ශමින්ද එරංගගේ පන්දු යැවීම සැකයිලූ

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන ක‍්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීම සැක සහිත බවට චෙස්ටර් ලී ස්ටී‍්‍රට් හිදි එංගලන්තය සමග පැවැති දෙවන ටෙස්ට් තරගයේ විනිසුරුවරුන් විසින් වාර්තාවක් ලබාදී ඇත. අලීම් දාර් සහ සුන්දරම් රවී ප‍්‍රධාන විනිසුරුවරුන් ලෙස කටයුතු කළ අතර ඇන්ඩි පයික්‍රොෆ්ට් තරග තීරක ලෙස කටයුතු කළේය.

 


එරංග විසින් ඔහුට නගා ඇති චෝදනාව දින 14 ක් තුළදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් පිළිගත් ආයතනයකදී පරීක්ෂා කරගත යුතුව ඇති අතර ප‍්‍රතිඵලය ලැබෙන තුරු ඔහුට පන්දු යැවීමේ හැකියාව ලැබෙනු ඇත.


ටෙස්ට් තරග 18 කට ක‍්‍රීඩා කර ඇති එරංග පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වු ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.

 

එංගලන්තයට කඩුලූ 9 ක ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර චෙස්ටර් ලී ස්ටී‍්‍රට්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කරගැනීමට එංගලන්තය සමත් විය. සිවුවැනි දිනය වූ අද (30 වැනිදා) තේ පානයෙන් අනතුරුව කඩුල්ලක් පමණක් දැවී ලකුණු 79 ක ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගිය එංගලන්ත කී‍්‍රඩකයෝ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය තමන් සතුකරගත්හ.  

නොදැවී ලකුණු 47 ක් ලබාගත් නායක ඇලෙස්ටෙයාර් කුක්, නික් කොම්ප්ටන් (නොදැවී 22) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

අද තේ පානය සඳහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 33 ක් ලබා සිටි අතර ඊට මඳ වේලාවකට පෙර එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක් ටෙස්ට් ලකුණු 10,000 පසුකළ එකම ඉංගී‍්‍රසි ජාතිකයා ලෙස වාර්තා පොතට එක්විය.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් වාර්තා පොත

  • ඇලෙස්ටයාර් කුක් ලකුණු 1109 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි. ලකුණු 2212 ක් රැස්කළ මහේල ජයවර්ධන පළමු ස්ථානයේත් ලකුණු 1568 රැස් කළ කුමාර් සංගක්කාර දෙවන ස්ථානයේත් පසුවෙති.
  • කඩුලූ 300 ක් දවාගත් රංගන හේරත් එම දස්කම කළ තෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය. මීට පෙර මුත්තයියා මුරලිදරන් (800) සහ චමින්ද වාස් (355) එම දස්කම කිරීමට සමත්වූහ.
  • ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 101 ක එංගලන්තයට එරෙහිව ලබාගත් සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි.
  • දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු නොලබාම දැවීගිය සුරංග ලක්මාල් අවස්ථා හතරකදී ලකුණු නොලබාම දැවී ගොස් ඇති අතර වැඩිම වාරයක් ලකුණු නොලබාම දැවී ගිය පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටී.
  • කෞශාල් සිල්වා (60) 10 වන ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය.
  • ඇන්ජලෝ මැතිව්ස් (80) 24 වන ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය.
  • දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී 6 වන කඩුල්ල සදහා ලකුණු 92 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන සමත්වූ අතර පිට පිට දෙවන වතාවටත් ලකුණු හඹා යැමේදී 6 වන කඩුල්ල සදහා හොදම සම්බන්ධතාවය ලෙස මෙම සම්බන්ධතාවය වාර්තා වෙයි.
  • රංගන හේරත් 2 වන (61) ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය.
  • දිනේෂ් චන්දිමාල් 6 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.
  • දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකාවෙන් පිටතදී ලබාගත් දෙවන ශතකය මෙන්ම රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී වාර්තා කිරීමට සමත්විය. මීට පෙර බංගලාදේශයට එරෙහිව චිතගොන් හිදී නොදැවී ලකුණු 100 ක් රැස් කිරීමට සමත්වූයේය.
  • රංගන හේරත්ගේ කඩුල්ල දවාගනිමින් කඩුලු 450 සීමාව පසුකළ 6 වන පන්දු යවන්නා බවට පත්වීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්වු එම දස්කම කළ තෙවැනි වේග පන්දු යවන්නාද විය.
  • ලකුණු 10000 සීමාව පසුකළ 12 වැනි පිතිකරුවා මෙන්ම එංගලන්තය වෙනුවෙන් එම දස්කම කළ පළමු ක්‍රීඩකයා වීමට ඇලෙස්ටයාර් කුක් සමත්විය.

අඳුරු වළාකුළු යට අසීරු ගමනක යෙදෙමින් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් ඇතුළු ශී‍්‍ර ලංකා පිතිකරුවෝ ඉනිමක පරාජයට මුහුණ දීමේ අවමානයෙන් ගැලවුණහ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 397 ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවා ආහාරයෙන් ඔබ්බට තරගය ඇදගෙන යමින් සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 475 ක් ලබාගත්තේය.  

පළමු ඉනිමේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 498 ක් ලබාගත් එංගලන්ත පිල විසින් ශී‍්‍ර ලංකාව ලකුණු 101ට දවාගනු ලැබීමෙන් අත්කරගත් වාසිය ලකුණු 397 කි.

එබැවින් තරගයෙන් ජයගැනීම සඳහා එංගලන්ත පිල දෙවැනි ඉනිමේදී ලකුණු 78 ක් ලබාගත යුතුවිය.

ටෙස්ට් ඉනිම 3 කදී කඩුලූ 30 ක් අහිමි කරගනිමින් ලකුණු 311 ක් ලබාගත් කණ්ඩායමක් වශයෙන් ශී‍්‍ර ලංකා පිල දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව අපූර්ව නැගිටීමකි.

අද දිනයේ දිවා ආහාරයට පෙර යැවුණු ඕවර 28 දී ලකුණු 94 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම අහිමිකරගත්තේ එකම කඩුල්ලක් පමණි. හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් දෙදෙනා ශී‍්‍ර ලංකා පිලේ ගෞරවය රැකගනිමින් ලකුණු 400 න් ඔබ්බට ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.

තරගාවලියේ පළමු වතාවට එංගලන්තයට වඩා ඉදිරියට තම කණ්ඩායම කැඳවාගෙන ගිය උපනායක දිනේෂ් චන්දිමාල්, පීඩනය මැද නොසැලී, අති විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය හයවැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. සිය 27 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන චන්දිමාල් ආසියානු කලාපයෙන් පිටතදී ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකය මෙය වන අතර පැය 5 කට මඳක් වැඩි (විනාඩි 311) චන්දිමාල්ගේ ඉනිම මනස්කාන්ත හතරේ පහර 13 කින් සහ හයේ පහරකින් අලංකාර විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 397 ක් හඹා යන අතරේ මුලූ ලකුණු සංඛ්‍යාව 314 ක් ව තිබියදී මිලින්ද සිරිවර්ධන දැවී යාමෙන් ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටිණ. එහෙත් රංගන හේරත් නම් විශිෂ්ට සටන්කාමියාට තම පිතිකරු හැකියාව පිළිබඳ විශ්වාසනීයත්වයක් තිබිණ.

