සංගාගේ ශතකයෙන් සරේ පිල ඉදිරියට

එංගලන්ත ප‍්‍රාන්ත පළමු පෙළ තරගාවලියේ සරේ පිළ නියෝජනය කරන කුමාර් සංගක්කර සමර්සෙට් පිලට එරෙහිව පළමු ඉනිමේදී ශතකයක් (171) සහ දෙවන ඉනිමේදී අර්ධ ශතකයක් (71) ලබාගනිමින් සරේ පිලට පළමු ඉනිමේ ජයක් අත්කර දීමට සමත්විය.


පළමු ඉනිමේදී රොරී බර්න්ස් (80) සමග එක්ව දෙවන කඩුල්ල සදහා ලකුණු 187 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කුමාර් සංගක්කර (171) සමත්විය.


ප‍්‍රාන්ත තරගාවලියේ පළමු තරගයේදීද පිත්තෙන් දස්කම් දැක්වූ කුමාර් සංගක්කර නොටින්හැම්ෂයර් පිලට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 32 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 83 ක් ලබාගැනීමට සමත් වූයේය. එම තරගය නොටින්හැම්ෂයර් පිල කඩුලූ 3 කින් ජය ගැනීමට සමත්විය.


ප‍්‍රාන්ත තරගාවලියේ තරග දෙකක් අවසන් වනවිට ලකුණු 357 ක් ලබාගනිමින් පිතිකරුවන් අතර පෙරමුණේ රැුදීමට කුමාර් සංගක්කර සමත්වී ඇත.

 

සරේ – පළමු ඉනිම –  ඕවර 109.5 කදී සියලූදෙනා දැවී 463
(රොරී බර්න්ස් 80, කුමාර් සංගක්කර 171, ජේසන් රෝයී 85, සෆාර් අන්සාරී 53, ටිමි ග්‍රොන්වොල්ඞ් 94/5)


සමර්සෙට් – පළමු ඉනිම –  ඕවර 98.3 කදී සියලූදෙනා දැවී 353
(මාකස් ටෙ‍්‍රස්කොතික් 127, පීටර් ටෙ‍්‍රගෝ 41, ලූවිස් ජෝ්ර්ජ් නොදැවී 47, ක්‍රෙග් ඔවර්ටන් 44, රවී රාම්පෝල් 85/5, ගැරත් බැටී 51/3)


සරේ – දෙවන ඉනිම –  ඕවර 53.3 කදී කඩුලූ 8 ක් දැවී 181
(කුමාර් සංගක්කර 71, ස්ටීවන් ඬේවිස් 26, ලූවිස් ජෝ්ර්ජ් 24/3, ක්‍රෙග් ඔවර්ටන් 55/3, ජැක් ලීච් 34/2)


සමර්සෙට් – දෙවන ඉනිම –  ඕවර 35 කදී කඩුලූ 4 ක් දැවී 122
(ක‍්‍රිස් රොජර් 24, ජේම්ස් හිල්ඞ්‍්‍රත් නොදැවී 40, පීටර් ටෙ‍්‍රගෝ නොදැවී 34, සෆාර් අන්සාරී 43/3)

 

දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයට ස්මිත්ගේ කැමැත්ත

සිය ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ප‍්‍රසිද්ධ කරමින් දිවා රාතී‍්‍ර ටෙස්ට් තරග ජනපි‍්‍රය කිරීමට ගනු ලබන උත්සාහය වඩාත් ශක්තිමත් කිරීමට  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය වෙර දරයි.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඕස්ටේ‍්‍රලියානු නායකයා දිවා රාතී‍්‍ර ටෙස්ට් තරග සඳහා සහයෝගය පළකරමින් ඕස්ටේ‍්‍රලියානු ගිම්හානයේදී පැවැත්වෙන දෙවැනි දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගය සඳහා කී‍්‍රඩා කිරීමට තමන් උනන්දුවෙන් බලා සිටින බව පැවසීය.

2016-17 ඕස්ටේ‍්‍රලියානු ගිම්හානයේදී ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකානුවන්ට ආරාධනා කර සිටින  ඕස්ටේ‍්‍රලියාව එහි එක් ටෙස්ට් තරගයක් දිවා/රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වීමට සූදානම් වෙයි. එහෙත් මෙම දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයට දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයෝ එතරම් කැමැත්තක් නොදක්වති.

