. කාසියේ වාසිය උරගා බලන්න විනාඩි 5 කට 10 කට උඩදි ආරම්භක පිතිකරුවාගෙ ඇඟිල්ලේ පන්දුවක් වැදිලා තුවාල වුණා. මහේල ඇවිදින් ඇහැව්වා ඉනිම ආරම්භ කරන්න පුළුවන්ද කියලා. මම හා කිව්වා.

මම ඉනිම ආරම්භ කළා. පළමු වැනි තරගයේදිම ලකුණු 40 ක් (කරච්චියේදී – ලකුණු 42 යි) ලබාගත්තා. දෙවැනි තරගයේදී ලකුණු 80 යි (කරච්චියේදීම – ලකුණු 76 යි සහ තරගයේ වීරයා) අන්තිම තරගයේදී ලකුණු 140 (ලාහෝරයේදී නොදැවී ලකුණු 137 යි – තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා) ක් ගහලා තරගාවලියේ වීරයා සම්මානයත් දිනාගත්තා. එදා ඉඳන් අද වෙනකම් මා ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා කරනවා. මා හිතනවා ඒ තීරණයත් ඉතාම නිවැරදි තීරණයක්.

මම තනිවම තීරණයක් ගන්නේ නෑ. මගේ බිරිඳගෙන්, මගේ දෙමාපියන්ගෙන්, මා ආශ්‍රය කරන අයගෙන් අහලා තමයි මම තීරණයක් ගන්නේ.

ඔබ වරින් වර කණ්ඩායම ඇතුළට ආවත් ආයෙත් හිටි ගමන් කණ්ඩායමෙන් හැළෙනවා.

2009 වෙනකම් ගොඩාක් ප්‍රශ්න තිබුණා. කණ්ඩායමට එනවා. ආයෙමත් කණ්ඩායමෙන් එළියට යනවා.

ආයෙමත් තරගාවලියකට එනවා. ආයෙමත් තරගාවලි දෙකකට නෑ. ආයෙමත් එනවා….ඇවිදින් තරග 2 ක් දිනන කම් බලා ඉන්න වෙනවා කණ්ඩායමේ 11 දෙනාට එකතු වෙන්න. නැත්නම් ක්‍රීඩකයෙක් තුවාල වෙනකම් බලා ඉන්න වෙනවා….මම හුඟක් වෙලාවට හිටියේ කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා විදිහට. (පන්දු රැකීමේ දක්‍ෂතාව නිසා) අතිරේක ක්‍රීඩකයා ලෙස හිටියත් කොයි වෙලාවේ හරි මැදට ගිහිල්ලා මොනවා හරි දෙයක් කරන්න තමයි හිතේ තිබුණේ. රට වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක මහ විශාල දෙයක්. මට ඒ ආශාව තිබුණා.

මාව කොයි තරම් කණ්ඩායමෙන් හැළුණත් මම කොයි වෙලාවකවත් මගේ සටන අතහැරියේ නෑ. මම අසාර්ථක වෙලා නොහිටියත් මම කණ්ඩායමෙන් එළියේ හිටපු වෙලාවල් තිබුණා. ඒත් මම සසල වුණේ නෑ. එක උදාහරණයක් මා කියන්නම්…

මා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වගේම නායකයාත් වෙලා හිටියා. එක පාරටම පුහුණුකරුවන් මාරු වුණා. පුහුණුකරුවන් මාරුවෙලා ආවම මට කිව්වා ඔයා දැන් නායකත්වයේ ඉන්න ඕන නෑ. ඔයා දැන් ලකුණු ගහන එක ගැන උනන්දු වෙන්න කියලා. ඉන්දියාවත් එක්ක තිබුණ දින හතරේ තරග (නිල නොවන ටෙස්ට් තරග) තුනේදිම මම නායකයා වුණත් එක්දින තරගාවලියෙදී මාව නායකත්වයෙන් ඉවත් කළා. ඊට පස්සෙ තිබුණෙ 2003 ලෝක කුසලාන තරගාවලිය

තේරීම් තියන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මාව ආයිමත් අංක 7 ට දැම්මා.  ඒ තරගයෙදී ලකුණු 40 ක් ලබාගත්තා. ඊළඟ තරගයෙදි අංක 8 පිතිකරුවා වුණා. මුහුණ දුන්නේ බෝල 10 කට විතරයි. ලකුණු 20 ක් ලබාගත්තා. ඒත් 2003 ලෝක කුසලාන තරගාවලියට යන්න බැරිවුණා.

ඒ වගේ ගොඩාක් පසුබෑම් සහ එක එක සිදුවීම් තිබුණා. ඒත් මම කවදාවත් ඒවායින් වැටුණේ නෑ. මම නිතරම උත්සාසහ කළේ හරි දේ කරන්නයි. මම ගමේ පොඩි ඉස්කෝලෙකින් ඇවිල්ල, කොළඹ ක්‍රීඩකයන් එක්ක කරට කර තරග කරල තමයි මේ තැන දිනාගත්තේ. මේ වෙනකොට ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයන් 10 දෙනා 11 දෙනා අතරට එන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඒ වෙනුවෙන් මම කළ පරිත්‍යාග සහ කැපවීම මේ සාර්ථකත්වය පිටිපස්සෙ තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම මාව දිරිමත් කළ දෙමාපියන් සහ බිරිඳත් මා වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී සිටියා.

එක්දින තරග වලදී ලකුණු 10,000 පසුකරලා ගිහින් තියෙන්නේ ක්‍රීඩකයන් 11 දෙනයි. ලංකාවෙන්ම 4 දෙනයි. ඒ හතර දෙනා අතරෙ මාත් ඉන්නවා. මේ හැල හැප්පීම් මැද්දෙ, ඒ හතර දෙනාගෙනුත් ඉක්මනින්ම ලකුණු 10,000 ගත්තෙ මම කියන එක ගැන ගොඩක් ආඩම්බරයි.


