දෙවැනි තරගයත් විසඳුමකින් තොරයි

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල අතර ‘ගාමිණී දිසානායක අනුස්මරණ කුසලාන’ තුන්දින ක්‍රිකට් තරගාවලියේ  කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගය විසඳුමකින් තොරව අද (30) අවසන් විය.


තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පැවැති තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වීම කැපී පෙනේ.  


දෙවැනි තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට දකුණු අප්‍රිකානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 133 ක් රැස්කර සිටියේය.


රේනාඞ් වැන් ටොන්ඩර් (නොදැවී 63) සහ ජොෂුවා වැන් හීඩන් (නොදැවී 49) අර්ධ ශතක රැස් කළහ.  


ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම කඩුලු 7 ක් දැවී ලකුණු 378 ක් ලබා සිටියදී තේ විවේකයට පැයක් පමණ තිබියදී අත්හිටුවීය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පළමු ඉනිමේදී ලකුණු 134 ක වාසියක් ලබා ගැනීමට සමත් වූහ.


ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ ක්‍රීඩකයන් වන අෂේන් බණ්ඩාර සහ නවිඳු නිර්මාල් හයවැනි කඩුල්ලට ලකුණු 99 ක සම්බන්ධතාවක් පවත්වමින් දකුණු අප්‍රිකානු යොවුන් පිල වෙහෙසට පත්කළ ආකාරය දැකගත හැකිවිය.


අෂේන් බණ්ඩාර පන්දු 312 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 121 ක් රැස් කරමින් හත්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව ඉනිම අත්හිටුවීය. අෂේන් සිය ශතකය 300 වැනි පන්දුවේදී සම්පූර්ණ කළේය.   


 තෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිර්මාල් ලකුණු 172 ක් ලබා සිටියදී දැවී ගියේය. පැතුම්ගේ පන්දු 294 ක විශිෂ්ට ඉනිමට හතරේ පහර 22 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.


පැතුම් සහ අෂේන් පස්වැනි කඩුල්ලට ලකුණු 210 ක සම්බන්ධතාවක් පැවැත්වමින් තරගය උඩු යටිකුරු කළහ.


දෙවැනි දිනය වූ පෙරේදා (29) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 251 ක් රැස්කරමින් ලකුණු 7 ක් පමණක් ඉදිරියෙන් සිටියේය.


පැතුම් නිස්සංක නොදැවී ලකුණු 150 ක් ද, අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 52 ක් ද, දෙවැනි දිනය අවසානයේ රැස්කළ සිටියහ.


දෙපිල අතර තෙවැනි සහ අවසන් තරගය මේ මස 3 වැනිදා මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.


ලකුණු පුවරුව


දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල පළමු ඉනිම ඕවර 91.2 කදී සියලු දෙනා දැවී 244
(රිකාඩෝ වැස්කොන්සෙලස් 53, ජොෂුවා වැන් හීඩන් 81, වියාන් මල්ඩර් 63, තිලාන් ප්‍රෂාන් 60/2, දමිත් සිල්වා 56/4, සම්මු අෂාන් 35/2)


ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම
විශ්ව චතුරංග – ඇ. මටුන්වා ප. මල්ඩර්        18
පැතුම් නිස්සංක – ක. මූ. කළා ප. මොරියාටි         172
අවිෂ්ක ප්‍රනාන්දු – ඇ. මටුන්වා ප. මල්ඩර්        0
සම්මු අෂාන් – ඇ. මටුන්වා ප. මයාකා        17
සංජුල අබේවික්‍රම – ඇ. වැස්කොන්සෙලස් ප. මයාකා    0
අෂේන් බණ්ඩාර – ඇ. සෙන්ඩික් ප. ස්මිත්         121
නවිඳු නිර්මාල් – ඇ. වැන් හීඩන් ප. මොරියාටි        33
වනිත වන්නිනායක – නොදැවී        0    
අතිරේක        17
එකතුව ඕවර 136.1 කදී කඩුලු 7 ක් දැවී        378

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
තිලාන් ප්‍රෂාන්, දමිත් සිල්වා, තිසරු ඩිල්ෂාන්,
කඩුලු වැටීම:
1-31(චතුරංග), 2-31(අවිෂ්ක), 3-69(සම්මු), 4-69(සංජුල), 5-279(පැතුම්), 6-378(නවිඳු), 7-378(බණ්ඩාර)
පන්දු යැවීම:
අකෝනා මයාකා: 21-3-56-2, විලියම් සෙන්ඩික්: 19-9-31-0, වියාන් මල්ඩර්: 20-4-66-2, ඩැනියල් මොරියාටි: 50-15-98-2, කෙනන් ස්මිත්: 24.1-1-86-1, රේනාඞ් වැන් ටොන්ඩර්: 2-0-28-0


දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල දෙවැනි ඉනිම
රිකාඩෝ වැස්කොන්සෙලස් – ඇ. නවිඳු ප. ඩිල්ෂාන්      16
ජොෂුවා වැන් හීඩන් – නොදැවී     49
රේනාඞ් වැන් ටොන්ඩර් – නොදැවී     63
අතිරේක    5
එකතුව ඕවර 47 කදී කඩුලු 1 ක් දැවී     133

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ජෙරම් බෝසර්, වියාන් මල්ඩර්, වැන්ඩිල් මැක්වේටු, වෙෂොකුලි මටුන්වා, කෙනන් ස්මිත්, ඩැනියල් මොරියාටි, විලියම් සෙන්ඩින්, අකෝනා මයාකා
කඩුලු වැටීම:
1-26(වැස්කොන්සෙලස්)  
පන්දු යැවීම:
තිසරු ඩිල්ෂාන්: 6-0-14-1, තිලාන් ප්‍රෂාන්: 7-0-26-0, දමිත් සිල්වා: 17-2-42-0, වනිත වන්නිනායක: 4-0-10-0, සම්මු අෂාන්: 9-1-25-0, පැතුම් නිස්සංක: 4-0-12-0

 

ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ඩර්හැම් ප්‍රාන්ත පිල අතර එංගලන්තයේ චෙස්ටර්ලී ස්ටී්‍රට්හිදී පැවැති සිව්දින තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (29 වැනිදා) අවසන්විය. වර්ෂාව හේතුවෙන් තරගයේ සිව්වැනි දිනයේ එකම පන්දුවක්හෝ යැවීමට නොහැකිවිය.


දෙවන ඉනිම ආරම්භ කරනවිට ඩර්හැම් පිලට වඩා ලකුණු 148 ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිල තෙවැනි දිනය නිමාවනවිට ලකුණු 291 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.


තරගය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ රොෂේන් සිල්වා පළමු ඉනිමේදී ශතකයක් (109) ලබාගත් අතර දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 43 ක් රැස්කිරීමට සමත්වූ අතර වමතින් මඳවේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


ශ්‍රී ලංකා ‘ඒ’ පිල – පළමු ඉනිම – ඕවර 114.2 කදී සියලුදෙනා දැවී ලකුණු 353
(මාධව වර්ණපුර 34, මහේල උඩවත්ත 26, රොෂේන් සිල්වා 109, සචිත් පතිරණ 51, ප්‍රභාත් ජයසූරිය 31, ළහිරු ගමගේ නොදැවී 43, විශ්ව ප්‍රනාන්දු 20, ගුර්ජීත් සාදු 70/4, පෝල් කෝෆ්ලින් 65/3)

ඩර්හැම් පිල – පළමු ඉනිම – ඕවර 54.1 කදී සියලුදෙනා දැවී ලකුණු 205
(ඇඩම් හිකී 28, ෆිල් මස්ටඞ් 38, ගෝඩන් මුචල් 70, ස්ටුවර්ට් පොයින්ටර් 29, විශ්ව ප්‍රනාන්දු 37/5, ළහිරු ගමගේ 49/3, ප්‍රභාත් ජයසූරිය 32/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල – දෙවන ඉනිම – ඕවර 52 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 143
(උදාර ජයසුන්දර 23, මාධව වර්ණපුර 27, මහේල උඩවත්ත නොදැවී 45, රොෂේන් සිල්වා නොදැවී 43)

 

ක්‍රිකට් නිලවරණයේ මානව හිමිකම් වාර්තාව සූදානම්

වරාය සහ නාවික අමාත්‍ය මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල විභාග කොට අවසන්ව ඇති අතර එහි තීරණය ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ. මේ වන විට විනිශ්චය මණ්ඩලයේ අවසන් තීරණය මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා අතට පත්ව තිබෙන අතර ඔහු විසින් එය අත්සන් කරන ලද වහාම අදාළ තීරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ මෙන්ම හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරුන්ගේ නම් සඳහන් කරමින් අර්ජුන රණතුංග ඇමැතිවරයා විසින් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබිණ.