කෙසේ වෙතත්  ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් කියන්නේ දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහිව ඇඩිලේඞ්හිදී දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයක් සඳහා තමන් සූදානම් බවයි.

ලබන දෙසැම්බර් මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගය සඳහා දැනටමත් දින තීරණය කර හමාරය. කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ගේ කැමැත්ත තියෙන්නේ දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගය ඇඩිලේඞ්හිදී පැවැත්වීමටය.

සාමාන්‍යයෙන් රතු පැහැ පන්දුවෙන් කෙරෙන ටෙස්ට් කී‍්‍රඩාවට වඩා රෝස පැහැ පන්දුවෙන් කෙරෙන ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනස් තත්ත්වයක් ගනී. එයට හේතුව ආලෝකයේ තත්ත්වය අනුව පන්දුව දර්ශනය වීමේ වෙනස්කම් ඇතිවීමයි.

ලොව පළමු දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගය පසුගිය වසරේදී ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඞ්  ඕවල් පිටියේදී පැවැත්විණ. මෙම ටෙස්ට් තරගය සඳහා අති විශාල නරඹන්නන් පිරිසක් පැමිණියද තරගය පැවැතියේ දින තුනක් පමණි.

 

ස්ටීවන් ස්මිත්ගේ ශතකය අපතේ යයි

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ පූනේ හිදී පැවැති 25 වන තරගයේදී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට එරෙහිව කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට ගුජරාට් ලයන්ස් පිල අද (29 වැනිදා) සමත්විය.


ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල 20 වැනි  ඕවරයේ අවසන් පන්දුවේදී තම ඉලක්කය පසුකිරීමට සමත්විය.


වේගවත් ඉනිමක් ඇරඹූ ඞ්වේන් ස්මිත් (63) සහ බ්‍රෙන්ඩන් මැකලම් (43) එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 49 කදී ලකුණු 93 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර ඞ්වේන් ස්මිත් පන්දු 37 කදී ලකුණු 63 ක් ලබාගත් අතර එයට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.


සිව්වන කඩුල්ල සදහා පන්දු 33 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සුරේෂ් රයිනා (34) සහ ඩිනේෂ් කාර්තික් (33) සමත්වූහ.


ගුජරාට් ලයන්ස් පිලට ජයග‍්‍රහණය සදහා අවසන්  ඕවරයේදී ලකුණු 9 ක් අවශ්‍යවූ අතර තිසර පෙරේරාට ගුජරාට් ලයන්ස් පිලේ ජය නවතාලිය නොහැකිවිය. අද දින සිය 26 වැනි උපන්දිනය සමරණ ජේම්ස් ෆෝක්නර් අවසන්  ඕවරයේ අවසන් පන්දුවේදී අවසන් ලකුණ ලබාගනිමින් ජය තහවුරු කිරීමට සමත්වූයේය.


තිසර පෙරේරා  ඕවර හතරක් යවා ලකුණු 41 ක් ලබාදී කඩුලූ 2 ක් දවාගැනීමට සමත්විය.


ඞ්වේන් ස්මිත් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්වූයේය.


තරග හතකින් තරග හයක් ජයගත් ගුජරාට් ලයන්ස් පිල ප‍්‍රසාද ලකුණු 12 ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වී ඇත.


පළමුව පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් විස්සයි20 පළමු ශතකය පන්දු 53 කදී වාර්ථා කිරීමට සමත්විය. එයට හතරේ පහර 8 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය. අර්ධ ශතකය පන්දු 29 කදී ලබාගැනීමට ස්ටීවන් ස්මිත් සමත් වූයේය.


අර්ධ ශතකයක් ලබාගත් අජින්ක්‍යා රහනේ (53) රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකවිය.


අජින්ක්‍යා රහනේ (53) සමග එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 67 කදී ලකුණු 111 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ස්ටීවන් ස්මිත් තෙවැනි කඩුල්ල සදහා මහේන්ද්‍ර සිං දෝණි සමග එක්ව පන්දු 35 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.


අවසන්  ඕවරයේදී ස්ටීවන් ස්මිත් දැවී ගියපසු පන්දුවට පහරදීමට පැමිණි තිසර පෙරේරා පන්දු දෙකකට මුහුණදී නොදැවී ලකුණු 3 ක් ලබාගත්තේය.