ඔබේ නායකත්වයේ සුවිශේෂී කඩයිමක් තමයි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් දිනාගන්නට ලැබීම. ඒ ගැන දැන් කොහොමද දකින්නේ ?
නායකත්වය දරපු කාලය ඇතුළත මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. කවුද මාත් එක්ක හිටියේ..අවංකවම මට සහයෝගය දුන්නේ කවුද?

මට උදව්වට හිටියේ කවුද කියන එක ගැන මම හොඳ වැටහීමක් ලබාගත්තා. ක්‍රිඩකයො විතරක් නෙමේ. පිටින් ආපු දේවල් එක්ක පවා මට කටයුතු කරන්න සිදුවුණා.

හැබැයි මම එක දෙයක් කළා ඒ අවුරුද්ද ඇතුළත. ඒ තමයි නවකයෝ 10 ක් 15 ක් විතර ගෙනාපු එක. ඒ නවකයො තමයි අද මේ තරග ජයග්‍රහණය කරන්නෙ. ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා සමහරුන්ට ඇයි මම මේ තරම් නවකයො ගේන්නෙ කියලා. මම නායකත්වයෙන් ඉවත් වෙන්න ඒකත් එක ප්‍රශ්නයක් වුණා.

නායකත්වයේ ඉන්නකොට වගකීමක් තියෙනවා. මම කවුරුහරි ක්‍රීඩකයෙක් කණ්ඩයමට ගේනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. ඒ කාලයේ මම ගත්ත තීරණ එක්ක ගොඩාක් හැල හැප්පීම් තිබුණා. ඒත් මම ඒ තීරණ වලම හිටියා. මොකද මමයි නායකයා. මම ඒ තීරණ ගත්තේ අනාගතය ගැන හිතලා. ඒ ගැන මට අද සන්තෝසයි. ඒ නවකයොත් එක්ක ගිහිල්ලා දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් දිනන්න හැකිවීම විශාල දෙයක්. ඒ වෙනකම් කිසිවකුට ඒ දේ කරන්න බැරිවෙලා තිබුණා.


එක්දින තරගාවලියත් දිනන්න තිබුණ නේද ?

එක්දින තරගාවලියත් දිනන්න තිබුණා. අවාසනාවට වැස්ස නිසා එක තරගයක් (බ්ලූම්ෆොන්ටයින්හිදී පැවැති තුන්වැනි එක්දින තරගය) ලකුණු 4 කින් පරාජය වුණා. අවසන් තරග දෙකම අපි ජයගත්තා. වැස්ස නොතිබුණා නම් 3-2 කින් එක්දින තරගාවලිය අපට දිනන්න තිබුණා. එච්චර හොඳට කරලත් ……

පළමු වැනි විස්සයි:20 තරගාවලිය ජයග්‍රහණය කළේ මගේ නායකත්වය යටතේ 2-0 කින්. ඒ ඕස්ටේ්‍රලියාවට එරෙහිව. ඒ වෙනකම් අපි විස්සයි:20 තරගාවලියක් දිනල තිබුණෙ නෑ. ඒ අවුරුද්ද තුළ ලැබූ ජයග්‍රහණ ගොඩාක් තිබුණා. නමුත් ගොඩක් අයට ඒක ඒ තරමටම දැනුණෙ නෑ.  

සනත් ජයසූරියට හරියට සමුගැනීමේ තරගයක් වත් දීලා තිබුණෙ නෑ. ඒත් මම නායකත්වය දරපු කාලෙදි සනත් අයියට එංගලන්තයට එන්න කියලා සමුගැනීමේ තරගයක් දුන්න. ඒ ගැනත් එක එක අය එක්ක මත ගැටුම් තිබුණත් මම කළේ හරි දේ කියලා මට හිතෙනවා. අද මට ඒ ගැන සන්තෝස වෙන්න පුළුවන්.

මම නායකත්වය බාර ගනිද්දි ගොඩක් ක්‍රීඩකයන් විවධ ආබාධ වලට ලක්වෙලා තිබුණා. නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්ට පාදයේ ආබාධයක් නිසා ඒ අවුරුද්ද පුරාම ඔහුට පන්දු යවන්න බැරිවුණා. ඒ නිසා මම සෑහෙන අමාරුවෙන් තමයි ඒ ගමන ගියේ…එක්දින තරගයකදි මට යොදාගන්න පුළුවන් වුණේ පිතිකරුවන් 6 දෙනයි. අපට හරි හමන් තුන් ඉරියව් ක්‍රීඩකයකු හිටපු නැති නිසා පන්දු යවන්නන් පස් දෙනෙක්ම යොදාගන්න සිද්ධ වුණා.

ඇන්ජලෝට ඒ අවුරුද්ද පුරාම පාදයේ ආබාධය තිබුණ එක මගෙත් අවාසනාව වෙන්න ඇති.
(මෙම ආබාධය උත්සන්න වුවහොත් පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට එකතු කළ හැකි ලකුණු සංඛ්‍යාවත් අහිමි වන බැවින් ඇන්ජලෝ මැතිව්ස් තවමත් පන්දු යවන්නේ ඉතාමත් ඉතාමත් පරෙස්සමිනි. වර්තමානයේ වුවද එක්දින තරගයකදී මැතිව්ස්ගේ පන්දු යැවීම ඕවර 5 කට 6 කට සීමාවී පවතී.)

හැබැයි මම ඉතාමත් සන්තෝස වෙනවා මම කරපු දේවල් දිහා බලලා. මම ගෙනාපු ක්‍රීඩකයන් දැන් දස්කම් දක්වමින් සිටිනවා. ඒ ගොල්ලන් දැන් තමන්ගේ මවුබිම වෙනුවෙන් තරග දිනවලා දෙනවා.
 

කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු නැත්නම් ළහිරු කුමාර වගේ ඉතාම ස්වල්ප දෙනෙක් හැරෙන්න අපේ ක්‍රීඩකයන් වැඩි දෙනෙක් ජාතික කණ්ඩායමට එන්නේ ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කරාට පස්සෙයි. ක්‍රීඩා සමාජ මට්ටමේදි ක්‍රීඩකයන්ගේ විවේකාගාරයයි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයයි අතර වෙනස කොයි වගේද ?

මම හිතනන්නෙ එතන අති විශාල පරතරයක් තියෙනවා. මම ගොඩාක් ක්‍රීඩා සමාජ වලට සෙල්ලම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි නිවැරදි පුහුණුකරුවන් ඒ තැන්වල යොදාගන්න ඕන කියල මට හිතෙනවා.

පොතටම සීමා වෙච්ච පුහුණුකරුවන්ට වඩා ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික දැනීමක් තියෙන පුහුණුකරුවන් ඉන්නවා නම් වඩාත් හොඳයි. තරගයකට ඉස්සරවෙලා කණ්ඩායමක් සූදානම් කරන්නෙ කොහොමද, තරගය යද්දි ක්‍රීඩකයන්ගේ විවේකාගාරය හසුරුවාගන්නෙ කොහොමද කියල ඒ අය දන්නවා. ඒත් පොතේ තියෙන ටික එක පාරටම කණ්ඩායම ඇතුළට ගේන්න බෑ.

ක්‍රීඩකයන්ගේ කාමරයේ වටාපිටාව හදන්න පුළුවන් පුහුණුකරුවකුට විතරයි. ජාතික කණ්ඩායමට ආවාම ගොඩාක් දේවල් වෙනස් කරන්න බෑ. එතැනදී ඉතාම සුළු සුළු දේවල් විතරයි වෙනස් කරන්න පුළුවන්. නමුත් තරගාවලියකට ඉස්සරවෙලා පුහුණුවීම් කරන්නේ කොහොමද, කණ්ඩායමක් එකට තියාගන්නේ කොහොමද, තරගයට සූදානම් වෙන්නේ කොහොමද කියන ඒවා තමයි වැදගත් වෙන්නේ.

ඒ ගැන අපේ ක්‍රීඩා සමාජ මට්ටමේ සිටින පුහුණුකරුවන් දැනුවත් කරන්න ඕනෑ. ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයො දෙන්න තුන්දෙනා ඇවිල්ල ඒ ගොල්ලන් දන්න දේ කරල යනවා මිසක් ක්‍රීඩා සමාජ මට්ටමේදී ඊට වඩා දෙයක් කෙරෙන්නේ නෑ. ක්‍රීඩා සමාජ ඇතුළට මේ පණිවුඩය ගෙනියන්න මීට වඩා වෘත්තීමය ම්ට්ටමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ.

එහෙම වුණොත් අපට මීට වඩා දක්‍ෂ ක්‍රීඩකයන් හොයාගන්න පුළුවන්. සමහර ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා තියෙනවා. නමුත් ඒවා එළියට දාගන්න පුළුවන් අය ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. අපි හරියට ඒවා හොයාගෙන යන්න ඕන. සමහර ක්‍රීඩකයන්ට තියෙන්නේ පහර දෙකයි, තුනයි නැත්නම් හතරයි. ඔවුන් ඒවාට හුරු වෙලා ඉන්නවා.

ඒත් ඒ වගේ ක්‍රීඩකයන්ගෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඒවා වෙනස් කරන්න යන්න නරකයි.
අපේ රටේ බිහිවන ක්‍රීඩකයන් ටිකක් වෙනස්. සමහර අයගේ තාක්‍ෂණය කියන එක ඇත්තෙම නෑ. නමුත් ඔවුන් ක්‍රීඩකයන් වශයෙන් ගත්තාම තාක්‍ෂණය පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයන්ට වඩා ඉතාමත් හොඳයි. ඒ වගේ වෙලාවල ඔවුන්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද, ඔවුන්ව නිවැරදි කරමින් කොයි තරම් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියන එක ගැන පුහුණුකරුවන්ට හොඳ වැටහීමක් තියෙන්න ඕන.  

මේවා වෙනස් කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නැතිවෙච්ච ක්‍රීඩකයනුත් ඉන්නවා. අපි ලසිත් මාලිංගට ඒ දේ කළා නම් අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. ඒ නිසා ක්‍රීඩා සමාජ මට්ටමේදී හරි දැනුමක් තියෙන අය පිටිපස්සේ ඉඳගෙන ඒ දේවල් දිහා බලන්න ඕන.


ඔබේ අවුරුදු 30 ක ක්‍රිකට් ජීවිතයෙදිත්, ජාතික කණ්ඩායමත් එක්ක හිටපු අවුරුදු 17 ක කාලයෙදිත් ගෙවා ගන්න වඩාත්ම අසීරු කාලය මොකක්ද ?

නායකත්වය දරපු කාලෙදි වෙච්ච සිදුවීම් තමයි වැඩිහරියක්ම තියෙන්නේ. 1999 පළමු වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරපු එක ලේසියි මම නායකත්වයේ හිටපු කාලෙදි මුහුණ දුන්න සිදුවීම් එක්ක බලද්දි. සමහර දවස වලට මට ගෙදර ගිහින් නිදාගන්න බැරි තරම් ප්‍රශ්න ආවා. හැබැයි ඒ අවුරුද්ද තුළ මම දෙයක් ඉගෙන ගත්තා. මා හිතන්නේ ඒ අවුරුද්ද තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ අමාරුම කාලය.


ඔබේ ක්‍රිකට් දිවියේ වැඩියෙන්ම සතුටු වුණ දවස මොකක්ද ?