ටෙස්ට් තරග 68 කට පසුව සිය දෙවැනි අර්ධ ශතකය ලබාගත් නමුත් හේරත් පන්දවට පහර දුන්නේ අලංකාර වමත් පිතිකරුවකුගේ විලාසයෙනි. ඔහුගේ කවර් ඩ‍්‍රයිව් පහර මෙන්ම පුල් පහරද පේ‍්‍රක්‍ෂක මනසට කැන්දාගෙන ආවේ සනත් ජයසූරිය සහ බ‍්‍රයන් ලාරා දෙදෙනායි. පළපුරුදු කි‍්‍රකට් විචාරකයකු විසින් හේරත් හඳුන්වන ලද්දේ ‘කුරුණෑගල ලාරා’ ලෙසිනි.

හෝරා දෙකකට වැඩි කාලයක් පිටියේ රැඳුනු හේරත්ගේ ඉනිම නිමා කරමින් ජේම්ස් ඇන්ඩසන් දවාගත්තේ ඔහුගේ 450 වැනි ටෙස්ට් කඩුල්ලයි. ටෙස්ට් කඩුලූ 450 කඩයිම පසුකළ එකම එංගලන්ත ජාතිකයා වන්නේද ඇන්ඩසන්ය.  

එංගලන්ත පළමු ඉනිමේදී ස්ටීවන් ෆින් දවාගනිමින් සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල හිමිකරගත් හේරත් ටෙස්ට් කඩුලූ 300 ක් දවාගත් ලෝකයේ දෙවැනි වමත් දඟ පන්දු යවන්නා ලෙසින් ඉතිහාසයට එක්වූයේය.

කඩුලූ 5 ක් දැවී ලකුණු 309 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද දිනයේ මුහුණ දුන් පස්වැනි ඕවරයේදී මිලින්ද සිරිවර්ධන දැවී ගියේය. මඳ වේලාවකට පසුව දිනේෂ් චන්දිමාල්ගෙන් ලැබුණු උඩපන්දුවක් කඩුලූ රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ වෙතින් ගිළිහී යන විට චන්දිමාල් ලබා සිටියේ ලකුණු 69 ක් පමණි. තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත් චන්දිමාල්, පසුපස නොබලාම සිය ශතකය කරා ගියේ රංගන හේරත්ගේ සහයෝගය උපරිම වශයෙන් ලබාගනිමිනි.

 

එංගලන්ත පළමු ඉනිම 
ඇලිස්ටෙයාර් කුක් – ඇ. කරුණාරත්න ප. ලක්මාල් 15
ඇලෙක්ස් හේල්ස් – ඇ. මැතිව්ස් ප. සිරිවර්ධන 83
නික් කොම්ප්ටන් – ඇ. ලක්මාල් ප. ප්‍රදීප් 9
ජෝ රූට් –  ඇ. සිල්වා ප. ප්‍රදීප් 80
ජේම්ස් වින්ස් – ඇ. තිරිමාන්න ප. සිරිවර්ධන 35
ජොනී බෙයාර්ස්ටෝ – ඇ. චන්දිමාල් ප. ප්‍රදීප් 48
මුයින් අලි – නොදැවී  155
කි‍්‍රස් වෝක්ස් – ඇ. මෙන්ඩිස් ප. ලක්මාල්  39
ස්ටුවර්ට් බ්‍රෝඞ් – ඇ. මෙන්ඩිස් ප. ප්‍රදීප් 7
ස්ටීවන් ෆින් – ඇ. සහ ප. හ්රත්  10
ජේම්ස් ඇන්ඩසන් – නොදැවී  8
අතිරේක (පා-8, අ-1) 9
එකතුව ඕවර 116 කදී කඩුලු 9 ක් දැවී  498
කඩුලු වැටීම
1-39 (කුක්), 2-64 (කොම්ප්ටන්), 3-160 (හේල්ස්), 4-219 (රූට්), 5-227 (වින්ස්), 6-297 (බෙයාර්ස්ටෝ ), 7-389 (වෝක්ස්), 8-400 (බ්‍රෝඞ්), 9-472 (ෆින් )
පන්දු යැවීම
ශාමින්ද එරංග  27-3-100-0  
සුරංග ලක්මාල්  29-4-115-2  
නුවන් ප්‍රදීප්  33-5-107-4  
රංගන හේරත්  29-1-116-1  
ඇන්ජලෝ මැතිව්ස් 6-2-16-0  
මිලින්ද සිරිවර්ධන 8-0-35-2  
ශ්‍රී ලංකා පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ප. ඇන්ඩර්සන්  9
කෞෂාල් සිල්වා – ඇ. බෙයාර්ස්ටෝ ප. බ්‍රෝඞ් 13
කුසල් මෙන්ඩිස් – ඇ. ඇන්ඩර්සන් ප. වෝක්ස් 35
දිනේෂ් චන්දිමාල් – ඇ. කුක් ප. ඇන්ඩසන්  4
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 3
ළහිරු තිරිමාන්න – ඇ. කොම්ප්ටන් ප. ඇන්ඩසන්  19
මිලින්ද සිරිවර්ධන – ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 0
රංගන හේරත් – ඇ. ඇන්ඩර්සන් ප. බ්‍රෝඞ් 12
ශමින්ද එරංග – ඇ. රූට් ප. බ්‍රෝඞ් 2
සුරංග ලක්මාල් – ඇ. බෙයාර්ස්ටෝ ප. බ්‍රෝඞ් 0
නුවන් ප‍්‍රදීප්  – නොදැවී  2
අතිරේක (පා-1, නි-1) 2
එකතුව ඕවර 43.3 කදී සියලුදෙනා දැවී  101
කඩුලු වැටීම 
1-10 (කරුණාරත්න), 2-44 (සිල්වා), 3-53 (චන්දිමාල්), 4-58 (මැතිව්ස්), 5-67 (මෙන්ඩිස්), 6-67 (සිරිවර්ධන), 7-88 (හේරත්), 8-90 (එරංග), 9-93 (ලක්මාල්), 10-101 (තිරිමාන්න)
පන්දු යැවීම
ජේම්ස් ඇන්ඩසන්  12.3-2-36-3  
ස්ටුවර්ට් බ්‍රෝඩ් 13-2-40-4 නි-1
කි‍්‍රස් වෝක්ස්  7-4-9-3  
ස්ටීවන් ෆින් 7-3-15-0  
මුයින් අලි 4-4-0-0  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා දෙවන ඉනිම 
දිමුත් කරුණාරත්න – ඇ. රූට් ප. වෝක්ස් 26
කෞෂාල් සිල්වා – ඇ. බෙයාර්ස්ටෝ ප. ෆින් 60
කුසල් මෙන්ඩිස්  –  ඇ. බෙයාර්ස්ටෝ ප. ඇන්ඩසන්  26
ළහිරු තිරිමාන්න – ප. අලි  13
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. බෙයාර්ස්ටෝ ප. ඇන්ඩසන්   80
දිනේෂ් චන්දිමාල් – ප. බ්‍රෝඩ් 126
මිලින්ද සිරිවර්ධන – ඇ. හේල්ස් ප.ඇන්ඩසන් 35
රංගන හේරත් – ක.මු.කළා ප. ඇන්ඩසන්  61
ශමින්ද එරංග – ප. ඇන්ඩසන්  1
සුරංග ලක්මාල් – ඇ. බ්‍රෝඩ් ප. වෝක්ස් 11
නුවන් ප‍්‍රදීප් – නොදැවී 13
අතිරේක (අ-5, පා-11, නි-6, ව-1) 23
එකතුව ඕවර 128.2 කදී සියලු දෙනා දැවී  475
කඩුලු වැටීම 
1-38 (කරුණාරත්න), 2-79 (මෙන්ඩිස්), 3-100 (තිරිමාන්න), 4-182 (සිල්වා), 5-222 (මැතිව්ස්), 6-314 (සිරිවර්ධන), 7-430 (හේරත්), 8-442 (එරංග), 9-453 (චන්දිමාල්), 10-475 (ලක්මාල්)
පන්දු යැවීම
ජේම්ස් ඇන්ඩසන්  27-9-58-5  
ස්ටුවර්ට් බ්‍රෝඩ් 24-6-71-1 නි-2
කි‍්‍රස් වෝක්ස්  27.2-8-103-2 ව-1
ස්ටීවන් ෆින් 19-0-78-1 නි-1
මුයින් අලි 28-5-136-1 නි-3
ජේම්ස් වින්ස්  1-1-0-0  
ජෝ රූට්  2-0-13-0  
එංගලන්ත දෙවන ඉනිම 
ඇලිස්ටෙයාර් කුක් – නොදැවී  47
ඇලෙක්ස් හේල්ස් –  ප. සිරිවර්ධන  11
නික් කොම්ප්ටන් – නොදැවී  22
අතිරේක (0) 0
එකතුව ඕවර 23.2 කදී කඩුලු 1 ක් දැවී 80
කඩුලු වැටීම 
1-35 (හේල්ස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ජෝ රූට්, ජේම්ස් වින්ස්, ජොනී බෙයාර්ස්ටෝ, මුයින් අලි, කි‍්‍රස් වෝක්ස්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ස්ටීවන් ෆින් සහ ජේම්ස් ඇන්ඩසන්
පන්දු යැවීම
රංගන හේරත් 10-3-18-0  
නුවන් ප්‍රදීප්  2-0-12-0  
මිලින්ද සිරිවර්ධන  7.2-0-37-1  
සුරංග ලක්මාල්  3-0-9-0  
ශාමින්ද එරංග  1-0-4-0  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අඳුරු වළා මැදින් අසීරු ගමනක්…