 

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් –   ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 195
(අජින්ක්‍යා රහනේ 53, ස්ටීවන් ස්මිත් 101, මහේන්ද්‍ර සිං දෝණි 30)


ගුජරාට් ලයන්ස් –   ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 196
(ඞ්වේන් ස්මිත් 63, බ්‍රෙන්ඩන් මැකලම් 43, සුරේෂ් රයිනා 34, ඩිනේෂ් කාර්තික් 33, අශොක් දින්දා 40/2, තිසර පෙරේරා 40/2)

 

බස්නාහිර පළාත උතුරට පළමු ඉනිමේ ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත (උතුර) සහ උතුරු පළාත අතර තර්ස්ටන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (29 වැනිදා) අවසන් විය.

ලකුණු 94 ක ඉලක්කයක් හඹාගිය බස්නාහිර පළාත (උතුර) ට දිනය නිමාවන විට කඩුලූ 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 51 ක් පමණී. දක්ෂ පන්දු යැවීමක නිරතවූ කේ. කපිල්රාජ් ලකුණු 28 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්වූයේය.

පිට පිට දෙවන ඉනිම ඇරඹූ උතුරු පළාත දිනය අවසානයට සුළු වේළාවකට පෙර සියලූ දෙනා දැවී ලකුණු 253 ක් රැස්කිරීමට සමත්විය. ජෙනී ෆ්ලෙමින් (76) සහ අයන සිරිවර්ධන (65) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දසක්ම් දැක්වූ අතර හිමත් ජයවීර ලකුණු 91 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 ඊයේ දිනය නිමාවන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 117 ක් රැස්කරගෙන සිටි උතුරු පළාත අද දින උදෑසනදී ඕවර 8.4 කදී ලකුණු 29 කට කඩුලූ 7 ක් අහිමි කර ගත්තේය. එම්.නීතූශාන් (55) අර්ධ ශතකයක් රැස්කරගත් අතර හිමත් ජයවීර ලකුණු 57 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර පළාත (උතුර) කඩුලූ 8 ක් දැවී ලකුණු 306 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ජෙහාන් ඩැනියල් පන්දු 101 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 104 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය. නිපුන් හග්ගල්ල (73) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.

පස්වැනි කඩුල්ල සදහා ලකුණු 153 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජෙහාන් ඩැනියල් සහ නිපුන් හග්ගල්ල සමත්වූහ.

වී.ජතූශන් ලකුණු 72 කට කඩුලූ 4 ක් සහ ජී.රතීෂන් ලකුණු 62 කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


බස්නාහිර පළාත (උතුර) – පළමු ඉනිම – ඕවර 56 කදී කඩුලූ 8 ක් දැවී 306
(කේ. ඇනුවල් 49, සමූ අශාන් 23, ජෙහාන් ඩැනියල් 104, නිපුන් හග්ගල්ල 73, වී.ජතූශන් 72/4, ජී.රතීෂන් 62/3)

උතුරු පළාත – පළමු ඉනිම – ඕවර 58.4 කදී සියලූ දෙනා දැවී 146
(එම්.නීතූශාන් 55, එස්.කොමිදරන් 23, හිමත් ජයවීර 57/5, සුපුන් වරාගොඩ 20/3)

උතුරු පළාත – දෙවන ඉනිම – ඕවර 86.3 කදී සියලූ දෙනා දැවී 253
(ජෙනී ෆ්ලෙමින් 76, අයන සිරිවර්ධන 65, හිමත් ජයවීර 91/4, හේලීත බඹරැුන්ද 60/2)

බස්නාහිර පළාත (උතුර) – දෙවන ඉනිම – ඕවර 7 කදී කඩුලූ 5 ක් දැවී 51
(කේ. කපිල්රාජ් 28/4)

 

අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 153

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත (දකුණ) සහ මධ්‍යම පළාත අතර තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භවූ අතර බස්නාහිර පළාත (දකුණ) පළමු දිනය නිමාවනවිට පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 149 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 153 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දක්වන්නට සමත්වූයේය.