2014 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් දවසයි 1999 දී මට ටෙස්ට් හිස්වැස්ම ලැබුණ දවසයි. මගේ මුල්ම ටෙස්ට් හිස්වැස්ම මට දුන්නේ සනත් අයියා. ඒ වෙනකොට පුහණුකරු වුණේ ඩැව් වට්මෝර්.

මට ටෙස්ට් හිස්වැස්ම ගොඩක් වටින්නේ මම ගොඩාක් දුක් අමාරුකම් මැද්දේ තමයි මේ ගමන ආවේ. අපට කළුතර විද්‍යාලයේ පහසුකම් මහ ගොඩාක් තිබුණේ නෑ. අපි අලුත් බෝලයක් ගත්තේ සුමාන දෙකකට සැරයක්. ඒකත් ගෙදරින් කෑමට දෙන සල්ලි වලින් රුපියල් දහය දහය එකතු කරලා, ක්‍රීඩකයන් 15 දෙනාගෙන් රුපියල් 150 ක් හදාගෙන තමයි අපි සුමාන දෙකකට සැරයක් අලුත් බෝලයක් ගත්තේ.

ඒ වගේ දුෂ්කර ගමනක් ඇවිල්ල තමයි ජාතික කණ්ඩායමේ නායකයා වෙලා, ලෝකයේ වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකරුවන් 11 දෙනා අතරට ඇවිල්ල, අන්තිම අවුරුදු 5 ලෝකයේ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත ලයිස්තුවේ 4 හෝ 5 වැනි ස්ථාන වලට ඇවිල්ලා, අවුරුදු තුනකදීම ලෝක කණ්ඩායමටත් තේරුණේ. ඒ දිහා අපසු හැරිලා බලද්දි පුදුම සතුටක් දැනෙනවා. ගොඩාක් අයට තිබුණ දේ මට තිබුණෙ නෑ. මම පොඩි පවුලකින්, පොඩි ඉස්කෝලෙකින් ආවේ. ඒත් මම වැටුණෙ නෑ.


2009 ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ගිය බස්රථයට ත්‍රස්තවාදීන් වෙඩි තියපු වෙලාවේ රියදුරුටත් මඟ පෙන්වන්නා වෙමින් ගඩාෆි ක්‍රීඩාංගණයට බසය රැගෙන ඒමට උපදෙස් දුන්නේ ඔබයි. ඔබ ඒ අවස්ථාවේ ක්‍රියා කළ අකාරය නිසා කණ්ඩයමේ සියලු දෙනාගේ ජීවිත බේරුණ බව සැමදෙනාගේම මතය වුණා. ඒ අවස්ථාව ගැන මඳක් විස්තර කරන්න පුළුවන්ද ?

ඒ වෙඩි සද්දේ ඇහෙන කොට අපි මුලින්ම හිතුවේ රතිඤ්ඤා පුපුරන හඬ කියලයි. ඒ එක්කම වගේ අපට ඉදිරියෙන් ආපු කාර් එකකින් කට්ටියක් බැහැල අපේ බස් එකට වෙඩි තිබ්බා. එතකොම මම කෑගැහැව්වා මේ අපට තමයි වෙඩි තියන්නේ කියලා.

ඒ ආපු වෙඩි උණ්ඩ සේරම බසයේ ඉදිරිපස වීදුරුව (වින්ඞ්ස්ක්‍රීනය) හරහායි ආවේ. ක්‍රීඩකයන්ගෙන් මම තමයි ඉස්සරහම හිටියේ. ඒත් වාසනාවට මගේ ඉස්සරහින් කෝපි හදන යන්ත්‍රය තිබුණා. මම හිටියේ රියදුරුට පිටුපස අසුනේ. මම අතේ තිබුණ බෑග් එකත් වීදුරුව පැත්තට තියාගත්තා.

බසයේ රියදුරුත් කිසිදෙයක් හිතාගන්න බැරිව කම්පනයට පත්වෙලායි හිටියේ. ඒත් යං යං කියලා මම එයාට කෑගැහැව්වාම ඒ කෑගැහැල්ලත් එක්ක එයා පියවි සිහියට ආවා මංහිතන්නේ. ඒ එක්කම එයා බස්රිය ධාවනය කරන්න ගත්තා.

මට එහා පැත්තේ හිටියේ බ්‍රෙන්ඩන් (කළමණාකරු – බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා) අයියා. ඒ එක්කම මට ඇහෙනවා එක එක්කෙනාගෙ කෑගැහිල්ල..මට වැදුණා…මට වැදුණා කියන සද්දෙ විතරයි ඇහුණෙ. ඊට පස්සෙ කතාවක් නෑ බස් එකේම. අපි එතන හිටියනම් අපේ කාගෙ හරි ජීවිත නැතිවෙන්න තිබුණා. මොකද එතන කාර් දෙකකින් ආපු පිරිසක් තමයි වෙඩි තියාගෙන ගියේ.

අපිත් මුලින් හිතුවේ ඒ දෙගොල්ලන්ගේ ප්‍රශ්නයක් කියලා. ඒත් එක්කෙනෙක් බෑග් එකකුත් එල්ලගෙන බැහැලා කෙළින්ම බස්එකට වෙඩිතියන්න පටන් ගත්තා. පස්සේ මම ඩ්‍රයිව් ඩ්‍රයිව් කියලා කෑගැහැව්වා. වෙනදට බස් එක දෙපැත්තෙන් වාහන දෙකක් එනවා. ගේට්ටුවත් පටුයි. ඒවා මොනවත් බැලුවේ නෑ. ගේට්ටුවත් හප්පගෙන තමයි බස්එක ඇතුළට දැම්මේ.


පිට්ටනියට ගියාට පස්සේ මොකද වුණේ ?