පසුගිය ජනවාරි මාසයේ පැවැති ක්‍රිකට් නිලවරණයේදී මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට නිගමනය වී තිබුණහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් යළිත් පැවැත්වීමට සිදුවන අතර  අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමේ බලය  ක්‍රීඩා අමාත්‍යාංශය සතුව තිබේ.


වොලිබෝල් සම්මේලන නිලවරණයේදීද මානව හිමිකම් උල්ලංඝණය වූ බවට නිගමනය වූ බව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇතත් ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මේ දක්වා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දැනුම්වත් කරනු ලැබ නැත.


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී මානව හිමිකම් කඩවී ඇති බවට ඔප්පු වී තිබියදීත් යළිත් නිලවරණයක් නොපවැත්වුවහොත් මානව හිමිකම් කොමිසමේ තීරණය සමග අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට පැමිණිලිකාර පාර්ශ්වය බලාපොරොත්තුවෙන් සිටියි.


ක්‍රිකට් නිලවරණයේදී මානව හිමිකම් කඩවීමක් සිදුවී නැතැයි යන්න නිගමනය වුවහොත් කිසිදු ගැටළුවක් පැන නොනගී. එහෙත් අතර යම් හෙයකින් යළිත් නිලවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් මානව හිමිකම් කොමිසම විසින් නියම කරනු ලබන දිනට පෙර එම නිලවරණය පැවැත්විය යුතු වේ.

එම දිනට පෙර නිලවරණයක් නොපවැත්වුවහොත් නියම කරන ලද  අවසන් දිනයෙන් පසු දින හතක් ඇතුළතට අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමේ අවස්ථාවද පැමිණිලිකාර පාර්ශ්වයට හිමිව තිබේ.

 

අපේ අය අවතක්සේරු කරන්න එපා

යුරෝපා සංගමයේ රැඳී සිටීමේ එක්සත් රාජධානියේ ඉරණම තීන්දු කළ ආන්දෝලනාත්මක ජනමත  විචාරණයේ ප‍්‍රතිඵලයේ උණුසුම එංගලන්තය පුරා පැතිරෙද්දී කී‍්‍රඩකයන් 17 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සිය කළමනාකාරීත්වය සමග ඔවුන් මෑත කාලයේ කී‍්‍රඩා නොකළ තරම් දුෂ්කර ටෙස්ට් තරගමාලාවකට මුහුණදීමට කාර්යබහුල ලෙස සූදානම් වෙමින්  සිටී.

පෙරහුරු තරග සඳහාත් තව කාලයක් තිබෙද්දිත් මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායම එංගලන්තයට පැමිණියේ සිය කණ්ඩායමේ සගයන්ගේ දස්කම් එංගලන්ත සීත දේශගුණයට ගැළපෙන ලෙස මුවහත් කරගැනීමට ඇති අභිලාෂයෙනි.

පාකිස්තානු පිලට අලූතින් පත්වූ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහත් උද්යෝගයෙන් යුතුව සිය කණ්ඩායම ඉදිරියේ මුහුණදීමට ඇති අභියෝගවලට සූදානම් කරවමින් සිටී. ඔවුන් අද දිනය ඉක්ම යනතුරු හැම්ෂයර් ප‍්‍රාන්තයේ රැඳී සිටින අතර කළමනාකරු ඉන්ටිකාබ් අලාම් ඒ අතරතුර විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි විය.

සිය කණ්ඩායමට එංගලන්තය හුරුපුරුදු කරවීමට වේලාසනින්ම පිටත්කොට හැරීමට මෑතකදී පත්වූ පාකිස්තාන තේරිම් කමිටුවේ ප‍්‍රධානී ඉන්සමාම් උල් හක් ගත් තීන්දුව නිෂ්ඵල දෙයක් හැටියට ඇතැමුන්ගේ විවේචනයට ලක්වූවත් පාකිස්තානු කී‍්‍රඩකයන් හැම්ෂයර් හී මේ ගත කරමින් ලබාගන්නා වූ අත්දැකීම් ඉදිරියේදී කදිම අත්වැලක් වෙනවාට කිසිදු සැකයක් නැති බව ඉන්ටිිකාබ් අලාම් මහතාගේ අදහසවී තිබේ.

”හැම්ෂයර් ආපු දවසෙ ඉඳලා අපිට හොඳයි”

”අපි දවස් තුනේ පුහුණු තරගයකටත් කී‍්‍රඩා කළා. කරදර වෙන්න කිසිම දෙයක් නෑ කොල්ලො ටික එයාලගේ ශාරිරික යෝග්‍යතාව හොඳින් පවත්වාගෙන යනවා. ව්‍යායාම ශාලාවේ සෑහෙන කාලයක් ගත කරන නිසා අපේ කඳවුරේ තත්ත්වය ආදා ඉඳලා සතුටුදායක මට්ටමකයි තිබෙන්නේ” යයි ඉන්ටිකාබ් අලාම් මහතා කියයි.

ප‍්‍රධානතම මාතෘකාවක් බවට පත්වී ඇත්තේ තහනමට පෙර 2010 දී සිය අන්තිම ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ තණතීරුවේදීම මොහමඞ් අමිර් යළි දෙවැනි ගමන ආරම්භ කිරීමයි. එය මාධ්‍ය හා කී‍්‍රඩාලෝලීන් අතර වැඩි කතාබහට ලක්වූ කාරණාවක් බව කණ්ඩායම් කළමනාකරීත්වයත් දැන සිටී.

කෙසේ වෙතත් පාකිස්තාන කළමනාකාරීත්වය වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ ජූලි 14 වැනිදා ලෝඞ්ස් පිටියේ දී ඇරැුඹෙන ටෙස්ට් තරගයට අමීර් සූදානම් කරවීම පිළිබඳව බව අලාම් මහතා කියයි.

”ලෝඞ්ස් ටෙස්ට් තරගයට පෙර තවත් පෙරහුරු තරග දෙකකටම කී‍්‍රඩා කරන්නට තිබෙන නිසා එක අතකට ඒ ගැන කතා කිරීමට වේලාසන වැඩියි කියලත් හිතෙනවා”

”අමීර් ලෝඞ්ස් තරගයට හොඳින්ම සූදානම් වී ඇතැයි අපිට සිතෙනවා. ඔහු නැවත ටෙස්ට් පිටියට පා තැබීම ගැන වටපිටාවේ සෑහෙන කතාබහ කෙරෙන නිසා ඔහුට මේ සංචාරයට මනස හදාගන්න සිදුවුණා. ඒ වගේම ඔහුට තමා ගැන බලාගන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා” යයි කී අලාම් මහතා, ”මොහොමඞ් අමීර් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට නැවත පිවිසීමෙන් පසුව ඔහුගේ මුල්ම එංගලන්ත සංචාරය මෙය නෙවෙයි. ඔහු මීට කලිනුත් ඔහු එංගලන්තට ආවා….” යයිද පැවසීය.

ආබාධයක් හේතුවෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට නිසැකයෙන්ම පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට නොැලැබීම ඇතැම් පාකිස්තානු පිතිකරුවන්ට තරමක අස්වැසිල්ලකි. නමුත් කණ්ඩායමට ධනාත්මක ප‍්‍රතිඵලයක් මේ සංචාරයෙන් ලබාගැනීමට තරම් අවශ්‍ය පසුබිමක් ඇති කරලීමට පාකිස්තානු පන්දු යවන්නන්ට හැකිවේවිදැයි පැනයක් ඉතිරිව තිබේ.