දෙවැනි කඩුල්ල සදහා ලකුණු 183 නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට අවිශ්ක ප‍්‍රනාන්දු (නොදැවී 153) සහ කමිල් මිශාර (නොදැවී 46) සමත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් මධ්‍යම පළාත ලකුණු 140 කට සීමා කිරීමට බස්නාහිර පළාත (දකුණ) පන්දු යවන්නෝ සමත්වූහ. ලකුණු 28 ක් ලබාගත් ගිහාන් විතාරණ වැඩිම ලකුණු ලාභියාවූ අතර සවි`දු පීරීස්, අශීර් වර්ණකුළසූරිය, දිලේෂ් නානායක්කාර සහ මාලින්ද ජයෝද් කඩුලූ දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.


ධ්‍යම පළාත – පළමු ඉනිම – ඕවර 55.1 කදී සියලූ දෙනා දැවී 140
(මොහොමඞ් අල්ෆාර් 25, ගිහාන් විතාරණ 28, තිසරු දිල්ශාන් 24, සවි`දු පීරීස් 12/2, අශීර් වර්ණකුළසූරිය 17/2, දිලේෂ් නානායක්කාර 19/2, මාලින්ද ජයෝද් 23/2)

බස්නාහිර පළාත (දකුණ) – පළමු ඉනිම – ඕවර 48 කදී කඩුල්ලක් දැවී 238
(විශ්ව චතුරංග 32, අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 153, කමිල් මිශාර නොදැවී 46)

 

 

වයඹට පළමු ඉනිමේ ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ ඌව පළාත සහ වයඹ පළාත අතර වෙළඳ සේවා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය අද (29 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන්විය.

ලකුණු 269 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඌව පළාතට දිනය නිමාවන විට රැස්කිරීමට හැකිවූයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 170 ක් පමණී. අවිඳු තීක්ෂණ (57) අර්ධ ශතකයක් ලබාගත් අතර දමිත සිල්වා ලකුණු 52 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වූයේය.

ලකුණු 86 ක් ඉදිරයෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ වයඹ පළාත කඩුලූ 5 ක් දැවී ලකුණු 182 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. කේෂාන් වන්නිආරච්චි (56) සහ හේෂාන් ප‍්‍රනාන්දු (53) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පී. දිල්සර ලකුණු 55 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.

ඌව පළාත පළමු ඉනිමේදී ලකුණු 167 කට සීමා කිරීමට වයඹ පළාත් පන්දු යවන්නෝ සමත්වු අතර ගයන ප‍්‍රිතීමාල් ලකුණු 48 ක් ලබාගැනීමට සමත්විය.

කවීන් බණ්ඩාර ලකුණු 25 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

පළමුව පන්දුවට පහරදුන් වයඹ පළාත පළමු ඉනිමට සියලූදෙනා දැවී ලකුණු 253 ක් රැස්කිරීමට සමත්විය. වනිත වන්නිනායක (73) සහ නිපුන් ධනංජය (67) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අවිඳු තීක්ෂණ ලකුණු 96 කට කඩුලූ 4 ක් සහ කවිෂ්ක දිනේෂ් ලකුණු 37 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


වයඹ පළාත  – පළමු ඉනිම – ඕවර 61.1 කදී සියලූ දෙනා දැවී 253
(කේෂාන් වන්නිආරච්චි 29, වනිත වන්නිනායක 73, අශාන් ප‍්‍රනාන්දු 32, නිපුන් ධනංජය 67, රංදීර් රණසිංහ 26, අවිඳු තීක්ෂණ 96/4, කවිෂ්ක දිනේෂ් 37/3, රජිත නිර්මාල් 40/2)

ඌව පළාත – පළමු ඉනිම – ඕවර 54.3 කදී සියලූ දෙනා දැවී 167
(රවීන් සංජන 33, නවීන් හසරංග 20, ප‍්‍රවීන් යසස් 23, මාපා මලිදු 22, ගයන ප‍්‍රිතීමාල් 48, කවීන් බණ්ඩාර 25/3, දමිත සිල්වා 29/2, නිපුන් ධනංජය 29/2)

වයඹ පළාත – දෙවන ඉනිම – ඕවර 35 කදී කඩුලූ 5 ක් දැවී 182
(කේෂාන් වන්නිආරච්චි 56, හේෂාන් ප‍්‍රනාන්දු 53, දමිත සිල්වා නොදැවී 26, පී. දිල්සර 55/3)

ඌව පළාත – දෙවන ඉනිම – ඕවර 56 කදී කඩුලූ 7 ක් දැවී 170
(අවිඳු තීක්ෂණ 57, පී. දිල්සර නොදැවී 22, දමිත සිල්වා 52/3, රංදීර් රණසිංහ 14/2)

 

දකුණු පළාතට ලකුණු 166 ක ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නැගෙනහිර පළාතට එරෙහිව ලකුණු 166 ක ජයක් අත්කර ගැනීමට දකුණු පළාත අද (29 වැනිදා) සමත්විය.