පිට්ටනියට ගියාට පස්සේ තමයි ඇත්ත තත්ත්වය දන්නේ. අපේ අයට වෙඩි වැදිලා. තිලාන්ගෙන් ලේ යනවා. ඒ අතරේ අපේ කාමරයට නොදන්න අයත් සෑහෙන්න එන්න ගත්තා. මම ඒ වෙලාවේ ආරක්‍ෂක නිලධාරීන්ටත් කෑ ගහලා සේරමලාව එළියට දැම්මා. මොකද තුවාල වෙච්ච අයට බේත් දානවද?, කවුරු පිටින් එනවද කිසිදෙයක් හොයාගන්න බෑ.

පස්සේ සේරමලා එළියට දාලා, දෙපැත්තෙන්ම දොරවල් වහල, පොලිසියෙන් ගෙන්නලා තමයි තත්ත්වය පාලනය කරගත්තේ.

අපට වෛද්‍යවරයෙක්වත් ආවෙ නෑ පැය බාගයක් විතර යනකම්….. මායි මහේලයි පොලිසියේ අයට කෑගහලා කිව්වේ අපේ එක ක්‍රීඩකයෙක්වත් මෙතැනින් එළියට ගෙනියන්න දෙන්නේ නෑ. ගිලන් රථ එපා. වෛද්‍යවරුන් මෙතැනට ගෙන්නලා ප්‍රතිකාර කරන්න කියලයි අපි කිව්වේ. ඒත් අපි තිලාන්ව ඉක්මනටම රෝහල්ගත කළා. එයාට තමයි දරුණුවටම වෙඩි වැදිලා තිබුණේ. කාමරයට යද්දි අපේ සහාය පුහුණුකරුගේ (පෝල් ෆාබ්‍රේස් මහතා) අතේ වෙඩි උණ්ඩය එහෙමම තිබුණා.

ඒ අතරේ මට බිරිඳයි දුවයි මතක් වුණා. ඒ අය හිටියේ හෝටලයේ. දුවට එතකොට මාස තුනයි. මම ඉක්මනටම එයාට දුරකතනයෙක් කතා කරලා කිව්වා කිසිම කෙනෙක් එක්ක එළියට එන්න එපා. මම මගේ පරිවාර නිලධාරියා එවනවා. එයත් එක්ක මිස එළියට එන්න එපා. එතකන් ඇඳුම් අහුරාගන්න කියලා මම එයාට කිව්වා.
ඒ වෙනකොටත් පල්ලෙහාට එක්කෙනෙක් ඇවිත් එයාට කියලා ඕගොල්ලන්ගේ හස්බන්ඞ්ලාට වෙඩි තියනවා. ඕගොල්ලන්ව පිට්ටනියට එක්කරගෙන යන්නම් කියලා. හොඳ වෙලාවට මම එවේලේම බිරිඳට දුරකතන ඇමතුමක් දුන්න. එහෙම නොවුණා නම්, එයාළව එළියට අරන් ගියා නම්, නැත්නම් එයා කලබල වෙලා එළියට ආවා නම් මොකෙන් මොකක් වේද කියල හිතාගන්න බෑ.

ඒ අත්දැකීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය සහ අනාගතය ගැන ඔබ දකින්නේ කොහොමද ?

අපට ඉතාම හොඳ තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. මා මේ දැන් ටිකකට කලින් තමයි ළහිරු කුමාරට පළමු වරට මුහුණ දුන්නේ. ඔහු ඉතාම හොඳ පන්දු යවන්නෙක්. හොඳ වේගයක් වගේම දෝලනයකුත් තියෙනවා. ඒ වගේ ක්‍රීඩකයන්ව අපි ආරක්‍ෂා කරගත යුතුයි. ඔවුන්ට හරි මාර්ගය පෙන්වා දිය යුතුයි.

අපේ ඉදිරි ගමන හොඳයි. ක්‍රිකට් ආයතනයේ වර්තමාන නියමුවා ඉතාමත් හොඳයි. ඔහුට හොඳ දැක්මක් වගේම දුර දකින ඥාණයක් තියෙනවා. ඔහුට අදහසක් තියෙනවා කොහෙටද මේ ගොල්ලන් ගෙනියන්න ඕන කියලා. ඒ නිසා මා හිතනවා තිලංග සුමතිපාල මහත්මයත් එක්ක මේ ක්‍රීඩාව ගොඩක් දුර ගෙනියන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි උප සභාපති වරුන් දෙදෙනාත් ඉතාම හොඳයි.

ජයන්ත ධර්මදාස මහත්මයා මටත් පියෙක් වගේ වෙච්ච අවස්ථා තියෙනවා. එයාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මටත් ප්‍රශ්න ආ වෙලාවෙ ඔහුව හමුවෙලා ඒ ප්‍රශ්න කතාකරලා ඒවා විසඳගත්තා. ඒ වගේ ඕනම ක්‍රීඩකයකුට ඒ අය හම්බවෙලා ඕන දෙයක් කියන්න පුළුවන්. මා හිතන්නේ ඒ තත්ත්වය නවකයන්ට ලොකු ශක්තියක් වේවි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන දක්‍ෂතා ඔබ දකින්නේ කොහොමද ?

මා ඉතාමත් සතුටු වෙච්ච දෙයක් තමයි ඕස්ටේ්‍රලියාවත් එක්ක පැවැති ටෙස්ට් තරගාවලිය ජයගත්ත එක. ඒ තරගාවලියට ඉස්සරවෙලා කියලා තිබුණෙ අපි දෙවැනි පෙළ කණ්ඩායමක් වගේ කියලනෙ. නමුත්  ශ්‍රී ලංකාව කියන්නේ කොයි තරම් ඉක්මනින් නැඟිටින්න පුළුවන් කණ්ඩායමක්ද කියන එක අපි පෙන්නුවා.


අපට කවදාවත් ක්‍රීඩකයන් හිඟ නොවෙන්නේ අපේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රිඩාවේ තියෙන ශක්තිමත් සැලැස්ම නිසයි. ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද ?