චෙස්ටර් ලී ස්ටී‍්‍රට් ටෙස්ට් තරගයේ තුන්වැනි දින උදෑසන යැවුණු පළමු වැනි  ඕවර 4 දීම ශී‍්‍ර ලංකා ඉනිම නිමා විය. ශී‍්‍ර ලංකා පිල ලකුණු 101 කට දැවී යාමත්, එංගලන්තය සිය කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම මුල් ඉනිමේ වාසියත් අත්කර ගැනීමෙන් පසුවත් සෑම දෙනාම කතා වූයේ එංගලන්තයට තවත් ඉනිමක ජයක් ලැබෙනු ඇත කියාය.

එහෙත් මඳ වේලාවකින් හිරු පායා ඒමත් සමගම දින තුනකින් තරගය නිමකර ඉනිමක ජයක් ලබාගැනීමට සූදානම් වූ එංගලන්තයේ බලා පොරොත්තු සියල්ලම දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 87 ක අඛණ්ඩ සම්බන්ධතාවත් සමග ඈතින් ඈතට පාවී ගියේය.

ලීඞ්ස් ටෙස්ට් තරගයේ සිටම ශී‍්‍ර ලංකා පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන්ට මුහුණ දුන්නේ මන්දාරම් අහස යට සෙල්සියස් අංශක 15 ක තරම සීතලේ ගැහෙමිනි. ඒ ඉනිම තුනේදී ලකුණු 311 කට කඩුලූ 30 ක් බිඳ වැටිණ. එහෙත් ඊයේ සවස් වන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 309 ක් ලබා සිටියේය.

ඊයේ දහවල් වන තුරුත් සෑම කී‍්‍රඩකයකුම පාහේ ඇඟ උණුසුම්ව තබාගැනෙන ලෝම බැනියම් ඇඳ සිටි නමුත් සවස වන විට පැවැති සූර්යාලෝකය නිසා අවසන් හෝරාවේදී ඒවා ඉවත්ව තිබිණ. ශී‍්‍ර ලංකා පිතිකරුවෝ වැඩි අපහසුතාවකින් තොරව එංගලන්ත පන්දු යවන්නන්ට මුහුණ දුන් අතර දිගින් දිගටම දිග්ගැසී යන සම්බන්ධතා හේතුවෙන් පන්දු යවන්නෝද තරමක් අසහනයට පත්ව සිටියහ.

එසේ වුවත් තරගයේ සිවුවැනි දිනය වන අද (30 වැනිදා) පෙරවරුව සම්බන්ධයෙන් බී. බී. සී. සේවාවේ කාලගුණ අංශයට කියන්නට ඇත්තේ එතරම් යහපත් අනාවැකියක් නොවේ. එම අනාවැකියට අනුව පෙරවරුවේ අහස අඳුරු වළාකුලින් බරවන අතර හිරු පායා එන්නේ දිවා ආහාරයෙන් පසුවය.

එවන් තත්ත්වයක් හමුවේ එංගලන්ත වේග පන්දු යවන්නන් දෙදෙනා වන ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ්ට මුහුණ දීම ඉතා අසීරු අභියෝගයකි.

විශේෂයෙන්ම මේ වන විට ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේ ඕවර 84 ක් අවසන් වී ඇති බැවින් එංගලන්තය පන්දු යවමින් සිටින්නේ දෙවැනි නව පන්දුවෙනි. 

ඉදින් අද පෙරවරුව ඉතාමත් තීරණාත්මක වන අතර පළමු හෝරා දෙක තුළ සිය කඩුලූ ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන් සමත් වුවහොත් තරගයේ ඉරණම පිළිබඳ වෙනස් ආකාරයේ බලාපොරොත්තු තබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබෙනු ඇත.

තරගයේ අවසන් දිනය වන (හෙට) අඟහරුවාදා සම්බන්ධයෙන් බී. බී. සී. සේවාවේ කාලගුණ අංශයට කියන්නට ඇත්තේ වර්ෂාව ගැනය.

 

 

 

 

 

 

 

 

දිනේෂ් චන්දිමාල් පිටියේ සිටියදී පැවැති සූර්යාලෝකය නිසා (ඇන්ඩසන්ගේ ඇඳුමේ පවතින ආලෝකය බලන්න) ජේම්ස් ඇන්ඩසන් අසහනයට පත්ව සිටි අයුරු

 

 

 

 

 

 

 

 

 

 

 

හයිද්‍රාබාද් පිල අයි. පී. එල්. ශූරතාව දිනයි

නමවැනි අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඩේවිඩ් වෝනර් නායකත්වය දැරූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. බැංගලෝර්හිදී පැවැති අවසන් මහ තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 8 කින් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කි‍්‍රස් ගේල් (76) සහ නායක විරාට් කෝලි (54) සමත් වුවත් බැංගලෝර් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

පන්දු 38 කින් වාර්තා වූ ගේල්ගේ ප‍්‍රවේගකාරී ඉනිමට හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ කෝලිගේ හත්වැනි අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ත් අන්තර්ගත විය.

හයිද්‍රාබාද් කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා වූ බෙන් කටින් ඕවර 4 ක් යවා ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත් වූ අතර තරග 16 කදී ලකුණු 973 ක් ලබාගත් විරාට් කෝලි තරගාවලියේ වීරයා බවට පත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 208 ක් ලබාගත්තේය. එය අයි. පී. එල්. තරගාවලියක අවසන් මහ තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. 

වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ඩේවිඩ් වෝනර් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 69 ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්නේය.