අමීර්ට අමතරව පාකිස්තානු වේගපන්දු බලඈණියට ඇතුළත්ව සිටින වහාබ් රියාස්ට අත්දැකිම් අඩුය. එහෙත් අලාම් මහතා පවසනුයේ තමන් සිය ප‍්‍රතිවාදින් විමතියට පත් කිරීමට සූදානම බවයි.

”මීට කළින් එංගලන්තයේ සංචාරය කළ පාකිස්තානු කණ්ඩායම්වල වගේම මෙවරත් අපේ වේගපන්දු බලඈණිය අත්දැකීම් අඩු අය බවට සැකයක් නෑ තමයි. ඒත් එයාලගේ හැකියාවන් අවතක්සේරු කිරිම ගැන නම් මම අනතුරු අගවනවා”

”මෑත කාලයේ ඔවුන් හොඳින් පන්දු යැව්වා. ඒ වගේම ඔවුන් ශාරිරික යෝග්‍යතාව අතිනුත් ඉහලින් ඉන්නේ. ඉංගී‍්‍රසි පිතිකරුවන් ඔවුන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වෙනවාට සැකයක් නෑ” යයිද පාකිස්තානු පිලේ හිටපු නායකයකුද වන අලාම් මහතා පවසයි.

පාකිස්තානු පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර්ට කළහැකි දේ කුමක්දැයි යන්න ඔහු දකුණු අපි‍්‍රකානු පිලේ පුහුණුකරු ලෙස වැඩ කළ කාලයේ ඇතිකරගත් දීප්තිමත් වාර්තාව මත රඳා පවතින්නකි. මෑතකදී පත්වුණු මේ පුහුණුකරු දැනටමත් කණ්ඩායමේ යම් වෙනසක් ඇති කරලීමට සමත්වී ඇතැයි අලාම් මහතා කියයි.

”පාකිස්තාන පිලේ ප‍්‍රධාන පුහුණුකරු හැටියට මිකී ආතර් වගේ කෙනෙක් පත් කරගැනීමට ලැබීම අපේ වාසනාවක්. අපේ ළමයි ටික ඔහු සමග හොඳින් වැඩ කරන බව මම සතුටින් කියනවා. ඔහු කණ්ඩායමත් එකක් ඉතා කැපවීමෙන් පුහුණුවීම්වල යෙදෙනවා. කොල්ලො ටික ඔහුට කීකරුයි”

බොහෝ ප‍්‍රවීණයන්ට අනුව මේ පාකිස්තාන කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ දී  සිය අරමුණු කරා ළගාවීමට අවශ්‍ය අධිෂ්ඨානශීලීත්වය ඉහලින්ම පෙනෙන්නට තිබේ. එහෙත් අලාම් මහතාගේ අදහස වී ඇත්තේ කණ්ඩායමේ සැබෑ අරමුණ ඉස්මතු වෙන්නේ ඔවුන් ලෝඞ්ස් පිටියට පා තැබුවාට පසුව බවය.

”අපි අවශ්‍ය ඉලක්කයට යන්න හොඳ සූදානමකිනුයි ඉන්නේ. දෙවියන්ගෙ පිහිටෙන් හරි වෙලාවට අපේ කොල්ලෝ ටික පාකිස්තානු ජාතියම ඉහළට ඔසවලා තියාවි” යයි අලාම් මහතා සිය විශ්වාසය පළකරයි.

 

- 077

 

ජේසන් එංගලන්තයේ ජය මාවත සකසයි

පිතිකරුවන්ගේ පරාදීසයක් වූ තණතීරුවක ජේසන් රෝයි කළ අති විශිෂ්ට පිතිහරඹය නිසා කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත  පිතිකරුවෝ ලන්ඩන් ඕවල් පිටියේදී අද (29 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 6 ක ජයක් අත්කරගත්හ.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා –  දුවද්දී දැවී ගියා  1
ධනුෂ්ක ගුණතිලක – ඇ. අලි ප. රෂිඩ්  62
කුසල් මෙන්ඩිස් – ඇ. ප්ලන්කට් ප. රෂිඩ්  77
දිනේෂ් චන්දිමාල් – ප. විලි 63
ඇන්ජලෝ මැතිව්ස් – නොදැවී  67
සීකුගේ ප්‍රසන්න – ප. විලි  9
දසුන් ශානක – නොදැවී 19
අතිරේක (පා-2, ව-5) 7
එකතුව ඕවර 42 කදී කඩුලු 5 ක්  දැවී  305
කඩුලු වැටීම 
1-8 (පෙරේරා), 2-136 (මෙන්ඩිස්), 3-158 (ගුණතිලක), 4-245 (චන්දිමාල්), 5-259 (ප්‍රසන්න)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
උපුල් තරංග, ෆර්වීස් මහරුෆ්,  නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්
පන්දු යැවීම
ඩේවිඩ් විලී  8-0-58-2 ව-1
ක්‍රිස් වෝක්ස් 9-0-65-0 ව-2
ලයාම් ප්ලන්කට් 8-0-65-0 ව-2
අදීල් රෂීඞ්  9-0-57-2  
මුයින් අලී 8-0-58-0  
එංගලන්තය 
ජේසන් රෝයි – ප. ප්‍රදීප්   162
මුයින් අලී – ඇ. චන්දිමාල් ප. ප්‍රදීප්  2
ජෝ රූට් – ඇ. ප්‍රදීප් ප. ගුණතිලක  65
ඔයින් මෝගන් – ඇ. ගුණතිලක ප. ලක්මාල්  22
ජොනී බෙයාර්ස්ටෝ – නොදැවී  29
ජොස් බට්ලර්  – නොදැවී  17
අතිරේක (පා-5, ව-7) 12
එකතුව ඕවර 40.1 කදී  කඩුලු 4 ක් දැවී 309
කඩුලු වැටීම 
1-18 (අලි), 2-167 (රූට්), 3-221 (මෝගන්), 4- 281 (රෝයි)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට්
පන්දු යැවීම
සුරංග ලක්මාල්  7-0-48-1  
නුවන් ප්‍රදීප්  9-0-78-2 ව-2
ඇන්ජලෝ මැතිව්ස්  3-0-17-0  
ෆර්වීස් මහරුෆ් 8-0-58-0 ව-1
දසුන් ශානක 1-0-12-0  
සීකුගේ ප්‍රසන්න 7.1-0-61-0 ව-4
ධනුෂ්ක ගුණතිලක  5-0-30-1  

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඕවර 42 කදී ලකුණු 308 ක් ලබාගත යුතුවූ එංගලන්ත පිල පන්දු 11 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය සපුරා ගනිමින් දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගාවලියද ජයගත්තේය.

තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරගයේදී දෙපිලම සම ලකුණු ලබාගත් නමුත් දෙවැනි තරගය ජයගත් එංගලන්ත පිල 1-0 ක් ලෙසින් පෙරමුණේ සිටියේය. තුන්වැනි තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් එක්දින තරගාවලිය ජයගැනීමට නම් එංගලන්තයට අද පැවැති තරගය ජයගැනීම ප්‍රමාණවත් විය.

තරගාවලියේ දෙවැනි ශතකයත් ලබාගත් ජේසන් රෝයි පන්දු 118 කට මුහුණ දීමෙන් පසුව අගනා වාර්තාවක් අත පොවන මානයේ තිබියදීම නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. තවත් ලකුණු 6 ක් ලබාගත්තේ නම් එක්දින අන්තර්ජාතික තරගයකදී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් රොබින් ස්මිත්ගේ (1993 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 163) වාර්තාව සතුකරගැනීමේ අවස්ථාව ජේසන් රෝයිට තිබිණ.

ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි රෝයි ඕවර 37.5 කට පසුව දැවී යන විට ලකුණු 281 ක් පුවරුවට එක්ව තිබූ අතර රෝයිගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

මුල් කඩුල්ල ලකුණු 18 ක් ව තිබියදී බිඳ වැටුණ නමුත් ලකුණු වේගය ක්‍රම ක්‍රමයෙන් වැඩිකරගත් ජේසන් රෝයි සහ ජෝ රූට් (65) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 149 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු වේගය අපේක්‍ෂිත මට්ටමට ඔසවා ගත්හ. එතැන් පටන් තමන්ගේ ග්‍රහණය ළිහිල් නොකළ එංගලන්ත පිතිකරුවෝ කිසිදු අපහසුවකින් තොරවම ජයග්‍රහණය කරා පියමං කළහ.