පාසලෙන් තමයි අපි හැමෝම එළියට එන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් අපව හඳුනා ගන්නේ පාසලේදීමයි. ඒ නිසා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි මීට වඩා ටිකක් උනන්දු විය යුතුයි.

මට හිතෙන විදිහට කොළඹින් පිට පාසල් වලට මීට වඩා පහසුකම් සදිය යුතුයි. ඒ වගේම අපට පුළුවන් නම් මාසෙකට සැරයක් වත් දවස් දෙක තුනක් අපේ ජාතික කණ්ඩායමේ ඉන්න පුහුණුකරුවන්ගෙන් කෙනෙක් දෙන්නෙක් යවලා, ඒ පාසල් වල ඉන්න පුහුණුකරුවන් එක්ක වැඩ කරන්න පුළුවන්නම් ඒ පුහුණුකරුවොත් දෙයක් ඉගෙන ගන්නවා. ක්‍රීඩකයනුත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා.

අපි ඉස්කොලෙට සෙල්ලම් කරන කාලෙ ‘හැම්ස්ටි්‍රං ඉන්ජරි’ (කලව පසුපස මස්පිඬුවේ ඇතිවන ආබාධයක්) කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ. සමහර වෙලාවට ඒක එහෙමම තියාගෙන තරග වලට යනවා. අයිස් තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නෑ.

අද වුණත් වයස 17 න් පහළ නැත්නම් 19 න් පහළ ජාතික කණ්ඩායමට ආවම තමයි දන්නේ ව්‍යායාම ශාලාවකට යන්න ඕනේ, ශක්ති වර්ධක ව්‍යායාම වගේම බර ආශ්‍රිත ව්‍යායාම කරන්න ඕනේ කියන එක. කන බොන රටාව ගැන විතරක් නෙමේ නිදාගන්නා රටාව පවා අපි අගෙන ගනනේ එතනින්. මම ජාතික කණ්ඩායමට එනකම් මම දැනගෙන හිටියේ නෑ මොනවද කළ යුත්තේ කියල.

තවමත් කොළඹ ඉස්කෝල වල තිබ්බට කොළඹින් පිට ඉස්කෝල වලට ඒ දැනුම නැහැ. ඒත් ඒ ගැන පාසල් ක්‍රීඩකයන්ට හරිහමන් දැනුමක් තියෙන්න ඕනෙ. අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවො, නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයො කළුතරට, ගාල්ලට, මාතරට, නුවරට, කුරුණෑගලට යවලා ඒ දැනුම දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ජාතික කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයක් ඉගෙන ගත්තු දේවලින් සියයට 5 ක් ඒ වගේ ප්‍රදේශයක ඉන්න ක්‍රීඩකයකුට දෙන්න පුළුවන් නම් ඒ ක්‍රීඩකයන්ට ඉස්සරහට එන්න පුළුවන්.

සමහර පාසල් තියෙනවා ඔහේ යනවා. පුහුණුකරුවෙක්වත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාව බාර ගුරුමහතා තමයි පුහුණුකරවන්නෙත්. ඒකත් ඒ මනුස්සයාගේ තියෙන පෞද්ගලික උනන්දුව හින්දා. එහෙම තත්ත්වයත් තිබිලත් වාසනාවට වගේ අපට ක්‍රීඩකයන් එළියට එනවා. ඒත් මීට වඩා පාසල් ක්‍රිකට් ගැන උනන්දුවක් ගත්තොත් අපේ කණ්ඩායම මීට වඩා හොඳට හදාගන්න පුළුවන්.

උදාහරණයක් වශයෙන් අපේ පාසලෙන් (කළුතර විද්‍යාලයෙන්) ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් හතර දෙනෙක් බිහිවෙලා තියෙනවා. ඒත් තවමත් තණතිල්ලක් නෑ. වාසනාවට වගේ ‘සරේ විලේජ්’ ක්‍රීඩාංගණයේ අපේ ළමයි පුහුණුවීම් කරනවා


ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පස්සේ ඔබේ ජීවිතය සැලසුම් කරලා තියෙන්නේ මොන ආකාරයෙන්ද ?

දැනට නම් මගේ මූලික අරමුණ ගෙදර අයත් දරුවනුත් එක්ක කාලය ගතකරන එක. මගේ ක්‍රිකට් ජීවිතය නිසා ඒ ගොල්ලත් අවුරුදු 10 ක් 15 ක් ලෙකු කැපකිරීමක් කළා. ඒ ගොල්ලන් එක්ක යන්න තිබුණ තැන්, ඒ ගොල්ලන්ගේ විශේෂ අවස්ථා ඒ ගොල්ලන් එක්ක ඉන්න තිබුණ කාලය මගෙන් ගොඩක් මඟහැරුණා.

මගේ පුතා හම්බවෙනකොට මම එංගලන්ත. කණ්ඩායමේ නායකයා. මට එන්න විදිහක් නෑ. මම පුතාව දැක්කෙ මාස තුනකට පස්සෙ. මගේ බිරිඳත් දරුවනුත් ගොඩක් කැපකිරීම් කළා. ඒ ගොල්ලන් වෙනුවෙන් කාලය ගතකරන්න තමයි මගේ බලාපොරොත්තුව.

බිරිඳ වුණත් එයාගේ ගොඩක් දේවල් කැපකරලා මට උපරිම තැනට යන්න සහයෝගය දුන්නා. මම බඳින කොටත් එයා ඉතාම ජනප්‍රිය නිළියක්. ඒ වෙනකොටත් ටෙලි නාට්‍ය ගිවිසුම් 20 ක් විතර අත්සන් කරලා තිබුණෙ.
පස්සෙ එයා කතාකරලා මා වෙනුවෙන් ඒවයින් ඉවත් වුණා. මම තවමත් කිසිම ලීග් ක්‍රිකට් තරගාවලියකට අත්සන් කරලා නෑ. ගෙදර අයත් එක්ක කාලය ගතකරමින් ආරම්භ කළ ව්‍යාපාර දිගටම කරගෙන යන්නයි අදහස


කතාවක් තියෙනවා ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සූදානම් වෙනවයි කියලා. ඒක ඇත්තද ?