ශිකර් ධවාන් (28) සමග එක්ව හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වෝනර් සමත් විය. පන්දු 25 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් රැස්කිරීමට යුවරාජ් සිං සමත් වූ අතර අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ බෙන් කටින් පන්දු 15 කදී නොදැවී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ කි‍්‍රස් ජෝදාන් ලකුණු 45 කට කඩුලූ 3 ක් දවාගත් අතර ශ්‍රීනාත් අරවින්ද් ලකුණු 30 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේගපන්දු යවන කී‍්‍රඩක ෂේන් වොට්සන් මෙම තරගයේදී ඉතා දරුණු පහර කෑමකට ලක්වූ අතර ඔහුගේ  ඕවර හතරේදී ලකුණු 61 රැස්කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ පිතිකරුවෝ සමත් වූහ. එය අයි. පී. එල්. ඉතිහාසයේ අවසන් මහ තරගයකදී පන්දුයවන්නෙකු ප‍්‍රතිවාදීන්ට ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 කට 208
(ඩේවිඩ් වෝනර් 69, ශිකර් ධවාන් 28, යුවරාජ් සිං 38, බෙන් කටින් නොදැවී 39, කි‍්‍රස් ජෝදාන් 45/3, ශ්‍රීනාත් අරවින්ද් 30/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 කට 200
(කි‍්‍රස් ගේල් 76, විරාට් කෝලි 54, සචින් බේබි 18, බෙන් කටින් 35/2)

 

- 036

 

 

සරේ පිල ලකුණු 256 ක් ඉදිරියෙන්


එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේ සරේ ප‍්‍රාන්ත කණ්ඩායම සහ සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (29 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සරේ ප‍්‍රාන්ත කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 94 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුහු තවත් කඩුලූ 4 ක් අතැතිව සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායමට වඩා ලකුණු 256 ක් ඉදිරියෙන් සිටිති.

තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 14 ක්ද, සෆාර් අන්සාරි නොදැවී ලකුණු 26 ක්ද බැගින් ලබා සිටියහ.

පළමු ඉනිමේදී ලකුණු 45 ක් ලබාගත් කුමාර් සංගක්කාර දෙවැනි ඉනිමේදී ලකුණු 3 කට දැවී ගිය අතර කේ‍්‍රග් ඕවර්ටොන්ගේ පන්දුවක් හමුවේ මාකස් ටෙ‍්‍රස්කොතික් අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට ඔහු පන්දු 7 කට මුහුණදී සිටියේය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායම ලකුණු 102 කට සීමා කිරීමට සරේ ප‍්‍රාන්ත පන්දුයවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දුයැවීමක නිරත වූ නායක ගැරත් බැටී  ඕවර 9 ක් යවා ලකුණු 32 කට කඩුලූ 7 ක් දවාගනිමින් සමර්සෙට් ඉනිම සුනුවිසුනු කර දැමීමට පුරෝගාමී විය. ඔහුට අගනා සහයක් ලබාදුන් ස්ටුවට් මේකර් ලකුණු 39 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප‍්‍රාන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 264 ක් ලබාගත්තේය.


සරේ ප‍්‍රාන්ත කණ්ඩායම පළමු ඉනිම – සියලූ දෙනා දැවී 264
(රෝරි බර්න්ස් 14, අරුන් හරිනාත් 32, කුමාර් සංගක්කාර 45, ස්ටීවන් ඬේවිස් 49, සෆාර් අන්සාරි 37, බෙන් ෆෝක්ස් 31, මැතිව් පිලන්ස් නොදැවී 34, ජැක් ලීච් 34/4, ජිම් ඇලෙන්බි 38/2, ටිම් ග්‍රොයෙන්වල්ඞ් 62/2, කේ‍්‍රග්  ඕවර්ටොන් 66/2)

සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායම පළමු ඉනිම – සියලූ දෙනා දැවී 102
(ටොම් ඇබෙල් 25, කි‍්‍රස් රොජර්ස් 19, ගැරත් බැටී 32/7, ස්ටුවට් මේකර් 39/3)

සරේ ප‍්‍රාන්ත කණ්ඩායම දෙවැනි ඉනිම – කඩුලූ 6 ක් දැවී 94
(බෙන් ෆෝක්ස් නොදැවී 14, සෆාර් අන්සාරි නොදැවී 26, ජැක් ලීච් 37/3, කේ‍්‍රග්  ඕවර්ටොන් 18/2)


- 036

 

ශී‍්‍ර ලංකා පිතිකරුවෝ අභීත සටනක

කණ්ඩායම පරාජයේ අගාධය කරා වේගයෙන් ඇදී යන මොහාතක ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වීමේ බර යළි කරතබාගත් ඇන්ජලෝ මැතිව්ස් (80) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 54) එක්ව දියත් කළ ධෛර්යවත් පිතිහරඹය නිසා දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්තය අපේක්‍ෂා කළාට වැඩි සටනක් දීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 397 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම, තරගයේ තුන්වැනි දිනය වන අද (29 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 309 ක් ලබා සිටියේය. එංගලන්ත පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීම සඳහා ශී‍්‍ර ලංකා පිල තවත් ලකුණු 88 ක් ලබාගත යුතුවන අතර ඒ සඳහා කඩුලූ 5 ක් ඉතිරිව තිබේ.

අද සවස තරගය නතර කරන විට දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන කඩුල්ලේ රැඳී සිටියහ.

ළහිරු තිරිමාන්න අංක 4 ස්ථානයට කැඳවමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී පිතිකරු අනුපිළිවෙල වෙනස් කළ නමුත් තිරිමාන්නට වැඩිපුර යමක් කළ නොහැකි විය. මුයීන් අලීගේ පන්දුවක් තිරිමාන්නගේ පිත්ත පරයමින් ගොස් පිට ඉන්නේ වදින විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලූ 3 කට ලකුණු 100 ක් වශයෙනි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් වාර්තා පොත

  • ඇලෙස්ටයාර් කුක් ලකුණු 1109 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි. ලකුණු 2212 ක් රැස්කළ මහේල ජයවර්ධන පළමු ස්ථානයේත් ලකුණු 1568 රැස් කළ කුමාර් සංගක්කාර දෙවන ස්ථානයේත් පසුවෙති.
  • කඩුලූ 300 ක් දවාගත් රංගන හේරත් එම දස්කම කළ තෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය. මීට පෙර මුත්තයියා මුරලිදරන් (800) සහ චමින්ද වාස් (355) එම දස්කම කිරීමට සමත්වූහ.
  • ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 101 ක එංගලන්තයට එරෙහිව ලබාගත් සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි.
  • දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු නොලබාම දැවීගිය සුරංග ලක්මාල් අවස්ථා හතරකදී ලකුණු නොලබාම දැවී ගොස් ඇති අතර වැඩිම වාරයක් ලකුණු නොලබාම දැවී ගිය පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටී.
  • කෞශාල් සිල්වා (60) 10 වන ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය.
  • ඇන්ජලෝ මැතිව්ස් (80) 24 වන ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය.
  • දිනේෂ් චන්දිමාල් (නොදැවී 54) 11 වන ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය.

එතැන් සිට තරගයට අවතීර්ණ වූ මැතිව්ස් ඇතුළු පිතිකරුවෝ තවත් කඩුලූ 2 ක් පමණක් එංගලන්තයට දෙමින් ලකුණු 209 ක් තම පිලට එක්කළහ.

මැතිව්ස් ලකුණු ලබාගැනීමට පෙරම ඔහුගේ පිත්තේ වැදුණු පන්දුව දෙවැනි ස්ලිප් දෙසට ඇදී ගිය නමුත් එතැන සිටි ජෝ රූට්ට පන්දුව නිවැරදිව රැකගත නොහැකි විය. රූපවාහිනී විනිසුරුවර රොඞ්නි ටකර් මහතාත් පිටියේ විනිසුරු අලීම් දාර් මහතාගේ තීරණය ස්ථිර කළ හෙයින් මැතිව්ස්ට තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාව ලැබිණ.