කාසියේ වාසිය අහිමි වුවද ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ නියමිත ඕවර 42 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 306 ක් දක්වා ශ්‍රී ලංකා පිල ඔසවා තැබූවද පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ වැටිණ.

කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි කුසල් ජනිත් පෙරේරා දුවද්දී දැවී ගියද කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 119 ක සම්බන්ධතාව නිසා හිස එසවූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව නිසා තරගය නතර කිරීමට පෙර ඕවර 18.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලබා සිටියේය.

වර්ෂාව නිසා පැය දෙකක පමණ කාලයක් අපතේ ගිය නමුත් වර්ෂාව නිසා තරගයට අහිමි වූයේ ඕවර 8 ක් පමණි. ඉනිම අතර විවේකය විනාඩි 10 කට කෙටිකළ තරග තීරක ඬේවිඞ් බූන් මහතා ඕවර 42 ක තරගයක් කරා යන්න’යි විනිසුරුවරුන්ට නියම කළේය.

වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසු පන්දු 17 ක් ඇතුළතදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාම දැවී ගිය නමුත් ලකුණු වේගය පහළ වැටීමෙන් වළක්වාගත් දිනේෂ් චන්දිමාල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා ලකුණු 300 සීමාවට කණ්ඩායම කැඳවාගෙන ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාළතම ක්‍රීඩකයා වන කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය නිසා තමන් වෙත එල්ලවන පීඩනය හමුවේ එංගලන්ත පන්දු යවන්නන් තව තවත් අසීරුතාවට පත්වූ බවක් දක්නට තිබිණ. මනස්කාන්ත ‘ඕන් ඩ්‍රයිව්’ පහර කිහිපයකින් සහ චිත්තාකර්ශනීය කවර් ඩ්‍රයිව් පහර වලින් මෙන්ම ‘කට්’ පහර වලින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වී තිබිණ.

කුසල්ගේ කවර් ඩ්‍රයිව් පහරකින් ඉහළින් ඇදී ගිය පන්දුව වෙත පැන්න ලයාම් ප්ලන්කට් ඉතා විශිෂ්ට ගනයේ උඩපන්දුවක් රැකගත් හෙයින් පොඩි කුසල්ගේ ඉනිම ලකුණු 77 කට සීමා විය. එයින් පන්දු 22 කට පසුව ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් වූවත් ඒ අතර කාලයේදී ලකුණු 22 ක් ශ්‍රී ලංකා පිලට එක්ව තිබිණ.

ඉනිම ආරම්භයේදී තරමක් ප්‍රවේසමෙන් ලකුණු ලබාගත් ධනුෂ්ක ගුණතිලක කුසල්ගේ පිතිහරඹයෙන් ධෛර්යය ලබා පසුව සිය ලකුණු වේගය වැඩිකරගනිමින් හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. මුයින් අලී රැකගත් උඩපන්දුවක් හමුවේ ගුණතිලක පිටියෙන් ඉවත් වන විට පන්දු 64 කින් ලකුණු 62 ක් ලබා සිටියේය.

 

 

එංගලන්ත පිල හඹාගෙස් ජයගනියි

 

තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස එක්දින තරගාවලිය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වෙයි.

 

 

මෙය එංගලන්ත කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජයගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

 

එංගලන්තයට කඩුලු 6 ක ජයක්.

 

ඕවර 40.1 කදී 309/4 – ජොනී බෙයාස්ට්‍රෝ 29 (27), ජොස් බට්ලර් 17 (08), සීක්කුගේ ප්‍රසන්න 7/0/61/0

 

   

 

41 වැනි ඕවරය යැවීම සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජොස් බට්ලර් සූදානම්.

 

ඕවර 40 කදී 305/4 – ජොනී බෙයාස්ට්‍රෝ 29 (27), ජොස් බට්ලර් 13 (07), නුවන්‍ ප්‍රදීප් 9/0/78/2

 

                   

 

40 වැනි ඕවරය යැවීම නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජොනී බෙයාස්ට්‍රෝ සූදානම්.

 

ඕවර 39 කදී 292/4 – ජොනී බෙයාස්ට්‍රෝ 24 (22), ජොස් බට්ලර් 10 (06), ෆර්විස් මහරුෆ් 8/0/58/0 

 

                

 

39 වැනි ඕවරය යැවීම ෆර්විස් මහරුෆ් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජොස් බට්ලර් සූදානම්.

 

ඕවර 38 කදී 282/4 – ජොනී බෙයාස්ට්‍රෝ 23 (21), ජොස් බට්ලර් 1 (01), නුවන්‍ ප්‍රදීප් 8/0/69/2

 

                

 

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 162 ක ලබා සිටි ජේසන් රෝයි දැවී යයි. (4 පහර 13, 6 පහර 3)

 

38 වැනි ඕවරය යැවීම නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජොනී බෙයාස්ට්‍රෝ සූදානම්.

 

ඕවර 37 කදී 276/3 – ජේසන් රෝයි 159 (115), ජොනී බෙයාස්ට්‍රෝ 21 (19), සීක්කුගේ ප්‍රසන්න 7/0/57/0

 

                 

 

37 වැනි ඕවරය යැවීම සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජොනී බෙයාස්ට්‍රෝ සූදානම්.

 

ඕවර 36 කදී 266/3 – ජේසන් රෝයි 158 (114), ජොනී බෙයාස්ට්‍රෝ 13 (14), නුවන්‍ ප්‍රදීප් 7/0/63/1

 

                

 

36 වැනි ඕවරය යැවීම නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජොනී බෙයාස්ට්‍රෝ සූදානම්.

 

ඕවර 35 කදී 257/3 – ජේසන් රෝයි 152 (111), ජොනී බෙයාස්ට්‍රෝ 11 (11), ෆර්විස් මහරුෆ් – 7/0/48/0

 

                

 

ජේසන් රෝයි පන්දු 109 කදී ලකුණු 150 සම්පූර්ණ කරයි.

 

35 වැනි ඕවරය යැවීම ෆර්විස් මහරුෆ් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 34 කදී 251/3 – ජේසන් රෝයි 148 (108), ජොනී බෙයාස්ට්‍රෝ 9 (08), සුරංග ලක්මාල් – 7/0/48/1

 

              

 

34 වැනි ඕවරය යැවීම සුරංග ලක්මාල් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 33 කදී 238/3 – ජේසන් රෝයි 140 (104), ජොනී බෙයාස්ට්‍රෝ 4 (06), ෆර්විස් මහරුෆ් – 6/0/42/0

 

                

 

33 වැනි ඕවරය යැවීම ෆර්විස් මහරුෆ් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 32 කදී 231/3 – ජේසන් රෝයි 134 (99), ජොනී බෙයාස්ට්‍රෝ 3 (05), සුරංග ලක්මාල් – 6/0/35/1

 

              

 

32 වැනි ඕවරය යැවීම සුරංග ලක්මාල් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 31 කදී 226/3 – ජේසන් රෝයි 133 (96), ජොනී බෙයාස්ට්‍රෝ 1 (02), ෆර්විස් මහරුෆ් – 5/0/35/0

 

                

 

31 වැනි ඕවරය යැවීම ෆර්විස් මහරුෆ් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 30 කදී 221/3 – ජේසන් රෝයි 127 (92), ජොනී බෙයාස්ට්‍රෝ 0 (00), සුරංග ලක්මාල් – 5/0/30/1

 

              

 

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 22 ක් ලබා සිටි නායක ඔයින් මෝගන් දැවී යයි. (6 පහර 1)

 

30 වැනි ඕවරය යැවීම සුරංග ලක්මාල් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 29 කදී 214/2 – ජේසන් රෝයි 121 (89), ඔයින් මෝගන් 21 (24), ෆර්විස් මහරුෆ් – 4/0/30/0

 

              

 

29 වැනි ඕවරය යැවීම ෆර්විස් මහරුෆ් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 28 කදී 209/2 – ජේසන් රෝයි 118 (85), ඔයින් මෝගන් 19 (22), ධනුෂ්ක ගුණතිලක – 5/0/30/1

 

              

 

28 වැනි ඕවරය යැවීම ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 27 කදී 202/2 – ජේසන් රෝයි 113 (81), ඔයින් මෝගන් 17 (20), නුවන් ප්‍රදීප් – 6/0/55/1

 

                

 

27 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 26 කදී 191/2 – ජේසන් රෝයි 110 (78), ඔයින් මෝගන් 9 (17), ධනුෂ්ක ගුණතිලක – 4/0/23/1

 

              

 

26 වැනි ඕවරය යැවීම ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ඔයින් මෝගන් සූදානම්.

 

ඕවර 25 කදී 189/2 – ජේසන් රෝයි 110 (78), ඔයින් මෝගන් 7 (11), සීක්කුගේ ප්‍රසන්න – 6/0/47/0

 

                

 

25 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 24 කදී 179/2 – ජේසන් රෝයි 102 (75), ඔයින් මෝගන් 5 (08), ධනුෂ්ක ගුණතිලක – 3/0/21/1

 

                

 

ජේසන් රෝයි පන්දු 74 කින් සිය දෙවැනි එක්දින ශතකය ලබාගනියි.

 

24 වැනි ඕවරය යැවීම ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 23 කදී 172/2 – ජේසන් රෝයි 97 (71), ඔයින් මෝගන් 3 (06), සීක්කුගේ ප්‍රසන්න – 5/0/37/0

 

                

 

23 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ඔයින් මෝගන් සූදානම්.

 

ඕවර 22 කදී 168/2 – ජේසන් රෝයි 95 (68), ඔයින් මෝගන් 1 (03), ධනුෂ්ක ගුණතිලක – 2/0/14/1

 

                

 

ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවක් හමුවේනුවන් ප්‍රදීප් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 65 ක් ලබා සිටි ජෝ රූට් දැවී යයි. (4 පහර 9)

 

22 වැනි ඕවරය යැවීම ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 21 කදී 166/1 – ජේසන් රෝයි 94 (67), ජෝ රූට් 65 (52), සීක්කුගේ ප්‍රසන්න – 4/0/33/0

 

                

 

21 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 20 කදී 158/1 – ජේසන් රෝයි 92 (65), ජෝ රූට් 59 (48), ෆර්විස් මහරුෆ් – 3/0/25/0

 

                 

 

20 වැනි ඕවරය යැවීම සඳහා ෆර්විස් මහරුෆ් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 19 කදී 151/1 – ජේසන් රෝයි 87 (62), ජෝ රූට් 57 (45), සීක්කුගේ ප්‍රසන්න – 3/0/25/0

 

                 

 

19 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 18 කදී 144/1 – ජේසන් රෝයි 86 (60), ජෝ රූට් 52 (41), ධනුෂ්ක ගුණතිලක – 1/0/12/0

 

                 

 

18 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කැඳවයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 17 කදී 132/1 – ජේසන් රෝයි 80 (57), ජෝ රූට් 46 (38), සීක්කුගේ ප්‍රසන්න – 2/0/18/0

 

                 

 

17 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 16 කදී 122/1 – ජේසන් රෝයි 75 (54), ජෝ රූට් 42 (35), සුරංග ලක්මාල් – 4/0/23/0

 

                 

 

16 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 15 කදී 118/1 – ජේසන් රෝයි 73 (50), ජෝ රූට් 40 (33), සීක්කුගේ ප්‍රසන්න – 1/0/8/0

 

                 

 

15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ලක්මාල්ගේ ඕවරය ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අස්වැසිල්ලක්.

 

ඕවර 14 කදී 110/1 – ජේසන් රෝයි 69 (47), ජෝ රූට් 37 (30), සුරංග ලක්මාල් – 3/0/19/0

 

                 

 

14 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

අවසන් ඕවර 3 ‍දි ලකුණු 43 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වෙති.

 

ඕවර 13 කදී 104/1 – ජේසන් රෝයි 68 (45), ජෝ රූට් 32 (26), නුවන් ප්‍රදීප් – 5/0/44/1

 

                  

 

13 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 12 කදී 85/1 – ජේසන් රෝයි 51 (40), ජෝ රූට් 31 (25), දසුන් ශානක – 1/0/12/0 

 

                  

 

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක දසුන් ශානක කැඳවයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 11 කදී 73/1 – ජේසන් රෝයි 50 (39), ජෝ රූට් 20 (20), නුවන් ප්‍රදීප් – 4/0/25/1

 

                  

 

11 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 10 කදී 61/1 – ජේසන් රෝයි 39 (34), ජෝ රූට් 19 (19), ෆර්විස් මහරුෆ් – 2/0/18/0

 

                  

 

දහවැනි ඕවරය යැවීම සඳහා ෆර්විස් මහරුෆ් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 9 කදී 52/1 – ජේසන් රෝයි 31 (29), ජෝ රූට් 18 (18), ඇන්ජලෝ මැතිව්ස් – 3/0/17/0

 

                 

 

නමවැනි ඕවරය යැවීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 8 කදී 44/1 – ජේසන් රෝයි 31 (29), ජෝ රූට් 10 (12), ෆර්විස් මහරුෆ් – 1/0/9/0

 

                    

 

අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ෆර්විස් මහරුෆ් කැඳවයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 7 කදී 35/1 – ජේසන් රෝයි 24 (24), ජෝ රූට් 9 (11), ඇන්ජලෝ මැතිව්ස් – 2/0/9/0

 

                 

 

හත්වැනි ඕවරය යැවීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 6 කදී 32/1 – ජේසන් රෝයි 21 (20), ජෝ රූට් 9 (09), නුවන් ප්‍රදීප් – 3/0/13/1

 

                 

 

හයවැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජෝ රූට් සූදානම්.

 

ඕවර 5 කදී 24/1 – ජේසන් රෝයි 21 (20), ජෝ රූට් 1 (03), ඇන්ජලෝ මැතිව්ස් – 1/0/6/0

 

                 

 

පස්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 4 කදී 18/1 – ජේසන් රෝයි 16 (15), ජෝ රූට් 0 (02), නුවන් ප්‍රදීප් – 2/0/5/1

 

                 

 

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දි‍නේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 2 ක් ලබා සිටි මුයින් අලී දැවී යයි.

 

සිව්වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 3 කදී 15/0 – ජේසන් රෝයි 13 (12), මුයින් අලී 2 (06), සුරංග ලක්මාල් – 2/0/13/0

 

                 

 

තෙවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 2 කදී 6/0 – ජේසන් රෝයි 4 (06), මුයින් අලී 2 (06), නුවන් ප්‍රදීප් – 1/0/2/0

 

                 

 

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීමට මුයින් අලී සූදානම්.

 

ඕවර 1 කදී 4/0 – ජේසන් රෝයි 4 (06), මුයින් අලී 0 (00), සුරංග ලක්මාල් – 1/0/4/0

 

                 

 

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

එංගලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා ජේසන් රෝයි සමගින් මුයින් අලී පිටියට පිවිසෙති.

 

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම ඕවර 42 කදී ලකුණු 308 ක් රැස්කළ යුතුය.

 

ඕවර 42 කදී 305/5 – ඇන්ජලෝ මැතිව්ස් 67 (54), සීක්කුගේ ප්‍රසන්න 19 (10), ක්‍රිස් වෝක්ස් – 9/0/65/0

 

                

 

42 වැනි ඕවරය යැවීම සඳහා ‍ක්‍රිස් වෝක්ස් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 41 කදී 295/5 – ඇන්ජලෝ මැතිව්ස් 60 (50), දසුන් ශානක 16 (08), ලයාම් ප්ලන්කට් – 8/0/65/0

 

                

 

41 වැනි ඕවරය යැවීම සඳහා ‍ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 40 කදී 280/5 – ඇන්ජලෝ මැතිව්ස් 46 (45), සීක්කුගේ ප්‍රසන්න 16 (07), ක්‍රිස් වෝක්ස් – 8/0/55/0

 

                 

 

40 වැනි ඕවරය යැවීම සඳහා ‍ක්‍රිස් වෝක්ස් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දසුන් ශානක සූදානම්.

 

ඕවර 39 කදී 268/5 – ඇන්ජලෝ මැතිව්ස් 45 (44), දසුන් ශානක 5 (02), ඩේවිඩ් විලී – 8/0/58/2

 

                

 

ඩේවිඩ් විලීගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 9 ක් ලබා සිටි සීක්කුගේ ප්‍රසන්න දැවී යයි. (4 පහර 1)

 

39 වැනි ඕවරය යැවීම සඳහා ‍ඩේවිඩ් විලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට සීක්කුගේ ප්‍රසන්න සූදානම්.

 

ඕවර 38 කදී 259/4 – ඇන්ජලෝ මැතිව්ස් 41 (42), සීක්කුගේ ප්‍රසන්න 9 (06), ක්‍රිස් වෝක්ස් – 7/0/43/0

 

                 

 

38 වැනි ඕවරය යැවීම සඳහා ‍ක්‍රිස් වෝක්ස් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට සීක්කුගේ ප්‍රසන්න සූදානම්.

 

ඕවර 37 කදී 250/4 – ඇන්ජලෝ මැතිව්ස් 40 (41), සීක්කුගේ ප්‍රසන්න 1 (01), ඩේවිඩ් විලී – 7/0/49/1

 

                

 

ඩේවිඩ් විලීගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 63 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් දැවී යයි. (4 පහර 1, 6 පහර 3)

 

37 වැනි ඕවරය යැවීම සඳහා ‍ඩේවිඩ් විලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 36 කදී 241/3 – දිනේෂ් චන්දිමාල් 60 (48), ඇන්ජලෝ මැතිව්ස් 35 (39), ක්‍රිස් වෝක්ස් – 6/0/34/0

 

                

 

36 වැනි ඕවරය යැවීම සඳහා ‍ක්‍රිස් වෝක්ස් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 35 කදී 235/3 – දිනේෂ් චන්දිමාල් 44 (57), ඇන්ජලෝ මැතිව්ස් 33 (37), ලයාම් ප්ලන්කට් – 7/0/50/0

 

              

 

35 වැනි ඕවරය යැවීම සඳහා ‍ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 34 කදී 225/3 – දිනේෂ් චන්දිමාල් 49 (41), ඇන්ජලෝ මැතිව්ස් 31 (34), ඩේවිඩ් විලී – 6/0/40/0

 

                

 

34 වැනි ඕවරය යැවීම සඳහා ‍ඩේවිඩ් විලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 33 කදී 217/3 – දිනේෂ් චන්දිමාල් 42 (37), ඇන්ජලෝ මැතිව්ස් 30 (32), ලයාම් ප්ලන්කට් – 6/0/40/0

 

              

 

33 වැනි ඕවරය යැවීම සඳහා ‍ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 32 කදී 212/3 – දිනේෂ් චන්දිමාල් 41 (36), ඇන්ජලෝ මැතිව්ස් 27 (27), ඩේවිඩ් විලී – 5/0/32/0

 

                  

 

32 වැනි ඕවරය යැවීම සඳහා ‍ඩේවිඩ් විලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 31 කදී 207/3 – දිනේෂ් චන්දිමාල් 39 (34), ඇන්ජලෝ මැතිව්ස් 25 (23), ලයාම් ප්ලන්කට් – 5/0/36/0

 

              

 

31 වැනි ඕවරය යැවීම සඳහා ‍ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 30 කදී 196/3 – දිනේෂ් චන්දිමාල් 31 (31), ඇන්ජලෝ මැතිව්ස් 22 (20), ඩේවිඩ් විලී – 4/0/27/0

 

              

 

30 වැනි ඕවරය යැවීම සඳහා ‍ඩේවිඩ් විලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 29 කදී 192/3 – දිනේෂ් චන්දිමාල් 29 (28), ඇන්ජලෝ මැතිව්ස් 20 (17), මුයින් අලී – 8/0/58/0

 

              

 

29 වැනි ඕවරය යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ඇන්‍ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 28 කදී 182/3 – දිනේෂ් චන්දිමාල් 27 (26), ඇන්ජලෝ මැතිව්ස් 12 (13), අදීල් රෂීඞ් – 9/0/57/2

 

                 

 

28 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 27 කදී 178/3 – දිනේෂ් චන්දිමාල් 25 (22), ඇන්ජලෝ මැතිව්ස් 10 (11), මුයින් අලී – 7/0/48/0

 

              

 

27 වැනි ඕවරය යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 26 කදී 171/3 – දිනේෂ් චන්දිමාල් 22 (19), ඇන්ජලෝ මැතිව්ස් 6 (08), අදීල් රෂීඞ් – 8/0/53/2

 

                 

 

26 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 25 කදී 166/3 – දිනේෂ් චන්දිමාල් 19 (15), ඇන්ජලෝ මැතිව්ස් 4 (06), මුයින් අලී – 6/0/41/0

 

              

 

25 වැනි ඕවරය යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 24 කදී 162/3 – දිනේෂ් චන්දිමාල් 17 (13), ඇන්ජලෝ මැතිව්ස් 2 (02), අදීල් රෂීඞ් – 7/0/48/2

 

                 

 

අදීල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ මුයින් අලී අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 62 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී යයි. (4 පහර 7)

 

24 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 23 කදී 157/2 – ධනුෂ්ක ගුණතිලක 62 (63), දිනේෂ් චන්දිමාල් 14 (10), මුයින් අලී – 5/0/37/0

 

              

 

23 වැනි ඕවරය යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල්   සූදානම්.

 

ඕවර 22 කදී 148/2 – ධනුෂ්ක ගුණතිලක 61 (60), දිනේෂ් චන්දිමාල් 6 (07), අදීල් රෂීඞ් – 6/0/43/1

 

                 

 

22 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 21 කදී 143/2 – ධනුෂ්ක ගුණතිලක 60 (58), දිනේෂ් චන්දිමාල් 2 (03), මුයින් අලී – 4/0/28/0

 

              

 

21 වැනි ඕවරය යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 20 කදී 137/2 – ධනුෂ්ක ගුණතිලක 56 (54), දිනේෂ් චන්දිමාල් 0 (01), අදීල් රෂීඞ් – 5/0/38/1

 

                 

 

අදීල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ ලයාම් ප්ලන්කට් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 77 ක් ලබා සිටි කුසල් ‍මෙන්ඩිස් දැවී යයි. (4 පහර 13)

 

20 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 19 කදී 131/1 – ධනුෂ්ක ගුණතිලක 50 (51), කුසල් මෙන්ඩිස් 77 (52), මුයින් අලී – 3/0/22/0

 

              

 

19 වැනි ඕවරයේ ඉතිරි පන්දු 5 යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 42 ක තරගයක් ලෙස නැවතත් තරගය ආරම්භ වෙයි.

 

එසේ වුව‍හොත් ඕවර 40 ක හෝ 42 ක තරගයක් පැවැත්වෙනු ඇත.

 

පස්වරු 4.30 හෝ 4.40 පමණ වන විට තරගය නැවත ආරම්භ කළ හැකි බව වාර්ත‍ාවේ.

 

එංගලන්තයේ දැන් වේලාව පස්වරු 4.20 යි. ක්‍රීඩාංගණයේ තණතීරු අාවරණ ඉවත්‍ කෙරෙයි.

 

වර්ෂාව හේතුවෙන් තරගය මදක‍ට නතර කරයි…

 

ඕවර 18.1 කදී 127/1 – ධනුෂ්ක ගුණතිලක 48 (49), කුසල් මෙන්ඩිස් 75 (59), මුයින් අලී – 2.1/0/18/0

 

   

 

19 වැනි ඕවරය යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 18 කදී 123/1 – ධනුෂ්ක ගුණතිලක 48 (49), කුසල් මෙන්ඩිස් 71 (58), අදීල් රෂීඞ් – 4/0/32/0

 

                 

 

18 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 17 කදී 114/1 – ධනුෂ්ක ගුණතිලක 46 (47), කුසල් මෙන්ඩිස් 64 (54), මුයින් අලී – 2/0/14/0

 

                

 

17 වැනි ඕවරය යැවීම සඳහා මුයින් අලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 16 කදී 110/1 – ධනුෂ්ක ගුණතිලක 44 (43), කුසල් මෙන්ඩිස් 62 (52), අදීල් රෂීඞ් – 3/0/23/0

 

                 

 

දෙවන කඩුල්ල සදහා ලකුණු 100 ක සම්බන්ධතාවයක්…

 

16 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 15 කදී 105/1 – ධනුෂ්ක ගුණතිලක 43 (41), කුසල් මෙන්ඩිස් 58 (48), මුයින් අලී – 1/0/10/0

 

                

 

15 වැනි ඕවරය යැවීම සඳහා පිටදග පන්දු යවන මුයින් අලී  කැදවයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 14 කදී 95/1 – ධනුෂ්ක ගුණතිලක 41 (39), කුසල් මෙන්ඩිස් 50 (44), අදීල් රෂීඞ් – 2/0/18/0

 

                 

 

කුසල් මෙන්ඩිස් සිය තුන්වැනි එක්දින අර්ධ ශතකය ලබ‍ාගැනීමට සමත්විය.

 

14 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 13 කදී 83/1 – ධනුෂ්ක ගුණතිලක 31 (35), කුසල් මෙන්ඩිස් 48 (42), ලයාම් ප්ලන්කට් – 4/0/25/0

 

                

 

13 වැනි ඕවරය යැවීම සඳහා ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 12 කදී 78/1 – ධනුෂ්ක ගුණතිලක 28 (33), කුසල් මෙන්ඩිස් 47 (38), අදීල් රෂීඞ් – 1/0/6/0

 

                 

 

12 වැනි ඕවරය යැවීම සඳහා අදීල් රෂීඞ් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 11 කදී 72/1 – ධනුෂ්ක ගුණතිලක 23 (30), කුසල් මෙන්ඩිස් 46 (35), ලයාම් ප්ලන්කට් – 3/0/20/0

 

                

 

11 වැනි ඕවරය යැවීම සඳහා ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 10 කදී 64/1 – ධනුෂ්ක ගුණතිලක 20 (27), කුසල් මෙන්ඩිස් 36 (26), ක්‍රිස් වෝක්ස් – 5/0/28/0

 

                 

 

10 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 9 කදී 59/1 – ධනුෂ්ක ගුණතිලක 17 (24), කුසල් මෙන්ඩිස් 39 (29), ලයාම් ප්ලන්කට් – 2/0/12/0

 

                

 

දෙවන කඩුල්ල සදහා ලකුණු 50 ක සම්බන්ධතාවයක්…

 

නවවැනි ඕවරය යැවීම සඳහා ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 8 කදී 51/1 – ධනුෂ්ක ගුණතිලක 16 (23), කුසල් මෙන්ඩිස් 34 (24), ක්‍රිස් වෝක්ස් – 4/0/23/0

 

                 

 

අටවැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 7 කදී 48/1 – ධනුෂ්ක ගුණතිලක 15 (20), කුසල් මෙන්ඩිස් 32 (21), ලයාම් ප්ලන්කට් – 1/0/5/0

 

                 

 

හත්වැනි ඕවරය යැවීම සඳහා ලයාම් ප්ලන්කට් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 6 කදී 43/1 – ධනුෂ්ක ගුණතිලක 11 (11), කුසල් මෙන්ඩිස් 31 (20), ක්‍රිස් වෝක්ස් – 3/0/20/0

 

                 

 

හයවැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 5 කදී 33/1 – ධනුෂ්ක ගුණතිලක 10 (13), කුසල් මෙන්ඩිස් 22 (16), ඩේව්ඩ් විලී – 3/0/23/0

 

                 

 

පස්වැනි ඕවරය යැවීම සඳහා ඩේවිඩ් විලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 4 කදී 24/1 – ධනුෂ්ක ගුණතිලක 9 (11), කුසල් මෙන්ඩිස් 14 (12), ක්‍රිස් වෝක්ස් – 2/0/10/0

 

                 

 

සිව්වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 3 කදී 15/1 – ධනුෂ්ක ගුණතිලක 8 (9), කුසල් මෙන්ඩිස් 6 (8), ඩේව්ඩ් විලී – 2/0/14/0

 

                 

 

තෙවැනි ඕවරය යැවීම සඳහා ඩේවිඩ් විලී පැමි‍ණෙයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 2 කදී 9/1 – ධනුෂ්ක ගුණතිලක 7 (8), කුසල් මෙන්ඩිස් 1 (3), ක්‍රිස් වෝක්ස් – 1/0/1/0

 

                 

 

ලකුණු 1 ක් ලබා සිටි කුසල් පෙරේරා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ජොනී බෙයාස්ට්‍රෝ සමත් වෙයි.

 

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ධනුෂ්ක ගුණතිලක සූදානම්.

 

ඕවර 1 කදී 8/0 – කුසල් පෙරේරා 1 (2), ධනුෂ්ක ගුණතිලක 7 (5), ඩේව්ඩ් විලී – 1/0/8/0

 

                 

 

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩේවිඩ් විලී කැඳවයි. පන්දුව පිළිගැනීමට කුසල් පෙරේරා සූදානම්.

 

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක පිටියට පිවිසෙති.

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් ‍මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරයි.

ෂෝන් මාෂ්

“දඟ පන්දු යවන්නන්ටම සකස් කෙරුණු තණතීරුවේද ඔහු මට පන්දු යැව්වා. ඒවාට මුහුණ දීම ඉතාමත් අභියෝගාත්මකයි..ඒත් ඔහුගේ උපදෙස් අපට බොහොම වටිනවා”

 


- තිලාන් සමරවීරගේ ගුරුහරුකම් සම්බන්ධයෙන්

 

ඕස්ට්‍රේලියානුවෝ සමරවීරගේ සහාය සොයති

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු පිතිකරුවකු වන තිලාන් සමරවීර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලැබ තිබේ. තිලාන් සමරවීර මෙම තනතුර සඳහා තෝරාගනු ලැබ ඇත්තේ තවත් දෙසතියකින් පමණ ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු පිලේ තරුණ පිතිකරුවන්ට අවශ්‍ය ගුරුහරුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

වසර 15 ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 81 ක් සහ එක්දින අන්තර්ජාතික තරග 53 ක් ක්‍රීඩා කර ඇති තිලාන් සමරවීර විශිෂ්ට ගණයේ මැදපෙළ පිතිකරුවකු මෙන්ම අවස්ථානුකූලව යොදාගත හැකිවූ පිට දඟ පන්දු යවන්නකුද විය.

තමන්ගේ දස්කම් ඔපමට්ටම් කරගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පිලේ තරුණ ක්‍රීඩකයන් වන ෂෝන් මාෂ්, ඇඩම් වෝග්ස් සහ ජැක්සන් බර්ඞ් යන තිදෙනාම බි්‍රස්බේන් නුවර පිහිටි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානය වෙත යවනු ලැබ ඇත. තිලාන් සමරවීර තරුණ ක්‍රීඩකයන් සමග සම්බන්ධ වන්නේ එහිදීය. මෙම කාලය තුළදී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් පිළිබඳ උපදෙස් ලබාගනිමින් තමන්ගේ දස්කම් ඉහළ නංවා ගැනීම ඕස්ට්‍රේලියානු තරුණ ක්‍රීඩකයන්ගේ අභිප්‍රාය වී තිබේ.

බ්‍රිස්බේන්හි පිහිටි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී සකස් කරනු ලැබ ඇති දඟ පන්දු යවන්නන් සඳහාම යෝග්‍ය වූ තණතීරුවක පන්දු යවමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට උපදෙස් දීම සමරවීරට බාර වී ඇති කාර්යයයි.

“දඟ පන්දු යවන්නන්ටම සකස් කෙරුණු තණතීරුවේද ඔහු මට පන්දු යැව්වා. ඒවාට මුහුණ දීම ඉතාමත් අභියෝගාත්මකයි..ඒත් ඔහුගේ උපදෙස් අපට බොහොම වටිනවා” යයි ෂෝන් මාෂ් ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවියට පවසා තිබිණ.

 

පැතුම් 150- අෂේන් 52 යොවුන් පිල ඔසවති

පැතුම් නිස්සංක (නොදැවී 150) සහ අෂේන් බණ්ඩාර (නොදැවී 52) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 182 ක නොබිඳුණු සම්බන්ධතාව නිසා දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිලට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ගාමිණී දිසානායක අනුස්මරණ කුසලාන’ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය වූ අද (29) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 251 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

දකුණු අප්‍රිකා වයස 19 න් පහළ කණ්ඩායම – පළමු ඉනිම 
රිකාඩෝ වැස්කොන්සෙලස් – ප. සම්මු අශාන්  53
ජෙෂුවා ෆැන්හියර්ඩන් – ඇ. නිර්මාල් ප. ප්‍රසාන්  81
රේනාඞ් ෆැන්ටොන්ඩර් – ක. මූ. කළා ප. දමිත්   16
ජෙරම් බොසර් – ක. මූ. කළා ප. දමිත්  0
වියාන් මල්ඩර් – ක. මූ. කළා ප. ප්‍රසාන්  63
වැන්ඩිල් මැක්වේටු – ඇ. සම්මු ප. බණ්ඩාර 12
වෙෂොකුලි මටුන්වා – ක. මූ. කළා ප. දමිත්  5
කෙනන් ස්මිත් – ක. මූ. කළා ප. දමිත්   3
ඩැනියල් මොරියාටි- ක. මූ. කළා ප. සම්මු  0
විලියම් සෙන්ඩින් – නොදැවී  0
අකෝනා මයාකා – දුවද්දී දැවී ගියා  0
අතිරේක (ව-2, පා-7, නි-2) 11
එකතුව ඕවර 91.2 කදී සියලු දෙනා දැවී  244
කඩුලු වැටීම 
1-101(වැස්කොන්සෙලස්), 2-143(ටොන්ඩර්), 3-143(බෝසර්), 4-201(හීඩන්), 5-219(මැක්වේටු), 6-235(මටුන්වා), 7-241(මල්ඩර්), 8-244(මොරියාටි), 9-244(ස්මිත්), 10-244(මයාකා)  
පන්දු යැවීම
තිසරු ඩිල්ෂාන් 10-1-40-0 ව-2, නි-1
තිලාන් ප්‍රෂාන් 18-1-60-2 ව-1
වනිත වන්නිනායක 8-0-26-0 නි-1
දමිත් සිල්වා 33-7-56-4  
සම්මු අශාන් 13.2-4-35-2  
අෂේන් බණ්ඩාර  9-2-20-1  
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම – පළමු ඉනිම
විශ්ව චතුරංග – ඇ. මටුන්වා ප. මල්ඩර්  18
පැතුම් නිස්සංක – නොදැවී   150
අවිෂ්ක ප්‍රනාන්දු – ඇ. මටුන්වා ප. මල්ඩර්   0
සම්මු අෂාන් – ඇ. මටුන්වා ප. මයාකා   17
සංජුල අබේවික්‍රම – ඇ. වැස්කොන්සෙලස් ප. මයාකා  0
අශේන් බණ්ඩාර – නොදැවී  52
අතිරේක (ව-1, නි-2, පා-5, අ-6) 14
එකතුව ඕවර 90 කදී කඩුලු 4 ක් දැවී 251
කඩුලු වැටීම
1-31(චතුරංග), 2-31(අවිෂ්ක), 3-69(සම්මු), 4-69(සංජුල)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
නවිඳු නිර්මාල්, තිලාන් ප්‍රෂාන්, දමිත් සිල්වා, තිසරු ඩිල්ෂාන්, වනිත වන්නිනායක
පන්දු යැවීම
අකෝනා මයාකා 15-3-42-2  
විලියම් සෙන්ඩික් 15-6-26-0 නි-1
වියාන් මල්ඩර් 16-3-56-2 නි-1, ව-1
ඩැනියල් මොරියාටි 31-11-64-0  
කෙනන් ස්මිත් 13-0-52-0  

ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි දිනය අවසන් වන විට ලකුණු 7 ක් ඉදිරියෙන් සිටියේය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 256 කදී හතරේ පහර 20 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 150 ක් ලබාගත්තේය.

කොළඹ ඉසිපතන විදුහල් පිල නියෝජනය කරන පැතුම් අන්තයක් ආරක්‍ෂාකරමින් ලකුණු රැස්කරමින් පන්දු 213 කදී ශතකය සම්පූර්ණ කළ අතර අර්ධ ශතකයට පන්දු 149 ක් වැය කළේය.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ අෂේන් බණ්ඩාර පන්දු 187 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටියි. අෂේන් අර්ධ ශතක දක්වා පන්දු 182 ක් කඩුල්ල ආරක්‍ෂාකර ගැනීමට වගබලා ගත්තේය.  

ලකුණු 69 කට කඩුලු 4 ක් බිඳ වැටී සිටියදී එක්වූ පැතුම් නිස්සංක සහ අෂේන් බණ්ඩාර පස්වැනි කඩුල්ලට ලකුණු 182 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටිති. එම සම්බන්ධතාව නොවන්නට තරගයේ වාසිය දකුණු අප්‍රිකානු යොවුන් පිල වෙතට දෝලනය වේ.

පස්වරු 4.20 ට පමණ වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටු වූ අතර නැවතත් මිනිත්තු 15 කින් තරගය ආරම්භ කිරීමේ අවස්ථාව උදාවිය.  

අෂේන් බණ්ඩාර ලකුණු 6 ක් ලබා සිටියදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා වෙත ලබාදුන් පහසු උඩ පන්දුව රැකගත්තේ නම් ලකුණු 84 කට කඩුලු 5 ක් බවට පත්ව ඉනිම කඩා වැටීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් ඉන් පසුව ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් දෙපළගෙන් දකුණු අප්‍රිකානු පිලට කිසිඳු අවස්ථාව නොලැබුණි.

සංජුල අබේවික්‍රම පහර දුන් පස්වැනි පන්දුවේදී අකෝනා මයාකාගේ උපායට හසුවූ දෙවැන්නා බවට පත්වෙමින් දෙවැනි ස්ලිප් ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබාදෙමින් ලකුණු නොලබා දැවී ගියේය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රබලතම පිතකිරු වන සම්මු අෂාන් සිය උපායට හසුකර ගැනීමට වමතින් වේග පන්දු යවන අකෝනා මයාකා සමත් විය. මයාකා එම ඕවර පළමු පන්දු හතරම පිට ඉන්නට පිටතින් පතිත කළ අතර සිවුවැනි පන්දුවට සම්මු අෂාන් හඹාගොස් පහරක් ගැසීමට ගොස් දැවී ගියේය.

සම්මු අෂාන් පන්දු 64 කදී හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් රැස් කළේය.  

නායක අවිෂ්ක ප්‍රනාන්දුගේ ඉනිම පන්දු 3 කට සීමා වීම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් බවට පත්විය.
දකුණු අප්‍රිකානු නායක වියාන් මල්ඩර් යැවූ ඉනිමේ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවට කඩුලු රකින්නා උඩ පන්දුවක් රැකගත් බවට ඉල්ලීමක් කළ ද අවිෂ්ක ප්‍රනාන්දු තණතීරුවේ රැදී සිටියේය. විනිසුරුවන් දෙපළගේ කථා බහකින් පසුව දැවීගිය බවට තීරණය කළහ.   

විශ්ව චතුරංග අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියදී පිට ඉන්නට ආසන්නයෙන් ඉවතට දෝලනය වූ පන්දුව පිත්තේ යාන්තම් ගෑවී කඩුලු රකින වෙෂොකුලි මටුන්වා උඩ පන්දුවක් රැක ගැනීමෙන් 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

විශ්ව පන්දු 27 කදී අලංකාර හතරේ පහර 4 ක් සමගින් ලකුණු 18 ක් රැස් කළේය.
තරගයේ පළමු දිනය වූ පෙරේදා (28) දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 244 ක් රැස් කළේය.  

හෙට (30) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.