නෑ. ඒක වැරදි කතාවක්. මට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තියෙනවා තමයි. ඒත් මම එහෙ යන්න බලාපොරොත්තුවක් නෑ. මගේ එකම බලාපොරොත්තුව මගේ ලොකු දුවගේ ක්‍රීඩා පහසුකම් දියුණු කරන්නයි. එයාගේ විශාල ආශාවක් තියෙනවා ක්‍රීඩාවට. එයාට තවම අවුරුදු 7 යි. ඒත් එයා අවුරුදු 9 අයත් එක්ක තරග කරනවා.

එයා කැමති කෙටිදුර දුවන්න. ඉතින් මම හිතුවා එයා වෙනුවෙන් දෙයක් කරන්න. ඒත් ඒ අංශයෙන් ලංකාවේ එච්චර දියුණුවක් නැති නිසා මම නිකමට යාළුවෙකුට කිව්වා ‘මෙයාව පුහුණු කරන්න මම ඕස්ටේ්‍රලියාවට යන්න හිතන් ඉන්නේ’ කියලා. ඔය කතාව තමයි ඔය දුරදිග ගිහින් තියෙන්නේ.

මට ඕනේ මෙගේ දරුවො තුන්දෙනාගෙනුත් රටට වැඩක් කරන්න. ඔවුන්ට නිවැරදි බුද්ධිය දිලා, හරි පාර කියා දීල, ඔවුන්ව සමාජයට දෙන්න. මගේ මව්බිමට මම ආදරෙයි. මගේ මව්බිම දාලා මම කොහේවත් යන්නේ නෑ.

ඡායාරූප : ඉෂාර එස්. කොඩිකාර (ඒ. එෆ්. පී.)

ඕස්ට්‍රේලියානුවෝ ඉදිරියට පනිති


ඕවර 10 ක් නිමා වීමටත් මත්තෙන් ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට ගියද සටන අත් නොහළ ඕස්ට්‍රේලියානුවෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 2 ක තියුණු ජයක් අත්කරගනිමින් 2-1 ක් ලෙස තරගාවලියේ ඉදිරියට පැනගත්හ.

ලකුණු 227 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 46 කදී කඩුලු 8 ක් දැවී සිය ඉලක්කය කරා අවතීර්ණ විය.


ලකුණු 44 කට කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් ට්‍රැවිස් හෙඞ් (36) සහ මැතිව් වේඞ් (42) දෙදෙනා ගොඩනැංවූ සම්බන්ධතා මතින් ශක්තිමත් වූ ඕස්ට්‍රේලියානු ඉනිමේ කොඳුනාරටිය ලෙසින් ජෝර්ජ් බේලිගේ (70) ඉනිම දිස්විය. විනාඩි 142 ක් පුරා කඩුල්ලේ රැඳෙමින් පන්දු 99 කට මුහුණ දුන් බේලි හතරේ පහර 5 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.

ශ්‍රී ලංකාව 
ධනුෂ්ක ගුණතිලක – ප. ස්ටාක්  5
තිලකරත්න ඩිල්ෂාන් – ඇ. බේලි ප. සම්පා    42
කුසල් මෙන්ඩිස් – ඇ. වෝනර් ප. හේසල්වුඩ්  4
දිනේෂ් චන්දිමාල් – ඇ. සම්පා ප. ෆෝක්නර් 102
ඇන්ජලෝ මැතිව්ස් – ක.මු.කළා ප. සම්පා   2
ධනංජය ද සිල්වා – ඇ. මාෂ් ප. ෆෝක්නර්   12
කුසල් ජනිත් පෙරේරා – ප. ස්ටාක්   11
තිසර පෙරේරා – ඇ. මාෂ් ප. හාස්ටිංග්ස්  9
සීකුගේ ප්‍රසන්න – ඇ. බේලි ප. සම්පා  3
ඩිල්රුවන් පෙරේරා –  ඇ. වෝනර් ප. හාස්ටිංග්ස් 17
අමිල අපෝන්සු – නොදැවී  1
අතිරේක (ව-8, පා-10) 18
එකතුව ඕවර 49.2 කදී සියලු දෙනා දැවී    226
කඩුලු වැටීම 
1-6 (ගුණතිලක), 2-23 (මෙන්ඩිස්), 3-96 (ඩිල්ෂාන්), 4-103 (මැතිව්ස්), 5-133 (ධනංජය), 6-154 (කුසල්), 7-165 (තිසර), 8-178 (ප්‍රසන්න), 9-217 (ඩිල්රුවන්), 10-226 (චන්දිමාල්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 10-0-42-2 ව-3
ජොෂ් හේසල්වුඩ්  10-0-51-1 ව-1
ජෝන් හාස්ටිංග්ස් 10-1-41-2 ව-2
ජේම්ස් ෆොක්නර්  9.2-0-44-2 ව-2
ඇඩම් සම්පා 10-0-38-3  
ඕස්ට්‍රේලියාව
ඬේවිඞ් වෝනර් – ඇ. ඩිල්ෂාන් ප. මැතිව්ස් 10
ඒරන් ෆින්ච් – ක.මු.කළා ප. අපෝන්සු  30
ෂෝන් මාෂ් – ඇ. චන්දිමාල් ප. මැතිව්ස්   1
ජෝර්ජ් බේලි –  ප. ප්‍රසන්න  70
ට්‍රැවිස් හෙඩ් – ප. ඩිල්රුවන්    36
මැතිව් වේඩ් – ස්ට. කුසල් ප. ඩිල්රුවන්   42
ජේම්ස් ෆෝක්නර් – ඇ. ඩිල්රුවන් ප. අපෝන්සු   4
ජෝන් හාස්ටිංග්ස් – නොදැවී  5
මිචෙල් ස්ටාක් – ඇ. ප්‍රසන්න ප. ධනංජය  12
ඇඩම් සම්පා – නොදැවී  4
අතිරේක (ව-6, පා-6) 12
එකතුව ඕවර 46 කදී කඩුලු 8ක්  දැවී     227
කඩුලු වැටීම 
1-31 (වෝනර්), 2-42 (ෆින්ච්), 3-44 (මාෂ්), 4-106 (හෙඩ්), 5-187 (වේඩ්), 6-204 (බේලි), 7-206 (ෆෝක්නර්), 8-222 (ස්ටාක්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ජොෂ් හේසල්වුඩ් 
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 7-0-30-2  
තිසර පෙරේරා   2-0-18-0 ව-2
අමිල අපෝන්සු  10-0-44-2 ව-1
ඩිල්රුවන් පෙරේරා  10-0-45-2 ව-1
තිලකරත්න ඩිල්ෂාන්  4-0-24-0  
සීකුගේ ප්‍රසන්න  9-0-39-1 ව-2
ධනංජය ද සිල්වා  4-0-21-1  