කඩුල්ලේ ඇලී සිටිනවාට වඩා එංගලන්ත පන්දු යවන්නන්ගේ ගණන් බැස්සවීමේ අරමුණ ඇතිව, තරමක් වේගයෙන් පහර කරා ගිය මැතිව්ස් සිය ලකුණු 35 වෙනුවෙන් හතරේ පහර 4 ක් සහ හයේ පහරක්ද ඇතුළත් කළේය. ඒ අතරවාරයේදී තමන්ට සුපුරුදු තැන්පත් විලාසයෙන් ලකුණු සොයා ගිය කෞෂාල් සිල්වා අර්ධ ශතකය පසුකර යමින් පන්දු 130 කින් 6 ක්ම හතරේ සීමාවට යැවීය.

කෞෂාල් සිල්වා සමග එක්වූ මැතිව්ස් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් එක්කර තිබියදී පිට පිටම යැවූ බවුන්සර් පන්දු කිහිපයකින් කෞෂාල් සිල්වාගේ සිත සසළ කළ ස්ටීවන් ෆින් ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවාගේ ඉනිම ලකුනු 60 දී නතර කළේය.

එතැනදී එක්වූ මැතිව්ස් සහ චන්දිමාල් පස්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 40 ක් එක්වීමෙන් පසු මැතිව්ස් පිටියෙන් ඉවත්ව ගිය නමුත් මිලින්ද සිරිවර්ධන සමගින් එක්වී දිනය නිමාවන තෙක් සිය කඩුලූ ආරක්‍ෂා කරගැනීමට චන්දිමාල්ට හැකිවිය. චිත්තාකර්ශනීය කවර් ඩ‍්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාවට යවා සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.

මෙම ටෙස්ට් තරගාවලියේ මේ දක්වා කී‍්‍රඩා කළ ඉනිම හතරේදීම ආරම්භක පිතිකරුවෝ අසාර්ථක වූහ. දෙවැනි ඉනිමේදී කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද කි‍්‍රස් වෝක්ස්ගේ පන්දුවකින් ජෝ රූට්ට උඩපන්දුවක් ලැබීම නිසා සම්බන්ධතාව එතැනින් ඇණහිටියේය. කරුණාරත්නගේ ඉනිම ලකුණු 26 කට සීමා විය.

පිටියට පිවිසි මොහොතේ සිටම නිර්භීත පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ පසුනොබා සිටිමින් පන්දු 22 කදී ලකුණු 26 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. එසේ වුවත් ටෙස්ට් තරග 115 කී‍්‍රඩා කර ඇති එංගලන්ත පිලේ වඩාත්ම පළපුරුදු පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් පිට ඉන්න එල්ලයේ පතිත වී කඩුලූ රකින්නා වෙත ඇදී යාමට පෙර කුසල් මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරය සොයා ගත්තේය.

එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී 498 ක් ලබාගත් අතර එංගලන්තයට හිමිවූ ලකුණු 397 ක මුල් ඉනිමේ වසර 139 ක  එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ විශාලතම මුල් ඉනිමේ වාසිය ලෙස සටහන් වේ. මෙවර එංගලන්ත සංචාරයේ ශී‍්‍ර ලංකා පිල මෙතෙක් මුහුණ දුන් ඉනිම තුනේදීම ලකුණු 120 කට අඩුවෙන් දැවී ගියේය. පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදී ශී‍්‍ර ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 91 ක් සහ 119 ක් පමණි. ටෙස්ට් ඉනිම තුනකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා පිල කඩුලූ 30 ක් ඇදවැටෙද්දීත් ලබා ඇත්තේ ලකුණු 311 ක් පමණි.
 
පන්දු 21 ක් තුළදී ශී‍්‍ර ලංකා පිලේ අවසන් කඩුලූ දෙකත් බිම දැමූ ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ජේම්ස් ඇන්ඩසන් දෙදෙනා චෙස්ටර් ලී ස්ටී‍්‍රට්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 101 කට සීමා කළහ.

දෙවැනි තරගයේදීත් ශී‍්‍ර ලංකා පිල මෙවන් අවාසනාවන්ත ඉරණමකට ඇද දැමූ ස්ටුවර්ට් බ්‍රෝඞ් (40/4), ජේම්ස් ඇන්ඩසන් (36/3) සහ කි‍්‍රස් වෝක්ස් (09/3) කඩුලූ 10 ම බෙදාහදා ගත්හ.

එංගලන්ත පළමු ඉනිම 
ඇලිස්ටෙයාර් කුක් – ඇ. කරුණාරත්න ප. ලක්මාල් 15
ඇලෙක්ස් හේල්ස් – ඇ. මැතිව්ස් ප. සිරිවර්ධන 83
නික් කොම්ප්ටන් – ඇ. ලක්මාල් ප. ප්‍රදීප් 9
ජෝ රූට් –  ඇ. සිල්වා ප. ප්‍රදීප් 80
ජේම්ස් වින්ස් – ඇ. තිරිමාන්න ප. සිරිවර්ධන 35
ජොනී බෙයාර්ස්ටෝ – ඇ. චන්දිමාල් ප. ප්‍රදීප් 48
මුයින් අලි – නොදැවී  155
කි‍්‍රස් වෝක්ස් – ඇ. මෙන්ඩිස් ප. ලක්මාල්  39
ස්ටුවර්ට් බ්‍රෝඞ් – ඇ. මෙන්ඩිස් ප. ප්‍රදීප් 7
ස්ටීවන් ෆින් – ඇ. සහ ප. හ්රත්  10
ජේම්ස් ඇන්ඩසන් – නොදැවී  8
අතිරේක (පා-8, අ-1) 9
එකතුව ඕවර 116 කදී කඩුලු 9 ක් දැවී  498
කඩුලු වැටීම
1-39 (කුක්), 2-64 (කොම්ප්ටන්), 3-160 (හේල්ස්), 4-219 (රූට්), 5-227 (වින්ස්), 6-297 (බෙයාර්ස්ටෝ ), 7-389 (වෝක්ස්), 8-400 (බ්‍රෝඞ්), 9-472 (ෆින් )
පන්දු යැවීම
ශාමින්ද එරංග  27-3-100-0  
සුරංග ලක්මාල්  29-4-115-2  
නුවන් ප්‍රදීප්  33-5-107-4  
රංගන හේරත්  29-1-116-1  
ඇන්ජලෝ මැතිව්ස් 6-2-16-0  
මිලින්ද සිරිවර්ධන 8-0-35-2  
ශ්‍රී ලංකා පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ප. ඇන්ඩර්සන්  9
කෞෂාල් සිල්වා – ඇ. බෙයාර්ස්ටෝ ප. බ්‍රෝඞ් 13
කුසල් මෙන්ඩිස් – ඇ. ඇන්ඩර්සන් ප. වෝක්ස් 35
දිනේෂ් චන්දිමාල් – ඇ. කුක් ප. ඇන්ඩසන්  4
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 3
ළහිරු තිරිමාන්න – ඇ. කොම්ප්ටන් ප. ඇන්ඩසන්  19
මිලින්ද සිරිවර්ධන – ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 0
රංගන හේරත් – ඇ. ඇන්ඩර්සන් ප. බ්‍රෝඞ් 12
ශමින්ද එරංග – ඇ. රූට් ප. බ්‍රෝඞ් 2
සුරංග ලක්මාල් – ඇ. බෙයාර්ස්ටෝ ප. බ්‍රෝඞ් 0
නුවන් ප‍්‍රදීප්  – නොදැවී  2
අතිරේක (පා-1, නි-1) 2
එකතුව ඕවර 43.3 කදී සියලුදෙනා දැවී  101
කඩුලු වැටීම 
1-10 (කරුණාරත්න), 2-44 (සිල්වා), 3-53 (චන්දිමාල්), 4-58 (මැතිව්ස්), 5-67 (මෙන්ඩිස්), 6-67 (සිරිවර්ධන), 7-88 (හේරත්), 8-90 (එරංග), 9-93 (ලක්මාල්), 10-101 (තිරිමාන්න)
පන්දු යැවීම
ජේම්ස් ඇන්ඩසන්  12.3-2-36-3  
ස්ටුවර්ට් බ්‍රෝඩ් 13-2-40-4 නි-1
කි‍්‍රස් වෝක්ස්  7-4-9-3  
ස්ටීවන් ෆින් 7-3-15-0  
මුයින් අලි 4-4-0-0  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා දෙවන ඉනිම 
දිමුත් කරුණාරත්න – ඇ. රූට් ප. වෝක්ස් 26
කෞෂාල් සිල්වා – ඇ. බෙයාර්ස්ටෝ ප. ෆින් 60
කුසල් මෙන්ඩිස්  –  ඇ. බෙයාර්ස්ටෝ ප. ඇන්ඩසන්  26
ළහිරු තිරිමාන්න – ප. අලි  13
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. බෙයාර්ස්ටෝ ප. ඇන්ඩසන්   80
දිනේෂ් චන්දිමාල් – නොදැවී 54
මිලින්ද සිරිවර්ධන – නොදැවී  35
අතිරේක (පා-9, නි-5, ව-1) 15
එකතුව ඕවර 84 කදී කඩුලු 5 ක් දැවී  309
කඩුලු වැටීම 
1-38 (කරුණාරත්න), 2-79 (මෙන්ඩිස්), 3-100 (තිරිමාන්න), 4-182 (සිල්වා), 5-222 (මැතිව්ස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
රංගන හේරත්, ශමින්ද එරංග, නුවන් ප‍්‍රදීප් සහ සුරංග ලක්මාල්
පන්දු යැවීම
ජේම්ස් ඇන්ඩසන්  16-3-40-2  
ස්ටුවර්ට් බ්‍රෝඩ් 17-5-47-0 නි-2
කි‍්‍රස් වෝක්ස්  15-7-51-1 ව-1
ස්ටීවන් ෆින් 16-0-55-1 නි-1
මුයින් අලි 17-2-94-1 නි-2
ජේම්ස් වින්ස්  1-1-0-0  
ජෝ රූට්  2-0-13-0  

 

ශී‍්‍ර ලංකාව අන්ත අසරණ අඩියක

මොයීන් අලී ලබාගත් අගනා ශතකය නිසා ශී‍්‍ර ලංකාවට එරෙහිව චෙස්ටර් ලී ස්ටී‍්‍රට්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 498 ක් ලබා සිය ඉනිම අත්හිටුවීය. ඊට පිළිතුරු දීමට පිති අතට ගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූහ.

ශී‍්‍ර ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 10 දීම බිඳ වැටුණු අතර තරගයේ දෙවැනි දිනය වන අද (28 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 8 ක් දැවී ලකුණු 91 ක් පමණක් ලබා එංගලන්තයට ලකුණු 407 ක් පසුපසින් සිටියේය. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීම සඳහා සිය පළමු ඉනිම වෙනුවෙන් අඩුම තරමේ ලකුණු 298 ක් ලබාගත යුතු ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිය ආසන්නතම ඉලක්කය කරා යාමට තවත් ඉතිරිව ඇත්තේ කඩුලූ 2 ක් පමණි.

එංගලන්ත පළමු ඉනිම 
ඇලිස්ටෙයාර් කුක් – ඇ. කරුණාරත්න ප. ලක්මාල් 15
ඇලෙක්ස් හේල්ස් – ඇ. මැතිව්ස් ප. සිරිවර්ධන 83
නික් කොම්ප්ටන් – ඇ. ලක්මාල් ප. ප්‍රදීප් 9
ජෝ රූට් –  ඇ. සිල්වා ප. ප්‍රදීප් 80
ජේම්ස් වින්ස් – ඇ. තිරිමාන්න ප. සිරිවර්ධන 35
ජොනී බෙයාර්ස්ටෝ – ඇ. චන්දිමාල් ප. ප්‍රදීප් 48
මුයින් අලි – නොදැවී  155
කි‍්‍රස් වෝක්ස් – ඇ. මෙන්ඩිස් ප. ලක්මාල්  39
ස්ටුවර්ට් බ්‍රෝඞ් – ඇ. මෙන්ඩිස් ප. ප්‍රදීප් 7
ස්ටීවන් ෆින් – ඇ. සහ ප. හ්රත්  10
ජේම්ස් ඇන්ඩසන් – නොදැවී  8
අතිරේක (පා-8, අ-1) 9
එකතුව ඕවර 116 කදී කඩුලු 9 ක් දැවී  498
කඩුලු වැටීම
1-39 (කුක්), 2-64 (කොම්ප්ටන්), 3-160 (හේල්ස්), 4-219 (රූට්), 5-227 (වින්ස්), 6-297 (බෙයාර්ස්ටෝ ), 7-389 (වෝක්ස්), 8-400 (බ්‍රෝඞ්), 9-472 (ෆින් )
පන්දු යැවීම
ශාමින්ද එරංග  27-3-100-0  
සුරංග ලක්මාල්  29-4-115-2  
නුවන් ප්‍රදීප්  33-5-107-4  
රංගන හේරත්  29-1-116-1  
ඇන්ජලෝ මැතිව්ස් 6-2-16-0  
මිලින්ද සිරිවර්ධන 8-0-35-2  
ශ්‍රී ලංකා පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ප. ඇන්ඩර්සන්  9
කෞෂාල් සිල්වා – ඇ. බෙයාර්ස්ටෝ ප. බ්‍රෝඞ් 13
කුසල් මෙන්ඩිස් – ඇ. ඇන්ඩර්සන් ප. වෝක්ස් 35
දිනේෂ් චන්දිමාල් – ඇ. කුක් ප. ඇන්ඩසන්  4
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 3
ළහිරු තිරිමාන්න – නොදැවී  12
මිලින්ද සිරිවර්ධන – ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 0
රංගන හේරත් – ඇ. ඇන්ඩර්සන් ප. බ්‍රෝඞ් 12
ශමින්ද එරංග – ඇ. රූට් ප. බ්‍රෝඞ් 2
සුරංග ලක්මාල් – නොදැවී  0
අතිරේක (පා-1) 1
එකතුව ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී  91
කඩුලු වැටීම 
1-10 (කරුණාරත්න), 2-44 (සිල්වා), 3-53 (චන්දිමාල්), 4-58 (මැතිව්ස්), 5-67 (මෙන්ඩිස්), 6-67 (සිරිවර්ධන), 7-88 (හේරත්), 8-90 (එරංග)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
නුවන් ප‍්‍රදීප් 
පන්දු යැවීම
ජේම්ස් ඇන්ඩසන්  11-2-31-2  
ස්ටුවර්ට් බ්‍රෝඩ් 11-2-35-3  
කි‍්‍රස් වෝක්ස්  7-4-9-3  
ස්ටීවන් ෆින් 7-3-15-0  
මුයින් අලි 4-4-0-0  

කණ්ඩායමේ ලාබාළතම පිතිකරුවා වන කුසල් මෙන්ඩිස් ලකුණු 35 ක් ලබාගත් අතර වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 15 ඉක්මවා යා නොහැකි විය. තරගය නතර කරන විට ළහිරු තිරිමාන්න ලකුණු 12 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයක් කරා ශී‍්‍ර ලංකා පිල තල්ලූ කර දැමූ ජේම්ස් ඇන්ඩසන් (31/2), ස්ටුවර්ට් බ්‍රෝඞ් (35/3) සහ කි‍්‍රස් වෝක්ස් (09/3) එක්ව ශී‍්‍ර ලංකා පිතිකරුවන් 8 දෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

එංගලන්ත පිලේ අංක 7 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි මොයින් අලී, ටෙස්ට් පිතිකරුවකු වශයෙන් තමන් සතු පරිණතබව මොනවට විදහා පෙන්වමින් ලකුණු 155 ක් ලබාගත්තේ විනාඩි 295 ක් කඩුල්ලේ රැඳෙමිනි. පන්දු 207 කට මුහුණ දුන් අලී, ඒවායින් 17 ක් හතරේ සීමාවට පිටත්කර හැරියේ තවත් හයේ පහර දෙකකින්ද සිය ඉනිම අලංකාර කරමිනි.

දිවා ආහාරයට පෙර, පන්දු 14 ක් ඇතුළතදී කඩුලූ දෙකක් දවාගැනීමට සුරංග ලක්මාල් සහ නුවන් ප‍්‍රදීප් සමත් වූ නමුත් මොයින් අලි සහ කි‍්‍රස් වෝක්ස් (39) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 92 ක සම්බන්ධතාව නිසා එංගලන්ත පිල කිසිදු අපහසුතාවකින් තොරවම ලකුණු 400 කඩයිම පසුකළේය.

සිය 25 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකර ගිය වමත් පිතිකරුවා ඉතා ප‍්‍රවේසමෙන් සිය දෙවැනි ටෙස්ට් ශතකය කරා පියමං කළද ශතකය ලබාගැනීමෙන් පසුව අත දිගහැර ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට පහර දෙමින් ලකුණු සංඛ්‍යාව තව තවත් ඉදිරියට ගෙන ගියේය.

හතරේ පහර 12 ක් සහිතව පන්දු 152 කදී තම ශතකය කරා අවතීර්ණ වූ මුයින් අලී ශතකය ලබාගැනීමෙන් පසුව දුන් ඉතා පහසු උඩපන්දුවක් ඞීප් මිඞ් විකට්හි සිටි මිලින්ද සිරිවර්ධන වෙතින් ගිළිහී ගියේය. එයින් උපරිම ප‍්‍රයෝජන ගත් මෙම 28 හැවිරිදි පිතිකරුවා පන්දු 55 කදී තවත් ලකුණු 55 ක් ලබාගත්තේ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් පමණක් නොව, ඒ වන විට කී‍්‍රඩාගාරයේ සිටි උපනායක දිනේෂ් චන්දිමාල්ද පීඩනයට පත්කරමිනි.

කෙසේ වෙතත් පළමු දිනයේදී දක්නට ලැබුණ උඩපන්දු රැකීමේ දස්කම් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙතින් අද දිනයේදී දැකගන්නට නොලැබුණ අතර අද පෙරවරුවේ තරගය ආරම්භ වී ඕවර 4 ක් යාමටත් මත්තෙන් උඩපන්දු දෙකක් ගිළිහී ගියේය.

අද පෙරවරුවේදී යවන ලද තුන්වැනි  ඕවරයේදීම මුයින් අලී විසින් ඉදිරිපත් කරන ලද උඩපන්දුව ෆයින් ගලී හි සිටි දිමුත් කරුණාරත්න අතින් ගිළිහී යන වට අලී ලබා සිටියේ ලකුණු 36 ක් පමණි. නුවන් ප‍්‍රදීප්ට එම කඩුල්ල හිමිවූයේ නම් ලකුණු 318 දී එංගලන්තයේ හත්වැනි කඩුල්ල බිඳී යනවා පමණක් නොව වේග පන්දු යවන්නකුට සිහිනයක් බඳු එංගලන්තයේදී ටෙස්ට් ඉනිමක කඩුලූ 5 ක් දවාගැනීමේ අවස්ථාවත් නුවන් ප‍්‍රදීප්ට ලබාගත හැකිව තිබිණ.

ඊළග  ඕවරයේ පළමු පන්දුව කි‍්‍රස් වෝක්ස්ගේ පිත්තේ වැදී කඩුලූ රකින්නා වෙත ඇදී ගියද දිනේෂ් චන්දිමාල් වෙතින් එය ගිළිහී ගියේ ඇදහිය නොහැකි ලෙසිනි. කලින් ගිලිහී ගිය උඩපන්දුවේ සිට දෙවැන්න දක්වා කාලය අතරතුරදී එංගලන්ත පිලට එක්වූයේ ලකුණු 4 ක් පමණි.

ඊයේ කඩුලූ රකිමින් සිටියදී පන්දුවක් මහපටැඟිල්ලේ වැදීම නිසා වේදනාවෙන් පෙළෙමින් සිටි චන්දිමාල් ඉතා අපහසුවෙන් පළමු හෝරාව තුළ කඩුලූ රැකීමේ යෙදුණ නමුත් සිසිල් පැන් විවේකයේදී කඩුලූ රැකීමේ අත් ආවරණ කුසල් මෙන්ඩිස්ට බාර කළේය.

සිය නවතම වගකීමත් අකුරටම ඉටුකළ කුසල් මෙන්ඩිස් දිවා ආහාරයට විනාඩි කිහිපයක් තිබියදී උඩපන්දු දෙකක් රැකගත්තේ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අපේක්‍ෂා කරමින් සිටි කඩුලූ දෙක බිම දමමිනි.

මෙම තරගයේදී ස්ටීවන් ෆින් පිටියෙන් ඉවත් කරමින් රංගන හේරත් සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේය. ටෙස්ට් කඩුලූ 300 ක් දවාගත් වමත් දඟ පන්දු යවන්නන් අතර දෙවැන්නා වන හේරත් එම ඉලක්කය කරා අවතීර්ණ වූ දෙවැනි වැඩිමහලූම කී‍්‍රඩකයාද වෙයි.

ටෙස්ට් කඩුලූ 300 ක් දවාගත් ලෝකයේ වයස්ගතම කී‍්‍රඩකයා වන්නේ කොදෙව් පිලේ හිටපු පිට දඟ පන්දු යවන්නා වන ලාන්ස් ගිබ්ස්ය.

 

සංගා ලකුණු 45 කට දැවී යයි

එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේදී සරේ ප‍්‍රාන්ත කණ්ඩායමට කී‍්‍රඩා කරන කුමාර් සංගක්කාර සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ටෝන්ටන්හිදී අද (28 වැනිදා) ආරම්භ වූ සිව්දින තරගයේ පළමු ඉනිමේදී ලකුණු 45 කට දැවී ගියේය. ටිම් ග්‍රොයෙන්වල්ඞ්ගේ පන්දුවක් හමුවේ ඔහු අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 83 කට මුහුණදී සිටි සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප‍්‍රාන්ත කණ්ඩායම අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුල 8 ක් දැවී ලකුණු 236 ක් ලබා සිටියේය. තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 17 ක්ද, මැතිව් පිලන්ස් නොදැවී ලකුණු 22 ක්ද බැගින් ලබා සිටියහ.

සරේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ස්ටීවන් ඬේවිස්, පැය 2 කට ආසන්න කාලයක් කඩුල්ලේ රැදෙමින් ලකුණු 49 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ජැක් ලීච්  ඕවර 18 ක් යවා ලකුණු 31 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

සවස් භාගයේදී ඇතිවූ අකුණු සහිත තත්ත්වය නිසා අද දිනයේදී යැවීමට නියමිත තිබූ ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට නොහැකි වූ අතර තරගය වේලාසනින් නතර කිරීමටද විනිසුරුවෝ පියවර ගත්හ.


සරේ ප‍්‍රාන්ත කණ්ඩායම – ඕවර 81 කදී කඩුලූ 8 කට 236
(රෝරි බර්න්ස් 14, අරුන් හරිනාත් 32, කුමාර් සංගක්කාර 45, ස්ටීවන් ඬේවිස් 49, සෆාර් අන්සාරි 37, බෙන් ෆෝක්ස් නොදැවී 17, මැතිව් පිලන්ස් නොදැවී 22, ජැක් ලීච් 31/4, ජිම් ඇලෙන්බි 38/2)


- 036

 

බැංගලෝර් පිල තුන්වැනි උත්සාහයට සැරසෙයි


දෙවරක්ම අසාර්ථක වූ උත්සහය මෙවර සාර්ථක කරගැනීමේ අදිටනින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හෙට (29 වැනිදා) බැංගලෝර්හිදී පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියේ අවසන් මහ තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙයි.

2009 වසරේදී ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 6 කින් පරාජය වීමත්, 2011 වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ ලකුණු 58 කින් පරාජය වීමත් නිසා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මින් පෙර අයි. පී. එල්. ශූරතාව දිනාගැනීමට තිබූ අවස්ථා මගහැරී ගියේය.

මෙවර තරගාවලියේ මුල් භාගයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් 3 අතර රැදී සිටි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා ගෙන ඒමට නායක විරාට් කෝලි පුරෝගාමී විය. ශතක 4 ක් සහ අර්ධ ශතක 6 ක් සමග වාර්තාගත ලකුණු 919 ක් රැස්කරමින් ඔහු තරගයෙන් තරගය සිය කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට රැගෙන ආවේය.

එහිදී කෝලිට අගනා සහයක් දුන් ඒ. බී. ඩිවිලියර්ස් ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 682 ක් ලබා මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව සිටියි. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටි ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති ඉතාමත් තීර්ණාත්මක වූ පළමු අවසන් පූර්ව තරගයේදී කෝලි ලකුණු නොලබා දැවී ගියේය. එහිදී ලකුණු පුවරුව ලකුණු 29 කට කඩුලූ 5 ක් ලෙස සටහන් වූ අවස්ථාවක  කණ්ඩායමේ බර තම කර මතට ගෙන, පසු පෙළ පිතිකරුවන් සමග එක්ව ලකුණු 159 ක ඉලක්කයක් හඹාගොස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහ තරගයට ගෙන ආවේද ඩිවිලියර්ස්ය.

යුස්වින්දර් චාහල් දඟ පන්දුයැවීමෙන් දැක්වූ දස්කම් සහ ෂේන් වොට්සන් වේග පන්දුයැවීමෙන් දැක්වූ දස්කම්ද බැංගලෝර් කණ්ඩායමේ අවසන් මහ තරගය දක්වා පැමිණි ගමන් මග එළිපෙහෙලි කරලීමට මනා දායකත්වයක් සැපයීය. එම දස්කම් හේතුවෙන් යුස්වින්දර් චාහල් තරග 12 කදී කඩුලූ 20 ක් ලබා වැඩිම කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ෂේන් වොට්සන් තරග 15 කදී කඩුලූ 20 ක් ලබා එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවේ.

පළමු වරට අවසන් අයි. පී. එල්. තරගාවලියක අවසන් මහ තරගයට සහභාගි වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඒ දක්වා රැගෙන එ්මේ පූර්ණ ගෞරවය නායක ඬේවිඞ් වෝනර් සහ බුවනේෂ්වර් කුමාර් අතරේ සම සමව බෙදී යනු ඇත. ආරම්භක පිතිකරු භූමිකාවට පණ පොවන ඬේවිඞ් වෝනර් තරග 16 කදී අර්ධ ශතක 8 ක් සමග ලකුණු 779 ක් රැස්කරමින්ද, වේග පන්දුයවන කී‍්‍රඩක බුවනේෂ්වර් කුමාර් තරග 16 කදී කඩුලූ 23 ක් දවාගනිමින්ද හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගය කරා රැගෙන යෑමට මග පෑදුහ.

මූලික වටයේ තරග අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වූ හයිද්‍රාබාද් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී දෙවරක් අයි. පී. එල්. ශූරතාව දිනා සිටි (2012 සහ 2014 වසර වලදී) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කළේය. ඉන් පසුව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටි ගුජරාට් ලයන්ස් කණ්ඩායමට නොසිතූ විරූ පරාජයක් අත්කර දෙමින් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

එම තරගයේදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ඬේවිඞ් වෝනර්, සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී පන්දු 58 කින් නොදැවී ලකුණු 93 ක් රැස්කරමින් පසුපෙළ නවක පිතිකරුවකු වන බිපුල් ශර්මා සමග එක්ව හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගය කරා රැගෙන ගියේය.

ආරම්භක පිතකරු ශිකර් ධවාන් තරග 16 කදී අර්ධ ශතක 4 ක් සමගනින් රැස්කළ ලකුණු 473 සහ වේග පන්දුයවන කී‍්‍රඩක මුස්තෆිසුර් රෙහෙමාන් තරග 15 කදී දවාගත් කඩුලූ 16 ද හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගය පැමිණි ගමනට මනා අඩිතාලමක් විය.  

තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරග දෙකෙන් පළමු තරගයේදී ලකුණු 45 ක ජයක් අත්කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර දෙවැනි තරගයේදී ලකුණු 15 ක ජයක් අත්කරගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

එම තරග දෙකේදීම බැංගලෝර් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක ලබාගැනීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් (58 සහ 92) සමත් වූ අතර කේන් විලියම්සන් (50) දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත්තේය. හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පළමු තරගයේදී අර්ධ ශතක ලබාගැනීමට බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි (75) සහ ඒ. බී. ඩිවිලියස් (82) සමත් වූ අතර ලෝකේෂ් රාහුල් (51) දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත්තේය.

ඒ අනුව බලන කල මෙවර අයි. පී. එල්. තරගාවලියේ ශූරතාව කණ්ඩායම් දෙකටම විවෘතව පවතින අතර මේ දක්වා කී‍්‍රඩකයන් දක්වා ඇති දක්ෂතා අතින්ද කණ්ඩායම් දෙක සමබර තත්ත්වයක පවතී. අවසන් මහ තරගයේදී කණ්ඩායම් දෙක නියෝජනය කිරීමට වැඩි ඉඩක් ඇති කී‍්‍රඩකයන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම -

විරාට් කෝලි (නායක), ක‍්‍රිස් ගේල්, ඒ. බී. ඩිවිලියස්, ලෝකේෂ් රාහුල්, ෂේන් වොට්සන්, ස්ටුවට් බිනී, සචින් බේබි, කි‍්‍රස් ජෝදාන්, ඉක්බාල් අබ්දුල්ලා, එස්. අරවින්ද් සහ යුස්වින්දර් චාහල්


සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම -
ඬේවිඞ් වෝනර් (නායක), ශිකර් ධවාන්, මොයිසස් හෙන්රික්ස්, යුවරාජ් සිං, දීපක් හූඩා, බෙන් කටින්, නාමන්  ඕජා, බුවනේෂ්වර් කුමාර්, බිපුල් ශර්මා, බරින්දර් ස‍්‍රාන් සහ මුස්තෆිසුර් රෙහෙමාන් හෝ ටෙ‍්‍රන්ට් බෝල්ට්


- 036