ලකුණු 285 ක ඉලක්කයක් හඹාගිය නැගෙනහිර පළාතට දෙවන ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 118 ක් පමණි. දිලූම් සුධීර ලකුණු 65 කට කඩුලූ 4 ක් සහ හරීන් බුද්ධික ලකුණු 13 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

තරගය පුරා පන්දුවෙන් දස්කමු දැක්වූ දිලූම් සුධීර ලකුණු 98 කට කඩුලූ 8 ක් දවා ගැනීමට සමත්වූයේය.

නැගෙනහිර පළාතට වඩා ලකුණු 87 ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹු දකුණු පළාත කඩුලු 6 දැවී ලකුණු 197 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. වේගවත් ඉනිමක් ක‍්‍රීඩාකළ අශාන් බණ්ඩාර පන්දු 45 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් පිත්තනේ දස්කම් දැක්වීමට සමත්විය.

තරගය පුරා පන්දුවෙන් දස්කමු දැක්වූ නවීන් ගුණවර්ධන ලකුණු 164 කට කඩුලූ 7 ක් දවා ගැනීමට සමත් වූයේය.

නැගෙනහිර පළාත පළමු ඉනිමේදී ලකුණු 127 කට දවාගැනීමට දිලූම් සුධීර ඇතුලූ පන්දු යවන්නෝ සමත්වූහ. ලසිත් කෲස්පිල්ලේ ලකුණු 46 ක් ලබාගනිමින් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ අතර දිලූම් සුධීර ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු පළාත ලකුණු 214 කට සීමා කිරීමට නැගෙනහිර පළාත් පන්දු යවන්නෝ සමත්වූහ. චතුර මිලාන් (63) අර්ධ ශතකයක් ලබාගත් අතර නවීන් ගුණවර්ධන ලකුණු 89 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


දකුණු පළාත – පළමු ඉනිම –  ඕවර 52.4 කදී සියලූ දෙනා දැවී 214
(ධනංජය ලක්ෂාන් 25, කවීෂ් දිල්රංග 25, නවිඳු නිර්මාල් නොදැවී 47, චතුර මිලාන් 63, හරීන් බුද්ධික 22, නවීන් ගුණවර්ධන 89/4, මොහොමඞ් රස්ෆාස් 59/2)

නැගෙනහිර පළාත – පළමු ඉනිම – ඕවර 51.1 කදී සියලූ දෙනා දැවී 127
(සසිදු දිවංකර 24, ලසිත් කෲස්පිල්ලේ 46, දිලූම් සුධීර 33/4, තිළාන ප‍්‍රසාන් 28/2, හරීන් බුද්ධික 37/2)

දකුණු පළාත – දෙවන ඉනිම – ඕවර 34.4 කදී කඩුලූ 6 ක් දැවී 197
(කවිඳු එදිරිවීර 36, කවීෂ් දිල්රංග 42, අශාන් බණ්ඩාර නොදැවී 52, නවිඳු නිර්මාල් 23, නවීන් ගුණවර්ධන 75/3, මොහොමඞ් ෆාහීම් 31/2)

නැගෙනහිර පළාත – දෙවන ඉනිම – ඕවර 27.4 කදී සියලූ දෙනා දැවී 118
(සසිදු දිවංකර 39, ආර්. තෙනුරාතන් 29, දිලූම් සුධීර 65/4, හරීන් බුද්ධික 13/3, තිළාන ප‍්‍රසාන් 23/2)

 

ජෙහාන් ඩැනියල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත (උතුර) සහ උතුරු පළාත අතර තරගය තර්ස්ටන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ අතර උතුරු පළාත පළමු දිනය නිමාවනවිට පළමු ඉනිමට කඩුලූ 3 ක් දැවී ලකුණු 117 ලබා සිටියේය.


එම්.නීතූශාන් නොදැවී ලකුණු 52 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.


පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර පළාත (උතුර) කඩුලූ 8 ක් දැවී ලකුණු 306 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ජෙහාන් ඩැනියල් පන්දු 101 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 104 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය. නිපුන් හග්ගල්ල (73) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.


පස්වැනි කඩුල්ල සදහා ලකුණු 153 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජෙහාන් ඩැනියල් සහ නිපුන් හග්ගල්ල සමත්වූහ.


වී.ජතූශන් ලකුණු 72 කට කඩුලූ 4 ක් සහ ජී.රතීෂන් ලකුණු 62 කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

බස්නාහිර පළාත (උතුර) – පළමු ඉනිම –  ඕවර 56 කදී කඩුලූ 8 ක් දැවී 306
(කේ. ඇනුවල් 49, සමූ අශාන් 23, ජෙහාන් ඩැනියල් 104, නිපුන් හග්ගල්ල 73, වී.ජතූශන් 72/4, ජී.රතීෂන් 62/3)


උතුරු පළාත – පළමු ඉනිම –  ඕවර 50 කදී කඩුලූ 3 ක් දැවී 117
(එම්.නීතූශාන් නොදැවී 52, එස්.කොමිදරන් 23)

 

දකුණු පළාත 214, නැගෙනහිර පළාත 6/103

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ දකුණු පළාත සහ නැගෙනහිර පළාත අතර තරගය මූවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ අතර නැගෙනහිර පළාත පළමු දිනය නිමාවනවිට පළමු ඉනිමට කඩුලූ 6 ක් දැවී ලකුණු 103 ලබා සිටියේය.


දිලූම් සුධීර ලකුණුු 23 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


පළමුව පන්දුවට පහරදුන් දකුණු පළාත ලකුණු 214 කට සීමා කිරීමට නැගෙනහිර පළාත් පන්දු යවන්නෝ සමත්වූහ. චතුර මිලාන් (63) අර්ධ ශතකයක් ලබාගත් අතර නවීන් ගුණවර්ධන ලකුණු 89 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

 

දකුණු පළාත – පළමු ඉනිම –  ඕවර 52.4 කදී සියලූ දෙනා දැවී 214
(ධනංජය ලක්ෂාන් 25, කවීෂ් දිල්රංග 25, නිවිදු නිර්මාල් නොදැවී 47, චතුර මිලාන් 63, හරීන් බුද්ධික 22, නවීන් ගුණවර්ධන 89/4, මොහොමඞ් රස්ෆාස් 59/2)


නැගෙනහිර පළාත – පළමු ඉනිම –  ඕවර 46 කදී කඩුලූ 6 ක් දැවී 103
(සසිදු දිවංකර 24, ලසිත් කෲස්පිල්ලේ නොදැවී 42, දිලූම් සුධීර 23/3)

 

වයඹ පළාත 253, ඌව පළාත 6/127

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ ඌව පළාත සහ වයඹ පළාත අතර තරගය වෙළ`ද සේවා ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ අතර ඌව පළාත පළමු දිනය නිමාවනවිට පළමු ඉනිමට කඩුලූ 6 ක් දැවී ලකුණු 127 ලබා සිටියේය.


කවීන් බණ්ඩාර ලකුණු 25 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


පළමුව පන්දුවට පහරදුන් වයඹ පළාත පළමු ඉනිමට සියලූදෙනා දැවී ලකුණු 253 ක් රැුස්කිරීමට සමත්විය. වනිත වන්නිනායක (73) සහ නිපුන් ධනංජය (67) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අවිදු තීක්ෂණ ලකුණු 96 කට කඩුලූ 4 ක් සහ කවිෂ්ක දිනේෂ් ලකුණු 37 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

වයඹ පළාත  – පළමු ඉනිම –  ඕවර 61.1 කදී සියලූ දෙනා දැවී 253
(කේෂාන් වන්නිආරච්චි 29, වනිත වන්නිනායක 73, අශාන් ප‍්‍රනාන්දු 32, නිපුන් ධනංජය 67, රංදීර් රණසිංහ 26, අවි`දු තීක්ෂණ 96/4, කවිෂ්ක දිනේෂ් 37/3, රජිත නිර්මාල් 40/2)


ඌව පළාත – පළමු ඉනිම –  ඕවර 42.3 කදී කඩුලූ 6 ක් දැවී 127
(රවීන් සංජන 33, නවීන් හසරංග 20, ප‍්‍රවීන් යසස් 23, මාපා මලිදු 22, ගයන ප‍්‍රිතීමාල් නොදැවී 22, කවීන් බණ්ඩාර 25/3)