දඟ පන්දු යවන්නන්ගෙන් කණ්ඩායම පුරවාගත් ඇන්ජලෝ මැතිව්ස් ආරම්භක පන්දු යවන්නාගේ රාජකාරිය බාරගනිමින් ඬේවිඞ් වෝනර් සහ ෂෝන් මාෂ් පිටියෙන් ඉවත් කළේය. ඒරන් ෆින්ච්ද ලකුණු 30 කට පිටියෙන් ඉවත් වූ නමුත් ජෝර්ජ් බේලි, ට්‍රැවිස් හෙඞ් සහ මැතිව් වේඞ් ඕස්ටේ්‍රලියානු පිල ඉදිරියට තල්ලු කරගෙන ගියහ.
බේලිගේ දැවී යාමෙන් ඕවර 3 ක් ඇතුළතදී තවත් කඩුලු 2 ක් බිඳ වැටීම නිසා ලකුණු පුවරුව කඩුලු 8 කට 222 ක් සේ දිස්වූ නමුත් ඇඩම් සම්පා සහ ජෝන් හේස්ටිංග්ස් තරගය අවසන් කළහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් ධනුෂ්ක ගුණතිලක පළමු ඕවරයේදීම දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉනිමට ලැබුණේ භයංකාර ආරම්භයකි. කුසල් මෙන්ඩිස්ද වේලාසනින් දැවී ගිය නමුත් චන්දිමාල් සමග එක්වූ තිලකරත්න ඩිල්ෂාන් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් එක්කළේය.

තිලකරත්න ඩිල්ෂාන් සිය අවසන් එක්දින ඉනිම ලකුණු 42 කට සීමාකර ගනිද්දී කණ්ඩායමේ බර කරට ගත් දිනේෂ් චන්දිමාල් තරගයේ අවසන් ඕවර කිහිපයේදී අවසන් පිතිකරුවා සමග පිටියේ තනිවී සිටියේය. නිදහසේ ලකුණු කරා යාමේ තමන්ට සුපුරුදු චරිතය අතහැර දමමින් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලකුණු රැස්කිරීමේ අභියෝගයට තනිවම මුහුණ දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 102 ක් ලබාගනිමින් ලකුණු 226 ක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියේය.

සිය සිවුවැනි එක්දින ශතකය වෙනුවෙන් පන්දු 128 කට මුහුණ දුන් චන්දිමාල් හතරේ පහර 7 ක් ඊට ඇතුළත් කර තිබිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ උපනායකයාගේ අවසන් එක්දින ඉනිම 7 න් හයකදීම අර්ධ ශතක 6 ක් වාර්තා වී තිබිණ.  

ඇඩම් සම්පාගේ පන්දුවක් පිත්තටම ලබාගත් ඩිල්ෂාන් මිඞ් ඕන් කලාපයට ඉහළින් පන්දුව යැවීමට උත්සාහ කළද ගුවනට පැනගත් ජෝර්ජ් බේලි උඩපන්දුව ඩැහැගත්තේය. සිය අවසන් එක්දින ඉනිමේදී පන්දු 65 කට මුහුණ දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා නරඹන්නන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ පන්දු 5 ක් හතරේ සීමාවට යැවූයේය.

ඩිල්ෂාන් දවාගැනීමත් සමගම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය පාලනය කළ ඕස්ටේ්‍රලියානු පිලෙ 23 වැනි එක්දින නායකයා වන ඬේවිඞ් වෝනර් අවසන් ඕවර 30 දී ශ්‍රී ලංකා පිල ලකුණු 124 කට සීමා කළේය. පිටියේ ක්‍රීඩකයන් රැඳවීම අතින් විශාල වෙනස්කම් කළ වෝනර් ශ්‍රී ලංකා පිතිකරුවන් තනි ලකුණු කරා යාම සීමා කිරීමට සමත් විය.

ඩිල්ෂාන් පිටියේ රැඳී සිටියදී ලකුණු 5 කට ආසන්න වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ නමුත් 19 ඕවරයේ අවසන් පන්දුවේදී ඩිල්ෂාන් දැවී යාමෙන් පසුව යැවුණු ඕවර 6 දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 18 ක් පමණි. එතැන් සිට ලකුණු වේගය ක්‍රම ක්‍රමයෙන් පහළ බැස්සේය.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පන්දුව හතරේ සීමාව කරා ගලා යාම ඉතාම වේගයෙන් සිදුවූ හෙයින් ලකුණු 226 ක් යනු කිසිසේත්ම තරගයක ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවේ.